23 February 2012

මුනි සිරිපා සිඹිමින්නේ....


මුනි සිරිපා සිඹිමින්නේ
සමනොල ගිර පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැලවෙන්නේ

------------------------------------------------------------
ප.ලි. - මේ කවිය මම දැක්කේ නුගේගොඩ ළමා සංවර්ධන හා වනිතා කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ල ඉස්සරහා තිබ්බ පෝස්ටරයකින්. මේ කවියට සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇඳලා තිබ්බ චිත්‍රයත් එක්ක මේ කවියේ අර්ථය තවත් වැඩි කරනවා.

නමුත් ඒ චිත්‍රයේ පින්තූරයක් ගන්න නම් බැරි උනා.

ලස්සන දරු නැළවිලි ගීයක් නිසා පෝස්ට් කරන්න හිතුනා. !

43 comments:

  1. මල්ලිගෙ අම්මත් ඔයාව නැලෙව්වෙ මේ කවි කියලද?

    ReplyDelete
  2. ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන්ගේ "ජාතික තොටිල්ල" කවි පන්තිවල එන කවියක්. පණ්ඩිත් අමරදේවයන් මේ කවි මනෝරම්‍ය ලීලාවෙන් ගායනා කළා.ඍට පස්සෙ සුනිල් එදිරිසිංහ ඇතුළු කීපදෙනෙක්ම ගැයුවා විවිධ තනුවලට ඒතරමට මේ කවිපන්තිය ලස්සනයි. සුමිහිරියි.

    ReplyDelete
  3. ඇස් මහින්ද හිමියන්ගේ තමා..

    උස්තැන් දැක හැකිලෙන්නේ
    මිටිතැන් දැක පුප්පන්නේ
    නිවටුන්බව සිතමින්නේ
    මගේ පුතා නිදියන්නේ..

    පුදුම ලස්සනයි !!!

    ReplyDelete
  4. ඔය කවි පන්තියම හරිම ලස්සනයි..ඒ කාලේ සිංහල පොතේ තිබ්බ වගේ මට මතකයි ඔය කවි ටික..

    ReplyDelete
  5. හ්ම්ම්.. ඉස්සර සිරීපාදේ කාලේ එන සමනල රෑන් මතක් වුණා. කොහේද දැන් සමනල්ලු බේතකට ගන්න නෑ නේ,

    ReplyDelete
  6. ඔය කවි පන්තියම පුළුවන් නම් හොයලා දාන්න අයියා.. හරිම ලස්සන කවි පන්තියක්..

    ReplyDelete
  7. ජාතිය රන් විමනක් වේ
    ආගම මිනි පහනක් වේ
    එය රැක ගැන්මට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    ReplyDelete
  8. ඉටු කොට කළ යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්...

    හරිම වටින දරු නැළවිලි ගීයක්

    ReplyDelete
  9. ඇත්තටම මට නම් මතකයි මේ කවිය කියලා මාව නම් නලවනවා.. මම හිතන්නෙ දැන් ළමයින්ට ඒ චාන්ස් එක නෑ.. මොකද දැන් අම්මල තාත්තලා වත් මේවා දන්නෙ නෑ ...

    ReplyDelete
  10. ගොඩක් ලස්සන කවි පන්තිය.. අපේ අම්මා ඒ දවස් වල කියනවා මට මතකයි..

    ReplyDelete
  11. අනේ හරීම ලස්සනයි කවියත්. පින්තූරෙත්...:D

    ReplyDelete
  12. ඉටු කොට කළ යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුඹයි මගේ පුත් සමත්

    ලස්සනයි තමා................ :)

    ReplyDelete
  13. මට පේන්නේ මධුවා හැරෙන්නේ පොල් පැළේ දිහාවට..... හොඳා හොඳා දැන් රස්සවකුත් තියෙන එකේ පරස්තාවකුත් කරගන්නෙක ඇඟට ගුණයි! සංතෝසයි සංතෝසයි!

    ReplyDelete
  14. ලස්සනයි කවිය . නන්දා මාලිනීය කියනකොටත් ලස්සනයි .
    …අපේ අම්මලත් මේ වගේ කවි කියල අපිව නලවන්න ඇති .

    ReplyDelete
  15. දැන් මේ වගේ කවි ඇහෙන්නේ නැති තරම්...

    ReplyDelete
  16. බොහොම ලස්සනයි...

    ReplyDelete
  17. මමත් ආසම කවියක්.... ලින්කුවකුත් දුන්නානම් එල මල්ලි..

    ReplyDelete
  18. ඔන්න බබෝ ඇතින්නියා...
    මට මතක ඒක විතරයි.....

    ReplyDelete
  19. මමත් හරිම ආස පැදි පෙළක්. මේ එස්. මහින්ද හාමුදුරුවන්ගේ ජාතික තොටිල්ලේ එන කවියක්. මම දැක්කා ජාතික තොටිල්ලම පළ කරලා තිබුණු තැනක්. මේ එතනට සබැඳිය. මෙයින් කවි කීපයකින් සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතය මෙතන තියෙනවා. ඊට අමතරව මුනි සිරිපා සිඹිමින්නේ කියන ගීතය හරිම ලස්සන තාලයකට පණ්ඩිත් අමරදේවයනුත් නන්දා මාලිනියත් ගායනා කරනවා.

    ReplyDelete
  20. කවිය නම් ලස්සනයි. මාත් හරි ම ආස කවි පන්තියක්...

    ඒත් මධුරංග අයිය ට මොක ද මේ හදිසියේ දරු නැළවිලි ගීයක් ඔළුව ට වැදුණේ???
    :D :D

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  21. මමත් අහලතියෙන්නේ අමරදේව මාස්ටර්ගෙ සින්දුව

    ReplyDelete
  22. මේවා දැන්ම හොයලා තියාගන්න එක හොඳයි අයියේ අනාගතේට ප්‍රයෝජන වෙයි හොඳේ... මේකත් එක්කම මට මතකෙට ආවේ වීර පුරන් අප්පු ෆිල්ම් එකේ "බත කා ඉවරයි.." සිංදුව

    ReplyDelete
  23. ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිදු හිමී
    පෙව් සදහම් ................
    පුත නුබටත් පොවමි එමී

    බියගුලුකම නිවටකමයි
    එය නැතිනම් පිරිමි කමයි
    සිංහල සිතිවිලි එහෙමයි
    පුත නුබටත් එය උරුමයි

    උඩ කියවිලා නැති කවි දෙකක් ඔන්න මාත් දැම්මා...
    මම මගේ පුතුව නිදි කරවන්නත් ඔය කවි කියනවා... පුතා පොඩි උනත් ඔය කවි පන්තියට ආසයි...

    ReplyDelete
  24. අපි ඒ කාලෙ කට පාඩම් කරපු කවි සින්දු මේවා..

    ReplyDelete
  25. ලහිරුගේ කතාවත් ඇත්ත වගේ... මටත් මතකයි 8 වසරෙ හරි 9 වසරෙ හරි සිංහල පොතේ ඔය කවි පංතිය තිබුනා...

    ReplyDelete
  26. බොහේ අම්මලා දැන් පොඩි වුන් නලවන්නේ සීඩී එකක් හෝ ඩීවීඩි තැටියක් දාලා අම්මලාට නැලවිලි ගී කියනත් වෙලාවක් නෑ, දැන් දැන් ඉන්න අම්මලා නැළවිලි ගී දන්නෙත් නෑ.ඔන්න ඕකයි අද තත්වෙ එහෙව් රටේ මෙහෙම දෙයක් දැක්කමත් ආසයි

    ReplyDelete
  27. දැන් නම් ඒ කවි මතකත් නැති වෙලා බං.

    ReplyDelete
  28. තව කොයිතරම් හීන බලන්නද කල්පනාව... බැඳපං මල්ලි ඉක්මනට...

    ReplyDelete
  29. මගේ අම්මා බුදු වේවා

    ReplyDelete
  30. ඇත්තටම පුදුම ලස්සන සිංදුවක්..

    ReplyDelete
  31. @රූ.... :
    අපේ අම්මා නම් ඔන්න බබෝ ඇතින්නියා කියන කවිය කියලා මාව නලෝලා තියෙනවා.

    @දයානන්ද රත්නායක :
    ගොසක් ස්තුතියි මේ කවි පන්තියේ වත ගොත් කියලා දුන්නට. මම් මේ කවිය අහලා තිබුනට ලිව්වේ කවුද කියලා නම් දැනගෙන හිටියේ නෑ.

    @රත්නේ :
    ස්තුතියි තව කවියක් දැම්මට !

    ReplyDelete
  32. @ChammA :
    අපිට නම් තිබ්බේ නෑ. අපි ඉතින් පරණ විෂය නිර්දේශය ඉගෙන ගත්ත එවුන් නේ.

    @ක්සැන්ඩර් | Xander :
    මාත් ඔය සමනල්ලු ගැන නම් අහලා තියෙනවා. ඒත් දැන් කොහෙද සමනල්ලු ඉන්නේ !

    @ප්‍රාර්ථනා :
    ඔබේ ඉල්ලීම යථා කාලයේදි ඉටු කිරීමට සිතක සංකල්පනා කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිමි.

    ReplyDelete
  33. @කිරිපුතා :
    කවියක් කමෙන්ට් කරලා සහයෝගය දැක්වුවාට ස්තුතියි.

    @සයුරි :
    ඔය තියෙන්නේ කවි නේ. කවියට ටැංකූ !
    ඔබ තුමීත් නරකද කවි ටිකක් කට පාඩම් කරගත්තා නම්.... ලඟදිම ඕන වෙයි නේ.

    @zeeker :
    ඒකනේ මල්ලි. දැන් අම්මලා මේවා දන්නවා යෑ.

    ReplyDelete
  34. @Dinesh :
    මරු නේ. ගොඩක් ලස්සන කවියක් අහලා නැලවෙන්න තියෙනවා නම්...

    @Praveena Palipana :
    ලස්සනයි කියලා ඉදලා හරි යන්නේ නෑ. ඉක්මනට කසාද බැඳල දරු පැටියෙක් හදන්ඩ. එතකොට ඔහේටත් ඔය වගේ ලස්සන කලාත්මක පින්තූර ගන්න ඇහැකි.(කොහොමත් සුදු කෙනා නේ.)

    @Shani :
    කවියක් ලියලා පෝස්ට් එකට කමෙන්ට් කලාට ටැංකූ ඈ.

    ReplyDelete
  35. @ලහිරු :
    පොල් පැලේ දිහාවට ?? මම හරකෙක් ය ?
    අපෝ නෑ මචං ! උදේ වැඩට යනකොට ට්‍රැෆික් එකේදි දැක්ක කවියක් !

    @Gimhani :
    අනිවාර්යෙන්ම අක්කේ. මේ කවි ටික කට පාඩම් කරගන්න එක වටිනවා නේ ?

    @අකීකරු හිත :
    මේ කවි දන්න කට්ටියත් අඩුයි නෙව.

    ReplyDelete
  36. @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත :
    සබැඳි දෙකටම ගොඩක් ස්තුතියි. මේ ලින්ක් වල තියෙන සමහර කවි කියවන්න ලැබුනෙත් අදමයි.

    @ඔබ නොදු‍ටු ලොවක් :
    ඇති යාන්තන් ඒකවත් මතක...... :)

    @නිසුපා :
    ඔයාට කමෙන්ට් දෙකක් පහලින් ඉන්න 'සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත' කියලා කමෙන්ට් කරපු කෙනා ලින්ක් එක දාලා තියේ.

    ReplyDelete
  37. @මහි :
    ඇයි අපට දරුවෝ නලවන්න බෑ ද !!! :)
    නුගේගොඩදී දැක්ක කවියක් හලෝ !

    @Observer :
    අමරදේව මහත්තයාත් මේ කවි කියලා තියෙනවා ලූ.

    @ගැමියාගේ පත් ඉරුව :
    මේ සේරම ජාතිකාභිමානය වඩවන ගීත නෙව !

    ReplyDelete
  38. @Sammani :
    අනේ වාසනාවත් !!! සිංහල අම්මා කෙනෙක්ගේ කටින් මෙහෙම කවි ටිකක් දරුවෙක්ට ඇහෙනවා නම් ඒකත් වාසනාවක් !
    අක්කව ආදර්ශෙට අරගෙන මෙහෙම කවි කියලා පොඩ්ඩෝ නලවන අම්මලා තව ඉන්නවා නම් පොඩි කාලේ ඉදන් ජාතිකාභිමානය ඇති කරවන්න පුලුවන්.

    @Weni :
    අපට දැන් ඇහෙන්නෙත් නැත්තේ මේවා.

    @තාරා :
    අපි කලේ පරණ නිර්දේශය නෙව.

    ReplyDelete
  39. @කාව්‍යා :
    සහතික ඇත්ත කතාව !!

    @Kasun :
    කවි ටික පාඩම් කරගෙන තියාගන්න එක හොද නැද්ද.

    @prasanna86k :
    මම කවියක් පෝස්ට් කලත් මේකලා කියන්නෙම බඳින කතා නෙව. අයියලා බැඳලා ආදර්ශයක් වෙන්ටකෝ !

    ReplyDelete
  40. @වර්ණා :
    අම්මා මතු බුදු වේවා !

    @කනියා :
    සිංදුවක් ??? නෑ නෑ. මේ කවි සෙට් එක තමා සිංදුවක් කරලා තියෙන්නේ.

    ReplyDelete
  41. අපේ අම්ම අපිට කවි කීවද කියල මතක නෑ ඒත් අපේ අක්කගෙ බබව නළවනකොට කවි කියනව ඒව අහගන ඉද්දි අපිටත් නින්ද යනවා.ඒ තරම සනීපයි.

    ReplyDelete
  42. ආයෙමත් මේ කවි මතක් කරලා දෙන එක බොහොම වටිනවා මධුරංග...

    ReplyDelete
  43. we must apriciate your working.....thanks a lot ......mata godak adambara wenna puluwan thawamath lankawe dewal agaya karana aya innawa kiyala...ape jathiya , aagama , bashawa agaya karana aya innawa kiyana ekath loku deyak...mata godak samawenna me tika sinhalen liyanna bari unata.....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.