25 June 2012

අම්මා කියපු කතාව - පළවෙනි කොටස

අදත් මොනවහරි ලියන්ඩ ඕනේ කියලා හිතුනා. ලියන්නේ මොනවද කියලා කල්පනා කරගෙන යනකොට අපේ අම්මා අපට පොඩි කාලේ කියපු කතාවක් මතක් උනා.

කතාව මේකයි !!

දන්නවනේ විහාරමහා දේවිය. ඔවු ඔවු දුටුගැමුණු රජතුමාගේ අම්මා තමා.මේ කියන්න යන කතාවත් විහාර මහා දේවිය ගැනම තමයි. ඉතින් කාවන්තිස්ස රජතුමා විහාරමහාදේවියව සරණපාවාගෙන ගොඩක් කල් ගත උනත් දේවියට දරුවෝ හිටියේ නෑ ලූ.

ඒ හන්දම මේ දේවිය ගොඩක් දුකෙන්ලු හිටියේ.දවසක් විහාරමහා දේවිය විහාරයට ගියාලු මල් පූජ කරන්ඩ. මල් පූජ කරලා එනකොට මේ දේවියට හාමුදුරු නමක් මුන ගැහුනා ලු. හාමුදුරුවන්ට දන ගහලා වැන්දලු. වැඳලා ඉවර වෙලා මේ හාමුදුරුවොත් එක්ක කතාවට වැටුනාලූ.

"දේවිය ගොඩක් කනගාටුවෙන් වගේ
පේනවා. ඒ මොකද ?" කියලා හාමුදුරුවෝ, දේවියගෙන් අහනවා.

"මට රජ සැප ලැබුනත් වැඩක් නෑ
හාමුදුරුවනේ. මට තාම දරුවෝ නැති එක ගැන කනගාටුවෙන් ජීවත් වෙන්නේ." මේ දේවියත් උත්තර දුන්නා.

ඉතින් මේ හාමුදුරු නම ජෝතිෂ්‍යය ගැන පරතෙරටම ගිය හාමුදුරු නමක් ලූ.  මේ හාමුදුරු නම දේවිය දිහා බලලා කියනවා දේවියට දරු පල තියෙනවැයි සතුටින් ජීවත් වෙන්ඩ කියලා. විහාරමහා දේවියත් මේ කාරණාව අහලා ගොඩක් සතුටු වෙනවා.

 ඊට පස්සේ මේ විහාරමහා දේවිය විහාර ගෙයට ගොඩවෙනකොටම දැක්කාලූ ගොඩාක් අසාධ්‍ය තත්වයේ හිටපු සාමනේර නමක් ! ඉතින් මේ දේවිය සාමනේර නම ලඟට කිට්ටු වෙලා
දන නමලා වැදලා එහෙම,

"ඔබ වහන්සේට ගොඩක් අසාධ්‍ය බව පේනවා !" කියලා කිව්වා.

"මම මගේ සංසාර ගමනේ එක ආත්මයක් අවසාන කරන්ඩ යනවා !" කියලා ඒ සාමනේර නමත් උත්තර දුන්නාලු. මෙන්න මේ වෙලාවේ දේවියට නුවණක් පහල වෙනවා. මේ දේවිය සාමනේර නමගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ කුසයේ ඉපදෙන්ඩ කියලා.

දන්නවනේ ජීවයක් හට ගන්ඩ ගන්ධබ්බයෙකුත් ඕනෙයි කියලා.

දේවිය මෙහෙම ඉල්ලුවාට සාමනේර නම එක පාරට කැමති වෙන්නේ නෑ. දේවියත් සෑහෙන වෙලා පෙරැත්ත කරලා අන්තිමේදි සාමනේර නමව කැමති කරව ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ මේ සාමනේර නම අපවත් උනා ලූ.

ඊට පස්සේ දේවියත් සතුටින් මාලිගාවට එනවා.කොහොමහරි කාළයක් ගත උනාට පස්සේ දේවිය ගර්භණී වෙනවා. (සතුටුයි නේ )

රජතුමාටත් මේ කාරණාව ඇහුවම ගොඩක් සතුටු හිතෙනවා.

ඊට පස්සේ මොකද උනේ ?? ඒක දැනගන්න නම් ඊලඟ පෝස්ට් එක වෙනකන් ඉන්ඩ වෙනවා.

  ප.ලි. - අදත් කතාව සෑහෙන්ඩ දිග උනා. ඉතුරු ටික ඊලඟ ලිපියෙන් ලියන්නම්. එතකන් රැඳී ඉන්න. කතාව මීට කලින් අහලා තියෙන අය ඉන්නවනම් සද්ද නොකර ඉන්ඩ !!! නැත්නම් ඊළඟ කොටස ලියලත් වැඩක් නැති වෙයි. :)

40 දෙනෙක් අදහස් පලකලා .:

උඩගෙදර said...

.

පුබුදු said...

සද්ද කරන්න මතක නෑ නෙව
ආයෙත් මතක් වෙන්න ලියන්නකෝ ඊළඟ එකත්

ක්සැන්ඩර් | Xander said...

ඔන්න ඉතින්.. මධුරංග මලයා ලස්සන කතාවක් කියලා මැදින් කෙලියා නේද තාප්පෙට...?

සඳ said...

එදා මෙදා තුර ලoකා ඉතිහාසයේ මම වඩාත්ම ගෞරව කරන කෙනා ගැන තමයි ඔයා ලියාගෙන යන්නෙ. සද්ද නොකර ඉන්න කියපු නිසා මම ඔන්න කියන්නෙ නෑ

ඒත් මෙතෙක් කතාවෙන්, ඔයාට අතපසු වුන පුoචි, ඒත් රසවත් කොටසක් මතක් කරන්නද?

දේවිය සාමනේරයින්ව මිය ගිය පසු තමාගෙ කුසේ ගැබ්ගන්න පොරොන්දුකරවගෙන, සියලු වතාවත් කරල නැවත මාළිගාවට යන්න පිටත්වුනාට මගක් ගියාම හරි අකරතැබ්බයක් උනාලු.

දේවිය ගිය කරත්තය හිටි ගමන් කරත්ත රෝදයෙ නාභිය දක්වා බිම එරුනලු. එතකොට දේවිය හිතුවලු ඒකාන්තයෙන්ම සාමනේරයින් වහන්සේ අපවත් උනා වෙන්න ඇති කියල. ඈ නිසා මාලිගාවට නොගිහින් නැවත පන්සලට එනකොට ඇත්තටම සාමනේරයින් වහන්සේ අපවත් වෙලාලු.

ඉන් පස්සෙ සාමනේරයි වහන්සේගෙ ආදාහන කටයුතුත් ඉතාම ගෞරවයෙන් සිදු කල කියල තමයි ඉතිහාස කතාවෙ තියෙන්නෙ.

ඉතිරි ටික ඉතින් ඊලන්ග සතියෙ ලිපියෙන් කියනවනෙ...

Hasitha said...

දහම් පාසල් අවසාන ශ්‍රේණියට නියමිත බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ මේ ගැන ටිප් ටොප් එකට තියෙනවා. දුට්ඨගාමිණී අභයරාජා වස්තුව කියලා තමා පොතේ ඔය කතාව තියෙන්නේ

ඒ කතාවත් එක්ක මේ කතාව බලද්දී පොඩි පොඩි වෙනස්කම් ටිකක් වෙන්න ඕනේ වගෙයි මතක.

විහාරමහාදේවියයි රජතුමායි මල් පූජා කරන්න ගියා කියන්නේ තිස්සමහාරාමෙට. ඒකෙදී තමා නායක හාමුදුරුවෝ කියන්නේ අපවත් වෙන්න ආසන්න සාමණේර නමක් ඉන්නවා උන් වහන්සේට ආරාධනා කරන්න දරුවෙක් විදිහට තමන්ගේ කුසේ පිළිසිඳ ගන්න කියලා

අයියා කිව්වා වගේම විහාරමහා දේවිය සාමණේරයන්ට තමන්ගේ ඉල්ලීම කළත් සාමණේරයෝ කියනවා දෙව්ලොව යන්න තමන් ආසාවෙන් ඉන්නේ ඒක නිසා බැහැ කියලා.

පස්සේ දේවිය කියනවා දෙව්ලොව ගියාම හරියට පින් කරන්නත් බැහැ. මගේ පුතා වෙලා ඉපදිලා මේ රටේ රජවෙලා බොහෝ පින්කම් කරන්න පුලුවන් කියලා

පස්සේ සාමණේර හාමුදුරුවෝ කැමති වුණු නිසා අටපිරිකර පූජා කරලා සුමුදු සිවුරක් පෙරවලා උන්වහන්සේට උපස්ථාන කරලා දේවිය මාළිගාවට එන්න පිටත් වෙලා ටික දුරක් ගියාම කරත්තේ රෝදේ පොළවට ගිලා බැස්සා කියනවා රෝදේ නාභිය වෙනකම්ම.

ඒකෙන් දේවිය දැනගන්නවා සාමණේරයන් අපවත් වෙලා තමන්ගේ කුසේ පිළිසිඳ ගත් බව. පස්සේ දේවිය නැවත විහාරයට ගිහින් සාමණේරයන්ගේ ආදාහන කටයුතු කරලා මාළිගාවට පිටත් වෙනවා.

ඉතිරිය ගැන කිසිවක් නොකියමි :D

sAm (සෑම්) said...

//අදත් කතාව සෑහෙන්ඩ දිග උනා. //

උඹ මෙහෙව් කොට ඒවට දිගයි කියද්දි අනිත් ඒව කොහොම ඇතිද කියල අපිට තේරෙනවා :)

සයුරි said...

ඔන්න ඉතින් මධු මල්ලිත් කොටස් දාන්න පටන් අරගෙන නේ :( ඉක්මනට දෙන්ඩෝ

පොඩි මෑන් said...

ඇයි බං අයියෙ..... මේවට දිගයි කියනවද... මම ලින්ක් දෙන්න පෝස්ට් දෙක තුනකට බලපං කොච්චර දිගද කියල..

කියවන්න පටන්ගන්නකොටම ඉවර වෙලා.. උබේ තියෙන කම්මැලිකමට බොරුවට දානව මෙතන දිගයි දිගයි කියල..

නිම්ශා said...

අනේ අම්මෝ හරි දිගයි පොස්ට් එක ..කොටම කොටයි..

Dinesh said...

මේ මොන දිගග්ද අයියේ.. ලියල දාන්නනේ තිබ්බේ.. ඔක්කොම...

වින්චැට් කිරිල්ලි. said...

අයියෝ..ඔක්කොම ලිව්ව නම් මොකෝ වෙන්නෙ..?

සරත් ලංකාප්‍රිය said...

මටත් ඔය කතාව අපේ අම්ම තමයි කිවුවේ.. අද වගේ මතකයි..

prasanna86k said...

කම්මැලියෝ... අපිව මෙහෙම අපහසුතාවයට පත් කරන්න එපා.... ඉක්මනට ලියහං ඉතුරු ටික.

Podi Kumarihami said...

අහලා තියනවා වගේ. ඒත් හරියට මතක නෑ. ඒ හන්දා ආසාවෙන් අහගෙන ඉන්නවා.

සිතුවිලි දැහැන said...

අයියෝ පටන් ගත්ත ගමන් අයියා නැවැත්තුවනේ..ඉතිරි ටිකත් දාන්නකෝ ඉක්මනට....

නිසුපා said...

//අදත් කතාව සෑහෙන්ඩ දිග උනා. //

ඈහ්..... මේ පෝස්ට් එකේ දිගක් පේන්නෙ නෑ මට නම්.:O

සිහින සිත්තම් said...

මධූ අයියත් ඕන් රැල්ලට අහුවෙලා මම අහන්නෙ බොරුද? එච්චර දිග පෝස්ටි එකක් නෙවෙයිනෙ මේක.කියවන්න ගත්ත විතරයි ඉවර වෙලා..මෙන්න ඊලග කොටසෙන් බලන්නලු...

හරි හරි ඉක්මන් කරන්නෝ ඔය කම්මැලි කම අතෑරලා...අපි බලන් ඉන්නවා

කනියා said...

දික් උනා? හයියෝ දිග නෑනේ අයියේ එච්චර?

අඩවි රජ said...

සිරාවට පෝස්ටුව මාර දිගයි ඈ....

ඕං සද්ද කරන්නෑ.. පව්නේ මධූවා :)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!

දිනුක said...

හපොයි හපොයි රජ කතා සීරීස් එකක්ද?දැං රට යන පැත්තට බ්ලොගේ ලියනවැයි???

රොබින් said...

ඊගාව කොටසත් ඉක්මනට දාන්නෝ ..

රාජ් said...

මාත් අහල තියනව ථූපවංසෙද කොහෙද තියෙන්නෙ. දොලදුක ගැන එහෙමත් හොඳ කතාවක් තියනව.
//අදත් කතාව සෑහෙන්ඩ දිග උනා.// බි.පෙ.සි.

සිඳු said...

සැපට ඉඳගෙන කියවන්න ගත්තා විතරයි මෙන්න කතාව ඉවරයි, ඒ මදිවට මැද්දෙන්. දිගයි කියන්නත් එනව තව. ඉක්මනින් දාන්න මල්ලි ඉතුරු ටික

sithuwam said...

බොරු කරන්නෙපා බන්.කම්මැලි නොවී ලියපන්.

Rozan Fernando said...

ඉතිරි ටිකත් කියන්න...
මාත් බ්ලොග් කලාවට අලුතින් එකතු උන කෙනෙක්. පුළුවන් වෙලාවක ඇවිත් යන්න එන්න.

http://rozz12.blogspot.com/2012/06/blog-post_26.html

හිතුවක්කාරි said...

මාත් අහල තිබ්බට මතකයක් නෑ වැඩිය.. :)

දිග වැඩි නැද්ද ලිපිය??

ලහිරු said...

උඹට පෝස්ට් ගාණ වැඩිකරගන්න නේද ඕන? කම්මැලියා....

ඉන්ද්‍රජිත් said...

හොද කතාවක ඇරබුමක්...

අසරණයා said...

මොනවද බං ඒ වගේ වැඩ කරන්නේ. පහන සංවේගයෙන් කියවගෙන යද්දී කේන්ති ඇවිල්ල අපිට පව් පිරෙනවා.

මධුරංග said...

@උඩගෙදර :
ඩොට් !

@පුබුදු :
හොද වෙලාවට කතාව මතක නැත්තේ. හික්ස් :)

@ක්සැන්ඩර් | Xander :
කතාව දිග වැඩියි කියලයි මැද්දෙන් කැඩුවේ. කියවන්නාට ලේසි වෙන්ඩ එපැයි !!!

මධුරංග said...

@සඳ :
අඩු ලුහුඩු පිරෙව්වට ගොඩක් ස්තුතියි සඳ !!!
නොදන්න දේවල් දැනගන්න තියෙනවනම් ඊට වඩා දෙයක් තියේ යෑ.

@Hasitha :
කතාව නිවැරදි කලාට මල්ලිට ස්තුතියි !
මල්ලිලා ඉතින් ඉතිහාසේ ඉගෙන ගන්න ඈයෝ නෙව.

@sAm (සෑම්) :
ඇයි මේක දිග පෝස්ට් එකක් නෙමේද. බලහන්කෝ ස්ක්‍රොල් බාර් එකත් පොඩි වෙලා. :)

මධුරංග said...

@සයුරි :
දවසක් දෙන්ඩ. කතාව දෙන්නම් :)

@පොඩි මෑන් :
පොඩි උනාට මේකෑ කටේ සැර !!
හරි යකෝ....ආයේ කතාව කඩන් නෑ. :)

@නිම්ශා :
මේ පෝස්ට් එක දිගයි නේන්නම් :)
හරි හරි ආයේ කෑලි කඩන් නෑ.

මධුරංග said...

@Dinesh :
දැන් නම් හිතෙනවා කෑලි කඩපු මෝඩකම කියලා.

@වින්චැට් කිරිල්ලි. :
එතකොට ඔහේලා කතාව දිගයි කියලා කෑ ගැහුවොත්....

@සරත් ලංකාප්‍රිය :
ඔය මතක් වෙන්නේ... :)

මධුරංග said...

@prasanna86k :
හරි හරි දෙයියනේ... ආයේ කෑලි කඩලා ලියන් නෑ.

@Podi Kumarihami :
මං කියන දෙයක් ගෑල්ලමයෙක් ආසාවෙන් අහගෙන ඉන්න පලවෙනිම අවස්ථාවද කොහෙද .... සතුටේ බැරුවා !!! :)

@සිතුවිලි දැහැන :
හරි හරි... එක දවසකින් කතාව දානවා !!!

මධුරංග said...

@නිසුපා :
අනේ මන්දා... මට දිග පෝස්ට් ඔයාලට කොටට පේන්නේ කොහොමද කියලා. :)

@සිහින සිත්තම් :
ඔන්න එහෙනම් ලියලා දාලා තියෙන්නේ. අම්බෝ මම් කම්මැලියෙක් නෙමේ... :)

@කනියා :
ඔය කිව්වේ නම් පෝස්ට් එක ගැන නෙමේ... හික්ස් :)
මොනවා උනත් පට්ට කමෙන්ට් එක !!! මට හිනා වෙලාම හක්කත් රිදෙනවා !

මධුරංග said...

@අඩවි රජ :
අන්න හරි.. රජා උනත් කට පියාන ඉන්න එක හොදා. :)

@දිනුක :
නෑ නෑ නෑ... මේකයි තව එක කොටසකුයි විතරමයි තියෙන්නේ !!!!

@රොබින් :
ඔන්න දැම්මෝ !!! කියවන්ඩෝ !!

මධුරංග said...

@රාජ් :
දොලදුක ගැන තමා ඊලඟ ලිපිය !!
මොකෝ බි.පෙ.සි. ???

@සිඳු :
එහෙනම් ඉක්මනටම ඉතුරු කොටසත් ලියන්නම්. :)

@sithuwam :
හරි හරි ලියනවා ලියනවා. :)

මධුරංග said...

@Rozan Fernando :
ඔන්න මම් ඔයා ලියපු සේරම පෝස්ට් ටික කියෙව්වා. මගේ අඩවියට පැමිනි ඔබව සාදරයෙන් පිලිගන්නවා !!!

@හිතුවක්කාරි :
ඔයාට විතරමයි තේරුනේ මේ ලිපිය සෑහෙන්ඩ දිගයි කියලා.
අන්න එහෙම තමා හොඳ නංගිලා ඉන්ඩඕනා !!!

@ලහිරු :
අපෝ එහෙම නෑ...
කියවන උන්ට ලේසි වෙන්ඩයි කෑලි කැඩුවේ !!!

මධුරංග said...

@ඉන්ද්‍රජිත් :
හ්ම්... ඉතුරු කොටසත් කියවන්ඩ !!!

@අසරණයා :
අපොයි කිරියම්මේ... මම් මාර පවක් නේ කරන් තියෙන්නේ.

වර්ණ said...

ඕකනෙ ඉතින් අතර මගදි ඇඩ් දාන එක තමා කාල ඉන්න බැරි

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.