සෑහෙන කාලයකට පස්සේ මොනවාම හරි ලියන්න ඕන කියලා හිතුනා. ඒත් ලියන්න මාතෘකා වල හිඟයක් තිබ්බ නිසා ඔන්නොහේ බ්ලොග් ටික කියෝලා විතරක් හිටියා. ඔහොම ඉන්නකොට තමා ඊයේ වැඩ ඇරිලා ගෙදර යනකොට රේඩියෝ එක අහන්ඩ හිතුනේ.
මුලින්ම සේරම රේඩියෝ චැනල් ටික සුසර කරගෙන මම හැමදාම අහන්ඩ ආස බෞද්ධයා චැනල් එක දාගත්තේ. හැමදාම වගේ ඒකේ දායකත්ව ධර්ම දේශනාව අහගෙන ආවා. ඊයේ නම් කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන උපාධාන ස්කන්ධ ගැන දේවල් ටිකක්.
කොහොමහරි බණ පටන් අරන් අවසාන හරියට එනකොට උත්පලවණ්නා තෙරණිය ගැන පුංචි බණ කතාවකුත් කිව්වා. නොදන්න අයට දැනගන්ඩත් එක්ක පහලින් ලියන්නම්.
ඔන්න එක්තරා සිටු පවුලකට ලස්සන දූ කුමාරියක් ඉපදුනා. දූ හරියට නිල් මහනෙල් මලක් වගේ ලස්සන නිසා ඒ දූ කුමරියට උත්පලවණ්නා කියලා නම් තිබ්බා. කාලයක් ගතවෙනකොට මේ දූ කුමරිය වැඩිවියට පත් උනා. කුමාරවරු මේ දූ කුමාරියව සරණපාවා ගන්න කැමති උනත් මේ දූ කුමරිය ඒ කිසි කෙනෙකුට කැමැත්තක් දැක්කුවේ නෑ.
දවසක් මේ දූ කුමාරියගේ තාත්තා, මේ කුමාරියව කැදවලා පැවිදි වෙන්න කැමැත්තක් තියෙනවද කියලා ඇහුවා.දූ කුමරියත් තමන් පැවිදි වෙන්න කැමති බව කිව්වා.ඉතින් මේ දූ කුමාරියව මෙහෙනි ආරාමයක මහන කෙරෙව්වා.
පස්සේ කාලෙක මේ දූ කුමාරිය විදර්ශනා වඩලා රහත් භාවයට පත්වෙනවා.
ඔන්න දවසක් මේ කුමාරියට ගිහි කාලයේදි ආස කරපු එක්තරා කුමාරයෙක් උත්පලවණ්නා තෙරණිය සැවැත් නුවර පිඬු සිගා වඩිනවා දැක්කා.ඒ දැක්ක හැටියෙම මේ කුමාරයාට තෙරණිය ගැන හිතක් පහල වෙනවා. ඊට පස්සේ උත්පලවණ්නා තෙරණිය එන්නත් කලියෙන්ම මේ කුමාරයා තෙරණියගේ කුටියේ ඇඳ යට හැංගෙනවා.
මේ කිසිම දෙයක් නොදන්න තෙරණිය මහන්සියටත් එක්ක ඇඳේ හාන්සි වෙනවා. මේ ක්ෂණයෙම අර කුමාරයා උත්පලවණ්නා තෙරණියට අතවර කරනවා. ඊට පස්සේ මේ කුමාරයා තමන්ගේ සිතැඟි ඉටු කරගත්තා කියන ජයග්‍රාහි හැඟීමෙන් කුටියෙන් එලියට එනවා.
නමුත් රහත් ඵලයට පත් වෙච්ච තෙරණියකට අතවර කරපු වැරැද්දට මේ කුමාරයාව පොලෝ පලාගෙන අවීචි මහා නරකාදියේ උපදිනවා.
අපි මේ බණ අහන වෙලාවෙත් ඒ කුමාරයා අපායේ දුක් විඳිනවා කියලයි බණ දේශනා කරපු හාමුදුරුවෝ කිව්වේ. මේ බණ කතාව ඇහුවට පස්සේ මට හිතුන දේ තමා සුළු මොහොතක සැනසීමකට මිනිස්සු කොයි තරම් නම් ජරා වැඩ කරනවද කියලා.
එහෙනම් ගිහින් එන්නම්.
ආයෙමත් ලියන්ඩ හිතක් පහල වෙච්ච වෙලාවට මේ පැත්තේ ඇවිදින් යන්ඩ එන්නම්. :)
මේ තෙරණියද අර කැලයක යනකොට එයා පස්සෙන් 'ඔයාගේ ඇස් ලස්සනයි' කියමින් ආ කෙනෙකුට තමන්ගේ ඇස් උගුල්ලා දුන්නයි කියන්නේ? මම එහෙම කතාවක් අහලා තියනවා.
ReplyDeleteමගේ නමෙත් ඔය නිල් මහනෙල් කෑල්ලක් තියනවනේ :)
අද මම එක වෙලා...:D
ReplyDeleteදැන් කාලේ චීවරධාරියො අහිංසක දැරියන්ව දුෂණය කරලා යහතින් ඉන්නවා.
ReplyDelete@Podi Kumarihami :
ReplyDeleteඒ උනාට නිල් මහනෙල් කියන කෑල්ල තියෙන හැමෝම ලස්සන නෑලු නේ පොඩ්ඩි.හික්ස් :)
එක වෙච්ච අයට තෑග්ගට දෙන්නේ චොක්ලට් උම්මා ලූ. තෑග්ග ඕන් ද එපා ද :)
@සරත් ලංකාප්‍රිය :
ඒ උනාට කවදහරි උන්ටත් විඳවන්න කාළයක් ඒවි. :)
" සුළු මොහොතක සැනසීමකට මිනිස්සු කොයි තරම් නම් ජරා වැඩ කරනවද"
ReplyDelete:( :(
ඉද තප්පති පෙච්ච තප්පති
ReplyDeleteපාපකාරී උදයත්ත තප්පති කියල බුදු හාමුදුරුවො කිව්වෙ ඔය සිද්ධිය මුල් කරගෙනයි.
මේ බණ කථාව අද තමයි මුලින්ම අහුවේ..
ReplyDelete" සුළු මොහොතක සැනසීමකට මිනිස්සු කොයි තරම් නම් ජරා වැඩ කරනවද"
මේකට නම් කියන්න දේවල් ගොඩයි බන්..
කෙහොමටත් සුළු මොහෙතක වැඩේ නේන්නම්!
ReplyDeleteඒ කාලේ ඉදන්ම මිනිස්සු තමන්ගේ තාවකාලික සතුට වෙනුවෙන් කොච්චර පහත් වැඩ කරනවද නේද??
ReplyDeleteඋත්පලවන්නා හිත හදා ගන්න ඇති මල්ලි. එතුමිය රහත් වෙලා හිටි නිසා. ඒත් මේ වගේ යන එන මං නැති උණාම ගැහැණු කොයි තරම් අසරණ වෙනවද? සුළු මොහොතක හරි සුළු දෙනෙක්ගෙ හරි වාසියට අනිත් අය අමාරුවෙ දාන අය නම් අවීචි මහ නරකාදියටම යන්න ඕන තමයි.
ReplyDeleteමමත් අහලා තියනවා අර ලස්සන තෙරනියක්ගෙන් ඇස් දෙක ඉල්ලපුහාම ඒ මෙහෙණින් වහන්සේ ඇස් දෙක ගලවලා දෙනවා. මට මතකයි ගිය වෙසක් එකට හරි ඊට එපිට වෙසක් එකට හරි ගංගාරාමේ පන්සලේ තොරණේ තිබ්බේ මේ කතාව. කොයි වැරද්දක් කරත් අකුසල කර්ම වල විපාක විදින්නම වෙනවා. මේ ආත්මේ හෝ පෙර කරපු පිනක් බලවත් වුනේ නැත්තම්. (කර්මය විපාක දෙන ආකාර මතක හැටියට 4ක්ද කොහෙද තියනවානේ...මට හරියට මතක නැ)
ReplyDeleteමදැයි වෙච්චි දේ
ReplyDeleteසුළු මෝතක සැනසීමට මිනිස්සු කොච්චර ඩේටා නාස්ති කරනවද?????
ReplyDeleteඅනේ හපොයි...
ඒ වුනාට අපායෙ ඉන්න ඕන හුඟක් එවුන් මේ මොහොතෙත් ලංකාවෙ ජීවත් වෙනව බං.
ReplyDeleteඔය උත්පලවණ්නා තෙරණිය උපුල්වන් මල් පූජ කරල ඒ පාට වෙන්න කියල පෙර ආත්මයක ප්‍රාර්ථනා කළා කියල මම අහල තියෙනව. අනෙක අපිට ඕලෙවල් සිංහල කරපු සර් කිවුවා ඔය උපුල්වන් කියන්නෙ ශරීරය කළු පාට අයටය කියල. වැඩි ගෞරවයටළු නිල් කියල කියන්නෙ, සර් අපෙන් ඇහුවෙ නිල්පාට මිනිස්සු දැකල තියෙනවද කියල. සර් නම් කිව්වෙ මුගලන් හාමුදුරුවොත් ශරීර වර්ණයෙන් කළු පාටය කියල. ගෑණු ළමයි නම් සර්ගෙන් ඇහුව අර තෙරණිය පෙර ආත්මයක කළාය කියන ප්‍රාර්ථනාව ගැනත්. සර් ඇහුවෙ කළු වුනාට ලස්සන කෙල්ලො නැත්ද කියල, කට්ටිය කට වහගත්තා. මේ කතාව කියෙව්වම මට ඔය සීන් එකත් මතක් වුන නිසා ලිව්වෙ, මේක ඇත්තද බොරුද නම් මම දන්නෑ.
ඒ කාලෙත් වෙනසක් නැත්නම් දැන් කුමන කතාද අයියා!!
ReplyDeleteමල්ලි මේ දවස්වල බණ අහනවා වැඩියි වගේ..කොච්චර හොඳද :)
ReplyDeleteවැදගත් කතාවක් අයියා...
ReplyDeleteඅදමයි ඇහුවේ මේ කතාව..
ReplyDelete@මධූ,
ReplyDelete//ඒ උනාට නිල් මහනෙල් කියන කෑල්ල තියෙන හැමෝම ලස්සන නෑලු නේ පොඩ්ඩි.හික්ස් :)//
ඔව්ලු. පොඩ්ඩි වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඇර ඔක්කොම නෑලු තමා.:))
//එක වෙච්ච අයට තෑග්ගට දෙන්නේ චොක්ලට් උම්මා ලූ. තෑග්ග ඕන් ද එපා ද :)//
මේක නිකම් උණු හන්දා බොන්ටත් බෑ. කිරි හන්දා අහක දාන්ටත් බෑ වගේ වැඩක්නේ. උම්මා හන්දා ගන්ටත් බෑ. චොක්ලට් හන්දා එපා කියන්ටත් බෑ. :D:D:D
මේක නම් අදමයි ඇහැව්වේ.
ReplyDeleteවිඳින කාලය අඩු වුනාට විඳවන කාලය වැඩියි ...
ReplyDeleteවැදගත් කතාවක් අයියෙ!!උත්පලවණ්ණා තෙරණිය ගැන අහලා දැනගෙන තිබ්බාට මේ කතාව අහලා තිබ්බෙ නෑනෙ...
ReplyDeleteඅැස් දෙක ගලවල දුන් තෙරණියගෙ නම සුභා තෙරණිය
ReplyDeleteසුළු මොහොතක සුවය දිදී දැවටුනත් සිතේ...හ්ම්.......
ReplyDeleteඅපේ දැනුවත් භාවය උදෙසා මේ කථාව මෙහි සටහන් කලාට ස්තූතියි මධුරංග..
ReplyDeleteමට මතකයි මෑතකදිත් උබ බණ පදයක් දැම්මා..
ReplyDeleteමහනවෙන්නෙ කවදද?
උත්පල වන්නා තෙරනිය ඇසුරින් කවි ගිත සෑහෙන්න ලියවිලා තියෙනවා. උත්පල වන්නා චිත්‍රපටයත් ඒ ඇසුරින් තරමයි නිර්මානය වුනේ. බුද්ධ භාසිතය සත්‍යයි කියන්නේ ඕකට තමයි.
ReplyDeleteසුළු මොහොතක් විදලා ජීවිත කාලෙම විදවන්න වෙන දේවලුත් තියෙනවනේ..
ReplyDeleteඔය අපායෙ යන කතාව බොරු බං. නැත්තං යම රජ්ජුරුවංගේ සිස්ටම් එකේ අවුලක් ගිහිල්ලා.ඇයි බං මේ අපි දන්න කියන කොච්චර ඉන්නවද මේ දැං පොළව පලාගෙන අපාගත වෙන්ඩ ඕනෑ උං.
ReplyDeleteදුර නොහිතා වැඩ කරන එකේ ඵල විපාක තමයි. හැම කාලෙටම බුදු බණ කොච්චර නම් ගැළපෙනවද?
ReplyDeleteමම පමා උනා.උන්නෙ නෑනෙ..හ්ම්ම්ම්ම්ම්! හොඳ කතාවක්..
ReplyDelete@වකා - WAKA :
ReplyDeleteඅනේද කියන්නේ නංගි.
@රාජ් :
මම ඔය ටික නම් අහලා තිබුන් නෑ අයියෙ
@මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ :
හ්ම්.. ඒක තමයි.
@Kathandara Karaya :
සුළු මොහොතක් උනාට කොහොමද සනීපේ.
@සමනළී :
ReplyDeleteඒක තමයි සමනලී.
@තරුරසී :
අක්කගේ කතාවෙන් මට හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙනවා.
@පැතුම් [සිතුම් පැතුම්] :
ඔන්න පහල අනෝ කෙනෙක් ඒ තෙරණියගේ නම දාලා තියෙනවා.
@මඩිස්සලේ නිශාන් :
ඒක නේන්නන්.:)
@තරියා :
මාත් එහෙම තමා. ඩේට සෑහෙන්න නාස්ති වෙනවා.
@DDT :
ඔය ගැන හොයලා බලන්න වටිනවා. කළු උනාට ලස්සන කෙල්ලෝ ඉන්නවා නෙව
@Nipuna Senanayake :
කාලේ වෙනස් උනාට මිනිස්සු වෙනස් වෙලා නෑ.
@රූ.... :
මහන්සි වෙච්ච වෙලාවට හිත නිවා ගන්නේ බණ අහලා.
@ඉන්ද්‍රජිත් :
ReplyDeleteමලයගේ අළුත් බ්ලොග් එකේ ලින්ක් එක දේ ?
@සයුරි :
මාත් එහෙමයි සයුරි අක්කේ.
@Podi Kumarihami :
හිතන්ඩ දෙයක් නෑ පොඩ්ඩි. ඔන්න ඔහේ නිකන් නේ දෙන්නේ ගන්ඩ. හික්ස් :)
විහිළු හොඳේ.
@Chandana :
මාත් එහෙමයි මචං
@ගෝල්ඩ් ෆිෂ් :
ඒක හරි අයියේ.
@හිතුවක්කාරි :
මමත් එදා බණ ඇහුවමයි මේ කතාව ඇහුවේ.
@Anonymous :
ස්තුතියි ඇනෝ. !
@තරුවා :
හ්ම්..හ්ම්.. හ්ම්.. :)
@සිරාගෙ කාමරේ :
කියවලා සිත පහදවා ගත් සත්ගුනවත් සිරාට ස්තුතියි ඈ..
@sAm (සෑම්) :
උඹලා මාව මහණ කරන්ඩද යන්නේ..
@දයානන්ද රත්නායක :
ReplyDeleteඒ කතාව නම් ඇත්ත අයියේ. ඒ කාලෙත් ඔහොම නම් මේ කාගේ ගැන කවර කතා ද.
@Dinesh :
ඒක නම් සහතික ඇත්ත.
@දිනුක :
ඒ කාලේ හොඳට තිබ්බ සිස්ටම් එක මේ කාලේ අවුල් ගිහින් ද දන්නේ නෑ. මම් හිතන්නේ මේන්ටේනන්ස් අවුලක් !
@මධූ :
බුදු බණ සර්වකාලීනයි.
@ළිහිණි :
පමා වෙලා හරි ආපු එක ලොකු දෙයක් ලිහිණි ! :)
තමන්ට විඳවන්න වෙනව කියල දැන දැනත් මිනිස්සු කොච්චර නරක වැඩ කරනවද . හොඳ කතාවක් මල්ලී .
ReplyDelete//..ඊට පස්සේ මේ කුමාරයා තමන්ගේ සිතැඟි ඉටු කරගත්තා කියන ජයග්‍රාහි හැඟීමෙන් කුටියෙන් එලියට එනවා....//
ReplyDeleteමට මතක විදිහට නම් ඒ කුමාරයාට කුටියෙන් එළියට එන්නවත් ලැබෙන්නේ නැහැ. වැඩේ ඉවර වෙලා ඇඳෙන් බිමට පය තිබ්බ ගමන් පොළොව පලාගෙන අපායේ ගියා කියලා තමා කියන්නේ.
දහමට නැඹුරු වෙන එක නම් හොඳ දෙයක් අයියණ්ඩි. ඒ වගේමයි දහම් කතා කියාදෙන එක තවත් හොඳයි :)
කරන කලට පව් මිහිරිය මී සේ
ReplyDeleteවිඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
ඉස්සර ඉදන් ඔහොම කවි පද තිබුණෙ නිකමට නෙමෙයිනෙ...මේ මොහොත ගැන හිතල කරන දේවලින් පසුව විඳවන්න වෙයි..
හොඳ සිතුවිල්ලක් බෙදා ගත්තට ස්තුතියි මධුරංග...
හ්ම්ම් එන්නනම් පමා උනා අද පව් කරන ය එක පවක් කියල හිතන්නේ නැහැනේ. විඳවන කොට තමයි රඟේ තේරෙන්න
ReplyDeleteසියලු සත්වයෝ අනුමෝදන් වෙත්වා!
ReplyDeleteඅනිවර්යෙන් කල කම් ඵල දෙනවා.අගය කරමි ඔබට ඇසුණු දේ අපට කීම පිළිබඳව.
http://manasindiviyata.blogspot.com/
ඔන්න අපිත් ඇවිල්ලා ගියා
ReplyDeleteඅනේ මන්දා මේ කාලේ නිරය ෆුල් ලෝඩ් වෙලා ඇත්තේ. එකනේ ඔය මේ ටිකේ බලු වැඩ කරන එවුන් පොලව පලාගන තියා ඇඳක් කඩාගෙන වත් වැටෙන්නේ නැත්තේ..
ReplyDeleteමාත් මේ කතාව අහල තියෙනවා අයියා... කොහොම වෙතත් නොදන්නා අයට දැනගන්න මේ කතා ලිව්ව එක නම් හොඳයි..
ReplyDelete// සුළු මොහොතක සැනසීමකට මිනිස්සු කොයි තරම් නම් ජරා වැඩ කරනවද
ReplyDeleteසහතිකව ම කකුළුවා නටන්නේ වතුර හැළිය නටනකල් විතරයිනේ!!!
@පොඩ්ඩි අක්කා,
ReplyDeleteඇස් උගුලලා දුන්නෙ උප්පලවණ්ණා නෙවෙයි සුබා තෙරණිය.මුළු කතාවම ඕනැ නම් තේරි ගාථා කියවන්නකො.
@මධුරංග අය්යා,
බෞද්ධ දර්ශනයට කැමතියි නම් ත්‍රිපිටකය හොයාගෙන කියවන්න.නෙට් එකෙන් සොයාගන්න පුළුවන්නෙ.එතකොටනෙ නියම බුද්ධ ධර්මය දැනගන්න ලැබෙන්නෙ.මොකද ඔය ගුවන්විදුලියෙ යන සමහර බණවලට කිසි පදනමක් නැහැ.
සුබා තෙරනියයි උත්පලවන්නා දෙන්නම එක්කෙනෙක් ද?
ReplyDelete