04 December 2012

මේ ලෝක විනාසය සිදුවන මාසයයි

මේ ගෙවෙන්නේ දෙසැම්බර් මාසයයි. එසේත් නැත්නම් සුවහසක් ජනී ජනයා ලෝක විනාශය සියැසින් දැකීමට පුල පුලා බලා සිටින මාසයයි. බලන බලන හැම අතම සියල්ලන්ගේම කතා බහට ලක් වන්නේ දෙසැම්බර් 21වනදා සිදුවන්නට නියමිත ලෝක විනාශය වේ.

 දිනක් මා වැඩ ඇරි ගෙට ගොඩ වන විටම "ඕං අයියේ දෙසැම්බර් 21 වෙනිදා ඉදලා දවස් තුනක් ඉර පායන් නෑ." යැයි අපේ මලයා කෑ ගසා කීය.

"උබ කොහොමද එහෙම කියන්නේ ? උබට කවුරුහරි එහෙම කිව්වද ?" යැයි මා ඇසීමි.

"නෑ යකෝ මම වෙබ් සයිට් එහෙක දැක්කා. !!" අපේ මලයා නැවතත් කීවේය.

ගෙට ගොඩවී කරේ තිබු මල්ල ද ඇඳ උඩට විසි කර ක්‍රියාවිරහිතව තිබූ කොම්පීතරය පණ ගැන්වුවෙමි. ඉන් පසු අපේ මලය දුන් සබැඳිය ඔස්සේ ගොස් බලන විට කතාව ඇත්ත ය. වෙබ් අඩවියක එහෙම පල වී තිබේ.

අපේ මලයාගේ කතාව අමතක කර දමා පසුවදා මා වැඩට ගියෙමි.

 "ඕං මහත්තයෝ අපේ ගේ හදන්න ආපු බාසුන්නැහේ කෙනෙක් ලෝක විනාශය වෙන විදිහ ඇස් දෙකෙන්ම දැකලා !"

දවල් කෑම පැයේදි අපේ වැඩපොලේ කෙනෙකු ලෝක විනාශය ගැන කතාවක් පටන් ගත්තේය.

"නෑඃ" තවෙකෙක් හූ මිටි තිවුවේය.

" ඒ බාසුන්නැහේ එහෙම කියන්නේ කොහොමද? " මේ කතාවට එකතු වූ මගේ මිතුරා ඇසීය.

"මෙහෙමනේ මහත්තයෝ. ඒ බාසුන්නැහේ දවසක් පාන්දර හතරට විතර කළු කන්නාඩියකින් ඉර දිහෑ බලලා. එතකොටම ඉර කෙලින්ම ලොකු ගල් කෑල්ලක් තියෙනවා දැක්කා ලූ. බාසුන්නැහේ කියපු විදිහට ඒ ගල් කෑල්ල ඉර පත්තට වැටුනොත් ඉර ඉවරයි ! පොලොව පැත්තට වැටුනොත් පොලව ඉවරයි ! ඒ ගල හරියටම දෙසැම්බර් 21 වෙනිදට පොලවට වැටෙන්න එනවාලූ."

"අනේ නිකා ඉදින් මාමේ. පාන්දර හතරට කොයින්ද ඉර පායන්නේ !"

"ඒක නං මන් දන් නෑ මහත්තයෝ. මම කිව්වේ උන්දෑ කියපු දේ !"

මා මුවඟට නැගුනු හිනහව නවතා ගත්තේ ඉතාමත් අසීරුවෙනි.

ඔය කෙහෙල්මක් ලෝක විනාශේ වෙනවනම් ඒකත් එකක් !!

27 comments:

  1. හෙහ් හෙහ් අපිත් එදාට බලාගමුකෝ ඔය ගල් කෑල්ල කොහාට වැටේවිද කියලා.

    ReplyDelete
  2. මගේ නම් එකම පැතුම ඕක ඉක්මනට සිද්ද වේවා කියලා :(

    ReplyDelete
  3. ගල කොහාට වැටුනත් කමක් නෑ මලේ ඒත් මට තියෙන පුරස්නේ බොගේ බාසා සෛලිය වෙනස් වෙලාද කියලා හත්වලාමේ!!!!!

    ReplyDelete
  4. ඔන්න ඔහොමලු ලෝක විනාසේ වෙන්නේ..:)

    ReplyDelete
  5. මාත් මේ පුල පුලා බලා ඉන්නේ ඕක වෙනකන්

    ReplyDelete
  6. මමත් මේ බලාගෙන ඉන්නෙ..ඕනෙ කෙහෙල්මලක් වෙච්චාදෙන් කියලා....

    එක්කෝ මටත් හිතෙනවා පාන්දර හතර ඉර බලන්න කළු පාට කණ්නාඩියකින්..හි හි හී..

    ReplyDelete
  7. [url=http://www.zelanica.com]zelanica[/url]නියමි බන්...

    ReplyDelete
  8. ගල් කෑලි බලන්න ඔච්චර මහන්සි වෙන්නෝනද බං, පාන්දර හතරට ඇහැරගෙන පිනිබබා. මම නම් හොඳට දවල් වෙනකන් නිදියගෙන නැගිටල කොම්පීතරේ ඉස්සරහ වාඩිවෙනව විතරයි.

    හැබෑට, මිත්‍යාවේ වසර, අවිද්‍යාවේ මාසය වගේ ගැලපෙන නමක් මේ දවස් ටික කවර් වෙන්න දැම්ම නම් හොඳයි බං. නැත්නම් මෝඩයගෙ දවස දෙසැම්බර් 21 ට දැම්ම නම් හොඳයි වගේ, ඒ තරමටම ඕක මහ විකාරයක් වෙල. ලස්සනම විහිළුව කොයි වෙලෙත් බණ කිය කිය ඉන්න හාමුදුරුගොල්ලොයි උපාසක අම්මලයිත් අදහන ආගමේ ඉගැන්වීම්ත් අමතක කරල ඔය මිත්‍යාවෙ ගැලිල ඉන්න එක.

    ReplyDelete
  9. අනේ වෙයංකෝ විනාසේ රෙද්ද..
    21න් පස්සේ ඉර පායන්නැත්තං මට බර්ත් ඩේ එකට කේක් කන්න වෙන්නේ කට්ට කරුවලේ ඈ...

    ReplyDelete
  10. අහ්.. තට ටික දවසනේ.. ඉදලම බලමු..

    ReplyDelete
  11. මාරයා වගේ ලිස්ට් එකක් හදා ගන්න ඕන

    ReplyDelete
  12. අම්මපා වෙන හත්තිලවූ විනාසයක් වෙයන්කෝ ඉක්මනටම....අඃ හරි එහෙනම්...ලෝක විනාසේ වෙනවට කැමති අය නැගිටින්න....අකමැති අය හිටගන්න

    ReplyDelete
  13. මචන් ඔය බාසගෙන් අහලා කියහන්කෝ කොහෙන්ද ඔය කළු වීදුරුව හොයා ගත්තේ කියලා

    ReplyDelete
  14. මමත් මේ බලන්නේ ඕක වෙන්නෙන් කවද්ද කියල

    ReplyDelete
  15. කොහොම වුනත් ලෝක විනාසෙ වෙනවා නම් කරන්න තියන හොඳ වැඩ ටික දැන්මම කලා නම් හරි..

    ReplyDelete
  16. අනේ.... ඕක වෙනවනම් ඉතිරි සබ්ජෙක්ට් වලට පාඩම් කරන්න ඕන නෑනේ! මරු ඈ...

    ReplyDelete
  17. මන් නම් තාම දන්නේ නැහැ ඔය ඕක වෙනවයි
    කියන දිනේ වත් ...කොට්ට දෙක තුනක් බදාගෙන විනාසෙට මූණ දෙනවා මන් නම් ...

    ReplyDelete
  18. හුරේ ඒ කියන්නෙ අපිට ඒක දකින්න වාසනාව තියෙනවා.....මෝඩ විදියට මමත් කිව්වට මධූ අයියේ මේ දවස් වල සිත්තමී කෙල්ලත් ඔය කියන දේවල් ටිකක් ෆලෝ පාරක් දානවා ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල ඒ අතරේ මිත්‍යා විශ්වාස වැඩියි.නමුත් මිත්‍යා ව මත සැගවුන සුළු සුළු සිදුවීම් කිහිපයකුත් නැත්තෙමත් නෑ.බ්ලොග් එක නොලියන ලියා හොයාගත්ත දේවල් මා ගාවම ඉතුරු වෙලා....

    ReplyDelete
  19. මේ සහස්‍රයේ වාසනාවන්තම මිනිසුන්ද අපි.එක බලන්න වාසනාවන්ත වෙන්නේ.

    ReplyDelete
  20. හික්ස්.... අනේ මන්දා ඕවා නම්, වෙනවා නම් වෙයි නේ. එදාට තමා ඉතිං මොකක්ද වෙන්නේ කියල බලන්න වෙන්නේ.

    හැබැයි ඕක වෙනවා නම් මාත් ටිකක් කැමති.... වෙනසකටත් එක්ක. හික්...

    ReplyDelete
  21. @පැතුම් [සිතුම් පැතුම්] :
    මාත් බලාගෙන ඉන්නේ ඔය ගල් කෑල්ල වැටෙනකන්.. :)

    @මඩිස්සලේ නිශාන් :
    මගේ පැතුමත් ඒකමයි. :)

    @malmi :
    ඔය බොසා නෙමේ. අපේ වැඩපොලේ වැඩ කරන මනුස්සයෙකුයි අපි අතරේ උන දෙබසක් :)

    @Chandana :
    අනිවාර්යෙන්ම.. එහෙම තමා :)

    @සයුරි :
    ඇයි ඔයා විතරක්.. මාත් බලාගෙන ඉන්නේ :)

    @ළිහිණි :
    ඔයත් උදේ පාන්දරම ගල බලන්ඩ සූදානම් වෙන්නේ එහෙනම්.. හොඳා හොඳා බලන්ඩකෝ.. :)

    @Anonymous :
    ලින්ක් එකට ස්තුතියි ඇනෝ. :)

    @DDT :
    මාත් ගල් බලන්නේ එහෙම තමා. ඒත් මේ කතාව කිව්වේ අපේ වැඩපොලේ වැඩට හිටපු මනුස්සයෙක්.

    අර කිව්වත් වගේ උදේ පාන්දරම ඇහෙන්න ඕන යෑ ගල බලන්න. හික්ස් :)

    @තරියා :
    අප්පටසිරි. කවද්ද උපන්දිනේ ?
    ඒක නෙමේ මොකෑ බොලාව දකින්නත් නැත්තේ. රාවණාගේ හමුදාවට ගිහින්දෑ.

    @Dinesh :
    ඒ දවස් ටිකත් ඉක්මනටම ගෙවෙනවා නම්...

    ReplyDelete
  22. @Bindi :
    හෑ... මාරේ අයියෑ ලිස්ට් එක මම දැක්කේ නෑ නෙව. බලන්ඩෝන :)

    @උමා(දසුන්) :
    අඩේ කවුරුත් වාඩි වෙලා නෑ නෙව. :)

    @මුදියන්සේ :
    ඕකේ මම අහන්නම් :)
    ගල පේන කළු වීදුරුවක් හොයාගන්න තියෙයි නම් පට්ට නෙහ්

    @ඉන්ද්‍රජිත් :
    හ්ම්.. හ්ම්.. බලමු

    @කෝරලේ මහත්තයා :
    ඉතුරු ටික කාලෙත් ඉවසං ඉමු.

    @රූ.... :
    ඊට කලින් මගෙන් ණය ගත්ත උන්ගෙන් ණය ටික ඉල්ල ගන්ඩෝන. නැත්නම් කවදා කියලා ගන්ඩ යෑ. අනික උන් ණය තියාගෙන මැරෙන එකත් හොඳ නෑ නෙ

    @ලහිරු :
    අම්මා පල්ල මෙහෙමත් කොල්ලෙක් !
    ඒ කියන්නේ ඒ කාලෙටද ලෝක විනාශය වෙන්නේ :)

    @silentsahan :
    එහෙනං නිවාඩුවක් දාලා ගෙදර ඉන්ඩ වෙනවා. නැත්නම් කොහොමද කොට්ටේ බදාගෙන ඉන්නේ

    @සිත්තමී :
    කොයිකටත් ටිකක් විමසිල්ලෙන් ඉමු නංගි. ඇත්තට වෙනවද කියලා කවුදෑ දන්නේ.මොකෝ මේ ටිකේ ලියන්නේ නැත්තේ ? අර සිද්ධියෙන් පස්සෙත් හරි මේයැයි ලියන එක අතෑරලා දාලා වගේ.

    @අසරණයා :
    ඒකනේ. අපි මාර වාසනාවන්තයි :)

    @සමනළී :
    අපරාදේ. ලෝක විනාශේ අපේ විභාග දවස්වල උනා නම් ඒකත් එකක්.

    ReplyDelete
  23. ලෝක විනාශය... කූට ව්‍යාපාරික ප්‍ර‍ජාවගේ නිර්මාණයක්... ඔය අටමගලෙ වෙනවා කියලා ඒ ගැන ලියවුනු පොතේ ඉදලා කීයක් ජාති නම් වික්කද...

    ReplyDelete
  24. 'අයියෝ. අපි තාම බැඳලත් නෑ..'

    ලෝක විනාසෙ ගැන කිව්වම එකෙක් ඔහොමත් කිව්වා..

    ReplyDelete
  25. හේ හෙහ්... මම නම් මේ බලන් ඉන්නෙම ඕක වෙනකම්.. මගෙ ලට්ට ලොට්ට ටිකත් පැක් කරගත්තා, කෝකටත් තව බිස්කට් පැකට් දෙක තුනක් දාගන්න ඕන..

    ReplyDelete
  26. මෙච්චර කල් හිටපු එකේ.. ඉතුරු දවස් ටිකත් ඔන්න ඔහේ ඉදලා බලමු බන්..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.