06 November 2011

නියම උදව්ව

කාට උනත් කරදර කාලයක් දුක් විඳින කාලයක් තියෙනවා. එහෙම කාල වලදි ගොඩක් අය කරන්නේ අහක බලාගෙන ඉන්න එක. ඒ වගේ උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ.කෙනෙක්ගේ සතුටක ඉදලා දුකකදී අහක බලාගෙන ඉන්න උන් ගැන නම් කතා කරන එක අපරාදයක්.

නමුත් තවත් සමහර අය උදවු කරන්න එනවා.එහෙම උදවු කරන අයගෙන් එක කොට්ඨාසයක් ඇත්තටම උදවු කරන්න එන අය. එහෙම අය නම් වාසනාවක්.

ඒත් තවත් සමහර අය උදවුවක් කරන්න එන්නේ උදවුවක් බලාගෙන.අර කතාවටත් කියන්නේ 'මීයක් කඩන්නේ අත ලෙව කන්න ද' කියලා.අන්න එහෙම උන්ගෙනුත් පරිස්සම් වෙන්න ඕනේ.

කරදරයක වැටිලා ඉන්න එකා උදවුවක් කරන්න එන කෙනා ගැන 100%ක්ම විස්වාස කරන නිසා අනිවාර්යෙන්ම උදව් ගන්නවා.ඊට පස්සේ කරදර කාලේ ඉවර උනාට පස්සේ උදවු කරපු එකා හදන්නේ මූගෙන් තමන්ට කරගන්න පුලුවන් වැඩ කරගන්න.

මේ කතාවම තමයි බඹර වලල්ල චිත්‍රපටියෙත් කියන්නේ.


නමුත් අපේ අම්මා දවසක් මට කියනවා බයිබලයේ තියෙනවාලූ අපි උදවුවක් කරන්න ඕනේ අපට ප්‍රති උදවුවක් කරන්න බැරි කෙනෙක්ට ලූ. එතකොටලු ඒ උදව්ව නියම උදවුවක් වෙන්නේ.

බයිබලයේ තියෙන කතාවත් ඇත්ත තමා. උදවුවක් කරලා උදවුවක් බලාපොරොත්තු වෙන්න හොද නෑ. එතකොට ඒක නියම උදවුවක් වෙන්නේ නෑ.

43 comments:

  1. ඇත්ත අයියේ. උදව්වක් කරලා කවදාවත් ආයේ උදව්වක් බලාපොරොත්තු වෙන්න නම් හොඳ නෑ,. ඒත් ගොඩාක් අය උදව්වක් දෙන්නේ ප්‍රථිඋපකාරයක් බලාගෙන,. එහෙම වෙලා බැරි වෙලාවත් ආයෙ උදව්වක් දෙන්න බැරි වුනොත් තිබුන යාළුකම් හැමදේම ඉවරයි එක මොහොතෙන්,..

    ReplyDelete
  2. මම නම් ඇට් දී මෝමන්ට් කට්ටියට උදව් කරලා හොදට අනාගෙන ඉන්නේ :/

    ReplyDelete
  3. දැන් කාලෙ මිනිස්සු "නිකන්" ඈනුමක් වත් අරින්නෙ නෑ මල්ලි.ඒකතමා ඇත්ත.

    ReplyDelete
  4. 100% ක්ම ඇත්ත...ප්‍රති උපකාර කරන්න බැරි කෙනෙක්ට කරන උදව් තමයි නියම උදව්...

    ReplyDelete
  5. බඹර වළල්ල.. අන්න නියම ෆිල්ම් එක... කාලෙකට පස්සෙ ආපු ෆට්ට ෆිල්ම් එකක්... ආපහු සැරයක් බලන්න හිතෙනවා.

    ReplyDelete
  6. ඇත්ත තමා අය්යේ අපි උදව්වක් කරනකොට ඒකේ ප්‍රති උපකාරයක් බලාපොරොත්තු වෙන එක හොද නෑ... සමහර අට ඉන්නවා මම මේක කරලා තියනවා මට මේක කරලා දෙන්න කියන අය.. ඒක ඇත්තටම වැරදි ගොඩක් මම හිතන විදිහටනම්

    ReplyDelete
  7. මම හිතන විදියට මධූ කතෝලික ධර්මය ගැන හොඳින් දන්න කෙනෙක්...මමත් බයිබලය කියවලා තියෙනවා..ඒකෙ එක තැනක සඳහන් වෙනවා " වපුරන්නාගෙ උපමාව " එතන කියන්නෙ තමන් කරන හොඳ දේ තමන්ට...නරක දෙයක් කලොත් නරක දේ තමන්ට කියලයි...

    කෙනෙක්ට කරන උදව්වක් කියන්නෙ හොඳ දෙයක්...ඒ හොඳ දේ හොඳ හිතින් කරන්න ඕනෙ ප්‍රති උදව් බලාපොරොත්තු නොවීමයි..ඒක තමා සැබෑ උදව්ව වෙන්නෙ....

    හොඳ අදහසක් මධූ...

    ReplyDelete
    Replies
    1. වපුරන්නාගෙ උපමාවෙන් තමන් හොඳ දෙයක් කලොත් තමන්ට හොඳවත් නරක දෙයක් කලොත් නරකවත් කියලා නෙවෙයි කියන්නේ.. වපුරන්නාගෙ උපමාවෙන් කියන්නේ දේව වචනය තේරුම් මිනිස්සුගෙ හිත් වල පැල වෙන ක්‍රම 4ක් ගැනයි.. බොරු කියන්න එපා බයිබලය කියවලා තියනවා කියලා..

      Delete
  8. ඇත්ත තමයි.මමනං කියන්නෙ මිනිහෙක්ට උදව්වක් කරන්න ඕනෙ ආයෙ ඒ මිනිහගෙං හිනාවක්වත් බලාපොරොත්තු නොවී.ඒ මොනවා කිව්වත් අපි අපේ ඔක්කොම වැඩ පැත්තක දාලා කාට හරි උදව්වක් කරලා, පස්සෙ කාලෙක අපිත කෙළ උනාම ගිහිං ඒ මනුස්සයගෙං උදව්වක් ඉල්ලුවාම එක පාරට මට බෑ කිව්වාමනං එපා වෙනවා.මේ ලඟදි මට එහෙම එකක් උනා.අර මම මුළිං කියපු තත්වෙට එන්න මම තවම ට්‍රයි කරනවා.බලමු.

    ReplyDelete
  9. ඉස්සර නම් හැමෝටම උදව් උපකාර කරගෙන ඉන්න මිනිස්සුන්ට කියන්නෙ දෙවිවරු වගේ අය කියල....දැන් එහෙම අයට කියන්නෙ පල් මෝඩයො කියලා...!!

    ReplyDelete
  10. ඇත්තටම අමිමා කියලා දුන්නු කතාව නමි 1000%ක් වටිනවා. ඒ දේ තමයි අද මෙි ලොකේ අඩුවෙන්ම කරන්නේ මිනිස්සු......!!!!

    ReplyDelete
  11. ChammA කියපු කතාව සහතිකම ඇත්ත. මටත් හැම වෙලාවෙම වෙන්නෙ ඔය ටික තමයි. ඒත් එහෙම කියලා නිකන් අහක බලන් ඉන්නත් බැහැ. මොකද්ද මොකද්ද වගෙයිනේ....

    ReplyDelete
  12. දැන් කාලේ හුගාක් අය උදව්වක් දෙන්නේත් හිතලා හිතලා...එ දෙන උදව්ව දෙන්නෙත් දාහක් දෙවල් හිතලා..මේක සල්ලිවලට ගිය කාලයක්..මනුස්සකම් වලට අඩු ආයුෂ..

    ReplyDelete
  13. උදව් කරන්න එන උන්ගෙන් පරිස්සම් වෙන්න වෙනවා දැන් කාලේ නම් මොකද දැන් කාලේ මිනිස්සු විශ්වාස නෑ.

    ReplyDelete
  14. හුඟක් අය උදව් කරන්නෙ තමන්ට ඒ මනුස්සයගෙන් උදව්වක් තියනවා නං විතරයි. තමන්ට කිසිම උදව්වක් නැත්නම් උදව් කරනවා බොහොම අඩුයි .........

    ReplyDelete
  15. මොලේ පෑදිලා වගේ...

    ReplyDelete
  16. අද කාලේ කෙනෙක් උදව් කරන්නේ තවත් උදව්වක් බලාපොරොත්තුවෙන්.. කලාතුරකින් එහෙම නොවෙන්නත් පුළුවන්... ඒත් අයියා එහෙම හිතන අය අද කාලේ හරි අඩුයි

    ReplyDelete
  17. ඇත්ත කතාව අයියේ... ඔහොම මිනිස්සුත් ඉන්නවා...
    මට බඹර වළල්ල බලන්න බැරි වුණා.. හොයන් බලන්න ඔන..

    ReplyDelete
  18. අනේ මන්ද බන් එකිනෙකාට උදව් කරගෙන ඉන්න කියල තමයි අපේ ආච්චි අපි රණ්ඩු වෙනකොට නම් කියන්නෙ

    ReplyDelete
  19. ඈත්ත ඈත්ත ! ! දෑන් කාලේ උදව්වත් ගණුදෙනුවක් වෙලානේ
    උදව්වක් කරන්න ඕනේ ඒ පුද්ගලයාට ඒක උදව්වක් කියලා නොදෑනෙන්න....
    ( හරියට ඒක තමන් කල යුතු රාජකාරියක් විදිහට )
    අනේ මන්දා.. මම යමක් කාවෙනුවෙන් හරි කලොත් ඒක උදව්වක් කියලා කියන්නවත් හිතන්නේ නෑ..

    ReplyDelete
  20. මීයක් කඩන්නෙ අත ලෙව කන්නද? හික් හික්

    ReplyDelete
  21. මගෙ උදව් නම් 50% ‍ෆියුචර් ඉන්වෙස්ට්මන්ට්ස්.

    ReplyDelete
  22. සහතික ඇත්ත මධු ඔයා කියන්නේ... ඒත් ලොකේ ගොඩාක් දෙනෙක් තෙරුම් නොගන්නෙත් ඕකම තමා

    ReplyDelete
  23. කතාව ඇත්ත අයියේ.. උදවුවක් කියන්නේ හදවතින්ම කරන්න ඕන දෙයක්.. අපි ඒකෙන් කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්න නරකයි.. ඒත් අද ගොඩක් වෙලාවට වෙන්නේ ඕකේ අනිත් පැත්ත.. ඉතින් උදවු ගන්න මනුස්සය අපස්සේ කාලෙක අසරණ වෙනවා..

    ReplyDelete
  24. කොච්චර උදව් කලත් අනිත් පැත්තට මුකුත් බලාපොරොත්තු නොවී ඉන්න එක තමයි හොඳ. ඒත් අපි පෘටහ්ජන මිනිස්සු නිසා ඒක අමාරුයි. අපේ යටි හිත හරි ගොඩක් වෙලාවට ඒ උදව්වට අනිත් පැත්තට දෙයක් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  25. උදව් කරන එක නම් හොඳා තමා ඒත් සමහර අයව සමහර දේවල් විශ්වාස කරල උදව් කරන්න ගියොත් අපිටමයි කෙලවෙන්නෙ....

    ReplyDelete
  26. තව සමහරු ඉන්නවනේ එක එක දේවල් හිතේ තියාගෙන උදව් කරලා පස්සේ කාලෙක පොඩ්ඩ් වැරදුනු ගමන් අර පරණ ඒවා සේරම ඇදලා අරන් අමතන අයත්... ඒ අයගෙන් නම් උදව් ගනිද්දි පරෙස්සමෙන්!

    ReplyDelete
  27. හ්ම්ම්ම්ම්ම්ම්... ඇත්ත.. ඇත්ත.. හිතුවක්කාරිනම් හොදට අනාගෙන ඉන්නෙ ඔය වගේ වැඩ නිසා..:( :(

    - තම්න් හිසට තම අතමය සෙවණැල්ල -

    ReplyDelete
  28. මං මේ කල්පනා කරේ මං කාටවත් උදව් කරලා තියෙනවාද කියලා...

    ReplyDelete
  29. මොකෝ බන් කාට හරි උදව්වක් කරන්න ගිහින් හිත රිදෝගෙන වගේ.

    ReplyDelete
  30. @ප්‍රාර්ථනා :
    ඒක හරි. බැරි වෙලාවකවත් ආයෙම උදව්ව කරන්න බැරු උනොත් එදාට ඉදලා හමාරයි.

    @ChammA :
    ආයේ එහෙම උදවු කරන්න එපා එහෙනම්. ඒත් ඉතින් උදව්වක් ඉල්ල්ලපුවම අහල කබල් ඉන්න තමා බැරි.

    @නදී :
    ඒක හරි අක්කේ. ගෙදරට එන හාමුදුරුවන්ගෙන් උනත් වැඩ ගන්න නේ බලන්නේ.

    ReplyDelete
  31. @සයුරි :
    ඒකනේ අක්කේ.

    @පැණි දොඩම් :
    මාත් දෙපාරක් විතර බැලුවා. ආයෙම බලන්න ආස හිතෙන ෆිල්ම් එකක්.

    @දේවා ගේ අඩවිය :
    ඒක හරි මල්ලි ඒක වැරදි දෙයක් තමයි. එහෙම උදව්වක් කලාම ආයේ ම උදව්වක් බලාපොරොත්තු වෙන එක හරි නෑ.

    ReplyDelete
  32. @දිල් :
    අක්කා බයිබලේ කියවලා තියෙනවා උනාට මම් බයිබලේ කියවලා නෑ එහෙමට. ඉදලා හිටලා පොඩි කොටසක් දෙකක් කියවනවා.

    @දිනුක ජයකොඩි :
    උත්සහ කරන්න මලේ. බැරි වෙන එකක් නෑ. උත්සහවන්තයා ජය ගනී කියලා කතාවක් තියෙනවා.

    @වින්චැට් කිරිල්ලී. :
    කාලේ වෙනස් වෙලානේ දැන්. මොක කරන්නද ඉතින්. :(

    ReplyDelete
  33. @Anonymous :
    ගොඩක් වෙලාවට අඩුවෙන්ම කරන දේවල් තමා කරන්නම ඕන.

    @malmi :
    ඊට පස්සේ උදවු කරලා ඇන ගන්නවා. එහෙම නේද ? මටත් ඕකම තමා.

    @නිම්ශා :
    මනුස්සකම් එන්න එන්නම නැති වෙලා නොමිනිස්කම් මතුවෙන කාලයක් මේක.

    ReplyDelete
  34. @ක්සැන්ඩර් | Xander :
    ඒක හරි. මිනිස්සු කියන්නේ විස්වාස කරන්නම බැරි කට්ටියක්.

    @හිස් අහස :
    ස්තුතියි මලේ. :)

    @පන්සල් හංදිය :
    උදව්වක් තිබ්බොත් තමා අනෙක් අතට උදවු කරන්න එන්නේ. නැත්නම් නෑ.

    ReplyDelete
  35. @Prasanna :
    ඇයි කලින් එහෙම නෙමේ වගේ ද හිටියේ ?

    @අකීකරු හිත :
    එහෙම අය අඩු එක ගැන තමා නංගි දුක.

    @රහස් පරික්ෂකයා :
    මා ලන්නග විඩියෝ එක නම් තියෙනවා. දෙන්න පුලුවන් විදිහක් තියෙනවා නම් කියන්ඩෝ.

    ReplyDelete
  36. @පැන්ඩා :
    එහෙනම් අපේ ආච්චි අම්මා වගේමයි පැන්ඩලෑ ආච්චි අම්මා.

    @Kiri :
    ගනු දෙනුවක් නේන්නම්. මිනිස්සු දැන් හමදේම කරන්නේ ලාබ බලාගෙන.

    @``` Outsider``` :
    මොකක් හරි මතක් වෙලා වගේ හික් හික් ගාන්නේ.

    ReplyDelete
  37. @nawammawatha :
    ඒක ඉතින් මම් අනිවාර්යෙන්ම දන්නවා. :)

    @හිතුමතේ :
    අපිට මිනිස්සුන්ව හදන්න බෑ. අපි හැදෙන එක විතරයි කරන්න පුලුවන් වෙන්නේ.

    @Dinesh :
    ඒකට තම මල්ලි කියන්නේ කඹුරනවා කියලා. උදවු ගත්ත එකාට පස්සේ කාලෙක අරූට කඹුරන්න වෙනවා.

    ReplyDelete
  38. @Kasun :
    ඒක හරි බං. අපි ඉතින් පෘතග්ජන මිනිස්සු නේ. කොච්චර හොදක් කිව්වත් කරන්නෙම එපා කියන දේමයි නේ.

    @ප්‍රසංග :
    කොහෙත් වෙන්නේ ඕකයි. උදවු කරන්න ගිය එකාටමයි කෙල වෙන්නේ

    @ලහිරු :
    මාත් එහෙම එවුන්ව දැකල තියෙනවා. ගොඩක් වෙලාවට ඔහොම පරණ ඒවා ඇඳගෙන දගලන්නේ වලියක් එහෙම යන්න ගියාම.

    ReplyDelete
  39. @හිතුවක්කාරි :
    ආයේ එහෙම ඒවා කරන්න යන්නෙපා. ඒ උනාට උදවුවක් ඉල්ලුවාම නොකර ඉන්න බැරි එකනේ අවුල.

    @මන්තරකාරි :
    අද ඉතින් ඉවරයි. මන්තරයක් මතුරලා හරි හොයා ගනීවි.

    @පිණිබිඳු... :
    හිත රිදුනේ නෑ කියලා කියන්නත් අමාරුයි ඈ.

    ReplyDelete
  40. සිරාවටම,
    අපි කාටවත් උදව්වක් කරලා ප්‍රති උදව් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ...එතකොට අවසානයේ හිත් රිදීමක් විතරයි ඉතිරි වෙන්නේ....

    ReplyDelete
  41. මේක මම ඊයේ පෙරේදා දවසක මුහුණු පොතේ දාපු එකක්

    "අනුන්ට උදව් කරන විට එය හෘදයාංගමව හැකි උපරිමෙන් කරන්න. එයින් සතුටක් ඔබට තිබේවි. අනුන්ට උදව් කරන විට පෙරළා කිසිදු උදව්වක් බලාපොරොත්තු නොවෙමින් හැකි උපරිමෙන් කරන්න. එයින් විශාල සතුටක් ඔබට තිබේවි. මන්ද යත් අනාගතයේදී හෝ උදව්වක් බලාපොරොත්තු වෙමින් කිසිවෙකුට උදව්වක් තමන් කරන්නේ නම් එය උපකාරයකටත් වඩා "ගනුදෙනුවක්" යැයි කීම උචිතය. දෙපාර්ශවයෙන්ම දෙපාර්ශවයට කටයුතු සිදුවන්නේ ගනුදෙනු තුළය. ගනුදෙනුවලදී දෙපාර්ශවයම සෑහීමකට පත්කිරීම තරමක් අපහසු කරුණකි...............

    කිසිවිටෙකත් අනුන් තවකෙක්ට උදව් කරන ආකාරය ගැන සිතමින් ඒ අයුරින් තමන් අනුන්ට උදව් කරමියි සිතා තම කටයුතු හැඩ ගස්වා ගන්නට වෑයම් නොකරන්න. නාගයාගේ ගතිගුණ කුමක් වුවත් තාපසතුමා තමන්ගේ ගුණය වෙනස් නොකරමින් නාගයාට උපකාර කළ අයුරු සිහියට නගාගන්න......... "

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.