20 March 2012

ක්‍රෙඩිට් කාඩ්

මං කලින් පෝස්ට් එකකත් කිව්වා නේ ගිය සතියේ අපේ උපාධි උත්සවය තිබ්බා කියලා. ඒ උත්සවයේ වැඩ කටයුතු ඉවර වෙලා ශාලාවෙන් එලියට එන්න හදනකොටම කළු පාටට යුනිෆෝම් එකක් ඇඳගත්තු කට්ටියක් අපි ඉන්න පැත්තට ආවා.

"සර් ! අපි අහවල් බැංකුවෙන්. සර් ක්‍රෙඩිට් කාඩ් එකකට ඇප්ලයි කරන්න කැමතිද ?" කියලා ඔහොම්ම ප්‍රශ්න ගොඩක් අහගෙන ගියා.ඊට පස්සේ කාඩ් එකක් ගැනීමෙන් ලැබෙන වාසි එහෙමත් කියාගෙන කියාගෙන කියාගෙන ගියා.

මාත් ඒ කියපු හැමදේම අහගෙන ඉදලා "මට නම් දැන්ම ක්‍රෙඩිට් කාඩ් ඕන නෑ." කියලා යන්න හැරුනා. මොන යෑමක්ද!!!

පුදුම ආදරේකින් කාඩ් එක ඇඟේම ගහන්න හදනවා.

එදා නම් යන්තන් කාඩ් එකක් ගත්තා කියලා ෂේප් වෙලා ආවා. ඊට පහුවෙනිදා අපේ ග්‍රැජුවේශන් ෆොටෝ එක ගන්න දවසෙත් මේ කට්ටිය ඇවිදින්!!

පයින් ගහලා එලෙව්වත් යන්නේ නැති ගානයි !!

බැරිම තැන ඕන මඟුලක් වෙන්ඩ කියලා නමයි ෆෝන් නම්බර් එකයි දුන්නා. (එච්චරමයි ඉල්ලලා තිබ්බේ.අනිත් එවුවා පස්සේ ලූ)

ෆෝන් නම්බර් එක දීපු එක මල වදයක් උනා. මේ ටිකේ දිගින් දිගටම කෝල් එනවා !!!! දැන් නම් 011 නම්බර් එකකින් කෝල් එකක් ආවත් ආන්සර් කරන්නේ නම් නෑ.ඔය ක්‍රෙඩිට් කඩ් එකක් ගත්තා කියලා මට නම් මේ ලෝකේ තේරුමක් නෑ. මට නම් ඔය කාඩ් ගැනිල්ල අතට ගන්න පඩියට කෙල වෙන පොටක් විතරයි !!
------------------------------------------------------------------
ප.ලි. - මේ ටිකේ මගේ සොෆ්ට්වෙයාර් කෑල්ලේ වැඩ ඉවර නිසා වැඩපොලේදිත් මට බ්ලොග් ලියන්ඩ පුලුවන් !! ඒ උනාට බ්ලොග් කියවන්න තමා බැරි. බ්ලොග්ස්පොට් ලෝඩ් වෙන්නේ නෑ. බ්ලොක් කරල. :(

34 comments:

  1. ක්‍රෙඩිට් කාඩ් එක හොඳ දෙයක් හැබැයි පමණ නොදැන වියදම් කරන්නන්ට විනාශයක්.. මධුරංගට තමුන් ගැන එච්චර විස්වාසයක් නැහැවගේ..

    ReplyDelete
  2. ක්‍රෙඩිට් කාඩ් නරකක් නෑ... හැබැයි ඉතිං ඈත් කරල තියාගන්න තරමට හොඳයි... කොච්චර වුනත් ණයක්නෙ...

    ReplyDelete
  3. මේ ගැන බිඟුවාත් පෝස්ටුවක් ලියලා තියනවා දැක්කා..රත්තරන් පිහියකින් ඇණගතිමි වගේ නමකින්..

    මම දැකලා තියන විදිහට හොඳටම ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නෙ අපේ බොස්..අවුරුදු 15ක් විතර කාඩ් 3ක් පාවිච්චි කරත් එක දවසක්වත් සතයක් වැඩිපුර ගෙවලා නෑ..(පොළි,ලේට් පේමන්ට් විදිහට) එහෙම වෙන්නෙ බිල් හරි වෙලාවට සෙට්ල් කරන නිසා.

    දවසක් ක්‍රෙඩිට් කාඩ් කොම්පැනියකින් කතා කරලා කියලා සර්ගෙ අනික් ක්‍රෙඩිට් කාඩ් වල ශේෂයත් මේ කාඩ් එකෙන්ම ගෙවන්න පුළුවන් රුපියල් 2-3ද කොහෙද වැඩියෙන් යන්නෙ කියලා..බොස් එයගෙන් අහලා ණයක් තව ණයකින් සෙට්ල් කරන්න තරම් මම බංකොලොත් නෑ කියලා...:D

    ReplyDelete
  4. ඔයාලගෙ කම්පැනියෙ ඒ තරම්ම බ්ලොග් කියවන කස්ටිය ඉන්නවද?

    බැංකු, රක්ෂණ ඔක්කොම එකයි.... හරියට බස් කොන්දොස්තරලා වගෙයි නග්ග ගන්නකන් ආදරෙයි.. බස්සන්නෙ තල්ලු කරලා..

    ReplyDelete
  5. නොගෙන ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

    දැන් ගොඩක් බැංකු වලින් දෙන ඒටී එම් කාඩ් එකෙනුත් ගෙවන්න පුළුවන් ක්‍රෙඩ්ට් කාඩ් වගේම හැබැයි යන්නේ අපේ එකවුන්ට් එකේ සල්ලි ඒක හොඳයි ක්‍රෙඩිට් කාඩ් එකකට වඩා මට නම්

    මට මේ ලඟදි කෙනෙක් හම්බ උනා රස්සාව නැති වෙලා දැන් කාඩ් එකේ ණය තියෙනවාලු බර ගානක් මිනිහා ගැලවෙන්න බැරි උගුලක හිර වෙලා කිව්වා දැන් ඉන්නේ

    ReplyDelete
  6. ක්‍රෙඩිට් කාඩ් එක නරක දෙයක් නෙමේ. ඉස්සෙල්ලම කරන්න ඕනෙ වාර්ෂික අය කිරීමක් නැති ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න එක. බැංකු අතර තරඟය නිසා, දැන් කරදරයක් නැතිව ඒ වගේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන්. අනික් කාරනාව, ණයට ලැබුන කියල අදායමට වඩා වියදම් නොකිරීම. සමහර කාඩ් වල දින 30 සහ සමහර කාඩ් දින 55-60 දක්වා ණය පහසුකම දෙනව. නියමිත දිනේට පෙර මුළු ණය මුදලම ගෙවා දාන්න. එවිට පොලී හෝ වෙන ගාස්තු මොනවත් එකතු වෙන්නෙ නෑ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඉස්සෙල්ල කොන්දේසි [පොඩි අකුරෙන් ලියල තියෙන එව පවා] හොඳින් කියවන්න. පැහැදිලි නැති හෝ අවාසි සහගත තැනක් තියෙනවා කියල හිතෙනවා නං සහ නිකුත් කරන බැංකු සේවකයා ඒ ගැන නිසි පැහැදිලි කිරීමක් කරන්නෙ නැත්තන් ඒ කාඩ් එක කොහෙත්ම ගන්න එපා. ක්‍රෙඩිට් කාඩ් ඉශූ කරනව හැම බන්කුවෙන්ම, තමන්ට ගැලපෙන වාර්ෂික අය කිරීම් නැති එකක් මිස ගන්න එපා. සමහර ඒවයෙ සීනි තවරල තියෙනවා, වාර්ෂික ගාස්තුවක් ගෙව්වම 'ෆ්ලයි බයි' පොයින්ට්ස් දෙනව වගේ ඒවා. ඒවායින් පියාඹන්න ඉස්සෙල්ල ඌරන්ට තටු එනව.

    ReplyDelete
  7. හැමදේම දැනගෙන කලේ නැත්නම් අතර මග, ඉතින් මේකත් එහෙමයි. මේක දැක්ක ගමන් තමා මතක් වුනේ බූඩිගේ "cc බිල්ලා" සීරිස් එකත් කාලෙකින් අල්ලන්න බැරි උනා, ලගදිම පෝස්ට් එකක් දාන්න ඕනේ

    ReplyDelete
  8. ක්‍රෙඩිට් කාඩ් එකක් හොඳයි හැබැයි ස්ථාවර ආදායමක් තියාගන ගන්න, නැතුව නම් හොඳම නෑ,

    ReplyDelete
  9. මාත් හිතන්නේ නොගන ඉන්නවනම් හොඳයි මල්ලී .

    ReplyDelete
  10. අපිට එදා ඩොලර් 10,000 credit card එකක් හම්බ උනා. අපි නම් ඉතින් ගත්තා...හී හී..

    ReplyDelete
  11. මාත් ඔබ්සර්වර් කියන දෙයට එකඟයි. නමුත් ලංකාවේ බැංකු විතරක් නොවේ රක්ෂණය වගේ දේවල් (කොටින්ම මුළු පව්ද්ගලික වෙළඳ පොලම) බටහිර මුලික වෙළඳ පොළ නීති අනුව ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමා මුලික ප්‍රශ්නය. මාත් අවුරුදු දෙකක් තුනක් විතර ජිවත් උනා ක්‍රෙඩිට් කාර්ඩ් නැතුව. ඒත් ජීවිතය දුෂ්කරයි. මා ක්‍රෙඩිට් කාර්ඩ් එකට සත පහක් වැඩිපුර දෙන්නේ නැහැ. ඒකෙන් ඇත්තටම සල්ලි කියක් හරි හොයා ගන්නවා.

    ReplyDelete
  12. අපොයි. ක්රෙනඩිට් කාඩ් නොගෙන ඉන්න තරමට හිතට සනීපයි. එක දවසක් හරි ගෙවන්න පමා වුණොත් ගෙදරට කෝල් කරනවා. මට පෙන්නන්ම බැරි දේ ඒක.

    ReplyDelete
  13. ක්‍රෙඩිට් කාඩ් ගන්න ඕනෑ ගනු දෙනු පහසුවට මිස ණය වෙන්න නෙමේ. නෙට් එකෙන් වැඩ පහසුයි. හැබැයි ඩෙබිට් කාඩ් එකකිනුත් ඒ පහසුව ලැබෙනවා.

    සේවින්ස් එකෙන් නියමිත දිනට ඔටෝ ඩෙබිට් වෙන්න මං සෙට් කරලායි තියෙන්නේ.

    ණයට ගන්න නං ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා!

    ReplyDelete
  14. නැතුවට කමක් නෑ වගේ........

    ReplyDelete
  15. මමත් හරියට ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරනවා..හැබැයි ණය වෙන්ඩ නෙවෙයි..හැම වෙලාවෙම සල්ලි අරන් යන්න ඕනි නෑ..හැබැයි පොලී රහිත කාලසීමාවෙම ගෙව්වොත් පාඩුත් නෑ වැඩේ..

    ReplyDelete
  16. මං නම් ආසම නැති දෙයක් මලේ ණයට ගන්නවා කියන්නේ. ඒ ණය ගෙවනකං, ඔලුව උඩ කළුගලක් තියලා වගේ....

    ReplyDelete
  17. අපිට නම් කාඩ් තියන එක වාසි කිහිපයක්......

    ReplyDelete
  18. අපට මොන ක්‍රෙඩිට් කාඩ්ද අයියා තියෙන ඩෙබිට් එකෙත් රු 1000යි :D

    ReplyDelete
  19. හික්.මේ ඊයෙ පෙරේදා මාත් එකක් ඇප්ලයි කොරා නොවැ.

    ReplyDelete
  20. මං ගාව නැති එකම දේ ඕක තමයි.. වාසි නැත්තේ නෑ.. ඒත් ණය වෙන්න මම කැමති නෑ..

    ReplyDelete
  21. ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ අතින් කයිට් වීමක්ද මන්ද

    ReplyDelete
  22. මම ක්‍රෙඩිට් කාඩ් හොදයි කිවොත් ඉතින් ඒක මම බෑන්ක් නිසා කියලා කියනවානේ.. ඒ වගෙම නරකයි කිවොත් බෑන්කුවක ඉදලත් කියන එවා කියනවනේ... මට හිතෙන විදිහට කියන්නම්...

    ඈත්තටම තමන්ට දරන්න පුලුවන් කියලා හිතනවානම් විතරක් ගන්න... එත් හදිසියකට අතේ සල්ලි නෑත්නම් ලග පාත ඉල්ල ගන්න පුලුවන් කෙනෙකුත් නෑත්නම් ක්‍රෙඩිට් කාඩ් එක ගොඩාක් වටිනවා..

    ඒකට නම් පොලි ගෙවන්න වෙනවා.. එත් ඒක ඒ තරම් ලොකු මුදලක් වෙන්නේ නෑ....

    ඒ වගෙම ඉතින් මම නම් හිතන්නේ හරියට මෑනෙජ් කරගන්න දන්නවනම් cරෙඩිට් කාඩ් ගොඩාක් වෑදගත්.. ලේසියි....

    මමත් පාවිච්චි කරන නිසා එක මම දන්නවා

    ReplyDelete
  23. ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නෙ ඉතාමත් වාසි සහගත දෙයක්. ඉතාම ප්‍රයෝජනවත්. මට නම් ඒක ඉතාම ප්‍රයෝජනවත්. කිසිම අවාසියක් කිසිම අලාභයක් මට වෙලා නෑ. මගෙ කාඩ් එකේ අනවශ්‍ය බදු නෑ. ඉතින් මම නම් ක්‍ක්‍රෙඩිට් කාඩ් වලට හුඟක් කැමතියි. මේ මගේ අදහස. එකිනෙකාගේ අදහස් වෙනස්නෙ.
    තමන්ට පාලනය කරන්න පුලුවන් නම් එච්චරයි. තමුත් දැනගන්න ඕනෙ තමුන්ට වියදම් කරන්න පුළුවන් උපරිමය, තමුන්ට සීමා පනවාගන්න ඕනෙ.
    මගෙ පඩිය වගේ 5 ගුණයක් විතර මගෙ ක්‍රෙඩිට් ලිමිට් එක තිබ්බට, මම වියදම් කරන්නෙ මට ගෙවන්න පුළුවන් ගාණ. හුඟක් අවස්ථා වල මම අතේ සල්ලි තියාගන්නෙත් අඩුවෙන්, කාඩ් එකෙන් ගෙවල ebanking වලින් බිල ගෙවනව. මාරම පහසුයි හැම අතින්ම.

    ReplyDelete
  24. CC ගන්න එපා කියන එක හරියට අන්තර්ජාලයේ අසබ්ය වෙබ් අඩවි තියනවා කියල අපේ අම්මලාගේ පරම්පරාව අන්තර්ජාලයට බයේ හිටිය වගේ දෙයක්. ක්‍රෙඩිට් කාඩ් එකක් නෙමෙඉ ඕනිම දෙයක් නිවැරදිව පාවිච්චි කරන්න පුරුදු වෙන එකයි වැදගත් වෙන්නේ. අපි දැනගන්න ඕනි හැම වෙලේම මාසේ අදායමට අඩුවෙන් වියදන් කරන්න. පහසුවට අමතරව හදිසි අවස්ථාවකදී ලොකු වියදමක් කරන්න ඕනි උනොත් (අසනිපෙකදී / අනතුරකදී ) ක්‍රෙඩිට් කාඩ් එකක් හරිම ප්‍රයෝජන වත් වෙන්න පුළුවන්. තව සමහර කාලයක් පාවිච්චි කරන දේවල් මිලදී ගද්දි එකවර මුදල් නොගෙවා කොටස් වශයෙන් ගෙවන්න නම් ඉස්සර අප කාරයෝ ගොයගෙන විකාරයක් කරන්න පුළුවන්. අනික තරංග කාරිත්වය නිසා විවිද දීමන/ මිල අඩුකිරීම් මගින් වියදම අඩු කරගන්නත් පුළුවන්. හබි ඉතින් හැමදෙයක්ම කල්පනාවෙන් පලනයක් ඇතිව කරන්න ඕනි. නැත්නම් වෙන්නේ මිල අඩු කියල අවශ්‍යන නොවන දේවල් වලට නිකන් වියදම් කරන එක.

    ReplyDelete
  25. බ්ලොග්ස්පොට් බ්ලොග් කරල තියෙන්නේ.. පංචායුධ තුමාද ?

    ReplyDelete
  26. ක්‍රෙඩිට් කාඩ් යනු විසබීජයකි.බැදලා නම් එහෙම තවත් විනාශයකි.

    ReplyDelete
  27. ඇමරිකාවෙ ආර්ථික අවපාතෙටත් හේතු උනේ ක්‍රෙඩිට් කාඩ් වෙච්චි එකේ මමනං ඔය ඒවා ගන්න බයයි.

    ReplyDelete
  28. ක්‍රෙඩිට් කාඩ් කියන්නේ වියදම් වලට අත වැනීමක්...නොගන්න තරමට හොඳයි. හැබැයි මෙහෙදී නම් අපිට නෝ චොයිස්. ගන්නම වෙනවා. ක්‍රෙඩිට් හිස්ට්‍රියක් නැති මිනිහෙක් මෙහෙ අවලංගු කාසියක් ගානයි.

    ReplyDelete
  29. මටත් ගන්න හිතෙන්නේ න වගේ වගේ....

    ReplyDelete
  30. අනේ පල කකා යන්න ලනු නොදී!

    මම ක්‍රෙඩිට් කාඩ් 2ක් දැන් අවුරුදු බර ගානක් පාවිච්චි කරනව, කැම්පස් යන කාලේ මහපොල දාන්න ඇරපු එකවුන්ට් එකට පසුව හම්බුන එකක් ඇතුලුව. මම නම් නයටම අරන් රෝල ගෙනියන්නේ උන්ගෙ සල්ලිවලින්. ක්‍රෙඩිට් පීරීඩ් එකේ ඉවර වෙන දාට සෙට්ල් කරා මේ වෙනතෙක්. සතයක් උන්ට ගෙවා නැත වැඩිපුර. ක්‍රෙඩිට් කාඩ් නොගන්න එකා මාරම් ගොරකයෙක් බවයි මගෙ අදහස.

    ReplyDelete
  31. apo credit card? kathaa karanna epaa. padiyata thattu wena wadak. apith oya parippuwa kaawa. dan nam api ahuwei owaata :D

    ReplyDelete
  32. හිකිස්.......................

    ReplyDelete
  33. ක්‍රෙඩිට් කාඩ් කියන්නේ වාතයක් ..ගන්නවනං පරිස්සමෙන් පාවිච්චි කරන්න නැත්තං මාසේ පඩිය ඉවරයි ඒකටම...ඒමදිවට කෝලුත් කරනවනේ ...මම ඔය කට්ට කෑවා..ආයි නං තරහා කාරයෙක්ට මිසක් ගන්න කියන්නේ නෑ.....

    ReplyDelete
  34. හනේ අම්මේ අපේ ඔපීසියේ ඈයෝ නම් බ්ලොක් කරලා තියෙන්නේ මුණු පොත, යු නලය, වගේ ඒවා. බ්ලොග් හෙමත් බ්ලොක් කලොත් මං කපෝතියි. ක්‍රෙඩිට් කාඩ් ගැනනම් දැනුම මගේ අල්පය.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.