01 November 2011

මලවුන්ගේ මාසය

මේ නොවැම්බර් මාසයයි. ඒ කියන්නේ කතෝලික අය මලවුන් සිහි කරන මාසයයි. ඉතින් මට හිතුනා මේ මාසයේ වැදගත්කම ගැන පොඩි දේවල් ටිකක් කියන්න.

මේ මාසේ පළවෙනිදාට ගොඩක් කතෝලික අය කිරිබත් දාන දෙනවා. තම තමන්ට පුලු පුලුවන් හැටියට කිරිබත් ටිකක් හදාගෙන ඒවා පල්ලියට ගෙනල්ලා යාච්ඥා කරලා ඊට පස්සේ දුප්පත් අයටයි එන එන හැමෝටමයි බෙදලා දෙනවා. ඉස්සර අපි ඉස්කෝලේ යන දවස්වල නම් මෙදාට කිරිබත් දාන වරදින්නේ නෑ. මොකද අපේ ඉස්කෝලේ තියෙන්නේ පල්ලියේ අල්ලපු වැටේ !!

මට මතකයි අපේ ලොකු අම්මත් එයාගේ නැතිවෙච්ච දරුවෙක් සිහි කරලා කිරිබත් දානයක් දෙනවා. එයා කිරිබතුයි කෙහෙල්ගෙඩියි හකුරුයි එතනින් ගියහම තල කැරළියි ලෑස්ති කරලා පොඩි කට්ටිය එකතු කරලා දානේ දෙනවා.දානෙට වාඩිවෙන හැම ළමයෙක්ටම කිරි වීදුරුවකුත් හදා දෙනවා.

නොවැම්බර් මාසේ දෙවෙනිදා තුන්වෙනිදා වගේ දවසක උදේ කැරකොප්පුවේ (කනත්තේ) පූජාවක් තියනවා. ඒ පූජාව තියන දවසට කලින් තම තමන්ගේ නෑදෑයෝ මිහිදන් කරලා තියෙන තැන සුද්ද කරලා මිනිවලවල් කොත ගහලා හදන්න ඕනා. පූජාවෙන් පස්සේ මිනිවලවල් වලට ආශිර්වාද පැන් ඉහිනවා.

මීට අමතරව කතෝලික අයගේ දිනපතා යාච්ඥා වලට මලවුන් වෙනුවෙන් කියන යාච්ඥාවක් එකතු වෙනවා.

මේ මාසේ සෙනසුරාදා ඉරිදා වගේ දවස් වලට දාන මානත් දෙන්න අමතක කරන්නේ නෑ. අපි ඉන්න හරියේ ගොඩක් කතෝලික අය ඉන්න නිසා එකම දවසට දාන ගෙවල් දෙක තුනක් තියෙනවා. අම්මෝ ඒවයේ මස් ද මාලු ද ආයේ ඉතින් කියලා වැඩක් නෑ. අපිත් අපේ සීයෑ දානේ දෙන්නේ මේ මාසෙමයි. අපේ සීයා නැති උනෙත් මේ මාසේ.

ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.අපේ අම්මලා ආච්චි අම්මලා නිතරම වගේ කියන දෙයක් තමා මලවුන්ගේ මාසෙට මිනිවලවල් හේදෙන්න වහිනවා ය කියලා. එහෙම වෙන්නේ මලවුන් නැගිටින්න කියලත් කියනවා.ඒවා නම් ඉතින් වැස්ස නිසා කියන දේවල් වෙන්ටෑ.

මේ මාසේ කතෝලික අය නම් වෙඩින් ගන්නේ නෑ. ඒ උනාට අපේ අම්මා නම් කියන්නේ ඉපදෙන්න මැරෙන්න හොද නම් ආයේ බැන්දම මක්ක වෙනවද කියලා.

අම්මෝ අපේ අම්මා ඒක කිව්වම මගේ හිතෙට දැනෙන සන්තෝසේ !!!
:)

41 comments:

  1. මේ මාසේ කතෝලික අය නම් වෙඩින් ගන්නේ නෑ. ඒ උනාට අපේ අම්මා නම් කියන්නේ ඉපදෙන්න මැරෙන්න හොද නම් ආයේ බැන්දම මක්ක වෙනවද කියලා.
    අම්මෝ අපේ අම්මා ඒක කිව්වම මගේ හිතෙට දැනෙන සන්තෝසේ !!! :)

    හි හි..... අයියගේ ප්ලෑන් එකත් නොවැම්බර් මාසේ වෙඩින් එක ගන්නද??

    ReplyDelete
  2. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ස්තුතියි මල්ලි

    ReplyDelete
  3. මධුරංග සහෝත් කතෝලිකද ?

    දාන දෙන එක නම් කොහොමටත් හොඳයි , උඹලගේ අම්ම කිව්ව වගේ මැරෙන්න හොඳ නම් බැන්දම මොකෝ නේ ?

    ReplyDelete
  4. මම නම් මේ ගැන දැනගෙන හිටියෙ නෑ..වැදගත් ලිපියක්..
    ඒත් මලේ අන්තිමට වාක්‍යද මන්දා පෝසටුවේ වැදගත්ම දේ...

    රස්සාවකුත් තියන එකේ හදිසියේ පරස්තාවක් බලන්නද යන්නේ...?

    ReplyDelete
  5. ඈහ්... මල්ලි මේ මාසෙම වෙඩිම ගන්නද යන්නෙ...??? :O අපිටත් කේක් කෑල්ලක් එවන්න.

    මේ වහින්නෙ ඒ හින්දද එතකොට..හපොයි...උදේට වහින්නෙ නැතුව ඕනෙ එකක්...

    ReplyDelete
  6. //අම්මෝ අපේ අම්මා ඒක කිව්වම මගේ හිතෙට දැනෙන සන්තෝසේ !!! :)//
    ඒ කියන්නේ.......
    හරි හරි බලමු බලමු!

    ReplyDelete
  7. මගෙ හොඳම යාළුවා වෙන්නප්පුවේ...ඉස්සර එහෙ ගිහින් මළවුන්ගේ දානය කියලා එක එක ගෙවල්වලින් බත් එවනවා....අම්මෝ නැති දෙයක් නෑ...රස සුවඳ...හවසට කනත්තටත් ගියා මතකයි...හැමෝම තමන්ගෙ මිය ගිය ඥාතීන්ගෙ සොහොන් කොත් උඩ ඉටිපන්දම් සහ මල් තියලා යාඤා කරනවා....

    ReplyDelete
  8. අපෙත් එක්කත් ඉන්නවා කතෝලික යාලුවෝ. අපිත් ඉල්ලගන්න ඕන කිරිබත් දාන. වෙලාවට තමයි දැනගත්තේ. කොහොමත් උන් ඕවගේ දේවල් කියන්නේ නෑ, මොකෝ අපෙත් ඉන්නෙ ආයේ කන්න බැරි අයියලානේ............

    ReplyDelete
  9. ඔය කිරිබත් දෙන එක වෙන සීන් එකක්... මළවුන්ගෙ මාසෙ ගැන මම ලිව්ව ලිපිය හටෙ උදේට පෙනෙයි.... ඒක බැලුවනම් හරි

    ReplyDelete
  10. ඒ කියන්නෙ මදුරංග අයියා "ආයෙ" බදිනවද ?? :D

    ReplyDelete
  11. මේ චාරිත්‍රය හින්ද වෙන්න ඇති බොහොමයක් යුරෝපීය රටවල සුසන භුමි හරියට උද්‍යාන වගේ ලස්සන කරලා තියෙන්නේ. මන් හිතනවා බවුද්ද අපිටත් හොඳ පාඩමක් මෙතන තියෙනවා කියල.. ඒ මොකද අපි වලදාළ ඉවර වෙලා සදහටම එතන අමතක කරනවනේ. සුසාන භුමි වලට යන එකෙන් මරණය අපිටත් පොදුයි කියන දේ හිතට වදිනවා. නැත්නම් අපි නොමියෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න හදනවා. මොන හේතුවකටද මන්දා සුසාන භුමි වල ඇවිදින්න මම කැමතියි.. ඒවගේ නිදන මිනිස්සු ජීවතුන් අතර ඉන්නකොට මොන මොන විදිහට ඉන්න ඇතිද කියල මට හිතෙනවා.

    ReplyDelete
  12. මධු අයියා දන්න දේවල්..මම නම් ඔය දේවල් දැනං හිටියේ නෑ..ඒත් අපේ රටේ හැම සංස්කෘතියකටම අයිති දේවල් අපි ටික ටික හරි දැන ගෙන ඉන්න ඕනිනේ...
    පේන හැටියට මදුරංගයගේ වෙඩින් එකත් මේ මාසෙටම වැටිලා වගේ ...හි හී සුබ මංගලම්....

    ReplyDelete
  13. නොවැම්බර් මාසේ මලගිය අය වෙනුවෙන් කනත්තට යන එක බුද්ධාගමේ අයත් දැන් කරනවා. හරියට අර ජපානේ 'මලවුන්ගේ අවුරුදුදා' වගේ. කතෝලික අයගේ දාන දීම ගැන ඇහුවාමයි. ඔන්න අලුතින් යමක් දැනගත්තා. ස්තූතියි මධූට.

    හපොයි. දැන් ඉතින් නොවැම්බර්වල බඳින්ටද ලෑස්තිය? යාන්තම් රස්සාවට ගියා විතරයිනේ???...:D

    ReplyDelete
  14. Ai oya thama bolanda. deiyo kawadawathma malaunta masa mauwe naha. anika marunu minissu ekko apaye, ekko swarge

    ReplyDelete
  15. මට හිතාගන්න පුළුවන් කොල්​ලගේ සන්තෝසේ...

    උඹ දන්නෙ නැති වුනාට බොහොම වැදගත් පුද්ගලයෝ ඉපදිලත් තියෙනවා මේ මාසේ... නිකමට හොයල බලපංකෝ...

    ReplyDelete
  16. අම්මෝ අපේ අම්මා ඒක කිව්වම මගේ හිතෙට දැනෙන සන්තෝසේ !!! :)
    රස්සාවට ගොහින් තවම මාසේ පඩිය අතට ගත්තෙත් නෑ මයේ හිතේ. ඒකට මොකද නොවැ. මාසේ කසාදෙත් ලෑස්තිද මන්දා. මොනවා උනත් මේ කරුණු ටික නම් අදයි දැනගත්තේ. අම්මා කතෝලික නේද?

    ReplyDelete
  17. මරණය සහ කසාදය...මේ මාසෙම ගත්තට කමක් නැහැ.....මොකද දෙකම එක සමාන නිසා...හික්ස්ස්ස්ස්......

    ReplyDelete
  18. //අම්මෝ අපේ අම්මා ඒක කිව්වම මගේ හිතෙට දැනෙන සන්තෝසේ !!! :)//

    මොකද රස්සාවට ගියා විතරයි පරස්තාවකුත් ලැහැස්ති කරගත්තද... :D

    ReplyDelete
  19. කපීකේකීNovember 1, 2011 at 1:58 PM

    අම්මෝ අපේ අම්මා ඒක කිව්වම මගේ හිතෙට දැනෙන සන්තෝසේ !!! :)

    මට මේක ටේලුනේ ලෑ.

    ReplyDelete
  20. "අම්මෝ අපේ අම්මා ඒක කිව්වම මගේ හිතෙට දැනෙන සන්තෝසේ !!! :)"

    ඒ මොකද බන් ඒ?

    ReplyDelete
  21. "අම්මෝ අපේ අම්මා ඒක කිව්වම මගේ හිතෙට දැනෙන සන්තෝසේ !!! :)

    ඒ මොකද ඒ එ‍හෙම සන්තෝසයක් දැනෙන්නෙ.

    ReplyDelete
  22. මමයි අද පළවෙනිය..යන්තම් බ්ලොග් එකකට පළමු කමෙන්ට් එක දාල අලේ කර..:))))
    මළවුන්ගේ මාසේ ගැන අහල තිබුනට වෙන්නේ මොකද්ද කියල දන්නේ දැන් නේ..අයිය ලගදි බඳින්නවත් ද? ;)

    ReplyDelete
  23. වසිලිස්සාNovember 1, 2011 at 2:48 PM

    මන් පොඩි යමක් එකතු කරන්නම් හොඳේ
    නොවැම්බර් පළවෙනිදා කතෝලික භක්තිකයන් සියලු සාන්තුවරයන් ගේ දිනය සමරනවා.දෙවෙනිදා තමයි මළවුන්ගේ දිනය.ඊට ඉස්සෙල්ල සතියේ සොහොන සුද්ද කරනවා සියලු පල්ලියේ සාමාජිකයන් විසින්.දෙවෙනිදාට සොහොනේදී තමා මළවුන් වෙනුවෙන් මෙහෙය පවත් වන්නේ.මුළු මාසයටම මළවුන්ගේ මාසය කියල කියනවා.සුබ කටයුතු සාමාන්යෙන් සිදු කරන්නේ නෑ.ස්තුත්යි ඔබ දන්නා දෙයක් අනෙක් අය සමග බෙදා ගන්නවට.

    ReplyDelete
  24. අම්මේ තියන තදියම... බැඳගත්තට පස්සේ ඔව්ව කියන්නේ නෑ.

    ReplyDelete
  25. මධු නොවැම්බර් පලවැනිදා සියළු සාන්තුවරයින්ගේ දවස. දෙවෙනිදා තමයි මළවුන්ගේ දවස. එදාට තමයි ඔය සොහොන සුද්ධ කරන්නේ.
    නියම විදියට නම් දානයක් ලබන්න සුදුසු අයටයි දානේ දෙන්නේ. ඒත් අද වෙනකොට අපිට එහෙම දාන දෙන්න ඉඩ ලැබෙනවා අඩුයි නේද?
    මගේත් අද පෝස්ට් එක මේකමයි.

    ReplyDelete
  26. මොකෝ කොල්ල බඳින්නවත්ද ලෑස්තිය?

    ReplyDelete
  27. ඒ කියන්නෙ කොල්ල මේ මාසෙ බඳිනවා නේද......

    ReplyDelete
  28. යකෝ මෙයැයි සන්තෝස වෙන්නේ හරියට මෙයැයි මේ මාසේ දීගයක් කොර ගන්ට යනවා වගේනේ...

    අනේ හැබෑටම..අනේ මන්දා...හික්ස්

    ReplyDelete
  29. ම්ම්ම්ම්... මමත් මේ කතව හරියටම දැනගත්තෙ අද මගේ යාළුවෙක්ගෙන්. එයාත් කතෝලික, කනත්තට ගිහින් එහෙම කරනවා කියලා කිව්වා. එයාගෙ නැති වුනු ආච්චි අම්මා වෙනුවෙන් පූජා කරනවත් කිව්ව. ඒත් මෙච්ච්ර විස්තර දැනගත්තෙ අයියාගෙ ලිපියෙන්. ස්තූතියි අයියා

    ReplyDelete
  30. දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා.. එහෙම කිවුවාට ඉතින් මොනවත් දැනන් හිටියෙත් නෑ. බොහොම ස්තූතියි අයියේ මේ වගේ දෙයක් අපිටත් කියා දුන්නාට. ගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් පැත්තෙ එන්න ලැබුණෙ..

    ReplyDelete
  31. යකෝ ගාඩ් මහත්තැන් අපිට මල් පෙරහැර වක ගැන කතා කියනවා... අපිට කලින් ගාඩ් මහත්තැන් එකලාසියක් වේවි වගේ,,,

    ජය වේවා,,,

    ReplyDelete
  32. ඕක හින්දද දන්නේ නැහැ ඔක්තෝම්බර් මාසේ 31 හැලොවින් කියලා මෙහෙ මිනිස්සු සමරන්නේ...මළවුන්ට අඳුර ගන්න බැරි වෙන්න වෙස් මාරු කර ගන්නවා කියල තමයි මෙයාලගෙන් ඇහුවම නම් කිව්වේ...

    ආ...අප්‍රේල් මාසෙත් වෙඩින් ගන්නේ නැහැලු නේද? නොවැම්බර් වල එහෙම එකක් ගැන මම දැනගෙන හිටියේ නෑ...

    ReplyDelete
  33. අඩේ ඒ කියන්නේ උඹ මේ මාසේ බඳින්නද ඉන්නේ?

    ReplyDelete
  34. auto publish වෙන්න දාලා තිබ්බේ ඒත් වෙලා නෑනෙ...

    Publish වෙන්නෙ ලංකාවෙ වෙලාවෙන් කියලා හිතාගනනෙ දාලා තියෙන්නෙ... :D

    ඔන්න ඇඩ් එකකුත් දැම්මා.

    ReplyDelete
  35. ආහා...ඔය අහු වෙන්නේ..බඩුත් එක්කම හොරූ..මට ඞ් හිතෙන්නෙ අයියණ්ඩි ගෙදරටත් හොරාටම බඳින්ඩ වගේ.. ;)

    ReplyDelete
  36. අයියා මේ මාසේ වෙඩින් එක ගත්තොත් මට එන්න වෙන්නේ නෑනේ....:)

    ReplyDelete
  37. අප්පටසිරි එහෙනම් හෙට අනිද්දම අපිට කේක් කෑල්ලක් කන්න චාන්ස් එක ලැබෙයි වගේ, වෙඩින් එක ගැන නොකියානං ඉන්නවා නෙමෙයි ඕං ...

    සෑහෙන වැදගත් කරුණු ටිකක් දැන ගත්තා ...

    ReplyDelete
  38. දිනේ පහු වෙලා උනත් ලබන අවුරුද්දටත් එක්ක වටින කරුනු ටිකක් දැනගත්තා ඕන්.... අය්යා මේ මාසේ නෙමේනේ බදින්නේ නේද? එහෙමනම් මාරයා අය්ය්යා දන්නවා ඇතිනේ...

    ReplyDelete
  39. දිනේ පහු වෙලා උනත් ලබන අවුරුද්දටත් එක්ක වටින කරුනු ටිකක් දැනගත්තා ඕන්.... අය්යා මේ මාසේ නෙමේනේ බදින්නේ නේද? එහෙමනම් මාරයා අය්ය්යා දන්නවා ඇතිනේ...

    ReplyDelete
  40. මේ විදිහට සමය සමායන්තර දැනුමක් තියෙන එක හරියට වටිනවා අයියා :))

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.