10 November 2011

ලංකාවේ චිත්‍රපටි

කාලයක් තිස්සේ හිතේ තිබ්බ ආසාවක් තමයි ගාමනි චිත්‍රපටිය බලන්න යන්න ඕනේ කියන එක.මීට කලින් අපේ මලයයි මායි ගිහින් කිං හන්තර්, චැලෙන්ජස් වගේ චිත්‍රපටි බලලා තිබුන නිසා මේ චිත්‍රපටියත් බලන්න ආස හිතුනා.

අද නිවාඩුවේ ගෙදර කට්ටියත් එක්ක චිත්‍රපටිය බැලුවා. පොරි පැකට් එකකුත් කකා තමා බැලුවේ.මොකද චිත්‍රපටියක් බලනකොට අනිවාර්යෙන්ම පොරි කන්න එපැයි !!! නැත්නම් චිත්‍රපටිය බැලුවේ නෑ වගේ නේ.

ඇත්තටම ගාමනි කියන්නේ ලස්සන චිත්‍රපටියක් !!!

මේ වගේ ලස්සන චිත්‍රපටි නිර්මාණය වෙනවනම් තව අවුරුදු කිහිපයක් යනකොට ලෝක සිනමාවත් එක්ක තරඟ කරන්න නැති උනත් ඒ ආසන්නට එන්න පුලුවන් අනාගතයක් ලංකාවේ සිනමාවට තියේවි.

මට මතකයි කාලෙකට උඩදි විකට චිත්‍රපටි හතු පිපෙන්නා වගේ බිහි උනා.කොටින්ම චිත්‍රපටියේ නිෂ්පාදකයා හිලෑ කරපු වඳුරෙක්, අලි පැටියෙක් කොහේදි හරි දැක්කොත් ඌව දාලා චිත්‍රපටියක් කරනවා. ඒක මෙලෝ රහක් නැති චිත්‍රපටියක් !!!

තව චිත්‍රපටි ජාතියක් තමා පටන් ගත්ත වෙලේ ඉදන් මෝඩ විහිලු තියෙන චිත්‍රපටි. එවුවා බලලා කිති කවා ගන්න ඕනේ හිනා යන්න. ඒ චිත්‍රපටි අතර හොද ඒවත් නැතුවම නෙමේ. නමුත් ගොඩක් එවුවා වල තිබ්බේ මෝඩ විහිලුයි දෙපැත්ත කැපෙන කතායි !!!

එවුවා ඉතින් පාඩුවට දුවන එක අහන්නත් දෙයක් යෑ

චිත්‍රපටි කිව්වම අපේ අම්මලා අප්පච්චිලා කියනවා ඒ කාලේ චිත්‍රපටි දැන් ඒවට වඩා හොදයි ලූ. ඒ කාලේ චිත්‍රපටි බලන්න පවුල් පිටින් එනවලු. අනිත් එක තමා රගපෑම් එහෙමත් නියමයි ලු.සිංදු ෆයිට් විහිලු එහෙමත් අඩු නැතිව තියෙනවලු. සිංදුවක් යනකොට කට්ටිය හෝල් එක ඇතුලේ ඉදන් කෑගහලා කියනවලු. ෆයිට් එකක් එහෙම යනකොට විසිල් හිටන් ගහනවලු.

මේ කියපු කතා වලින්ම හිතාගන්න පුලුවන් ඉස්සර කොච්චර හොද ප්‍රේක්ෂකයෝ පිරිසක් හිටියද කියලා.

මට නම් හිතෙන්නේ එකම රැල්ලකට යන චිත්‍රපටි නැතුව බඹර වළල්ල, විදූ, පුරහඳ කළුවර වගේ ලස්සන සිනමා නිර්මාණ බිහිවෙනවා නම් චිත්‍රපටි ප්‍රේක්ෂකයෝ ආයෙමත් සිනමා ශාලාවට අද්ද ගන්න බැරි වෙන එකක් නෑ. !!!

51 comments:

  1. විදූ නම් මට එච්චර ආස හිතුනේ නෑ.පුරහද කලුවර,බඹරවලල්ල,ගාමනී ෆිල්ම්ස් නම් මරු.

    ReplyDelete
  2. එල ලිපියක්, හැබැයි
    pen වල දාගෙන ගෙදර ගෙනල්ල film බැලුවමත්, ඒවා හදන මිනිස්සු බංකොලොත් වෙන්ව තමයි. ගාමිණී කියන්නේ තාම hall වල පෙන්නමින් ලාබ උපයන film එකක්.

    ReplyDelete
  3. ගාමිණී ච්ත්‍රපටිය බලන්න යන්න මටත් ලොකු උවමනාවක් තිබුණා.ඒත් යන්න වුනේ නෑ... හැබැයි බලපු හුගාක් දෙනෙක් කිව්වා ඒක හුගාක් ලස්සන චිත්‍රපටියක් කියලා, එක එක්කෙනා ඔය චිත්‍රපටි දිහා වුනත්, මොකක් ගැන වුනත් බලන්නෙ එක එක කෝණ වලින් නොවැ..

    හැබැයි අයියලගෙ අම්මලා තාත්තලා කියනවා වගේ අපේ අම්මලා කියන්නෙත් ඉස්සර චිත්‍රපටි දැනට සාපේක්ෂව හරිම ඉහළ තැනක තිබ්බා කියලා.

    ව්දූ, පුරහඳ කරුවල බැලුවා. හරිම ලස්සනයි ...

    ReplyDelete
  4. ගාමිනි ගැන දැකපු දෙවෙනි පොසිටිව් විචාරය බලන්න යනවද.................???? අමාරුයි දෙසැම්බර් මාසේ චිත්‍රපටි දෙකක් තියනව අනිව බලන්න ඕනි . මමත් අන්තිමට කලින් ලිපිය ලිව්වෙ බලපු සහ බලන්න ඉන්න චිත්‍රපටි ගැන

    ReplyDelete
  5. මම හිතන්නේ නෑ ආයෙත් ඒ කාලේ එවි කියල. මොකද වර්තමාන පරපුර ඉන්නේ ඇමරිකන් චිත්‍රපට විසින් ගිලගන. පසු පරපුර ඉන්නේ තාම 50 දශකේ සිනමාවල ගිලිලා. ඉතින් අද එන කෝචෝක් කොමඩි වල ගතියක් නෑ. ඊටත් අඩල්ට්ස් ඔන්ලි ලේබලෙන් එන ඇටෙන් පොත්තෙන් නැති පොඩි උන්ව රිංගවන සිනමා මාෆියාව.ඔය ඔක්කොටම හපන් සම්භාව්‍ය කියන ඝනයට එන සිනමා. එව්වා බලපු එකෙක්ට ආයේ මතක ඇති කාලයකට ෆිල්ම් හෝල් එකකට යන්න හිතන්නෙ නෑ.

    ReplyDelete
  6. ඇත්ත අයියේ අපිට දැං උනත් ජෝ මහත්තයාගේ ගාමිණි ෆොන්සේකාගේ විජය කුමාරතුංගයන්ගේ ෆිල්ම් එකක් එපා වෙන්නේ නැතුව බලන් ඉන්න පුලුවන්.. කිවුවත් වගේ ඒවයේ හැමදේම තියෙනවා.. ඒත් අද ඒ වගේ නිර්මාණ බිහි වෙන්නේ ගොඩක් අඩුවෙන්..

    ReplyDelete
  7. ඇත්තම කියනවනම් අපේ රසවින්දන මට්ටම් වෙනස් හින්දද කොහෙද මේ කියපු එක ෆිල්ම් එකක්වත් මට ලස්සන නෑ.ඒව බලපුවහම මට තියන කරදර මදිවට තවත් කරදර ඔළුවට දාගන්නව වගේ කියල තමයි හිතෙන්නෙ..මොකද ඔය සම්භාව්‍ය ගණයේ ඒවා හැදෙන්නෙම මොනව හරි ප්‍රශ්නයක් මාතෘකා කරගෙනනෙ..

    ReplyDelete
  8. ඒකනම් ඇත්ත මල්ලි.හැබැයි ඒ කාලෙ තරම් සෙනගක් නම් ගෙන්න ගන්න බැරි වේවි.ඇයි ඉතිං දැන් ෆිල්ම් එක අවුට් වෙලා ටික කාලෙකින් කොහෙන් හරි ඒක හොයා ගන්න පුලුවන්නෙ.අපි වුනත් ඒක අරන් ගිහින් බලනව මිසක් හෝල් එකකට යන්නෙ කලාතුරකින්නෙ.

    ReplyDelete
  9. පුරහඳ කළුවර, සහ බඹර වළල්ල, සහ මචන් ලඟදි දැකපු හොඳ චිත්‍ර පට තුනක්, මෙහෙදි වැඩිය සිංහල ඒව බලන්න ලැබෙන්නෙ නැහැනෙ

    ReplyDelete
  10. මාත් ලංකාවේ දැකපු හොදම ‍ෆිල්ම් එක ගාමණී ,,, එක මරේ මරු සමහර ඉංග්‍රිසි එවට වඩා ගොඩක් හොදයි...

    ReplyDelete
  11. සංකල්පනා - රුවන්November 10, 2011 at 3:26 PM

    http://www.youtube.com/watch?v=iOgMp0w8a2A

    මේකේ පළවෙනි විනාඩිය විතර බලල පොඩ්ඩක් සංසදනය කරන්න.

    අලුත් එකෙ එවුන් අර stage dramas වල background වලට තියන ගස් වගේ හෙලවෙන්නෙ..

    ඒත් මේ දෙක සංසංදනය කරල බලන්න මේකත් low budget production වුනාට ටිකක් සාර්ථකයි වගේ. (සිංහල එකත්)

    http://www.youtube.com/watch?v=Qn3_s8MKBmQ&feature=results_main&playnext=1&list=PLF357A9F0FB59D608

    http://www.youtube.com/watch?v=2d9JoUH6hV4&feature=results_video&playnext=1&list=PLE81D1C8590E419CC

    ReplyDelete
  12. දැන් මිනිස්සුන්ට කන්න හොයනවට වඩා වැඩි යමක් කරන්න වෙලාවක් නැහැ. චිත්තරපටියකට රු. 100ක් විතර වියදම් කරන එකේ ඒකට තව කීයක් හරි එකතු කරලා එක වේලක් කන්නේ කොහොමද කියලා හිතන්න වෙලා. ඉතින් මිනිස්සු චිත්තරපටි බලයිද?

    අනෙක් කාරණේ දැන් හොද ඒවා හැදෙනවා අඩුයි. එක කාලයක් තිබුණා සම්භාව්‍ය කියලා හැබැයි හොද චිත්තරපටිත් ආවා. මාත් ඒවා එකක් නෑරම බලලා තියෙනවා. ඒත් අර කොමඩි රැල්ලත් එක්ක ඒ ඔක්කොම එපා වෙනවා. මිනිස්සුන්ව හිනස්සන්න කියන කුනුහරප, ඒ විතරක්යෑ හිනස්සන්න කියලා මුළු ඇගම හොල්ලගෙන මොනවද විකාරයක් කරනවා. ඉතිං බලන්න හිතෙනවද,

    ඉස්සර ප්‍රෙඩී. දොන් සිරිසේන, ඩී. ආර් ගේ චිත්‍රපටි අදටත් හිනායනවා. මමත් ඔය සමහර වෙලාවට ටීවී එකෙන් බලනවා. ඇත්තටම ලස්සනයිනේ. ඒවායේ අර්ථයකුත් තියෙනවා. ඒත් ඉදිරිය හොද වෙයි කියලා හිතනවා. නැති උනත් අපි එහෙම හිතමු.

    ReplyDelete
  13. මධුරංග කීව් කතාවක් නම් මමත් කෙලින්ම අනුමත කරනවා

    //චිත්‍රපටියේ නිෂ්පාදකයා හිලෑ කරපු වඳුරෙක්, අලි පැටියෙක් කොහේදි හරි දැක්කොත් ඌව දාලා චිත්‍රපටියක් කරනවා.//

    ඔන්න ඔය වගේ චිත්‍රපටි නිසා මට නම් ටීවි එකේ පෙන්නුවත් සිංහල චිත්‍රපටියක් නම් බලන්න හිතුනේ නෑ .. අපේ පලාතේ ෆිල්ම් හෝල් එකෙන් මම අන්තිමට චිත්‍රපටියක් බැලුවේ දැන් අවුරුදු ගානකර කලින් . අන්තිමටම බැලුවේ හිරිපොද වැස්ස ..එදා මට මතකයි කවදාවත් පිරෙන්නේ නැති අපේ ෆිල්ම් හෝල් එක පිරෙන්න කට්ටිය ආවා

    මෙදා පාර ගාමනී පෙන්වන්න ගත්තාට පස්සෙත් අන්න ඒ විදිහටම කට්ටිය ෆිල්ම් හෝල් එක ලඟ පෝලිම් හැදිලා ඉන්න්වා මම ඊයේ දැක්කා

    ReplyDelete
  14. හ්ම්.ආසයි තමා හොද ෆිල්ම් එකක් ෆිල්ම් හොල් එකක ඉදන් බලන්න..ඒත්....
    කොහෙද බන් අපිට චාන්ස්..........

    ReplyDelete
  15. හැමෝම ගාමනී හොඳයි කියනවා. මටත් බලන්න ඕනේ...

    ReplyDelete
  16. බුද්ධිමය දේපල පනත යටතේ බරපතල වරදක්!

    ReplyDelete
  17. රසවිඳනය එක එක්කෙනාගේ විවිධාකාරයි..
    කොටින්ම කිව්වොත් මට නම් ඔය කිව්ව ලංකාවේ ජෝක් ලේබලේ ගහ ගත්තු එකක්වත් ජෝකෙ නෙවෙයි...
    මට ඊට වඩා හිනා යනවා කාටූන් බලනකොට,..
    ඒත් පුරහඳ කලුවර වගේ ඒවා නම් ගත යුත්තක් තියෙන ඒවා...
    ගාමණී...ගිහින් ම බලන්න ඕන...
    ඒත් චිත්‍රපට කලාව(ලංකාවේ) බලන්න මට හිතෙන්නේ නෑ නේ.....
    මට හිතෙනවා ඒ වෙලාවෙ....ප්‍රයෝජනවත් වැඩක් කළා නම් කියලා....

    ReplyDelete
  18. අවු:11 ක් දැනට..මම ලංකාවෙ හෝල් එකකින් ෆිල්ම් එකක් දැකල නැහැ....ඩිවීඩී නම් තියනවා...ආසයි ඔයාල කියන නිසා එහෙම ෆිල්ම් එකක් ගිහින් බලන්න....

    ReplyDelete
  19. කාලීන ලිපියක් මධූ අයියේ..එක එක්කෙනාගේ රසවින්දනය විවිධාකාරයි.. ඒත් දැන් චිත්‍රපටි හදන අය නම් කියන්නේ චිත්‍රපටි බලන්න මිනිස්සු කම්මැලි කියලා.. මං නම් ඒ කතාවට විරුද්ධයි.. මං නම් හිතන්නේ එයාලම හදන බාල ගනේ ප්‍රහසන චිත්‍රපටි වලින් ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය මොට කරලා කියලයි.. හොඳ ෆිල්ම් එකක් ආවම හැමෝම යනවා බලන්න... පහුගිය දවස්වල 'මහින්දාගමනය' බලන්නත් ලොකු සෙනගක් ආවා මං දන්න විදියට නම්.. :):)

    ReplyDelete
  20. ගාමිණි බලන්න මටත් ආසයි...තව ටික කලකින් නෙට් ඒකට අප් ලෝඩ් කරයිනේ කවුරු හරි...පුර හඳ කළුවර මම දැකපු විශිෂ්ටම චිත්‍රපටියක්....ජෝ ගේ රඟපෑම තමයි සුපිරි...

    ReplyDelete
  21. ඇත්තටම ඔය ගාමිණි ‍ෆිල්ම් එක මටත් හොයාගන්න ගොඩාක් ලේසියෙන් පුලුවන් කම තිබුනත් හෝල් එකෙන්ම බලනකොට වගේ ඒවගේ එකක ගතියක් නැ කියලා හිතුන නිසා නොබල උන්නේ.... ඇත්තටම හෝල් වලට මිනිස්සු ඇදේවි වෙනදා වගේම ඔය කලින් අවුට් වෙන හොර කොපි නැති උනානම්....

    කොහොම උනත් ‍ෆිල්ම් එක බලපු එක ගැන සතු‍ටුයි

    ReplyDelete
  22. හිතුමතේ නම් හිතුන ගමන් ‍ෆිල්ම් බලන්න යන හින්දා කොපි කරපුවා බලනවා අඩුයි... ඒත් එක දිගටම ලංකාවේ වෙන රටවල අමු කොපි සින්හලෙන් ‍ෆිල්ම් කරලා මගේ ‍ෆිල්ම් බලන්න හොල් වලට යන්න තිබුන ආසාවත් නැති කලා.... මේක බලන්න නම් යන්නම ඕනා

    ReplyDelete
  23. ගාමනී බැලුවා...හෝල් එකකට ගිහින් නම් නෙමෙයි හැබැයි...

    ඇත්තටම හොඳ නිර්මාණයක් කියලා කියන්න පුලුවන්....

    ඒ දවස්වල එව්වා හොඳයි කියන්න ලොකුම හේතුව තමයි..බටහිර හා වෙනත් චිත්‍රපට දකින්නට නොතිබීම... මේ කාලයේත් අපිට එව්වා බලන්න ලැබෙන්නේ නැත්නම් අපිත් හිතයි සිංහල චිත්‍රපටි තමයි හොඳ කියලා... අනික් හේතුව රූපවාහිනී නැතිකම..

    ReplyDelete
  24. ලංකාවට ගොඩබැහැපු ගමන් කොහෙන් හරි ගාමනී හොයන් බලන්න ඕනේ...
    අන්තිමට බලපු හොඳම සිනමා, විදූ සහ බඹර වලල්ල ....

    ReplyDelete
  25. පෝයදාට සිනමාහල් වහල නිසා හිතන්ට වෙන්නෙ කොපියක් බැලුව කියල තමා. හොරාවනෙ පෝශනය කරල තියෙන්නෙ

    ReplyDelete
  26. වර්තමානයේ සිංහල සිනමාවේ හැදෙන් චිත්‍රපට එක්ක සසදද්දී ගාමීණී ටිකක් උඩින ඉන්නව තමයි. ඒත් කතාවෙ ටික වෙලාවක් බලද්දි අප‍ට හිතාගන්න පුලුවන් ඉස්සර‍හට වෙන්නෙ මොකක්ද කියල.
    චිත්‍රපටයෙ ආරමභය ඉතා‍ හොදයි. එය නරඔන්නා අඩවනවා. ඒත් මුල් විනාඩි 10 හෝ 20 න් පසුව එය සාමාන්‍ය චිත්‍රපටයක් තත්වයට වැටෙනවා. අධ්‍යයක්ෂක වරයා‍ගේ අත්දැකීම් රහිත බව වෙන්න පුලුවන්.දිල්හානිගෙ ඉදල රගපාන අය කරන්නෙ අධිරංගනය. තිර රචනය කුතුහලයෙන් තොරයි. දෙබස් වල සමහර වෙලාවට කෘතම ගතියක් තේරෙනව.
    සටන් ජවනිකා සාර්ථකයි.විශේෂයෙන්ම අංගම්පොර සටන් ඇතුලත් නිසා. ඊට අමතරව තිර රචනය කුතුහලය දනවන ආකාරයට තිබුනනම් මීට වඩා වැඩි දෙයක් චිත්‍රපටය ගැන කියන්න තිබුනා.
    හැබැයි සියලු දෙනා නැරඹිය යුතු චිත්‍රපටයක්. ;)

    ReplyDelete
  27. මමත් බැලුවා මරැ ෆිල්ම් එක....
    කාලයක් තිස්සේ හිතේ තිබ්බ ආසාවක් කිව්වෙ අවුරැදු ගානක ඉඳල තිබ්බ එකක්ද??? :D
    මම බැලුවෙත් කොපියක් තමා....

    ReplyDelete
  28. ඇත්ත මචං දැං හොඳ චිත්‍රපට හැදෙන්නේ නෑ.හේතුව හොඳ රසිකත්වයක් තියෙන කට්ටිය නැති නිසා.ඔය කියන ජාතියේ මෝඩ ජෝක් තියෙන චිත්‍රපටි බලන්න කොච්චරනං කට්ටිය පෝළිමේ ඉන්නවද?අනික ඔය අපේ කළිං පරම්පරාවට දැං කාලෙ හැම දේටම වඩා එයාලගෙ කාලේ ඒවා හොඳයි.ඇත්තටම ඒ කාලේ චිත්‍රපටිනං සාපේක්ෂකව හොඳයි.ඒත් මාලනී ෆොන්සේකා ඒවායෙ ඉන්න විදිහට කෙල්ලෙක් පාරේ ගියොත් කම්මුලේ අත ගහගෙන අර කෙල්ලට බණින්නෙත් ඒ කට්ටියම තමයි.

    කලා රසිකත්වය කියන එක මම හිතන විදිහට උපතිං අරං එන දෙයක් නෙමෙයි.ඒක කාලයක් තිස්සේ අපි ලබන අත්දැකීම් එක්ක මතුවෙන දෙයක්.අපි හැදෙන්නෙ වැඩෙන්නෙ මෝඩ ජෝක් ආතල් ලෙස සළකන සමාජෙකනං අපේ රුචිකත්වයත් මෝඩ ජෝක්ම තමයි.

    චිත්‍රපටියක් බැලුවට පස්සෙ ප්‍රේක්ෂකයාට හිතන්න යමක් තිබිය යුතුයි කියලයි මමනං හිතන්නෙ.මොකද පැය දෙකක් විතර නාස්ති කරලා රුපියල් 200ක් විතර වියදං කරලා අන්තිමට ගෙදර එන්නෙ හිස් මනසකිං නං.ෆිල්ම් හෝල් එකෙං එළියට එනකොටම ඔක්කොම අමතකනං මොකටද ඒක බලලා????

    කලාව ආනන්දයෙන් ඇරඹිලා ප්‍රඥාවෙන් ඉවර වෙන්න ඕනෙ නේද???????

    ReplyDelete
  29. ඔය ෆිල්ම් එක ගාමිනීද? ගාමනීද? කතාව දුටු ගැමුනු කුමාරයා ගැනද? අනේ ඉතිං අපට කොහෙද ඔහොම ලස්සන ෆිල්ම්ස් පොරි කකා බලන්ට වාසනාවක්...:D

    ReplyDelete
  30. 'ගාමණි' මං බොහොම ආසවෙන් බලපු චිත්‍රපටියක්. සමහර තැන්වල ගොන් පාට් වැඩී වගේ දැනුණා තමයි. ඒත්, බොලිවුඩ්, හොලිවුඩ් කොපි කරලා හදන අමු බොළඳ චිත්‍රපටිවල ට වඩා මේක ගොඩක් ඉදිරියෙන් තියෙන චිත්‍රපටියක්. විශේෂයෙන් ම, නවකයෙක් අතින් මේ තරම් සාර්ථක නිර්මාණයක් බිහි වීම සැබවින් ම අගය කළ යුත්තක්..........

    ReplyDelete
  31. මාත් බැලුවා ගාමණි..කාලෙකින් බලපු හොදම ෆිල්ම් එකක් තමයි..

    ReplyDelete
  32. මට නම් ඔය මෝඩ විහිළු කථා වල හිනා යන්නේ විහිළුවට නෙවෙයි, ඒ විහිළුව කරන්න නළු නිළියො ටික ගන්න මහන්සිය දැක්කම,. ඇත්තටම හොඳ චිත්‍රපටි නිර්මාණය වෙනවා ගොඩාක්ම අඩුයි අයියේ අපේ රටේ නම්,..

    ReplyDelete
  33. @නදී :
    විදුත් ලස්සනයි අක්කා. නමුත් ඒ කතාව ටිකක් සම්භාව්‍ය නිසාද මන්දා මට එච්චරම තේරුනේ නෑ.

    @ඉසුරු :
    ඒක හරි. ෆිල්ම් එක එලියට දාපු දවසේ ඉදලා තියෙන්නේ ඔය ප්‍රශ්නෙමනේ.

    @හිතුවක්කාරි :
    ඉස්සර ඒ මිනිස්සුන්ගේ රසාස්වාදය උසස් මට්ටමක තිබුන නිසා වෙන්ටෑ ඊ වගේ නිර්මාන කරන්න හිතලා තියෙන්නේ.

    ReplyDelete
  34. මාත් බැලුවා... අර අතරින් පතර තියෙන ජෝක්ස් ටිකත් ෆට්ට.

    ReplyDelete
  35. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! :
    කොහෙද ඔය පොසිටිවු විචාරය තියෙන්නේ ? මාව දැනුවත් කරහන්කෝ අයියා

    @ක්සැන්ඩර් | Xander :
    අයියා කියන කතාව ගොඩක්ම හරි. දැන් ඒ වගේ රසාස්වාදයක් නෑ නේ. මොට කරලා දාලා

    @Dinesh :
    එහෙම නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවෙනවා දකින්නත් ආසයි.

    ReplyDelete
  36. @රූ.... :
    රූ මහත්තයත් එක්ක ගිහින් බලන්න අක්කා. එතකොට ඔවුවා හරි යයි.

    @නිසුපා :
    ඔය කතාවත් හරි. එහෙම උනාමත් හෝල් වලට එන කට්ටිය අඩු වෙනවා.

    @Observer :
    දවසක ඔය රටටත් ඒවි. එදාට බලන්න බැරුව යෑ.

    ReplyDelete
  37. @රහස් පරික්ෂකයා :
    ඒකනේ මල්ලි. සියරට දේ සිරි සැපදේ කියලා කියන්නේ. :)

    @සංකල්පනා - රුවන් :
    මම් ඔය වීඩියෝ දෙකම බලන්නම්. ස්තුතියි ලින්ක් වලට.

    @malmi :
    අක්කා කියන කතාවත් හරි. වේලක් කන්නේ කෝමද කියලා හිතෙන තරම් ජීවන වියදම් වැඩි එකේ මෙහෙම සල්ලි වියදම් කරන්න ඒවියෑ.

    ReplyDelete
  38. @හිස් අහස :
    මල්ලිලාට ඉතින් ගාමනි බලන්න ඕනේ නෑනේ. ඒ වගේ දුකක් විඳපු මිනිස්සු නේ.අම්මෝ යුද්දේ ඉවර වෙච්චම එක හොදා. නැත්නම් මල්ලිලාගේ පැත්තේ මිනිස්සු දුක් විඳිනවා. එවුවා බලන් ඉන්න අමාරුයි.

    @Ruka :
    මොකෑ අයියලාට නිවාඩු නැද්ද අප්පා. එහෙම ලැබුන වෙලාවක ගිහින් බලන්න.

    @මන්තරකාරි :
    යන්න යන්න. මන්තර බලෙන් අල්ලගත්ත පුරුෂ පරාණයත් එක්ක යන්න. හික් හික් හික් :)

    ReplyDelete
  39. @විසිතුරු | visituru :
    මොනා කලාටද ඔය ???

    @ගලයා :
    මල්ලි හරි මල්ලි. එක එක්කෙනාගේ රසඥතාව වෙනස්. එක එක්කෙනා ආස වෙන වෙනස් දේවල් වලට

    @වින්චැට් කිරිල්ලී. :
    ලංකාවට ආපු වෙලාවක බලාගන්න පුලුවන් ඔයැයිට :)

    ReplyDelete
  40. @Ice (අයේෂා කුලතුංග) :
    හෑ... මේක කාලීන ලිපියක් ද ? මම් එහෙනම් ඒ වගේ එවුවත් ලියනවා. ඒක හරි නංගි ඒ කතාව නම් පිලිගන්න අමාරුයි. හොද නිර්මාණයක් නම් අනිවාර්යෙන්ම ප්‍රේක්ෂකයෝ එනවා.

    @සයුරි :
    ගාමිණි නෙමෙයි අක්කා ගාමනි. ගම රකින්නා !!!
    හ්ම්... කවුරු හරි අප්ලෝඩ් කරයි ඒක.

    @දේවා ගේ අඩවිය :
    ඒක හරි මල්ලි. ඔය හොර කොපි අවුට් වෙන්නේ නැත්නම් මිනිස්සු ගොඩක් ඒවි චිත්‍රපටි බලන්න. මොනා කරන්නද ඒවා අවුට් වෙනවානේ.

    ReplyDelete
  41. @හිතුමතේ :
    අනිවාර්යෙන්ම යන්න මල්ලි. ගිහින් බලන්න. හිතුමතේ යන්න.:)

    @හරී :
    ඒකත් හරි. ඒ කාලේ එච්චරටම ටීවී තිබ්බෙත් නෑනේ.ඒකත් හේතු වෙන්න ඇති චිත්‍රපටි ජනප්‍රිය වෙන්න.

    @නදුන් උයන :
    අනිවාර්යෙන්ම ගිහින් බලන්න. බලන්නම වටින චිත්‍රපටියක් !!!

    ReplyDelete
  42. @kavikaari :
    මටත් ඒක යාලුවෙක් ගෙනත් දුන්නේ. බලපිය කියලා !!!!

    @Pavithra :
    මම නම් ඔය කියන තරම් විග්‍රහ කරන්න දන්නේ නෑ. ඒ උනාට ඒ වගේ පොඩි දේවල් ටිකකුත් මාත් දැක්කා. ඒත් නොකියා හිටියා.

    @ප්‍රසංග :
    නෑ නෑ. චැලෙන්ජස් බලන්න ගිය දවස්වල ඉදන්ම ගාමනි ෆිල්ම් එකේ කමින් කෑලි පෙන්නුවා !!! ඒකයි

    ReplyDelete
  43. @දිනුක ජයකොඩි :
    ඒක හරි. ආඳෙන් පටන් ගත්තට ඉවර වෙන්නේ වෙන පැත්තකින් වෙච්ච එක තමා අවුල. එහෙම නිර්මාණයක් එලියට එන්නේ ගොඩක්ම කලාතුරකින්.

    @Podi Kumarihami :
    කතාවේ නම 'ගාමනි' ගම රකින්නා.
    දුටු ගැමුනු රජතුමා ගැන කතාවක් නෙමේ. ඒක යුද්දේ ගැන කතාවක්

    @මහි :
    ඒක හරි සමහර විහිලු නම් ටිකක් එච්චර හොද නෑ. ඒ උනාට සමස්ථයක් වශයෙන් ෆිල්ම් එක හොදයි.

    ReplyDelete
  44. @ChammA :
    ඒකනේ. පට්ට ෆිල්ම් එක !!!

    @ප්‍රාර්ථනා :
    නංගිත් මේ ෆිල්ම් එක බලන්න යන්න. ලස්සන කතාවක් !!!

    @පැණි දොඩම් :
    ෆිල්ම් එක නම් පට්ට ඈ.

    ReplyDelete
  45. උඹ වැදගත් ඒවත් බලනවා එහෙනම්...! මමත් බැළුවා හැබැයි ගෙදර ඉඳන්...! හොර කොපිය අහුවුනා මායි මල්ලියි බැළුවා.

    ReplyDelete
  46. පොඩිමැන් කියල ඩයල් එකක් දාල තිබුනා , ලින්ක් එක නම් දැනට හොයා ගන්න නැතුවා

    ReplyDelete
  47. මේ ‍ෆිල්ම් එකට දුන්න ප්‍රචාරය මදි.. නැත්තම් තව සෙනග අද්දන්න තිබුනා.. මොනවා වුනත් දින පනහ පැන්නුව එකත් ලොකු දෙයක්.. 100%ක්ම නිර්මාණාත්මක කම් නෑ.. ඒත් අනිවා නැරඹිය යුතු චිත්‍රපටියක්..
    පහු කාලෙකදි නොබලපු එකෙක්ට පෙන්නන්න කියලා හරි හොර කොපියකුත් ඇරන් තියාගත්න ඕන තරමට වටිනවා... ඕන් මං කිව්වා..

    ReplyDelete
  48. අප්පට සිරි ඒක "ගාමනී" ද? අනේ මම ඕකේ ඇඩ් එකක්වත් දැකලා නෑ නොවැ...

    @ගෝල්ඩ් පිස් : අනේ ඒ හොර කොපියට ලින්ක් එකක් තියද ගෝල්ඩ් පිස්?

    ReplyDelete
  49. එල එල. ගාමිණී බැලුව එක මරු.. පට්ට පිචර් එක...

    ReplyDelete
  50. ලංකාවේ සිනමාව දැන් හොඳ පැත්තකට යන බව පේනවා. ඒ වගේම තව හොඳ ෆිල්ම් ඉස්සරහට එන්නත් තියෙනවා. කුස පබා සහ මාතා වගේ ඒවා හොඳ මට්ටමේ තියෙනවා කියලා පේනවා :)

    ReplyDelete
  51. අමුතු තේමාවක් තියෙන ‍ෆිල්ම් එකක් හැදුවොත් ඒක තහනම් කරනවානේ,

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.