03 September 2012

සම්ප්‍රදාය

කාලෙකට පස්සේ පුංචි පහේ දේශනයක් අහන්ඩ ලැබුනා. ඒ දේශනයේ කියවුනේ සම්ප්‍රදායන් ගැන. දේශකයා තමන්ගේ දේශනය මුලින්ම පටන් ගත්තේ ප්‍රශ්න කිහිපයකින්.

ඒ ප්‍රශ්න තමයි,

ඇයි අඟහරුවාදයි සිකුරාදයි මිනි වළලන්ඩ හොඳ නැත්තේ ?
ඇයි ඒ දවස්වලට නාන්ඩත් හොඳ නැත්තේ ?
ඇයි අඩු මාස වල (පෙබරවාරි හෝ දින තිහක් තියෙන මාස) වල විවහා උත්සව ගන්නේ නැත්තේ ?

ඔය වගේ ප්‍රශ්න කිහිපයකින් තමයි දේශනය පටන් ගත්තේ...

ගොඩක් වෙලාවට අපට මේ ප්‍රශ්න වලට හරියාකාර උත්තරයක් නෑ.. ඒ කියන්නේ මේ දේවල් තේරුමක් ඇතිව අපි දැනගෙන කරනවාට වඩා සම්ප්‍රදායිකව කරගෙන එන දේවල් නිසා අපිත් ඒවම කරනවා. ඒත් අපි හිතලා බලන්ඩ ඕනා ඒ සම්ප්‍රදායන් රැකීමෙන් අපටත් සමාජයටත් වැඩක් වෙනවද කියලා.

ඕකට හොඳම උදාහරනේ තමයි ඉන්දියාවේ තිබ්බ සතිපූජාව කියන චාරිත්‍රය... තමන්ගේ ස්වාමිපුරුෂයා මලහම බිරිඳත් ඒ සෑයටම පැනලා මැරෙන්න ඕන කියන චාරිත්‍රය.. ඇත්තටම මේ වගේ චාරිත්‍රයක් උවමනාද ? පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම දෙයකින් වැඩක් නෑ නේ ද ? ඒක නිකන්ම නිකන් සියදිවි හානිකරගැනීමක් නේද ?

 ඒ උනාට ඉන්දියාවේ වැන්දඹු කාන්තාවන්ට අත්වෙන ඉරණම දිහා බලනකොට නම් මේ සතිපූජාව කියන චාරිත්‍රය තියෙන එක දාහෙන් සම්පතක් කියලා හිතෙන්ඩ පුලුවන්...

තව උදාහරණයක් තමයි එක්තරා නබිවරයෙක්ව හිරේට නියම වෙනවා. ඊට පස්සේ ටික කාලයකින් මේ නබිවරයාගේ සිරුරේ ජලය හිඟ වීමේ රෝගී තත්වයකට පත් වෙනවා. (ඩි හයිඩ්‍රේශන්). නමුත් හිරකරුවන්ට ප්‍රමාණවත් වෙන විදිහට සීමිත ජල ප්‍රමාණයක් ලබා දෙන නිසා එහෙම වෙන්ඩ හේතුවක් ඇත්තෙම නැහැයි කියලා පාලකවරු හිතනවා.

නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒ නබිවරයා තමන්ට බොන්ඩ ලබා දෙන ජලය ටිකෙන් ආගමික වතාවත් ඉෂ්ඨ කරන එක !!! තමන්ට දීපු වතුර ටික මේ දේවල් වලට පාවිච්චි කලහම ආයේ බොන්ඩ කියලා වතුර ඉතුරු වෙයි යෑ..

 ඔය වගේම තමා සමහර මිනිස්සු සම්ප්‍රදායන්ටත් ගරු කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච මිනිස්සුත් අතීතයේ හිටියා. දේශකවරයා කියපු විදිහට ඒ වගේ කෙනෙක් තමයි 'මුල්ලා නස්රුදින් ' කියන්නේ.

දවසක් මේ මුල්ලා නස්රුදින්ට පාරේ වැටිලා තිබිලා මුද්දක් හම්බ වෙනවා. ඒ කාලයේ හැටියට තමන්ගේ නොවන දෙයක් කොහෙදිහරි හම්බ උනොත් කඩමණ්ඩියට ඇවිත් තුන් පාරක් කියන්න ඕනේ "මට මෙහෙම දෙයක් ලැබුනා. අයිතිකාරයෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න" කියලා. තුන්වෙනිපාර කිව්වටත් පස්සේ අයිතිකාරයෙක් නැත්නම් ඒ අදාල දේ ඔහුට අතියිකරගන්ඩ පුලුවන්.

නමුත් මේ නස්රුදින් ටිකක් විතර කපටි පහේ චරිතයක්... මේකාට මුද්ද අයිතිකරගන්ඩත් ඕන නමුත් සම්ප්‍රදාය කඩන්නත් බෑ..   ඉතින් මේකා කරන්නේ මහ රෑක කවුරුත් නැති වෙලාවක කඩමණ්ඩියට ඇවිත් ඇහෙන නෑහෙන ගානට 'මට මුද්දක් වැටිලා තිබිලා ලැබුනා. අයිතිකාරයෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න' කියලා කිව්වා.

 නමුත් ඈත ගෙයක ජනේලයෙන් මනුස්සයෙක් මේක දකිනවා.මේ මනුස්සයා කඩමණ්ඩියට ඇවිත් නසෘදීන්ගෙන් අහනවා "තමන් මොකද මේ මහ රෑ කඩමණ්ඩියේ කරන්නේ ?" කියලා. ඉතින් මේ නස්රුදීනුත් තමන් අතේ මුද්දක් තියෙන බව නොකියා "සම්ප්‍රදාය ඉෂ්ඨ කරන්ඩ ආවා" කියල මුද්දත් අරගෙන යන්ඩ යනවා.

 තමන්ට වැඩකට නැති සම්ප්‍රදායන් බැහැර කරන්ඩත් අවශ්‍ය කරන ම සම්ප්‍රදායන් තිබේ නම් ඒවා පිලිපදින එකත් ඔබට බාරයි.

ඔය වගේ ගොඩක් දේවල් කිව්වා... මට මතක ඔච්චරයි... :)

54 comments:

  1. සම්ප්‍රදාය රකින්න ඕන තැනුත් තියෙනවා... නැති තැනුත් තියෙනවා ...

    ReplyDelete
  2. මම නම් මට ඕන තැනදි ඕන එකක් කඩල බිඳල දානව ;)

    ReplyDelete
  3. මටත් ඔය ප්‍රශ්න ටික පොඩි කාලේ ඉදන්ම තියනවා ඇයි එහෙම නොකරන්නේ කියලා. සම්ප්‍රදාය කියනදේ ඕන තමා එත් හැමදේටම සීමාවක් හින්න ඕනේ අප්පා...උවමනා දේට විතරක් තිබ්බම ඇති නේ...:)

    ReplyDelete
  4. සිකුරාදා අඟහරුවාදා මිනී වලලන්න හොඳ නැති කතාව ගැන හසිත දවසක් ආ ගිය කතා වල ලියලා තිබුනා මතකයි..

    සම්ප්‍රදායන් ඇතිවෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත පහසු කරන්න..ඒත් දැන් නම් වෙලා තියෙන්නෙ වෙන දෙයක්..!!

    ReplyDelete
  5. සම්ප්‍රදායන් රැකීමෙත් නොරැකීමෙත් පැති දෙකක් තියෙනවා. පෞද්ගලිකව මමත් සම්ප්‍රදායන් ගරු කරන මනුස්සයෙක්. ගරු කරනවා විතරක් නෙමෙයි ඒ ඒ සම්ප්‍රදායන් ඇතිවෙන්න හේතු මොනවාද කියලා සොයන්නත් උනන්දුයි. සමහර ඒවා පිටිපස්සෙ තියෙන අර්ථය මේ වෙනකොට වියැකිලා තියෙන්නෙ පුලුවන් වගේම සමහර දේවල අපිට නොපෙනෙන සැබෑ අර්ථයක් තියෙන්න පුලුවන්..

    හැබැයි සම්ප්‍රදායන් වැඩක් නෑ අපි පොශ් අය කියලා සම්ප්‍රදා වලට ගැරහීමටත් ඒවා පිළිපදින්නන් ගැරහීම නම් මම අනුමත කරන්නේ නෑ. උදාහරණ හැටියට මලබත සම්ප්‍රදායික කෙසෙල් කොළයට නොදී නැති පොශ් කමක් පෙන්නලා බුෆේ කිරීමට නම් මම කැමති නෑ. තේරුමක් නැති වුනත් එව්වල අමුතු ලස්සනක් තියෙනවා. උදාහරණ විදිහට කෙසෙල් කොළේ බිම ඉඳගෙන කෑවා කියලා මැරෙන්නෙ නෑනෙ.

    මම නම් සම්ප්‍රදායන්ට ආසයි..

    ReplyDelete
  6. හරි වැරදි අනුව පමනක් සම්ප්‍රදායන් අනුගමනය කරන එක හොදයි...

    ReplyDelete
  7. සමහර සම්ප්‍රදායන් හදාගෙන තියෙන්නේ මිනිසුන්ගේ පහසුවට වෙන්ට ඕනි. ඔය මියගිය කෙනෙක් වලලන දවස් එහෙම. මමත් සම්ප්‍රදායන්ට ගරු කරනවා. සමහර බහුබූත ඒවට නම් නෑ ඉතින්...:)

    ReplyDelete
  8. සම්ප්‍රදාය ඔලුවට ගන්නෙ නැතුව අවශ්‍ය වෙලාවට කරල දාන එක තමා හොඳ.. උදාහරණෙකට අඟහරුවාදා සිකුරාදා මිනී වලලන එකට මැරිච්ච කෙනාගේ ලඟම අය කැමති නම් කරල දානව වගේ..

    ReplyDelete
  9. http://nethmanaya.wordpress.com/2012/07/11/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%B8%E0%B7%84%E0%B6%AD/

    ReplyDelete
  10. සම්ප්‍රදාය කියන එක බුද්ධිමත් ව පාවිච්චි කරන්නෝන දෙයක් මම හිතන්නෙ, කැපෙන ආයුධයක් වගේ. ඒකෙන් තමන්ට හානියක් කරගන්නෙ නැතුව හොඳ අතට පාවිච්චි කළා නම් හරි!!!

    ReplyDelete
  11. sampradaya neda?ane manda.....? :)

    ReplyDelete
  12. balanna ayya,ayyage issellan post ekedi madushani kiyala kenek monada kiyala tibuna.man hithanne eya mangana hariyata danne nati kenek.mokada katawath karadarayak natuwa inna mata arawage deyak kiwwane.mata ekata godak duka hithuna.mama eda hodatama aduwa.mokada mama ewage dewal walata bayai ayya.mama mewata ai comment noda inna haduwe,eth anith aya mona kiwwath mama dannawane mama kawuda kiyala eka nisa mama adahasa wenas kala.meke mage duka kiwwata sorry wenna one ayya.

    ReplyDelete
  13. බොහොමයක් සම්ප්‍රදායවල් පස්සෙන් කිසිම හරයක් නැහැ.. හරියට ඉස්සෙල්ල යන හරකා පස්සේ අනිත් හරක් යනවා වගේ ඔහේ කරනවා. මම නම් දන්නා කාලේ පටන් කලේ මට හරි කියල හිතෙන දේ.. අදත් එහෙමයි.. ලෝකය ඉදිරියට ගෙන ගියේ සම්ප්‍රදායට එරෙහිව ගිය මිනිස්සු මිස සම්ප්‍රදායික අය නොවෙයි.. බුදු පියාණන් ඒකට හොඳම උදාහරණය..

    ReplyDelete
  14. අපෝ පෝස්ට් එකක කමෙන්ට් කරන කොට අනවශ්‍ය දේවල් නොලියා ඉන්නවා නම් තමයි හොද. ඒක කාගෙත් ඇගට ගුණයි. තරහක් මරහක් තියෙනවානම් ඒක මේ වගේ තැන්වල ලියන්න එපා. අහන දකින බලන හැමෝටමයි මේ කියන්නේ. පෝස්ට් එකක් ලියන්නේ නොදන්න දේ අනික් අයට දැනගන්න සහ තමන්ගේ දැනුම තව ටිකක් වැඩි කරගන්නයි. සියල්ලෝ තේරුම් ගනිත්වා!!! සාධු සාධු සාධු!!!!

    ReplyDelete
  15. මමත් ටිකක් ඔය ගැන හිතනවා. ඒත් අනවශ්‍ය දේ බැහැර කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.

    ReplyDelete
  16. හැබැයි සම්ප්‍රදාය කියලා දෙයක් තියෙන්න ඕනේ නේද.මටනම් හිතෙන්නේ සම්ප්‍රදායක් රකින එකෙන් අනන්‍යතාවයක් ගොඩනැගෙනවා කියලා. අනන්‍යතාවයක් නැත්නම් අපි අපි කියලා අදුනගන්නේ කොහොමද ?

    ReplyDelete
  17. මොක තිබ්බත් මුලින් බුද්ධියට ඉඩ දෙන්නෝනි.


    දේශනේ අන්තිමට නින්ද ගියාද ?

    ReplyDelete
  18. ලොකු ජෝන් කියපුදේම තමයි මටත් කියන්න තියෙන්නෙ. ඒත් සම්ප්‍රදායන් විසින් අපේ අනන්‍යතාව ගොඩනැගෙනව කියල අපි හැමදේම බදාගන්නත් හොද නෑ

    ReplyDelete
  19. මට නං ඕවයෙ ගානක් නෑ. මම බැන්දෙත් පෙබරවාරි. :)

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. ඔව්....ඕවගේ ගොඩක් දේවල් එක එක්කෙනාගේ මත පදනම් කරගෙන සාම්ප්‍රදායක් විදිහට අතීතේ ඉඳන් ඇවිත් තියෙන්නේ. මම අහල තියනවා සවස මිදුල් අතුගාන්න හොඳ නෑ, නියපොතු කපන්න හොඳ නෑ, වගේ එව්වා. ඒත් ස්කොලේ යන කාලේ හම්බුන පොතක තිබුන ඒවාට හේතු. හවස මිදුල අතු ගාන්න එපා කියන්නේ ඉදලෙන් මිදුලේ වැලි පොලවේ එක එක රටා ඇඳෙන හින්ද හවස් වෙලා ගෙදරන එන මිනිස්සු ඒ රටා වලට සරපයි කියල රැවටිලා බය වෙන නිසාලු, අනික නියපොතු කපන්න එපා කියන්නේ, ඒ නියපොතු බිම දාපුහාම කකුල්වල ඇනෙන හින්දා, කළුවරට පේන්නෙත් නෑනේ, අනික පොඩි ළමයින්ගේහෙම ඇනුනාම බෙහෙත් ගන්න යන්න බෑනේ රෑ නිසා. තව ඕවගේ ගොඩක් තිබ්බ. හරියට මතක නෑ. අර මිනි වලලන්න හොඳ නැති කතාවත් තිබ්බ. මතක විදිහට ඉන්දියාවේ මිනිස්සු මරුනාම ගඟට දානවනේ මිනිය....ඉතින් ඔහොම සතියේ දවස් හතේම ඔහොම මිනි දාන්න ගියොත් මිනිස්සුන්ට නාන්න කරන්න බැරි හින්ද ඒවාට නියමිත දින වෙන් කලාලු. ඉතින් ඒ මිනි ගඟට දාන දවස් වල නාන්නෙත් නෑලු. ඕක දිගටම සම්ප්‍රදායක් විදිහට ඇවිත්ලු ඔහොම තහනම් දවස් අවේ. මට හරියටම මතක නෑ හේතුව. මොනවා වුනත් ඔයිට ලඟින් යන හේතුවක් වෙන්න ඕනේ.

    ReplyDelete
  22. මම නම් දන්නේ මගේ හිතට එකඟයි කියලා හිතේන දෙවල් කරන්න. එකෙන් වෙන හොද හෝ නරකත් මටම තමයි. හි හි......

    ReplyDelete
  23. anonymous..


    mama dannawa oya matai eka kiyala tiyenne.oya kiyala tiyena de hari.mama waradda piligannawa.ayeth ehema deyak sidda wenne ne.

    ReplyDelete
  24. සම්ප්‍රදාය කියන දේ රකින්න නම් මුලින් ඒ ගැන හරියට දැනුවත් වෙලා ඉන්න ඕනේ.. ඒත් මේ කතා ඇතුලේ කියවෙන්නේ තමන් රකින සම්ප්‍රදාය මොකක්ද කියලාවත් නොදන්නාකම ගැනනේ.. :) හරියට සම්ප්‍රදාය දන්නවා නම් ඒක රකින එක ගැටළුවක් නෙවෙයි.. හැබැයි හරියට නොදැන රකින්න ගියාම තමා ඒක විහිලුවක් වෙන්නේ..
    හොඳ ලිපියක් මධු අයියේ..

    ReplyDelete
  25. සම්ප්‍රදාය තිබිය යුතුයි ඒත් අවශ්‍ය තැනදි අවශ්‍යම මොහොතක එයින් ටිකක් ඔබ්බට ගිහින් කටයුතු කරන්න වෙනවා. ඒක හොඳයි.

    ReplyDelete
  26. අනේ විකාර ඉපදෙන්න මැරෙන්න පුලුවන් නම් වලලන්න තමයි දවස් බලන්නෙ ලොල්

    ReplyDelete
  27. සම්ප්‍රධාය වෙලාවකටනම් මහ හිසරදයක් වෙනවා...

    ReplyDelete
  28. ඔය අඟහරුවාදා සිකුරාදා කතාව බමුණෝ හදාගත්තු එකක්ලුනේ. එයාලට ඒ දවස් දෙකේවත් නිස්කලංකේ නාන්න ඕනේ කියලා :D

    ReplyDelete
  29. සම්ප්‍රදාය වෙලාවකට ඇනයක් තමා..

    ReplyDelete
  30. සමහර සම්ප්‍රදායන් තිබිය යුතුය. ඒත් සමහර දේ නම් හරිම හිස්. ඔය අඟහරුවදා සිකුරාදා ආදාහන නොකිරීම් වගේ ඒවා නම් හරිම හිස් දේවල්.

    ආ..අර දවස්වල මම නම් නානවා. මට හෙනත් නෑනේ

    ReplyDelete
  31. සම්ප්‍ර‍දාය ඇතුලෙ අර්ථාන්විත දෙයක් තියෙනවා නම් කලාට කමක් නෑ... සම්ප්‍ර‍දාය වෙනස් කරන්න නම් සෑහෙන ධෛර්යයක් තියෙන්නත් ඕනෙ...

    ReplyDelete
  32. සම්ප්‍රදාය යනු වඩා නිවැරදි දෙය නියමිත වෙලාවට සිදු කිරීමට යොදා ගත්තක් මිස අන්කවරක් වත් නොවේ ...
    අර්ථ විරහිත සම්ප්‍රදායන් යනු හුදී ජනී ජනයාගේ දියුණුවට බාධා පමුණුවන්නක් පමණි..

    ReplyDelete
  33. සම්ප්‍රධායන් ඇතිවෙන හැටි ගැන මම කිව්වනේ මේ මගේ ලිපියේ.
    ලිංකුව

    ReplyDelete
  34. ඇත්තෙන්ම හුගක් කතානොකෙරෙන මාතෘකාවක්
    හොඳ පොස්ට් එකක්,කල්පනා කරන්න දෙයක් තියෙනවා...

    ReplyDelete
  35. සම්ප්‍රදාය වදයක් වෙන තැන් ඕන තරම් තියනවා ඒ වගේමයි සම්ප්‍රදාය රැකගත යුතු තැනුත්

    ReplyDelete
  36. ඕක අපිට එද්දී සිරිත හා විරිතට කැඩෙනවා නේ ,

    දැන් අර මගුල් ගෙවල් වල , මස්සිනා බුලත් 100 ගන්නේ ,

    නාග ලොවෙවේද බුලත් උපන්නේ ,
    කද මද නොවේදැයි දළු ලියලන්නේ
    ඇවැස්ස මස්සිනා මමයි බොලන්නේ
    කඩුලු බුලත් සිය දීලයි යන්නේ

    චරිත්රේ ඔය 100 ගන්න ඒක , දැන් වරිත්රේ තමයි ඒ එක්කම මනලිගේ ලේන්සුව ගන්න ඒක ,

    ඉතින් අපේ ගැලපෙන දේ තෝරාගන්න ඒක අපි අපිටම බාරයි <

    විටෙක නොගන්න සිරිතක් , අනිත් තැනදී උනත් අපි ගන්න පුළුවන්

    ReplyDelete
  37. සම්ප්‍රදාය කොච්චර හොද උනත් ඒකම නරකට හිටින වෙලාවලුත් නැතුවම නෙමෙයි..

    ReplyDelete
  38. මේ පෝස්ට් එක නියමයි.මම කැමතියි.කොහොමත් මම මේ බ්ලොගයට ආව පලවෙනි දවස් වල වගේ නෙවෙයි..ඔබ දැන් ලියන විදිහ ටිකක් වෙනස්.නමුත් ඒ වෙනස කියල වැඩක් නැහැ..අපූරුයි!

    ඔබට ජය! :)

    ReplyDelete
  39. අරලිය ඔයාට විතරක් නෙවෙයි මම මෙහෙම කියන්නේ ඔයාගේ නම යොදාගෙන කමෙන්ට් කරපු අනික් කෙනාටත් මෙහෙම වැඩ කරන හැමෝටමත් එක්කයි. මා එක්ක තරහා වෙන්න එපා. ඒත් කවුරුත් මේක තෙරුම් ගන්න ඕන දෙයක්. මාත් ඇතුලුව.

    ReplyDelete
  40. සම්ප්‍රදායට මමත් කැමතියි. හැබැයි සීමාවක් ඇතුව...

    ReplyDelete
  41. සමහර සම්ප්‍රදායන් ලස්සනයි . ඒවා බිහි වුනේ ඒ ඒ කාල වලට අනුරූපව . ලෝකය වෙනස් වෙද්දී ඇතැම් ප්‍රයෝගික නොවෙන දේවල් අත ඇරියට කමක් නැහැ . අනුන්ට කරදරයක් නොවෙන්න තමන්ට ඕන සම්ප්‍රදායක් රකින අය එහෙම කලාට අපට කමකුත් නැහැ . කාලයට නොගැලපෙන විකාර නම් අනුන් පිට බලෙන් පටවන එක වැරදියි . මන් ආස සහ මට පහසු දේවල් පමණයි මන් කරන්නේ . නස්රුදින් නම් මාරයි . මන් හරිම ආසයි නස්රුදීන්ගේ කතා වලට . අන්දරේගේ අය්යා

    ReplyDelete
  42. සම්ප්‍රදාය කෙසේ වෙතත් මම නම් ගොඩක් වෙලාවට බලන්නෙ පහසුව ගැන... ඉතින් සමහර වෙලාවට ඒ දේවල් සම්ප්‍රදාය තුල... සමහර වෙලාවට ඉන් පිට...

    ReplyDelete
  43. සම්ප්‍රදායකින් වෙන්න ඔනි මිනිස් ජීවිත පහසු වෙන එක..සරල වෙන එක..එහෙම නැතුව හැම මගුලටම සම්ප්‍රදාය ඇදල අරන් ප්‍රශ්ණ වලින් පලා යන්නෙ කොන්ද පන නැති නිවට උන්..පට්ට පෝස්ටුව..

    ReplyDelete
  44. සමහර තැන් වලදි නම් සම්ප්‍රදාය කියන්නෙ තනිකරම විකාරයක්

    ReplyDelete
  45. සම්ප්‍රදායද බෙල්ලද ?

    ReplyDelete
  46. අඟහරුවාදයි,සිකුරාදයි නාන්න හොඳ නැහැ කියපු කතාව නම් ඇහුවෙත් අදයි.

    ReplyDelete
  47. @Sanjaya සිතුවිලි :
    ඒක හරි... බුද්ධියට ඉඩ දීලා බලන්ඩ ඕනා. :)

    @සාතන් :
    හික්ස් :)
    පට්ට කොල්ලෙක් !

    @ප්‍රදී :
    අපොයි ඔවු. වෙලාවකට මල වදයක් !
    මගේ අඩවියට ඔබතුමියව සාදරයෙන් පිලිගන්නවා !!! :)

    @රූ.... :
    ඒ පෝස්ට් එකේ ලින්ක් එක දාන්ඩ පුලුවන් නම් ගොඩක් වටිනවා අක්කේ... :)

    @හරී :
    වෙල් සෙයිඩ් !!!!
    උබේ කමෙන්ට් එක පට්ට මචං... මට හිතන්ඩ දේකුත් ඉතුරු කරලා ලියලා තියෙනවා. එල එල !!!

    @ඉන්ද්‍රජිත් :
    ඔවු.. හිතලා බලලා අනුගමනය කරනවනම් තමා හොඳ... :)

    @Podi Kumarihami :
    බහුබූත වලට නම් ගරු කරන්ඩත් ඕන නෑ පොඩ්ඩි.. :)

    @Pathum Herath :
    ඒක හරි... හැම වෙලාවෙම සම්ප්‍රදාය සම්ප්‍රාදාය කිය කිය ඉන්නේ නැතුව හිතලා බලලා වැඩ කලා නම් හරි..

    @Anonymous :
    සබැඳියට තුති !!!

    @ලහිරු :
    ඒ කතාවත් හරි මචං !
    දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ තමා...

    ReplyDelete
  48. @araliya :
    ඒ මොකෝ ඒ ????
    ඔය කමෙන්ට් ගනන් ගන්ඩ එපා. කමෙන්ට් එකකින් කරන්ඩ පුලුවන් දෙයක් නෑ හලෝ. කමෙන්ට් එකකට කමෙන්ට් එකකින්ම උත්තරේ දීලා නිකා ඉන්ඩ. ආයේ හිතලා දුක් වෙන්ඩ ඕනැන්නේ නෑ.. :)

    @සරත් ලංකාප්‍රිය :
    කතාව සහතික ඇත්ත සරත් අයියා. ගොඩක් වෙලාවට කාලෙක ඉදන් පැවතගෙන එන නිසා කරන්නන් වාලේ සම්ප්‍රදායන් කරනවා මිසක්කා තේරුමක් දැනගෙන කරන්නේ නෑ... :)

    @Anonymous :
    එතකොට කාටද මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ ?

    @malmi :
    ඒක හොඳ වැඩක් අක්කේ.. :)

    @Loku John :
    එක අතකට ඒකත් හරි...
    බලාගෙන ගියහම මෙතන විසංවාදයක් ගොඩ නැගෙනවා නෙව..

    @sAm (සෑම්) :
    ඔවු අහලම එපා උනා.. :)

    @ටියුලිප් මල් කැකුලී :
    ඒක හරි ටියුලිප්..
    ආහ් ටියුලිපුත් අලුත් නෙව. සාදරයෙන් පිලිගන්නව මගේ අඩවියට !

    @රාජ් :
    ඒ කියන්නේ ඒකේ මුකුත් ඇත්තක් නෑ කියන එකද ?

    @පැතුම් [සිතුම් පැතුම්] :
    අඩේ මරු පොතක් නෙව..
    මම නම් ඔය පොත කියවලා නෑ. ඒත් මල්ලිගේ කමෙන්ට් එකෙන් ඒ පොත කියවන්ඩ අස හිතුනා. තව දෙයක් තමා පොත කියවල නැති උනත් මල්ලිගේ කමෙන්ට් එකෙන් නොදන්න දේවල් ටිකක් දැනගත්තා.

    @සිහින මදාරා :
    ඒකනේ මදාරා නංගි රැඩිකල් කියලා කියන්නේ :)

    ReplyDelete
  49. @araliya :
    හ්ම්ම්....

    @Red Riding Hood :
    තෑන්ක්ස් රෙඩ් නංගි !!!!

    @දයානන්ද රත්නායක :
    සම්ප්‍රදායනුත් අනිවාර්යෙන්ම තියෙන්ඩ ඕනා. ඒත් බැහැර කරන්ඩ තියෙන ඒවා බැහැර කරන එක නම් අනිවාර්යෙන්ම කරන්ඩ ඕනා... :)

    @නදී :
    ඒක නේන්නම් අක්කේ..
    බ්ලොග් භාෂාවෙන් ලොල් කියලා කියන්නේ නෑ..
    ඒකට කියන්නේ බිපෙසි කියලා !

    @prasanna86k :
    හ්ම්... ඒක ඇත්ත !

    @Hasitha :
    මල්ලි අර රූ අක්කා කියපු ලිපියේ ලින්ක් එක දෙන්න පුලුවන් ද...

    @තරියා අබේ :
    අපොයි ඔවු !

    @ළිහිණි :
    හික්ස් :)
    ඒක නේන්නම් මටත් ඉහෙන් බහින රෝගයක් නෑ...

    @සිරාගෙ කාමරේ :
    අපොයි ඔවු.. නැත්නම් වටේ පිටේ එවුන්ගෙන් කතා අහලා ඉවරයක් නැතුව යනවා..

    @සුදා මල්ලි :
    සුදා මල්ලිගේ කතාව හරි මල්ලි !

    ReplyDelete
  50. @දිනුක :
    ඕක මරු ලිපියක්..
    මමත් කියෝලා තියෙනවා !

    @පුබුදු :
    අපොයි අම්මේ සෑහෙන කාලයකින් මලයව දැක්කේ. ලියන්නෙත් නැද්ද මන්දා ???

    @අවතාර් :
    ඒක හරි අවතාර්... !!!

    @නොහික්මුණු ඇස :
    අඩේ මම ඔය දෙකම අහලා නෑ නෙව ! :)

    ReplyDelete
  51. මමනම් බැන්දේ පෙබරවාරි පළවෙනිදා. ඕව මම නම් ගණන් ගන්නේ නැහැ.

    ReplyDelete
  52. @ රූ අක්කා, මධුරංග අයියා

    ඒ ගැනම කියලා වෙනම ලිපියක් ලිව්වා කියලා නම් මතක නැහැ, මොකක් හරි ලිපියක කමෙන්ට්ස්වලින් ඒ කතාව කතා කරන්න ඇති. මටත් මතක් වෙන්නේ නැහැනේ :(

    ReplyDelete
  53. @Dinesh :
    අනිවාර්යෙන්ම.... :)

    @හිරුහිමාවී :
    දැන් ලියන විදිහ අවුල් !
    මොනාහරි කියවන්ඩ වෙලාවක් නෑ නෙව. :)

    @Anonymous :
    බලාගෙන ගියහම අරලියා බොරුවට නේ කලබල වෙලා තියෙන්නේ. :)

    @සයුරි :
    එඔනම දේක සීමාවක් තියෙන්ඩ එපාය. :)

    @Bindi :
    ඉස්සර නම් නසෘදීන්ගේ පොතක් කියෙව්වා.... දැන් නම් ඒ කතා මතකත් නෑ නෙව :)

    @Miyuru :
    කවුරුත් කැමති පහසු දේවල් වලට නෙව... අම්බෝ මේයැයිගේ කමෙන්ටුවක් වැටුනමද කොහෙදෝ... :)

    @තරුවා :
    ඒක තමා... මලයගේ කතාව සහතික ඇත්ත ය.. :)

    @නදීර සඳරුවන් ලියනගේ :
    අපොයි ඔවු !

    @රොබින් :
    බෙල්ල බෙල්ල !

    @මඩිස්සලේ නිශාන් :
    එහෙනම් හෙට ඉඳලා අඟහරුවාදයි සිකුරාදයි නාන්ඩ බෑ හරි !

    ReplyDelete
  54. @කෝරලේ මහත්තයා :
    කෝරලේ මහත්තයාට ආසනයක් පනවන්ඩත් බැරි උනා නෙව.. හිටින්ඩ පොඩ්ඩක්. මෙහෙන් ඈදි ගත්තා නම්... :)
    මගේ අඩවියට ගොඩවැදුනට ස්තුතියි :)

    @Hasitha :
    එහෙනම් කමෙන්ට් එකකින් වෙන්ඩ ඇති මලයා... :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.