30 April 2012

හැලීගේ ධූමකේතුව

ජීවිතය දිහා එක එක්කෙනා බලන විදිහ එකිනෙකට වෙනස්. ඒ වෙන වෙනස් විදි චිත්‍ර වල ඇදපු පින්තූර මේල් එකක් මේ ලඟකදි මට බලන්ඩ ලැබුනා. ඒ පින්තූර වලින් මගේ හිතට අල්ලලා ගියපු පින්තූරේ තමයි පහලින් තියෙන්නේ.



හැලීගේ  ධූම කේතුව !!!

හැලීගේ ධූම කේතුව කියලා  වසර 76කට විතර වතාවක් විතර පෘථුවි වාසින්ට දකින්න හම්බ වෙන ආකාස වස්තුවක් !!!

ඔය කියන හැලීගේ ධූම කේතුව අන්තිම වතාවට දර්ශනය උනේ  1986 අවුරුද්දේ පෙබරවාරි 9 වෙනිදා !!

ආයෙමත් මේ ධූම කේතුව දර්ශනය වෙන්න නියමිතව තියෙන්නේ 2061 අවුරුද්දේ ජූලි 28 වෙනිදට !

අවුරුදු  76කට වතාවක් දර්ශනය වෙන නිසා වැඩිම උනොත් මනුස්සයෙක්ගේ ජීවිත කාලය ඇතුලත මේ ධූමකේතුව දෙපාරක් බලන්ඩ පුළුවන් වෙයි ! (
මට නම් එක වතාවක් වත් බලන්ඩ වෙන්නේ නෑ)
  
ඒ අතින් බලනකොට අවුරුදු 2000කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන ශ්‍රී මහා බෝධින් වහන්සේ ඉහලින් කී වතාවක් නම් මේ ධූමකේතුව පායන්ට ඇති ද !!!

ප.ලි. - වැඩි විස්තර කියවන්ඩ ඕන කෙනෙක් ඉන්නවා නම් මෙන්න විකිපීඩියා සබැඳිය !

36 දෙනෙක් අදහස් පලකලා .:

~~තරූගේ ලෝකය~~; said...

හෆ්ෆටසිලි මාත් ආසම දෙයක් තමයි තරු බලන එක..
මේ මාර කේස් එක කියන්නෙ හැමවෙලේම මටමනෙ තරු පේන්නේ...

රූ.... said...

හිතන්න වටින දෙයක් තමා..
මිනිස් ජීවිතේ කොච්චර කෙටිද නේද? වල්ගා තරුවක් වටයක් ගිහිල්ලා එනකල්වත් පවතින්නෙ නෑනෙ..

කනියා said...

මටත් ඕක බලාගන්න වෙන්නේ නැති වෙයි මගේ හිතේ...

කිරිපුතා said...

මටත් එක පාරක්වත් බලන්න වෙන්නෙ නෑ.
86දි මම ඉපදිලා නෑ. 2061 දී මම මැරිලා. දුක තමයි හැලී......

තාරා said...

මොකෝ මේ එක පාරටම ධූමකේතුවක් මතක් උනේ???

අග්නි ධාරා... said...

හ්ම්මම්.....සෑහෙන්න දේවල් හිතන්න ඕනෙ පින්තූරයක්.....:)

මහි said...

අපේ ජීවිතේ කොයි තරම් කෙටිද කියලා අවබෝධ වුණා අයියේ.......

~~**Daga Malla**~~

ගොඩගමයා said...

මටත් එහෙම තම
1986 වෙද්දී එපදිල හිටියට තේරුමක් න මටත්..:(

වින්චැට්කිරිල්ලි. said...

මටත් නම් ඕක බලන්න වෙන්නෙ නැහැ කවදාවත් ෂික්...

Dinesh said...

2061 නේ??? ඉදීද කියලා ශුවර් නෑ අයියේ...

සයුරි said...

86 එක මටනම් මිස් උනා :( එතකොට මට අවුරුද්දයිනේ. ඒ කියන්නේ මටත් මේක කවදාවත් බලන්න වෙන්නේ නෑ.

Podi Kumarihami said...

දැකලා නම් නෑ. කවදා දකින්ට වෙයිද දන්නෙත් නෑ.

prasanna86k said...

මටත් ඕක දකින එක ගැන විශ්වාසයක් නෑ... අපි ඒක නිස වෙන එකක් බලමු බං...

දයානන්ද රත්නායක said...

මම නම් 86 දි යාන්තම් කුඩා කාලේ එක සතිගානක් තිස්සේ දැක්කා.
61 ත් බලන්න හිතාගෙන ඉන්නවා. ඊට කලින් එක්ස්ප්‍රස් බස් එක ආවොත් යනවා. නොගිහින් බෑනේ.
මේක ජය ශ්‍රී මහ බෝධියට ඉහලින් 36 වතාවක් පායලා තියනවා.
මේක 61 දි බලන්න මොකක් හරි පොඩි උප්පරවැට්ටියක් දාමුද.?

අනූ said...

අපිටත් බැරි වෙයි... ඊට වඩා කෙටි කාලෙකින් පේන තරු නැද්ද? මේ.....................වල්ග තරු..... :)))

ක්සැන්ඩර් | Xander said...

86 හිටියට ඕක දැක්කේ නෑ නේ. 2061 දකින්න වෙයිද දන්නෙත් නෑ නේ.

මඩිස්සලේ නිශාන් said...

අපිට බලන්න වෙන එහෙකුත් නැහැ :(

පැතුම් [සිතුම් පැතුම්] said...

හැලීගේ ධුම කේතුව අපි ආත්ම කීයක ඉන්නවා දැකල තියෙන්න ඇත්ද.? මට හිතෙන්නේ එහෙම.

අපි පෙර ආත්ම කීයක මේ ධුම කේතුව දකින්න ඇත්ද. ඉතින් ඒ ධුම කේතුව කීපාරක් අපිව දකින්න ඇත්ද.

Maneka said...

අහ් මට හරියටම අවුරුදු 76 දී ඕක බලන්න ඇහැක් වෙයි එහෙනම්...ඒත් ඊට කලින් යන්ඩ වුනොත් හොඳයි!

හිතුවක්කාරි said...

ශික්!!! මට ඕක බලන්න වෙන්නෙත් නෑනෙ..:(

sAm (සෑම්) said...

ශ්‍රී මහා බෝධිය ගැන කිව්ව නිසා මතක් වුනේ..

කොච්චර නම් විපරියාස දිහා බලාගෙන වැඩ සිටින වෘක්ෂයක්ද??

Kushi said...

මම නම් 1986 දි හැලිගෙ දූම කෙතුව හොඳටම බලාගත්තා, මිනින්දොරු දෙපාර්තුමෙන්තුවෙ හිටපු මගෙ මාමා ගෙනාපු ටෙලස්කොප් එකෙන් එතකොට මට අවුරුදු 6යි

පොඩි මෑන් said...

අර මොකෝ.... ?? අවුරුදු 76ක් ඉන්න එකක නෑ කියල හිතනවැයි ??

හිතහොඳ පිස්සා said...

මම නම් ඕක බලනව කොහොම හරි.........

නිසුපා said...

අඩේ මට යාන්තම් දවස් දවස් ගානනෙ ඕක 86 පායනකොට.2061 අනේ මන්දා පුලුවන් වෙයිද කියලා.බලමුකෝ නේද??

දිනුක said...

ආ 2061දි නං බලාගන්ඩ පුළුවං.ආතර් සී. ක්ලාක් මහත්තයා කිව්වෙ ඕකට 2061දි මිනිස්සු යනවා කියලා.

මධුරංග said...

@~~තරූගේ ලෝකය~~; :
වැඩ වැඩි උනාම වෙලාවකට මටත් තරු පේනවා.

@රූ.... :
හැමදේම අනිත්‍යයයි නේ !!!
කිසිම දෙයක් සදාකාලිකව පවතින්නේ නෑ. ඔය තරුවත් කවදාහරි නැති වෙලා යාවි.

@කිරිපුතා :
දුක තමයි හැලී කඳුළු නාවට !!!!

මධුරංග said...

@තාරා :
මේල් එකක් ලැබුන හන්දා. හික්ස් :)

@අග්නි ධාරා... :
හිතන්ඩ හිතන්ඩ. හිතලා මොනමහරි දෙයක් කියන්ඩ.

@මහි :
මේ ජීවිතේ සෑහෙන්ඩ කෙටියි. ඒ කෙටි කාලේදි තමා මිනිස්සු ගහ මරාගන්නේ.

මධුරංග said...

@ගොඩගමයා :
අපරාදේ. ඒ කාලේ ඕක දැක්කා නම්....

@වින්චැට්කිරිල්ලි.:
පින්තූරයකින්වත් බලමු ඈ. නංගි කියනවා නම් මම් තරුව ගෙදෙටම එවන්නම්. හික්ස් :)

@Dinesh :
මටත් ෂුවර් නෑ....

මධුරංග said...

@සයුරි :
දුක තමයි හලෝ. මොනා කරන්නද. ඔහේට අවුරුද්දක් වෙච්ච එකේ අම්මට කියන්ඩ තිබ්බනේ ඕක පෙන්වන්ඩ කියලා. :)

@Podi Kumarihami :
86දි පෙනිච්ච එක බලන්ඩ බැරි උනාද ?? හික්ස් :)

@prasanna86k :
බලන එක මගේ පෙන් එකටත් කොපි කලා නම්....

මධුරංග said...

@දයානන්ද රත්නායක :
මොකක් හරි උප්පරවැට්ටියක් දාන්ඩම වෙනවා. ඒ අතින් බලාගෙන යනකොට අයියා වාසනාවන්තයි නෙව.

@අනූ :
කෙටි කාලෙකින් පේන තරුත් තියෙනවා. කනට දෙකක් දුන්නම ඒවා බලාගන්ඩ පුලුවන්...

@ක්සැන්ඩර් | Xander :
මොනා කරන්ඩ ද. ජීවිතේ ෂුවර් නෑනේ.

මධුරංග said...

@මඩිස්සලේ නිශාන් :
මට හිතුනා.....

@පැතුම් [සිතුම් පැතුම්] :
ඒ කතාව හරි නේන්නම්. අපි ඉපදෙනවා මැරෙනවා. ආයෙම ඉපදෙනවා ආයෙම මැරෙනවා.

@Maneka :
යන්ඩ උනොත් හොදයි කියන්නේ මොකෝ මනෙකා ???

මධුරංග said...

@හිතුවක්කාරි :
මොනවා කරන්ඩ ද නංගි !!!

@sAm (සෑම්) :
කතාව සහතික ඇත්ත ය සෑමෝ !!

@Kushi :
අඩේ මරු නේ. ප්ලෑන් කරලම බලලා තියෙන්නේ.

මධුරංග said...

@පොඩි මෑන් :
හිතෙනවා නේන්නම්.

@හිතහොඳ පිස්සා :
අන්න හරි. අපි එහෙම හිතමු !!!

@නිසුපා :
බලමුකෝ බලමුකෝ !!!

මධුරංග said...

@දිනුක :
එහෙනම් බ්ලොග් ලියන සෙට් එක එකතු වෙලා ඕකට යන් !!!

Hasitha said...

මට නම් බලන්න පුලුවන් වෙයි වගේ. 2061 වෙද්දී මට වයස අවුරුදු 72 :D

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.