04 January 2012

ගූගල් සර්ච්

අන්තර්ජාලෙන් යමක් හොයනකොට සෙවුම් යන්ත්‍රයක් පාවිච්චි කලාම ගොඩක්ම ලේසියෙන් අවශ්‍ය දේ හොයා ගන්න පුලුවන්.එහෙම අන්තර්ජාල සෙවුම් යන්තර අතරේ ගූගල් සෙවුම් යන්තරේ මාරම ජනප්‍රියයි.අනිත් එවුවා ගූගල් තරම් ජනප්‍රිය නෑ. ඒ හින්දමයි නෙට් එකෙන් මොනවාහරි හොයනවා වෙනුවට 'ගූගල් කරලා බලනවා' කියලා කියන්නේ.

ඉස්සර නම් ගූගල් සෙවුම් යන්තරෙන් මොනවාහරි හොයනකොට අවශ්‍ය දේ ටයිප් කරලා එන්ටර් ක්ලික් කරන්න ඕනේ. නමුත් දැන් එහෙම ඕනේ නෑ අවශ්‍ය දේ ටයිප් කරගෙන යනකොටම සර්ච් රිසල්ට් ටික පහලින් වැටෙනවා.

ලිනක්ස් වල ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් එකක් රිමූව් (remove) කරන්න මාත් ගූගල් කලා.

මට අවශ්‍ය දේ ටයිප් කරන්න හදනකොටම මට එහා පැත්තේ හිටපු එකාගේ කම්පියුටරේ අවුලක් කියලා මට පොඩ්ඩක් බලන්න කිව්වා. මාත් උගේ පැත්තට හැරිලා කතා කරන ගමන් ටයිප් කරන්න ගත්තා.
(පලපුරුද්ද නිසා මොනාහරි ටයිප් කරන කොට කී බෝඩ් එක දිහා බලන්න ඕනේ නෑ.)

ඒ වෙනකොට මම how to remove කියලා ටයිප් කලා විතරමයි. ඉතුරු ටික ටයිප් කරන්න කලින් මොකද්ද අවුල කියලා බලන්න මාත් පුටුව ඇදගෙන ඌ හිටපු මේසේට කිට්ටු උනා.

"උබ ඕවත් සර්ච් කරනවද බං !"

අපිත් එක්ක වැඩකරපු අයියා කෙනෙක් එහෙම කියාගෙන මට චාටර් හිනාවකුත් දාගෙන ගියා. මම ටාර් ගාලා මයේ මොනිටරේ දිහා බැලුවා. ගූගල් සර්ච් රිසල්ට් ටික දැක්කම මට පොලව පලාගෙන යන්න හිතුනා. එක පෙලට වීඩියෝ තොගයක් රිසල්ට් වල තිබ්බා.

මට ආපු සර්ච් රිසල්ට් ටික බලන්න ඕනේ නම් ගූගල් සයිට් එකට ගිහින් how to remove කියලා ටයිප් කරන්න. එන්ටර් කරන්න ඕනේ නෑ. මාත් එන්ටර් ක්ලික් කලේ නෑ.
--------------------------------------------------------------------
ප.ලි. - ඔය විදිහට how to use කියලා ටයිප් කලාමත් සිරා රිසල්ට් ටිකක් එනවා කියලා මට එහා පැත්තේ හිටපු එකා කිව්වා.

ප.ප.ලි.- රටින් රටට සර්ච් රිසල්ට් වෙනස් වෙනවා කියපු නිසා මේ තියෙන්නේ මට ආපු රිසල්ට් ටික

58 දෙනෙක් අදහස් පලකලා .:

තාරක Dilsh@n said...

ඕක රටින් රටටත් වෙනස් වෙනවනේ...
ඒ රටේ වැඩියෙන්ම සර්ච් කරන ඒවා තමයි මුලින්ම දෙන්නේ...

තාරක Dilsh@n said...

How to remove a "tick"
How to use "siri"

ඕවා තමා මටනම් ආවේ... :D

රාජ් said...

:D

``` Outsider``` said...

හෙහ් හෙහ් මරු ඒවනෙ එන්නෙ මලයො...

නදීර සඳරුවන් ලියනගේ said...

http://img3.imageshack.us/img3/1135/captureqlj.png

prasanna86k said...

මටත් ඔය හරිය අනන්ත වෙලා තියෙනවා....

පැණිදොඩම් said...

ලංකාවෙන් කියල දැනගත්තම ඕව තමයි බං එවන්නේ.

/පැණි දොඩම්.

kavinda said...

oken penne ape rate unge asahanaya.google.com wala sugesstion denne tick walpaper wage ewa but google.lk walin kelinma how to remove dunnama bra thama enne.anika itin umba owath search karanawada ahapu kenath tikak moda patayi.moko google suggestions denne umba ya.

Bunny said...

අෆොයි.. ඔන්න මිනිස්සු වැඩියෙන් හොයලා තියෙන එව්වා :D

ක්සැන්ඩර් | Xander said...

ඇත්ත රටෙන් රටට සර්ච් රිසල්ට්ස් එන හැටි වෙනස් වෙනවා. මෙහෙ එන්නේ නම් හව් ටු යුස් කියන එකෙන් තමා.. මුන් යුස් කොරන්න දන්නේ නෑ... හික්..

නිකමා said...

මාරයිනේ ලොල්.

න දී said...

How to Use Siri

//මට ආවෙ මේක

න දී said...

How to remove acrylic nails සෆෙල්ය්

//මේකත් ආවා.:)

සයුරි said...

ආසියානු රටවල ඕක සොබාවිකයි නේ මල්ලි :) හැබැයි google.lk වල තමයි ඔහොම වෙන්නේ..http://www.google.co.uk/ වගේ එකක සර්ච් කරලා බලන්නකෝ...එතකොට ඔහොම රිසල්ට් එන්නේ නැහැ :) අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය තමයි ඉතින්...

Dinesh said...

අපේ වෙනස් නේන්නම්.. මට ආවේ වෙනින් ඒවා ටිකක්නේ.. ඒ කියන්නේ ලංකාවේ වැඩියෙන් සර්ච් කරලා තියෙන්නේ ඕකද??

sAm sRi said...

"how to remove security tool"

සෑමට ආවේ මේක බොල. බොලා කලින් ඔය කියන අහවල් එකක් අස්සේ රිංගන්ට ඇති.. :)

පූසා said...

මොනවා කරන්නද නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන අපේ රටේ මිනිස්සු ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?
"අපේ රටේ මිනිස්සුනේ මානසික තත්වය තමයි" කියන එක වැරදියි. පොඩ්ඩක් හිතුවද අපේ මිනිස්සුන්ගේ මානසික තතවය එතනට පත් වෙලා තියෙන්නේ ඇයි කියලා? අපේ මිනිස්සු ඔය දේවල් නොදන්න හින්දා නේද ඕවා හොයලා කියවලා තියෙන්නේ? 10, 11 සෞඛ්‍ය පොතේ ඕනෙම පාඩම් මඟ හරින රටකයි අපි ජීවත් වෙන්නේ.... තව මොන කතාද?

Weni said...

තාමත් ඔය වගේ ලිංගික දේවල් අන්තර්ජාලයෙන් හොයල බලන එක දකින අයගේ ඇස් උඩ ගිහින් තමන්ගෙ කුහකත්වය පිට කරන එක නැති වෙන කන් ඔය වගේ දේවල් වෙයි මල්ලි,

රූ.... said...

මට නම් හිතෙන්නෙ..දන්නැත්තම් ඒ වගේ දේවල් ගූග්ල් එකේ බලලා හරි දැනගත්තට පාඩු නෑ කියලයි...හික්ස්..

නිසුපා said...

අනේ දෙයියනේ මදුරංග මල්ලිට වෙලා තියෙන එක.හික්ස්....

වැඩිහිටියෙක් අල්ලගෙන තමා අහගන්න වෙන්නෙ.කොහෙද ඉතිං ඒ අයටත් ඕවා කියා දෙන එකක් යෑ.කට්ටිය ඒක නිසා සර්ච් කොරලාම බලන්න ඇති.

සනා said...

හී හී.. අපේ උන්ගෙ දියුණුව තමා ඉතිං...

ගොඩයා said...

දන්නේ නැත්නම් මොනවා හොයලා බැලුවහම මොකද? දැනගන්නනේ.....

ChammA said...

අපි කස්ටිය ඉතින් වැඩිපුර සර්ච් කරලා තියෙන්නේ ඕක තමා එහෙනම්..

ඉන්දික උපශාන්ත said...

මෙහෙ how to use කියල ගහනකොට මුලිම්ම suggest කරන්නෙ condom :DD

niroshini said...

මේක ලංකාවේ අයියල නිතරම හොයන එකක්ද කොහෙද :D :D පව් අප්පා!
මට එන්නේ how to remove security tool කියලනේ..ඔයාට ආපු එක යටින්වත් පෙන්නන්නේ නැහැ

nawammawatha said...

උඹ නොදන්නවට මලයො ගූගලයා දැං සර්ච් රිසල්ට් දෙන්නෙ "පුද්ගල වනචර මටම" කියන එකත් සලකල නෙව. මට්ටම වැඩි වෙන්න වැඩි වෙන්න එක්ස් රේට් එකත් වැඩිවෙනව රිසල්ට්ස් වල. කොහොමෙයි තාක්ෂනේ දියුණුව.

අපේ කනියා said...

හක් හක් ආයේ මොකටද මාත් සර්ච් කොලා අම්මෝ එන ඒවා නිකම් තියන එකනේ ඔන්න ඔහේ බලලම දැම්මා :D

අපේ කනියා said...

හක් හක් ආයේ මොකටද මාත් සර්ච් කොලා අම්මෝ එන ඒවා නිකම් තියන එකනේ ඔන්න ඔහේ බලලම දැම්මා :D

අපේ කනියා said...

හක් හක් ආයේ මොකටද මාත් සර්ච් කොලා අම්මෝ එන ඒවා නිකම් තියන එකනේ ඔන්න ඔහේ බලලම දැම්මා :D

වින්චැට්කිරිල්ලි. said...

How to Remove Spyware and Malware from a Windows computer....
How to Remove Windows Genuine Advantage Notifications: 31 ...

මාත් ඉක්මනින් බැලුවා..හික්ස්.ඔන්න ඔය වගේ ඒවා තමා එන්නෙ.කෝමද වෙනස.? අනේ සංසාරේ...!!

දයානන්ද රත්නායක said...

අන්තර් ජාලය පිලිබඳව නිසි අවබෝධයක් නැති වුණාම සමහර අය හොයන්නෙම වැදගත් දේ වලට වඩා නොවැදගත් වන දේවල්,මේවා විවෘතව කතාකරනව නම් මට හිතෙන්නේ ගැටලු ගොඩක් දුරට අඩුවෙයි කියලා.

රහස් පරික්ෂකයා said...

අවුලක් නෑ අයියේ.. වෙනස් වෙනවනේ...... ගණන් ගන්න දේයක් නෑ

~~තරූගේ ලෝකය~~; said...

හිකිස්..........මටත් ආවෝ...හොද වෙලාවට කවුරුත් දැක්කෙ නෑ...

ගිනි කුරුල්ලා said...

අර සමහරු කියල තියෙනවා වගේ ඕවට මිනිස්සුන්ට බැනල වැඩකුත් නෑ..
ඒක නෙවෙයි අයියා සෙනසුරාදා ගාල්ලේ එනවයි?? :D :D

මධුරංග said...

@තාරක Dilsh@n :
ලංකාවේ එවුන් ඒ තරමටම මේක සර්ච් කරලා තියෙනවා එහෙනම්. හික්ස් :)

@රාජ් :
හික්ස් :)

@``` Outsider``` :
මරු ඒවා නේන්නම් :)

මධුරංග said...

@නදීර සඳරුවන් ලියනගේ :
මට මේ ඉමේජ් එක ලෝඩ් උනේ නෑ මලයා.
මොකක් හරි අවුලක් !

@prasanna86k :
ඔය කියන්නේ අත්දැකීම් වලින්. :)

@පැණිදොඩම් :
ඇයි දන්නේ නෑනේ ලංකාවේ එවුන්ට මෙච්චරම ගූගල් ආදරේ.

මධුරංග said...

@kavinda :
ඒකා විහිලුවට වෙන්ටෑ කියන්න ඇත්තේ. වැඩේ කියන්නේ බන් ඕක ඔහොම සර්ච් කරපු නිසානේ ඒ වගේ රිසල්ට් එන්නේ. ඒ කියන්නේ ලංකාවේ එවුන් එහෙම දේවලුත් නෙට් එකෙන් හොයලා තියෙනවා.

@Bunny :
ඒකනේ හාවෝ !

@ක්සැන්ඩර් | Xander :
ඔය රටවල් වල එහෙම සර්ච් කලත් දඩුවම් විදින්න වෙන නිසාද කොහෙද එහෙම සර්ච් කරලා නැත්තේ.

මධුරංග said...

@නිකමා :
මාරයි නේන්නම්.
මල්ලිව අපි අදුන ගත්තේ නෑනේ. මල්ලි දස්සයා !!!
සුබ පැතුම් මල්ලි !

@න දී :
පුදුමයි ! ඇයි මටම මෙහෙම වෙන්නේ.

@සයුරි :
එහෙමත් සර්ච් කරලා බැලුවා. ඒකට නම් එහෙම එන්නේ නෑ. අපේ මිනිස්සු හොයන දේවල් තමා

මධුරංග said...

@Dinesh :
ඒක නේන්නම් මල්ලි.
ලංකාවේ උන් සර්ච් කරලා තියෙන්නේ පුදුම දේවල් නේ.

@sAm sRi :
අඩේ ගෙදර නම් එහෙම රිංගුවා කියලා කියමුකෝ. ඒත් වැඩකරන තැන එහෙම වෙන්නේ කොහොමදෑ. පොඩ්ඩක් ගූගල් එකේ රට වෙනස් කරලා බලන්න. :)

@පූසා :
සහතික ඇත්ත මල්ලි. මේකට හේතුව නිසි ලිංගික අධ්‍යාපනයක් නැති කම. නැත්නම් අනිත් රටවල් වල වගේ වෙන වෙන රිස්ල්ට් එනවනේ. මෙහෙම වෙන්නේ අපේ උන් මේක සර්ච් කරලා තියෙන නිසා.

මධුරංග said...

@Weni :
අනිවාර්යෙන්ම !!

@රූ.... :
අනේ බොල. ඕවා ඉතින් සර්ච් කරලා හොයන්න ඕන දේවල් යෑ. :)

@නිසුපා :
ඒකනේ අක්කා. ඉදලා ඉදලා මටමනේ වෙන්නේ. :)

මධුරංග said...

@සනා :
අනේද කියන්නේ.
ඒක නෙමේ සනා, කෝ අර හැදුව ෆිල්ම් එක. අපට ඩීවීඩියක් ගන්න බැරි වෙයි ද ? :)

@ගොඩයා :
ඒත් දන්න දෙයක් සර්ච් රිසල්ට් වලට එනවා නම්.... :)

@ChammA :
ඒකනේ මල්ලි !!

මධුරංග said...

@ඉන්දික උපශාන්ත :
එහෙනම් එහෙත් මෙහේ වගේ එවුන් ඉන්නවා. සතුටුයි සතුටුයි. :)

@niroshini :
එහෙම වෙන්නේ මේ රටේ එවුන් වැඩිපුරම හොයලා තියෙන්නේ මෙහෙම දේවල් නේ. හික්ස් :)

@nawammawatha :
අඩේ එහෙම නම් ඔයිට වැඩිය දේවල් එන්න එපැයි. කෝ මේ නෝටි ඇමරිකා එක වීඩියෝ එකක්වත් සර්ච් රිසල්ට් වල නෑනේ. :)

මධුරංග said...

@අපේ කනියා :
මෙලෝ රහක් නැති යූ බටේ වීඩියෝ ටිකක් !

@වින්චැට්කිරිල්ලි.:
අනේ සංසාරේ නේන්නම් :)
අපේ එවුන්ට ගිය කලක් !

@දයානන්ද රත්නායක :
ඒක හරි සහෝදරයා. මේවා ගැන පාසල් අධ්‍යාපනයෙන්ම කියලා දුන්නා නම් හරි.

මධුරංග said...

@රහස් පරික්ෂකයා :
ඒකනේ ඒකනේ.

@~~තරූගේ ලෝකය~~; :
මට ඔය රිසල්ට් ටික ආපු වෙලාවේ මම චාටර් උනා. :(

@ගිනි කුරුල්ලා :
අනිවා අනිවා. නෑවිත් කොහොමද. සුවර් එකටම එන්න ඉන්නේ.

Roshan Herath said...

සර්ච් සජෙෂන්ස්. ඇතුවත් බෑ නැතුවත් බෑ නේද

Podi Kumarihami said...

හී හී හොඳ වැඩේ වෙලා තියෙන්නේ...

පොඩ්ඩි said...

Hikz!!!

Amith said...

malli meka meh Google.lk wala thiyana ledak. habai google.com hewwama wenas prathipala labenne. mama hithanne lankawa wadiyama hoyanne owada damme na .....:)

ලහිරු said...

ඒකම හැබැයි .com එකේ ගහලා බැලුව ම වෙනස් වෙනවා. අවුල තියෙන්නේ .lk තමයි, මම ඒක දැනගත්තේ මටත් ඔය වැඩේ ම වුන නිසා.....

හිතුවක්කාරි said...

හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.....:D ඔව්වා ඔහොම වෙන්නෙ අයියාටම තමා.. අපිටනම් එහෙම කැත රිසාල්ට් අඅවෙ නෑනෙ..:O

Observer said...

මටත් ආවෙ තාරක ඩිල්ෂාන්ට ආපු රිසල්ට් එකමයි

sAm sRi said...

සිරාවට රට වෙනස් කලාම අලි බොල..

Shani said...

හෆෝයි දෙයියනේ..!!! මටත් ආවෙ ඒකමයි..රටකට ගිය කල.

මහි said...

අනේ අපොයි!!! වෙච්චි දෙයක්!!!
ලංකාව ගැන දුකයි මට............

බීටා said...

ඔන්න එහෙනම් හිටු කියලා මමත් ගාහලා බලන්ට ඔනේ.... මොනවත් නෙවෙයි how to remove කියලා .....

පිණිබිඳු... said...

ඒවා සර්ච් කරලා මාට්ටු උනාට පස්සෙ දැන් මෙහෙම පෝස්ට් එකක් දැම්මා නේද.

Isuru Thilakarathna said...

පොඩ්ඩක් google එකේ srilankan කියලා search කරලා බලන්න ... එතකොට එන suggestion ටිකත් බලන්න ...

Ruwan Sampath Wickramathilaka said...

ශහ........... නියමයි නේ......... ඔයා දිගටම ලියනවා.......... ඔන්න මමත් පාටකයෙක්.....

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.