14 October 2011

ඔච්චරටම මෝඩ ද

දවසේ බ්ලොග් ටික කියවලා නිදාගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ටීවි එක දැම්මා. එතකොට ලස්සන වැඩසටහනක් විකාශනය උනා. වැඩසටහනේ 'මොංගල සිහිනය' වගේ නමක් තියෙන එකක්. ඒ වැඩසටහන තරඟයක් !!! තරඟ කරන්නේ බදින්න ඉන්න, වෙඩිම ගන්න සල්ලි නැති කපල් !!! තරඟයෙන් දිනපු ජෝඩුව නොමිලේම බන්දලා දෙනවා. සෝක් වැඩසටහනක් !!!!

මම ටීවී එක දාපු වෙලාවේ එක කපල් එකක් තරඟ කරනවා. එයාලට දීලා තියෙන්නේ ගඩොල් කපන්න!!! එකක් දෙකක් නෙමෙයි ගඩොල් පනහක් කපන්න ඕනා. කොල්ලා මැටි ගොඩට වතුර දානවා. කෙල්ල මැටි ගොඩ උඩ නැගලා මැටි අනනවා. මැටි අනලා ඉවර උනාම කෙල්ල අච්චුව අල්ලගෙන ඉන්නවා. කොල්ලා මැටි දාලා ගඩොල ගානට කපනවා. ආස්.....සාවේ බෑ !!!!

කෝම හරි උන් දෙන්නා 'සට සට' ගාලා ගල් ටික කපා ගත්තා. උන්ට මාර පලපුරුද්දක් තිබ්බේ. මම් උන්දෙන්නා ගඩොල් කපන හැටි දිහා නියෝ නියෝ බලාන හිටියා.

ඊට පස්සේ ඊලඟ කපල් එක !!!
උන් දෙන්නට තිබ්බේ ෂූට් කරන තැන ඉදලා පොලොන්නරු ටවුමට බස් එකේ ගිහින් එතන ඉදලා ඉතුරු ටික පයිනුත් ගිහින් මහපරාක්‍රමබාහු රජතුමාගේ පිළිමය ගාවට යන එක. මුන් දෙන්න කෝමහරි පොලොන්නරු යන සීටීබී එකකට ගොඩ උනා. එතන ඉදලා ඩ්‍රැයිවර් අයියට වදේ !!!

"අයියේ ඉක්මනට යන්කෝ !!" කිය කිය කෙල්ල, ඩ්‍රැයිවර් එක්ක තොදොල් වෙනවා. කොම හරි බස් එකෙන් බැහැගත්තා කියහන්කෝ. කෙල්ලයි කොල්ලයි එතන ඉදලා පරාක්‍රම සමුද්‍රයේ බන්ටෙක දිගේ අඬ අඬ දුවනවා.

කෙල්ල :
" අනේ බබී අපි කෝමහරි දිනන්න ඕනා බබී. අපේ මැරිච්ච ලොකු තාත්තා අපිට ශක්තිය දෙයි බබී "

කොල්ලා :
"හරි රත්තරන් අපි කෝම හරි දිනමු !!!! බයවෙන්නෙපා සුදූ අපි කෝමහරි දිනනවා"

ඔහොම කිය කියා දෙන්නා දුවනවා. මහ පරාක්‍රමබාහු රජතුමාගේ පිළිමය ගාවට ආවට පස්සේ දෙන්නා බදාගෙන 'හිටු' කිය කිය උම්මා දීගන්නවා.මට නම් ඒවා පෙනුන් නෑ. කොටු කොටු ටිකක් විතරයි පෙනුනේ. මම් ටාර් ගාලා සරම පැත්තකින් උස්සලා ඇස් දෙකේ තියාගෙන තමයි එතනින් එහාට්ට බැලුවේ.

හොද වෙලාවට විනාඩි 10ක් යනකොට ප්‍රවෘත්ති විකාශයට වැඩසටහන නැවැත්තුවා. මම් ටීවී එක ඕෆ් කරලා නිකා හිටියා.

දෙන්නට දෙන්නා ආදරේ කරලා හොද වෙඩිමක් අරගෙන කසාද බඳින්න සල්ලි නැත්නම් දෙයියනේ කියලා දෙන්නම නෑදෑයොත් එක්ක කච්චේරියට ගිහින් පොතේ අස්සන් කරලා කසාද බඳින්න. මේ වගේ ජන මාධ්‍ය වලින් ලංකාවේ ඉන්න හැමෝටම ෆන් දෙන්න හදන්නෙපා !!! ඒ වගේම තමන්ගේ ආදරේ, මාධ්‍යයක් ඉස්සරහා හෑල්ලු කරන්නෙපා !!!

තමන් අවුරුදු තුන හතරක් එහෙමත් නැත්නම් ඊට වැඩි කාලයක් ආදරේ කරලා දෙන්න කසාද බඳින මොහොත ලස්සනට ගන්න මොන කෙල්ලත් හීන දකිනවා. කොයි කෙල්ලත් කොල්ලත් ආසයි.ඒත් මෙහෙම මාධ්‍ය වලට පේන්න අඬ අඬ ඒ මාධ්‍ය වල අතකොලු වෙන්න හදන්නෙපා !!!!

"වහ කොහොම කෑවත් මැරෙනවා "

ඒ වගේ තමයි දෙන්නා කසාද බැඳලා එක වහලක් යටට යනෙක එක නම් අන්තීම ප්‍රථිපලය හැටියට වෙන්නේ ඒක කොහොම උනත් මොකෝ !!!

පැනලා ගිහින් කසාද බැන්ඳත්, කච්චේරියට ගිහින් පොතේ ලියලා කසාද බැන්ඳත්, රට්ටුන්ට පේන්න වෙඩිමක් අරගෙන බැන්ඳත් අන්තිමේදි වෙන්නේ දෙන්නා කසාද බැඳලා එක පවුලක් වෙන එක. ඒක තේරුන් ගන්න බැරි තරම් අපේ රටේ මිනිස්සු එච්චරම මෝඩයි ද !!!!

ඔළුව පාවිච්චි කරන්න !!!!

76 comments:

  1. අනේ කාලේ වනේ වාසේ!
    විපරිත යුගයක්!

    ReplyDelete
  2. අපෝ ඔහොම තමයි අයියේ ඕවා..මම නම් දැන් ඔය නාලිකාව බලන එක අඩුම කරලා තියෙන්නේ..ඔය ප්‍රෝග්‍රෑම් එකත් පිටරටක තියෙන එහෙක එහෙම් පිටින් අච්චුවක්..
    නිකන් නෙවේනේ අයියේ "සිරස පාවිච්චි කරන්න කියලා" ඉස්සර කිව්වේ ;)

    ReplyDelete
  3. උඹ සරමෙන් මූන වහගත්තම ගෙදර අයට මූනට කොටුදාන්න වෙන්න ඇති නේ. :-D

    මන් නම් වැරදිලාවත් ටීවී බලන්නේ නැති නිසා මොනා යනවද කියලා දන්නේ නැහැ.
    ලංකාවේ සම්මතයක් වෙලා ලොකු වෙඩින් එකක් නැත්නම් ඒක කසාද බැඳිල්ලක් නෙමෙයි කියන එක ඒක නිසා හැමෝම ඒක පස්සේ දුවනවා

    ReplyDelete
  4. කියා තියෙන්නේ සම්පූර්න ඇත්තය. පිටරට පෙන්වන සෑමදේම කොපි කිරීමට යෑමෙන් මේ දේ සිදුවේ.

    //මම් ටාර් ගාලා සරම පැත්තකින් උස්සලා ඇස් දෙකේ තියාගෙන තමයි එතනින් එහාට්ට බැලුවේ.//

    පුවත්පත් බලධාරියා විසින් කපා දැමිය යුතු කොටසකි....:D:D:D

    ReplyDelete
  5. මුන්ට පිස්සු

    ReplyDelete
  6. කපීකේකිOctober 14, 2011 at 7:12 AM

    මොංගල සිහිනය ද මංගල සිහිනයද හික් හික්

    ReplyDelete
  7. කපීකේකිOctober 14, 2011 at 7:17 AM

    කෙල්ල :
    " අනේ බබී අපි කෝමහරි දිනන්න ඕනා බබී. අපේ මැරිච්ච ලොකු තාත්තා අපිට ශක්තිය දෙයි බබී "

    කොල්ලා :
    "හරි රත්තරන් අපි කෝම හරි දිනමු !!!! බයවෙන්නෙපා සුදූ අපි කෝමහරි දිනනවා"

    //මේක නම් මරු කතාව හාහා...

    ReplyDelete
  8. "මම් ටාර් ගාලා සරම පැත්තකින් උස්සලා ඇස් දෙකේ තියාගෙන තමයි එතනින් එහාට්ට බැලුවේ."

    ඇයි උඹේ කුඩාරම් ගැහුවද ? :P

    ReplyDelete
  9. මම් ටාර් ගාලා සරම පැත්තකින් උස්සලා ඇස් දෙකේ තියාගෙන තමයි එතනින් එහාට්ට බැලුවේ

    //ගෙදර අක්කල නංගිලා නැති නිසා හොදයි හොහ් හොහ්

    ReplyDelete
  10. අනේ ඉතින් ඔය සේරම දේවල් කරන්නෙ හරි හමන් මගුලක් ගන්න සල්ලි නැති නිසානේ.

    ReplyDelete
  11. මරේ : ඌ කිව්වේ සරමෙන් මූණ වහගත්තා කියලා නෙමෙයි.... උඹ සිස්ටම් එක දන්නේ නැතෙයි? :D

    මමත් ඕකේ ඇඩ් එක දැක්කා මොනවා කරන්නද....
    තම්න්ට තියන ගානෙන් වෙඩිමක් අරන් ඉන්නේ නැතුව විකාර කරනවා. එක අතකින් උන්ට හොඳනම් අපිට මොකද....

    ReplyDelete
  12. ලේසිම වැඩේ පැනලා යන එක... කාටවත් වදයක් නෑනේ බං...

    ReplyDelete
  13. අර සරමේ කතාව දකිද්දී අනිත් අයට හිතුන දේමයි මටත් හිතුනේ හේ හේ ....."වහ කොහොම කෑවත් මැරෙනවා" ඒකනම් නියම කතාව මල්ලි...

    ReplyDelete
  14. අපොයි ඕවා නම් කියලා වැඩක් නැහැ මලයා. ඒ විතරක්ද තමන් ආදරේ කරන කෙල්ල එක්ක අනිත් මිනිස්සු ඉස්සරයි තැන් තැන් වලයි ගිහින් හැසිරෙන විදිය දැක්කම් සමහරුන්ට ලැජ්ජාවක් තියේද කියලත් සැකයි. තමන්ගෙ ආත්ම ගෞරවය තමන්ට වටින්නෙ නැද්ද මන්දා. පුද්ගලිකව විඳින්න ඕන දේවල් ප්‍රසිද්දියෙ කරන්න තරම් අද ඉන්න සමහර කපල් හදිසි වෙනවා.

    "මම් ටාර් ගාලා සරම පැත්තකින් උස්සලා ඇස් දෙකේ තියාගෙන තමයි එතනින් එහාට්ට බැලුවේ." හත්තිලව්වයි. වෙන කවුරුත් හිටියේ නැහැ නේද? :D

    ReplyDelete
  15. කාට කියන්ඩද මධුරංග මල්ලි මේව??? මම අහම්බෙන් දවසක් ඔය වැඩසටහන බැලුව... කසාද බඳින එක අර කියන්න වගේ පොතේ අස්සං කලත් එකයි හඳපානෙ ගියත් එකයි නෙ.. එතන තියෙන්ඩ ඕනෙ අන්‍යෝන්‍ය විශ්වාසය විතරයි... මුන් උන්ගෙ වෙඩින් එක නොමිලෙ ගන්ඩ නටන නෙයියාඩගං ටික දැක්කාම නං මට නං කසාදෙත් එක්ක එපා වුණා....

    ReplyDelete
  16. මම නම් දැන් TV බලන එක නවත්තල තියෙන්නේ. අපේ රටේ තියෙන අච්චාරු නාලිකා වල අපිට ඕනි වැඩසටහන් විතරක් තෝරලා බේරලා ගන්න අමාරුයි. ටෙලිනාට්‍ය වලට වෙනම නාලිකාවකුත්, ඔය වගේ අනම්-මනම් වැඩසටහන් වලට වෙනම නාලිකාවකුත්, ප්‍රවෘත්ති වලට තවත් එකකුත්, පොඩි ළමයින්ට ගැලපෙන වෙනම නාලිකාවකුත් ආදී වශයෙන් රුපවාහිනී නාලිකාවන් වර්ග කලා නම් හරි. එතකොට තමන්ට ගැලපෙන වැඩසටහන් තෝරගන්නත් හරිම ලේසියි.

    ReplyDelete
  17. ඔය තරඟෙට යන්න හිතන්ඉන්න මොට්ටපාලලාට මේ වගේ එකක් කියවලා වත් හැදෙයිද දන්නෑ.
    මේ වගේම තමයි රටටම ණය වෙලා ගන්න වෙඩිමෙදි කරන ගොන්පාට්.
    හෆොයි රටකට ගිය කල!

    ReplyDelete
  18. පුල් ආතල්..... අම්මප ඔය මගුල මම එක දවසයි බැලුවේ... ටී වී එක පොලවෙ ගහන්න හිතුනා...

    තමන්ගෙ ජීවිතේ එක දවසක් විතරක් උදාවෙන දවස ලස්සනට ගන්න හැමෝම කැමතියි... ඒත් තමංගෙ ආදරේ විකුණන එකයි කරන්නෙ මුන්ට තේරෙන්නෙ නෑ...

    වෙඩින් එක ලස්සනට කරල දෙන්න මහ රාජට රෙද්ද උස්සනව වගේ වැඩක්...

    මේ වගේ ගොන්නු ඉන්නකන් ටී වී චැනල් කාරයො පොහොසත් වෙනවා...

    ReplyDelete
  19. හැබෑමටම ඔය වෙලාවේ අම්මා කොහේද හිටියේ. සරම පැත්තකින් ඉස්සුවේ නහය ගැන නොහිතා වෙන්ටෑ.....

    ReplyDelete
  20. "කෝම හරි උන් දෙන්නා 'සට සට' ගාලා ගල් ටික කපා ගත්තා. උන්ට මාර පලපුරුද්දක් තිබ්බේ." :D :D :D

    ReplyDelete
  21. ටීවී එකක් දැක්ක කාලයක් මතක නෑ මටනම්.
    කොහොම වුණත් ටීවී ප්‍රෝගැරෑම් කරන එවුන් කරන්නෙ ව්‍යාපාරික කටයුත්තක්නෙ. එතනදි විකිණෙනවද නැද්ද කියන එක පාරිභෝගිකයාගේ කටයුත්තක්.

    ReplyDelete
  22. මමත් ටීවී බලන්නේ නැත. වැරදිලා වත් බැලුවත් සිරස බලන්නේ නැත.

    ReplyDelete
  23. අනේ අනේ...ඉතින්....
    මෙහෙමත් නාටක කියනවනෙ...

    ReplyDelete
  24. අනේද කියන්නෙ බන්... අබුද්දස්ස කාලෙනෙ... ඕකට තරඟ කරන්න එන සමහර උන්ගෙ ලව් ඉලව් වෙලා යනව කියලත් කියන්නෙ... අපි දන්නෙ නෑ ඕව...

    පළවෙනි ඩබලට ඔය කියන තරම් පළපුරුද්දක් තිබුනද බන් (ගඩොල්) ගල් කපන්න... ;)

    ReplyDelete
  25. කෝම හරි උන් දෙන්නා 'සට සට' ගාලා ගල් ටික කපා ගත්තා. උන්ට මාර පලපුරුද්දක් තිබ්බේ. මම් උන්දෙන්නා ගඩොල් කපන හැටි දිහා නියෝ නියෝ බලාන හිටියා

    මැක්සා වදන............

    ReplyDelete
  26. මමත් ඕක බැලුවා මචන්... උබ බලන්න ඇත්තේ මග ඉදල.... පටන් ගත්ත ගමන නිල් පාට පිලේ කොල්ලයි කෙල්ලයි ටව ටිකෙන් මරා ගන්නවා... හෙහ් හෙහ්


    ජය....

    ReplyDelete
  27. හික්ස්...මාත් ඕකෙ මුල ටික දැක්කා මල්ලි. ඒත් ඔච්චර සීනි බෝල කතා කියයි කියලා හිතුවෙ නෑ.මං හිතුවෙ එලට යනව ඇති කියලා.

    කොල්ලො කෙසේ වෙතත් කෙල්ලො ආසයි මල්ලි ලස්සනට සැරසිලා ලෝකෙටම පේන්න වෙඩිමක් ගන්න..:D

    ReplyDelete
  28. නොසෑහෙන ප්‍රමානයක් මේ වගෙ බොළඳ ප්‍රෝග්‍රෑම් තමා දැං තියෙන්නෙ. සංගීත ප්‍රෝග්‍රෑම් උනත් එච්චරයි. ප්‍රමිතියක් නැහැ

    ReplyDelete
  29. ජනමාධ්‍ය සදාචාරයේ ගරාවැටුන භාවය වගේම අපේ උන්ගේ තියන මෝඩකමත් මෙතනින් පේනවා. රටක ජනමාධ්‍යක් උනාම එකෙන් කරන්න ඕනේ රටක සදාචාරය රැකෙන දේවල් වගේම වගකීමක් ඇති දේවල්. එහෙම නැතුව ඔයවගේ කෝලම්, මෝඩ ජෝක් කරන එක නෙවෙයි. අනික ඔහොම දෙයක් කරන්නම ඕනෙනම් එහෙම කපල් හොයල බන්දල දීපල්ලකෝ ඕනේ තොරණක් ගහල. උන්ව වඳුරෝ නටවන්නේ නැතුව. උනුත් දැනගන්න ඕනේ වදුරු නාඩගම් නටන්නේ නැතුව කරන මගුලක් කරගන්න. අද රටේ තත්වේ දැක්කම මම මිනිස්සුන්ට දොස් කියන්නෙත් නෑ. මොකද යුද්දෙන් පස්සෙවත් බඩු ගණන් අඩු වෙලා හොඳ කාලයක් එයි කියල බලන් හිටපු මිනිස්සුන්ට අද ඒක හීනයක් විතරක් වෙලා. මගුලක් තුලාවක් කරන්න අද රටේ ලක්ෂ 10ක් වත් නැතුවම බෑ. ඉතින් ඔයවයින් ප්‍රයෝජන ගන්නේ අද ඉන්න මාධ්‍ය වැද්දෝ කියන මුදලාලිලා සෙට් එක.

    ReplyDelete
  30. හනේ අම්මපා..මාත් ඕක බැලුව.. :D අනේ අර ලස්සනට ඉන්න කොල්ලො කෙල්ලො ටික ගිනි අව්වෙ මහ පාරවල් දිගේ දුව දුව.. බර වැඩ කර කර..කසාදෙට කලින් අවලස්සන වෙන හැටි... :/

    ReplyDelete
  31. අද කොයි දේත් ඔහොම තමා. සමහරවිට ඕකට එන අය අතර මැදියන්ටත් ගෙවලද දන්නෙත් නැහැ තරඟෙට සිලෙක්ට් වෙන්නෙ. මම අහල තියෙනව සමහර රේඩියෝ චැනල් වල අලුතිං යමෙක් සින්දුවක් ගෙනාවොත් ඒකෙ රිංගින් ටෝන් අයිතිය තමා වෙත බලෙං/තගරියෙං පවරාගන්න ප්‍රොඩියුසර්ල ගැන, එහෙම කරල තමා සින්දු ප්ලේ කරල දෙන්නෙ.

    එහෙමත් නැත්තං හොඳ බෝතල් පාටියක් දාල ගානක් කට්ටියගෙ අතටත් දීල තමා සින්දු හිට් කරගන්නෙ xරාජ් ල වගෙ කට්ටිය.ඔය කාලයක් කුමරිල තේරුවෙත් කොහොමද දන්නැහැ.

    දෙමව්පියන්ටත් මොල කෑල්ලක් තියෙන්ට එපායැ. ඔව්ව්ට කොල අත්සං කරල ගියහම උං කියන ඔක්කොම කොරන්ට වෙනව

    ReplyDelete
  32. පව් අප්පා . ඔන්න ගෙයක් දොරක් වත් හදල දෙනවනම් දිව්වත් මොකෝ. කොහොමත් සිරස කානුවෙන් තමයි මුලින්ම ඔව්ව එන්නේ . බලන්නකෝ තව ටික දොහකින් ජාතික නාලිකාත් ඕක කොපි කරන්නේ නැද්ද කියල .

    ReplyDelete
  33. අපොයි පිස්සු හැදෙනවා...ඕව ගැන නම් කතා කරනවට වැඩිය හොඳයි කට ගලක උලාගෙන මිටියෙන් තලා ගන්න එක..
    රියැලිටි කිය කිය අනේ මන්ද මෙහෙමත් විකාර..
    මං බැලුවේ අපේ පොඩි උන්ට එහෙම බලන්න දෙයක් නැතිවෙයිනේ ඔය හතරැස් පෙට්ටියේ..
    :((((

    ReplyDelete
  34. අනේ මධුට වෙන ඒවා.

    දැන් මධු නැද්ද ඔය ටී වී වල ලෝකේ වටේ යන්න හේම ස්පොන්සර් කරන වැඩ සටහන්. තිබ්බොත් කියන්නකෝ මම එනවා.

    ReplyDelete
  35. මධුරංගට වෙන ඒවා!!!..... තාට කියන්නද මන්දා.... ඕවා නම් ඉතින් පිස්සු වැඩ... මනමාලියක් වෙන්න ලස්සනට අඳින්න මහගොඩක් සල්ලි යන්නෙ නැහැ..... ඕනෙම ගණගකට ඕනෙම දෙයක් කරතහැකි...

    ReplyDelete
  36. රියැලිටි තරඟ නම් දැන් ඕක්..ඩිස්ගස්ටින්

    ReplyDelete
  37. ඕවා බලන අපිටත් පිස්සු මල්ලි .

    ReplyDelete
  38. එහෙම කියන්න එපා අයියේ.. ඔවා තමයි දැන් රියැලිටි කියන්නේ.. කාට කියන්නද අයියේ මේ අවනඩු... උන්ට ඇවිත් ඔය ඔක්කොම කරන්න පුලුවන්නම් අපිට මොකෝ කියලා බලන් ඉන්න තියෙන්නේ..

    ReplyDelete
  39. හි හි... හප්පා... ලංකාවෙ දැන් මේවත් යනවද? මට මතකයි මෙක්සිකෝවෙ චැනල් එකක ප්‍රෝග්‍රෑම් එකක්, ඒකෙ නිවේදිකාව ඉන්නෙ බිකිණියක් ගහගෙන. ලංකාවටත් ඒවගේ ඒව එයි හෙට අනිද්දා.. එහෙම එකක් යනව දැක්කොත් පෝස්ට් එකක් දාන්න හො‍ඳේ :D

    ReplyDelete
  40. හරි හරි සරම පහලට දාපන්කො දැන්.

    ReplyDelete
  41. මමත් කලින් දවසක ඔය වැඩසටහන බැළුවා.. හිගා කනවා..

    එදා මාත් ඔයා හිතපු විදියටම හිතුවා..මගුල් නොකෑවත් ලෝකෙට හිගන්නෙක් වෙලා මොකටද..

    මේ වගෙ දෙයක් විවෘතව කතා කරන්න එඩිතර වුනු එක අගේ කරනවා..යාලු

    ReplyDelete
  42. අපෝ,, මටත් පේන්න බෑ ඔය වැඩසටහන., මම දවසක් වැරදිලා දාපු දවසක කෙල්ල කොල්ලගේ මූණ අතගගා අඬනවාඅ"අනේ මට හරි බයයි ඔයාට මොනවා හරි වෙයි කියලා" හරි ඔන්න ඒ වගේ මොකක්දෝ එකක් කියලා.. හිනා කාලා පණ නෑ.. මමත් හිතන්නේ නම් තමන්ගේ ආදරේ ඒ වගේ හෑල්ලු කරන එක කිසිම වැඩක් නෑ කියල..

    ReplyDelete
  43. මම tv බලන්නෙ නැති නිසා මේවා මොකුත් දන්නෑ. මුලදි හිතුනෙ පිටරට සීන් එකක් කියල. ඇත්තටම ලංකාවෙ උනුත් මේ වගේ එව්වා කරනවද....
    /"වහ කොහොම කෑවත් මැරෙනවා "/
    සිරා කතාව...
    ඈ බන් උබට සරම නහය ලඟට ගන්න පුළුවන් උනාද... :D :D

    ReplyDelete
  44. මම නම් ටිවි එක බලන්නේ මැච් එකක් ගියොත් ඔය පැයකට හමාරකට සැරයක් විතරයි.. ඔය කියපු එක ගැන නම් මට දැනුමක් නැ ඒ නිසා.. කොහොම උනත් ඕවා එහෙම වෙලා තියනවානම් ඇත්තටම බලන අපිටත් පිස්සු

    ReplyDelete
  45. දවසක් මාත් ඕක බලල තියෙනව. පිස්සු ලෝකයක්. කොච්චර මිනිස්සු මෝඩද කියල හිතෙනව. මේ තරඟෙ දිනන්න ඕනෙ කිය කිය මිනිස්සු ඉස්සරහ පාච්චල් වෙනව. අනිත් එක කොච්චර කැතද මේ නාලිකා කරන වැඩේ. ඒ කෙල්ලයි කොල්ලයි එක වෙලාවක හිඟාකන්න ඕනෙ බස් එකට යන ගාණ හොයාගන්න. අර දෙන්න කොච්චර පහත් තත්වයකට ඇදල දාලද. උන්ටත් තේරෙන්නෙ නෑ තමුන් කරන්නෙ මොකද්ද කියල. අන්තිමට දින්න උන්ට ගාණක් හම්බෙනව තමා. උන්ට ඒකෙන් හරි සැනසෙන්න පුළුවන්. පරදින උන්ට ඉතුරු වෙන්නෙ මහන්සියයි ලැජ්ජාවයි විතරයි. :(

    මේ නාලිකා හැමදාම කළේ මිනිස්සුන්ව හිනස්සල, මිනිස්සුන්ව අවමානයට පත් කරල, මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරල සල්ලි හොයපු එකනෙ. පිටරට දේවල් අමු අමුවෙම කොපි කරල සල්ලි හොයන්න ගත්තු එකනෙ.
    මතකද අර හිනා ඉනා වැඩසටහන? ඒක ඇමරිකන් වැඩසටහනක කොපියක්නෙ. ඒ ඇමරිකන් එකේ මම එකක් දැකල තියේ ඔහොම විහිළුවට ලක් කරන්න ගිය එකෙක් අර විහිළුව කරන්න හිය එකාව බිම දාගෙන ගැහුව. ලේ පෙරෙනකම් ගැහුව. ඒත් කැමරාකාරයො මොකද කළේ, තමුන්ගෙ සගය හොදටම ගුටි කනකම් ලස්සනට පැත්තකට වෙලා විඩියෝ කළා. ලංකාවෙ හරි හමන් එකෙක්ව සෙට් උනානම් ඉතින් නළුව එතනම සෙත්තපෝච්චි. :D

    ReplyDelete
  46. හොඳ වැඩේ බන්!විහින්නේ නහින්නේ.මේ රටට හෙන ගැහිලා තියෙන්නෙ නිකම් යැ.ආය ඔඅය වගේ වස්සෝ දෙන්නෙක් හදන්නෙත් ඒ වර්ගෙම පරපුරක්නෙ.තව කවර කතාද රටේ අනාගතේ ගැන.ලියමන නම් මොක වුණත් උපරිමයි. ජය වේවා!c

    ReplyDelete
  47. අඩේ අවමංගල හීනය යන්නෙ ඔලුව ටීවි එකේනේ

    ReplyDelete
  48. එකනේ මචන් ඕකට "මොංගල් සිහිනය" කියලම උන් නම දාල තියෙන්නෙ.....

    ReplyDelete
  49. මට ලංකාවේ ටීවී චැනල් එපා කළේ ඔය වගේ හරයක් නැති වැඩසටහන් නිසා තමයි. අනික් අතට විවාහය කියන්නේ ආදරය කරමින් ජීවත්වෙන එකට.ඒකට ලක්ෂ ගණන් වියදම් කරන්නේ මෝඩ හරක්. ඊට පස්සේ අනුන්ට අත පපා ජීවත්වෙනවා එක්කෝ කඩා වඩා ගෙන කනවා. ආතල් එකේ හිටියේ සතියයි නැත්නම් දෙකයි. අනෙක් අය ‍කොහොම කලත් තමන්ගේ හැටියට ජීවත් වෙන එකයි නුවනට හුරැ.එතන තමයි සැබෑ සතුට තියෙන්නේ.

    ReplyDelete
  50. @විසිතුරු | visituru :
    විපරිත යුගයක් නේන්නම් මල්ලි !!!

    @ChammA :
    පිටරටින් එන ඕනම කුණු ගොඩක් මේ නාලිකාව බාරගන්න එක නේ ඉවසන්න බැරි වඩේ. ඒ විතරක් යෑ ඒවට අපේ උනුත් වහ වැටෙනවා නෙව.

    @ම :
    සරමේ කොනකින් මූන වහගත්තේ. අර කිව්වත් වගේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ ලොකු වෙඩිමක් අරගෙන බැන්ඳේ නැත්නම් ඒක වෙඩින් එකක් නෙමේ කියලා.

    ReplyDelete
  51. @Podi Kumarihami :
    බලධාරියා ඒක එහෙම් පිටින්ම ප්‍රකාශයට පත් කරලා. අක්කා කියන කතාව හරි. පිටින් එන මඟුල් ගෙඩිය පිටින්ම අපේ උන් බාර ගන්නවා.

    @Anonymous 1 :
    පිස්සු නැත්නම් !!! :)

    @කපීකේකි :
    ඔයා කැමති නමක් දාගන්න. :)

    ReplyDelete
  52. @Bunny :
    මල්ලිගේ කමෙන්ට් එක හය පාරක් කියවලා තමයි තේරුම් ගත්තේ. හික්ස් :)
    පට්ට කමෙන්ටුව.

    @Anonymous :
    ඒකනේ අක්කා. අපට අක්කලා නංගිලා නෑ නෙව. :)
    මේ ඇනෝ කමෙන්ට් එක දාපු කෙනා නම් මට අඳුරගන්න බැරි උනා ලූ. :)

    @නදී :
    ඒ උනාට අක්කේ මඟුලක් ගන්න කියලා ඕවගේ පදිරි වඩ කරන එක හරි නෑනේ.

    ReplyDelete
  53. @පූසා :
    අනේද කියන්නේ මල්ලි. ඒ උනාට අපට ඕවා දැක්කම විලි ලැජ්ජාවයි.

    @prasanna86k :
    ඒක ලෙසියි පහසුයි. ගෙදරින් කැමැත්ත ඇතුව සිද්ද වෙනවනම් තවත් හොදයි. :)

    @සයුරි :
    එතකොට ඔක්කොම හිතලා තියෙන්නේ එකම විදිහකට. හොදා හොදා. :)

    ReplyDelete
  54. @..ChAnDiKa.. :
    වෙන කවුරුවත් නෑ. මම් විතරමයි හිටියේ.
    අද ඉන්න කපල් හොරෙන් කරන්න ඕන මොනාද එලිපිට කරන්න ඕන මොනාද කියලා හරි අවබෝධයක් නෑ.

    @hansakinkini :
    ඒ වගේ නෙයියාඩගම් වැඩසටහන් කරන එවුන්ට නෙමේ ඒවට සහභාගි වෙන හැතිකරේට තමා බනින්න ඕනා.

    @KasNel :
    ඔය කියපු සිස්ටම් එකක් තියෙනවනම් ගොඩක් වටිනවා. ඒත් එහෙම එකක් එන්න සෑහෙන කාලයක් යාවි. අනිත් එක තමා මේ රටේ ඕවා කරන්න ලෙසි නෑ. :)

    ReplyDelete
  55. @රූ.... :
    හැදෙනවනම් හොදයි. ඒත් ඒක වෙන්නේ නැති එක තමා අවුල. ලෝකෙටම ණය වෙලා වෙඩින් එකක් ගන්නවට වඩා හොදයි නිකා ඉන්නවා.

    @පොඩි මෑන් :
    කතාව සහතික ඇත්ත. රෙදි නෙමෙයි වෙන වෙන එවුවත් කරයි මිනිස්සු. ඇයි ඉතින් නිකන් වෙඩිම කරලා දෙනවා නේ.

    @malmi :
    අපෝ සරම ගඳ නෑ. සූද ගහන සරමක් මම් ඇඳගෙන උන්නේ. අක්කටත් තියෙන ප්‍රශ්න !!! හික්ස් :)

    ReplyDelete
  56. @Anonymous :
    වටින කියන පලපුරුද්දක් !!! හිකිස් :)

    @``` Outsider``` :
    මේ රටේ එවුන් නම් විකිණෙන්න බලාගෙන ඉන්නේ. හැමෝම නෙමෙයි ටික දෙනෙක්. :)

    @තීර්ථ යාත්‍රිකයා :
    බලන්නට වටින නාලිකාවක්ද නොවේ. :)

    ReplyDelete
  57. @දිල් :
    මෙවුවා නරි නාටක !!!

    @සාතන් :
    තිබුනා. තිබුනා. සට සට ගාලා විනාඩි 10ක් ඇතුලත ගල් පනහම කපා ගත්තා. කිසි ගින්නක් නෑ. දාඩිය පොඩ්ඩයි දැම්මේ.

    @C~Nemo :
    එල එල :)

    ReplyDelete
  58. @Gayan Rupasinghe :
    දැන්ම හිටන් මරා ගන්නවා නම් ඉදිරියේදි කෝම මරා ගනීද ඈ...

    @නිසුපා :
    ලස්සනට වෙඩිමක් ගත්තට කමක් නෑ අක්කා. අපට ඒක ගැන තරහක් නෑ. ඒ උනාට තමන්ට තියෙන විදිහට වැඩේ කරනවා මිසක්. මේ වගේ ඒවා වලට ගිහින් චා වෙන එක හරි නෑ....

    @පොත් ගුල්ලා :
    ඒකනේ අයියා. :)

    ReplyDelete
  59. @emailkavikaari. :
    එව්වයෑ ප්‍රමිතිය ගන නම් කතා කරලා වැඩක් නෑ.

    @ක්සැන්ඩර් | Xander :
    කතාව සහතික ඇත්ත. මිනිස්සුන්ට කරන්න වෙන වියදම් වල හැටියට එහෙම වෙන එකෙත් අරුමයක් නෑ. කොයික උනත් අන්තිමේදි වෙන්නේ මුදලාලිලා පෝසත් වෙනවා වගේ වැඩක් !!!

    @මකුළු පැංචි :
    එවුන් රූපේ වගේම චරිතයත් අවලස්සන කරගන්නවා නංගි :)

    ReplyDelete
  60. @emailkavikaari. :
    මේ වගේ කට්ටියගේ දෙමවුපියන් මේවට කට වහගෙන ඉන්න එක තමයිඋහුලන්න බැරි. ඕ වගේ තමා අර මිස් ශ්‍රි ලංකලා තොරන වැඩසටහනුත් !!! ශික් !!!

    @Bindi :
    අනිවාර්යෙන්ම ඒවයෙත් ඔහොම කොපියක් ගහයි. :)

    @ගිනි කුරුල්ලා :
    තව ටික කාලෙකින් දෙමවුපියන්ටයි පොඩි උන්ටයි එකට ඉදලා බලන්න දෙයක් නැතිවෙයි

    ReplyDelete
  61. @Il mondo di una povera pazza :
    ලෝකේ වටේ නෙමෙයි ලංකාව වටේ නම් එක නාලිකාවක යනවා. :)

    @නෙරංජි | Neranji :
    අඳින්න පලදින්න ලොකු ගානක් යන්නේ නැති උනාට අනිත් වැඩ වලට (හොටෙල් බුක් කරන්න, කෑම බීම, යාන වාහන වගේ ඒවට) සෑහෙන ගානක් යනවා.

    @පිණිබිඳු... :
    මටත් ඕක්... ඩිස්ගස්ටිං !!!

    ReplyDelete
  62. @cjgayan :
    පිස්සු නේන්නම් :)

    @Dinesh :
    ඒ උනාට ඉතින් අපටත් කට පියාගෙන ඉන්න බැරි අවුල තමා තියෙන්නේ. :)

    @hare :-) :
    අනිවාර්යෙන් එහෙම එකක් ගියහම මම් පෝස්ට් එකක් දාන්නම්. මට හිතෙන්නේ ඒකත් ලඟදිම ලියන්න වේවි කියලා.

    ReplyDelete
  63. @Anonymous :
    තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා. දැන් හරි. :)

    @අසනි :
    කතා නොකරම බැරි උන නිසයි ලියන්න හිතුනේ. මෙහෙමත් දේවල් සිද්ද වෙන රටක් මේක...

    @ප්‍රාර්ථනා :
    ඒ වගේ දෙවල් කිය කියා හිටියා නංගි මාත් ඕවා බලනකොට. මට හිනා වෙනවට වඩා දුකක් හිතුනේ. පවු මොනා දැනගෙනද ඈ ඕවට යන්නේ.

    ReplyDelete
  64. @ප්‍රසංග :
    පිටරටවල් වල මෙහෙම දේවල් කලාට දුකක් නෑ. ඒවා ඉතින් උන්ගේ නිදහස නේ. ඒත් අපේ රටේ මෙහෙම ඒවා වෙනකොට තමා උහුලගෙන ඉන්න බැරි !!!
    උබලා ඔක්කෝටම තියෙන්නේ එකම ප්‍රශ්නයක් නේ. ඔක්කොටම තියෙන්නේ සරම ගඳ ද කියන ප්‍රශ්නේ :)

    @දේවා ගේ අඩවිය :
    එහෙම වැඩසටහනක් තියෙනවා මල්ලි.

    @Madhawa Habarakada :
    අනිවාර්යෙන් ඔහොම වැඩසටහන් කරන්න දෙන්නේ නැති වෙන්න ගහන්නමයි ඕනේ. ඒ මනුස්සයා කරපු දේ හරි. අර තවත් චාර්ට් වැඩසටහනක් යන්නේ කෙල්ලන්ව ත්‍රිවීල් එකක නග්ගගෙන ගිහින් සල්ලි දෙන සීන් එකක්. ඒකත් මෙලෝ වටින වැඩක් නෙමෙයි අයියා.

    එඔවගේ වැඩසටහන් නම් අනන්තයක් කියන්න පුලුවන්. කොටින්ම මහම මහ චාටර් නාලිකාවක් !!!!

    ReplyDelete
  65. @වීතරාගී :
    අනිවාර්යෙන්ම. ඔය වගේ වස්සෝ දෙන්නෙක්ගෙන් පැවතෙන පරම්පරාවන් ආයෙ මේ දෙවල් වලට නොයා ඉදී කියලා වගකීමෙන් කියන්න පුලුවන් වෙයි ද ? නෑනේ අක්කා !!!

    @ශානු :
    ඔවු ඔවු. ඔලුවක් නැති එවුන්ගේ ඔලුවේ :)

    @ඔජායෙ.... :
    අනිවාර්යෙන් ඒවගේ නමක් තමයි ඕකට ගලපෙන්නේ. කොටින්ම ඔලුවක් නති හරක් සෙට් එකකගේ වැඩක් !!!

    ReplyDelete
  66. @Anonymous :
    අනුන්ගේ හැටියටවත් අනුන්ට පේන්නවත් නෙමෙයි. තමන්ට තියෙන හැටියට ඕනම දෙයක් කරන්න ඕනේ. අර කතාවටත් කියන්නේ තමන්ට පුලුවන් විදිහට නාගන්න ඕනේ කියලා.

    ගොඩක් ස්තුතියි අදහස් දැක්වුවාට !!!

    ReplyDelete
  67. ඔය වගේ වැඩ සටහනක් මම පිටරට චැනල් එකක දැකලා තිබුනා . මම හිතන්නේ ඒකේ කොප්පක් ..

    නගාට විබාගේ නිසා අපේ රූප පෙට්ටිය ක්‍රියාත්මක නොවේ !!

    ReplyDelete
  68. කිසිම දේකට සදාචාරයක් නැති අපේ රටේ ජනමාධ්‍යයෙන් විතරක් අපිට සදාචාරයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒ කොහොම උනත් විකුණාගෙන කන එකේ නම් කෙළවරක් නෑ වගේ!!!

    ReplyDelete
  69. පට්ටම කතාවක් කියල තියෙන්නේ බං. මම නම් ඇඩ් එකවත් බලන්නේ නෑ. ඇත්තටම ලැජ්ජයි.

    ReplyDelete
  70. ලව් එක විකුන්න එපා කියන එකයි කියන්න තියෙන්නේ...

    ReplyDelete
  71. ඔය වගේ කට්ටියට කියන්නෙ ගොන් බඳින කනු කියලා ....

    ReplyDelete
  72. මේ වගේ මෝඩ වැඩ නම් අනුමත කරන්න බෑ. ඒත් සමහර මිනිස්සුන්ට කැමරාවට මූණ පෙන්නන්න තියනවා නම් වෙන මුකුත් ඕනත් නෑනෙ.

    ReplyDelete
  73. සිරස ගොඩක් වෙලට හොදදෙවල් කරනවා. එත් මෙක නම් අහින්සක කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අහින්සක කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අහින්සක කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අහින්සක කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අදරෙ විකුනගන කන වැඩක්
    chamila

    ReplyDelete
  74. මමත් ඔය සිද්ධිය ඔක්කොම දත නියවගෙන බැලුවා..මහ මෝඩ ආතල් තමයි අයියේ සිරසක් නැති ලංකාවේ සමහරුන්ට සිරස කාරයෝ sex ප්‍රදර්ශනය කරලා දෙන්නේ...ඇත්ත්මයි ලස්සන සංස්කෘතියක් තිබුනු ලංකාවට වුණු දෙයක්...දුකයි මොනවා කරන්නද?දැන් රාජ්‍ය මාධ්‍යයත් එහෙමනේ..
    එකේ අර ගල්(ගඩොල්) කපන සීන් එක මරුවට ලියලා තියෙනවා...හික්z අර ටෙන්ට් කතාව නම් මරු bunnyගේ

    ReplyDelete
  75. පිස්සු හැදිල ආයෙත් හැදෙනවනේ....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.