22 January 2012

නිලාවැලි ගමන

හැම අවුරුද්දකම වගේ අපේ පීඨයෙන් දුෂ්කර පලාත්වල සාමාන්‍ය පෙල කරන නංගිලා මල්ලිලාට අරුණැල්ල කියලා සාමාන්‍ය පෙල සම්මන්ත්‍රණ මාලාවක් කරනවා. එක අවුරුද්දක අපේ අරුණල්ල වැඩසටහන් මාලාවේ සමාරම්භක දේශනය තිබ්බේ කන්තලේ පැත්තේ තියෙන බොහොම දුෂ්කර පාසලක !

අපිත් උදේ රැයින් ඇහැරිලා පීඨයේ බස් එකෙන් කන්තලේ ආවා.උදෙම්ම පිටත් උනාට කන්තලේට එනකොට 11 විතර වෙලා. ඊට පස්සේ අපිව පිලිගන්න පොඩිවට පෙරහැරකුත් සූදානම් කරලා තිබුනා. අපිත් ඔය පෙරහර දිගේ ගිහින් උත්සව ශාලාවට ආවා.

ඒ අයට පුලුවන් උපරිමයෙන් ලස්සන උත්සවයක් ලැහැස්ති කරලා තිබුනා. එක මල්ලි කෙනෙක් (පුතෙක් කියලා කිව්වොත් තමා හරි) 'ලස්සනට පැන මඩ කඩිති' ගීතයත් ගායනා කලා.

උත්සවය ඉවර වෙලා දවල් කෑමත් ගමේ කට්ටිය එකතු වෙලා ලැහැස්ති කරලා තිබ්බා. අපි ඒ සංග්‍රහයත් බුක්ති වින්ඳා. ගම්බද මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන ආයේ කතා කරන්න දෙයක් තියේ යෑ. ඒවා උපරිමයි !

"මෙච්චර දුරක් ආපු එකේ ත්‍රිකුණාමලේටත් ගිහින්ම එමු !" අපිත් එක්ක ආපු ජනක විජේකුලසූරිය සර් කිව්වා.

සර් එහෙම කිව්වම අපි කොහොමද අකමැති වෙන්නේ. අපිත් එක පයින්ම වැඩේට කැමති උනා. ආයේ ඉතින් අතින් පයින් යන එකක් යෑ. ඇරත් කිලෝමීටර් 20යිනේ යන්න තියෙන්නේ.

මුලින්ම ගියේ නිලාවැලි මුහුදු වෙරල බලන්න.ඇත්තටම ලංකාවේ තියෙන ලස්සනම මූදු වෙරලවල් වලින් එකක් තමයි නිලාවැලිය කියන්නේ. මූද එච්චර ගැඹුරුත් නැති නිසා සෑහෙන දුරක් මූද පැත්තට ගියෑකි. අනිත් එක තමයි සැරට රැල්ල ගහන නිසා දිය මත ලිස්සන වැඩේට නම් මරු.

වතුර ටික දැක්ක හැටියෙම අපේ යුනියන් එකේ සභාපති අයියා ඇඳන් හිටපු ඇඳුම් ටික විසික් කරලා දාලා වතුරට පැන්නා. අපි නාගන්න ඇඳුම් ගෙනාවේ නැති නිසා රැලි පාග පාග හිටියා.

දන්නවනේ මූදක් ලස්සන ඉර බහිනකොට කියලා. මාත් ඉර, ඈත ක්ෂිතිජයෙන් බැහැලා යනකම් බලන් හිටියා.

මොන !!! ක්ෂිතිජයෙන් බැහැපු ඉරක් නෑ. !!!! එක පාරට කළුවර උනා.

පස්සේ තමා මතක් උනේ මම් ඉන්නේ නැගෙනහිර වෙරලෙයි කියලා !!! :)

ඊට පස්සේ කෝනෙශ්වරම් කෝවිලත් බලාගෙන ආයෙමත් නුවර ආවා.

39 දෙනෙක් අදහස් පලකලා .:

සයුරි said...

ඇත්ත නේන්නම්...මාත් කවදාවත් නැගෙනහිර වෙරළේ ඉඳං ඉර බහින හැටි බලලා නැහැ...ඔයාට ඉර නගින හැටි බලලයි එන්න තිබුනේ...ඒක ලස්සනට පේනවා ඇති..

ලහිරු said...

අපිත් එක සැරයක් ඔය සම්මන්ත්‍රණ මාලාවක් කළා මහියංගනේ, ගිරාඳුරුකෝට්ටේ පැත්තේ! ෂැහ්... තව පැය 10ක් 12ක් හිටියා නම් බලන්න තිබ්බා ඉර නඟින එක වත්! හැබැයි දැන් නම් නිලාවැලි වෙරළත් ගන්න දෙයක් නෑ කියලයි ආරංචිය!

අකීකරු හිත said...

අයියට තිබුනේ ඉර නගිනකන් ඉදලා බලලා එන්න

න දී said...

පින්තූර ටිකකුත් දාන්නනේ තිබ්බෙ. මම් ගිහින් නෑ :/

දයානන්ද රත්නායක said...

" නිලාවැලිය" ලංකාවෙ ලස්සනම මුහුදු තල වලින් එකක්.දවසක් ඉර බහින වෙලාවක මමත් නිලාවැලියේ හිටියා.ඉර බහින වෙලාවෙ තමයි මටත් තේරුනේ මගේ "උතුර - දකුණ" මාරුවී තියන බව. හැබැයි ඉතින් ඉර බහින වෙලාවක ත්‍රී/මලයේ "රෙඩ් රොක්ස්" බලන්න පුලුවන්නම් මරු. රතු කඳුවැටි වලට බහින ඉර එළිය දැටටුනාම.ඒතරම් ලස්සන දර්ශනයක් ලංකාවෙ වෙන කොහෙදිවත් දකින්න ලැබෙන්නෙ නැහැ.

මහි said...

නිලාවැලිය ලස්සන මුහුදු තීරයක් කියලා මාත් අහලා තියෙනවා. ඒත් ගිහින් නම් නෑ.....

ඇත්තටම අපි මේ ලංකාවේ හිටියත්, නොගියපු තැන් කොච්චර තියෙනව ද කියලා හිතුණා මට මේ පෝස්ට් එක කියෙව්ව ට පස්සේ....

වින්චැට්කිරිල්ලි. said...

මේ පාර ලංකාවට ගියාම බලන්න යන්න ඉන්න තැන් ලිස්ට් එකට ඔන්න නිලාවැලියත් දාගත්ත....ස්තූතියි අයිය....!

Dinesh said...

නැගෙනහිර වෙරළේ ඉදන් හිරු උදාව බලන එක ලස්සනයිලු.. මමනම් දන්නේ නෑ.. අහලා තියෙනවා විතරයි.. දැකලත් නෑ..

රූ.... said...

පින්තූරු ටිකකුත් තිබ්බනම් කියලා වැඩක් නෑ මලේ..

ChammA said...

නිලාවැලි පැත්තේ නම කොහොම හරි කරක්ගහන්න යන්න ඕන අප්පා..

බීටා said...

ඒ පැත්තේ නම් ඇවිදලා බලන්න වටිනවා තමා...... කිවුවා වගේ පොටෝ ටිකක් දැම්මනම් හොඳා

දිල් said...

නිලාවේලී තරම් ලස්සන වෙරළක් ලෝකෙ කොහේවත් නැතුව ඇති... ලඟදි යන්න බැරි උනා...මේ පෝස්ටුව කියවද්දී හිතුනා ආයෙම යන්න ඇත්නම් කියලා....

ක්සැන්ඩර් | Xander said...

ලංකාවට අවාම යන්න හිතන් ඉන්න තැනක් ඔයා අද කිව්වේ. ඇත්තටම කොළඹ ඉන්න කාලේ ගෝල්ෆේස් එකෙන් ඉර බහිනවා බලන් හිටිය මතකෙට ඔතනත් ගිහින් හිටියනම් පස්ට ආතල් එකක් ගන්න පුළුවන්.. හික්..

sAm (සෑම්) said...

සිරාවට පින්තූර තමා කස්ටිය ඉල්ලන්නේ.. ;)

sumedha Obeysekera said...

කලකට පෙර ඉර නිගින හැටි ඔය වෙරල ළඟ ඉදල මම Photo ගත්ත.. බලන්නකෝ..
http://www.sumedha7.blogspot.com/2010/08/beginning.html

nawammawatha said...

චෙහ් ! මධුරංග මලයට තිබුනෙ පින්තූර දෙක තුනක්වත් අමුනන්න. ඉරක් නැතුව දවසක් අහවර වෙනව දැකලම නෑ. ඒ වගේම කියනකං එහෙම දෙයක් ගැන කල්පනාවට ආවෙත් නෑනෙ. :D

Music girl said...

මමත් නිලාවේලි ගිහින් තියෙනවා සුනාමියට කලින්. අපි මුහුදෙ නෑවත් එක්ක. හරිම ලස්සන තැනක්. දැන් නම් වෙනස් ඇති...

Ruka said...

පස්ස රත්වෙන්න ඉර වැටිච්චාම නැගිටින උඹල කොහොමද ඉර පායන පැත්ත දන්නේ නේ බන්

Ice (අයේෂා කුලතුංග) said...

නිලාවැලිය......... මාත් ගියා දෙපාරක්ම. ඒ ලස්සන ගැන නම් කතා කරලා වැඩක් නෑ... නිලාවැලිය ලංකාවට ආභරණයක්.. :D

Shani said...

මාත් ගියා නිලාවැලි 2004 දී... ආයෙත් යන්න ඇත්නම් ආසයි.. හවස් වෙද්දි ලස්සනයි, තාම එහෙමද දන්නෙ නෑ :(

sithuwam said...

ගිහින් නෑ නොවැ...

වර්ණා said...

නිලාවැලි මාත් ගිහින් තියෙනවා. ලංකාවේ ලස්සනම මුහුදු වෙරල කියුවොතින් හරි

ප්‍රාර්ථනා said...

හම්මියෝ... කාලෙකින් ලොකු අයියව බලන්න ආවේ,. මාත් තිරිකුණාමලේ ගිහින් තියෙනවා අයියේ,. නිලාවැලිය තරම් ලස්සන මුහුදු වෙරළක් නම් තවත් නෑ,. පළල වැලි තීරෙත් එක්ක නිල් පාට මුහුද,.. පුදුම ලස්සනක්,.

රහස් පරික්ෂකයා said...

මන් නම් එක පාරක් ගියා අයියේ .... පට්ට ප්ලෙස් එක. අයියේ බ්ලොග් සෙට් එකක් සෙට් කරන් යමුද?

හිතුවක්කාරී said...

මම ත් නිලාවැලි ගිහින් තියෙනවා..බෝට්ටුවක ගිහින් මාරක අත්දැකීමකුත් තියෙනවා...:D හරිම ලස්සන වෙරළ තීරයක් තමා නිලාවැලි කියන්නෙ...

~~තරූගේ ලෝකය~~; said...

ෂහ්: තාම යන්න බැරිවුනානෙ ඔය පැත්තෙ....
යන්න ඕනි ඉක්මනටම...

අසරණයා said...

අලිමංකඩ ට පේනවලු ඉර නගින එකයි බහින එකයි.ලෝකේ වෙන කොහේටවත් පෙන්නේ නැහැ ඒ දෙකම එකම සැරේ..

සරත් ලංකාප්‍රිය said...

මම කාලයක් ත්‍රිකුණාමලේ වැඩ කළා.. හරිම සුන්දර මතකයන් තියෙන්නේ..

දිනුක ජයකොඩි said...

අම්මෝ සෑහෙන කාලෙකින් අන්තර්ජාලෙට ආවෙ.නිලාවැලි ලස්සනයි.රස්නෙ තමයි ඉවසන්න බැරි.මට ආසයි දවසක අලිමංකඩ ඉඳං ඉර නගින හැටියි බහින හැටියි දෙකම බලන්න පුළුවන්ද කියලා බලන්න.

මධුරංග said...

@සයුරි :
නැගෙනහිර වෙරලේ ඉර බහින්නේ නෑ කියලා මට පස්සේ තමා මීටර් උනේ. අපි ඉතින් මූදු වෙරලක හැන්දෑවේ ඉන්නකොට බලන්නෙම ඉර බහින දර්ශනේ නේ.

@ලහිරු :
ඔවු. මිනිස්සු ගියාට පස්සේ විනාශ කරලා දාලා එන්නේ. ඒ නිස ගන්න දෙයක් නම් නැතුවැති !!

@අකීකරු හිත :
උබ ඉදහන් කියලා මාව මූද අයිනෙන්ම දාලා යයි !!

මධුරංග said...

@න දී :
පින්තූර ගන්න කැමරාවක් තිබ්බේ නෑ අක්කා. දෑහින් රසවිඳලා ආවා !!

@දයානන්ද රත්නායක :
අනික් වතාවක ත්‍රිකුණාමලේ ගියාපුවාම රෙඩ් රොක්ස් බලන්න ඕනා. මම නම් ගිහින්ම නෑ.

@මහි :
ඒක හරි. මේ පුංචි රටේ අපි නොගියපු තැන් කොච්චරක්නම් ඇත්ද ? මැරෙන්න ඉස්සරින් ඒ තැන්වලට යන්න තියෙනවා නම්...

මධුරංග said...

@වින්චැට්කිරිල්ලි. :
ගිහින් ඇවිත් අපට කියවන්නත් එක්ක පෝස්ට් එකක් දාන්න පුලුවන් නම් වටිනවා !!!

@Dinesh :
මල්ලි ලංකාවට ආපු දවසක සෙට් වෙලා යන් !! මාත් උදේක නැගෙනහිර පැත්තේ ඉදලම නෑ.

@රූ.... :
පින්තූරු ගන්න කැමරාවක් තිබ්බේ නෑ අක්කා.

මධුරංග said...

@ChammA :
අනිවාර්යෙන්ම !!! ගිහින් එන්න.

@බීටා :
දැන් නම් පින්තූර කෑල්ලක් නැති එක ලොකු අඩුවක් කියලා හිතෙනවා. ආයෙත් වතාවක ගියොත් පින්තූර කෑල්ලක් දාන්නම් !!!

@දිල් :
ආයේ ආයේ යන්න තියෙනවනම් කියලා මටත් හිතුනා. දැන් නම් රස්සාවකට කොටු වෙලා නිදහස සීමා වෙලා !
මගේ බ්ලොග් එකේ දිල් අක්කෑ අන්තිම කමෙන්ටුව !!!

මධුරංග said...

@ක්සැන්ඩර් | Xander :
ලංකාවට ආපු දාක ගිහින් එන්න.
ගිහින් ඇවිත් අපටත් කියවන්න එක්ක පෝස්ට් එකක් දාන්න.

@sAm (සෑම්) :
උබත් ඉල්ලන්නේ ඒකමද ?

@sumedha Obeysekera :
බොහොම ස්තුතියි !!

මධුරංග said...

@nawammawatha :
හැමෝම ඉල්ලන්නේ නැති දේවල්මයි !!
අනිත් වතාවේ ගියහම අනිවාර්යෙන්ම පෝස්ට් එකට පින්තූර ටිකක් අමුනන්නම්.

@Music girl :
නිලාවෙලියේ නාන එක නම් මාරම අත්දැකීමක් තමා.

@Ruka :
ඔය කිව්වේ !!! :)
ඒ කතාවත් හරිනේ බොලේ ! මේ රස්සාව නැත්නම් නිදිම තමා.

මධුරංග said...

@Ice (අයේෂා කුලතුංග) :
හැබැයි ඉතින් ඒ ආභරණේ විනාස කරන්නෙත් අපේම මිනිස්සු තමා !

@Shani :
තාම එහෙම වෙන්ටෑ. මනුස්සයෝ වෙනස්වෙන ඉක්මනට ස්වභාවධර්මයා වෙනස් වෙන්නේ නෑ. :)

@sithuwam :
වෙලාවක යමුද ?

මධුරංග said...

@වර්ණා :
හරියට හරි !!!

@ප්‍රාර්ථනා :
සෑහෙන කාලෙකින් නංගිව දැක්කේ !
නිල්පාට මූදක් බලන්න ඕන නම් නිලාවැලි තමා යන්න තියෙන්නේ.

@රහස් පරික්ෂකයා :
බ්ලොග් සෙට් එකක් ඕන නෑ. අපි සෙට් එක වෙලාවක යන් !!

මධුරංග said...

@හිතුවක්කාරී :
එහෙනම් වෙලාවක ඒ අත්දැකීමත් අපිට කියන්න. හික්ස් :)

@~~තරූගේ ලෝකය~~; :
කට්ටියක් සෙට් කරගෙන ගිහින් ආවා නම් හරි !!

@අසරණයා :
ලංකාවේ පටුම ගොඩබිම් තීරුව නිසා ඔය කතාව ඇත්ත වෙන්ටෑ. මම නම් අලිමංකඩ ගිහින් නෑ.

මධුරංග said...

@සරත් ලංකාප්‍රිය :
නිවාඩු තියෙන වෙලාවක ඒ මතකයත් බ්ලොග් එකෙන් අවුස්සලා ගත්තා නම්....

@දිනුක ජයකොඩි :
මාත් ඒකට නම් ආසයි. ඒත් කාත්තෙක්කද යන්නේ. කට්ටියක් සෙට් උනා නම් ගිහින් එතෑකි !!!

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.