01 January 2012

නැවුම් බලාපොරොත්තු සමග නව වසරක් !

අවුරුද්දකුත් ගෙවිලා තවත් අවුරුද්දක් උදාවෙලා. ගිය අවුරුද්දේ නම් මගේ හිතේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි විශ්ව විද්‍යාල ජීවිතයේ අන්තිම අවුරුද්දේ අධ්‍යයන කටයුතු හොදින් කරගෙන හොද පංති සාමාර්ථයකුත් එක්ක විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා එනවයි කියන එක. සෑහෙන විෂයන් ගණනක් කරලා කොහොමහරි ඒ බලාපොරොත්තුවත් ඉෂ්ඨ කරගත්තා.

ගිය අවුරුද්දේ තිබ්බ අනිත් බලාපොරොත්තුව තමා ඉක්මනටම රස්සාවක් හොයාගෙන ගෙදර කඩාවැටිච්ච ආර්ථිකය යලි නඟා සිටුවන්න ඕන කියන එක. ඔන්න ඒකත් හරි ගියා.දැන් අපේ අප්පච්චිට ආයෙමත් පොහොර සංස්ථාවේ පොහොර මිටි කර ගහගෙන නහින්න ඕනේ නෑ. ලොකු එකා රස්සාවක් කරනවා නේ !! :)

මේ අවුරුද්ද මට විශේෂ වෙන්නේ මේ අවුරුද්දේ මුල හරියෙදි තමයි මම අර කළුපාට උපාධි ලෝගුව දාගන්න තියෙන්නේ. අපේ අම්මැයි අප්පච්ච්ලෑගෙයි පවුල් වල පලවෙනිම උපාධිධාරියා බිහි වෙන්නේ මේ අවුරුද්දේ.

දැන්ම හිටන් කට්ටිය උපාධි උත්සවයට එන්න ලක ලෑස්ති වෙනවා.දැනටමත් බස් එකක යන තරමට කට්ටිය සෙට් වෙලා තියෙන්නේ.

තව දුරටත් පරිගණක ජාලකරණය පිළිබඳව ඉගෙන ගන්න තියෙන අදහසත් මෙ අවුරුද්දේ ඉෂ්ඨ කරගන්න හිතාගෙන ඉන්නේ.

ඒ වගේම මේ අවුරුද්දේ මැදක් හරිය වෙනකොට මගේ රස්සාවත් ස්ථිර වෙනවා. ඒක හිතට ලොකු ශක්තියක්.

මේ සේරම දෙවල් එක්ක ජීවිතය දවසින් දවස අළුත් වේවි. ඒ මොක උනත් ජීවිතයට අළුත් අළුත් වටිනාකම්, අළුත් අළුත් අත්දැකීම් එකතු කරගෙන පරණ වැරදි අඩුපාඩු හදාගෙන ජීවත් වෙන්න ලොකු උත්සහයක යෙදෙන්නත් මේ අවුරුද්දේ අමතක කරන්නේ නෑ.

එහෙනම් ගිහින් එන්නම්,
ගෙවුන වසර පුරාවටම මාත් එක්ක රැඳී හිටපු හැමෝටම ස්තුතියි.

සියළු දෙනාට කිරියෙන් පැණියෙන් උතුරන සුබ නව වසරක් වේවා !!!

57 comments:

  1. අළුත් අරමුණු....අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  2. 2012 ලැබූ නව වසර සුභම සුබ නව වසරක් වේවා!!! ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඒ අයුරින්ම ඉටුවෙන්න පතනවා මුළු හදවතින්ම

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. ඔන්න කොල්ලො ... මගෙනුත් සුබ පැතුම් .. හරිය ...

    ReplyDelete
  5. හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන සුභම සුභ අවුරුද්දක් වෙන්න කියලා අයියට මම ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  6. සුභම සුභ නව වසරක් වේවා අය්යේ... බ්ලොග් ලොකේ හැමෝම එකතු වෙලා වැඩ පටන් ගන්න අවුරුද්දක්නේ මේක.. හැමෝටම ජයම වේවා...

    ReplyDelete
  7. සියලු යහපත් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  8. 2012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා !!!!!!!!!!
    Wish You Happy New Year 2012 !!!!!!!!!!!!!

    ReplyDelete
  9. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  10. ඔයාටත් සියලු පැතුම් ඉ‍ටුවෙන සුභ නව වසරක් වේවා.අපිත් මේ අවුරුද්දෙ අප්‍රේල් මාසයේ ට්‍රේනින් යනවා.අයියගේ පවුලේ වගේම තමයි අපේ පවුලෙත් ඉස්සෙල්ලාම උපාධි ලෝගුවක් දාන්නෙ මම.අපෙත් ගෙදර නෑදෑයෝ බර තොගයක් කොන්වකේශන් යන්න සෙට් වෙලා තමයි ඉන්නෙ.........

    ReplyDelete
  11. සුභ නව වසරක් වේවා මලයා!

    ReplyDelete
  12. සියලු බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා....!!!

    ReplyDelete
  13. සුබ අලුත් අවුරුද්දක් වේවා මදුරංග අය්යේ.

    ReplyDelete
  14. මේ තරම් කාලයක් පුරාවට හිතේ තිබුණු ගොඩක් බලාපොරොත්තු ඉටු වුණා වගේ ම ඉස්සරහටත් හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ඨ වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා සහෝ!

    ReplyDelete
  15. මල්ලිටත් සිතුම් පැතුම් ඉටුවෙන සුභ වසරක් වේවා....

    ReplyDelete
  16. කපීකේකිJanuary 1, 2012 at 10:21 AM

    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    //උපාධියත් ඉවරයි රස්සාවත් හරි එකේ දැන් ඉතින් නෝනා කෙනෙක් හොයාගන්න මේ අවුරුද්දෙවත්.:))

    ReplyDelete
  17. ඔයාගෙත් මගෙත් එකම බලාපොරොත්තු තිබිලා තියෙන්නෙ...ඒත් මට ජොබක් නම් සෙට් කරගන්න බැරිවුනා ප්‍රොජෙක්ට් එකට කෙලවුන නිසා...මේ අවුරුද්දෙ ඉතින් කොහොමහරි සෙටමෝල් කරගන්නවා...

    අනික කලු ලෝගු දැමිල්ල අපේ පරම්පරා දෙකෙත් ඉස්සෙල්ලම මම..... :)

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා!

    සිතේ සතුටෙන් අලුත් අවුරුද්ද ගත කරන්න ලැබේවා!

    ReplyDelete
  18. ජය වේවා !!!!

    ReplyDelete
  19. මධුරයා සරල පැහැදිලි ප්ලෑන් තියෙන්නේ.. සිරා..

    ජය වේවා !

    ReplyDelete
  20. අලුත් අවුරුද්දෙ නරකද Email Subscription එකක් දුන්නොත්......

    ReplyDelete
  21. අයියගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  22. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  23. සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා මල්ලිටත් :)

    ReplyDelete
  24. හ්ම්ම් හ්ම්ම් අලුත් අවුරුද්දක්, අලුත් දවසක්, අලුත් බලාපොරොත්තු... අය්යටත් එසේම වේවා!!!!

    ReplyDelete
  25. 2013 ලියවෙන පෝස්ටුවේ තියෙන දෙයක් ගැන මං කියන්නම්.

    " 2012 ලොකුම බලාපොරොත්තුව තිබ්බෙ රස්සාව ස්තීර වුනායින් පස්සේ ඇදගෙන යන්න ට්‍රේලරයක් හොයා ගන්න එක.ඒකත් හරි ගියා මේ අවුරුද්දේ."

    එහෙම පොස්ටුවක් වැටෙන්න කියලා පතන ගමන් ඔන්න කිව්වා සුභ නව වසරක් මධුරංගට...!!!

    ReplyDelete
  26. මධූරංග ලමයගෙ සියලු සුභ සිහින සඵල වේවා!
    අනාගත ජීවිතය සාර්ථක ලෙස ගොඩනගාගන්නට වාසනා මහිමය උදාවේවා! නව වසරට සුභ පැතුම්

    ReplyDelete
  27. පහන් සිලක් සේ නෙතු දැල්වේවා!
    නෙළුම් විලක් සේ සුවද සැදේවා!
    වසන්තයක් සේ දිවි සරු වේවා!
    මේ නව වසරේ කිරි ඉතිරේවා!

    ReplyDelete
  28. අර එතකොට අම්ම මොනාද මොනාද හොයනව කිව්වෙ..? ඒ ගැන මොකුත් කියල නැහැනෙ ඔයා...මේ අවුරුද්දෙ ඒ වැඩෙත් අති සාර්ථක වේවා..! සුභම සුභ නව වසරක් වෙලා ඔක්කොම පැතුම් ඉටුවේවා..!!

    ReplyDelete
  29. පහුගිය අවුරුද්දේ බලාපොරොත්තු ඉටුවුණා වගේම මේ අවුරුද්දෙත් එලෙසින්ම ඉටුවේවා

    ReplyDelete
  30. සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත වසරකට සුභ පැතුම්!

    ReplyDelete
  31. අයියා ,, ඉතින් දන්නවනේ බොක්කෙන්ම සුභ පැතුම් ඔන්න..... ලොගුවත් ඇදලා අවුරුද්ද ජයටම සමරන්න....!!!!

    ReplyDelete
  32. පවුලට ශක්තියක්
    ඉගෙන ගත්තු තැනට ආඩම්බරයක්
    තමන්ට යහපතක්
    රටට සෙතක්

    කරන්න අපේ මදුරංග අයියට අලුත් අවුරුද්දේ තුනුරුවනේ සරණයි

    ReplyDelete
  33. ඔබටත් ඔබ සමඟ සිටින සියල්ලන්ටත් 2012 සුභම සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  34. සුබ නව වසරක් වේවා මලයෝ!

    ReplyDelete
  35. සිතෙන සිතුම් ඉටු වෙන
    සිත් තුටින් බර වෙන
    සුභ නව වසරක්ම වේවා..!

    ReplyDelete
  36. සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  37. එහෙනම් ඉතින් අයියේ ඔය කළුපාට ලෝගුව දාගෙන හැමෝටම ආඩම්බරයක් වෙන්න...තව හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ කරගෙන හැමදාම සතුටින් ඉන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  38. මෙවන් පුතෙක් ලද දෙමව්පියො නම් ආඩම්බර වෙන්න ඕනෙමයි...අළුත් අවුරුද්දේ අළුත් බලාපොරොත්තු සේරම ඉටු වෙන්න සුභ පැතුම්..

    (ආ..බස් එකක් පුරවගෙන කොන්වකේශන් ගියත් ඒ අවස්ථාව හැබැහින් දකින්න පාස් දෙන්නෙ නම් දෙන්නෙකුට විතරයි...!! අනිත් අයට පුළුල් තිරේක පොප් කොන් කකා බලන්න පුළුවන්..)

    ReplyDelete
  39. අයියා අමාරුවෙන් ආපු මේ ගමනේ ඉතිරි කටයුතු ටිකත් සාර්ථකම කරගෙන මේ අවුරුද්දෙ තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!!
    ජයම වේවා!! :D

    ReplyDelete
  40. සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත නව වසරක්ම වේවා !!

    ReplyDelete
  41. මගේ සුබ පැතුම් මධු මලයෝ...උපාධි ලෝගුව දානවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි ඔන්න...:) රතු ලෝගුවත් දාන්න ලැබේවා කියලා පතනවා...

    ReplyDelete
  42. ඔබටත් පවුලේ සියළුම දෙනාටත් එසේම වේව..

    ReplyDelete
  43. මගෙත් පහු ගිය අවුරුද්ද ගැන තියෙන්නෙත් ඔය වගේම අත්දැකීම් තමයි. ලබන අවුරුද්දත් ඔය වගේමයි. අවුරුද්ද මැද රස්සාව ස්ථිර වෙනවා, අවුරුද්ද මුල උපාධි ලෝගුව දානවා. සන්තෝසයි...
    සුබ අලුත් අවුරුද්දක්....

    ReplyDelete
  44. සුබම සුබ නව වසරක් වේවා මල්ලි...

    ReplyDelete
  45. මධුරංග අයියගේ සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ නව වසරක් වෙන්න ඕන මේ අවුරුද්දේ :))

    ReplyDelete
  46. @දිල් :
    දිල් අක්කටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

    @malmi :
    අක්කෑ පවුලේ හැමෝටමත් එක්කම මම් සුබ පතනවා. :)

    @පූසා :
    එසේම වේවා !

    @kumaraya :
    මට කුමාරයෙක් සුබ පැතුව පලවෙනිම අවස්ථාව මේක.:)

    @Dinesh :
    මල්ලිගේත් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් !

    ReplyDelete
  47. @දේවා ගේ අඩවිය :
    මල්ලිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

    @ItalyDilan :
    ඩිලාන් අයියටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

    @ගුණේ අයියා :
    ගුණේ අයියටත් සුබ අළුත් අවුරුද්දක් !

    @ඔබ නොදු‍ටු ලොවක් :
    එසේම වේවා !

    @නදීර සඳරුවන් ලියනගේ :
    එහෙනම් මල්ලියි මායි එකම බෝට්ටුවේ ! මරු මරු !
    එලටම ට්‍රේනින් එක කරගන්න. එතනම ජොබ් එකත් සෙට් වෙයි.

    ReplyDelete
  48. @පැණි දොඩම් :
    එසේම වේවා අයියා !

    @Podi Kumarihami :
    අක්කෑ බලාපොරොත්තුත් මේ අවුරුද්දේ ඉෂ්ඨ වේවා !

    @සෙට් එක :
    මල්ලිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

    @ලහිරු :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @prasanna86k :
    මාළු අයියටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  49. @කපීකේකි :
    තාම රස්සාවට ගියා විතරමයි. මේන් මෙයා මඟුලක් හොයා ගන්නලු. හික්ස් :)
    නංගිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!

    @හරී :
    මොකක් හරි කරලා අවුට් වෙයන් මචං. ආයේ ඕවා කරන්න තියාගත්තොත් මාර කරදර බං. මොකද්ද අර Email Subscription කියලා කියන්නේ. මම් හොයලා තිබ්බොත් දෙන්නම්

    @sAm sRi :
    අඩෝ පොඩි සෑමා ලොකු සෑමා සුබ අළුත් අවුරුද්දක් වේවා කිව්වා !

    @අකීකරු හිත :
    නංගිගෙත් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් !

    @පොඩි මෑන් :
    එසේම වේවා !

    ReplyDelete
  50. @සුදු හංසි :
    සුදු හංසි අක්කටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    @Shani :
    නංගිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා

    @නාකියා :
    ඒක හරි යයි. මේ අවුරුද්දෙත් ඒක වෙයි. ඒක මම් නොලියා හිටියේ.

    @වැලිමැඩියා :
    වැලි මැඩියා අයියටත් සුබ නව වසරක් වේවා !

    @බට්ටි :
    ලස්සන කවියක් බට්ටියෝ. අපේ බට්ටිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  51. @වින්චැට්කිරිල්ලි. :
    ඒ වැඩේ අම්මා හොයනවා මේ ටිකේම. ඒ නිසා ඒකත් වෙයි මේ අවුරුද්දේම. නංගිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!

    @Janaranga Wijaindu Dewasurendra :
    ජනරඟටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    @Chams :
    එසේම වේවා සහෝදරයා !!!

    @රහස් පරික්ෂකයා :
    එල එල.
    මල්ලිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    @පැන්ඩා :
    පැන්ඩා මල්ලිටත් සුබ නව වසරක් පතනවා. ක්ලාස් එකකුත් එක්ක අවුට් වෙන්න ලැබේවා !!!

    ReplyDelete
  52. @Weni :
    වෙනී අයියටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

    @රාජ් :
    එසේම වේවා අයියා.

    @රොෂාන් :
    එසේම වේවා !!!

    @Observer :
    මාමටයි නැන්දටයි දෙන්නටම සුබ නව වසරක් වේවා !

    @~~තරූගේ ලෝකය~~; :
    මල්ලිටත් සුබ නව වසරක් වේවා !

    @රූ.... :
    අප්පටසිරි. එහෙනම් දැන්ම තියාම කියන්න ඕනේ බලන්න වෙන්නේ නෑ කියලා. ඒ උනාට එයාලා කැම්පස් එක බලන්න හරි ඒවි. දන්නවනේ අපේ කැම්පස් එක ගොඩක් ලස්සනයි කියලා. නේද අක්කේ ?

    ReplyDelete
  53. @හිතුවක්කාරි :
    සුබ පැතුම් වලට ස්තුතියි. නංගි කරන කියන වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පතනවා.

    @හිස් අහස :
    මල්ලිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

    @සයුරි :
    රතු ලෝගුව ? ඒක දෙන්නේ එම් ඇස් සී එක කලාම ද ?
    මාව දැනුවත් කරන්න සයුරි අක්කේ !!!

    @cjgayan :
    ස්තුතියි අයියා !!

    @සීතල අයියා :
    අඩෝ සීතල අයියා මල්ලි !!!
    සුබ අළුත් අවුරුද්දක් වේවා !!

    @හි තු ම තේ :
    මල්ලිටත් බලාපොරොත්තු ඉටු වන සුබ අළුත් අවුරුද්දක් වේවා !

    @නිසුපා :
    අක්කාටත් එසේම වේවා !

    @ChammA :
    මල්ලිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  54. @ මදූ : හ්ම්..මම දන්න විදියට නම් ලංකාවේ එහෙම තමයි...කැම්පස් එක අනුව වෙනස් වෙනවද දන්නෙත් නෑ...

    ReplyDelete
  55. @ මධුරංග: ඒකෙ මොනාද බං හොයන්න තියෙන්නෙ...

    Email subscription කියන්නෙ ගැජට් එකක්...ඒක දැම්මම කැමති අයට පුලුවන් තමුන්ගෙ email address එක දාලා රෙජිස්ටර් වෙන්න...ඊට පස්සෙ අලුතින් ලිපියක් දැම්මම ඒ email එකට මේල් එකක් යවනවා..... මම හිතන්නෙ උඹ ඕක දන්නවා....

    එතකොට සැරින් සැරේ එන්න ඕනෙත් නෑ අලුත් ලිපි තියෙනවද බලන්න...ඒ වගේම කියවන්නන්ට ලිපි මිස් වෙන්නෙත් නෑ..

    ReplyDelete
  56. උඹටත් සුභම සුභ අලුත් අවුරුද්දක් මධුරංග

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.