10 October 2011

නිවාඩුවකට ගියෙමි

කැම්පස් එකෙන් අවුට් වෙච්ච දා ඉදන්ම ගෙදර ඉදලා ඉදලා එපා වෙලා හිටියේ. ඒ නිසා පොඩ්ඩක් ඇවිදලා එන්න කියලා පේරාදෙණි ආවා.වෙන කොහේවත් නෙමෙයි අපේ කැම්පස් එකට ආවේ.

ගෙදර ඉන්න එක තරම් ජොලි වැඩක් නෑ කියලා හිතුනට මට නම් ගෙදර ඉන්න එක එපාම වෙලා තිබ්බේ.ගෙදර ඉන්න එකත් ලේසි නෑ. මොකද උදේ ඉදන් හවස් වෙනකන්ම කලිසම් ම මහන්න එපැයි. ආහ්... කියන්න අමතක උනා. අපේ අම්මා, විකුණන්න කලිසම් මහනවා. අපේ අම්මා මටත් ඔය මැහුම් වැඩ උගන්නලා තියෙන හන්දා මටත් ඇඳුම් මහන්න පුලුවන්. :)

ඇඳුම් මැහිල්ලට වඩා අපේ අම්මා " පුතේ අදවත් නැද්ද රස්සාවක් හරියන පාටක් !!!" කියලා අහන එක එපාම කරපු වැඩක්. ඒක හන්දා මට මේ කම්පියුටර් එක එපා වෙලා තිබ්බේ.

මේ සේරමත් එක්ක ගෙදර ඉන්න බැරි හන්දා මම් පේරාදෙණි ආවා. හොස්ටල් එකේ මල්ලි කෙනෙක්ගේ කාමරේක ගජේට තමයි ඉන්න උනේ. මොකද අපි එනකොට අපේ කාමර බාර දීලා ආපු හන්දා ඉන්න තැනක් නෑ.

ගෙදරින් ඈත් වෙලා ඉන්න එක හරිම නිදහස්. ඔය වගකීම්, බැඳීම් කියන කිසි දෙයක් ඔලුවට එන්නේ නෑ. හරිම නිදහස්. මෙහෙම කරපන් අරෙහෙම කරපන් කියලා කියන්න කවුරුත් නෑ. ජීවිතෙත් මේ වගේ නිදහස්ව ගෙවන්න පුලුවන් නම්..... කොච්චර ශෝක් ද !!!! මට එහෙමත් හිතුනා.

උදෙම්ම ඇහැරිලා මම් හිටපු හොස්ටල් එකෙන් උදේට කාලා කැම්පස් එක වටේ ඇවිදලා දවල් උනාම තවත් කොහේ හරි හොස්ටල් එකක් අල්ලගෙන කෑම කනවා. ආයෙම හවස් අතේ කොහේ හරි රස්තියාදු වෙවී තමයි මේ දවස් ටික ගෙවුනේ. හරිම නිදහස් !!!!

අපේ සමහර විෂයයන් වලට රිසල්සුත් ඇවිල්ලා.මෙදාපාර රිසල්ට් නම් ගොඩක් හොදයි. යන්තන් මගේ ක්ලාස් එක බේරිලා. බැරි වෙලාවකවත් C එකක් ආවොත් ක්ලාස් කුඩු !!! කලින් වතාවල් වල වගේ මෙදාපාර C නම් නෑ.ඒ වගේම තමයි රස්සාවල් වලට අඬපු කාලෙත් ඉවරයි. මට ජොබ් එකක් හරි ගියා.

ඉස්සර වගේ අපේ බැච් එකේ හිටපු ඔක්කොම නම් නෑ. ඒ වෙනුවට ස්ටාෆ් එකේ ඉන්ස්ට්‍රක්ටර් විදිහට නැවතුන කිහිපදෙනෙක් විතරමයි හිටියේ.
ආහ්....තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපේ ඉඳිකට්ටිත් ස්ටාෆ් එකේ ඉන්නවා. මට ඒයැයිවත් හම්බ උනා. ඉඳිකට්ටි ශෝක් කෙලි පොඩ්ඩ !!!

කම්පියුටර්, ඉන්ටර්නෙට් වගේ ඒවයින් ඈත් වෙලා හොද විවේක කාලයක් ගත කලා. තාක්ෂණයත් එක්ක කොහෙද හොද විවේකයක් ගත කරන්නේ !!!

60 comments:

  1. සමහර වෙලාවට මටත් හිතිලා තියනවා මේ බැඳීම් වලින් ඇත්වෙලා කොහේහරි ගිහින් ඉන්න ඇත්නම් කියලා . එහෙම වෙනසක් කරන්න පුළුවන්නම් කොච්චර හොඳද .. සතුටුයි ඔයාට ජොබ් එකක් ලැබීම ගැන . සුභ පතනවා ඉත සිතින්ම ...

    ReplyDelete
  2. අයියේ.. සේරම කියවල කමෙන්ට් එකක් දාන්නම්..ඒත් එක පාරට බය හිතුන මේක දැකල..
    " පුතේ අදවත් නැද්ද රස්සාවක් හරියන පාටක් !!!"
    ඔයා ඉන්ජෙක් නේ?? තාම ජොබ් එකක් සෙට් වුනේ නැද්ද හරියට??
    බය හිතෙනවනෙ..:/

    ReplyDelete
  3. බොක්කෙන්ම සුභ පැතුම්....!!!

    ReplyDelete
  4. අහ්... අයියා පේන්න හිටියෙ නැති ව්උනාම ඒත් මං බැලුවා මක් වෙලාද කියලා... හ්ම්ම්.. හිතටත් නිදහස් එහෙම කොහෙහරි ගියාම..බැඳීම් වලින් ඈත් ව්එලා දවසකට හරි දෙකකට හරි තනියම ඉන්න එකෙත් අමුතු හැගීමක් තියෙන්නෙ.:)

    ෂා,,, අයියාට ජොබ් එකක් සෙට් වුනාද?? නියමයි. මගෙන් උනුසුම් සුභ පැතුම් අයියාට..!!! ජය වේවා..!!!

    ReplyDelete
  5. අපේ උණුසුම් සුබ පැතුම් එහෙනම්, ජොබ් එකටයි ක්ලාස් එකටයි දෙකටම...ජොබ් එක කොළඹ පැත්තෙන් වෙන්න ඇති නේද?

    ReplyDelete
  6. ක්ලාස් එකක් විතරක් නෙමෙයි රස්සාවකුත් හම්බවෙලා. "Congratulations!"

    //ඉඳිකට්ටි ශෝක් කෙලි පොඩ්ඩ !!!//

    ලෝක පූජිත වෙන්ට හිතාගන මේ ලමයා එහෙම අමාරුවේ දානවා නෙමෙයි...:D

    ReplyDelete
  7. ජොබ් එකක් හම්බ වෙලා තියෙන්නෙ. ඔන්න දැන් තමයි මල්ලියේ හිතෙන්න ගන්නෙ අනේ ගෙදරට වෙලා ඉන්න තිබුනානම් කියලා :D

    මොනවා වුනත් රස්සාව සාර්තකව කරගෙන යන්න මෙන්න මගෙනුත් සුභ පැතුම්.

    ගෙදරින් පිට ඉන්නකොට මාර නිදහසක් තමා තියෙන්නෙ.ඔයා කියලා තියෙන එක හරියට හරි.වගකීම් එහෙම නෑ නෙ.

    ReplyDelete
  8. අපොයි බැඳීම් වලි ඈත්වෙලා ඉන්න තියෙනවනම් ඒ තරම් දෙයක් තියෙනවද. :-)

    ReplyDelete
  9. සුබ පැතුම් මගෙනුත්

    ReplyDelete
  10. අලුත් රස්සාවට උණුසුම් සුබ පැතුම්!
    ආහ් ක්ලාස් එකකුත් තියනව කිව්වනේ මරු මරු.

    ReplyDelete
  11. //ගෙදරින් ඈත් වෙලා ඉන්න එක හරිම නිදහස්. ඔය වගකීම්, බැඳීම් කියන කිසි දෙයක් ඔලුවට එන්නේ නෑ. හරිම නිදහස්. මෙහෙම කරපන් අරෙහෙම කරපන් කියලා කියන්න කවුරුත් නෑ. ජීවිතෙත් මේ වගේ නිදහස්ව ගෙවන්න පුලුවන් නම්..... කොච්චර ශෝක් ද !!!! මට එහෙමත් හිතුනා.//....බැඳපන්කො මල්ලියෙ කසාද,, ඔහොම්මම හිතෙයි එතකොට,,,රස්සාවයි පරස්තාවයි දෙකම හරියන පාටයි,, ඔන්න මගෙනුත් සුභ පැතුම්!!!

    ReplyDelete
  12. ආහ් ජොබ් එකක් හම්බ උනාද අයියේ ඔන්න එහෙනම් සුභ පැතුම් (ගොඩ කාලෙකින් පාටි එකකටත් ගියේ නෑ ;))

    ReplyDelete
  13. කපීකේකිOctober 10, 2011 at 9:50 AM

    මම් හිතුව අය්යට ජොබ් එකක් හම්බෙලා කියල.මේ ටිකේ දැක්කෙත් නෑනේ.මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
  14. අළුත් ජොබ් එකට සුභ පැතුම් මලේ!
    ෂා..හරි ශෝක්නේ ඔයාට මහන්නත් පුළුවන්.

    ReplyDelete
  15. My first Job was in sawing as well (at Interfashion Co, Nuwara Eliaya).

    Congratulations.

    ReplyDelete
  16. ජොබ් එකට සුභ පැතුම් ......

    ReplyDelete
  17. සුභ පැතුම් මධුරංග මලයො....

    ඒ කවුද බන් ඉඳිකට්ටි කියන්නෙ... රස්සාවත් එක්කම අනිකත් හරි ගියාද?...

    ReplyDelete
  18. ඔබට සුභ පතමි.

    ReplyDelete
  19. අම්මෝ කාලෙකින් මේ කමෙන්ට් එකක් දාන්නේ. කොල්ල ජොබ් එකක් හොයාගෙන, එල කිරි. මගේ සුභ පැතුම්. දැන් ඉතින් අර අනිත් වැඩෙත් ඉක්මනට ගොඩ දාගන්න බලපන්.

    ReplyDelete
  20. ජොබ් එකක් ලැබුනා කිවුවම සතුටුයි. ඒත් අර....ඉදිකට්ටි....අර ඉන්ටර්වීව් එකට එනවද??????.....එතකොට....ලෝක පූජිත වෙන වැඩේ???????

    නිදහස ගැන කතා කරන කොට නම් කටට කෙලත් උනනවා. ඒ තරමටම කෑදර කමක් ඔය වචනෙට තියෙන්නේ. ඉස්සර නිදහස දැන් නැතිකොට මක් කරන්නද? වචනේ අහන්නත් ආසයි. ඒත් අම්මාට උදව් වෙන වැඩේ නම් අත්හරින්ට එපා. ඒක බොහෝම හොද වැඩක්. තමන්ගේ මහන්සියෙන් කාටත් යටත් නොවී කරන වැඩක් කොයිතරම් නම් වටිනවද? අනෙක අතට ගානක් ලැබෙන කොට තියෙන සතුට!!!!

    ReplyDelete
  21. මගේ පළවෙනි ජොබ පඩිය රුපියල් 1500 ( අනූ හයේදි ), සීසන් අරන් කෝච්චියෙ කොටුවට ගිහින් එතනින් රුපියල් තුනක් දීල මට්ටක්කුලියට බස් එකේ. ගමන් වියදම පන්සීයයි, දහක් ඉතුරුත් උනා. කළු ගඟ පටන් ගන්න සීත ගඟුලත් හරි පොඩිනෙ මුලදි කියල හිතන් සතුටින් වැඩට ගිය එකේ ප්‍රථිඵල අද විඳිනව. අළුත් රස්සාවට සුභ පැතුම්!

    ReplyDelete
  22. හනේ බං අර කතාවනම් සහතික ඇත්ත.ගෙදරින් ඈත් වෙලා ඉන්න එක නම් හරිම නිදහසක්. මටත් ඕක මේ ලගදි තේරුනේ..

    ReplyDelete
  23. ක්ලාස් එකට සහ ජොබ් එකක් ලැබීම ගැන සුභ පැතුම් පිළිගන්න

    ReplyDelete
  24. ජොබක් සෙට්‍ වෙච්ච එකනම් ලොකු දෙයක්. ඒ කොහෙද කියල තවම කියලනම් නෑ.
    ජොබ් එකත් කරල බලහන්කො එහෙනම් ගෙදරද සැප නැත්නම් ජොබ් කරන එකද කියල :)

    ReplyDelete
  25. Congratulations මධු.
    (මට මධු කිව්වම මතක් වෙන්නෙම කෙල්ලෙක්නේ මොකද මන්දා.)

    ඔයා ගෙදර නිදහස නෑ කියනවා. එලියේ නිදහස තියෙනවා කියලා අපි හිතනවා විතරයි. බැඳීම් රස්සා හා නොකී මෙකී දේවල් එක්ක අපේ ජීවිතේ අපි වෙනුවෙන් තියෙන ඉඩ ඇහිරෙන එක විතරයි වෙන්නේ මල්ලි. පස්සේ කාලෙකදි ඔයාට හිතෙයි අපේ ගෙදර කොයි තරම් නිදසක් තිබ්බද කියලා.

    ReplyDelete
  26. ඉඳිකට්ටි ශෝක් කෙලි පොඩ්ඩ නේ?

    ReplyDelete
  27. ෂාහ්.. පේරාදෙණිය මතක්වෙද්දීත් නිකම් ඇඟට සනීපයි සනීපයි වගේ.. මේ කෙහෙම්මල් කාන්තාරේ වේලිලා වේලිලා ඇති වෙලා.. ඔහොම නිදහසක් දැන් ඉතින් අපිට නා.. මම මගේ මල්ලිටත් කිව්වේ මල්ලි ඇතිවෙනකම් ට්‍රිප් පලයන්, ඇවිදපන්, ඕනේ පිස්සුවක් කෙලපන් මොකද ජොබකට සෙට් උනාම ඔව්ව කරන්න වෙන්නේ හෙන කාලෙකින් කියල. ඌත් රිසල්ට්ස් එනකම් ඉන්නේ. මෙන්න මගේ සුභපැතුම්.. රස්සවටයි අර ෂෝක් කෙලි පොඩ්ඩ දැක්කටයි... හික්..

    ReplyDelete
  28. සුභ පැතුම් අයියා..!!! ඇත්තටම තාවකාලිකව හරි මානසිකව සැහැල්ලු වෙන්න මමත් කරන වැඩක් තමා අපේ campus එක වටේ පොඩ්ඩක් ඇවිදින එක.. එකෙන් හිතට මාර සැහැල්ලුවක් තමා දැනෙන්නේ..!

    ReplyDelete
  29. සුබ පැතුම් යාලුවේ.!අඩේ ඉඳිකට්ටියෙකුත් ඉන්නවද?අපේ උන්දාගෙ නගාද දන්නේ නැහැ..

    ReplyDelete
  30. කියන තරම් ලේසි මචෝ වගකීම් වලින් නිදහස් වෙන එක..

    ජය

    ReplyDelete
  31. ජොබ් එකක් සෙට් උන ගැන අපිටත් සතුටුයි.. ඔන්න මගෙනුත් සුභ පැතුම්... ජොබ් එක මොකද්ද කියලා අපිට හිමීට කියන්නකෝ....

    ReplyDelete
  32. ජොබ් එකට සුභ පැතුම් :) කොහෙද වැඩ කරන්නේ?

    ReplyDelete
  33. All the Best Brother.....

    ගෙදර ඉන්න එකනම් එපා කරපු කේස් එකක්.....

    ReplyDelete
  34. සුබ පැතුම් අයියේ හදවතින්ම .

    අලුත් ජොබ් එක නියමෙට කරගෙන ගෙදර උදවියත් ගොඩ දාගෙන සතුටින් කසාදයක් කරගෙන හැමදාම බ්ලොග් එකත් ලියාගෙන ඉන්න ලැබේවා කියලාම මම පතන්නම්කෝ

    ජය වේවා මචං ..ජීවිතේ දිනපං

    ReplyDelete
  35. පිණිබින්දු අක්කගේ වෙන්ඩ හස්බන් අයියේ බයික්කේ ටයරයක් වුණා කියලා ආරංචියි මේ ඒකවත්ද ?

    ReplyDelete
  36. අය්යාට ජොබ් එකක් සෙට් උනා කිවාහමනම්, ගොඩාක් සත්‍ටුයි.. කැම් එකෙන්ද සෙට් උනේ.. කොහොමහරි හැමදේකටම මම ආයෙමත් සුභ පතනවා ඔන්න.....

    ගෙදර නිදහසක් නැ කියන අය්යම ඉක්මනටම ජොබ් එකට ගිහින් ඕකේ අනිත් පැත්ත කියනවා ශුවර්

    ReplyDelete
  37. මටත් ඔන්න ඔහොම ගෙදරින් ඈත් වෙලා, එකම බැඳීමක්වත් නැතුව ඉන්න ඇත්නම්...
    ජොබ් එකට මගෙන් සුභ පැතුම් අයියේ.. හොදට වැඩ ටික කරගෙන යන්නයි දැන් ඉතින් තියෙන්නේ..

    ReplyDelete
  38. එළ එළ සුභ පැතුම් .........:D

    ReplyDelete
  39. නව රැකියාවට යන මධුරංග පුතුට උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
  40. අලුත් ජොබ් එකට සුභ පෑතුම් අය්යේ.ඔය ඉදිකට්ටි අක්ක පරිස්සම් උනොත් හොදයි වගේ නේද?

    ReplyDelete
  41. @Gimhani :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි. එහෙම වෙනසක් කරන්න පුලුවන් නම් කොච්චර ශෝක්ද !!! නමුත් එහෙම කරන්න බැරි එකනේ දුක.

    @ගිනි කුරුල්ලා :
    අපෝ නෑ. රස්සාවල් තියෙනවා.

    @රහස් පරික්ෂකයා :
    ස්තුතියි :)

    ReplyDelete
  42. @හිතුවක්කාරි :
    ඒක හරි. ඒක දැනෙන්න නම් විඳින්නම ඕනා. ගොඩක් ස්තුතියි නංගි සුබ පැතුම් වලට.

    @සයුරි :
    කොළඹ රටෙන් තමා ජොබ් එක. ස්තුතියි සුබ පැතුම් වලට.

    @Podi Kumarihami :
    අපෝ අමාරුවේ දාන්නේ නෑ. ඔය මගේ හොදම යාළුවෙක් !!!

    ReplyDelete
  43. @නිසුපා :
    අක්කා කියනවනම් එහෙමත් හිතේවි. අර කිව්වත් වගේ බැඳීම් තමා අපට ගොඩක් දුක ගේන්නේ.

    @ම :
    ඒක හරි අයියේ. බැඳීම් වලින් ඈත් වෙලා ඉන්න තරමට නිදහස්.

    @අකීකරු හිත :
    ස්තුතියි. :)

    ReplyDelete
  44. @නදී :
    ක්ලාස් එක සෙකන්ඩ් ලෝවර් එකක් :)
    ස්තුතියි අක්කා. ඔයත් මට ගොඩක් උදවු කරලා තියෙනවා.

    @හරී - පිණිපළස :
    ඇයි අක්කා, කසාද බැන්දම තියෙන නිදහසත් නැති වෙලා යනවද ?

    @ශානු :
    අනිවාර්යෙන්ම හොද ට්‍රීට් එකක් දෙනවා. :)

    ReplyDelete
  45. @කපීකේකි :
    ස්තුතියි පැටියෝ !!!! :)

    @රූ.... :
    ඉස්සර මම් හිතන් හිටියේ රූ කියන්නේ අක්කෙක් කියලා. :)
    තෑන්ක්ස් අයියා. :)

    @කතන්දර Kathandara :
    Thanks for your Wishes !!!

    ReplyDelete
  46. @Sanjaya සිතුවිලි :
    ස්තුතියි :)

    @සාතන් :
    ඉඳිකට්ටි කියලා කියන්නේ මගේ හොද යාළුවෙක්. ගෑනු ළමයෙක් !!!
    සුබ පැතුම් වලට තුති.

    @Anonymous :
    ස්තුති :)

    ReplyDelete
  47. @Kasun :
    අනිත් වැඩේ කිව්වේ ? හික් හික් හික් :)
    තෑන්ක්ස් මචං. අම්මෝ උබවත් දැක්කේ ගොඩ කාලෙකින්.

    @malmi :
    ඉඳිකට්ටි කියන්නේ යාළුවෙක් අක්කේ. අපෝ මට ඕනේ නෑ ලෝක පූජිත වෙන්න. :)
    මාත් කසාදයක් බැඳලා පවුලක් පන්සලක් වෙනවා.
    අක්කා නිදහස පෙරේතියක් නේ. මාත් ඔය නිදහසට ගොඩක් ආසයි. අක්කට ඉතින් දරුවෝ දෙන්නත් එක්ක ඉන්න නිසා නිදහස ගොඩක් අඩු ඇති. :)

    @ඉන්දික උපශාන්ත :
    සතුටින් කරන්න පුලුවන් ජොබ් එකක් තියෙනවනම් ගොඩක් වටිනවා අයියා. ස්තුතියි සුබ පැතුමට :)

    ReplyDelete
  48. @සීතල අයියා :
    ඒකනේ. නිදහස ගොඩක්ම වටිනවා.

    @Observer :
    ඉස් මුදුනින්ම පිලිගත්තා.

    @``` Outsider``` :
    එතකොට ගෙදර ඉන්න එක හොදයි කියලා හිතෙයි.

    ReplyDelete
  49. @Il mondo di una povera pazza :
    කවුරු මතක් උනත් මොකෝ අක්කා. ඔන්න ඔහේ මධූ කියලා කියන්න. අක්කා කිව්වත් වගේ ජීවිතයේ වගකීම් වැඩි වෙනකොට ගෙදර ගොඩක් නිදහස් කියල හිතෙයි. සුබ පැතුම් වලට ස්තුතියි.

    @තොන්සා :
    හිම්... හ්ම්..

    @ක්සැන්ඩර් | Xander :
    ඔය කන්ද උඩරට තරම් සැප සනීප පැත්තක් තියේ යෑ. :)

    ReplyDelete
  50. @ගයන්ත :
    අනිවාර්යෙන්ම ඒක නියම වැඩක්.

    @වීතරාගී :
    බිබී හිටපු තේ එකත් ඉස්මොල්ලේ ගියා. ඔයාගේ මහත්තයාත් ඉඳිකට්ටා නේ. හික්ස් :)

    @Gayan Rupasinghe :
    ලේසි නෑ තමා. :)

    ReplyDelete
  51. @ගැරිජ් මල්ලී :
    ස්තුතියි :)
    මාත් ගියා ගැරෙජ් එක පැත්තේ.

    @Dinesh :
    අනිවාර්යෙන්ම කියන්නම්. :)
    සුබ පැතුම් වලට ස්තුතියි.

    @Harshani Nawarathna :
    ජොබ් එකෙ කොහේද කියලා මම් ජී මේල් චැට් එකේදි කියන්නම්. ස්තුතියි සුබ පැතුම් වලට.

    ReplyDelete
  52. සුබ පැතුම් සහෝ... අම්මෝ ජොබ් නම් මතක් වෙද්දිත් බය හිතෙනවා. අපිටත් තව අවුරුද්දකින් යන්න තියෙනවානේ!

    ReplyDelete
  53. @ඔජායෙ.... :
    අනිවා අනිවා !!!

    @හිස් අහස :
    නෑ මල්ලි. ටයර් එකක් වෙන්න බැරි උනා. අනිවාර්යෙන් මල්ලි උබලගේ අහිංසක සුබ පැතුම් මට ගොඩක් වටිනවා.

    @දේවා ගේ අඩවිය :
    එහෙම කියන්න වෙයි මයේ හිතේ. ගොඩක් ස්තුතියි මල්ලි සුබ පැතුම් වලට. කැම්පස් එකෙන් නෙමෙයි මල්ලි සෙට් උනේ.

    ReplyDelete
  54. @ප්‍රාර්ථනා :
    ගොඩක්ම හරි නංගි. බැඳීම් වලින් ඈත් වෙලා ඉන්න එක නිදහස්. ඔයාගේ සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @The Lion :
    ස්තුතියි :)

    @විසිතුරු | visituru :
    කසාද බැඳල යනවා වගේ නේ බොලව් !!!
    ආහ් නෑ...
    මගේ අපල වලට කොඩියක ලිව්වා වගේ නේ. සුබ පැතුම් වලට ස්තුතියි මල්ලි.

    @හිම හංසි :
    අපෝ මම හොද කොල්ලෙකි. පරිස්සම් වෙන්න කියන්නේ මොකෑ. :)

    ReplyDelete
  55. කව්ද අයියා ඉඳි කට්ටි....මොන දෙපාර්තමේන්තුවටද අනියුක්ත කරලා ඉන්නේ?....අළුත් ජොබක් සෙට් උනාද?

    ReplyDelete
  56. අලේ දැන්නේ දැක්කේ....ජොබ් එකට සුභ පැතුම්....:D

    ReplyDelete
  57. අලේ මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝ.............

    ReplyDelete
  58. ඒ ඉඳිකට්ටි සුදුද බං? බෝලෙ වගේද? ලස්සනද හුරුබුහුටිද....? මොනා වුනත් මට හිතට වැදිච්ච ටික තමා ඒ...

    ReplyDelete
  59. අහ්! රස්සාවටයි,ක්ලාස් එකටයි සුබ පැතුම්....ශෝක් කෙලි පොඩ්ඩියෙකුත් හොයාගෙන එකලාසයක් වෙන්න.....අද මෙකට ගොඩ වැදුනු නිසා පරක්කු වුනා...සොරි

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.