05 November 2011

ලම්ප්‍රයිස්

දවසක් හවස් වරුවක මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මම් හිතුවා වගේම ඒ මම් ආදරේ කරපු ගෑනු ළමයාගෙන්. ඒ වෙලාවේ එයා කෑම ගේන්න ටවුමට ගිහින් එනගමන් ලු හිටියේ. මම් ඇහුවා මොනාද කන්න ගත්තේ කියලා. මෙන්න එකපාරටම කියපි 'ලම්ප්‍රයිස්' ගත්තා කියලා.

"මොනවද ලම්ප්‍රයිස් කියලා කියන්නේ ?" මම් දන්නේ නැති කමට ඇහුවා.

"අයියෝ සුදු ඔයා ලම්ප්‍රයිස් කාලා නැද්ද ? ලම්ප්‍රයිස් කියලා කියන්නේ කෙහෙල් කොලේක ඔතපු බත් වලට. කෙහෙල් කොලේට ඉංග්‍රිසියෙන් කියන්නේ ලම්ප් කියලා."

(මෙතන 'සුදූ' කියලා කියලා ආමන්ත්‍රනය කරන්නේ මට)

"ආ.. සමහර දවස්වලට මාත් ගෙදර බත්, කෙහෙල් කොලේ ඔතන් කනවා." මම් පරණ මතකයක් අවදි කලා.

"එහෙම නෙමෙයි සුදූ !!! මේ බත් රසා..යි. මසුයි මාලුයි බිත්තරයි තියෙනවා. ඔයා මේ සෙනසුරාදා මාව හම්බ වෙන්න ආවම අපි දෙන්නා ලම්ප්‍රයිස් කමු."

ගෑනු ළමයගේ පැහැදිලි කිරීමට මගේ කටට කෙලත් ඉනුවා.

"හරි.. එහෙනම් මම් ගානේ අයිස්ක්‍රීම් කමු."

සෙනසුරාදා දවසේ....

එදා අපි දෙන්නා හම්බවෙලා ටිකක් වෙලා කතා කර කර ඉදලා දවල්ට කන්න කියලා කඩේකට ගියා. ඊට පස්සේ එයා කියපු විදිහට ලම්ප්‍රයිස් එකක් ගෙනාවා. අපි දෙන්නා කොනක තිබ්බ මේසයක් ලඟට ගීහින් බත් එක දිගඇරියා. අර කිව්වත් වගේ මසුයි මාලුයි බිත්තරයි ඔක්කොම තියෙනවා. අපි දෙන්නා කන්න පටන් ගත්තා.

"සුදූ !!!"

"ඇයි රත්තරනේ !!! " මම් බත් කටක් කන ගමන් උත්තර දුන්නා.

"මේ බත් එක කන්නේ අපි දෙන්නා විතරයි නේ ?"

"ඔවු. ඇයි ඔයා එහෙම ඇහුවේ ??"

"නෑ... ඔයා කන වේගෙට මම් හිතුවේ මේ බත් එක කන්න තව හය දෙනෙක්වත් ඉන්නවා ඇති කියලා."

අර කිව්වත් වගේ කෑම එකේ රහ වැඩිකමට මගේ කන ඉපීඩ් එකත් වැඩි වෙලා තිබුනේ. ඊට පස්සේ මම් කෑම එක කන වේගේ බාල කරගත්තා. එදා ඒ කෑම එකේ මාරම රහක් තිබ්බේ. වෙනදා කන බත් වයේ යෑ ආදරෙත් එක්ක අනලා කනකොට !!! ආදරෙත් එක්ක කනකොට වහ ටිකක් උනත් එක හුස්මට කාලා දාන්න පුලුවන්.

මට මතක හැටියට එද බත් කාලා අයිස් ක්‍රීම් කෑවේ නැද්ද කොහෙද. :)

"මේ කෑම එකට කීයක් උනාද ?" මම් කාලා ඉවර වෙලා අත හෝදන ගමන් ඇහුවා.

"දෙසීය තිහයි !!"

"අම්බෝ !!! එච්චර ගනන් ද"

"ඔය ඉතින්.... ඔහොම හූල්ලන්න එපා සුදූ. ඔයා හින්දනේ මම් ඒ ගාන වියදම් කලේ. ඉතින් ඒක පාඩුවක් යෑ. අනික අපි දෙන්නා හැමදාම මෙහෙම කනවා යෑ."

එහෙම කියලා එයා ඇස් පුංචි කරලා හිනා උනා. ඇයි කියලා දන්නේ නෑ ඒ හිනාව තාමත් මගේ හිතේ ඇඳිලා තියෙනවා.

අද....

එදා මතයක හිතේ තියාගෙන අදත් මම් ලම්ප්‍රයිස් එකක් ගත්තා. ඒත්.. එදා බත් එකේ තිබ්බ රහ පොඩ්ඩක්වත් මට දැනුනේ නෑ. කන්නත් එච්චරම පිරියක් නෑ.

ඔය බඩගින්නේ ඉන්න ගෑල්ලමයෙක් ඉන්නවනම් මාත් එක්ක මේ බත් එක කන්න ආවට කමක් නෑ.
(ගෑනු ළමයි එකා මත එකා පොරකයි.)

අම්බෝ බලාගෙන ගියාම ගෑල්ලමයි ඔක්කෝම බඩගින්නේ නේ ඉදලා තියෙන්නේ !!!

හා හා කාරි නෑ කාරි නෑ. තම තමන් වෙනදා කන විදිහටම ගෙදරින් කන්න.

මම් මේක තනියම කා ගන්නම් !!!

(අන්තර්ජාලේ පීරලා ලම්ප්‍රයිස් එකක පින්තූරයක් හොයා ගත්තා. මේ තියෙන්නේ ඒක )

40 comments:

  1. අපෝයි...මේ ළමයා කරන වැඩ...මටත් කන්න හිතුනා...දැන් ඉතින් කෙහෙල් කොළ කොහෙන් හොයන්නද...

    ReplyDelete
  2. හික්ස්.... අම්මාත් හැමදාම උදේට කෙසෙල් කොළේ ඔතලා දෙන්නේ මේවා තමයි එහෙනම් නම නොකිව්වට! ආදරේ+කෑම කතාව නම් ඇත්ත තමයි!

    ReplyDelete
  3. මාත් ආසම කෑමක් ලම්ප්‍රයිස්. මං කීප වතාවක්ම හදලා බැලුවා..ඒකත් එක්කම එන ලම්ප් කරි එකකුත් තියෙනවනේ..

    ReplyDelete
  4. ඔයා නොකියා කිව්වේ ඔයත් එක්ක ලම්ප්‍රයිස් කන්න ගෑල්ලමයෙන්ට ඉඩ තියෙනවා කියලා නේද? අනේ ඉතිං ඔච්චරම හදිස්සිනම් පත්තරේ මංගල දැන්වීම් තීරේ තියෙන්නේ...

    ReplyDelete
  5. දැන් නෙළුම් කොලේ ඔතල දෙන බත් එකට ඉංගිරිස් වලින් කියන්නෙ මොකක්ද කියලත් කියලා දියන් කොල්ලෝ..

    (කෙලි පැටික්කි උඹව දාලා ගියේ බොලාගෙ තියෙන බඩජහරි කමට කියලයි ආරංචි..)

    ReplyDelete
  6. හදල බලන්න රස ලංසිකෑමක්

    http://tormel.brinkster.net/lamprais.htm

    http://www.infolanka.com/recipes/mess1/144.html

    ReplyDelete
  7. එතකොට කෙහෙල් කොලේ ගියපු දුර කිව්වලු නේද? හ්ම්ම්.. ඔව් ඔව් .. ආදරෙයි කෑමයි හරි හරියට යනවා. කෙනෙක් ආදරෙන් කෑමක් හදල දුන්නාම ඒක කන්නේ ආසාවට වඩා ඒ ආදරේට පෙරේතකමට.

    ReplyDelete
  8. කාලයක් ආදරෙන් ඉඳලා, ලම්ප්‍රයිස් කාලා, අයිස්-ක්‍රීමුත් කාලා.

    ඒ එදා. මේ අද.

    එදා ඉඳන් අද වෙනකොට මොන තරම් වෙනසක්ද?

    ReplyDelete
  9. අපිත් හරි ආසයි කෙහෙල් කොලේ බත් කන්න , අපි ගාල්ලේ ඉන්නකොට නම් පොඩ්ඩන්ට ඉස්කොලෙටත් කෙහෙල් කොළේ බත් යනවා , ඒ සුවඳට තවමත් හරි ආසයි , දැන් ඉතින් අපිට කෙහෙල් කොළේ කන්න කාළයක් බලන් ඉන්න වෙනවා වගේ ..

    ReplyDelete
  10. පිස්සු හැදෙනවා, කොහොමද අන්තිම ටිකේ කොල්ලගේ ටෝක් එක!
    ................................................

    "ගෑනු ළමයි එකා මත එකා පොරකයි."

    මිනිස්සුන්ගේ හිත් වල හීන තියනවා බං. හීන තමයි මිනිස්සු ජීවත් කරවන්නේ. ඒත් මෙච්චර ලොකු හීන.....? :P

    "නෑ... ඔයා කන වේගෙට මම් හිතුවේ මේ බත් එක කන්න තව හය දෙනෙක්වත් ඉන්නවා ඇති කියලා."

    හපෝ වැඩේ විනාස කරල නේද? ශික් නොන්ඩි හතයි.:D

    ReplyDelete
  11. අහෝ දුකකි ඉරකි තිතකි. ලම්ප්‍රයිස් එකක් නිසා සයිබරයේ කෙල්ලෝ බාගෙට බාගයක් පොරකාගෙන මධුරංග අයියා පස්සෙන් එලෝනෝ..

    ReplyDelete
  12. තනියම කන්න එපා බඩේ අමාරුව හැදෙයි...කෙල ආවා කටට මේක දැකලා....මට මතක විදියම මේකත් එක්ක රස මෝජුවකුත් දෙනවා....

    ReplyDelete
  13. ආදර බත් කාලා වගේ!

    ReplyDelete
  14. මධුරංගට මේ ටිකේ පින්න වැදිලා නිසා වරහන් ඇතුලේ තියෙන එව්වා ගැන වැඩිය හිතන්න යන්ට එපා...

    මටනම් අපේ අම්මා හිටපු ගමන් බැඳලා දෙන, සීනි සම්බෝලයි පරිප්පුයි තියෙන බත් එක තරම් ඔය ලම්ප්‍රයිස් නම් රස නෑ.... මාත් දෙපාරක් විතර කෑවනේ...

    ReplyDelete
  15. //කෙහෙල් කොලේට ඉංග්‍රිසියෙන් කියන්නේ ලම්ප් කියලා."\\ අම්මපා අද තමයි මම ඒක දැනගත්තේ

    ReplyDelete
  16. හෆ්ෆෝයි...!!! අයියා පුදුමයි ඒ කෙල්ලට කන එක එපා නොවුනා..ඇයි ඉතින් අයියා නිකන් හත් අවුරුද්දකින් කෑවෙ නෑ වගේ කන්න ගත්තහම ඒ කෙල්ලට බඩ පපුව දාල යන්න ඇති ඔයාගෙ බඩ ගින්දර දැකලා...:) ඒකයි එහෙම අහන්නත් ඇත්තෙ. හික්ස්ස්ස්ස්....

    කෙහෙල් කොලේ බත් වලට මමත් කැමතියි...දැන් කියෙව්වහම එහෙම කන්න හිතුනා.:D

    ReplyDelete
  17. ඔන්න බලපන්කො.. කෙල්ල එක්ක හිටියත් පෙරේතකම ගිහින් නෑනේ.. කාලෙකින් මේ පැත්තේ ආවේ(මේ පැත්තේ විතරක් නෙමේ.. බ්ලොග් පැත්තේ) ඇවිල්ල බලපු මුල්ම පොස්ට් එක කෑමක් ගන්නේ.. දැන් බඩගින්නක් ආව.. එරර්....

    ReplyDelete
  18. අපේ අප්පෝ... ඇයි අප්පා ෆොටෝ එකකුත් දැම්මේ? :D

    ReplyDelete
  19. මං දැකලා තියෙන ලම්ප්‍රයිස් නම් සුදු නෑ.
    අර ගෑල්-ළමයා රත්තරන් පාටද?

    ReplyDelete
  20. ෂුවර් එකට උඹ අයිස් ක්‍රීම් අරන් දෙන්න නැතුව ඇති... ඒක තමයි අද තනියම කන්න වෙලා තියෙන්නෙ...

    උඹ අහල තියෙනවද අර බදින්න හරි කෙල්ලෙක් එක්ක යාලුවෙන්න බලන් ඉන්න එක හරි කෝච්චියකට බස් එකකට නගිනව වගේ එකක් කියන කතාව...

    ReplyDelete
  21. මේවා දාන්න එපා අයියේ.. අපිට කොහෙන්ද කෙහෙල් කොල...

    "හරි.. එහෙනම් මම් ගානේ අයිස්ක්‍රීම් කමු."

    අයියත් වැඩියම කට්ට නෑ නේද... ඒත් අන්තිමට ඒක අරගෙනත් නෑ...

    ReplyDelete
  22. අපි කන්නෙත් ලම්ප්‍රයිස් තමා හරිය..අම්ම හදන එවා....

    ReplyDelete
  23. එක කොමෙන්ට් එකක් වත් කියවන්නෙ නැතුව කොමෙන්ට් කොරන්නං කියල හිතුව, අපි නොදන්න ලාම්පු බත්.
    මධුරංග, අම්ම උයල, කෙහෙල් කොලේ ඔතල දෙන, බත් එකට ගහන්න හෝ ලං වෙන්න පුළුවන් බත් එකක් දුන්නෙ මගෙ ගෑනි විතරයි.

    ඊළඟ කොමෙන්ට් එක දෙන්නං කොමෙන්ට් ටික කියෝල

    ReplyDelete
  24. ඕන්න නමක් දන්නේ නැති උනාට නිතරම නම් ඕවා අපිට කැවෙනවා.... මේකනම් හරියන එකක් නෙමේ මට අය්යලාගේ ගෙදර නම්බර් එක දෙන්නකෝ මම අම්මට කථා කරලා කියන්නම් අය්යාව ඉක්මනට බන්දලා දෙන්න කියලා.... එතකොට හරිනේ..

    ReplyDelete
  25. කපීකේකීNovember 6, 2011 at 6:23 PM

    http://www.lankaweb.com/classified/proposals.html

    try this its free.:D

    ReplyDelete
  26. මදුරංග මල්ලී... දුකෙන් කෑවත් අංක එකේ කෑමක් තමා... මල්ලි දැන් කොලඹ වැඩට එන එකේ ලම්ප්‍රයිස් කනවනම් ඔත්තුවක් දෙන්නම්... කොලඹ නියම ලම්ප්‍රයිස් තියෙන්නෙ පැගෝඩා එකේ... ( ග්‍රීන් කැබින් ).. කාල බලන්න.. ඒක තමා නියම ලම්ප්‍රයිස් රෙසිපිය....බත් එක මස් බ්‍රොත් එකෙන් උයල, චිකන්, අලුකෙහෙල් විශේෂ ක්‍රමයකට උයල, ආදී සියලු අංග සහිතව...

    .....

    මල්ලි කෙහෙල් කොලේට ලම්ප් කියන විත්තියක්නම් මම දන්නෙ නෑ... ඔය වචනය එන්නෙ ලන්දේසි " බත් ගුලිය" කියන තේරුම ඇති වචනයකින්.. ඕක ඉංගීසියෙන් ලියන්නෙ Lump Rice කියල නෙමෙයි " Lampreis " ... කියලයි..

    ReplyDelete
  27. අනේ ඩයට් කරන්න පටන් ගත්ත විතරයි මෙන්න මෙයත් කෑම ගැන කතාව.කෙහෙල් කොලේ බත් එක ගැන නම් මතක් කරන්න එපා කටට කෙල උනනනවා.

    ReplyDelete
  28. හපෝ දැන් බ්ලොග් ලියන එක පැත්තක දාලා ලම්ප්ප්‍රයිස් කන්ට කෙල්ලෝ පොර කයිද දන්නේ නෑ.....
    ඔය මස් මාලු එක්ක නගරේ ල.ප්‍ර. කනවා වගේද...
    කිරිම කිරි පාට කැකුලු හාල් බතකට
    දෙහි යහමට දාපු කොළ මැල්ලුමක් එක්ක
    වැව් මාලු මිරිසට උයලා
    වැටකොලු කිරි රසට උයලා
    ...බ්ලා බ්ලා
    ..බ්ලා බ්ලා....
    එක්ක බත් එකක් කනකොට......
    කෙල ගෝනියයි කටේ........

    ReplyDelete
  29. හපොයි, මෙහෙමත් මිනිස්සු පිස්සු වට්ටනවද මම අහන්නේ,. දැන් ඉතින් ලම්ප්‍රයිස් එකක් කන්න දොළදුකක් ආවත් මේ වෙලාවෙ කොහෙන් ගෙන්නද?
    ඔන්න මට නම් ටිකක් දුක හිතුනා හොඳේ උඩ ටික බලලා.

    ReplyDelete
  30. "නෑ... ඔයා කන වේගෙට මම් හිතුවේ මේ බත් එක කන්න තව හය දෙනෙක්වත් ඉන්නවා ඇති කියලා."

    වෙලාවට කෙලි පොඩ්ඩිට මොලේ පෑදිලා අයින් වෙලා තියෙන්නේ. නැත්නම් ඒ කාපු වේගෙට කෙල්ලකේ සුලගිල්ලක් හොයන්න වෙන්නෙත් සී අයි ඩී එකෙන් දාලා.

    ReplyDelete
  31. මටනම් ලම්ප්රයිස් එපා වුනා දවසක් කාලා.මට මෙලෝ රහක් දැනුනෙ නෑ නෙ.අනේ මන්දා ඇයි කියලා. :(

    ReplyDelete
  32. කොල්ලෝ ලංකාදීපෙ නම් උන්න ලම්ප් රයිස් කන්න ආස ගෑල්ලමයි වගයක් හොයල බලපන්. හෙහ් හෙහ්

    ලම්ප් රයිස් රහයි ඒත් තනිකඩය කාලෙ අම්ම උණු උණුවෙ බැඳල දුන්න කෙහෙල් කොලේ බත් එකෙන් එන සුවඳ නම් නෑ.

    ReplyDelete
  33. ලගදීම "ලම්ප්‍රයිස් රසවේවා" කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  34. @Red Riding Hood :
    එහෙනම් ඉතින් 230ක් වියදම් කරන්නයි තියෙන්නේ. එතකොට කන්න පුලුවන් :)

    @සයුරි :
    ආහ් එහේ කෙහෙල් කොළ නෑනේ.

    @ලහිරු :
    ඔය කියන්නේ තම තමන්ගේ ඇත්දැකිම් වලින්ම.....

    ReplyDelete
  35. @මැණික් - සුදු මැණිකේ :
    ලම්ප් කරියකුත් තියෙනවද ? මම නම් කාලා නෑනේ.

    @Anonymous :
    පිස්සුද අක්කේ. මේවා නිකන් විහිලුවට කියන කතා නේ. ඕවා ගනන් ගන්න එපා.

    @නාකියා:
    මම් එහෙනම් හොයලා කියන්නම්. අඩේ ඒ කියන්නේ මම් ඒ තරමටම බඩජහරියි කියන එක ද ?

    ReplyDelete
  36. @කවිකාරි:
    එහෙනම් අම්මට කියලා හදවාගෙනම බලන්නම්.

    @ක්සැන්ඩර් | Xander :
    ඒකනේ අයියා. මොනදේ උනත් ආදරෙන් දීපුවාම රහයි.

    @Podi Kumarihami :
    ඔවු ගොඩක් වෙනස් වෙලා !!!

    ReplyDelete
  37. @මහේෂ් නිශාන්ත :
    ඒක හරි. ඒ බත් වල අමුතු සුවඳක් තියෙනවා. ඒ වගේම මාරම රහයි.

    @Kasun :
    නෑ බං රහ වැඩි කමට කෑම ඉක්මන් උනා. ඒකයි ඔය.

    @චතුවා :
    ඒකනේ. මම් බොහොම අමාරුවෙන් බේරිලා ඉන්නේ.

    ReplyDelete
  38. අලුත් වචනයක් ඉගෙන ගත්තා, මේ ඒක නෙමේ කාටද සුදු කිව්වෙ? උඹටද මලේ? වහාම ගෑනු ලමයගේ ඇස් දෙක බලවපං .....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.