27 November 2012

ශ්‍රී රාවණ්ණා පුවත

සුපර්ණිකා නම් වූ රාවණගේ අක්කණ්ඩිය, රාමගේ සහෝදරයෙක් වෙච්ච ලක්ෂ්මණට ආදරය කිරීමට පටන්  ගන්නවා. නමුත් මේ ආදරය තේරුම් නොගත් ලක්ෂ්මණ, සුපර්ණිකාට අඩත්තේට්ටම් කරනවා.කොටින්ම සුපර්ණිකාගේ නහයයි කන් දෙකයි කපා දමනවා.

ඊට පස්සේ සුපර්ණිකා මේ සිද්ධය රාවණට සැල කරනවා.තමන්ගේ අක්කට ලක්ෂ්මණගෙන් වෙච්ච අතවරය දැකලා රාවණ කෝප වෙනවා. ලක්ෂ්මණ ලංකාද්වීපයට ඇවිදින් සුපර්ණිකාගෙන් වැඳලා සමාව ගන්න ඕන. රාවණා එහෙම හිතනවා.

මේ නිසා රාවණ රජතුමා සීතාව දඩුමොනරයෙන් ලක්දිව අශෝක උයනට ගේනවා. ඊට පස්සේ රාවණා, දාසියන්ව යොදවනවා සීතාට සත්කාර කරන්නෙයි කියලා. කොටින්ම සීතාට කිසිම අඩුපාඩුවක් සිද්ධ නොවෙන්න සලකන්න කියලා රාවණ රජතුමා දාසියන්ට අණ කරනවා.

අශෝක උයනේ ජීවත් වෙච්ච කාළයේදි රාවණ රජතුමා සීතාට ගිනි සිසිල කියන මායා ධර්ම උගන්වනවා.

රාමා, තමන්ගේ සේනාවත් එක්ක ඇවිදින්  ලංකාපුරයට සෑහෙන විනාශයක් සිද්ධ කරලා සීතාව ඉන්දු දේශයට අරගෙන යනවා. නමුත් ලංකා රාජ්‍යයේ සෑහෙන කාලයක් ජීවත් වෙච්ච සීතාගේ පතිවෘතාව ගැන රාමට සැකයක් පැන නගිනවා.

මේ සැකය නිසාම සීතා ගිනි මැලයකට පනින්න සූදානම් වෙනවා. "මා පතිවෘතාව රැක්කා නම් මේ ගින්නෙන් නොපිලිස්සේවි" කියලා අධිෂ්ඨානයෙන් යුක්තව ගිනිමැලයට බිලි වෙනවා. නමුත් සීතාව ගින්නෙන් පිලිස්සෙන්නේ නෑ. ඒ වෙනකක් හන්දා නෙමේ. රාවණා උගන්නපු ගිනි සිසිල කියන මායා ධර්ම නිසා. !

 මේ සියළුම කතාව තියෙන්නේ මම ලඟදි කියවපු පොතේ. පොතේ නම තමා මේ ලිපියේ හෙඩිම. පොත ලියලා තියෙන්නේ අපි කවුරුත් හඳුනන භද්‍රජි මහින්ද ජයතිලක මහත්තයා. පහුගිය පොත් ප්‍රදර්ශනයේදි මම ගත්ත පොත් වලින් අන්තිමටම කියවලා ඉවර කලේ මේ පොත. ඒ වගේම ආයේ ආයේ කියවන්න ආස හිතෙන පොතක්.

මේ තියෙන්නේ පොතේ කවරය

සමන්ති පොත් ප්‍රකාශකයයෝ තමයි පොත මුද්‍රණය කරලා තියෙන්නේ. පුලුවන් වෙලාවක පොත හොයාගෙන කියවලා බලන්න.

41 comments:

  1. //...සීතාගේ පතිවෘතාව ගැන රාමට සැකයක් පැන නගිනවා....//

    පතිවෘතාව ගැන ගැටලුවක් නැහැනේ. රාවණා සීතා එක්ක හිටියා කියලා නැහැ නේද ???

    ReplyDelete
  2. හප්පේ...ඇති යාන්තම් රාවණා එක්ක හරි බ්ලොග් එකට ගොඩ වැදුනා... :P

    මේ රාවණ පුවත් ගැන මට නම් සෑගෙන ගැටළු සහගත තැන් තියෙනවා.. රාවණා පුවත ගැන ලියවුන පොත 10ක් කියෙව්වොත් ඒ හැම එකක්ම විස්තර එකිනෙකට වෙනස්...

    ReplyDelete
  3. කියල වැඩක් නෑ යාලු මටත් ගොඩක් ගැටළු තියෙනවා ඔය කතාව ගැන. බලමුකෝ මධු අයිය කියන පොතත්.

    ඇත්තට ගොඩ කාලෙකින් නේද පොස්ට් එකක් දැම්මෙ.

    ReplyDelete
  4. වාල්මිකිගේ රමයනයෙන් රාවණාට උනු අසාදාරනය ටිකක් හෝ අඩුකරන පොතක්,මගේ ගාවත් ඇත

    ReplyDelete
  5. වාල්මිකී කියන උලම රාමායනය හරහා ලංකාව දෙකේ කොලේට දාල රාවනාවත් දෙකේ කොලේට දාල. මේ ලඟදි ගිය ලොකු බහින් බස්වීමක් අපේ ඉන්දියන් කාරයොත් එක්ක හැබැයි බද අල්ලන් හිනාවෙන්න පුළුවන් මම එක දාන්නම් පොස්ටුවකින්ම.

    ReplyDelete
  6. හොයාගන්න ඕනේ...

    ReplyDelete
  7. අර ලක්ශමනයාට පෙම් කලා වගේ ඉන්දියාවෙ නලු බට්ටන්ට පෙම් කරන කැකුලියෝ ලංකාවෙ අදත් ඉන්නවා.ඔය මූනු පොත්වල පින්තුර පුරවාගෙන ඉන්නේ.. නහය කපන්නම ඕනේ

    ReplyDelete
  8. ඈ කොල්ලෝ ඔය ජොබ් එක මාරු කරපන්....
    මේ කොල්ලා මේ රස්සාවට ගියත් හරි ලියන ඒවා තේරුම් ගන්න බෑ නේ මට....

    ReplyDelete
  9. ඇති යන්තම් මෙයාට බ්ලොග් එක මතක් වෙලා...
    මට නම් ඔය රමායණේ මහ විහිළුවක් වගේ... එක එක තැන් වල එක එක විස්තර...

    දැං ඔ‌ෙහාම බැලුවොත් රාම කියන්නේ මෝඩ, වැදගැම්මකට නැති, කිසිම විශ්වාසයක් තියන්න බැරි පිරිමියෙක් වෙන කොට, රාවණා කියන්නෙ සීතා වගේ ලස්සන ගෑනියෙක්ව ළඟ තියාගෙනත් පරිස්සම් කරලා ආපහු තමන්ගේ මනුස්සයා ළඟට යැව්ව උසස් මනුස්සයෙක් වෙනවා... ( ඔය ලක්ෂමණගේ සීන් එකේදිත් බැලුවම ලක්ෂ්මණ සහ රාම වැරදියිනේ)

    එහෙම එකේ ඉන්දියන් උන් ඕකට වඳින්නේ පුදන්නේ මොකටද..?

    ReplyDelete
  10. අපූරු ‍‍පොතක් ව‍ගේ කියවල බලන්න ඕන. ‍කො‍හොම ‍වෙතත් අන්තිමට අසාධාරණයට ලක් වු‍ණේ කාන්තාවම තමයි ‍නේද?
    මෑතක නුවරඑළි ගිය ‍වෙලා‍‍‍වෙ හග්ගල මල් වත්ත බලන්නත් ගියා. මල් වත්තට උඩින් ‍පේන කන්දෙ ගල්ගුහාවකලු සීතා ‍දේවිය හංගල තියාන හිටියෙ. එයැයිට කන්න දුන්න අග්ගලා එයා වීසි කළාලු. ඒ කන්දෙදි දැනුත් සමහර අයට පස්වලින් වැහුණු අග්ගල ගුලි හම්බ ‍වෙනවලු. පස් අයින් කළාම දැනුත් ඒව කන්න පුළුවන්ලු.
    මල්වත්‍‍තෙ වැඩ කරන ‍කෙ‍නෙක් තමයි ඔය විස්තර කිව්‍වෙ. ඇත්ත කුමක් වුණත් ‍මේව ලස්සන කතන්දර.

    ReplyDelete
  11. ගෙදර පොත තිබ්බත් කියෙව්වෙ නෑ.... ස්තූතියි ඔබට!!

    ReplyDelete
  12. @Hasitha :
    හිටියා කියලා නම් නෑ සහෝදරයා. ඒ උනත් රාමාට සැක හිතෙනවා සීතා, රාවණ එක්ක හිටියයි කියලා. නමුත් ඇත්ත කතාව සීතා කියන්නේ රාවණගේ දුවෙක්ය කියලා ලු.
    ලක්ෂ්මණ තමන්ගේ ගෑනිවත් දාලා රාමත් එක්ක වන වාසයට එන්නේ සීතා කෙරෙහි තිබ්බ ආසාව නිසාලු. ලක්ෂ්මණයි සීතායි අතර සම්බන්දයක් තිබ්බා ලූ
    ඔන්න කොහොමයි කතා පොතේ තිබ්බේ.

    @ළිහිණි :
    අපොයි ඔවු. මම අහල තියෙන කතාවට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් !
    මේ පෝස්ට් එකත් ලිව්වේ සෑහෙන කාලෙකට පස්සේ. දිගටම ලියන්න ඕනා. ඔන්න ලිව්වේ නැති උනාට මම දිගටම ඔයාලෑ බ්ලොග් කියවන්න ආවා.

    @මධූ :
    අම්මෝ ඔවු. සෑහෙන කාලෙකට පස්සේ පෝස්ට් එකක් දැම්මේ.
    මටත් ඒ දවස්වල මේ කතාවේ ගැටළු තිබ්බ තැන් තිබ්බා.

    @හසරැල් :
    ඒ අතින් බලාගෙන ගියහම වාල්මිකීගෙන් සහෙන අසාධාරණයක් වෙලා තියෙනවා.

    @කෝරලේ මහත්තයා :
    නියමයි. මාත් එන්නම් කියවන්න.

    ReplyDelete
  13. @ගෝල්ඩ් ෆිෂ් :
    මේ ගෝල්ඩ් ෆිෂ් ගේ බ්ලොගර් ප්‍රොෆයිල් එක ද ?
    අනිවාර්යෙන්ම හොයාගෙන කියවන්න. :)

    @සරත් ලංකාප්‍රිය :
    නහය විතරද කපන්න ඕන ?? හික්ස්:)

    @Il mondo di una povera pazza :
    ඒ මොකෝ රංගි තේරුනේ නැත්තේ. මගේ සිංහල බරපතල වැඩි ද ? මම සරලව ලියන්නන් එහෙනම් :)

    @හිරු :
    අම්මෝ ඔවු සෑහෙන කාලෙකට පස්සේ තමා වෙලට බැස්සේ... :)
    හිරු අහන ප්‍රශ්න වලට මට උත්තර ලියන්න දන්නේ නම් නෑ හිරු. උත්තර ටික හම්බ වෙච්ච වෙලාවක තමා ලියන්න වෙන්නේ :)

    @තරුරසී :
    ඔවු අක්කේ. මේ වගේ කතන්දර කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ උනාට මෙහෙම කතා දන්න අය ගොඩක් අඩුවෙන් ඉන්නේ.

    ReplyDelete
  14. @+Roopz+ :
    පට්ටම පොතක් නේන්නම් :)

    @ශම්මි :
    කියවන්න කියවන්න. මුල ටික නම් ටිකක් බෝරින් වෙයි. ඒ නම් ගම් ටික මතක තියාගන්න අමාරු නිසා. නමුත් කියවගෙන යනකොට ආස හිතෙයි.

    ReplyDelete
  15. පතිවත කෙලෙසුනත් මායා සිසිල බන්ධනයෙන් ගිනි මලයට පාන්නට පස්සේ බේරෙන්න පුළුවන්නේ.අන්න එතැනදී......පුංචි සැකයක් මතු වෙනවා :)

    ReplyDelete
  16. ම්ම්ම්... ඔය රාමල, රාවනාල ගැන එක එක්කෙනා එක එක දේවල් කියන්නේ. බලමුකෝ එහෙනම් මේ පොතත් කියවල.

    ReplyDelete
  17. භද්‍රජි මහින්ද ජයතිලක මහත්තයගෙ පොත් කොහොමටත් ටිකක් වෙනස්. මේ කතාව ඔහු ලියන්නෙ රාමායණයෙන් රාවණට අසාධාරණයක් සිද්ධවුණා කියන මතයෙන්. මම හුඟ කාලෙකට කලින් පුස්තකාලෙකින් අරන් කියෙව්වෙ, දැනට මගේ ළඟ පොත නැහැ, ආයෙ අරන් කියවන්න ඕන. මේ පොතේ අන්තිමට පසු සටහනක් තියෙනව නේද ඔහුට හමුවෙන අද්භූත පුද්ගලයෙක් ගැන, ඔහු ඉඟි කරන්නෙ ඒ රාවණගෙ අවතාරෙය කියල.

    ReplyDelete
  18. ඔන්න ඉතිං ආයේ මීවන පලානේ ජයරත්නව ගේමට බස්සන්න වෙයි වගේ...

    මෙහෙමයි මල්ලියේ... මං ඔය වාල්මිකීගේ "රාමායණය" දෙපාරකුත්.. අහුබුදුගේ "සක්විති රාවණ" නාට්‍ය පිටපත එක පාරකුත්.. භද්‍රජීගේ "ශ්‍රී රාවණ්ණා පුවත" එක වතාවකුත් කියවලා තියෙනවා... රාවණ්ණා පුවත කියවලනං තාම මාස හයක්වත් ගියේ නැහැ...

    ඔය පොත් තුනම හොඳ කතන්දර පොත්..එච්චරයි.. එහෙම නැතිව කරේ තියං දුවන්න තරං මෙලෝ දෙයක් ඒවෑ නැහැ...

    එයිනුත් අහුබුදුගේ පොත රාවණා සුපිරි වීරයෙක් කරලා රාමා පීචංම කරලා දාලා තිබුණා... ඒකනං මං කියෙව්වේ ඒ කාලේ පුදුම ආතල් එකේ... එතකොට මට වයස අවුරුදු 13ක් විතර ඇති... වීරයෝ හොයන කාලේනේ...

    රාමායනේ මුලින්ම කියෙව්වේ අවුරුදු 11දී විතර.. පස්සේ විස්සට විතර කිට්ටුව ආයේ වතාවක් හොයං කියෙව්වා... ඒකෙදී රාවණා දුෂ්ඨයා සහ රාම වීරයා කරලා තිබුනා උනත් රාවණාගේ බලය හා ඔහුගේ යුධ ශක්තිය වාල්මිකී පුදුමාකාර ආකාරයකට විස්තර කරනවා.. ඔහුගේ අරමුණ රාමා හැප්පුනේ මොන තරං පොරක් එක්කද කියලා පෙන්නන එක.. ඒත් ඒ හරහා ඔහුට නොදැනිම රාවණා පොරක් වෙනවා...

    ඒත් මේ භද්‍රජීගේ පොත කියෙව්වේ මේ දැන් මාස ගානකට කලින්... අම්මපා ඒක කියෙව්වමනං මට හිතුනේ රාවණා කියන්නේ නපුංසකයෙක් කියලා...

    අහුබුදු වීරයෙක් කරපු...
    වාල්මිකී දුෂ්ඨයෙක් කරන්න ගත්ත උත්සාහයේදී පොරක් උනු රාවණා.. භද්‍රජී විසින් වීරයෙක් කරන්න ගිහින් නිකංම නිකං නපුංසකයෙක් උන පොත මටනං කිසිම ආකාරයකින් රහක් නැහැ.. මදෑ මෙච්චර කාලයක් හිටිය වීරයා මේ යෝධයා මැරුව හැටි...

    භද්‍රජීගේ පොත්වලට මමත් බොහෝම මනාප වෙලා හිටියා... උලමාගේ රාත්‍රිය වගේම පවුරු බැඳි රාජයය කියන්නේ මං මෙතෙක් කියවලා තියෙන හොඳම පොත් දෙකක්... ඒ වගේම භද්‍රජීගේ "හන්තාන කඳු පෙළ" ගීතය මං අදටත් උපරිම ආස ගීතයක්... ඒ විතරක් නෙවෙයි මෑන් ඉස්සර දවසක රූපවාහිනියේ ආයු‍බෝවන් වැඩසටහනකට ඇවිත් කුරුල්ලෙක් අඳින හැටි සරලව කියා දීපු ආකාරය එහෙම මට තාමත් මතකයි සහ ඒ ආකාරයට මට අදටත් පියාඹන කුරුල්ලෙක් මතකයෙන් ඇන්දැකි.. ඇත්තම කිව්වොත් භද්‍රජී කියන්නේ මගේ ලෝකයේ එක්තරා අන්දමක වීරයෙක්... හැබැයි මේ ශ්‍රී රාවණ්ණා පුවත කියවලා ඉවර වෙද්දී රාවණා නපුංසකයෙක් උනා වගේම..මගේ වීරයා වෙච්ච භද්‍රජීත් මලා...

    නංගි මෝල් කලන්තේ තද වෙලා තමන්ව දාලා ගිය මිනිහෙක් අතින් සල්ලං වෙලා ආවම ඒ තරහට ගිහිං ඒ මිනිහට දඩුවම් නොදී උගේ අයියගේ ගෑණිව උස්සං එන එකා මොකෙක්ද..?
    එහෙම උස්සං ඇවිත් නිකං ඉන්නේ නැතිව ඒකිව හිරකරගෙන ඒකි එක්ක සමයං නටන්න යන එකා මොකෙක්ද..?
    ඒ ඔක්කෝමත් හරි... මහ ලොකුවට වැඩර් වගේ උස්සං ඇවිත් පස්සේ යුද්ධයක් ඇවිලුනාම ඒක හොඳින් බේරගන්නෙත් නැතිව තමන්ගේ පුතාව.. සහෝදරයින්ම.. මාමණ්ඩියව ඇතුලු පරපුරම ඉස්සරහට යවලා තමන් පස්ස ගහලා හැංගිලා ඉඳන් අවසානෙට අර නෑදෑ පරපුරම විනාස වෙලා ගියාට පස්සේ මෙච්චර වහ ටිකක් බීලා බොරුවට මලා වගේ රඟපාලා සටනින් පැනලා යන එකා මොකෙක්ද..?

    භද්‍රජීගේ රාවණ්ණා නං මට නොම්මර එකේ නපුංසකයෙක් විතරයි... උඹට එයිට වඩා වීරයෙක්ව එතැනින් පේනවද..?

    ReplyDelete
  19. // ඒ වෙනකක් හන්දා නෙමේ. රාවණා උගන්නපු ගිනි සිසිල කියන මායා ධර්ම නිසා. !//

    ඒ කිව්වේ පතිවත ගැන ඒකෙන් හරියටම මුකුත් කියන්න බෑ කියන එකද? :)

    තව ප්‍රශ්නයක් තියේ...දැන් එතකොට රාමා අච්චර කලක් සීතා නැතුව ඉන්දියාවේ ඉඳිද්දී පතිනිවත රැක්කද නැද්ද කියලා සීතා ප්‍රශ්න කරලා නැද්ද? :පි

    ReplyDelete
  20. මේ මෑත කාලයේ ඉඳන් රාවණා මතක්වෙලා අපේ රටවැසියන්ට.. මේ ඊයේ පෙරේදා දවසකත් කන්දක් නාය ගියාම රාවණාගේ උමගක් මතුවෙලා තිබුනා..

    මෙහෙම යනකොට රාවනාගේ සගවා ඇති දේහයත් හම්බ වේවිද දන්නෙ නෑ

    ReplyDelete
  21. අනිවා මචං කියවනවා කොහන් හරි හොයාගෙන. මාත් ආසයි ඉතිහාසය ගැන කතා කියවන්න. අපිට කොච්චර ශ්‍රේෂ්ඨ කීර්තිමත් ඉතිහාසයක් තියෙනවාද හසන්ත මහත්තයෝ...


    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  22. @මඩිස්සලේ නිශාන් :
    ඕ ඕ.. මෙතනදි රාවණ මුකුත් කරලා නෑ. නමුත් සීතා, ලක්ෂ්මණත් එක්ක සම්බන්ධයක් තිබ්බා කියලා පොඩි සඳහනක් යනවා.

    @සමනළී :
    එහෙනම් පොත හොයාගෙනම කියවන්නකෝ සමනළී.

    @DDT :
    ඒ පොතෙන් මම ආසම පරිච්ඡේදය තමා ඒක.

    @මාරයාගේ හෝරාව :
    මම ලියපු පෝස්ට් එකටත් වඩා කමෙන්ට් එක සෑහෙන දිගයි නෙව.

    ඔය පොතේ කතාව ඇත්තටම සිදු නිවුනත් අර කිව්වත් වගේ කතා පොතක් විදිහට හොදයි. නමුත් වැඩේ තියෙන්නේ මුලින් මුලින් වීරයා වෙච්ච රාවණාව අන්තිම පරිච්ඡේද වලදි බල්ලෙක් ගානට වට්ටලා.

    කොටින්ම තමන්ගේ අක්කට (සුපර්ණිකාට) වෙච්ච අසාධාරණේට පලි ගන්න සීතව අරගෙන ආවා කියමු. නමුත් තමන්ගේ පුතා මාමණ්ඩිය යිද්ධ කරනකොට රාවණා පහු බහින එක නම් වැඩක් නෑ. කොටින්ම එතනින් කතාව අජූත වෙනවා

    රාවණගේ පුතා, හමුදාවට නාග හී සර විදලා අඩපණ කලත් රාවණා නෙමෙයි යුද්ධ කරන්න ඇහැක් ඇරලා බලන්නේ.

    මටත් කතාවේ මුල ටිකේ ඉන්න වීරයාව අග හරියෙදි නපුංසකයෙක් වෙච්ච ගතියක් පෙනුනා.

    භද්‍රජි ගේ පොත් වලින් මම ආසම පොත තමයි "බඹර විලේ හොල්මන" කියන පොත. ඒ පොත ඉස්කෝලේ යන දවස්වල කියෙව්වත් තාමත් ඒ පොතට ආස කරනවා. ඊට පස්සේ ආස උනේ "දොඹගල නිධානය" කියන පොත.

    පස්සේ පස්සේ "උලමගේ රාත්‍රිය" , "බෝදිලිමාගේ සාපය" වගේ පොතුත් කියෙව්වා. ඒ ඇරෙන්න නම් පොත් කියවන්න ලැබිලා නෑ.
    මේ ලඟදි නම් සරසවි බුක් ෂොප් එකෙන් ගත්තා "රෝස විලාවේ අභිරහස" කියලා පොතක්.

    ඒක නම් තාම කියවන්න උනේ නෑ. කියවලා තමයි අදහසක් ඉදිරිපත් කරන්න වෙන්නේ :)

    දීර්ඝ කමෙන්ටුවට ස්තුතියි.


    @සයුරි :
    හොඳ ප්‍රශ්නයක්. ඒ කාලේ ඉන්දු දේශයේ තිබ්බේ පුරුෂ මූලික සමාජයක්. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් අහන්න නැතුව ඇති. සති පූජාව වගේ චාරිත්‍රත් ඒ කාලේ තිබිලා තියෙනවා.

    ReplyDelete
  23. @දයානන්ද රත්නායක :
    මේ ටිකේ රාවණාව මතක් වෙන්නේ උන්දෑ 2012-12-12 නැගිටින හන්දා. නමුත් වැඩේ කියන්නේ රට යන විදිහට උන්දෑ නැගිටින එක පැත්තකට දාලා ආයෙමත් පැත්ත වැටිලා නිදියාවිද දන්නේ නෑ. :)

    @රතී, :
    ඒක නම් ඇත්ත සූරියප්පෙරුම මහත්තයෝ. අපි කොච්චර උතුම් ජාතියක්ද

    ReplyDelete
  24. බලමු හොයාගෙන කියෝලා...

    ReplyDelete
  25. මටත් ආසාවක් ආව කියවන්න...
    හොයා ගන්න ඕනේ..
    ජය වේවා මධුරංග..
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  26. ඔය පොත මේ ළඟදී බුක් සේල් එකක තිබුනා දැක්කා. අතට අරගෙනත් ආපහු තියලා ආවා. මාරයා කියලා තියන විධිය බැලුවාම හිතෙන්නේ මේ පොතෙන් පටන් අරන් අහුබුදුවන්ගේ පොතෙන් ඉවර කරන්න ඕනි...:D

    ReplyDelete
  27. දැන් ඉතින් මධුරංගගේ ගෙදර යන්නත් එපැයි පොත හොයාගෙන කියවන්න... ඉන්දියාවේ උත්සවයකුත් තියෙනවානේ රාවනාගේ පිළිරුවක් පුච්චන. ඒ නෙවෙයි, දැන් මමත් ඉන්නෙ ඔය පැත්තේ :)

    ReplyDelete
  28. @තරුවා :
    හොයාගෙන කියවලා බලන්න.

    @පණුච්චි :
    කියවන්න කියවන්න.
    අම්මෝ පණුච්චි මේ පැත්තේ ආවා කිව්වහමත් සතුටුයි.
    සිනා බෝ වේවා !

    @priyantha :
    අරිසෙන් අහුබුදුගේ පොත නම් කියවලා නෑ.

    @ලහිරු :
    ඔය පැත්තේ කිව්වේ ? අපේ ගෙවල් දිහෑ ද ?

    ReplyDelete
  29. මමත් ඔය පොත සේල් එකේ දැක්කා. ගත්තේ නැහැ. එත් සල්ලි සල්ලි කියලා නොබලා අරගෙනම බලන්න ඕන කතාව ඇත්තද කියලා.

    ReplyDelete
  30. ඔන්න බන් රාවණාගෙ උමගක් එහෙමත් මතු වෙලාලු...

    ReplyDelete
  31. @malmi :
    පොත් ගන්න ගියපු වෙලාවක තිබ්බොත් ගන්න.මොකද භද්‍රජි ඉන්නේ පිටරටක හන්දා පොත් ප්‍රින්ට් වෙනවා අඩුයි.

    @සිරාගෙ කාමරේ :
    ගොසිප් සයිට‍්ර එහෙකත් තිබ්බා.

    ReplyDelete
  32. ඉන්දියන් කාරයො එදත් එකයි අදත් එකයි අවුරුදු ගානක් තිස්සෙ අපිව නැතිකරන්න හදපු එවුන් මම ඉන්දියාවෙ හදන පෑනක් වත් ගන්නෙ නැත්තෙ ඒකයි....

    ReplyDelete
  33. හම්බෝ රාවනාගේ හරි කතාව කොහෙන් හරියට දැනගෙන කවදා ඉවර වෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  34. පොතේ අන්තිම ටිකටනම් මමත් කැමති නෑ.

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. අඩේ ටොපික් එක දැක්කම මම හිතුව මුත් අපේ වර්ගපුර්නිකා ආතල් එකට සෙට් වෙලාදෝ කියල... පස්සෙනේ මේ පොතක විස්තරයක් කියල දැක්කේ... රවනාට නපුංසකය කියන බොටයි, මාරයටයි මම මේ වෝනින් එකක් දෙන්නේ... තව දවස් කීපයකින් රාවනා නැගිට්ටම (වර්ගපුර්නිකාවට අනුව) බොලා දෙන්නගේ ඔය පුරුෂ අවයවය කපල දාවි... හිකිස්.. ශ්‍රී රාවණ සිද්දම්... LMFAO .... ADK කොලුවා

    ReplyDelete
  37. ම්..හොයාගෙන කියවන්න වටින පොතක් වගේ..
    භද්‍රජි ජයතිලක ගැන අස්වැන්නෙත් ලිපියක් ගියා නේද?

    ReplyDelete
  38. එතකොට අයියේ, රාවණා අර මන්තරේ කියාදුන්නේ නැත්නම් සීතාව ගින්නෙන් පිච්චෙනවා නේද පතිවත රැක්කා උණත්?

    ReplyDelete
  39. අශෝක ප්‍රේමචන්ද්‍ර මහතාගේ "උතුරු දොරටුව" කියන පොතෙත් රාවණා මහා රජතුමා ගැනැ සාමාන්යෙන් විස්ටර තියනවා....(ශ්රෙක්)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.