12 July 2012

ඊයේ කීයටද ගියේ ?

"මචං උබ ඊයේ කීයටද ඔෆිස් එකෙන් ගියේ ?"

"අටට විතර බං! "

"ඇයි උබ ඊයේ දහය විතර වෙනකන් පාඩම් කරනවා කිව්වා නේ. මොකෝ අටට ගියේ ?"

"මේකයි මචං උනේ. මම ඊයේ දහය වෙනකන් පාඩම් කරන්නම් කියලා හිටියා. හය විතර වෙනකොට කට්ටිය තම තමන්ගේ සෙක්ශන් වල ලයිට් ඕෆ් කරලා ගෙවල් වලට ගිහින්. අන්තිමේදි මම් හිටපු සෙක්ෂන් එකේ ලයිට් එක විතරයි දාලා තිබ්බේ.

ඔහොම පාඩම් කර කර ඉන්නකොට එකපාර සීතල හුළඟක් හමාගෙන ගියා.ඒක පුදුම හීතල හුළඟක් !  මම් මොනිටරයෙන් ඔළුව උස්සලා බැළුවා ඒ.සී එක ඔන් කරලද කියලා. ම්හූ.... ඒ.සී. ඔක්කෝම ඕෆ් කරලා දාලා.ඊට පස්සේ මම් ආයෙම පාඩම් කරන්න ගත්තා. ඊට ටික වෙලාවකට පස්සේ වොෂ් රූම් එකේ දොර ඩාං ඩාං ගාලා දෙපාරක් උළුවස්සේ හැප්පුනා.

කවුරුහරි වොෂ් රූම් එකේ ජනේලේ ඇරලා එන්න ඇති කියලා හිතලා කළුවරේම අතපත ගාගෙන ලයිට් ටික දාලා වොෂ් රූම් එක ගාවට ගියා.  එතකොට දැක්කා වොෂ් රූම් එකේ ජනේලේ ඇරලා දාලා කියලා.මම් වොෂ් රූම් එක ඇතුලට ගියා !

ඊට පස්සේ කොමඩ් එක උඩට නැගලා ජනේලේ අගුල දැම්මා.අගුල දාලා ඉවර වෙලා කොමඩ් එකෙන් බහින්න හදනකොටම මගේ මේසේ උඩ තිබ්බ ඇළුමිනියම් බෝතලේ සලාං ගාලා බිමට වැටිලා මේසේ යටට රෝල් වෙලා ගියපු සද්දේ ඇහුනා.මම දාපු ලයිටුත් ඕෆ් කරගෙනම එන්න හදනකොට One Missed Call ෆිල්ම් එකේ මහා ම මහා මූසල ටෝන් එක ඇහෙන්න ගත්තා.

උබ බලලත් ඇති One Missed Call කියන හොල්මන් ෆිල්ම් එක.අර කට්ටිය එකා එකා මැරෙන්න කලින් ඇහෙන ටෝන් එක !! අන්න ඒක ඇහුනා. ඒ මගේ ෆෝන් එක ! කවුද කෝල් කරන්නේ කියලා බලන්න යනකොට කෝල් එක කට් උනා. ගොඩ වෙලාවක් රින්ග් වෙච්ච නිසා වෙන්ටෑ.

ඊට පස්සේ බෝතලේ අහුලන් මේසේ උඩින් තිබ්බා.අදට පාඩම් කලා ඇති කියලා හිතුන නිසා කොම්පියුටරේ ඕෆ් කලා. ඕෆ් කරලා පඩිපෙල දිගේ පහලට එනකොටම පල්ලෙහා තට්ටුවේ ලයිට් දාලා තියෙනවා දැක්කා. ඒත් කවුරුවත්ම පේන්න හිටියේ නැති නිසා පොඩ්ඩක් ඇතුලට ගිහින් බැලුවා.

වෙනදට රෑ වැඩමුරයට ඉන්න කට්ටිය පේන්න හිටියේ නෑ. කට්ටියම රෑ කෑමට යන්න ඇති කියලා හිතුනා....උබ දන්නවනේ පල්ලෙහා තට්ටු වල තියෙන ඔෆිස් ටික පහ විතර වෙනකොට වහලා දාලා යනවා කියලා. තට්ටු පහක බිල්ඩිම ඇතුලේ ඉන්න එකම එකා මම විතරයි කියලා මතක් වෙනකොටම ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා....මම පුලුවන් තරම් ඉක්මනින් පඩිපෙල බැහැගෙන බැහැගෙන ආවා.ආපු පළවෙනිම බස් එකේ එල්ලිලා කොළඹට ආවා."

"උබ බය උනාද මචං ??"

"පිස්සුද යකෝ !! බය වෙන්න ? මේ මම ? බය කියන වචනෙවත් මම දන් නෑ !"


ප.ලි. - මෙහි එන නම් ගම් මනඃකල්පිත වන අතර නිර්මාණය හා නිර්මාණකරු එකිනෙකට ස්වායත්ත (වෙනස්) පුද්ගලයක් දෙදෙනෙකු බව සලකන්න.

54 comments:

  1. හරි හරි අපි එහෙනං ඔය අන්තිමට කියලා තියෙන විදිහට සළකලා කටවල් වහගෙන ඉන්නංකෝ....

    ReplyDelete
  2. හික්ස් ඇඟ කිලිපොලා යනවා නේ...

    ReplyDelete
  3. යකෝ මේ මහ රෑ මේ වගේ කතා දානවද? අපි නිදාගන්නේ නැද්ද?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! යකාම ගහපිය!!!

    ReplyDelete
  4. ඔච්චර තඩි ඇඟකුත් තියාගෙන බය වුනාද බං?

    -හරී

    ReplyDelete
  5. අර අන්තිමට තියන ටික නොකිව්වනම් තමයි හොඳ.

    ReplyDelete
  6. මං බය නෑ.මං බය නෑ..:පී

    ReplyDelete
  7. හූ.......... (ඔයාට නෙමේ හූ කිවුවෙ අර බය වුණ කොල්ලට)

    ReplyDelete
  8. මරු නේද..එහෙම උනාම ...එහෙම වෙන්නම ඔනේ එකේ රගේ බලන්න..

    මම අර ටොන් එකත් ඩවුන් කරගත්තා...එක ලස්සනයි :)

    ReplyDelete
  9. හේ හේ.. ටෝන් එක වෙනස් කලානම් හරි දැන්වත් ඉතින්..:)

    ReplyDelete
  10. හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ මෙයා බයගුල්ලෙක්නේ,හිකිz

    ReplyDelete
  11. ස්වායත්ත !! අනිකෙක් නොව මධුරංග බව සලකන්න... :D

    ReplyDelete
  12. අයියෝ මධුරංග... ;)

    ReplyDelete
  13. ඔය මොනා කිව්වත් උඹ බය වුනා නේද මචං...? :D

    ReplyDelete
  14. උඹ එකසිය ගානට බය වෙලානේ මචං... හොඳ වෙලාවට උඹට One Miss Call Movie එක මතක් උනේ.. Grudge එහෙම මතක් උනානම් කලිසමත් මාරු කරන්න වෙනවා....

    ReplyDelete
  15. ඒක නම් නියම හොල්මන් කතාව අයියේ..මොකද කියවලා ඉවර වෙද්දි මාවත් හොල්මන්වුනා වගේ....(හේ..හේ..)

    ReplyDelete
  16. මේ කොල්ල බය උන හැටි මැවිලා පෙනිලා මට හිනා ගියානේ අප්පා..හේ හේ..

    ReplyDelete
  17. අයියෝ ඕවට බයවෙනවද මධුරංග මල්ලි...ඇත්ත ඇත්ත මේ සුවර් එකටම වෙන එක්කෙනෙක්..

    ReplyDelete
  18. හැක අක හැක මම බොහොම බය වුනා :පි

    ReplyDelete
  19. //නිර්මාණය හා නිර්මාණකරු එකිනෙකට ස්වායත්ත (වෙනස්) පුද්ගලයක් දෙදෙනෙකු බව සලකන්න.//

    අපි එහෙම හිතමුකො..... :)))

    ReplyDelete
  20. අනේ අම්මේ!!! ෆිල්ම් එකක් බැලුවා වගේ!!

    ReplyDelete
  21. මධුරංගයා හෙන බයයි නේ. හික්ස්. ඔය කිව්වට හොරර් ෆිල්ම් එකක් බලපුවාම අපිත් ඔහොම තමා.

    ReplyDelete
  22. බය වුනේ නෑ කියල අපි හිතුවා... හී හි හී

    ආපු පළවෙනිම බස් එකේ එල්ලිලා කොළඹට ආවා." හිනාව නවත්තන්න බෑ...

    "පිස්සුද යකෝ !! බය වෙන්න ? මේ මම ? බය කියන වචනෙවත් මම දන් නෑ !"
    හි හි හී....

    ReplyDelete
  23. ඔයා මෙච්චර බයයි කියලා කීයටවත් හිතුවේ නෑ.:D:D:D

    ReplyDelete
  24. හොරර් ‍ෆිල්ම් බැලුවහම ටිකක් ඔහොම බයවෙනවා තමයි ඉතින්... :D

    ReplyDelete
  25. කොහොම හරි ස්වායත්තය අම්බානකට බය වෙලා. කලිසමේ දෙපැත්තම තෙමිල තිබුනද ගෙදර ගිහිල්ල බලද්දි ?

    ReplyDelete
  26. නිර්මාණ කරු ගැන මොනවත් කියන්නේ නැහැ.

    ReplyDelete
  27. ඒ ස්වායක්ත පුද්ගලයන්ගෙන් කතාව කී තැනැත්තා කිසිසේත්ම අපේ මදුරංග අයිය (නෙ)වන බව දනිමි

    ReplyDelete
  28. ඒ චිත්තර පටිය මාත් බැලුවා..

    මම බය වෙලා..

    ReplyDelete
  29. හැහ්.. ඔක්කොම හොඳයි අන්තිමට බොරුවක් කිව්ව එක තමයි හරි නැත්තෙ.... One Missed Call නම් පට්ට ෆිල්ම් එකක් තමයි.

    ReplyDelete
  30. මං නම් ඔහොම සීන් වලට මුහුණ දෙන්න ආසයි :)

    ReplyDelete
  31. මදුරංග අයියා බය උනා නේ?

    ReplyDelete
  32. //මෙහි එන නම් ගම් මනඃකල්පිත වන අතර නිර්මාණය හා නිර්මාණකරු එකිනෙකට ස්වායත්ත (වෙනස්) පුද්ගලයක් දෙදෙනෙකු බව සලකන්න.//
    එහෙම කියනවමනම් පිළිගන්නම්කෝ ඉතින්...
    අම්මෝ... One Missed Call ෆිල්ම් එක නම්...

    ReplyDelete
  33. "මෙහි එන නම් ගම් මනඃකල්පිත වන අතර නිර්මාණය හා නිර්මාණකරු එකිනෙකට ස්වායත්ත (වෙනස්) පුද්ගලයක් දෙදෙනෙකු බව සලකන්න."

    හා හා එහෙම හිතන්නම් කෝ ඉතින් අයියා කියනවානේ :ඩී

    ReplyDelete
  34. අවුලක් නෑ කොල්ලා බය වුනේ නැතිවග කතාවෙන්ම ‍පැහැදිලියි.

    ReplyDelete
  35. @දිනුක :
    අන්න හරි !!! අන්න හරි !!!

    @පුබුදු :
    ආයෙත් අහලා. කිලිත් පොලනවා !!!

    @අඩවි රජ :
    රයාට තමා යකා ගහන්ඩ ඕන. මූව දිවියා කාපිය !!!

    ReplyDelete
  36. @Anonymous :
    පිස්සුද මචං මේවා ෆන් එකට ලියන මෙවුවා නෙහ්. :)

    @සයුරි :
    එතකොට කතාවේ ගතියක් නැද්ද :)

    @Pramudi :
    අන්න එහෙම මම් වගේ ඉන්න. මම් යකෙකුටවත් බය නෑ. :)

    ReplyDelete
  37. @සිඳු :
    අන්න හරි.. මාත් හූ කියන්නම්... හූඌඌඌ :)

    @නිම්ශා :
    එහෙම තනියෙන් ඉන්ඩ නිම්ෂා බය දෑ. හික්ස් :)
    ටෝන් එක නම් ගති තමා.

    @හිරුහිමාවී :
    පිස්සුදෑ.. ඒ මම් ආසම ටෝන් එක !!!

    ReplyDelete
  38. @නදී :
    ඔයා නරියෙක් නෑ.... හික්ස් :)
    අපෝ මම බය උනා වගේනේ මෙයාගේ කතාව !

    @විසිතුරු :
    කවුදෑ එහෙම කිව්වේ...

    @සාතන් :
    යේස් මිස්ට සාතන් ?? :)

    ReplyDelete
  39. @prasanna86k :
    පිස්සුද පිස්සුද .... බය ? මම දන්නෙවත් නෑ !!!

    @අපරාජිතයා :::: Aparajithaya :
    හික්ස් :)
    කාලෙකට පස්සේ දැක්කේ. මොකෑ මචං උනේ !
    පිස්සුද බන් ඔය ෆිල්ම් එක බලලා සෑහෙන කල්. ඔය ටෝන් එකට මම් මාර ලයික් !

    @සිතුවිලි දැහැන :
    ඒකනේ ඇඟ කිලිපොලා යනවා නෙහ්.... ලොමු දැහැ ගන්වන කතාවක් මේක !!!

    ReplyDelete
  40. @රෙහානි :
    මැවිලා පෙනේවි රූපේ හදේ !
    හික්ස් :) ඒ කොල්ලා බය වෙලා නෑ අප්පා !

    @රූ.... :
    අන්න අක්කට විතරයි කතාව තේරුනේ. හික්ස් :)
    පාඩම් කරනකොට හිතෙන කතාවක් අප්පා !

    @වර්ණා :
    මගේ පන එපා උනා !

    ReplyDelete
  41. @නිසුපා :
    ඒක තමා ඇත්ත කතාව !

    @ක්සැන්ඩර් | Xander :
    ඒකනේ. කොහොමද කතාව ! මල් හතයි නෙහ් !

    @පිණිබිඳු... :
    එහෙනම් රෑ වෙච්ච වෙලාවක මිරර් වගේ කතාවක් බලන්ඩ. මිරර් 1 හොදයි. :)

    ReplyDelete
  42. @සිත්තමී :
    ඇයි අප්පා ඔහේලට ඔච්චර හිනා වෙන්ඩ කාරණාවක් මම් කිව්වද !!! :)

    @Podi Kumarihami :
    පිස්සුද පොඩ්ඩි !
    මේ කතාව උනේ මට නෙමේ කිව්වත් කට්ටිය හිතන්නේ මමමයි කියලා නෙහ්. ඉතින් මට කොයිම විදිහකට හරි හිතිලා ලිව්වොත් ඒක මටම තමා අදාල වෙන්නේ :)

    @කින්නරාවි :
    හික්ස් :)
    මේක මට හිතුන සිතුවිල්ලක් කොට අක්කේ !!!

    ReplyDelete
  43. @nawammawatha :
    මේක තමා පට්ට කමෙන්ට් එක !
    මට හිනා වෙලාම හති !

    @අසරණයා :
    කියන්ඩම එපා. හික්ස් :)

    @තරුවා :
    අන්න මල්ලිට නම් වැඩේ මීටර් !!! :)

    ReplyDelete
  44. @sAm (සෑම්) :
    චිත්‍රපටිය රෑට ඇරෙන වෙලාවේ ! සද්දේ ඇසෙයි මගේ කාරෙකේ නලාවේ !

    @ලහිරු :
    ඇත්ත ටික තමා අන්තිමේදි කිව්වේ. කට්ටියම හිතන්නේ කතාව ඇත්ත, අන්තිම ටික බොරු කියලා !!! :)

    @ඉන්ද්‍රජිත් :
    ටෑන්ක්ස් !!!

    ReplyDelete
  45. @මඩිස්සලේ නිශාන් :
    යෙස් !! මාත් මාර ආසාවක් තියෙන්නේ.
    අපෙ කම්පැනි එකේ නයිටක් ගහන්න පට්ට ආසාවක් තියෙන්නේ. ඊලඟ සතියේ නයිටක් අදිනවාමයි කියලා හිතන් ඉන්නේ. පාඩම් ටික ඉවර කරගන්ඩ එපැයි !

    @Dinesh :
    අපොයි නෑ මල්ලි !

    @අකීකරු හිත :
    ඒ ෆිල්ම් එක නම් නියමයි නේ !!! හික්ස් :)

    ReplyDelete
  46. @Mahela Manura :
    යෙප් !

    @සිහින මදාරා :
    අනිවාර්යෙන්ම !! ආහ් සිහින මදාරගේ දෙවෙනි කමෙන්ට් එක ! සතුටුයි සතුටුයි !

    @දයානන්ද රත්නායක :
    ඒකනේ අයියා. කට්ටිය හිතන්නේ කොල්ලා බය වෙලාමයි කියලා !

    ReplyDelete
  47. මදු අයියා ඊයේ බය වුනේ නෑනේ

    ReplyDelete
  48. අර ප. ලි නෝට් එක දාපු වම අපිට හිතන්නවත් දෙයක් ඉතුරු වෙනවද මම අහන්නේ. අපි ඕක හිතලාම දැන් තීරණෙකට එනවනේ...

    ReplyDelete
  49. මෙහා මධුරංග බය වෙලත් එක්ක...

    ReplyDelete
  50. @....ජනියා.... :
    පිස්සුද මල්ලි. මම් එලිවෙනකන් ඇහැරන් හිටියා.

    @Il mondo di una povera pazza :
    මම් හිතුවේ ඒක නොදා ඉන්න. කට්ටිය නොමඟ යන නිසයි දැම්මේ.

    @දිනිති දීපිකා :
    අපෝ නෑ දිනිති. මම් බය උනේ නෑ...හ් !!

    ReplyDelete
  51. අපි කාටද බය කවුද අපිට බය :D

    ReplyDelete
  52. නිර්මාණය හා නිර්මාණකරු එකිනෙකට ස්වායත්ත (වෙනස්) පුද්ගලයක් දෙදෙනෙකු බව සලකන්න..
    මේ ටික තමා හරියන්නේ නැත්තේ.. ;)
    කියවන අයට ඕනේ එකක් හිතාගන්න කියලා ඔය වගේ කතා මීට පස්සේ නොදා ඉන්න අයියණ්ඩි..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.