දවසක් හවස් වරුවක මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මම් හිතුවා වගේම ඒ මම් ආදරේ කරපු ගෑනු ළමයාගෙන්. ඒ වෙලාවේ එයා කෑම ගේන්න ටවුමට ගිහින් එනගමන් ලු හිටියේ. මම් ඇහුවා මොනාද කන්න ගත්තේ කියලා. මෙන්න එකපාරටම කියපි 'ලම්ප්‍රයිස්' ගත්තා කියලා.
"
මොනවද ලම්ප්‍රයිස් කියලා කියන්නේ ?" මම් දන්නේ නැති කමට ඇහුවා.
"
අයියෝ සුදු ඔයා ලම්ප්‍රයිස් කාලා නැද්ද ? ලම්ප්‍රයිස් කියලා කියන්නේ කෙහෙල් කොලේක ඔතපු බත් වලට. කෙහෙල් කොලේට ඉංග්‍රිසියෙන් කියන්නේ ලම්ප් කියලා."
(මෙතන 'සුදූ' කියලා කියලා ආමන්ත්‍රනය කරන්නේ මට)
"
ආ.. සමහර දවස්වලට මාත් ගෙදර බත්, කෙහෙල් කොලේ ඔතන් කනවා." මම් පරණ මතකයක් අවදි කලා.
"
එහෙම නෙමෙයි සුදූ !!! මේ බත් රසා..යි. මසුයි මාලුයි බිත්තරයි තියෙනවා. ඔයා මේ සෙනසුරාදා මාව හම්බ වෙන්න ආවම අපි දෙන්නා ලම්ප්‍රයිස් කමු."
ගෑනු ළමයගේ පැහැදිලි කිරීමට මගේ කටට කෙලත් ඉනුවා.
"හරි.. එහෙනම් මම් ගානේ අයිස්ක්‍රීම් කමු."
සෙනසුරාදා දවසේ....
එදා අපි දෙන්නා හම්බවෙලා ටිකක් වෙලා කතා කර කර ඉදලා දවල්ට කන්න කියලා කඩේකට ගියා. ඊට පස්සේ එයා කියපු විදිහට ලම්ප්‍රයිස් එකක් ගෙනාවා. අපි දෙන්නා කොනක තිබ්බ මේසයක් ලඟට ගීහින් බත් එක දිගඇරියා. අර කිව්වත් වගේ මසුයි මාලුයි බිත්තරයි ඔක්කොම තියෙනවා. අපි දෙන්නා කන්න පටන් ගත්තා.
"සුදූ !!!"
"ඇයි රත්තරනේ !!! " මම් බත් කටක් කන ගමන් උත්තර දුන්නා.
"මේ බත් එක කන්නේ අපි දෙන්නා විතරයි නේ ?"
"ඔවු. ඇයි ඔයා එහෙම ඇහුවේ ??"
"නෑ... ඔයා කන වේගෙට මම් හිතුවේ මේ බත් එක කන්න තව හය දෙනෙක්වත් ඉන්නවා ඇති කියලා."
අර කිව්වත් වගේ කෑම එකේ රහ වැඩිකමට මගේ කන ඉපීඩ් එකත් වැඩි වෙලා තිබුනේ. ඊට පස්සේ මම් කෑම එක කන වේගේ බාල කරගත්තා. එදා ඒ කෑම එකේ මාරම රහක් තිබ්බේ. වෙනදා කන බත් වයේ යෑ ආදරෙත් එක්ක අනලා කනකොට !!! ආදරෙත් එක්ක කනකොට වහ ටිකක් උනත් එක හුස්මට කාලා දාන්න පුලුවන්.
මට මතක හැටියට එද බත් කාලා අයිස් ක්‍රීම් කෑවේ නැද්ද කොහෙද. :)
"මේ කෑම එකට කීයක් උනාද ?" මම් කාලා ඉවර වෙලා අත හෝදන ගමන් ඇහුවා.
"දෙසීය තිහයි !!"
"අම්බෝ !!! එච්චර ගනන් ද"
"ඔය ඉතින්.... ඔහොම හූල්ලන්න එපා සුදූ. ඔයා හින්දනේ මම් ඒ ගාන වියදම් කලේ. ඉතින් ඒක පාඩුවක් යෑ. අනික අපි දෙන්නා හැමදාම මෙහෙම කනවා යෑ."
එහෙම කියලා එයා ඇස් පුංචි කරලා හිනා උනා. ඇයි කියලා දන්නේ නෑ ඒ හිනාව තාමත් මගේ හිතේ ඇඳිලා තියෙනවා.
අද....
එදා මතයක හිතේ තියාගෙන අදත් මම් ලම්ප්‍රයිස් එකක් ගත්තා. ඒත්.. එදා බත් එකේ තිබ්බ රහ පොඩ්ඩක්වත් මට දැනුනේ නෑ. කන්නත් එච්චරම පිරියක් නෑ.
ඔය බඩගින්නේ ඉන්න ගෑල්ලමයෙක් ඉන්නවනම් මාත් එක්ක මේ බත් එක කන්න ආවට කමක් නෑ.
(ගෑනු ළමයි එකා මත එකා පොරකයි.)
අම්බෝ බලාගෙන ගියාම ගෑල්ලමයි ඔක්කෝම බඩගින්නේ නේ ඉදලා තියෙන්නේ !!!
හා හා කාරි නෑ කාරි නෑ. තම තමන් වෙනදා කන විදිහටම ගෙදරින් කන්න.
මම් මේක තනියම කා ගන්නම් !!!
(අන්තර්ජාලේ පීරලා ලම්ප්‍රයිස් එකක පින්තූරයක් හොයා ගත්තා. මේ තියෙන්නේ ඒක )
ඉතුරු ටිකත් කියවන්න...