07 February 2012

තැඹිලි තොරණ

කට්ටියම වෙසක් කාලෙට ජාතක කතා නිරූපණය කරන වෙසක් තොරණ් දැකලා ඇති නේ. මේ මම් දැකපු තොරණක් ! මේ තොරණ විෂේෂත්වයකට තියෙන්නේ මේ තොරණේ පුරාම තියෙන්නේ තැඹිලි ! මේ තැඹිලි තොරණ, ගමේ පල්ලියේ මංගල්ලෙට හදපු තොරණක් ! කට්ටියට දැන් හිතනවා ඇතිනේ මේ තැඹිලි වලට මොනවද කලේ කියලා.මංගල්ලේ පූජාව ඉවර වෙච්ච හැටියේ ආගම් භේද ජාති බේද අමතක කරලා දාලා තැඹිලි තොරණෙන් තැඹිලි ගන්න පොර කෑවා ! මාත් කොහොමහරි රිංගලා තැඹිලි අරන් ආවා. :) මේ තියෙන්නේ තැඹිලි තොරණේ පින්තූරු !!!

52 comments:

  1. මේක දැක්කාම මට තැඹිලි තිබහකුයි, ලොඳ බඩගින්නකුයි ආවා...

    ReplyDelete
  2. එක ගෙඩියද ගත්තේ.. නැත්තම් ඉත්තක්මද.....?

    ReplyDelete
  3. මමත් දැකල තියෙනව මචං.. පන්සල්වල නම් අපි තොරන් ගහන්නෙ නැහැ නොවැ. මකර තොරන් තමයි තියෙන්නේ.. අපි දාන ශාලාවට රිංගන හැටි මතක් වුනා බොල..

    ReplyDelete
  4. ඉන්දියාවෙ දොඩම් තොරණක පින්තුර එක්ක ඊයක් ආව ටික දවසකට ඉස්සෙල්ල, ඒකෙ හැබැයි ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති වෙන්න දොඩම්.

    තැඹිලි සල්ලි වලටද, නිකන්ද හම්බුනේ?

    ReplyDelete
  5. තැඹිලි බිව්ව වගේ නෙවෙයි හැබැයි ටික වෙලාවකට පස්සෙ........:D

    ReplyDelete
  6. මම අහලා තියෙන්නේ පොල් තොරණ් ගැන, ඒත් ඔය මීගමුව, හලාවත පැත්තේ තමයි. අද තමයි තැඹිලි තොරණ දැක්කේ! සෑහෙන ෆයිට් එකක් තියෙන්න ඇති තැඹිලි ගෙඩියක් ගන්න නේද?

    ReplyDelete
  7. හැබැයි සමහර තැඹිලි වර්ග විතරයි රහ..නේද

    ReplyDelete
  8. මරුනේ....හි හි හි....
    තැඹිලි කීයක් විතර තිබ්බද ඔක්කොම....

    ReplyDelete
  9. ම්..තැඹිලි එල්ලලා තියෙන්නෙ නිකම් කනා මුට්ටි ගහන්න වගේ..
    ජාති බේද අමතක කරලා තැඹිලි බොන්න පොරකාපු එක නම් ජාතික සමගියේ ලක්ෂනයක්..!!

    ReplyDelete
  10. අපේ ගමේ තියෙන සල්පිල් වලට පොල් තොරණක් ගහනවා.සල්පිල අවසානයේදී ඒකත් වෙන්දේසි කරනවා.

    ReplyDelete
  11. මමත් කලින් මේ තොරණක පින්තූරයක් දැක්ක්.. ඒත් කොහේද කියලා මතක නෑ..

    ReplyDelete
  12. ඔය එඩේරමුල්ලෙ පල්ලියෙ නෙ. ඔබත් ඉන්නෙ එඩෙරමුල්ලෙද. ඕක ලොකු ඉතිහාසයක් තියෙන තොරනක්. මුලු ගමේම සෙනග තැඹ්ලි දෙනව ඕක ගහන්න.ඕක දානයක් හැටියට තමා අන්තිමට බෙදලා දෙන්නෙ.

    ඕක ඉස්සරට වඩා දැන් උසින් අඩු වෙලා. හේතුව උස පුවක් ගස් සොයා ගැනීමේ අපහසුව. කොහොමත් එඩේරමුල්ල කියන්නෙ තොරන් වලට ප්‍රසිද්ද ගමක්. මේ පාර මන්ගල්ලෙට තිබ්බා තනකොල වලින් ගහපු තොරනකුයි අන්නසි වලින් ගහපු තොරන්කුයි.

    ReplyDelete
  13. මේ තොරණ දැක්කහම මට මතක් වුණේ අපි තොරම් ගහපු කාලෙ.. මංගල්ලෙට පොල් තොරණ ගහන්න ප්ලෑන් කරපු දවසෙ ඉදල හදල ඉවර වෙනකම් දවස් ටික හරිම සුන්දරයි....

    ReplyDelete
  14. ලස්සන වැඩක් තමා මේවා ලොකු වෙනකම් ගස්වල තිබුනානම් ඊට වැඩ ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තිබුන කියලත් හිතෙනවා

    ReplyDelete
  15. තැඹිලි වලින් වුනත් තොරණ හරිම ලස්සනයි... මධුරංග එක තැඹිලි ගෙඩියක් අර ගත්ත එකයි පුදුමෙ... :-)

    ReplyDelete
  16. සෙබස්තියාම් පල්ලියක් නේද?..
    ඒ පල්ලි තියෙන අය නත්තල් පාටි අවුරුදු පාටි ගන්නේ නෑලු නේද?
    පල්ලියෙ මංගල්‍යය තමයි ගන්නෙ ඔක්කොටම හරියන්න..පාටි එහෙම සෙට් වුනේ නැද්ද?

    තොරණ නම් සිරා..හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් නැති නිසා පැහැදිලිව පේන්නෙ නෑ..පියවි ඇහැට නම් පට්ට ඇති..

    ReplyDelete
  17. මම තැඹිලි තොරනක් දැක්ක ලංකාවෙදි ඒත් කොහෙදිද කියල මතක නැහැ.....අනේ ඇත්තටම අමුතුම අපේ ගතියක් දැනෙනවා.......

    ReplyDelete
  18. තැඹිලි අපරාදේ කියලා හිතුනා...:D

    ReplyDelete
  19. මාත් දැකලා තියෙනවා මෙහෙම තොරණක්:) අම්මෝ අයියා පොරකන්න ගිහින් ඔතන කාටවත් තුවාල එහෙම නෑනෙ..??

    ReplyDelete
  20. අපේ ගමේ තියන දේවාලේ වාර්ෂික උස්සවේටත් ගහනව පොල් තොරණක්.

    ReplyDelete
  21. මම මුහුද අයිනෙ අලුත් සොහොන් වල තැඹිලි තොරන් තියෙනවානම් දැකල තියෙනවා..පන්සල් වලනම් දැකල නැහැ..

    ReplyDelete
  22. කවුරුත් ඇහැ ගහගෙන ඉන්නේ පල්ලි‍යේ මංගල්ලෙ ඉවර වෙනතෙක් තමයි.

    ගිය අවුරුද්දේ කිඹුලාපිටිය පල්ලියේ මංගල්ලෙ තිබුණා තොරණ සරසලා තිබුනේ "ටිපිටිප්" පැකට් වලින්. දක්න දකින වෙලාව් පොඩි උන් තොරණ දිහා බලාගෙන කෙල ගිලිනවා.මංගල්ලෙ ඉවර වුණාට පස්සෙ ළමයි පුවක් කඳන්ටිකත් කෑවද මංදා

    ReplyDelete
  23. අපේ ගමේ නම් නිකන් බෙදන්නෙ නෑ..තොරණේ එල්ලන එව්වා වෙන්දේසි කිරීමක් තමයි කරන්නෙ..මේක දැක්කම් මට හිතුනා ලබන මංගල්‍යයට පල්ලියෙ තොරණ් ටික දාලා පෝස්ට් එකක් ලියන්න..

    @හිතුවක්කාරි : යන්නකො කොඩිගහක් උස්සන තැනකට පොරකන හැටි බලන්න..

    ReplyDelete
  24. පොල් තොරණ් නම් දැකල තියෙනවා. තැඹිලි තොරණක් මේ දැක්කමයි.

    ReplyDelete
  25. අයියෝ තැඹිලි කිව්වලු! වැඩේ ලස්සනටම කරලා තියනවා. මාත් කලින් එකක් දැකලා තියනවා, හැබැයි ඔච්චර නම් ලොකු නෑ ඒක. දැන් උඹ කොච්චර උස්සගෙන ආවද?

    ReplyDelete
  26. වසිලිස්සාFebruary 8, 2012 at 4:57 PM

    තොරණ නිර්මාණය කරන්න ගතකරන වෙලාවානම් හරිම වටිනවා, මාත් මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල අපේ පල්ලියේ මංගල්‍ය වලට හදපු පොල්කොළ සහ ගොක් කොළ තෝරන් හදන්න සහබාගි වුණා.ඒ මතකය හැමදාටම සුන්දරයි.දැන් ඒ හිටපු හැමදෙනාම එක්කෝ රටෙත් නැ නැත්නම් වෙන වෙන තැන්වල

    ReplyDelete
  27. මම මේ මෙහෙම තොරණක් දැක්කමයි. කට්ටිය තොරණේ තැඹිලි වලට දෙන්න ඇති නේද පාර ලෙසටම ?

    ReplyDelete
  28. තැඹිලි ගෙඩියක් බොන්නත් ආසයි අප්පා... මෙහේ තියෙනවා තැඹිලි කෑන් හික් හික්... මෙලෝ රහක් නෑ.

    ReplyDelete
  29. නියමයි බං. මේ වගේම පොල් වලින්, කෙසෙල් ගස් වලිනුත් ලස්සනට තොරන් හදනවා...

    ReplyDelete
  30. මෙහෙම තොරණක් දැක්කමයි.. කලින් අහලවත් තිබුණේ නෑ... නියමයි.. :D

    ReplyDelete
  31. අපේ පැත්තෙ පල්ලියෙත් ගහන්නෙ පොල් තොරණ්ම තමා.... ලස්සනයි...තැඹිලි තොරණක් මම දැකලත් නෑ... තැඹිලි පාටත් ලස්සනයිනේ... ලස්සනට පේනවා ඇති පියවි ඇහැට...

    ReplyDelete
  32. හි හී... නියම තොරණ....

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  33. මම නම් ඔහොම දෙයක් ඇහුවෙත් අදමනේ අයියේ...

    ReplyDelete
  34. අම්මෝ.. මරු.. මටත් තැඹිලි බොන්න ආසාවක් ආවා මේ තොරණ දැක්කම

    ReplyDelete
  35. මරු නේ අලො.දැයට කිරුලෙ තිබ්බා බඩඉරිගු තොරනක්.ඒකත් මාරඉ.

    ReplyDelete
  36. සමහර පැතිවල මළගෙවල්වල තැඹිලි තෝරන තියෙනවා.ඒවාට එල්ලන්නේ වේද තැඹිලි කියන ලබු ගෙඩියක් වගේ දිග තැඹිලි.

    ReplyDelete
  37. අඩේ මේ එඩේරමුල්ල පල්ලියේ තොරණ නේද?.මාත් එදා පොඩි ගේමක් ගහලා බොහොම අමාරුවෙන් ගෙඩි 3කට වග කිව්වා.:P

    ReplyDelete
  38. @තාරා :
    ඉතින් දරුවෝ අප්පච්චිට කිව්වා නම් ගෙනත් දෙයි නේ !

    @බීටා :
    වල්ලක් කරේ තියාන යන්න හදනකොටම කවුද එකෙක් "මල්ලි !!! මල්ලි !! වලු පිටින් උස්සන් යන්න දෙන්නේ නෑ !!" කියලා කෑ ගැහුවා. ඊට පස්සේ වල්ලෙම තිබ්බ ගෙඩි ටික කඩලා බිමට දැම්මා.

    පස්සේ කොහොමහරි බලද්දි වල්ලම තිබ්බ ගෙඩි ගොඩක් අපේ මාමෑ වාහනේ පුරෝලා !

    @sAm (සෑම්) :
    කොල්ලන්ටත් පුදුම දේවල් නේ මතක් වෙන්නේ !

    ReplyDelete
  39. @Observer :
    මම නම් එහෙම තොරණක් දැකලා නෑ මාමා !
    පුලුවන් නම් ඒ ඊය මට ෆෝවර්ඩ් කරන්න !!!
    sithakasankalpana@gmail.com

    @හිතහොඳ පිස්සා :
    ඒ මොකෑ ??

    @ලහිරු :
    ෆයිට් එකක් දුන්නේ වල්ලක් කරේ තියාගෙන එන්ඩ ! නැත්නම් තැබිලි ගෙඩියක් ගන්න එච්චර අමාරු නෑ බං !

    ReplyDelete
  40. @සයුරි :
    රන් තැඹිලි එහෙම ගොඩක් රහයි.
    තව මොනාද මන්දා සමහර කවියෝ රන් තැඹිලි වලට උපමා කරලා තියෙනවා. ම්ම්ම්ම්... හරියටම මතක් වෙන්නේ නෑ !

    @මකුළුවා..... :
    එහෙම ගානක් කියලා නම් දන්නේ නෑ. තොරණේ ගහලා තිබ්බ ටිකයි. ඒකේ එල්ලන්නේ නැත්හුව ඉතුරු ටික බිම තියලා තිබ්බා !

    @රූ.... :
    අනිවාර්යෙන්ම අපේ අක්කා !
    ජාතික සමගිය නේන්නම් !

    ReplyDelete
  41. @නදීර සඳරුවන් ලියනගේ :
    මේවා නම් නොමිලේම දෙන තැඹිලි !! ඕන කෙනෙක්ට ගත්තෑකි !

    @Dinesh :
    ඒ කියන්නේ මල්ලිත් කලින් දැකලා තියෙනවා. මරු නේ !

    @Ruwan :
    ඔවු !!! මම එඩේරමුල්ලේ තමා !
    සහෝදරයාත් එඩේරමුල්ලේද ? අදුනා ගන්න ලැබීමත් සතුටක් !
    ඒ තොරන් දෙම ෆොටෝ ගහගන්න බැරි උනා නෙව. අපරාදේ කියලා හිතෙනවා

    ReplyDelete
  42. @සකි :
    සකිත් තොරන් ගහලා තියෙනවද ? එල කොල්ලෙක් නේ !
    තොරන් ගහන්න උදවු වෙන්ඩ වෙලාවක් නැති උනාට අපි නම් තොරන් ගලවන්න උදවු වෙනවා. මොකද තොරන් ගලවන්නේ නිවාඩු දවසක නේ !

    @Anonymous :
    ඒ මොකද්ද ඒ වැඩේ ???

    @දිනිති දීපිකා :
    අපෝ එක ගෙඩියක් ගත්තේ නෑ.
    එක වල්ලක් පද්දලා පද්දලා අරගෙන කරේ තියාගෙන දුවන්න තියා ගත්තා. !!!

    බීටා මල්ලිට දාපු රිප්ලයි එක බලන්ට !

    ReplyDelete
  43. @හරී :
    "පාටි සෙට් උනේ නැද්ද ??" හික්ස් :)
    උඩින් කියලා තියෙන කතාව නම් ඇත්ත. නත්තල් පාර්ටි වලට වඩා පල්ලියේ මංගල්ලෙත් ජයටම ගන්නවා. මට කාලා නැගිටගන්න බැරුව හිටියේ !! :)

    @වින්චැට්කිරිල්ලි. :
    එහෙනම් හොදා ! අපිට අපේ දේවල් තරම් වටින වෙන දෙයක් තියෙනවැයි නේද කිරිල්ලි?

    @Praveena Palipana :
    ඇයි ඒ අපරාදේ කියන්නේ ? නාස්ති උනේ නෑ අක්කා. ඔක්කෝම කට්ටිය බීවා !

    ReplyDelete
  44. @හිතුවක්කාරි :
    එච්චර පොරකන්න ඕන උනේ නෑ නංගි. කට්ටිය ගොඩ්ක්ම ට්‍රයි කරන්නේ තොරණ උඩට නගින්න ! ඒ නිසා බිම කලබලයක් නෑ.

    @රාජ් :
    ඒ කාලෙට ෆොටෝ කෑල්ලක් දෙකක් දැම්මා නම්...

    @සිත්රූ සිහින :
    සොහොන්වලත් පොල් තොරන් ගහනවද ? හෑ... අඩේ මරු නේ

    ReplyDelete
  45. @දයානන්ද රත්නායක :
    කිඹුලාපිටියේ පල්ලියේ මංගල්ලේ කවද්ද ?
    යන්ඩ වටිනවා එහෙනම් !!!

    @හරී :
    අනිවාර්යෙන්ම ලියන්ඩ !!!
    මුලින්ම පල්ලියේ මංගල්ලෙට උස්සන කොඩි ගහෙන් පටන් ගන්න !!!
    අපෝ අපේ නම් වෙන්දේසි කරන්නේ නෑ. ඔහේ බෙදලා දානවා !!

    @පිණිබිඳු... :
    පොල් වගේද තැඹිලි ??

    ReplyDelete
  46. @Kasun :
    තැඹිලි වල්ලක් උස්සන් ආවා !!!
    බීටා මලයට දාපු කමෙන්ට් එක බලන්ඩ !

    @වසිලිස්සා :
    මොන දේ උනත් අන්තිමේදි ඉතුරු වෙන්නේ මතකයන් ටිකක් විතරයි වසිලිස්සා !!
    තැන් තැන් වල වසිලිස්සාගේ කමෙන්ට් දැකලා තිබුනට මගේ බ්ලොග් එකේ පලවෙනිම කමෙන්ට් එක !!
    වසිලිස්සාව සාදරයෙන් පිලිගනිමි !

    @ක්සැන්ඩර් | Xander :
    අනිවාර්යෙන්ම අන්තිමේදි පොල් කොටන් ටිකත් ගලවගෙන ගිහින් !

    ReplyDelete
  47. @පිස්සා පලාමල්ල :
    මෙහෙත් කියලා කිව්වේ කොයි යහා ද ?

    @prasanna86k :
    එහෙම එකක් හම්බ උනොත් අනිවාර්යෙන්ම පෝස්ට් එකක් දාන්ඩෝ !

    @Ice (අයේෂා කුලතුංග) :
    අමාරුවෙන් ඡායාරූප ගත කලාට පාඩු නෑ මහිතේ !!!

    ReplyDelete
  48. @Shani :
    පියවි ඇහැට දකින ලස්සන කොහෙන්ද කැමරා කාචයට !!!
    ඔයාලත් යන්නේ නැද්ද තැබිලි ගන්ඩ !

    @මහි :
    ස්තුතියි මහී !

    @ChammA :
    එහෙනම් ඒ ක්‍රෙඩිට් ටිකත් මට !

    ReplyDelete
  49. @ප්‍රාර්ථනා :
    අපරාදේ ඔයාලෑ අම්මෑ ඉස්කෝලේ ගාවනේ පල්ලිය තියෙන්නේ. ඔයාටත් එන්ඩ තිබ්බේ !

    @~~තරූගේ ලෝකය~~; :
    සතුටුයි සතුටුයි !!

    @න දී :
    ඒකේ පින්තූරත් දාන්ඩ !!

    ReplyDelete
  50. @අසරණයා :
    වේද තැඹිලි නම් මං දැකලා නෑ බං !!

    @නිකමා :
    හරියට හරි මල්ලි !!!
    මල්ලිත් එඩේරමුල්ලෙද ? මම නම් අඩේරමුල්ලේ හන්දියේමයි ඉන්නේ !

    ReplyDelete
  51. ඇයි මේ "ආගම් භේද ජාති බේද අමතක කරලා" කියල ලියල තියෙන්නේ. බොහොම කණගාටුයි ලංකාවේ එහෙම දෙයක් නෑ මිනිසුන් අතර...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.