අපේ අප්පච්චිට ඒ කාලේ ඉදන් ආසාවක් තිබ්බා සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති එලවළුවක් පලතුරක් එහෙම දැක්කොත් ඒක ගෙදරත් පැලකරලා බලන්න. ඉතින් ඒ ආසාව නිසා ගොඩක් වෙලාවට සුලභව දකින්න ලැබෙන්නේ නැති එළවලු පලතුරු එහෙම අපේ වත්තේ පැල කරලා තියෙනවා.
මතකනේ එක වතාවක් අපේ අප්පච්චි ස්ටෝබෙරි වැවුවා. අන්න ඒ වගේ උන්දෑ එක වතාවක් බූල් ලොවේ ගහක් ගෙනත් පැල කලා. බූල් ලොවි අනිත් ලොවි වලින් වෙන් වෙන්නේ මේවායේ පොත්තේ බුල් ගතියක් තියෙන එකයි මදේ කහපාට ගතියක් තියෙන එක විතරයි. ඇඹුල් ගතිය නම් කියලා වැඩක් නෑ. මේ මතක් වෙනකොටත් මුළු ඇඟම හිරි වැටෙනවා !!!
අද කියන්න යන්නේ බූල් ලොවි ගැන නෙමෙයි. ඒ වගේ පලතුරක් ! ඒ තමා ජෑම් ගොරකා !
ජෑම් ගොරකා ???
ඔවු. ජෑම් ගොරකා තමා. ජෑම් ගොරකා ගෙඩි හරියට අපි අර හොද්දට දාන ගොරකා වගේ හැඩයක් ගන්නවා. නමුත් ඒ ගොරකා වලට වඩා ගෙඩි පොඩියි. ගෙඩි ඉදුනම තැඹිලි පාටත් රතු පාටත් අතර පාටක් ගන්නවා. ටිකක් විතර ඇඹුලයි !
ඔය ඇඹුල් ගතිය නිසා මම නම් ජෑම් ගොරකා කන්න ආස නෑ. එක ගෙඩියක් කෑවම ඊලඟ ගෙඩිය කන්න එපා වෙනවා. නමුත් අපි ඇඹුලයි කියලා අහක දැම්මට බබාල හම්බෙන්න ඉන්න බවලත් උදවිය ජෑම් ගොරකා ගැට හිටන් හූරගෙන ගිහින් කනවා.
උන්දලා ජෑම් ගොරකා කනවා බලන් හිටියත් ඇඟ හිරි වැටෙනවා. ඒ කාලෙට කට්ටියට ඇඹුලක් දැනෙන්නේ නැතුවැති. ඒවා ඉතින් බබාලා හම්බ උන කට්ටියගෙන්ම තමා අහන්න ඕනා. :)
කට්ටියම දැන් අහයි කෝ ජෑම් ගොරකා වල ෆොටෝ එකක් නැද්ද කියලා. ඔන්න මම් පහලින් පින්තූර කෑලි දෙකක් දැම්මා බලන්ඩ !
අපි මේවට ජෑම් ගොරකා කියලා කිව්වට එක එක පැතිවල එක එක නම් පාවිච්චි කරනවා ඇති. මේ කාලෙට ජෑම් ගොරකා අවාරේ. සමහර කාල වලට ගහ වටේට බලුප් පත්තු කලා වගේ ලස්සනේ බෑ.
------------------------------------------------------
ප.ලි.- අන්තර්ජාලය පීරලා බැළුවත් මේවෑ විස්තර ටිකක් හොයාගන්ඩ බැරි උනා.
22 July 2012
ජෑම් ගොරකා
Subscribe to:
Post Comments (Atom)


53 දෙනෙක් අදහස් පලකලා .:
ඒ මොනාද බොලේ අදමයි දැක්කේ
සිරාවට මේව නං අදමයි දැක්කේ..
ජෑම් පේර ගහක් නං අපේ ගෙදරත් තියේ...මෙව්ව නං නෑ..හික්..
සිරාවට මොනවද බොලේ මේ????
රහයිද????
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අහ් කියන්න බැරිඋනා අද මම් එක හික් හික්
මේවා චෙරි.....Errrr නෑ අප්ප මොකද්ද ඒ නම මතක නැහැනේ..කොහොම උනත් මම ඕවා කාල නම් තියනවා..නම අහල තිබ්බේ වෙනස් විදිහට.මතක් උනොත් කියන්නම්කො..:)
කියවනකොටත් ඇඟ හිරි වැටෙනවා. ඒත් අර ලංකාවේ අමු අඹ ලුණු, මිරිස් දාලා කන්නේ. ඒ වගේ කෑවොත්, මේකත් රහ ඇති. ගෙඩිය නම් ලස්සනයි.:)
අනේ අපොයි එක දවසක් මේවා චෙරි වර්ගයක් කියලා මාව රවට්ටලා ඔය නුවර එලිය පැත්තේ එකෙක් දුන්නා. එකක් කනකොට මටත් එපා උනා. ඇඹුල් රසත් නෙවෙයි පැණි රසත් නෙවෙයි අනේ මංදා...
මරු... මරු...
ඕවට කියන්නෙ චෙරි..ඔය ගෙඩියෙ එක රසක් නෙවේ කීප රසයක් තියනව..ඇඹුල්.පැණිරස.තිත්ත.යකඩ රස.ඒ වගේම හිනිරහ..මම නම් ඕව කන්න හරිම ආශයි හැබැයි ඉදෙන්න ඕනෙ..ඉස්සර 'ඩියුරෝල්' කියල විටමින් සිරප් එකක් තිබ්බලු.ඒකෙ ඇඩ් එක යද්දි කියන්නෙ..''යකඩ චෙරි රස ඇතී..ඩියුරෝල්'' කියල ලු.
අනේ අපේ චෙරි ගහ මතක් උනා....(ඔන්න නයෙක්)
අපි නම් ඕවට කිවේ "මසං" කියල. ලස්සනට තිබ්බට මෙලෝ රහක් නැ. දොඩන් වල වගේ පොඩි පැඟිරි ගතියක් තියනවා. කාල ඉවර උනහම තිත්ත රසයි. වෙන මොනවා කැවත් රස දැනෙන්නේ නැ.
attatama adamai owa dakke.mona unath eke patanam lassanai. :)
කැලෑ ගෙඩි ජාති වල ෆොටෝ දාලා ඒවට බොරු නම් දීලා අපිව මරවන්න හදන කූට ප්ලෑන් එකක් මේක..හික්
අපි නම් ඕවට කියන්නෙ "රට නෙල්ලි.."
මමත් දැකල නෑ ගොරක කිව්ව ගමන් ඇඹුල් බව නම් දන්නවා.
අත්තන ද කොහෙද බොලව්.ඔය ජාතියෙ ගෙඩි දැක්කට දැක්ක ගමං කන්ඩ යන්ඩ එපා ඈ.මධුරංගයා ලෝකයා.බොලාට බඩ යන ජාතියක්ද කොහෙද කවන්ඩ හදන්නෙ.
පරිස්සමෙං බොලව්.
ගොරකවල වගේ ඔව්වයේත් මදේද කන්නේ?
දැක්කේ අදය.
මේ ගහ දැක්කෙ අදමයි... ඔය ගෙඩි වල මද කන්න බැරිද ?
මාත් දැක්කේ අදමයිනේ මේවා
හැක හැක..!! මේවා අපේ වත්තෙත් තියෙනවා..කටේ තියන්න බෑ...
දැන් ඉතිං එක ලියවිල්ලක් තියෙනවනේ නෙට් එකට... වේලුනාම මොන වගේද මල්ලි? අනිත් ඒවා වගේමද?
අදමයි දැක්කෙ හ්ම්ම්ම්......
ඈ මධුවෝ මොනාද උඹ මෙ ආපිට කවන්න යන්නේ?
එක දවසක් මම මේ රටට ආව කාලෙම මම දන්න කියන අක්කා කෙනෙක් මට කීවා රස ෆෘට් එකක් තියෙනවා කන්න කියලා.
අනේ මාත් කටු ඇනෙනවා කියලාවත් බලන්නේ නැතිව කෑවා.
අන්තිමට අර *පතොක් ගෙඩි* තමයි මම කාල තියෙන්නේ. අපේ ගමේ කැලෑවෙත් ඒව තියෙනවා
ඇත්තමයි අදමනේ මේව දැක්කේ.. දැන් මේවයේ වාරේ කොයි කාලෙද.. අයියලගේ ගෙවල් පැත්තේ එන්න..
මම නම් කාල තියනව ඉස්සර
ගොරක ඇඹුල් !!!
අපේ කැලේ ඇත (මගේ පදිංචිය කැලේ නොවේ)
මෙහෙම ගෙඩියක් දැක්කමයි. මේ දවස් වල ගොරකා වාරෙ.
පැලයක් පෝස්ට් එකේ එවන්න බැරිද මල්ලි....
තාත්තගේ අත් ගුණේ හොඳයි කියලා හොඳටම පේනවා..
ස්තුතියි මලේ අළුත් දෙයක් ගැන තොරතුරු බෙදාගත්තට..
මචන් ඔය චෙරිස්.....අපේ ගෙදර ලොකු ගහක් තිබුනා.....ගෙඩි හෑදෙන කාලෙට බල්බ් දෑම්ම වගේ!!!!
මධුවා ඇඹුල් වෙලාද ?
මම මේවා කාලා තියෙනවා. මේ නම නෙමෙයි ඒකට කියන්නේ. ඒත් නම මතක නැහැ. අපේ ගෙවල් පැත්තේ මෙයින් ගහක් තියෙනවා. මේකේ ඇඹුල් රස විතරක්ම නෙමෙයි තියෙන්නේ.
locale cherry... ape gedara thiyenawa oya jathiye gahak.. iduna gedi rathu patai...
ලුණුයි ගම්මිරිසුයි එක්ක කෑවොත් රස නැද්ද
කන්න පුලුවන් වුණත් බැරි වුණත් ගස් හිටවන අයට නම මම කැමතියි
මධුරංග අයියගේ තාත්ත මෙතනිදීත් දුර දිග බලල වැඩ කරන්න ඇත්තේ. නැත්තම් මධුරංග අයියට ජෑම් ගොරකා හොයන්න මාර කට්ටක්නෙ කන්න වෙන්නේ.
මගේ කටටත් කෙල ඉනුවා අප්පා ගොරකා මතක් වෙත්දී!
මමනම් ලෙසටම මීටර් ඔව්වා ඒත් අපේ පැත්තේ කියන්නේ ඔය නම නෙවේ
@නදී :
මම් හිතුවේ ඔහේ ඇති කියලා.
@චතුරංග කසුන් :
අපෝ මේ වගේ ගස් නැති තරමට හොදයි...
@අඩවි රජ :
රහයි.. හැබැයි ටිකක් ඇඹුලයි !!!
@නදී :
හිටු මම් ජෑං ගොරොක් අහුරක් කටේ ඔබන්ඩ !!! :)
@හිරුහිමාවී :
පල්ලෙහා කට්ටියකුත් චෙරි කියලා කිව්වා. මතක් උනොත් කියන්ඩ ඈ...
@Podi Kumarihami :
අම්බෝ අමු අඹයක් මිරිස් එක්ක කාපු කාලයක් මතක නෑ. කන්න ආසයි. ඒත් අඹ අවාරේ නේ
@රෙප් මහත්තයා :
එකක් කාපුවාම ඇති වෙනවා... ආයේ කන්න හිතෙන්නෙම නෑ.
@ඉන්ද්‍රජිත් :
හ්ම්.. හ්ම්..
@වින්චැට් කිරිල්ලි. :
යකඩ රස ?? අම්මාපල්ල අදමයි ඇහුවේ ඔහොම රහක්.. අපට ඔය කියන යකඩ රහා බලන්ඩ තිබ්බා නම්... රුපියක් දෙකේ කාඩියක්වත් කාලා බලන්ඩ ඕනා :)
@itnishantha :
මසං ???
අඩේ බලාගෙන ගියහම එක එක පැතිවල පාවිච්චි කරන නම් වෙනස් නෙව !!
@araliya :
පාට විතරමයි ලස්සන !!! :)
@රත්ගමයා :
අපෝ එච්චර මහන්සි වෙන්නේ මොකටෑ.. පොඩි දෙයයි මේකව මරවනවා නම් කරන්ඩ තියෙන්නේ... :)
@සපතේරු උන්නැහේ :
අම්බෝ සපතේරු අයියා කාලෙකින්...
@දයානන්ද රත්නායක :
ඒ උනාට ඒ ගොරකා වලට වඩා මෙවුවා පොඩියි !!
@දිනුක :
ඔය ඉතින් බොලාලත් එක්ක බෑනේ.. මම් මොනාහරි කවලා මුන්ට බඩේ ගායක් හදවන්න හදනකොට මැද්දෙන් පනිනවා.. හික්ස් :)
@Dilshan :
නෑ නෑ මදේ නෙමෙයි. ඔය රතු පාටට තියෙන හරිය තමා කන්නේ . ඇට කන්ඩ බෑ..
@රාජ් :
ඇති යාන්තන්... :)
@සිරාගේ කාමරේ :
මද නම් කාලා නෑ... :)
@මඩිස්සලේ නිශාන් :
අපේ පැත්තේ එන්ඩ.. දෙන්නම් ගමකට !!
@SHaN Malli :
ඔය කියන්නේ කාපු කට්ටිය...
@prasanna86k :
අපෝ වේලලා ගන්ඩ හසරක් නෑ. නිකන් නෙල්ලි ගෙඩි වගේ සයිස් තියෙන පොඩි ගෙඩි ජාතියක් !!!
@සිහින මදාරා :
මට ඉතින් මාර සතුටුයි ඈ... :)
@Il mondo di una povera pazza :
හොද අදහසකුත් ආවා... හික්ස් :)
රංගි කවදැයි ආයේ ලංකාවට එන්නේ.... :)
@Dinesh :
අපෝ ඕන් නම් ගහ පිටින් උගුල්ලලා ඉතාලි එවන්නම්. :)
@කස්ස :
කොහොමද රහ :)
@චූටි පුතා :
කැලේ නෙමේ නං ඒ කිට්ටුව වෙන්ටෑ... :)
@නිසුපා :
අක්කා කියනවනම් තරු හරි ගලවලා එවන්නං !!!
හික්ස් :)
@රූ.... :
අපේ අප්පොච්චෑ අත්ගුනේ ගැන නම් කියලා වැඩක් නැත.
@ela kollek :
චෙරිස් ජාතියක් වෙන්ටෑ.. ගොඩක් කට්ටිය කියලා තියෙනවා චෙරිස් ජාතියක් කියලා. :)
@සරත් ලංකාප්‍රිය :
අපෝ නෑ.. මම් මෙලෝ රහක් නෑ... :)
@කින්නරාවි :
අනිත් ජාති නම් කාලා නෑ. කන්න ආසයි.
@lakmini :
ලක්මිණිගේ කමෙන්ට් එකක් වැටුනමද කොහෙද. ටැංකූ ලකියෝ... :)
@පිණිබිඳු... :
අන්න වැඩේ කාලා බලලම කියන්නම් :)
@සිඳු :
ගස් වැල් වලට ආදරේ කරන කෙනෙක්. අහන්න දකින්න ලැබීමත් සතුටක් !!!
@පැතුම් [සිතුම් පැතුම්] :
මල්ලිට විතරයි ඔය හරියක් හිතුනේ.. හික්ස් :)
ඒක නේන්නම් අපේ අප්පොච්චා ඔය ගැන කල් තියාම හිතලා තියෙනවා නෙව !!!
@කනියා :
ඉතින් නම හොයලා කිව්වා නම්... :)
අදමයි ඇහුවේ ජෑම් ගොරකා ගැන...
මම නම් අහලා දැකලා තිනවා .. හොරාට කඩලා කාලත් තිනවා.. මැංගුස් වගේ ටිකක්
මම නම් කාල නැහැ මධුරංග මේ ජෑම් ගොරකා...අදයි ඇහුවෙත්...අනේ මන්ද කොහෙන් හොයා ගන්නවද කියල මේව...
එහ් මාත් අදමයි ඇහුවේ මේවා ගැන පෙනුමෙන් නම් රහ ඇති
ජෑම් ගොරකා තියා බූල් ලොවි දන්නෙත් නැත. ලොවෙත් නෑ නේ මේවා..
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.