29 December 2011

ආවේග

සමාජයත් එක්ක ගැටිලා ජීවත් වෙනකොට කොච්චර නම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද. ගොඩක් ප්‍රශ්න කාලයත් එක්කම වගේ විසදිලා යනවා.සමහර ප්‍රශ්න එහෙම ලේසියෙන් විසදිලා යන්නේ නෑ.ඒවා වලට අපිම විසදුම් හොයන්න වෙනවා.

එහෙම ප්‍රශ්න වලට විසදුම් හොයනකොට හිතේ ඉපදෙන ආවේග වලට නැතුව බුද්ධියට ඉඩ දීලා තීරණයක් ගන්න පුලුවන් නම් කොච්චර හොදයිද.ඒත් මෙහෙම හිතුවට අපි සමහර ප්‍රශ්නවලට විසදුම් විදිහට තෝරන තීන්දු තීරණ නිසා ජීවිතයෙනුත් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.

මට මෙහෙම හිතුනේ ලඟදි දවසකදී අපේ බැච් එකක හිටපු යාළුවෙක් ගෙල වැල දාගෙන ජීවිතයෙන් සදහටම සමුගත්ත නිසා.ඒකා නමින් සංඛ ලක්මාල් උනාට අපි ඒකාට කිව්වේ 'ටොපියා' කියලා. හැමෝ එක්කම හිනාවෙලා කතා කරන හිත හොද කොල්ලෙක් කියලා කිව්වොත් මම වැරදි නෑ.

ටොපියාට මෙහෙම දෙයක් කරගන්න හේතු උනේ ඒකාගේ අවුරුදු අටක් තිස්සේ තිබුන ආදර සම්බන්ධයක් මූලික කරගෙන ඇත්වෙච්ච ප්‍රශ්නයක් නිසා. මේ සිද්ධිය ආරංචි උන හැමෝම කිව්වේ 'මූ නම් කරගෙන තියෙන්නේ මහ පිස්සු වැඩක් ' ය කියලා.

අපි එහෙම කිව්වත් ඒ වෙලාවේ උගේ හිතේ තිබ්බ ආවේගයට උට ගන්න හිතුන හොදම තීරණය ඒක වෙන්න ඇති. ඒ කොයික උනත් අන්තිමේදි සිද්ධ උනේ ඒකගේ අප්පච්චියි අක්කයි තනි වෙච්ච එක. ඒ වෙලාවේ ඒකාගේ උදව්වට යාළුවෙක්වත් ලඟපාතක හිටියා නම් තත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබ්බා.

'ටොපියෝ උඹට නිවන් සුව ලැබේවා !!! '

ටොපියාගේ මලගමට අනුරාධපුරේ ආපු හැමෝගෙම හිත් වල ඒ ප්‍රාර්තනය තිබ්බා.

37 comments:

  1. මාරම කතාවක් මදුරංග අය්යේ.අපේ සෙට් එකටත් දුකයි
    ඔබට නිවන් සුව සංඛ ලක්මාල් අය්යේ!
    නැවත උපදින ආත්මයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා!

    ReplyDelete
  2. උගත් කමක් තියන මිනිහෙකුත් මෙහෙම කරගත්ත එකෙන් තෙරෙන්නෙ , අපේ අධ්‍යාපනයෙන් ඔලුවල දැනුම පිරෙව්වාට ආකල්ප වර්ධනය වෙන්නේ නැය කියන එක . මේක ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් රටවල තියන තත්වයක් . මිත්‍රයා ගැන කණගාටුයි !

    ReplyDelete
  3. ආවේගයක් ආවාම ආත්මාර්ථකාමී නොවී ඉන්න පුළුවන්නම්....

    ReplyDelete
  4. මං හිතන්නේ නම් යන්න හදන එකාට යන්න දෙන එක තමා ​හොඳ... නැත්තං ඒ ජීවිතේ විඳවන විඳවිල්ල අපිට ​තේරෙන්නේ නෑ....

    ReplyDelete
  5. ඔස්ට්‍රේලියාවෙ මම ජීවත් වෙන ප්‍රාන්තෙත්, තරුණ සිය දිවි නසා ගැනීම් සෑහෙන ප්‍රශ්නයක් වෙලා.

    P.S.
    පසුගිය අවුරුදු දෙක ඇතුලත ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් සහ උසස් පෙළ හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් සිය දිවි නසා ගත්ත. සිද්ධි දෙකම එක ළඟ වුනේ.

    ReplyDelete
  6. අනේ මන්ද ඉතින් ඉක්මන් තීරණ - ක්ශණික ආවේග නිසා අපරදේ වටිනා ජිවිතායක් නැතිවෙලා.

    ReplyDelete
  7. දෙන්නෙක් එක්ක හීන දැකලා එක්කෙනෙක් විතරක් හොඳ හොයාගෙන ගියාම ඉතුරු වෙන කෙනාට වෙන්නෙ ඕක තමයි.
    ඌ ගැන මට කණගාටුයි ඒ වගෙම ඌට උප නූපන් ජාතියකත් ඒ වගේ දෙයක් ආයෙම වෙන්න එපා ඒ වගේ අය ආශ්‍රය කරන්න ලැබෙන්නෙපා කියා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  8. //ඒ වෙලාවේ උගේ හිතේ තිබ්බ ආවේගයට උට ගන්න හිතුන හොදම තීරණය ඒක වෙන්න ඇති.//
    මටත් එහෙම හිතෙනවා අයියේ.
    යාළුවා ගැන දුකයි.... ඔහු ට නිවන් සුව!!!

    ReplyDelete
  9. සංඛ මල්ලිව අදුනන්නේ නැති උනත් නිවන් සුව පතනවා! නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!!

    ReplyDelete
  10. ආයෙමත් ඉපදෙන්න නම් එපා අපි අතර.....මේ මිනිස්සු හරි දරුනුයි.....අඩුම ගානෙ ඔයාගෙ දුක අහන්න නිවන්න වත් වචනයක් කියන්න කෙනෙක් ලඟ අහලක ඉන්න නැතුව ඇති.....ඔයාට නිවන් සුව ලක්මාල් අයියා....!!

    ReplyDelete
  11. ආවේගෙ කියලා විසදුම් වලින් පැනලා යන එක සෑමා අනුමත කරන්නේ නැහැ... ඒත් කවුද දන්නේ ප්‍රශ්නෙ මොකක්ද කියලා..

    ටොෆියාට නිවන් සුව !

    ReplyDelete
  12. ඕනෑම ප්‍රශ්නෙකට විසදුමක් තියනවා. මොන ප්‍රශ්නේ තිබුනත් ජීවිතෙන් පැනල යන එක නම් මහම මහා මෝඩ වැඩක්. (අපේ ජොබ් එකේදී එන ප්‍රශ්න වල හැටියට ඔය විදියට දිවි නසාගන්න පටන් ගත්තොත් සේල්ස් රෙප්ලා කියල ජාතියක් ඉතුරු වෙන එකක්ම නෑ ) පුද්ගලිකව දන්නේ නැති උනත් සංඛ මල්ලිට නිවන් සුව.

    ReplyDelete
  13. ලොකුම ප්‍රශ්නේ තමුන්ගේ ප්‍රශ්නය බෙදාගන්න කෙනෙක් නැතිවීම....ඔහොම කවුරුහරි පීඩාවක ඉන්නවා කියලා තේරුනොත් කරුණාකරලා එයත් එක්ක කතා කරන්න එයාගෙ ප්‍රශ්නයට ඇහුන්කන් දෙන්න..එහෙම ප්‍රශ්න වලට මූනදීලා තියෙන්නෙ එයා විතරක් නෙමෙයි කියලා තේරුන් ගන්න...

    මටත් පහුගිය ටිකේ ජීවිතේ අන්තිමටම කලකිරිලයි තිබුනේ..ඒත් ඉතින් මැරුනේ නෑ..

    ReplyDelete
  14. කැම්පස් ගිය ජීවිතේ ගොඩට ගිය එකෙකුත් මෙහෙම කරගත්තාය කියන එක නම් මට විස්වාස කරන්නත් අමාරුයි . ඒ වුණත් ඉතින් මට වුණත් පන නහ ගන්න හිතිච්ච වෙලාවල් එමට තියනවා . ඒත් බය හිතෙන නිසා මට ඒක කරගන්න බෑ ..

    ReplyDelete
  15. මොන ප්‍රශ්නයක් ආවත්, ඒක කතා කරලා විසඳගන්ට අවංක යාලුවෙක්වත් ඒ වෙලාවේ හිටියානම්. ඒත් ජීවිතයක් විනාශ කරගන්න එක නම් ප්‍රශ්නයකට කොහොමටවත් විසඳුමක් නෙමේ.

    සංඛට නිවන් සුව!!!!!!

    ReplyDelete
  16. යාලුවට නිවන් සුව ....!!!

    ReplyDelete
  17. අපරාදේ ඉතින්...ඒ මල්ලිට නිවන් සුව ලැබේවා..

    ReplyDelete
  18. ඇත්තටම අයියේ මට ඇස් වලට කදුළු ආවා.. මාත් ඔය වගේ දෙයක් දැක්කා.. නිවන් සුව පතනවා ඒ අයියට...

    දැන් ඒ කෙල්ල මාර සතුටින් ඇතිනේ.. අනේ මෙහෙම කෙල්ලො තු....

    ReplyDelete
  19. //උගේ හිතේ තිබ්බ ආවේගයට උට ගන්න හිතුන හොදම තීරණය ඒක වෙන්න ඇති//
    ඒ වෙලාවෙ ඒක වෙන්නැති කියල කියන්න පුළුවන්. ඒත් දිවිනසාගන්න වසබීපු එවුන් මැරෙන්න කලින් තීරණය ගැන කොච්චර දුක් වුනාද කියල අත්දැකීම් දෙකක් මට තියනව. මෙතනදි නං ඒ අවස්ථාව කෙටියි. මොකද විනාඩි ගනනකදි මරණය සිද්ධවෙනවානේ. ඒත් ගෙලවැලලා ගැනීම හා මියයාම කියන සිද්ධි දෙක අතරෙදි සමහරවිට කරපු මෝඩකම තේරෙන්න ඇති. කුමනහෝ තත්වයක් වයතේ මනුෂ්‍ය ඝාතනයත් දිවිනසාගැනීමත් අනුමත කරන්න බෑ.

    ReplyDelete
  20. කලබලකාරී හිතකට පේන්නෙ බොහොම ප‍ටු කෝණයකින් ජීවිතය.

    ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  21. උගත් කමත් එක්ක මිනිස්සුන්ගෙ ආශාවන්, ආවේගයන් එක්ක සම්බන්ධයක් නෑ. ඒව කාටත් පොදුයි. ඒව වෙනස් කරන්න පුඵවන් ඉතින් අධ්‍යාත්මික පැත්තෙන් ඉහළට යන ඉගෙන ගැනීමකින් තමයි.
    කොහොම වුණත් අපරාදෙ කොල්ල... වෙන්න තිබුණ දෙයක් වෙන්න ඇති...

    ReplyDelete
  22. හ්ම්.... කැම්පස් ගියා තියා මොනවා වුනත් ආවේගයක් ආවාම බුද්දිය වැහිලා යනවානෙ.පැත්තක ඉදලා ඒ ප්‍රශ්නෙ දන්නෙ නැති අපිට ඒකට මුකුත් කියන්න බෑනෙ.පව් එයාට ප්‍රශ්නෙ කියන්න තරම් යාලුවෙක් ඉන්න නැතුව ඇති.නැත්නම් ඔහොම වෙන්නෙ නෑ.

    ඒත් සමහර පිරිමි අය තමුන්ගෙ ප්‍රශ්න කාටවත් කියන්න කැමති නෑ නෙ.

    යාලුවාට නිවන් සුව.

    ReplyDelete
  23. ප්‍රශ්ණ තියෙන අයට ඒ ගැණ කතාකර උපදෙස් අය නැතුවා වගේම, එහෙම කතා කරන්නට අපට හිතෙන්නේ නැති එකද ප්‍රශ්ණයකයි.

    ප්‍රශ්ණයක් තියෙනවා නම් කතාබහ කර විසඳුමකට එමු කියන එක ප්‍රායෝගිකව කිරීමක් අපි අතර නෑනේ.

    ReplyDelete
  24. //ඒ වෙලාවේ උගේ හිතේ තිබ්බ ආවේගයට උට ගන්න හිතුන හොදම තීරණය ඒක වෙන්න ඇති//

    මම නම් එකඟ වෙන්නේ නෑ සහෝ ඒ කරගත්ත වැඩේට. කෙල්ල ගැන කෙසේ වෙතත් ගෙදර මිනිස්සු ගැන හිතන්න තිබුණා, ඊටත් වඩා මිනිස් ජීවිතේක වටිනාකම ගැන කියලා දෙන්න කවුරුහරි හිටියා නම්.....

    ReplyDelete
  25. තමන්ට විසඳුම ඇත්තෙන්ම නෑ කියලා දැනුනම...මරණය සැඟවෙන එක එකම විසඳුම කියලා හිතුනම.....ආවේගශීලීව ගන්න සමහර තීරණ නිසා සංඛට අත් වුන ඉරණම ගැන ඇත්තෙන්ම දුකයි....දිල් මේ අවස්ථාවට මුහුණ දුන් කෙනෙක්නෙ....

    සංඛ....ඔබට නිවන් සුව අත්වේවා !

    ReplyDelete
  26. මටත් මෙහෙම ජීවිතෙන් වෙන්වුනු මගේ බැචෙක්ව මතක් වුනා..

    ReplyDelete
  27. අපරාදේ වටිනා ජීවිතයක්... :(
    යාළුවාට නිවන් සුව!!

    ReplyDelete
  28. කැම්පස් ගිහින් ඉගන්ගත්ත බුද්ධිමත් කෙනෙක්ට මෙහෙම දෙයක් වුනා කිව්වහම පුදුමයි තමා.. ඒත් අර වෙලාවෙ ආවෙගෙට සමහර විට එය ගන්න ඇත්තෙ හිතුනු හොඳම තීරණය වෙන්න ඇති.. ඒත් අපරාදෙ ජිවිතෙ..:(

    ඔහුට නිවන් සුව!!!!

    ReplyDelete
  29. මොන හේතුවක් වුනත් අරන් තියෙන්නේ මෝඩ තීරණයක්.

    ReplyDelete
  30. ආවේගයෙන් ගන්න තීරණ හැම එකක්ම නිවැරදි වෙන්නේ නෑ.. මේත් ඒකට එක උදාහරණයක්..
    අයියගේ යාළුවට නිවන් සුව පතනවා..

    ReplyDelete
  31. මේ වගේ සිද්ධි එක ආකාරයක බරපතල ඛේදවාචකයක්. මටත් අනුරාධපුරේ එක්ක ලොකු සම්බන්ධකමක් තියනවා. උතුරු මැද, වයඹ, සහ ඌව පළාත්වල ස්ය දිවි හානාකර ගැනීමේ ප්‍රවණතාවය ඉතා වැඩියි. මේ පළාත්වල ජනතාව හැඟීම් සහ ආවේශීලි වැඩියි කියලයි මට හිතෙන්නේ.

    නාගරික සමාජයට කෙටි කලක් හරි හැඩගැහිලා හිටියත්,ආපසු ගමේ තනිවෙනකොට අදහස් හුවමාරුව, මිත්‍ර සම්බ්නධතා නවතිනවා. අන්න ඒවෙලාවට ගැටලුවක් ආවාම ඊට මුහුණ දීමත් ගැටලුවක්. මොකද සම්බන්ධතා ජාල බිඳිලා නිසා. එතකොට හැඟීම් සහ ආවේග ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා.

    මෙවැනි කරුණු විවෘතව කතාකල හැකිවේනම් මේ සමාජ ගැටලු අවම කර ගන්න පුළුවන්.

    ඔබට අහිමි වුණේ මිතුරකු වගේම රටට අහිමි වුණේ උගත් තරුණ ජවයක්. කණගාටුයි.

    ReplyDelete
  32. පතමි සුබ නව වසරක් 2012

    ReplyDelete
  33. හ්ම්.... ඒ වෙලාවේ එයාට හිතෙන්න ඇති ඒක තමයි හොදම තීරණේ කියලා... අනේ මංදා..

    ReplyDelete
  34. බොහොම කණගා‍ටුයි.හැබැයි තව ටිකක් ඉවසන්න තිබුණා.

    ReplyDelete
  35. මැරෙන එකද බොල විසඳුම....

    ReplyDelete
  36. සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!

    ReplyDelete
  37. හෆෝයි පවු අෆ්ෆා.....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.