11 January 2012

මී වසංගතේ

ලඟකදී ඉදන් අපේ ගෙදර මීයෝ වගයක් බෝවෙලා මල කරදරේ ! පොතුයි ඇඳුම් කනවා මදිවට අල්මාරියේ දොර හිටන් මේ මීයෝ කොනහනවා. ඒ නිසා මේ දවස්වල මී වසංගතෙන් බේරෙන්න අපේ ගෙදර කට්ටිය එක එක ක්‍රම අත්හදා බලනවා.

රෑ දෙගොඩහරි ජාමෙට 'සර සර' ගාලා සද්දයක් ඇහුනම ගෙදර කවුරුහරි ඇවිත් ලයිට් දාලා සද්දේ ආවේ කොහෙන්ද කියලා බලනවා.සද්දේ ආවේ කොහෙන්ද කියලා හොයන එක කෙසේ වෙතත් යසට නිදාගෙන ඉන්න මගේ නින්ද නම් කැඩෙනවා. රෑ මැද නින්ද කැඩෙනවා කියන්නේ මහ එපාම කරපු වැඩක් ! ආයේ මුල ඉදන්ම නිදා ගන්න එපැයි !

ඒ හින්දා මී වසංගතේ නැති කරන්න මට පුදුම ඕන කමක් තිබ්බේ.

මී කතුරු වලින් මීයෝ මරණ එක ලේසි ක්‍රමයක් උනාට අපේ අම්මා උදේට උයන්න ඇහැරුනාම නිදිමරගාතේ මී කතුර පාගගෙන දුක් විඳින නිසා ඒ ක්‍රමය වැඩිය පාවිච්චි කරන්නේ නෑ. ඒ වෙනුවට මී පාසානම් පාවිච්චි කරන එක කාගෙත් පොදු සම්මතය උනා.

ඔහොම මී පාසානම් හොයාගෙන හොයාගෙන යනකොට රාගම ටවුමෙන් අපූරු මීපාසානම් ජාතියක් හම්බ උනා. මේ මීපාසානම් ජාතියත් අනිත් මීපාසානම් වගේ කෑම වලට අනලා තියන්න ඕනා. යම් විදිහකින් මේ මීපාසානම් මීයෙක්ට කැවුනොත් ඒක කැවිච්ච මීයා වේලිලා මැරෙනවා ! කොහොමද වැඩේ !

ඒක විකුණන මනුස්සයාත් විකුනන්නේ කාටවත් ඇහෙන නෑහෙන ගානට "මීයා වේලිලා මැරෙයි ! මීයා වේලිලා මැරෙයි !" කියලා. පුල් පවර් එකක් තියෙන මී පාසානම් ජාතියක් !

අද තමා මේ මීපාසානම් ජාතියේ මංගල අත්හදා බැලීම කරන්නේ. ඒ නිසාම මීපාසනම් තැබිල්ල පොඩ්ඩකට නවත්තලා බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න කියලා ආවා. :)

එහෙනම් මම් යනවා !!!

51 දෙනෙක් අදහස් පලකලා .:

දිනුක ජයකොඩි said...

උඹේ කෑමට කළවං කරගන්නනං එපා බං.මීයා වේලිලා යයි.

දිල් said...

හීනෙන් ඇවිඳින රෝග එහෙම නෑ නේද මධූ ?

හිස් අහස said...

බිලාලයෙක්ව ඇතිකරහං අයියේ හුරතලය සහ මීයන්ගෙන් රැකවරණය යන කාර්‍යන් දෙකම එකවර ඉටු කරගත හැකි නෙව

දයානන්ද රත්නායක said...

"ඤාව්වෙක්" පුරුදු කළා නම් ඌ ඉතුරු ටික බලා ගනී. එතකොට පළමු පන්සිල් පදයෙන් අපි නිදහස්.

සාතන් said...

පරිස්සමෙන් ගොයියො මීයො එක්ක සෙල්ලම් කොරන්නෙ..

අපේ පැත්තෙ නම් තියෙනව ඕකට පොඩි කෙමක්... උඹ දන්නවද ඇල්බීසිය කියන ගස් ජාතිය.. එක එක පැති වල කියන නම් වෙනස් ඇති.. හැබැයි වැටවල් වලට හිටවන කතුරුමුරුංග වල වගේ කොළ හැදෙන ගහක්.. කොලේ ලොකුයි බිත්තරයක් වගේ හැඩයක් තියෙන්නෙ.. ඔය ගස් වල හැදෙන මල් කඩල ගෙනත් ගෙදර තැන් තැන් වල තියපන්.. හැබැයි ඕක කතා නොකර කරන්න ඕන වැඩක්... පැයක් දෙකක් යනකොට ගෙයි තැන් තැන් වල මීයො මැරිල හරි සිහිනැති වෙලා හරි ඉඳී... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..

හැබැයි ඔය වැඩේ කරන අතරෙ කතා ‍කලොත් බලේ නැති වෙනවද දන්නෙ නෑ.. ඒ විදිහට ටෙස් කොරන්න හම්බුවුනේ නෑ..

sithuwam said...

පූසෙක් ඇති කොරහන් මචං.අපේ ගෙදරත් දන්න කියන ඔක්කොම සෙල්ලම් දාල මීයොනම් නැතිකරගන්න බැරිඋනා.පූසා ගෙනාවට පස්සේ මීයො කොහෙ ගියාද නෑ.මම හිතන්නෙ මීයො ඔක්කොම පූසාව කන්න යන්නෑ.හික්

බීටා said...

මීයා වේලිලා .....! මැරෙයි මීයා වේලිලා මැරෙයි......! ඒක නම් පට්ටා කතාව

සයුරි said...

මෙහෙ තියනවා මි උගුල් ජාතියක්..මියා ඒක උඩින් දිව්වොත් උගේ කකුල් 4 ඒකට ඇලෙනවා..සැර ගම් එකක් ගාලා තියෙන්නේ...ඉතින් ඒකට අහු වෙන මියන්ව එහෙමම විසි කරනවලු.උන් බඩගින්නේ විඳවලා මැරෙනවා ඇති..අනේ සංසාරේ..

වින්චැට්කිරිල්ලි. said...

අපොයි හෙට උදේට මොකෙන් මොක වෙලා තියේද දන්නෙ නැහැ.....ඇයි අප්පා ඔච්චර දුක් විඳින්නේ බලල් පැට්ටෙක් ගෙනාව නම් ඉවරනෙ කතාව.....

Podi Kumarihami said...

ඉක්මනට කියන්ට දැන් අල්ලපු ගාන. කීදෙනෙක් වේලිලා මැරිලා හිටියද?:D:D:D

Roshan Herath said...

මීයෙක්.. ආආ වැරදුනා. පූසෙක් ඇතිකළානම් ගොඩ
ඒත් දැන්කාලෙ පුසොන්ට මීයො අල්ලන්න උගන්නන්න වෙනව..

Anonymous said...

bORU KIYANNA EPA SATHAN GOD

රූ.... said...

සතුන් මරන්නට හොඳ නෑ මිහිඳු සමිදු බණ කිව්වා...අපි දහම් පාසල් යන කාලෙ ඉගෙන ගත්තෙ..

cjgayan said...

ඊට වැඩිය හොඳයි මෝර්ටීන් රැට් කිල් කියල පැකට් එකෙක් තියෙනවා නිකං කඩලා උන් එන යන පාරෙන් තියන්න ටික දවසකින් පලාතෙ වත් ඉන්නෙ නෑ

න දී said...

ඔය උගුල් තියනවට වඩා පූස් පැටියෙක් ගෙනාව නම් හොදා.පව් සිද්ද වෙන්නෙත් නෑ.මීයො එන්නෙන්ත් නෑ.

නිසුපා said...

අපොයි....අපේ ගෙදරනම් ඔය වැඩේ නැවැත්තුවා.මීයෙක් වහ කාලා වැනි වැනී ඇවිල්ලා තාත්තා දිහා දුක හිතෙන විදිහට බැලුවලු.තාත්තට වහ තියපු මෝඩ කම් කියලා හිතුනලු.

පූසෙක් ඇති කරන්න මල්ලි.නැත්නම් මීයො එන තැන් වහලා දාන්න.ඒක වැඩිය හොදයි.

``` Outsider``` said...

සත්තු මරණ එකටනම් මගේ කැමැත්තක් නෑ. ඊට වඩා මානුෂීය ක්‍රමයක් භාවිතා කරන්න පුඵවන්නම් හොඳයි.

වර්ණා said...

eka post ekakwath update welaa naha magula :/

Shani said...

සඳරු අයියගේ කතාව හරි. අපේ ගෙදර පූසෝ දෙන්නෙක් ඉන්නවා. මීයෙක් තියා කැරපොත්තෙක්වත් හතර මායිමක නෑ..

රාජ් said...

මධුරංග මල්ලි පරිස්සමින් ඔයවැඩ ඩේන්ජරස්. හදිස්සියෙ මීය වේලුනොත්.

malmi said...

අනේ මලේ මට නම් බයේ බෑ. ඔයා පරිස්සමෙන් හොදේ.

රහස් පරික්ෂකයා said...

ඔය මීයො ටික නම් අයියේ ,එච්චර හොද එකක් නෙවෙයි.. ඉක්මනට මොනව හරි කරන්න.. නැත්නම් ගෙදර මුකුත් ඉතුරු වෙන එකක් නෑ..

Dinesh said...

මොනා උනත් පරිස්සමින් අයියේ.. ඔය කෑමට කවලං කරන වැඩේටනම් මම එච්චර මනාප නෑ.. කට්ටිය කියනවත් වගේ නරකද පූත් තඩියෙක් ඇති කලොත්??

~~තරූගේ ලෝකය~~; said...

අපේ ගෙදරනම් කරන්නෙ පූසො හදන එක...

Observer said...

මට ඉස්සර කටුබැද්ද හන්දියෙ ජොක්කු සහ බ්රෙසියර් වික්ක පේව්මන්ට් කාරයෙක් මතක් වුනා, ඌ කෑ ගහලම කියන්නෙ 'ටු ඉන් වන්, ත්‍රී ඉන් වන්, වැල වරක කරන ඒවා, අල ගෝනි කරන ඒවා' කියල.

Ice (අයේෂා කුලතුංග) said...

වේලිලා කොහේහරි මැරිලා කුණු වුණාම තේරයි ගඳ එනකොට...:PP

සයුරි අක්ක කිව්වා වගේ වැඩක් කරලා එක පාරක් අපේ පුංචි.. මීයව ඒ ප්ලාස්ටික් මුඩියත් එක්ක විසි කරනකොට කොහෙන්දෝ ආපු කපුටෙක් මීයව කන්න අල්ලගන්නකොට කපුටාගේ හොටත් ඇලවිලා අර ගම් එකේ...:P
එදා ඉඳල බණ්ඩාරවෙල පැත්තේ කපුටෝ හිඟයිලු... හැක හැක...

Anonymous said...

Owa maha papa karma. Meeyo kiyanne api wage ksheerapaee satthu. Mae wage family relation ships thiyena ( wisheshayen pataw poshanayakerana) sathu marana eka honda nae. There are so many alternatives to get rid of them...

nawammawatha said...

වැරදිලාවත් කනව එහෙම නෙවෙයි. එහෙම උනොත් ටැංකිය පුපුරල තමයි මැරෙන්නෙ. ටැප් එකත් කරවෙච්ච හන්ද.

මකුළුවා..... said...

අයියා හොඳ පූස් තඩියෙක්ව ඇති කරන්න....මීයෝ විතරක් නෙමේ...හූනෝ කැරපොත්තොත් ගෙදර දාලා යනවා....අත්දුටුයි!ප්‍රත්‍යක්ෂයි!නිවාරණයි!

අපේ පූසනම් කුණකටුවොත් පන්නනවා.හි හි හි....

හිතුවක්කාරි said...

ඒකනෙ අයියේ... පූසෙක් හැදුවනම් හලිනෙ... වේලිලා මැරෙන මීපාසානම් කතාවක් මම අදමයිනෙ ඇහුවෙ...

නාකියා said...

මගේ නම් අංක එකේ තේරීම මොර්ටීන් රැට් කිල්.ෂවර් නැති තැන්වලට මම නිකනුත් දාලා තියෙන්නේ.ඒවා කාපු එවුනුත් වේලිලා තමා මැරෙන්නේ. ගද නෑ.

අර යහපත් ඇනෝ කියන විදියට සත්තු නොමරම හිටියොත් ලෝකෙ සත්තු වත්තක් වෙයි.

ආ පූසා කියද්දි මතක් වුනේ.. නරකද අපේ බ්ලොග් ලියන පූසව ඔය වැඩේට සෙට් කර ගත්තොත්. :D

sAm sRi said...

@ඔබා අල ගෝනි කරගන්න කාලේ හරි බොල.. :)

@මධුරංග කොල්ලෝ.. ඔය කියන අහවල් ජාතියේ බේත මට සුපිරි වෙලද සැලකින් සෙට් වුණා. ඔය කියන එකෙත් ඇත්තේ ඒ පස් පංගුවම වෙන්ට ඇත් මයෙ හිතේ..

හරී said...

විසඳුම්
දෙකේ දෙකේ පොලු..
මොර්ටීන් රැට් කිල්...

ඔබ නොදු‍ටු ලොවක් said...

හික් හික් අර කිව්වත් වගේ කෑමට එහෙම කවලං කර ගන්න එපා...මීයා මැරෙයි වේලිලා....

පැණි දොඩම් said...

මල්ලි.. දැන්නං පූසෙක් ගේන්න කාලෙ හරි...

ලහිරු said...

අපෝ...මීයෝ අහුමුළු ගානේ මැරිලා සුවඳ එද්දී තේරෙයි වැඩේ කොහොමද කියලා! පූස් පැට්ටෙක් ගෙනාවනම් වැඩේ ක්ලෝස්නේ!

වින්චැට්කිරිල්ලි. said...

වැඩි මනාපෙ අනුව...සත්තු මරන එක පව්...මීයො මරන එක ඊටත් වඩා පව්..එතකොට බලල්ලුන්ට පව් නැද්ද මීයො මරපුවාම??පූසො ඉන්නෙ ගෙවල් වල හුරතල් වෙන්න මිසක් මිනීමරන්න නෙවි කියල අපේ අල්ලපු ගෙදර පූසි කිව්වා...!! වත්තෙ උන්න හා පැටව් 6 දෙනෙක් හමුවෙලත් අල්ලපු ගෙදර පූසි එයාලව මට පෙන්නුව මිසක් අතවත් තිබ්බෙ නැහැ...බටහිර පූසියො එහෙමයි...ලංකාවෙ පූසො තමා බුදුබණ කිය කිය මීයො දෙන්න දෙන්න අල්ලල මරන්නෙ....!!..අනේ සංසාරේ.........!!!!!

මධුරංග අයිය....ඔයා මෙහෙම කරන්න..ඔය මීයන්ට හොඳින් සමාදානෙන් කතා කරල කියන්න ''මාව නිකම් මිනීමරුවෙක් කරන්න එපා'' කියල..එයාල අහනව...!!!!

ChammA said...

පුස් තඩියෙක් ගෙන්වානම් වැඩේ ක්ලෝස් නේ අයියේ.. :)

මධුරංග said...

@දිනුක ජයකොඩි :
වෙන්ඩ දොස්තර කෙනෙක් නිසා නාහා කොහොමද ?

@දිල් :
අපෝ මට නම් එහෙම ලෙඩක් නෑ. අපේ මල්ලි කෙනෙකුන්ට එහෙම ලෙඩක් තිබ්බා.

@හිස් අහස :
අනිවාර්යෙන්ම ඒ වැඩේ හොදයි වගේ.

මධුරංග said...

@දයානන්ද රත්නායක :
ඔවු එතකොට අපට පවු සිද්ද වෙන්නෙත් නෑ. :)

@සාතන් :
අඩේ ලේසි වැඩක් නේ. ඒකත් කරලා බලන්න ඕනා. ගොඩක් ස්තුතියි ක්‍රමේ කියලා දුන්නට.

@sithuwam :
ඔවු ඔවු. සමහර මීයෝ පූසව කන්නේ නෑ. හික්ස් :)

මධුරංග said...

@බීටා :
පට්ට නේන්නම්. හික්ස් :)

@සයුරි :
ඒ ගම් ජාතියේ නම කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
ඒ ක්‍රමේත් හරි ලේසි ක්‍රමයක් නේ.

@වින්චැට්කිරිල්ලි. :
ගේන්ඩ ඕනා. උදේට මැරිලා වැටිලා ඉදීද මන්දා...

මධුරංග said...

@Podi Kumarihami :
ඇයි ඔය රටවල් වල මීයෝ උයලා කනවද ?
හික්ස් :)
උදේට කියන්නම් කීයක් මලා ද කියලා.

@Roshan Herath :
ඒක හරි දැන් ඉන්න පූසෝ දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න එවුන්.

@Anonymous :
ඒ ක්‍රමේ හරි යන්නේ නැද්ද ? අප්පා.....

මධුරංග said...

@රූ.... :
මොනා කරන්නද අක්කේ. මෙවුන්ගෙන් මල වදේ!!

@cjgayan :
මෝර්ටීන් කන්නේ නෑ නේ. ඒවායේ සැර ගඳට කන්නේ නෑ.

@න දී :
ගොඩක් කට්ටිය කියපු නිසා ඒ වැඩේ නම් හරි යයි වගේ.
අපේ ගෙදර කට්ටියට යෝජනාව දාලා බලන්න ඕනා.

මධුරංග said...

@නිසුපා :
මේ කතාවට හිනා වෙලාත් බෑ. හිනා නොවීත් බෑ. පවු නේන්නම්

@``` Outsider``` :
එහෙනම් පූසෙක්ව ඇති කරන්න තියෙන්නේ.
ඒක මානුෂික ක්‍රමයක් !!!

@වර්ණා :
මට තේරෙන්නෙත් නෑ මොකද්ද ලෙඩේ කියලා.

මධුරංග said...

@Shani :
හ්ම්.. ඒ ක්‍රමේ අත්හදා බලන්න ඕනා.
හරි යයි කියලා හිතෙනවා. දන්න කට්ටිය නෙව කියන්නේ. :)

@රාජ් :
හික්.... මීයා වේලුනොත් නෙහ්....

@malmi :
වහ තියන වැඩේ කරලා අත හොදට හේදුවාම හරි යයි අක්කා.

මධුරංග said...

@රහස් පරික්ෂකයා :
නැත්නම් බේතකටවත් එක ඇඳුමක්වත් ඉතුරු වෙන එකක් නෑ.

@Dinesh :
බැරි වෙලාවකවත් අපට කැවුනොත් එහෙම නෙ...

@~~තරූගේ ලෝකය~~; :
අපිත් ඒක කරන්නම්. හික්ස් :)

මධුරංග said...

@Observer :
පට්ට වෙලෙන්දෙක් නේ. කමෙන්ට් එකට මෙච්චර හිනා වෙන්න පුලුවන් නම් හැබැහින් දැක්කොත් ඒ මනුස්සයාගෙන් ගුටිත් කන්න පුලුවන් නේ.

@Ice (අයේෂා කුලතුංග) :
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරාගෙන... මරු මරු !!

@Anonymous :
ඇනෝ කියන දේ එකහෙලාම පිලිගනිමි.
මාත් මේ ක්‍රමේට වෙන පිලියමක් යොදවන්න ඉන්නේ.

මධුරංග said...

@nawammawatha :
ටැප් එක කර වෙච්ච හන්දා !!!
අනේ යකෝ !!! හික්ස් :)

@මකුළුවා..... :
අපේ පැත්තේ කුණකටුවෙක් ඉන්ට ඉඩ නෑ. ඒ තරමට කැලෑ හිඟයි.

@හිතුවක්කාරි :
මාත් එදාමයි ඇහුවේ.

මධුරංග said...

@නාකියා :
ඒ පූසා මීයෝ වෙනුවට තව තවත් පූසෝ තමා අල්ලන්නේ. හික්ස් :)

@sAm sRi :
පස් පංගුව ? හෑ. ඒකට එහෙමත් කියනවද

@හරී :
දෙකේ දෙකේ පොලු වැඩේ නම් මේ දවස්වලත් යනවා.

මධුරංග said...

@ඔබ නොදු‍ටු ලොවක් :
ඒ වැඩේ නම් වෙයි කියලා මටත් හිතුනා. හික්ස් :)
සේෆ්ටි ෆස්ට් !!

@පැණි දොඩම් :
හික් හික් හික්.... :)

@ලහිරු :
කට්ටිය කියපු නිසපූස් පැටියෙක් ගෙන එක හොදා කියලා මටත් හිතුනා.

මධුරංග said...

@වින්චැට්කිරිල්ලි. :
නංගි ගේ අළුත් ක්‍රමේ අත්හදා බලන්නම්. :)
ඒ ක්‍රමේ නම් නිට්ටාවට හරි යයි !

@ChammA :
තඩියෙක් තමා ගේන්න හිතන් ඉන්නේ.

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.