31 October 2012

චොකලට් ප්‍රශ්නයක්

පහුගිය දවස් ටිකේ විභාගයක් හන්දා අතුරුදහන් වෙලා හිටපු නිසා හුඟ දවසකින් බ්ලොග් එක දිහෑ ඇහැක් ඇරලා බැලුවේ නෑ. විභාගේ නම් ඉවරයි. ඒත් කම්මැලිකම ඉහටත් උඩින් තිබ්බ නිසා කිසිම දෙයක් ලියන්න හිතුනේ නෑ..

ඊයේ සෑමා මතක් කරපු නිසා ආයෙම මොනාහරි බ්ලොග් එකේ කුරුටු ගාන්න ඕන කියලා හිතුනා. ඒත් ලියන්න කිසිම දෙයක් හිතේ නෑ. ඔන්න එතකොට තමා අපේ වැඩපොලේ කට්ටියක් චොක්ලට් ප්‍රශ්නයක් ඇදලා ගත්තේ.

ප්‍රශ්නය කෙටියෙන්ම මේකයි. !

ඔන්න එකෝමත් එක පොඩි කොල්ලෙක් රුපියල් 15කුත් අරගෙන කඩේකට යනවා චොක්ලට් ගේන්ඩ. චොක්ලට් එකක් රුපියලයි ලූ.
(අර ඊයම් කොළ වල ඔතපු හින්නිකිතර චොකලට් කෑලි කියලා හිතමු.)
ඉතින් මේ කොල්ලා චොක්ලට් ගේන්ඩ ගිය දවසේ ඒ චොක්ලට් වර්ගය ජනප්‍රිය කරවීමේ අරමුණෙන් චොක්ලට් කොළ 3කට එක චොක්ලට් එකක් නොමිලේ දෙන ප්‍රචාරණ වැඩසටහනකුත් තිබ්බ දවසක් ලූ.

රුපියල් 15ක් අරගෙන කඩේට ගිය කොල්ලට කොච්චර චොක්ලට් ප්‍රමාණයක් ගන්න පුලුවන් උනාද ?


එහෙනම් දන්න දන්න කට්ටිය පහලින් උත්තරේ කොටලා යන්න. උත්තරේත් එක්කම ක්‍රමේත් ලියලා යනවා නම් තමා හොඳ.

කට්ටියටම සුබ දවසක් !

ප.ලි. - හැමෝටම අවස්ථාවක් දෙන්ඩ ඕන නිසා කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ.. :)

63 දෙනෙක් අදහස් පලකලා .:

cjgayan said...

15 + 5 + 1 + 1 = 22

Mee Godayaa said...

22

bingo said...

22

Chandana said...

මුලින්ම චොකලට් 15 ගන්නවා.
ඒ කොළ ටික දීලා තව 5 ක් ගන්නවා.
එකෙන් තුනක් දීලා තව 1 ක් ගන්නවා.
අන්තිමට ඉතුරු කොළ 3 දීලා තව එකක් ගන්නවා
එතකොට 22යි.
හැබැයි කොල්ලා වෙන ජිල්මාට් එකක් දාලා වැඩියෙන් ගත්තද කියන්න බෑ :)

Sanjaya සිතුවිලි said...

ටොපි 20 අරගෙන = 15 + 15/3 = 20 හරිද

Anonymous said...

He can buy 22 chocolates.

Anonymous said...

He can buy 22 chocolates!!!

රාජ් said...

22

Sapumal said...

21

සිත්තමී said...

ඕන් මධූ අයියේ කෑලි 22 ගන්න පුළුවන් ඕක විස්තර කරන්න තමා සිත්තමීට බැරි...

ඕන් ඉස්සෙල්ලම 15ක් ගන්නවා ඒ පහලවේම කොල දීල තව 5ක් ගන්නවා ඒ 5න් කොල 2ක් ඉතුරු කරන් කොල 3ක් දීල තව එකක් ගන්නවා අළුතින් ගත්ත කොලෙයි ඉතුරු කොල 2 දීල තව එකක් ගන්නවා...වැඩේ ගොඩ...

කොල නැතුව චොකලට් 22 ක් අරන් යනවා..

Podi Kumarihami said...

මට දැන් ගනන් හදන්ට බෑ මේ වෙලාවේ. මට බඩගිනී...:D

Asanka Udara said...

15/3=5

5%3=1

2+1--->1

Total:15+5+1+1=22

සරත් ලංකාප්‍රිය said...

චොකලට් පහලොවයි.. ඒවත් අරන් ඌ ගෙදර ගියා. ඌ ආවෙ චොකලට් කන්න නෙවෙයි ගෙනියන්නනෙ. ඔන්න කෑවානම් වෙන ගනනක් වෙන්නතිබුන.

බට්ටි said...

චොකලට් කියපු ගමන් මම දුවගෙන ආවේ උත්තරේ කියලා චොකලට් කන්න..ඔන්න මාමේ මම දිනුවොත් මට චොකෝඑක්ක ඕනි.
උත්තරේ 22

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

චොකෝ 21ක් ගන්න පුලුවන් මන් හිතන්නේ..

සාතන් said...

23

දුෂාන් said...

20

සාතන් said...

22

සමනළී said...

ඔක්කොම චොක්ලට් 22යි.

ගෙනියන රු.15 න් චොක්ලට් 15 ගන්නවා.
ඒ චොක්ලට් 15 කොළ ටික දුන්නම තව චොක්ලට් 5ක් හම්බ වෙනවා.(කොල 3කට 1ක චොක්ලට් එකක් ලබෙනවනේ )
එතකොට චොක්ලට් 20 යි.
අළුතින් ලැබුන චොක්ලට් 5 හෙන් කොල 3ක් දුන්නම තව 1ක චොක්ලට් එකක් ලැබෙනවා.
ඒකත් එක්ක 21 යි.
චොක්ලට් කොල 5න් 3යිනෙ දුන්නේ.තව 2කක් ඉතුරුනේ.ඒ කොළ 2කයි අළුත් චොක්ලට් කොලෙයි දුන්නම තව 1කක් ලැබෙනව.
එතකොට ඔක්කොම 22යි.

ලහිරු said...

22 ක්
…රු 15 ට චොකෝ 15යි. දවටන 15ට 5යි. ඒ දවටන 5ට එකයි, ඒකේ දවටනයයි ඉතුරු දවටන දෙකටයි තවත් එකක්. ඔක්කොම 22ක්!

Nimal (Desertfrog) said...

22 Total
1 බැගින් 15 = 15
3 ඒවා 5 = 5
එයින් කොල 3 1
ඉතිරි 2
අන්තිමට ලැබුන 1 = 1
22 Total

හිරුහිමාවී said...

20 දෝ????????????????????????????

දූපත් වැසියා said...

22 යි.
මුලින් 3ක් ගන්නව. කොළ 3 න් තව එකක් ගන්නව. සල්ලි දීල තව 2ක් අරගෙන ඒ කොළ 2යි අර කොලයයි කොළ 3න් තව එකක් ගන්නව. තව 2ක් අරන් ඒ කොළ තුනෙන් තව එකක්... ඔන්න ඔහොම 15 ඉවර වෙනකම් අදිනව.
ඒ විදිය කම්ප්ලෙක්ස් නම්, මුලින්ම 15වේ චොකලට් 15ක් ගන්නව. මුල් තුන කාල එකක් ගන්නව. ඒගත්ත එකට තව කොළ ක් අර මුල් 15න් දාල තව එකක්. ඒක කාල තව ඉතුරු කොළ 2ක් සමග තවත් එකක්...
ක්‍රම 2ක් ම කීව,, තෑග්ගක් ඕනි.

Anonymous said...

22

මින් විසිතුරු said...

උත්තරේ 22යි.

නිදහස් වෙලාවට මාළු බලන්න මගේ ටැංකියටත් ගොඩ වෙන්න.
මෙන්න ඒකට පාර
http://malutankiya.blogspot.com/

හිරු said...

ගනං බෑ බං...

nishuoc said...

22

සිරාගෙ කාමරේ said...

ඉස්සෙල්ලාම රුපියල බැගින් 15
දවටන 3 බැගින් දීලා 5
ඒවායෙනුත් දවටන 3ක් ආයෙත් දීලා 1


පිළිතුර 21

Anonymous said...

49

Anonymous said...

17

Nipuna Senanayake said...

හි හී බලන වේලාව දී මා හට වෙනත් ප්‍රශ්නයක් ඇතිවුණි!!
අයියෝ හැමතැනම ප්‍රශ්ණ නෙව?
හි හී

ශම්මි said...

චොකලට් එකක් රුපියලයි
රුපියල් 15ට = චොකලට් 15යි
චොකලට් 15ට චොකලට් කොල 15යි

................................
චොකලට් කොල 3ට චොකලට් එකක් දෙනවා කිව්වනේ

චොකලට් කොල 15 තුනෙන් බෙදුවම 5යි
..............................

කොල 3 ගොඩවල් 5ක් තියනවා.එතකොට ඒ චොකලට් කොල ටිකට තව චොකලට් 5ක් ගන්න පුළුවන්.

...........................

මෙතන 5යි + කලින් චොකලට් 15යි = 20 යි
.............................

හරිද මන්දා,ඔන්න අදමයි ආවේ..
ජය වේවා!!

Anonymous said...

okkoma chocolate 22k kanna puluawan neda?mulinma 3k gannawa eeta passe ara free hambena ekata hamawathawakama thawa choc,2k gaththanam hari me widiyata 15 iwaraweddi choco 22k kanna puluwan

තරුවා said...

සික් කමෙන්ට් මොකද්ද එකක් කල එකනම් හලිම කුජීතයි ඈ....අපි වගේ අසරණ හුදී ජනයා සෝ තැවුලට පත්ව ප්‍රීතියෙන් පිනා යනවනේ අෆ්ෆා.....මම එහෙම ගියානම් චොකලට් 25ක් විතර අරන් එන්නේ....කොහොමද අහන්න එපා...

Zunera said...

මුලින් ගත්ත 15 වයි. එකට 3කට 1 ගානේ බෝනස් හම්බවෙන 5යි, ඒ 5න් 3කට 1යි. ඒ කොලෙයි අර 5න් ඉතුරු කොල දෙකටයි හම්බවෙන එකයි. ඔක්කොම 15+5+1+1=22 :)

ඉන්ද්‍රජිත් said...

21

දිනුක said...

22යි නේද බොලේ.15ක් ගත්තම ඌට ඒ කොළ ටික දීලා තව 5ක් ගත්තෑකි.ඒ 5න් 3ක් දීලා තව එකක් ගත්තෑකි.ඒ එකයි අර 5න් ඉතුරු 2යි දීලා තව එකක් ගත්තෑකි.ඕකට චොකලට් කාලා පහුවදාට තටමද්දි තමයි තේරෙන්නේ ප්‍රොමෝෂන් එකේ තරම.

මඩිස්සලේ නිශාන් said...

හැටයි?

රූ.... said...

විසි දෙකක් පුළුවන් මම හිතන්නෙ..ඒත් ලංකාවෙ නම් මේක කරන්න ගියොත් චොකලට් කන්න වෙන්නෙ නෑ මොකද දවටපු කොල අයින් කරලා නිසා රස්නෙට චොකලට් කෑලි ටික ඔක්කොම දියවේවි..
ඒක නිසා අනිවාර්යෙන්ම කඩේට යනකොට වීදුරුවක් අරන් යන්න..එතකොට රසවත් චොකලට් බීමක් හදාගන්න පුළුවන්..!!

~Víðõõ~ said...

22ක්. මුලින්ම 15ක් ගන්නව. ඒ කොළ වලට 5ක් ගන්නව. ඒකෙනුත් කොළ 3ක් දීල තව 1ක් ගන්නව. දැන් අළුත් කොළෙයි කලින් ඉතිරි කොළ 2යි දීල තව 1ක් ගන්නව.(දැන් ඉතින් මේ කොළේටත් චොකලට් 1/3 ක් ඉල්ලල බලනව. සමහර විට කොලේ ගලවන් චොකලට් 1ක් දේවි)

Anonymous said...

mulin 9k gattha eke kola 9 rupiyal 6 dila tawa 9 gatta eken tawa 3k gatta e kola 3 tawa 1 gatta okkama -9+9+3+1=22

DDT said...

ඉතිං බං ඌ 15 ම චොකලට් ගත්තද එකක් දෙකක් අරන් නිකන් හිටියද කියල කියල නෑනේ.

මොකුත් නැතුව නිකං අංක ගණිතයෙන් වගේ හිතුවොත් 22 ක් වගේ නේද?

sAm (සෑම්) said...

එකක් රුපියල ගානේ රුපියල් 15ට චොකෝ 15යි

කොළ තුන බැගින් එකතු කරලා තව 5යි

ඒ පහෙනුත් තව කොළ තුනකින් තව 1ක් පුලුවං.

15+5+1=21යි. ද??

සයුරි said...

ඔය කොලුවා එතන ඉඳගෙනම චොකලට් කනවා කියලා හිතලා මෙහෙම හිතමු.

මුලින්ම චොකලට් 15 ක් ගන්නවා රු. 15 න්. ඊට පස්සේ ඒවා කනවා. එතකොට කොළ 15 ක් තියනවා අතේ.
ඒ ටික දීලා තව චොකලට් 5 ක් ගන්නවා. ඒ ටිකත් කාලා එයින් කොළ 3 ක් දීලා තව එකක් ගන්නවා. ඒකත් කාලා ඒ කොලෙයි කලින් 5 න් ඉතුරු 2 යි දාලා තව එකක් ගන්නවා.

එතකොට ඔක්කොම 22 යි. හරිද?
වැඩිය කල්පනා කොරන්න වෙලා නෑ අනේ. මතුපිටින් බැලුවම පේන්නේ මෙහෙමයි. ඉතින් ඒක ලියලා දැම්ම :)

සිත්තරාවි .... said...

චොක්ලට් 1ක් රැ.1 බැගින් රැ.15ට චොක්ලට් =15
චොක්ලට් 3කට 1 බැගින් 15කට =05
ඒ 5නුත් 3කට තව චොක්ලට් =01
ඒ 1යි අර 5න් ඉතිරි 2ටයි තව =01
රැ.15ට හම්බ උන ඔක්කොම චොක්ලට් =22

හරි නේද කිව්වා..

Maneka said...

උත්තරේ 22 යි!
15 +5 +1+1 =22
මුළින්ම රු 15ට චොකො 15යි. කොල 3 ගානේ දුන්නම තව5ක් ගත්තෑකි.. ඒ කොල 5න් 3කට තව 1ක් ගත්තා..(කොල 2ක් ඉතුරුයි) දැන් ගත්ත චොකො එකේ කොලයයි කළින් ඉතුරු වෙච්ච කොල 2ත් එක්ක තව චොකො 1ක් ගත්තා! ඔක්කොම 22යි!

boo pale said...

RS:15 -> Choco 15
kola 15/3 -> choco 5
kola 5/3 -> choco 1 kola 2
kola 3/3 -> choco 1
Choco 22

Dinesh said...

කට්ටිය උත්තරේ දීලනේ... :)

Nimal (Desertfrog) said...

කෝ හරි උත්තරේ දාන්නෙ නැද්ද?

පැතුම් [සිතුම් පැතුම්] said...

මේ කොල්ලා ටොපි 22 ගත්තයි කියන්නේ කමෙන්ට් කරලා තියන අය. මම නම් කියන්නේ කොල්ලා මුදලාලිට දෙකක් දීලා ටොපි බෝතලේම පැහැරගෙන යන්න ඇති කියලා. බෝතලේ ටොපි කීයක් තිබ්බද දන්නේ නෑ.

මධූ said...

උත්තරේ නම් 22යි අයියෙ. හැබැයි ඉතින් අර කිවුවත් වගේ මුදලාලිට දෙකක් ඇනල එහෙම නම් ඉතින් එයාගෙන්ම තමා අහන්න වෙන්නෙ. හී. හී.....

අටම්පහුර said...

දන් නැ අයියෝ

දයානන්ද රත්නායක said...

චොකලට් 15 ගන්නවා.
ඒ කොළ ටික දීලා තව 5 ක් ගන්නවා.
එකෙන් තුනක් දීලා තව 1 ක් ගන්නවා.
අන්තිමට ඉතුරු කොළ 3 දීලා තව එකක් ගන්නවා
එතකොට 22යි.
මේතරම් චොක්ලට් කාලා මූට දියවැඩියාව හැදෙයිද මංදා..

හිතුවක්කාරි said...

අෆ්ෆා.... මම ප්‍රමාදයිනෙ...

Alexander Cage said...

අප්පේ.. කොළ දුන්නොත් 22. ඒත් මූ ඒවා අරගෙන ගෙදර දිව්වද කවුද දන්නේ?

අසරණයා said...

40 යි. හා පුලුවන්නම් කියපන් බලන්න මගේ උත්තරේ වැරදිද කියලා?

Ice (අයේෂා කුලතුංග) said...

මම මේ සැරේ ගොඩාක් පරක්කුයි වගේ...... :(

Gayani Wedage said...

දැන් ඉතිං කියලා වැඩක් නැ.
http://manasindiviyata.blogspot.com/

මධුරංග said...

@cjgayan :
උත්තරෙ හරි.

@Mee Godayaa :
උබත් හරි මචං

@bingo :
හරි

@Chandana :
ක්‍රමෙත් එක්කම උත්තරේ හරි.

@Sanjaya සිතුවිලි :
හරි නෑ.

@Anonymous 1 :
උත්තරේ හරි.

@රාජ් :
ඔබත් හරි.

@Sapumal :
උත්තරේ ගාවටම ඇවිල්ලා.

@සිත්තමී :
සිත්තමි නංගි දක්ෂයි නෙව.උත්තරේ හරි

@Podi Kumarihami :
මහ පෙරේතියක් නෙව. හික්ස් :)

@Asanka Udara :
කාලේකට පස්සේ... උත්තරේ නම් හරි මචං

මධුරංග said...

@සරත් ලංකාප්‍රිය:
මේකව නම් අදහන්න වටින මනුස්සයෙක්.හික්ස් :)

@බට්ටි :
ඔයා දිනුම් නෑ. උඩ මාමලා ටික විතරයි දිනුම්. ඔයා උත්තරේ දුන්නේ පරක්කු වෙලා.

@මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ :
නෑ වැරදියි.

@සාතන් :
දෙවෙනි වතාවේ උත්තරය හරි !

@දුෂාන් :
වැරදියි

@සමනළී :
උත්තරෙයි ක්‍රමෙයි දෙකම හරි සමනලී. ඒ වගේම මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

@ලහිරු :
උත්තරේ හරි මචං.

@Nimal (Desertfrog) :
අම්මෝ සෑහෙන කාලෙකින්. මේ මගේ පරණ බැචෙක් නෙව. උත්තරේ නම් හරි.

@හිරුහිමාවී :
වැරදියෝ.....

@දූපත් වැසියා :
උත්තරෙයි පැහැදිලි කිරීමයි දෙකම හරි.

බට්ටි said...

මාමලාට චොකෝ කන්න හොදනෑ කියලා මේ මාමා දන්නෙ නැද්ද ආ..
ඒක නිසා මට ඕනි...

දිනිති දීපිකා said...

අන්තිමටනෙ මං ආවෙ...මට කියන්න කිසි දෙයක් ඉතුරුවෙලා නැහැනෙ....

ප්‍රාර්ථනා said...

හී... මම නම් උත්තරේ දන්න නිසා අයියා හරි කියනකන් උත්තරේ දැම්මේ නෑ.... :P ;)

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.