23 November 2011

බසයක් තල්ලු කලෙමි

අදත් වෙනදා වගේම වැඩට යන්න බ්ස් හෝල්ට් එකට ආවා.වෙනදට හරියට වෙලාවට එන බස් එක අද ප්‍රමාදයි !!! වෙනදා වෙලාවට වඩා ටික වෙලාවක් පරක්කු වෙලා බස් එක ආවා. අම්මෝ බස් එක කට කපලා සෙනග !!!! කෝමහරි ට්‍රැෆික් එකට එහෙමත් අහුවෙලා ආමර් වීදියට ආවා.

ආමර් වීදියට එනකොට වෙනදා වෙලාවට වඩා පෑ බාගයක් විතර ප්‍රමාද වෙලා.ඊට පස්සේ ආමර් වීදියෙන් නුගේගොඩ දිහාවට යන බස් එකකට ගොඩ උනා. ටික වෙලාවකින් බස් එක පිටත් උනා. මරදාන කිට්ටුවට ගාට ගාට ඇවිත් එක පාරටම ටවර් හෝල් එක ලඟ තුම්මන් හන්දිය මැද්දටම වගේ වෙන්න බස් එක හිට්ටා !!!

ඩ්‍රැයිවර් පුදුම උත්සහයක් අරගත්තා බස් එක ස්ටාර්ට් කරන්න. ම්හු... බස් එක නෙමෙයි එක අඩියක්වත් ඉස්සරහට ගියේ.

අන්තිමේදි කොන්දොස්තර අයියා එක පාරටම "ඔය මහත්තුරු චුට්ටක් ඇවිත් බස් එක තල්ලු කරන්න උදව්වක් දෙන්න !" කියලා කිව්වා.

පිරිමි කට්ටිය එකා එකා මූනත් එක්ක ඇඹුල් කරගෙන බස් එකෙන් බැස්සා. සල්ලි ඉල්ලගෙන ෂේප් එකේ මාරු වෙන්න හිතුනත් කරදරයක් වෙච්ච වෙලාවකට එහෙම ෂේප් වෙන එක හරි මදි නිසා මාත් බස් එක තල්ලු කරන්න උදවු උනා.

උදේ පාන්දරම හිස් බඩම බස් එකක් තල්ලු කරනකොට හරිම සනිපයක් දැනෙන්නේ. පුල් ඩම් එක දාලා තල්ලු කලත් බස් එක එක අඩියක්වත් ඉස්සරහට ගියේ නෑ.

"මෙහෙම හරි යන්නේ නෑ අයියා !!!! ගෑනු කට්ටිය කේක් ගෙඩි වගේ බස් එක ඇතුලේ ඉන්නැද්දි බස් එක තල්ලු කරන්න බෑ. ඒ කට්ටියට බැහැ ගන්න කිව්වා නම් !" කියලා මම් කොන්දා අයියට යෝජනාවක් දැම්මා.

"හරි මල්ලි !"

කියලා කොන්දා අයියත් බස් එකේ ලැගගෙන හිටපු බවලත් උදවියට බහින්න කියලා බස් එක ආයෙමත් තල්ලු කලා.කොහොමහරි තුම්මන් හන්දියෙන් බස් එක අයිනකට තල්ලු කරලා ඉතුරු සල්ලිත් ඉල්ලගෙන බස් හෝල්ට් එකට ආවා. බස් එක තල්ලු කරලා අත් දෙක ගන්න හසරක් නෑ. මොකද ලංකාවේ බස් හෝදනවා කියලා යෑ. දූවිලි විමානේ !!!

ඊට පස්සේ ටවර් හෝල් එක ලඟ බස් හෝල්ට් එකට ආවා.අම්මෝ බස් වල සෙනඟ ! මරදානෙන් බස් එකකට ගොඩ වෙනවයි කියලා කියන්නේ මාරම ගේමක්. යාන්තම් සෙනග චුට්ටක් විතර අඩු බස් එකක් ආවා. මාත් ඒකට ගොඩ උනා.

ඔය සේරමත් වෙලා අන්තිමේදි අට හමාරට විනාඩි පහකට විතර කලින් ඇඟිලි සලකුණු මැසිමට ඇඟිල්ල තියා ගත්තා.ඔන්න ඔහොමයි මම අද බස් එකක් තල්ලු කලේ.

49 දෙනෙක් අදහස් පලකලා .:

පැණි දොඩම් said...

ඕව හොඳවැඩ ළමයෝ....
හෆ්ෆා ප්‍රයිවට් එකක් නේද කොල්ලා තල්ලුකරල තියෙන්නේ...

ගලයා said...

කාලෙකින් ඇඟ මහන්සි කරලා වගේ....
ම්ම් හොඳ වැඩක් කරලා තියෙන්නේ....
මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනට තමන්ගේම රෝද හතරක් තල්ලු කරන්න ලැබේවා කියලා...

prasanna86k said...

කාලෙකින් මහන්සි වෙලා... අතු දෙක හෝද ගත්තද?

malmi said...

මරු ඈ.....හැබැයි කරදරයක් උන වෙලාවේ පිහිට වෙච්ච එක ගැන සතුටුයි මලේ. එහෙම තමයි සිංහලයෝ ඉන්න ඕනෑ..

Ice (අයේෂා කුලතුංග) said...

අර ඇඟිලි සලකුණු මැසිමට ඇඟිල්ල තියද්දි reject කරේ නැද්ද අයියා දූවිලි කියල?? හි හි..

Deepika Priyadarshani said...

හික් හික්.....මාත් දැකලා තියනවා ගෑනු අය බස් එකේ ඉන්නකොට පිරිමි ති දාගෙන බස් තල්ලු කරනවා :) ඔන්න බලන්න ගෑණු අපිට තියෙන වාසි :P

Sabith said...

අපි වලක් හෑරුවොත් ගෙම්බෙක් කියන්නේ ඕවට තමා!

සයුරි said...

අපරාදේ ඇඟිලි සලකුණු මැසිම ත් ජරා වෙන්න ඇති හි හි...

රූ.... said...

හපොයි..උදේම කාපු කට්ට..!! මටත් එකපාරට හිතුනෙ අයේෂාට හිතුනු දේම තමා..හැබැයි ගෑනු කට්ටිය බස් එකෙන් බස්සපු එක නම් වැරදියි මලේ..හික්ස්..

දිල් said...

සහයෝගය කියන්නෙ ඕකටනෙ මල්ලී...දාන්න පහක්...උදේ පාන්දර හොඳ වැඩක් කලාට...හික්ස්...දාඩිය දැම්මත් මොකෝ...ඔෆීසි ඇතුලේ අල බැස්ස වගේ ඉන්න කස්ටියනේ....

Il mondo di una povera pazza said...

හරි නම් ඔයා බස් එක අන්තිම හෝල්ට් එකට යනකම් තල්ලු කරන් යන්නයි තිබ්බේ. කාන්තාවන්ට මුල් තැන නේද?

Weni said...

උදේට ව්‍යායාම කරන්න කම්මැලි අයට එහෙම තමයි වෙන්නෙ ! ආයි ජිම් යන්න ඕනි නෑ.

ඔබ නොදු‍ටු ලොවක්..... said...

ඕං මං ගියා මගේ අතිජාතයෙක්ගේ දෙවැනි මනලයට ..හප්පේ ටවුම මැද්දෙම කාර් එක හිටියනේ .මම අර මල එහෙම ගහපු කෝට් බෑය ඇදං තල්ලු කරා කාර් එක ෂෙඩ් එකට.....පුටාර් බයික් බුවෙක් සපෝට් එකක් දුන්නා...ජෝඩුව කාර් එකේ.....ජීවිතේට අමතක වෙන්නෑ ඒ සීන් එක....

Dinesh said...

උදේ පාන්දරම හොද ව්‍යායාමය.. හැමදාම කලානම් දවස හොදින් ගෙවන්න තිබුනා..

වින්චැට් කිරිල්ලී. said...

මට මැවිල පේනව ඔන්න ලංකාවෙ බස් එකක කේක් ගෙඩි ටිකක් ඉඳගෙන ඉන්නවා දහඩිය පෙරාගෙන කොල්ලො ටික තල්ලුව දානව..හික්..හික්..හික්........

Podi Kumarihami said...

ඇඟිලි සලකුනු ගන්නේ මොකටද? යන්නේ රාජකාරියකටද? නැත්නම් හිර ගේකටද? හී හී....

ප්‍රාර්ථනා said...

හපොයි,, අයියටත් වෙන වැඩ,.හී හී..
"මෙහෙම හරි යන්නේ නෑ අයියා !!!! ගෑනු කට්ටිය කේක් ගෙඩි වගේ බස් එක ඇතුලේ ඉන්නැද්දි බස් එක තල්ලු කරන්න බෑ. ඒ කට්ටියට බැහැ ගන්න කිව්වා නම් !"
මේක ඇත්තටම කිව්වද අප්පා,. ගෑණු ටිකට ඇහුනා නම් අයියට වැඩට නෙවෙයි යන්න වෙන්නේ ඉස්පිරිතාලෙට,.

cjgayan said...

අනේ සාදු වෙන කාටද උදේට ඔහොම පිං අතේ වැඩක් කරගන්න ලැබෙන්නේ මලයට මිස..

නිසුපා said...

මොනවා වුනත් හොද වැඩක් නෙ කරලා තියෙන්නෙ.වරදක් නෑ මල්ලි පොඩ්ඩක් ඇග අඩු වෙන්නෙවත් නැතෑ නේද? මමත් බස් එකට නගින්නෙ ආමර් වීදියෙන් තමා.හැබැයි මං යන්නෙ අනික් පැත්තට..:)))

අසනි said...

හෆොයි..පව් අනේ.....

රාජ් said...

ඔහොම වැඩක්කත් කරපං නැත්තං සරීර හොරු වෙනව.

sAm (සෑම්) said...

බස් තියන් පයින් ගියා වගේ.. බස් එකේ හොරෙන් යන විදිය මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් ඇති...

හිතුවක්කාරි said...

හික්ස්ස්ස්ස්ස්ස්....නියම ව්‍යායාමය...ශරීර සෞඛ්‍යට නියමයිනෙ අයියෙ...:D හික්ස්ස්.. හැබැයි අයියා අර ගෑණූ කට්ටියට බහින්න කියන්න කිව්ව එකනම් හරි නෑ හොදේ.... :p

sithuwam said...

හයිය හත්තිය එන්න හැමදාම උදේට ඔය ව්‍යායාමය කරන්න ලැබේවා

දිනුක ජයකොඩි said...

අපරාදෙ උඹලා තල්ලු කරන්ඩ ගියේ.ඕක අර බවලත් උදවියට කියලා කරවගන්න තිබ්බෙ.උං හැමදාම සමාජෙ සම තැන ඉල්ලනවනෙ.ඔය වගේ වෙලාවට ඒක දෙන්න ඕනෙ.

හිස් අහස said...

කොයිතරම් ආඩම්බරයක්ද මචං බස් එකක් තල්ලු කලා කියන එක . අද කාලේ කෙල්ලෝ ඔයිවගේ වීරක්‍රියා කරන කොල්ලන්ට ගොඩක් කැමතියි

මම කොච්චර බස් තල්ලු කලාද ?

ක්සැන්ඩර් | Xander said...

අෆ්ෆා.... ඔෆිස් එකට ගියාට පස්සේ හෙන සනීපයක් දැනෙන්න ඇති නේද?

මහි said...

අහා......!!!!! අයියා උදේ ම පිං අතේ වැඩක කරගෙන තියෙන්නේ..... :D

අර ඇඟිලි සලකුණු මැසිම ඊට පස්සේ වැඩ කරාද අයියේ??? :P

nawammawatha said...

බස් තල්ලුකරල හරි මොකෝ විනාඩි පහකට කලිං ඇඟිල්ල ගහගත්ත නෙව.

පිණිබිඳු... said...

හොඳ වැඩේ සරීර හොරුන්ට උදේ පාන්දර උනේ. හූ හූ..

Observer said...

බස් එකේ දුවිලි ටික ගෙනිහින් ඇඟිලි සලකුණු තියෙන ස්කෑනර් එකේ ගාල දැම්ම නේද?

ලහිරු said...

ෆට්ට ෆට්ට! දැන් ටික ටික ඉස්සරහට එන බඩ අඩුවෙන්න නියම වැඩක්...

නදීර සඳරුවන් ලියනගේ said...

ශේප් වෙලා යන්නෙ නැතුව උදව් කරපු එක ලොකු දෙයක්.

මධුරංග said...

@පැණි දොඩම් :
හොද වැඩක් නම් තමා. තනිකරම දූවිලි නෑවා.

@ගලයා :
කාලෙකින් තමා ඇඟ මහන්සි කරගන්න ලැබුනේ. නැත්නම් ඉතින් වාඩි වෙලාම නේ ඉන්නේ.

@prasanna86k :
අත් දෙක පිහිද ගත්තා. වතුර කොයින් දෑ.

මධුරංග said...

@malmi :
අනිවාර්යෙන්ම අක්කේ. සිංහලයෝ උනාම කෙනෙකුගේ කරදරේක දී උදවු වෙන්න ඕනා. :)

@Ice (අයේෂා කුලතුංග) :
එක පාරක් රිජෙක්ට් කලා. පස්සේ මාපට ඇඟිල්ල කයිසමේ උලලා මැසිමේ තියා ගත්තා.

@Deepika Priyadarshani :
අනේද කියන්නේ. අනිත් පාර කරන්න තියෙන්නේ බොලාලට තල්ලු කරන්න දීලා අපි වාඩි වෙලා ඉන්න එක. බලාගන්න පුලුවන් නේ.

මධුරංග said...

@Sabith :
ඒක නම් ඇත්ත.

@සයුරි :
එතකොට අපේ අක්කන්ඩිට මං ගැන දුක නැතිවාවත් දෑ.

@රූ.... :
එතකොට අපි දිව හලාගෙන එවුනුත් එක්ක තල්ලු කරන්න එපැයි. අනේ අනේ.

මධුරංග said...

@දිල් :
අල බැස්සා වගේ ? හික්ස් :)
මරු. දවසේ කතාව. අලයක් වගේ නේන්නම්.

@Il mondo di una povera pazza :
අඟ ඉදලා බලනකොට නම් මුල් තැන

@Weni :
ඒක හරි අයියේ. ජිම් එක, අපි ගාවට ඇවිත්.

මධුරංග said...

@ඔබ නොදු‍ටු ලොවක්..... :
කවදාවත් අමතක වෙන එකක් නෑ. මාර සීන් නේ වෙලා තියෙන්නේ.

@Dinesh :
හැමදාම කරන්න.....අම්බෝ !!!!

@වින්චැට් කිරිල්ලී. :
ඔයාටත් පුදුම දේවල් නේ නංගි මතක් වෙන්නේ.

මධුරංග said...

@Podi Kumarihami :
නෑ නෑ අපේ වැඩපොලට යන්නේ. :)

@ප්‍රාර්ථනා :
කොන්දා අයියා පොඩි එකෙක් නිසා මම් කියලා දැම්මා. ආයේ ඉතින් ගැහුවොත් ගහන්න බැරුව යෑ. හික්ස් :)

@cjgayan :
මට සාදු කියලත් කියනවා. මේම අයියලා මට වාසනාවක් :)

මධුරංග said...

@නිසුපා :
ගම්පහ පැත්තටද ? හෙට්ටියාවත්ත පැත්තටද ?
අක්කව දැකලා නෑනේ මං. දකින්නත් ආසයි.

@අසනි :
ඔහොම කියපු පලවෙනි යාලුවා.... ස්තුතියි :)

@රාජ් :
හික්ස් :) සරීර හොරු වෙලා ඉවරයි අයියා.

මධුරංග said...

@sAm (සෑම්):
එහෙනම් මම් ගිහින් කියවලා එන්නම්. ලින්ක් එක දුන්නා නම් තමා හොද. කාරි නෑ. මම් හොයාගන්නම්කෝ.

@හිතුවක්කාරි :
අක්කලා නංගිලා ඔක්කෝටම තියෙන එකම ප්‍රශ්නේ තමා ඕක. අනේ චූටි නංගියෝ !!! :)

@sithuwam :
අම්මෝ මෙන්න ප්‍රාර්ථනාවකුත් කරලා !!!

මධුරංග said...

@දිනුක ජයකොඩි :
අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම !!!
ඒ උනාට මේ වගේ වෙලාවට ගන්නේ නැති එකනේ අවුල.

@හිස් අහස :
ආහ්... මල්ලිත් බස් තල්ලු කරලා තියේද ? මරු නේ

@ක්සැන්ඩර් | Xander :
සනීපදත් කියලා අහනවා !!! අම්මෝ උන්න හැටියට මලා මදෑ.

මධුරංග said...

@මහි :
ඊට පස්සේ ඒ මැසිම ලේන්සුවෙන් පිහලා ආවා. ලේන්සුවෙන් පිහි දැම්මට පස්සේ මොක උනාද කියලා නම් දන්නේ නෑ.

@nawammawatha :
අම්මෝ මේ කමෙන්ට් එකට මට හිතුන දේවල් !!! ඒවා මෙහෙම කමෙන්ට් එකෙන් කියන්න බෑ. :)

@පිණිබිඳු...:
මේන් පිණියා මට හූ කියනවත් එක්ක.

මධුරංග said...

@Observer :
අපේ මාමට විතරයි කාරණාව තේරුම් ගියේ. මාමට නම් ඉතින් බස් ගැන කියන්න දෙයක් තියේ යෑ.

@ලහිරු :
බඩ නම් අඩු වෙන එකක් නෑ. දිගටම ඉස්සරහට ඒවි.

@නදීර සඳරුවන් ලියනගේ :
මොනා උනත් කරදරයක් වෙච්ච වෙලාවනේ මල්ලි. පොඩ්ඩක් උදවු උනා.

Hasitha said...

උදෙන්ම ව්‍යායාම කරන එක හරිම හොඳ වැඩක් :))

නිසුපා said...

මාව දැකලා නෑ කිව්වා.:O
මං යන්නෙ නම් හෙට්ටියාවත්ත පැත්තට මල්ලි.

මකුළු පැංචි said...

ඊයාආඅ....ඔයා ඇඟිලි සලකුනු මැසිම ඇල්ලුවෙ අර දූවිලි ගෑවුනු ජරා අත් දෙකෙන්ද..?? පරක්කු වෙලා ආපු උන්ට මොන මොන ලෙඩ හැහුනද දන් නෑ.. :P

අසරණයා said...

කවුරුවත් ඉන්නවද grls school එකක් ලග බස් එකක් තල්ලු කරපු කොල්ලෙක් .අයියෝඕ මතක් වෙද්දීත් ලැජ්ජයි

පන්සල් හංදිය said...

හැමදාම යන බස් එකක් එක දවසක් තල්ලු කලාම මොකෝ ....

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.