05 March 2012

සිටු කුමාරිය - 2 කොටස (අවසන් කොටස)

කට්ටියට මතකනේ අර සිටු කුමාරිය මස් වැද්දා කෙරෙහි උපන් ආදරය නිසා මස් වැද්දා පස්සෙන් වැටිලා දිව්වා කියලා. අද කතාව එතැන් සිට...

කුමාරිය මෙහෙම මස් වැද්දා පස්සෙන් එනකොට මස් වැද්දා "මගේ පස්සෙන් එන්නේ මොකටද ?" කියලා ඇහුවා.

"මම් ඔහේගේ පස්සෙන් එන්නේ නෑ. මම් යන්නේ පාර දිගේ !" කුමාරියත් උත්තර බැන්දා.

මස් වැද්දාත් ආයෙත් තව ටික දුරක් ඇවිත් පිටිපස්ස හැරිලා බලනකොට අර කුමාරිය පස්සෙන් එකනවා දැක්කා. ඊට පස්සේ අර පුරුදු ප්‍රශ්නෙම ඇහුවා. කුමාරියත් පුරුදු උත්තරේම දුන්නා.

ඔහොම ආයේ ටික දුරක් ගියාට පස්සේ මස් වැද්දා හැරිලා බලනකොට සිටු කුමාරිය පස්සෙන් එනවා දැක්කා.මෙදාපාර නම් වැද්දා ගමන නවත්තලා සිටු කුමාරියක් මෙහෙම මස් වැද්දෙක් පස්සෙන් වැටිලා එන්නේ මොකද කියලා ඇහුවා.

මස් වැද්දා කෙරෙහි තමන්ගේ හිතේ ආදරයක් හටගෙන තියෙනවා. තමන්ට මස් වැද්දගේ බිරින්දෑ වෙන්ඩ ඕනෙ ය කියලා කුමාරිය අර මස් වැද්දට කිව්වා. කුමාරියගේ පෙරැත්තය නිසාම මස් වැද්දා මේ කුමාරියව තමන්ගේ බිරින්දෑ විදිහට බාර ගන්නවා.

ඊට පස්සේ දෙන්නම මස් වැද්දා හිටපු පැලට යනවා. එදා ඉදන් මේ කුමාරියයි මස් වැද්දයි එකට ජීවත් වෙනවා. කුමාරිය මේ මස් වැද්දට කෑම බීම උයලා දෙනවා. දඩයම් ආයුධ ලෑස්ති කරලා දෙනවා. තව වැද්දගේ ඕනෑ එපාකමුත් ඉස්ට කරනවා.

කුමාරිය මෙහෙම මස් වැද්දෙක් එක්ක ජීවත් වෙන සිද්ධිය හාමුදුරුවන්ට ආරංචි වෙනවා.මොකද මේ කුමාරිය මාර්ග ඵලයකට පත් වෙලා හිටපු කුමාරියක් ! ඊට පස්සේ හාමුදුරුවරු මේ ප්‍රශ්නය බුදු හාමුදුරුවන්ගෙන් විමසනවා.

"බුදු හාමුදුරුවනේ, මාර්ගඵලයකට පත් වෙච්ච කුමාරියක් මෙහෙම මස් වැද්දට දඩයම් කරන්න අවි ආයුධ සකස් කරලා දෙන එක පවු සිද්ධ වෙන කාරණාවක් නේ ද ?" කියලා හාමුදුරුවරු විමසනවා.

"මහණෙනි, මෙතනදි සිටු කුමාරිය ආයුධ සූදානම් කර දීමෙන් පවක් සිද්ධ වෙන්නේ නෑ. ආයුධ වලට කවදාවත් බෑ පනක් නසන්න ! කුමාරිය මෙතනදී සිද්ධ කලේ තමන්ගේ ස්වාමියාට බිරිඳකගෙන් සිද්ධ වෙන්න ඕන යුතුකම් ඉෂ්ඨ කිරීමක් !" කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරනවා.

සියළු දෙනාට තෙරුවන් සරණයි !
---------------------------------------------------------------------
ප.ලි. - මේක කතාව මම් ලඟදි අහපු බණ කතාවක තිබ්බේ. මේ කතාවෙන් ගන්ඩ පුලුවන් ආදර්ශ ටික නම් මතක නෑ. මේ දවස්වල මගේ රැම් එකේ ලෝඩ් එක වැඩි නිසා මතක් කලාට මතක් වෙන්නෙත් නෑ.

46 comments:

  1. මෙන්න සිරා බණ කතාවක් නොවැ...

    දෙවෙනි කොටසේ නම් සෑමා එක !

    ReplyDelete
  2. ඒ කියන්නෙ කුකුළෙක් මරන්න හොඳ නෑ කවුරු හරි මරපු කුකුළෙක් කෑවට කමක් නෑ වගේ කතාවක්ද අයියෙ?? :(

    ReplyDelete
  3. ප්‍රාණ ඝාතයක් සිදුවෙන්න කාරණා පහක් තෘප්ත වෙන්න ඕනේ ඒ පහ මතක නෑ ඉතිං දන්න කෙනෙක් පහලින් දැම්මොත් හොඳා...

    මේ කතාව මම මීට කලින් අහලා තිබ්බේ නෑ....අළුත් රැම් එකක් ගහලා හරි ආදර්ශ දැම්මනම් තමා වටින්නේ

    ReplyDelete
  4. මං හිතන්නෙ අවසාන ආදර්ශය නං "චේතනාහං භික්කවේ කම්මං වදාමි" කියන බුද්ධ දේශනය. කර්මයට මුල් වෙන්නෙ චේතනාව මිසක් ක්‍රියාව නෙමෙයි. අපි යමක් කරන්නෙ යහපත් චේතනාවෙන් පමණක් නම් ඊට බාහිරව ඒ ඔස්සේ සිදුවන වැරදි වලට අපිට පව් සිද්ධවෙන්නෙ නෑ. හරියට අපි පන්සල් යනකොට අපිට නොදැනී කකුලට පෑගිලා කූඹියෙක් මැරුණට පව් සිද්ධවෙන්නෙ නෑ වගේ.

    ReplyDelete
  5. සිරා කතාව.මටත් හිතුනේ කුමාරිය වැරදි ඇති කියලනේ.

    ReplyDelete
  6. සෝවාන් ඵලය ට පත වුනාට රාගය දුරු වෙන්නේ නැහැලු.

    ReplyDelete
  7. අර ආදර්ශ ටිකත් මතක් කරලා දැම්මනම්නේ හොද..

    ReplyDelete
  8. කතාවේ ආදර්ශය:-.....චීනයෙන්,රුසියාවෙන්,පාකිස්තානයෙන් එහෙමත් නැත් නම් ඇමෙරිකාවෙන් උනත් ආයුධ ගෙන්වූවාට කමක් නැත................

    ReplyDelete
  9. මොකද මධුරංග අස්පෙට් එක ?

    ReplyDelete
  10. චේතනාහන් භික්කවේ කම්මං වදාමි.....

    ReplyDelete
  11. දැන් නම් ලමයා බණ අහනවා වැඩිද මන්දා. ඒ උනත් ඒ කතාවේ තේරුම ලස්සනයි. (ඊයේ රෑ ගෙදර ආවේ. දැන් තමා කතාවේ කොටස් දෙකම කීවේ ) ඒ කියන්නේ මොනා හරි කරන්ට හිතක් පහල නොවී පවක් සිද්ධ වෙන්නේ නැති බව නේද?

    ReplyDelete
  12. කෝ මේකේන් ගන්න ඔනේ ආදර්ශය මොකද්ද කියලා නෑනේ.

    ReplyDelete
  13. හිතුවෙ නැති පැත්තකට කතාව ඇදුනෙ.
    තෙරුවන් සරණයි.....!

    ReplyDelete
  14. මෙන්න මෙව්වනේ බං කාලීන බන කියන්නේ....

    ReplyDelete
  15. මාර්ගඵල ලබලත් මස් වැද්දා ගැන ඔය තරම් ආශා හිතුන එකනේ පුදුමේ. අනික මං හිතන්නෙ, තමන්ගේ ස්වාමියාට උදව් කරනවා වගෙම අකුසක් කරනවානම් එයාව යහ මගට ගන්න එකත් හොඳ බිරිඳක් අතින් වෙන්න ඕනේ දෙයක් කියලා....

    ReplyDelete
  16. මං කිව්වෙ මේක ජාතක කතාවක් කියලා... :D

    ReplyDelete
  17. ම්ම්... නියම කතාවක්නෙ.. ආදරශ ටිකත් මතක් කලානම් තවත් හොදයි... බලන්න ඉතිං කුමාරි වැරදි නෑනෙ....

    ReplyDelete
  18. 1. පණ ඇති සතෙකු වීමය,
    2. පණ ඇති සතකු බව දැන ගැනීමය,
    3. මරන කැමැති සිතය,
    4. මරන්නට උපක්‍රම කිරීමය,
    5. ඒ උපක්‍රමය නිසා මරණය සිදුවීම ය.

    ReplyDelete
  19. මම ඉතිං ඔය ආගම දහමට නැහැනෙ.මමනං දන්නෑ ඕවා.

    ReplyDelete
  20. කතාව සහතික ඇත්ත ....
    මමත් ඕක කලින් අහල තියෙනවා...
    කුමරිය වැරදි නැනේ..එත් ඉතින් කුමරිය වැද්දට ඔය වැරදි වැඩේ ආදීනව කියල දුන්න නම් තමයි හොද ,නේද මම අහන්නේ???

    ReplyDelete
  21. කතාව බන කතාවක් උනාට මේක බොරුවක් වෙන්න ඕන.වෙන්න පුළුවන් බැරි කාරණා මම දකින්නෙ මේ විදියට,
    #.සෝවාන් වෙච්ච කෙනෙකුට ආසාවල් තියන නිසා වැද්දව බැදගැනීම වෙන්න පුළුවන්.
    #.බිරිදකගේ යුතුකම් ඉටුකිරීම කලා වෙන්න පුළුවන්.
    #.පවක් සිදුවෙන්නෙ නෑ කියන එක පිලිගන්න අමාරුයි. මොකද
    #.වැද්ද සතුන් මරන්නෙ දෙදෙනාගේම ප්‍රයෝජනයට
    #.කුමාරියට කෑම අවශ්‍යයි නොමැරී ජීවත් වෙන්න
    #.කෑම ලබාගන්න කුමාරි භාවිතා කරන්නෙ කුමන වූ ක්‍රමයක්ද? ඒ තමයි
    ආයුධ සූදානම් කර වැද්දා අතට දී ඔහු ලවා කාර්ය ඉෂ්ඨ කරගැනීම. මෙහිදී පාපයක් සිදු නොවේනම්, අපේ කිසිදු සහභාගීත්වයක් නොමැතිව කෙරෙන සත්ව ඝාතනයක්න් ලබාගන්නා මස්කඩ වල ඇති මස් කෑවද පවු සිදු නොවේ.

    ReplyDelete
  22. උඹ බණත් අහනවා එහෙනම් නේද? පණිවිඩේ නම් ගොඩක් වැදගත් එකක්.

    ReplyDelete
  23. ඔව් ඉතින් පස්සෙන් ගිහින් බලෙන් කරේ එල්ලුනාම උයලා පිහලා වැඩ ටික කරලා දෙන්න එපැයි.බුදු හාමුදුරුවොත් ඒක දන්න හින්දා තමා එහෙම කිව්වේ

    ReplyDelete
  24. සාදු , සාදු ,,,,,,,,,,,,සාදු!!

    ReplyDelete
  25. ෂැහ්..මගෙත් මේ දවස් වල හාඩ් එක වැඩියි වගේ, දැන් ටික ටික මකාගෙන යනවා ඕං.... ඕක හරි අපූරු කතාව. මමත් මේ ළඟදි පත්තරේක තිබිලා කියෙව්වා. කුමාරියට හරි අපූරු නමක් තියෙනව මට මතක නෑනේ.

    ReplyDelete
  26. අනේ මන්ද ඉතින් නේ.......

    ReplyDelete
  27. බණ කතාව පැත්තකින් තිබ්බත් රැම් එක ඕවලෝඩ් වෙලා කියලා ඇහුවම නම් බය හිතුනා..මල්ලි බ්ලොගේ තව මොනවා ලියයිද මන්දා..

    ReplyDelete
  28. හ්ම්ම්.. ඒක ඇත්ත තමා.. කොහොම වුනත් තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් ඒ තරමට කැප වෙන බිරිඳක් වාසනාවක්..

    ReplyDelete
  29. අනේ සාදු!
    ඉඳහිටල මෙහෙමෙ හරි ධර්ම දේශනාවක කරුණු කාරණා ජාතක කතාවක් ඇසුරින් අහන්න ලැබුනම ඒ දහම් කරුණ ඉදිරිපත් කරන තැනැත්තාටඅමහත් ආනිසංස සිදුවන කුසලයක්. කියවන අපිටත් කුසලක් කරගත්තාසේ දැනෙනවා.

    ReplyDelete
  30. ලගකදී ඉදන් මෙයා ධර්මය පැත්තට නැබුරු බවක් පෙනෙන්නට තියෙනවා... :D

    ReplyDelete
  31. @රාජ් අයියා,
    මං හිතන්නෙ ඒ මස් විකුණලා ඒ මුදලින් කෑම ගත්තා වෙන්න පුලුවන්. එතකොට කුමරියගෙ හිතේ තියන අදහස් වල වැරැද්දක් නෑ වගේ නේද? කොහොම වුණත් මස් කෑවනං වැරදි තමා. අන්තිමට ආපහු කියන්න තියෙන්නෙ. "චේතනාහං භික්කවේ කම්මං වදාමි."

    ReplyDelete
  32. "චේතනා හං භික්ඛ්වෙ කම්මං වදාමි" ... කියල තියෙනව නේද...

    ReplyDelete
  33. ගොඩ දවසකින් මේ පැත්තේ...මටත් අහන්න තියෙන්නේ අර ශානි අක්ක ඇහුව දේම තමයි අයියේ..:D

    ReplyDelete
  34. @sAm (සෑම්) :
    මේක ඉතින් මම කිව්ව කතාවක් නෙමේ බං !

    @Shani :
    අම්බෝ ඔයත් අහන ප්‍රශ්න. සත්තු මරන එක කොහොමත් පවක් නේ. මෙන්න මේ කතාව කියවන්ඩ

    @ගැමියාගේ පත් ඉරුව :
    මතක් උනොත් ආයෙම පෝස්ට් එක අප්ඩේට් කරන්නම්. ඔන්න අර කරුණු පහ, පහලින් කෙනෙක් කමෙන්ට් කරලා.

    ReplyDelete
  35. @බට්ටා :
    කතාව හරියට හරි. බට්ටා මල්ලිව මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගනිමි !
    මාත් ඒ පැත්තේ එන්නම්.

    @අසරණයා :
    මාත් කතාව අහනකොට හිතුනේ කුමාරි වැරදි ඇති කියලා.

    @සයුරි :
    ඒ නිසා කුමාරියට වැද්දා ගැන ආදරයක් හිතුන එකේ වරදක් නෑ. :)

    ReplyDelete
  36. @Dinesh :
    හරි මල්ලි. මම් හොයලා දාන්නම්. :)

    @වින්චැට්කිරිල්ලි. :
    මේ වගේ කමෙන්ට් තමා පට්ට කමෙන්ට් කියන්නේ. ආයේ ඉතින් කතා කරන්ඩ දෙයක් නෑ කුරුනෑගල කෙල්ලෝ නේ.

    @Observer :
    මේ ටිකේ ප්‍රොජෙක්ට් එකට අළුත් මොඩියුල් එකක් හදනවා මාමා. ඒකයි මේ ටිකේ මොලය වෙහෙසන්නේ. ඒක නිසායි රැම් එල ලෝඩ් වෙලා තියෙන්නේ. මොකද ඩිසයින් එක කරන්නේ මම් !

    ReplyDelete
  37. @Praveena Palipana :
    අපි ඉතින් බණ ඇහුවට සෝවාන් වෙන්ඩ බෑ නෙව මේ ස්ත්‍රී වර්ගයා නිසා. :)

    @න දී :
    ඒක ඉතින් හිතලා ගන්ඩ !
    හා... හා.. මම් ඒකත් හොයලා දාන්නම් :)

    @කිරිපුතා :
    අපි නොහිතන දේවල් තමා වැඩි !

    ReplyDelete
  38. @prasanna86k :
    අනිවාර්යෙන්ම ! මෙහෙම හරි බණ ටිකක් අහන්ඩ ලැබුනට මට පින් දෙන්ඩ

    @Inosha :
    ඔයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා අක්කේ. හොද බිරිඳක් කියන්නේ තමන්ගේ සැමියාට වැරදි වලට අනුබල දෙන කෙනෙක් නෙමේ නේ.

    @නිසුපා :
    කලින්ම දැනගෙන උන්නා නෙහ් ! හොර ගෙඩියා ! :)

    ReplyDelete
  39. @හිතුවක්කාරි :
    ඔයාලට ඉතින් කුමාරි වැරදි නැත්නම් හරි නේ. අනේ බොල !

    @nawammawatha :
    ඔය කරුණු පහ පෝස්ට් කලාට ගොඩක් පින් !

    @දිනුක :
    ගෑල්ලමයා මේකව හදලා ගනීවි. බය වෙන්ඩ දෙයක් නෑ.

    ReplyDelete
  40. @Damith Sriyantha :
    අනිවාර්යෙන්ම ! මොකද ඒක කුමාරියගේ යුතුකමක් නේ !

    @රාජ් :
    මේ කමෙන්ට් එක ගැන දෙතුන් පාරක් හිතන්න වෙනවා ! කිව්ව කරුණු ටිකත් එක අතකට හරි !

    @Kasun :
    ඇයි අපට බණ අහන්ඩ අකැපද ? අපිත් බණක් භාවනවක් කරලා ජීවත් වෙන ධාර්මික කොල්ලෝ හරි ද !

    ReplyDelete
  41. @මඩිස්සලේ නිශාන් :
    හික්ස් :)
    ඒක හරි ඉතින්. බලෙන් ආවා නම් ඒ වැඩ ටිකත් කොරන්ඩ එපැයි.

    @හරී - පිණිපළස :
    පින් සිතක් උපදවගෙන..... හොදා හොදා...

    @ලහිරු :
    එහෙනම් වෙලාවක් තිබ්බොත් නම මතක් කරලා කියන්ඩ. මට කතාව අප්ඩේට් කරන්න පුලුවන්. :)

    ReplyDelete
  42. @හිතහොඳ පිස්සා :
    ඇයි මොකෝ උනේ ?

    @රූ.... :
    රැම් එල ලෝඩ් උනාම ගොඩක් වෙලාවට මම් බ්ලොග් පෝස්ට් ලියලා කියවලා ඔලුව රිලීස් කරගන්නවා. ඒ නිසා බය වෙන්ට කාරි නෑ.

    @ප්‍රාර්ථනා :
    එහෙම අය හරි අඩුයි. ඔන්න නංගි ගන්නවනම් ආදර්ශ !!!!

    ReplyDelete
  43. @දයානන්ද රත්නායක :
    මට නැතත් කියවන කට්ටියට කුසලයක් සිද්ද උනා නම් ඒකම වටිනවා. බොහොම පින් කියවලා කමෙන්ට් කලාට !

    @වර්ණා :
    මට සසර කල කිරීගෙන කිරීගෙන කිරීගෙන යනවා. ඒකයි මේ :)

    @බට්ටා :
    ඒකත් එක අතකට හරි තමා. :)

    ReplyDelete
  44. @සපතේරු උන්නැහේ :
    ඔවු එහෙම කියලා තියේ.

    @Ice (අයේෂා කුලතුංග) :
    ඔන්න ඒ ප්‍රශ්නේ විසදන එක ළහිරු කරලා. ශානිට මම් දාපු රිප්ලයි එක කියවන්න !

    ReplyDelete
  45. ඔක්කොම කියෙවුවා..හොද තේරුමක් තියෙන කතාවක් මධුරංග....

    ReplyDelete
  46. වසිලිස්සාMarch 7, 2012 at 1:17 PM

    ලස්සන කතාවක් , රුපවාහිනිය දැම්මත් මේ වගේ හිතට දැනෙන බණක් අහගන්න පුලුවනිද මන්දා

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.