21 December 2011

උද්ඝෝෂණ

කාලෙකට පස්සේ මොනාහරි ලියන්න කියලා බ්ලොග් අඩවියට ගොඩ වැදුනා. රාජකාරි වැඩත් එක්ක ලිපියක් ලියන්න විවේකයක් හොයාගන්න එක සෑහෙන අමාරු වැඩක්. වෙලාවකට හිතෙනවා අවුරුද්දටම තියෙන්නේ දෙසැම්බර් මාසය විතරයි ද කියලා. ඒ තරමටම වැඩ ගොඩක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.

රීඩර් එකේ තියෙන බ්ලොග් ටිකවත් කියවගන්න වෙලාවක් නැති තරම්. මොනා උනත් වෙලාව තියෙන හැටියකට කියවන්න හිතන් ඉන්නවා. බ්ලොග් ලියන්න කියවන්න ආස හිතුනත් කම්මැලිකම ඊටත් උඩින් !!! :)

ගෙදරට ගොඩ උන හැටියේ අහම්බෙන් වගේ දැක්කේ නුවර ඉදලා පාගමනකින් කොළඹ එන්න හදපු පේරාදෙණි සරසවි ශිෂ්‍යයන්ගේ ගමන ගලහා හන්දියේදිම කෙලවර වෙච්ච සිද්ධියක්. මේ සිද්ධිය අහන්න ලැබුනම මට මතක් උනේ අපිත් ඒ දවස්වල එක එක කාරණා මුල් කරගෙන කොළඹ එනවා උද්ඝෝෂණ (පිකටින් / පිකට්) වලට.

මට වැඩියෙන්ම මතක පිකටින් දෙකක් තියෙනවා.

එකක් තමයි නිදහස් අධ්‍යාපනය සුරකිමු කියලා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉදලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගිය පාගමන. ගමනේ මුළු දුර කිලෝමීටර් 15ක්. පිකටින් එකට ගිහින් එදාම රෑ පේරාදෙනි ආවා. හොස්ටල් එකට එනකොට පාං කියා ගන්න බෑ. ඒ තරමටම මහන්සියි.

අනිත් පිකටින් එක තමයි අරලිය ගහ මන්දිරයට සංදේශයක් අරගෙන යන්න ගියපු ගමන. ඒ ගමන කෙලවර උනේ කදුළු ගෑස් ප්‍රහාරයකින්.ජීවිතේ පළවෙනි වතාවට කඳුළු ගෑස් මොන වගේ ද කියලා දැන ගන්න ලැබුනේ මේ පිකටින් එකෙන්.

අම්මෝ කඳුළු ගෑස් කියන්නේ මහ එපාම කරපු ගෑස් එකක්. ඒක ඇස් වලට ගියාම මාර දැවිල්ලක් තියෙන්නේ. අනිත් එක තමයි කඳුළු ගෑස්වලින් බේරෙන්න මූන තෙමා ගත්තම ඉඳිකටු වලින් අනින්නා වගේ දැවිල්ලක් එනවා.

ඔන්න ඔය පිකටින් දෙක තමයි මට වැඩියෙන්ම මතකයේ තියෙන්නේ.

42 comments:

  1. අවුරුදු 4ක් ඉදලත් පිකට් එකකට යන්න බැරි උනානේ අපිට.අපේ එකේ ඔව්ව තිබ්බෙ නෑනේ.:(

    ReplyDelete
  2. උද්ඝෝෂන නම් මතක් කරන්න එපා මලේ..මතක් වෙනකොටත් එපා වෙනවා..ඇත්තටම වෙන හොඳ විදිහක් නැද්ද මේ ඉල්ලීම් දිනාගන්න..

    ReplyDelete
  3. මටත් ඉතින් පිකටින් අත්දැකීම් නම් නැහැ...කඳුළු ගෑස් වැදුනම කොහොමද කියලා කවුරු හරි ලියලා තියනවා දැක්කමයි මේ..

    ReplyDelete
  4. මධූට වගේන තමා දිල්ටත්...ඔළුව උස්සන්න බැරි තරමට වැඩ ගොඩ ගැහිලා මේ දවස්වල...ඉන්න කොම්පනියට වඩා හොඳ සැලරියක් තියෙන වෙන තැනකුත් හම්බ උන නිසා එහෙට යන්න නම් මෙතන දේවල් ටක් ගාලා සෙටල් කරන්න ඕනෙ නිසා එක හුස්මට වැඩ....දිල්ගෙ බ්ලොග් එකට මොනා උනාද බලන්න ලොග් වෙන්න උනේ නෑ.....

    දිල්ලගෙ කැම්පස් එකේ හැමදාම පිකටින්නෙ...ඒත් ඉතින් බලෙන් අරන් යන ඒවට මිසක් ලේසියෙන් යන්නෙ නෑ...දවසක් අපිටත් සෙට් උනා කඳුළු ගෑස් ප්‍රහාරයක්...අපොයි...මතක් වෙද්දිත් ඇස් දෙක දනවා වගේ

    ReplyDelete
  5. අපි නම් කැම් ගියේ නැනේ... ඉතින් ඔය වගේ අත් දැකිම් නම් ටිකක් අඩුයි... කාලයක් මගේ යාලු අයියෙක් (දැන් ජිවතුන් අතර නැ ) සිරසේ ... මමත් නිවුස් කවර් වලට ඔය වගේ උත්ගෝශන වලට නම් ගිහින් තියනවා...

    ඇත්තටම අයියා ගිය හේතු ටිකවත් දන්න්නවා මොකටද ඒක තිබුනේ කියලා.. සමහරු ඇත්තටම හේතුව දන්නෙත් නැ

    ReplyDelete
  6. මම නම් පිකට් එකකට කියල හිටියේ ඉස්කෝලේ එකක. දහය එකොලහ වසරෙදි. ඊට වඩා ආතල් ඇති ඔය කියන ඒවා..

    ජය ශ්‍රී..

    ReplyDelete
  7. මම නමි තාම A/L කරලා Resultz එනකමි ඉන්න කෙනෙක!....
    මම නමි හිතුවෙ ඔය පාගමන යන්න ලැබෙයි කියලා ............ඒත් මොකද වුණේ නේ!!!

    ReplyDelete
  8. ඒ කියන්නේ අයියත් අරගල කරපු කෙනෙක් එහෙනම්.. පේරාදෙණිය කිවුවම මතක් උනේ අපේ රත්ගමයත් අද ඔතන හිටියද දන්නේ නෑ..

    ReplyDelete
  9. එහෙනං කඳුළු ගෑස් රසත් බැලුව

    ReplyDelete
  10. UGC එක ඉස්සරහා උද්ඝෝෂණය කරන්න ඇවිත් පාර දෙපැත්තේ වාඩි වෙලා අව්වෙ පිච්චි පිච්චි දාඩිය වගුරමින් ඉන්න සරසවි සිසුන් ඕනා තරම් මම දැකලා තියෙනවා. ඒ මදිවට පොලීසියෙන් ගුටි කාලා දුවන හැටිත් දැකලා තියෙනවා.

    ගොඩක් අය ඕවට එන්නෙ අකමැත්තෙන් බව පැහැදිලියි.

    ReplyDelete
  11. වැඩ ගොඩ දැක්කාම වැඩ කරන්නේ ඇයි කියලත් හිතෙනවා. එච්චරට වැඩ ඒක නම් ඇත්තයි. ඒත් දැන් අත ලඟ නිවාඩුවක් එනවනේ කියලා සතුටු වෙනවා. ජීවිතෙත් හරියට ඒ වගේ නේද?

    ReplyDelete
  12. අපේ නෑනෙ ඔහොම සෙල්ලම්........

    ReplyDelete
  13. අම්මෝ...අපිත් එක සැරයක් ගියා කොළඹ.., හැබැයි අපි නම් කලින් ම පැන්නා! දන්නවනේ ඊළඟට වෙන්නේ මොනාද කියලා!

    ReplyDelete
  14. කැම්පස් එකේ ඉන්න කාළේ නිදහස් අධ්‍යාපනය දිනාගන්න, ශිෂ්‍ය අයිතින් දිනා ගන්න සටන් කළ අපේ බැච් වල හිටපු අයගෙන් එක රුපියලක් ඉල්ලලා බලන්න, ඔය කෑ ගහන අයට වතුර ටිකක් අරං දෙන්න. ඔය කෑ ගහපු අය අද හොඳ හොඳ තැන් වල ඉදලත් ඒ විදිහටම හිතනවානම්. ඔවුන් සැබවින්ම ආදරය කලානම් අද රට මෙහෙම නෑ. මට දුක අහිංසක පොඩි වුන් ටික හැමදාම කඩේ යවලා තමන්ගේ දේශපාලන වැඩ කර ගන්න එකට. අප අයිතින් අප සුරැකිව තබා ගත යුතුය. අද මා මෙතන සිටින්නේද එයට පින්සිදු වන්නටය. ඒත්...... කාට නමුත් කොහේ හෝ වැරදි ඇත.

    ReplyDelete
  15. වෙලාවට අපිට ඔය වගේ ඒවා තිබුනේ නෑ.

    ReplyDelete
  16. කදුළු ගෑස් ආතල් නං නියමයි. කාර්ය බහුලම බහුලයි වගේ.

    ReplyDelete
  17. පාගමන තියෙයි කීව නිසා මම කලින්ම ගෙදර ආවා.. ඒත් තිබිලා නෑනේ..

    ReplyDelete
  18. මොකක්ද සීන් එකකුත් ගිහින්නේ අයියේ.... අපේත් ඔහොම පිකට් නම් තිබ්බේ නෑ

    ReplyDelete
  19. කැම්පස් එකේ කරපු පිකටින් දෙක තුනකටම සහභාගිවෙලා අත්දැකීම තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඒ අත්දැකිමත් තියෙන්න ඕනේ කියලයි මම හිතන්නේ

    ReplyDelete
  20. අප්පෝ.. පිකට්.. වැඩි හරියක් බකට් තමා..

    ReplyDelete
  21. අසනිනම් පිකටින් වලට කැමති නෑ..ඊට වැඩිය හොද විදි තියෙනවා නේද ප්‍රශ්න විසදන්න...

    ReplyDelete
  22. මේ සැරේ උද්ඝෝෂණයනම් වටිනාකමක් තියෙන එකක් කියල හිතෙනව කරන මේ ළමයි.

    ReplyDelete
  23. ඔය පිකටින් කරන්නේ නිදහස් අධ්‍යාපනේට තියන ආදරයක් හින්දා නෙවෙයි. බංකොලොත් දේශපාලන පක්ෂ වලට තමන් ඉන්නවා කියලා මිනිස්සුන්ට පෙන්නන්න තියන උවමනාවට. ඕවට යන අයත් යන්නේ මොකටද කියලා දන්නවද දන්නේ නෑ

    ReplyDelete
  24. කඳුළු ගෑස් වල හා පිකටින් වල පහස ලබන්නට කැමැත්තෙමි.

    ReplyDelete
  25. asawe ba 1kata yanna. tawa tika dawasak tiyenawa, balannamko

    ReplyDelete
  26. මෙහෙ නම් පොලිස් අයියලා ලංකාවෙ වගේ සැර නැහැ.....එයාලා හරී ස්වීට්...!! අපේ කොල්ලන්ගෙන් ගුටිකනව අම්බානකට...!!

    ReplyDelete
  27. උද්ඝෝෂණවල ට සහභාගී වී නැත්තෙමි. සභාගීවීම ට බලාපොරොත්තුවක් ද නැත.....

    ReplyDelete
  28. උද්ඝෝෂණවල ට සහභාගී වී නැත්තෙමි. සභාගීවීම ට බලාපොරොත්තුවක් ද නැත.....

    ReplyDelete
  29. එක හේතුවකට අපිත් පිකටින් එකක් කරා. අන්තිමට අපි ඉල්ලපු දේ කරගන්න බැරි උනා විතරක් නෙමෙයි පිකටින් එකේ වීඩියෝ එකක් බලලා පිකටින් කරපු උන්ට එග්සෑම් එකත් කෙලවලා තිබ්බා.

    ReplyDelete
  30. maduranga malli ahenam yanna athe oya pikatin 2kata witharada dan naha :p

    ReplyDelete
  31. @න දී :
    ඔයාලෑ කට්ටිය නම් පිකට් වලට එන්නේ නෑ. සබරේ කට්ටිය නම් එනවා. කාලයක් ගියාම ඔයාලෑ අයත් එයි.

    @රූ.... :
    එහෙම හොද විදිහක් තිබ්බා නම් හොදයි රූ අක්කේ.
    ඒත් මම් දන්න විදිහට හොදින් කතා බහ කරලා හරියන්නේ නෑ.

    @සයුරි :
    එහෙනම් මරු. මම් තමා අක්කට ටිය ගෑස් ගැන කියපු පලවෙනි එකා ලෙස ඉතිහාසගත වෙන්නේ. :)

    ReplyDelete
  32. @දිල් :
    අක්කා වැඩ කරන තැන මාරු කරනවා කියලා අදයි දන්නේ.
    හ්ම්... අක්කලෑ කැම්පස් එක ලඟමනේ අපි ඉන්නේ ඒ නිසා දන්නවා පිකටින් එකක් තිබ්බොත්. අවුරුද්දේ වැඩි හරියක් තියෙන්නෙම පිකටින්මයි. :)

    @දේවා ගේ අඩවිය :
    අපෝ දැන් නම් පිකටින් වලට යන්න හොද නෑ මලේ. දිගට හරහට ගහනවා. ගුටි කන්න වෙන්නේ.

    @sAm (සෑම්) :
    ඉස්කොලේ යන කාලේ බයෙන් බයෙන් වගේ පිකට් කලාට මේ කාලේ කරන පිකට් මරු.

    ReplyDelete
  33. @මගේ දිනපොත.......... :
    ඒකනේ. අපරාදේ. පාගමන යන්න දුන්නේ නෑ.

    @Dinesh :
    දැනුයි මතක් උනේ. අපේ රත්ගමයට මොකද දන්නේ නෑ උනේ. හොයලා බලන්න වටිනවා.

    @Observer :
    ඔවු මාමා. ඒවා නම් නියම අත්දැකීම්. ජීවිතයේ මට නම් එහෙම එකක් ලැබුනේ එකපාරයි. :)

    ReplyDelete
  34. @විසිතුරු | visituru :
    කවුද මල්ලි කැමති ගුටි කන්න. ඒත් කට්ටිය එනවා. මම නම් මාරම ආසයි ඔහොම වැඩ වලට එන්න.

    @Podi Kumarihami :
    හරියට හරි අක්කේ. පොඩි බලාපොරොත්තුවක් වෙනුවෙන් ජීවිත කාලයම බලාගෙන හිටියෑකි.

    @හරී :
    උබලා පිකටින් වලට එන්නේ නෑනේ. ආවා නම් ඒ ආතල් එකත් එලටම ගත්තෑකි.

    ReplyDelete
  35. @ලහිරු :
    මාත් සමහර පිකට් වලදි නම් කලින්ම පනිනවා.

    @ඉනෝෂා :
    අක්කෑ කතාව සහතික ඇත්ත ය.

    @සීතල අයියා :
    අපි නත්තලට මොරටුවේ එන්නද ? අපට බත් චුට්ටක් කාලා යන්න පුලුවන් ද ?

    ReplyDelete
  36. @නිසුපා :
    අපරාදේ තියෙන්න තිබ්බේ. එතකොට බලාගන්න තිබ්බා නිසූ අක්කා කෑ ගහන හැටි.

    @රාජ් :
    දැන් නම් ඒකට හුරු වෙලා.

    @අකීකරු හිත :
    යන්න දුන්නේ නෑනේ. ගෙදර ආවේ මොකෑ නංගි ඕවට යන්න ඕනේ නෑ.

    ReplyDelete
  37. @රහස් පරික්ෂකයා :
    අපරාදේ. තිබ්බා නම් තමා හොද. ආයේ ඉතින් මෙහෙම අත්දැකීම් කොහොම ගන්න කියලද.

    @Hasitha :
    හරියට හරි මල්ලි. හැම දේම අත්දැකීම්. එහෙම එවුවායින් තමා ජීවිතය ගොඩ නඟා ගන්න ලැබෙන්නේ.

    @ක්සැන්ඩර් | Xander :
    බකට් නේන්නම් !! පිකට් බකට් !!!!

    ReplyDelete
  38. @අසනි :
    නෑනේ බොලවු. එහෙම කිව්වේ නැත්නම් පාලයකෝ අහන්නේ නෑ. ඒ අය මේවටම පුරුදු වෙලා.

    @රෙප් මහත්තයා :
    ඒ උනාට මම නම් ගියේ නිදහස් අධ්‍යාපනයටමයි.

    @අසරණයා :
    ඉක්මනින් ඒ අත්දැකීමත් ලැබේවා කියලා පතන්නම්.

    ReplyDelete
  39. @හඟුරා :
    පිකටින් එකක් තිබ්බා නම් බලන්න තිබ්බා. හඟුරා මොන කැම්පස් එකේ ද ?

    @වින්චැට්කිරිල්ලි. :
    ඔයාලගේ පැත්තේ වගේ පොලිසිය මෙහෙත් හිටියා නම්....

    @මහි :
    මම් හිතුවා. නීතිඥ නෝනලා ඕවට කැමති නෑනේ.

    ReplyDelete
  40. @පිණිබිඳු...:
    අපෝ එහෙනම් ඕවට යන්නේ නැති එකමයි හොද. මොකද ඉල්ලගෙන කන්නේ නෙහ්.

    @Tharanga :
    ඔවු ඔවු. එතකොට අපි නේ පිකට් දවසට කාමරේට වෙලා අල සේ ඉන්නේ. අනේ අනේ තරංගයෝ !!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.