06 December 2011

ගුරු පඩුරු

දවසක් මම් පුංචි ලෑ ගෙදර යනකොට අපේ පුංචි කෙක් ගෙඩියක් හින්නිකිතර කෑලි වලට කපනවා. හෙට එයාලගේ චූටී දූගේ උපන්දිනේ ලූ. කේක් කපන්නේ ඉස්කෝලේ ළමයි එක්ක බෙදාගෙන කන්න ලු.

"මොකෑ පුංචිඅම්මේ කේක් පොඩිවට කපන්නේ ?" මම් නිකන් ඉන්න බැරුවට ඇහුවා.

"නැත්නම් කොහොමද කියහන්කෝ කේක් ග්‍රැම් 750ක් කෑලි 40කට කපන්නේ ?" පුංචි අම්මා කිව්වා.

"ඉතින් ඕකට කේක් කිලෝ එකක් විතර ගත්තා නම් ඉවරයි නේ ?"

"කේක් කිලෝ එකක් තමයි ගත්තේ. දෙසිය පනහක විතර කෑල්ලක් කපලා තියාගත්තා ටීචර් ට දෙන්න. මේ තියෙන්නේ ඒක බ්‍රවුන් පේපර් එකක ඔතලා." පුංචි අම්මා එහෙම කියලා බ්‍රවුන් පේපර් එකකින් ලැමිනේට් කරපු කේක් කෑල්ලක් පෙන්නුවා.

"ටීචර්ටත් ලොකු කේක් කෑල්ලක් දෙන්න ඕන් ද ?"

"නැත්නම් !!!! අනිවාර්යෙන්ම ටීචර්ට දෙන්න ඕනා. නැත්නම් විසුමක් වෙන්නේ නෑ. ටීචර් හැමදාම රෙජිස්ටරේ බලලා ලඟ දවසක උපන්දිනේ තියෙන අයගේ පොත් වල ලියනවා කේක් ගේන්න කියලා. "

"ඉතින් කේක් නැතුව එන මොනහරි යැවුවනම් ඉවරයි නේ !!!" මං කිව්වා.

"අපෝ බෑ !!!! කේක්ම ගේන්න කිව්වා. ගියපාර උපන්දිනේට කිට් කැට් 40ක් යැවුවා කියලා. මේපාර කිට් කැට් නම් එවන්න එපාම කියලා පොතේ ලියලා එවලා !!!!"

"එතකොට උපන්දිනේ සමරන්නේ ටීචර්ට කේක් කන්නද ?" මම් ඇහුවා.

"ඉස්සර වගේ නෙමේ ලොක්කෝ !!! දැන් ටීචර්ලාට අනිවාර්යෙන්ම සලකන්න ඕනේ. නැත්නම් ළමයට එක එක වෙනස්කම් කරනවා. ඉස්සර තමයි ටීචර්ලා මුකුත් දුන්නට බාර ගන්නේ නැත්තේ. දැන් එහෙම නෑ. අවුරුද්ද අන්තිමට අම්මලා එකතු වෙලා ටීචර්ට තෑගි එහෙමත් අරන් දෙන්න ඕනේ. එකේ පංතියේ ඉදලා තුන්වෙනි පංතිය වෙනකන් ඉන්නේ එකම ටීචර් හන්දා ටීචර්ව ෂේප් එකේ තියාගන්න ඕනා. !!!!"

------------------------------------------------------
ප.ලි. - අම්මෝ බලාගෙන ගියාම පුදුම ටීචර්ලා තමයි දැන් ඉන්නේ.

56 comments:

  1. අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා :)

    ReplyDelete
  2. ලොකු ලොකු ස්කෝල වල නම් මන් දන්න තරමට අවුරුද්ද අවසානෙට රත්තරන් වලළුත් ටීචර්ලට දෙන්න ඕනා...සාරී කඩයක් දාන්න හම්බෙනවා...

    ඒත් දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ යන ස්කෝල වලනම් සිංහල අලුත් අවුරුද්දට...එකෙක් දෙන්නෙක් ක්‍රීම් ක්‍රෑකර්,ලෙමන් ෆෆ්(ලොකුවා නෙමේ....අර බාගේ එව්වා) අරන් එනවා...හැබැයි ඒ ටීචර්ලට ඒක මහ මෙරක්...අපෝ ඔයාට හම්බුනේ ඕවද? කියලා ගෙදර ඉන්න ලමෙක් අහන්න ඕනා...දෙවන ලෝක යුද්දේ පරාදයි.. මන් කිව්වේ අද්දැකීමෙන්...

    ReplyDelete
  3. කාලෙ වෙනස්.. තාලෙ වෙනස් ... ඔහොම තමයි දැන්..

    ReplyDelete
  4. අනේ දෙයියනේ...මම ඊලඟ පාර ලංකාවට ගිය හැටියෙම මගේ ඉස්කෝල දෙකටම ගිහින් මට උගන්නපු දෙවිදේවතාවුන්ගෙ කකුත් දෙක අල්ලලා වඳිනවා... මෙහෙම දොල පිදේනි බලාපොරොත්තු නොවීම අපි වෙනුවෙන් මේ තරම් දුක් මහන්සි වුණාට... :(((

    ReplyDelete
  5. අපේ ටීචර්ලා සර්ලානම් අපි උපන්නේ කවද්ද කියලවත් දන්නේ නෑ.. අප්‍රේල් පලවෙනිදටනම් එන්නේ කටට්ටියටම සුභ උපන්දිනයක් කියාගෙන...

    ReplyDelete
  6. සම්පූර්න ඇත්ත මේ කථාව ..අපේ පොඩි එක්කෙනාගේ ටීචර්ට තෑග්ගක් දෙන්න ඔන්න සල්ලි එකතු කරා..ඒ මදිවට තාත්තා රට නේද ඉන්නේ කවද්ද එන්නෙත් අහනවලු...ඉතින් මම ගියාම තෑගි අරං යනව..එපා කියන්නේ නෑ.....ගුරු පඬුරු නේ....

    ReplyDelete
  7. මේ ලඟකදි ලංකාවෙ එක ඉස්කෝලෙක ලමයෙකුට ගොඩාක් කරදර ලු...ලමය ඉස්කෝලෙ දක්ෂම ලමයෙක් 5ශිෂ්‍යත්වෙත් පාස් උන..ඒ වෙලා තියන කරදර කොමෙන්ට් එකක් විදියට ලියන්න බැහැ..ඒක පෝස්ට් එකක් විතර දික් වේවි.....පංතිභාර ටීචර් ප්‍රින්සිපල්ටත් බොරු කියල ලමයට කරදර කරවල..දෙමාපියන් ගෙන්වල..දෙමාපියන්ට බොරුචෝදනා කරල...අන්තිමේදි ලමයගෙ අම්ම ටීචර්ට තෑග්ගක් යවල ටිකක් වියදම් කරල...දැන් අර ප්‍රශ්න ඔක්කෝම ඉවරලු.....

    ReplyDelete
  8. මෙහෙම තමයි මල්ලි දැන් ඉස්කෝලවල. අපි ගිය කාලේ වගේ නෙමේ.
    මේව මේ දෙමාපියන්ම හදාගත්තු දේවල් මුලින්. දැන් ඒක නීතියක් වගේ වෙලා.

    ReplyDelete
  9. කේක් ග්‍රැම් 750ක් කෑලි 40කට?? අහ්

    ReplyDelete
  10. ඔව්ව ඔහොම තමා දැන් කාලේ,ටීචර්ලට සාරී එහෙමත් දෙනව අම්මලා.

    ReplyDelete
  11. ගුරු-හොරු

    ReplyDelete
  12. අනේ කාලේ වනේ වාසේ කියන්න මේවට තමයි..
    ඒ අතින් නම් අපිට උගන්නපු ගුරුවරුන්ට මල් තියලා වඳින්න ඕනෙ..

    ReplyDelete
  13. කියලා වැඩක් නෑ මල්ලි මේවා.දැන් කාලෙ ලොකු ඉස්කෝලෙක පොඩි පන්තිවල ටීචර් කෙනෙක් වුනාම බිස්නස් එකක් වගේ තමා.

    ReplyDelete
  14. ගුරුවරුන්ට පඬුරු දීලා ඒවා ගන්න හුරු කරපු උන්ටත් බණින්න ඕනෙ නැද්ද??

    ReplyDelete
  15. hmm. demaupiyangema tama waradda. kipa denek okakarala. anit ayatat one wela. itapasse puruddata gihilla, antimata abbahi wela. oya podi wayase lamainta prashna wenne demaupiyo nisamamai. :(

    ReplyDelete
  16. අපොයි මම හිටියා නම් දනී කරන දේ.:D

    මට දැනටත් හිතයි ඔය ටීචර්ගේ විස්තර අරං හොඳ වැඩක් කරන්ට.

    ReplyDelete
  17. ගුරුකම සේවයක් ලෙස නොව ව්‍යාපාරයක් ලෙස භාර ගැනීමේ වරද.......

    ReplyDelete
  18. ගුරුවරු මෙහෙම වෙලා තියෙන්නෙ දෙමව්පියො හින්දමනෙ..අපි ඉස්කෝලෙ යන කාලෙ අම්මලා තාත්තල ඉස්කොලෙට ආවෙ හදිසිම වෙලාවකට විතරයි. දැන් මේ යන ක්‍රමේට ළමයින්ට වැඩිය ඉස්කෝලෙ වැඩ කරන්නෙ අම්මලා තාත්තලානෙ..
    ඒක නෙවි මලේ පුංචි අම්මගෙ අත කැපුනෙ නැද්ද?
    මමත් ඔහොම කේක් 750gක් කෑලි 55කට විතර කපලා තියනවා..හැබැයි ඒ කැම්පස් එකේදි..!!

    ReplyDelete
  19. අර ‍ෆිල්ම් එකක් තිබ්බේ මැටිල්ඩා කියලා.. මට ඒක මතක් වුණා...
    ඉළග දවසේ ටිචර් ටත් කෑම අරන් යන්න වෙවි..

    ReplyDelete
  20. හොඳම වැඩේ අම්මලා තාත්තලට..කවුද ඉතිං ඔය මගුල් බෝ කලේ..ඉස්සර අවුරුද්දට දෙන බුලත් අත විතරයි..ඒත් මට මතකයි අපිට හිටිය කුමාරි හාමි ටීචර් එහෙම ඒකත් ආපහු දීලා එවනවා මේවා ගෙදර ගෙනියන්න පුතේ කියලා...අදටත් උන්දලට ආදරේ හිතෙන්නේ ඒකනේ..දැන් ඉන්න ගුරුවරුන්ට ළමයි ගහන එකත් වරදක් නැහැ එහෙම බලං ගියාම..ඒත් තාමත් ගුරු දෙවිවරු ඉන්නවා..මට දුක ආන්න ඒ මිනිස්සු ටික ගැන...

    ReplyDelete
  21. ගුරුකමත් දැන් හොරකමක් ගානට වැටිලනෙ අප්පා

    ReplyDelete
  22. හෙහ් අර අලස් මහත්තයගෙ අකුරු දෙකේ ඉස්කෝලෙ ඉන්න මං දන්න කියන ටීචර් කෙනෙක්ගෙ ගෙදර ඇඳක් පිරෙන්න හැන්ඩ් බෑග්ස් ලොට් එකයි ෂූ ‍රැක්ස් දෙකක් පිරෙන්න සපත්තුයි තියනව. අම්මල තාත්තලගෙ එක දාගන්න පොරේ නිසා උන්දැගෙ ගෙවල් අහල පහල ඉන්න ගෑණුන්ටත් වාසියි !

    ReplyDelete
  23. දැං තියෙන්නෙ මල්ලී හොද හොද සෙල්ලං. ඔය අවුරුදු ගානක් එකම ටීචර් උගන්නන එකෙන් වෙන බලපෑමක් තමයි පළමු දවසෙ ඉදල හොදට සැලකීම අවහ්‍ය වීම. අපේ කාලෙත් ඔයවගේ සෙල්ලං තිබුනට ඒක මාෆියාවක් තරමට වර්ධනය වෙලා තිබුනෙ නෑ.

    ReplyDelete
  24. යකෝ මේක අලි කෙලියක්නෙ...

    ReplyDelete
  25. එහෙමත් ගුරුවරු ඉන්නවා නේන්නම් ..

    මම දන්න කියන පොඩි පන්ති වලට උගන්වන ගුරු උතුමියක් හිටියා . එයැයිගේ පුතාත් ඒ පන්ති වල ඉගන ගන්නවා .. දවසක් අපි ඒ පොඩි එවුන්ගේ පන්තියේ බිත්තයක් කොල වගයක් අවමින් ඉන්න අතරේ ඒ පන්තියේ ඉගන ගන්න පොඩි එකෙක්ගේ කෑම එකේ තිබ්බ බිත්තරයක් ටීචර්ගේ පොඩි එකා පැන්න ගමන් ඩැහැගෙන ගිල දැම්මා එක කටට ..

    ටීචර්ට ඒ බවක් කියාපු ගමන් එයැයි කීවේ නැද්ද ..." අනේ බලන්න මේ කොල්ලගේ වැඩ හරි කට්ටයා හික් හික් "

    කාට කියන්නද මේ දුක ?

    ReplyDelete
  26. යකෝ මෙහෙමත් ටීචලා..

    ReplyDelete
  27. දැන් බහුතරයක් ඔය ප්‍රාථමික ඉස්කෝල වල ටීචර් ලව නරක් කරන්නෙ, ළ්මයින්ගෙ අම්මලා මට පේන්නෙ.ටීචර්ට තෑගි දෙන්න දාස් ගනන් එකතු කරලා, තෑගි දෙන්න, කේක් දෙන්න, පුරුදුකරගෙන තියෙන්නෙ අම්මලාම තම, ඔය වගේ දේවල් බලාපොරොත්තුවෙන් උගන්වන ටීචර්ලා ඕනෙ තරම් ඉන්නවා. හෆ්ෆෝයි!!! මටත් පුංචි කාලෙ අත්දැකීම් තියනවා.අ.

    ReplyDelete
  28. ඔහොම එවුන්ට නම් මතක හිටින පාඩම් උගන්නන්න ඕනෙ.. මම නම් කියන්නෙ ඇම්ඩව ආපහු ඉස්කෝලෙ ඇරිය නම් වැඩේ ගොඩ..

    ReplyDelete
  29. බිස්කට්, කේක්, කෙසෙල් එහෙම අරන් ගියාම වැඩිපුර සලකන ගුරුවරු අපේ කාලෙත් හිටියා. හැබැයි මේ කේක් ගේන්න කියල පොතේ ලියල එවන කෙනෙක් ගැන ඇහුවමයි. පුදුම ලෝකයක් නේ බං මේක. මේ යන විදියට ඔය දේවල් වල ලොකු පුදුමයකුත් නෑ නේද?

    අපේ ලොකු තාත්ත එක පාරක් පාන් ගෙඩියක් 14 කට කැපුවා. අර යෝධ ඇලේ තාක්ෂනය තාම හොයා ගන්න බැරි වුනා වගේ අපිට තාම බැරිවුණා ඒ තාක්ෂනේ හොයාගන්න.:D

    ReplyDelete
  30. මමත් ටීචින් කොරන්න ඕන...

    ReplyDelete
  31. මම ඉස්කෝලෙ තුනේදි අපට ඉදිය සර් කෙනෙක්... ළමයින්ගෙන් විස්තර අහනව හරියට.. හරි යාප්පුවෙන්...

    "කියන්න බලන්න පුතාලගෙ වත්තෙ තියෙන ගස්,,,"

    "අපේ වත්තෙ ලොකූ ගස්ලබු ගහක් තියෙනව සෑර්..."

    " අනේ අපිටත් ගෙනත් දෙන්නකො ගස්ලබු අම්මට කියන්න හොදේ..."

    ඉතිං අම්මල සර්ට ලබ්බ එවනවා....


    හැබැයි එක පාරක් උනා මරු වැඩක්...

    අපේ පන්තියේ ඉදිය මලිත් කියල එකෙක්..

    බොරු දෙයිය...

    උන්ගෙ තාත්තට ප්ලේන් 5ක් තියෙනවලු.. ගේ පිටිපස්සෙලු නවත්තල තියෙන්නෙ... ඉතිං අපිට මේව ඇත්ත... කට ඇරං අහන් ඉදියෙ...

    උන්ලගෙ ගෙදර ඉනවලු ඇල්ෂේශන් බල්ලො 8ක්... එකෙක් පැටවු 5 දෙනෙක් දාලලු....

    මේ බොරුව නැවතුනේ සර්ගෙ කනේ... සර්ට ඇහිල තිබුනෙ ඇල්ෂේශන් බල්ලෙක් පැටවෙ දැම්ම කියල...

    " අනේ අපටත් ගෙනත් දෙන්නකො බලු පැටියෙක්.... "

    මූ ඊට පස්සෙන්ද ගෙනාව පෙට්ටියක දාගෙන හොරිකඩ කුක්කෙක්...

    සර්ට දුන්න පෙට්ටිය පිටින්... සර් ඇරල බල්ලව එලියට ගත්තා...

    කුක්කව දැකල කොල්ලො මැරෙන්න හිනා උනා...

    සර්ට රෙද්දෙ ගිය නැති එක විතරයි.... :D

    ReplyDelete
  32. අපි පහු ගිය වතාවක ලංකාවට ගියාම, ඔබී එක්ක එක ස්ටාෆ් එකේ හිටිය ගුරු තුමියක් ආව ඔබීව බලන්න. එයා දැන් කොළඹ සෑහෙන් ලොකු ඉස්කෝලෙක ප්‍රාථමික පන්ති වල උගන්නන්නෙ.

    අපිත් එක්ක කය්ය ගැහුව, ඒ ඉස්කෝලෙට ගියාට පස්සෙ තාම සාරියක් සල්ලි දීල ගත්තෙ නෑ කියල.

    ReplyDelete
  33. ඇත්ත තමා. ඉස්සර අපේ ටීචර්ලා මොනව දුන්නත් ගන්නේ නැත. ඇනික අපි දෙන්න යන්නෙත් නැතිය.
    කාලීන පෝස්ටුවකි

    ReplyDelete
  34. ඔන්න දැන් තමයි මේ පැත්තේ එන්න පුළුවන් වුනේ... මං ගොඩක් පරක්කුයි අයියේ... හි හි.. :)
    අනේ ඇත්තටම දැන් ඔය වගේ ගුරුවරු ගොඩක් ඉන්නවා.. එත් අම්මලම තමයි ඔය ගුරුවරුන්ව නරක කරලා තියෙන්නේ. ඉතින් එයාලත් ඒවා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  35. මචං දැන් ඉන්න ටීචර්ලා බලං ඉන්නේ ටීචර්ට විතරක් නෙමෙයි ගෙදරටත් මොනා හරි ගෙනියන්න... හැමෝම නම් නෙවෙයි සුළු පිරිසක්...

    ReplyDelete
  36. ගුරු සිත නොරිදවා කවිය remix කරන්න කාලේ ඇවිත් වගේ :))

    ReplyDelete
  37. මම ලංකාවේ ඉන්න හැම අලුත් අවුරුද්දකම මගේ ගුරුවරු හොයාගෙන යනවා. පාරක දැක්කත් මමනම් දණගහල වඳින්න පසුබට වෙන්නේ නෑ. ලංකාවට ගියාමත් කරන්නේ ගුරුවරු බලන්න යන එක නෑයන්ට කලින්. මොකද ඒ මිනිස්සු ඒ කාලේ අපෙන් පුද පඬුරු ඉල්ලන්නේ නැතුව උගන්නල ඇස පාදල දුන්න. එත් අපි සන්තෝසෙන් දෙන ඒ දේ එයාලට මහාමෙරක්. එක මම අත්දැකීමෙන් දන්නේ.

    ReplyDelete
  38. මේ තමා "ගුරුහොරු" ...!

    ReplyDelete
  39. අර හසිත කියපු දේ තමා මටත් හිතෙන්නේ....මොනා උනත් ගුරුවරු කියන්නෙ ගෞරව ලබන්න ඕනෙ පිරිසක්...

    ReplyDelete
  40. අර අයින් කරපු කේක් ටිකට ජාපාල ටිකක් දාලා ටීචර්ට දෙන්න තිබුනෙ ...

    ReplyDelete
  41. @සයුරි :
    මටත් හිතාගන්න බෑ. මොක කියඳ කියලා. හික්ස් :)

    @අසනි :
    අපොයි ඔවු අසනි. ටීචර්ලට අපි සලකන්න ඕනේ. ඒත් ටීචර්ලා සැලකිලි බලාගෙන ඉන්න ඕනේ නෑ. මොකද මේ ස්කෝලේ ගොඩක් දුප්පත් අය ඉන්නවා.එයාලා කොහොමද මේ දේවල් දෙන්නේ ?

    @Weni :
    කාලේ අනුව හැඩගැහෙන්න වෙන්නේ.

    ReplyDelete
  42. @මකුළු පැංචි :
    ඒක හරි නංගි. දැන් ඉන්න ටීචර්ලා තමා මෙහෙම තෑගි බෝග බලාපොරොත්තු වෙන්නේ. ඉස්සර එහෙම නෑ.

    @Dinesh :
    මරු ගුරුවරයෙක් නේ !!! :)

    @ඔබ නොදු‍ටු ලොවක්..... :
    පොඩි එකාට කියන්න තියෙන්නේ තාත්තා දැන්ම එන එකක් නෑ කියලා.නැත්නම් බේරිල්ලක් වෙන එකක් නෑ.

    ReplyDelete
  43. @වින්චැට්කිරිල්ලි. :
    ඒ කියන්නේ ඔය කරදර කරලා තියෙන්නේ තෑග්ග ගන්න ඕන වෙලා තියෙන හන්දා වෙන්ටෑ. අම්ම්මෝ පුදුම ටීචර් කෙනෙක්.

    @Gimhani :
    ඔවු අක්කා. මුලින්ම ඕක පටන් ගත්තු අයගේ වැරැද්දක්.

    @නදී :
    සාරි විතරක් යෑ. මුදු මාල හිටන් දෙනවා.

    ReplyDelete
  44. @විසිතුරු | visituru :
    අනිවාර්යෙන්ම !!!

    @cjgayan :
    ඒක හරි අයියා. ඒකාලේ හිටපු ගුරුවරු හොදයි.

    @නිසුපා :
    ඔවු අක්කේ. ඒකත් මරු බිස්නස් එකක්. ගොඩක්ම ටීචර්ට ලාබයි.

    ReplyDelete
  45. @දිනුක ජයකොඩි :
    උන්ට බැනලා හරි යන්නේ නෑ. පොලි කෑල්ලක් කඩාගෙන කොඳු කැඩෙන්න ගහන්න ඕනේ.

    @Madhawa Habarakada :
    කතාව ඇත්ත. ටීචර්ලට ඔහොම තෑගි ගන්න පුරුදු කරන්න ඇත්තේ අම්මලාම තමා. ටික දෙනෙක් කරපු වරදකට ගොඩ කට්ටියක් දුක් විඳිනවා.

    @Podi Kumarihami :
    විස්තර හොලයා දුන්නට වැඩක් නෑ අක්කා. ඔය එක්කෙනෙක් විතරයි. තව ටීචර්ලා කීයක් ඉන්නවද මේ රටේ.

    ReplyDelete
  46. @මහි :
    ගුරුකම උතුම් සේවයකි !!

    @රූ....:
    අත කැපුනද දන්නේ නෑ. අම්මලාම තමා පුරුදු කරන් තියෙන්නේ. අර කිව්වත් වගේ අපේ අම්මා නම් වැඩිය ආවෙම නෑ ඉස්කෝලේ.

    @රහස් පරික්ෂකයා :
    මැටිල්ඩා මම බලලා නෑ. :(

    ReplyDelete
  47. @මාරයා :
    ඔවු මාරේ අයියා. අපි පොඩි කාලෙත් මුකුත් දීලා නෑ. අම්මා බුලත් අතක් එවනවා ටීචර්ලට වැදහන් කියලා. අන්තිමේදී ටීචර්ම බුලත් අත බෑග් එකට දානවා.

    මේවයි වෙන්නේ හොද ගුරුවරුන්ටත් ඒ මිම්මෙන්ම මනින්න උත්සහ කරන එක.

    @පිණිබිඳු... :
    ඒකනේ අක්කා. හොරකමක් වේගෙන එනවා.

    ReplyDelete
  48. @මාරයා :
    ඔවු මාරේ අයියා. අපි පොඩි කාලෙත් මුකුත් දීලා නෑ. අම්මා බුලත් අතක් එවනවා ටීචර්ලට වැදහන් කියලා. අන්තිමේදී ටීචර්ම බුලත් අත බෑග් එකට දානවා.

    මේවයි වෙන්නේ හොද ගුරුවරුන්ටත් ඒ මිම්මෙන්ම මනින්න උත්සහ කරන එක.

    @පිණිබිඳු... :
    ඒකනේ අක්කා. හොරකමක් වේගෙන එනවා.

    @nawammawatha :
    අම්මෝ එහෙනම් ටීචර්ට ඒ තරම්ම වාසි වෙන්න ඇති. නැතුව ඉතින්. ගුරු දිනේටයි අවුරුද්දේ අන්තිම දවසයි සෙට් උනාම මදෑ. හික්ස් :)

    ReplyDelete
  49. @රාජ් :
    දැන් අවුරුදු තුනකටම ඉන්නේ එක ටීචර් කෙනෙක්. එහෙම දාන්නේ ළමයින්ට ඒ ටීචර්ට හුරු වෙන්න පුලුවන් කියලා. මාරු කලාම ළමයිට හුරු නැතුව යනවා කියලා ලු.

    @සීතල අයියා :
    අලි කෙලියක් නේන්නම්.

    @හිස් අහස :
    අපෝ පුදුම ගුරුවරියෙක් නේ. කපුවගේ පුතා කෝවිලේ කත කලාට අවුලක් නෑ කියලා කියනවනේ.

    ReplyDelete
  50. @නදීර සඳරුවන් ලියනගේ :
    අනේද කියන්නේ.

    @හිතුවක්කාරි :
    ඔයාගෙ අත්දැකීමුත් වෙලාවක් තියෙන හැටියකට ලියන්න. ටීචර්ලව නරක් කරලා තියෙන්නේ අම්මලා නේන්නම්.

    @පැණි දොඩම් :
    ඇම්ඩලා එකෙක් නෙමෙයි ගොඩ දෙනෙක්ව ස්කෝලේ යවන්න ඕනා.

    ReplyDelete
  51. @Kasun :
    දැන් නම් එහෙම ගානකට කපන්න පුලුවන් පාං තියෙනවද කියලා දන්නේ නෑ.

    @රවින් :
    අන්න ලාබදායි රස්සාවක් !!

    @පොඩි මෑන් :
    ඔය වගේ කොල්ලෝ ඉන්න එකත් මරු. සර්ට රෙද්දේ රෙවෙන්න ඇති නේ. හික්ස් :)

    ReplyDelete
  52. @Observer :
    සල්ලි දීලා ගන්න ඕනේ යෑ. අවශ්‍ය වෙලාවට දෙමවුපියෝ ගෙනත් දෙනවා නේ :)

    @sAm (සෑම්) :
    අපිත් එහෙමයි. ඔවුවා පුරුදු කරලා නෑ ටීචර්ලට

    @Ice (අයේෂා කුලතුංගා:
    පරක්කු වෙලා හරි ආපු එකත් හොදයි. :)
    ඒක හරි නංගි. අම්මලා තමා ඕවා පුරුදු කරලා තියෙන්නේ.

    ReplyDelete
  53. @prasanna86k :
    ඒක හරි අයියා. ඔය සුළු පිරිස නිසා හොද ගුරුවරුන්ට තමා නරක නාමේ.

    @Hasitha :
    එහෙමත් වෙයි.

    @ක්සැන්ඩර් | Xander :
    ඒක හරි අයියා. ඒ කාලේ ගොඩක් හොද ගුරුවරු හිටියා. මට මතකයි අපිට ස්කෝලේදි ටීචර් කෙනෙක් ගැහුවත් කවදාවත් අපේ අම්මලා රෙදි උස්සන් ඉස්කෝලේ දුවන් එන්නේ නෑ. ඒකටත් එක්ක අද කාලේ !!!

    ReplyDelete
  54. @matamathakahatiyata .. සපතේරු උන්නැහේ :
    හරියට හරි !!! :)

    @දිල් :
    ඔවු අක්කා ගරු කරන්න ඕන පිරිසක් !!!

    @පන්සල් හංදිය :
    අපරාදේ. මේක කලින් මතක් උනා නම්...

    ReplyDelete
  55. ඉස්සරත් මෙහෙම තමයි මචං. මට මතකයි ඉස්සර පන්තියකදි ටීචට තෑගි ගේන ළමයෙක් වෙලාගිහින් ආවම එයාට අබලන්වුනු පුටුවක වාඩි වෙන්න වුනොත් මාව පන්තියෙ තැනින් තැනට මාරු කරනවා අර ළමයට හොඳ පුටුවක් දෙන්න. ඒ වගේ දේවල් වලින් අපිට ඒ ටීචර්ව එපාවුනු තරම කියන්නෙ මේ ළඟදි දවසක් මුනගැහිලාත් මම ඒ ටීචර්ව නොදැක්කා වගේ ගියා.. කතා කරන්නවත් හිතෙන්නෙ නෑ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.