07 September 2012

අළු මතින් බලයට....

අතීත රජ දවස මතට ලොල් වෙච්ච සල්ලාල රජෙක් ලක්දිව පාලනය කරපු යුගයක් තිබුනා. දවස පුරාම මධුවිතෙන් මත් වෙච්ච මේ රජතුමා ගැන රටවැසියන් හිටියේ බලවත් කනස්සල්ලකින් ! කොටින්ම මේ රජතුමා රට පාලනය කළ විදිහ ගැන රසවැසියෝ ජීවත් උනේ එච්චර හිත හොඳකමකින් නම් නෙමෙයි !

රටවැසියෝ උනත් මේ රජතුමාව හැඳින්වුවේ රූකඩ රජෙක් හැටියට !

මේ රූකඩ රජාව බලයෙන් පහ කරලා ධාර්මිෂ්ට පාලනයක් ඇති කරන්ඩ මාන බලාගෙන හිටපු, රූකඩ රජතුමාගේ රූපයට හැම අතින්ම සමාන දොරටුපාලකයෙක් මේ රජතුමාට හිටියා. ඉතින් මේ දොරටුපාලකයා තමන්ගේ සේනා සංවිධානය කලා රූකඩ රජා ගේ පාලනයට එරෙහිව !

නමුත් එක දවසක් මේ රූකඩ රජාට හිතුනා දොරටුපාලකයා වෙලා බලන්ඩ. ඉතින් මේ රූකඩ රජා දොරටු පාලකයාව කැදවලා දෙන්නගේම රාජකාරි මාරු කරගන්නවා. රජා දොරටුපාලකයා වෙනවා ! දොරටුපාලකයා රජ වෙනවා !

දොරටු පාලකයා රජ වෙච්ච හැටියෙම රූකඩ රජාගේ හිස ගසා දමනවා. !!!

ඊට පස්සේ ඉබේටම වගේ දොරටුපාලකයාට රජකම හිමි වෙනවා. නමුත් ධාර්මිකව රට පාලනය කරන්න හිතාගෙන හිටපු දොරටු පාලකයා කාලය ගත වෙනවත් එක්කම රූකඩ රජා වගේ මතට ලොල් වෙච්ච සල්ලාල රජෙක් බවට පත් වෙනවා !!!!

මේ රූකඩ රජායි දොරටුපාලකයයි හිටියේ සයිමන් නවගත්තේගම මහත්තයාගේ සුබ සහ යස වේදිකා නාට්ටියේ !

අද උදෙන්ම මේ කතාව මතක් වෙන්ඩ ප්‍රධානම හේතුව උනේ තමන්ගේ පියාට වෙච්ච අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරන්ඩ නැගී හිටපු වීර දියණිය
ක් පියාගේ අළු මතින් රජකමට යන්ඩ සූදානම් වෙච්ච සතුටුදායක ප්‍රවෘත්තිය ඇහුනමත් එක්කම !

එදා අයුක්තියට
රෙහිව කතා කරපු දූ කුමාරිය අද  හිටු කියලා කියලා දෑත් ශක්තිමත් කරනවා.... ඉතින් ඒ දුවට (මට නම් නංගි වෙන්ටෑ) වගේම රටවැසියෝ වෙච්ච අපටත් මතක් වෙන්ඩ කියලා මේ කතාව පෝස්ට් කරන්න හිතුනා.

කමක් නෑ දූ..... උබ උබේ ගමන යමන් !  උබලෑ තාත්තා අහිතක් හිතන එකක් නෑ.. ඉන්න තැනකින් උබට සුබ පතාවි....මොකද දෙමවුපියෝ කවදත් බලන්නේ තමන්ගේ දරුවන්ට හොදක් කරන්ඩම නේ !!! ඒ නිසා උබ, උබේ ඉදිරි ගමන පලයන් !

තාත්තගේ අළු ටික කෑ ගහලා උබගේ ජයග්‍රහණයට සුබ පතාවි !!!!
සුභ අනාගතයක් !

--------------------------------------------------------------------
ප.ලි. - ඔච්චර දවස් ගානක් අළුත් කඩේ බඩගා
ලා තටමපු එකේ චුට්ටක් අපිට (රටවැසියන්ට) කිව්වා නම් මෙලහට්ටත් රජ වෙලා නෙව.... :)

40 comments:

  1. අනෙ අයියෝ ඒකනේ...
    මේ අපිට කිවුවනං රජ කරවනවනේ...
    හික්ස්...

    ReplyDelete
  2. මේ කියන්නේ "යසලාලක තිස්ස" සහ "සුභ ලාලක තිස්ස" ගැන නේද?

    ReplyDelete
  3. පහු පහු වෙනකොට කොහු කොහු වෙයිද දැන් නෑ.

    ReplyDelete
  4. දොරටුපාලයා රජ උන හැටි නම් අහලා තිබුන නොවැ.. පියාගේ අළු මතින් රජකමට යන දියණිය ගැන කතාවනේ මරු..හි හි..:D :D

    ReplyDelete
  5. "අම්මටයි මටයි තොපිද යකෝ කන්න දෙන්නේ" කියල අහයිද දන්නේ නැහැ හෙට, tv කැමරාවක් ඉස්සරහ නිල් කොට ගවුමක් ඇදගෙන උඩපැන-පැන,හැඩකාර,කටකාර,විසේකාර දුව.සමාවන්න දුව නෙමේ නංගිය.පොඩි අයට පුලුවන්ද ආඩම්බරකාර පියාගේ දෑත ශක්තිමත් කරන්න.

    ReplyDelete
  6. ලංකාවේ දේශපාලනයේ ඔය වගේ සිදුවීම් අරුමයක් නෙමේ....

    ReplyDelete
  7. දොරටුපාලකයාගේ කතාව අහල තිබ්බ මම. අළු මතින් නැගිටින්න හදන්නේ අර අරයද මධුරංග අයියේ ?

    ReplyDelete
  8. අපේ පාර්ලිමේන්තුව දැං හැඩ ගෑනුංගෙං පිරී ඇත.අනේ අපිටත් නිකං බලන්ඩවත් යන්ඩ තියේනං.ඔක්කොම නාමල්ටනේ.අරූට ඉතිං ඕක කොරගන්න හැටිත් මතක නැතුව ඇතිනේ.....!!

    ReplyDelete
  9. හාපෝ...තාත්තලා දූලා කවුරු කොහොම ආවත් එකම දේනෙ වෙන්නෙ..වෙනසක් නෑ

    ReplyDelete
  10. උඹේ නංගි නෙවෙයි අක්කා. අපේ සහෝදරී....

    ReplyDelete
  11. හනේ මටත් ආවා ඔය ආරංචිය...

    "මට මුකුත් මතකම නෑ" කියලා කිව්වලු නේද?

    ReplyDelete
  12. ග්‍රීක කතා වලිං ලාංකික කතා වලට මාරු වෙලා...අවුලක් නෑ රසය අඩු නැතිව තියෙනවා....

    ReplyDelete
  13. කණවැන්දුම් ගෑණුයි අනාථ දරුවොයි, පාර්ලිමේන්තුව අනාථ මඩමක් වෙලා.

    ReplyDelete
  14. ලංකාවේ.. අපේ ලංකාවේ...

    ReplyDelete
  15. දේශපාලනේ කියන එක කාටවත් තේරෙන දෙයක් නෙමේ...:)

    ReplyDelete
  16. මේක වේදිකා නාට්‍යයක් නෙවෙයි. ලංකා ඉතිහාසයේ රාජාවලියේ ඔය රජවරු දෙන්නම ඉන්නව මට මතක විදිහට

    ReplyDelete
  17. චියර්ස් අයියේ... සුභ අනාගතයක්...!!

    ReplyDelete
  18. රට යන අත තමයි ඉතින්....

    ReplyDelete
  19. මේක ලංකාවනේ... අනික මේ ලංකාවේ දේශපාලනේ නේ.. ඉතින් තවත් කවර කතාද

    ReplyDelete
  20. මෙහෙම ලියවුන එක හොඳයි..:)
    කොහොමත් මම කැමතියිනේ ඔය වගේ කතා වලට :)

    ReplyDelete
  21. අන්තිමට නිරුහිකා කුජීත තැනට වැටුනා කොහොමහරි

    ReplyDelete
  22. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ^_^

    ReplyDelete
  23. හිරුනිකා පව්. තමන්ගේ තාත්ත අර විදියට මැරුණාම ඕන කෙනෙකුට දුකයි. නමුත්, එයා සත්‍ය තේරුම් ගත්තේ නෑ...

    ReplyDelete
  24. මොනවත් නොකියමි.. :)

    ReplyDelete
  25. අපි නම් හැරෙනකොට දන්නවා ෆුල් මේක් අප් පිටින් පාරට බහිනකොට මේ ඇඩ්වටයිසිං කැම්පේන් එකක් කියලා...

    ReplyDelete
  26. මේ ගැන සුපිරිම කමෙන්ටුවක් මාරයාගේ පෝස්ට් එකේ දාලා තිබ්බා මාලන් කියල සහෘදයෙක්. මෙන්න මෙතනින් යන්න පුලුවන් ඒ කමෙන්ට් එකට.

    ReplyDelete
  27. @තරියා අබේ :
    ඒක නේන්නම් නෙහ් ? අපට ඉතින් කොහෙද එහෙම අතු..

    @Kathandara Karaya :
    අන්න හරි කතන්දර මහත්තයෝ..

    @මධූ :
    අපොයි ඒක නම් ෂුවර් ඇන්ඩ් ෂොට් !!
    කොහු වෙලා නතර උනොත් මදෑ..

    ReplyDelete
  28. @රෙහානි :
    දුවගේ කතාව තමා කතාව !
    අනිත් එක නම් මොකද්ද ඉතින් නෙහ්.. :)

    @තරුවා :
    මොකෝ ඔබතුමා බස්සෙක් වෙලා ය... :)

    @Kenji. Japan :
    හික්ස් :)
    ශක්තිමත් කරන එවුවත් ඇති නෙහ්... :)
    කමෙන්ට් එක නම් පට්ට...

    ReplyDelete
  29. @Hasitha :
    මේකි බලයට ආවත් ඒකත් අරුමයක් නෙමේ මලේ.. :)

    @පැතුම් [සිතුම් පැතුම්] :
    ඔවු ඔවු ඒ දුව තමා..
    මතකයි නේ අර සුදු කෙල්ල !

    @දිනුක :
    හම්බන්තොටත් වරායක් ඇරපු එකේ මේ වරාය නම් මොකද්ද ඉතින් නෙහ්... :)

    ReplyDelete
  30. @ළිහිණි :
    ඒක හරි.. කවුරු ආවත් ඕක තමයි වෙන්නේ.. :)

    @මඩිස්සලේ නිශාන් :
    ඒක නේන්නම්.... :)

    @prasanna86k :
    අපරාදේ නෙහ්... !!!

    ReplyDelete
  31. @සයුරි :
    ඒක නේන්නම් නෙහ්... :)

    @ඉන්ද්‍රජිත් :
    ස්තුතියි මලේ.. ආයෙම ග්‍රීක කතා වලට බහින්ඩ කියලා ඉන්නේ..
    රැඳී සිටින්න අප සමගම...

    @malmi :
    අපොයි ඔවු අක්කේ.. අනාත නිවාසයක් වගේ !

    ReplyDelete
  32. @Dinesh :
    අපටත් ලඟදිම කොහේ හරි රටක් හොයාගන්ඩ වෙයි වගේ !

    @Podi Kumarihami :
    හ්ම්..හ්ම්.. මොනවා නම් කියන්ඩද අක්කේ.. :)

    @Chanaka Aruna Munasinghe :
    ඔය නාට්ටිය අපේ වලේ පෙන්නපු දවස්වල තිබ්බ මතකයෙන් ලිව්වේ.. :)

    ReplyDelete
  33. @....ජනියා.... :
    ඔලුවෙන් කොම්බුත් විසික්කා උනා. අර මක්කටද චියර්ස් කිව්වේ ?

    @සිතුවිලි සිතූ :
    ඒක නම් එහෙම තමයි ඉතින් !

    @අකීකරු හිත :
    ඔය දෙකම ගැන හිතුනම ආයේ අමුත්තකුත් හිතන්ඩ දේකුත් නෑ.. :)

    ReplyDelete
  34. @හිරුහිමාවී :
    ඔයා කතන්දර වලට ආසයි නෙහ්..
    ලියන්නම් එහෙනම්... :)

    @අවතාර් :
    ඒක නේන්නම්...

    @අඩවි රජ :
    අද නෝ කමෙන්ට්ස් වගේ..

    ReplyDelete
  35. @මාතලන් :
    ඒ කතාව නම් ඇත්ත..
    තාත්තට එහෙම වෙච්ච එක ගැන දුකයි තමා.ඒත් කලයුත්ත ඒක නෙමේ නෙව.

    @Pramudi :
    කියන්ඩ එපා ! කියන්ඩ එපා !

    @සිරාගෙ කාමරේ :
    ඒක නෙමේ අර පබා වගේ.. මේකිත් අපේ ගම්පහට පනීද මන්දා.. අයියෝ ගම්පහ !!

    ReplyDelete
  36. @Alexander Cage :
    සබැඳියට ස්තුතියි... ගිහින්ම බලන්නම්.. :)

    ReplyDelete
  37. ++++++++++++++++++

    මරු.... :))))))

    ReplyDelete
  38. හිහි... ඔහොම තමා කවුරුත් අන්තිමට..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.