06 October 2011

ලෝක පූජිත ආදර කතා

මේ ලෝකේ හිටපු මුල්ම මිනිහගෙයි ගැහැනියගෙයි පටන් ගත්තම අද වෙනකොට කොච්චර නම් ආදර කතා තිබිලා ඇද්ද.නමුත් ඒ ආදර කතාවලින් කීයෙන් කීයක්ද ලෝක පූජිත ආදර කතා වෙලා තියෙන්නේ. ආදර කතා ලක්ෂයක් ගත්තොත් ඒවයින් එකක්වත් ලෝක පූජිත ආදරයක් වෙලා නෑ. ඒකට තියෙන ලොකුම හේතුව තමයි ගොඩක් ආදර කතා විවාහයකින් කෙලවර වෙන එක. විවාහයකින් කෙලවර වෙන කිසිම ආදර කතාවක් ලෝක පූජිත ආදර කතාවක් වෙන්නේ නෑ.උදාහරණෙකට ගමු සාලිය අසෝකමාලා, රෝමියෝ ජුලියට්, ලයිලා මජ්නු, දෙව්දාස් පාරෝ වගේ ආදර කතා කවදාවත් විවාහයකින් කෙලවර වෙලා නෑ. අන්න ඒ නිසයි ඒ ආදර කතා අදටත් ලෝක පූජිත ආදර කතා කියලා කවුරුත් කියන්නේ. බොහෝමයක් ආදරවන්තියෝ තමන්ගේ ආදරවන්තයාව කෝමහරි කසාද බඳින්න පොළබවා ගන්නවා. එතකොට වෙන්නේ දෙවි කෙනෙක්ට තමන්ගේ දේවත්වය අහිමි උනා වගේ දෙයක්. තමන්ට ලෝක පූජිත ආදර කතාවක හිමිකාරයා/ හිමිකාරිය වෙන්න බැරුව යනවා. ඒ නිසා මම නම් කියන්නේ ආදරේ කළාට කමක් නෑ. කවදාවත් කසාඳ බඳින්න එපා. කසාද බැන්දම කවදාවත් ලෝක පූජිත වෙන්න බැරුව යනවා. දැන් ඉතින් කසාද බැදලා ඉන්න කට්ටිය බඩ පපුව පිච්චිලා යන තරමට හූල්ලන්න එපා. ලෝක පූජිත වෙන්නත් වාසනාවකුයි කර්ම ශක්තියකුයි තියෙන්න ඕනේ. දැන් ආදරේ කරන කට්ටියට තමන් කවදාහරි ලෝක පූජිත ආදරවන්තයෙක්/වන්තියක් වෙන්න හිතේ කොනක හරි අදහසක් තියෙනවා නම් කසාද බඳින එක හිතෙන් අයින් කරලා දාගන්න. ඔය පහල පින්තූරේ ඉන්න දෙන්නව අදුනනවද ? ඒ තමයි හිම කුමාරියි එයාගේ කුමාරයායි. පේනවා නේද ඒ දෙන්නා කසාද බැඳලා වෙච්ච දේ ? කවුරුවත් කියන්නේ නෑ එයාලගේ ආදර කතාව ලෝක පූජිතයි කියලා. පොඩි කට්ටියට උනත් සුරංගනා කතාවක් විදිහට හරි කියන්නේ යාලුවෙලා ඉන්න කාලේ වෙනකන් විතරයි. ඊට පස්සේ උන දේවල් කියන්නේ නෑ. එතකොට දැන් කවුරුහරි කියයි "උබ මේ ඊරිසියාවට කියන කතා !!!! එතකොට සාජහාන් රජතුමායි මුම්ටාස් දේවියයි කසාද බැඳලත් ඔය යස අපූරුවට ලෝක පූජිත වෙලා ඉන්නේ !!!" කියලා. කවුද කියන්නේ ඒ දෙන්නා කසාද බැඳලා සතුටින් හිටියයි කියලා. අනිත් එක තමයි ඒ දෙන්නගේ ආදර කතාව ලෝක පූජිත උනේ ටජ් මහල හන්දා. ඔය ටජ් මහල හදපු නිසා ඒ රටේ ආර්ථික අහේනියකුත් උනාලු. ඇයි සෑහෙන වියදම් ගියාලු නේ ඔය ටජ් මහල හදන්න.ඉතින් රටවැසියෝ දුකෙන් කන්න නැතුව ඉන්නකොට රටේ රජා කරපු මේ වැඩේ හරිද ? නෑ නේ. අනිත් එක තමයි ඒක හදපු දක්ෂ නිර්මාණකරුවගේ අත් දෙකටත් සොට් එක ලැබුනනේ !!! ------------------------------------------------------------ ප.ලි. - මූ නම් පට්ට කොල්ලෙක් ය මූත් එක්ක ලෝක පූජිත ආදර කතාවක් පටන් ගන්න ඕනේ ය කියලා හිතුන කවුරුහරි ගෑනු ළමයෙක් ඉන්නව නම් තම තමන්ගේ CV එක මේල් කරන්න පුලුවන්. ඒත් හිතන්න එපා මූ වේලි වේලි ඉන්න හන්දා අනිවා තමාව තෝර ගනී කියලා.ඒවා හඳේ හරිද !!!! කතාවටත් කියන්නේ සිංහයෝ කොච්චර බඩගින්නේ හිටියත් තණකොළ කන්නේ නෑ ය කියලා. අන්න ඒ හන්දා ඉස්සෙල්ලා ටෙක්නිකල් ඉන්ටර්විවු එකක් තියලා පස්සේ හැදියාව බලන්නත් එක්ක HR ඉන්ටර්විවු එහෙකුත් තියනවා. ඒ දෙකෙන්ම තේරෙන අය තමයි ගන්නේ. එහෙම ගත්තත් ඒ කට්ටියටත් මාස 9ක ප්‍රොබේශන් කාලයක් (probation period - පරිවාස කාළයක්) තියෙනවා. දැන් තේරෙනවනේ මේක කොච්චර අමාරු වැඩක්ද කියලා !!!!

71 comments:

  1. කොල්ල වැඩ පටන් ගන්න වගේ හදන්නේ :D

    ReplyDelete
  2. දැන් එතකොට ලෝක පූජිත එහෙම එකක් හදන්න හදන්නෙ නේද? පැයකට දෙකකට කලින් කියපු දේ වෙනස් කළා නේ?

    කමක් නෑ පුතා උඹට හොඳනම් ලෝක පූජිත වෙයන්... ;)

    ReplyDelete
  3. හොඳ අදහස...මාත් ඔය වැඩේ කරන්ට හිතුවා...:)

    සාලිය-අශෝකමාලා දෙන්නා නම් සතුටින් හිටියා හොඳේ.

    ඔහොම බෑ CV එකට දාන්ට ඕනි තොරතුරු වහාම ඇතුලත් කරන්ට පව්නේ අර ගෑනු ලමයි පෝලිං ගැහිලා බලා ඉන්නවා...:D

    ReplyDelete
  4. පෝය නම් ලබන සතියෙ...මේ කොල්ලට දැම්ම මේ මොකද උනේ ?

    ReplyDelete
  5. සාලිය කුමාරයා අසෝකමාලාව විවාහ කර ගත්තානේ?

    ReplyDelete
  6. @ දිල් - මෙයා මේ උදේ ඉඳල අතන මෙතන ලියපුව එකතු කරල එකතු කරල එක තැනක දාලනෙ දිල්.. :)

    මාත් ඇරියෙ නැ මමත් දැම්ම මගේ කථාව හි හි...

    @ Podi Kumarihami - මේ මේ කවුරුත් කියන පළියට ලෝක පූජිත වෙන්න යනව හෙම නෙවෙයි ඕන්.. ;)

    ReplyDelete
  7. @තාරක Dilsh@n :
    අපෝ නෑ. මම් නිකන් විහිලුවට වගේ ලිව්වේ.

    @තනෝජා රාජපක්‍ෂ :
    ඔන්න ඔන්න ඉතින් තනෝජා අක්කා වරද්දගෙන නේ. බැන්දම කෝමද අක්කේ ලෝක පූජිත වෙන්නේ ??? මම් කිව්වේ බඳින්නේ නෑ කියලා. හික්ස් :)

    @Podi Kumarihami :
    ඕනම CV එකකට ඉන්ටර්විවු කෝල් කරනවා. ඉන්ටවු එකේදි තමා අන්නන්නේ. ඇනගන්න වෙන ප්‍රශ්න ඉන්ටර්විවු එකේදි අහන්නේ :)

    ReplyDelete
  8. @තනෝජා රාජපක්‍ෂ
    කොල්ල බලන්න ඇති දැන් මගෙ කල වයසත් යනවා මෙහෙම ඉදලා හරි යන්නෙ නෑ..පෝස්ට් එක මුවාවෙන් කෙල්ලෙක්ව සෙට් කරගන්න ඕනෙ කියලා...අනේ අනේ මධුවො.....

    ReplyDelete
  9. @දිල් :
    අප්පටසිරි !!!! මොකෑ දිල් අක්කා එහෙම කියන්නේ ?? :)

    @විසිතුරු | visituru :
    ඒ උනාට මල්ලි කවුද කියන්නේ කසාද බැන්දමයි කියලා. :)

    @තනෝජා රාජපක්‍ෂ :
    හා බලමු අක්කද මන් ද දිනන්නේ කියලා :) අක්කට එරෙහිව මල්ලි !!! හික්ස් :)
    ඔන්න මම කියන්නේ කසාද බන්දම ලෝක පූජිත වෙන්න බෑ කියලා. :)
    (අක්කා Vs. මල්ලි)

    ReplyDelete
  10. HR interview 1ka mama karannada ..?

    ReplyDelete
  11. අනේ මට නම් අමරණීය නොවුනත් කමක් නෑ මරණීය වෙන්න හිතෙන්නෙ නැති විදිහට ඉන්න පුළුවන් කෙනෙක් හම්බු වුණොත් ඇති.. හික්ස්.. :D

    ReplyDelete
  12. පොස්ට් එක උඩින් කියවද්දි බැලුව මේ මොන හතර බිරි කතාවක් ද කියල. අන්තිම හරියට එද්දී තමා පොල් පැළේට හැරෙනවා දැක්කෙ!

    ReplyDelete
  13. කපීකේකිOctober 6, 2011 at 5:33 PM

    මටත් මේ කියාගන්න බැරුව හිටියේ.ගොඩක් කල් ඉදන් ඔයාගෙ බ්ලොග් එක කියවනව.ඔයා හොද කෙනෙක් වගේ පේන්නේ.පවුල් බරත් නෑ මල්ලි විතරනේ ඉන්නෙ.ඒ නිසා මමත් කැමති ඉන්ටවිව් එකට එන්න.ඔයා මොනවද බලන කොලිෆිකේශන්ස්?ඉගන ගන තියනව,ඩවුරි නම් නෑ හැබැයි.මට නම් ලෝක පූජිත වෙන්න ඔනේ නෑ.ඉක්මනින් බැදලා එකලසක් වෙන්නයි ඔනේ.ඔයා කැමති නම් මම් කැමතියි.පුලුවන් නම් උත්තරයක් දෙන්න.

    මීට
    ඔයාගෙ ආදර,
    කපීකේකි.

    ReplyDelete
  14. නරක නෑ මධුගේ ප්ලෑන් එකනම්. නොබැඳ කෙල්ලක් ආශ්‍රය කරන්ටයි ඕනකම තිබිලා තියෙන්නේ. මේ අර ගෑනු ලමයි පෝලිම අහනවා ලෝක පූජිත වෙන්ට ඔයාගේ සුදුසුකම් මොනවද කියලා. ඒවත් කියලා දුන්නා නම්. අන්න එක ඇප්ලිකේශන් එකක් දැන්මම ඇවිත්...:)

    @තනෝජා රාජපක්‍ෂ,

    අනේ මටත් ලෝක පූජිත වෙන්ට ආසනේ මෙයා....:D

    ReplyDelete
  15. හික් හික්.. අර සිංහ කතාවට එකෙන්ම එකගයි මචන්... ඒත් මම නම් ලෝක පුජිත වෙන්න ආසා නෑ බොල.. මල වදේ ලෝක පුජිත උනාම... හික් හික්..

    ජය..

    ReplyDelete
  16. දැන් අනේ ඔය පරිවාස කාලෙදි දෙන්නා මොකද කරන්නේ කියලා පොඩ්ඩක් කියලා දෙනවද? මටත් ඉල්ලුම් පත්තරයක් දාලා බලන්න ආසයි වගේ. මම තාම ඉගෙන ගන්නවා. පෙනුමත් හොඳයි. පාරේ යනකොට කොල්ලෝ හැරිලා බලනවා. ඔයා කැතද දන්නේ නෑනේ. ඒ හන්දා ඔයාගේ ෆොටෝ එකක් පෙන්නලාම ඉම්මුද අය්යේ?

    ReplyDelete
  17. ලෝකපූජිත නොවුනට කමක් නෑ ආදර කතාව සාර්ථකව ගොඩනැගෙනවානම්...

    ReplyDelete
  18. හෆොයි මට නම් ලෝක පූජිත වෙන්න ඔනේ නෑ.:))

    ReplyDelete
  19. ඔන්න ඉතින් කවුරු කවුරුත් cv එකක් එව්වොත් හොදයි.පව් නෙ අපේ අය්යා.

    ReplyDelete
  20. අපොයි, මධුරංග අයියට හිටපු ගමන් මේ මොකෝ වුනේ.. මට නම් ලෝක පූජිත වෙන්න ඕනේ නෑ.. හෙ හෙ.. අයියා ඉතින් ඒක දන්නවනේ.. :) ;)

    ReplyDelete
  21. අම්මප මලේ මට නම් විස්වාස නෑ බං මේ උඹමද කියලා. කොහොමට හිටිය එකෙක්ද දෙයියනේ... මොකෑ පුතේ වුනේ එකපාරටම? අනික මිදි තිත්ත වුනාය කියලා කෑගහන්න එපා, කට වහගෙන හිටු කන එවුන්ට කන්න දීලා...

    මගේ ආදර කතාව ලෝක පූජීත නැද්ද බොල?

    ReplyDelete
  22. හෆ්ෆටසිරි..!!!! අයියට වෙච්චි දෙයක්.... නියම අදහස.;)
    ඇබැයි මටත් ලෝක පූජිත වෙන්න ඕනෙ නෑ....

    ReplyDelete
  23. අපෝ මටනම් ලෝක පූජිත වෙන්න ඕන නෑ... මම තනියමම ඉන්නවා.. ඒක හොදයි... මම දන්න කියන අයටත් කියන්නම් අයියට CV එකක් එවන්න කියලා...
    කැම්පස් අවුට් වෙලා මෙයා CV දාන්නේ නැතුව මෙයාට CV එවන්නලු...:)

    ReplyDelete
  24. මේ කියන විදිහට මගේ ආදර කතාවත් ලෝක පූජිත වෙයි වගේ....මලයා.

    ReplyDelete
  25. විවාහ වුණාට පස්සෙත් ලෝක පූජිත නොවුණට ආදරය පවතින අවස්ථා තියෙනව. හැබැයි ඒ විවාහ වුණ කෙනා එක්ක නම් නෙවෙයි. ඒක නිසා බලාපො‍රොත්තු නැති කරගන්න නරකයි කවුරුත්.

    මල්ලි තමයි දවසකට හරි මල්ලි හික් හික්......

    ReplyDelete
  26. ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්......කවුද කියන්නෙ මුම්ටාස් සහජාන් බැඳලා සතුටින් හිටියෙ නෑ කියලා..?? හිකිස්සනේ මැටි අයියේ...ඒ දෙන්න ලව් කරේ බැඳලනෙ.. :P

    අනේ මටත් ලෝක පූජිත වෙන්න කිසිම කැමැත්තක් නැතත්..බලෙන්ම එහෙම වෙයිද මංදා...මොකද ඉතින් වවුල්ස්ව මංචිට නැති වෙන පොටක් පෑදීගෙන එන නිසා.... හයියෝ....අපි දෙන්නටත් වෙන්න යන්නෙ අර දේව්-පාරෝ කතාවෙ වගේ සිද්දියක්නෙ අනේ.... :( හැමෝම ප්‍රාර්ථනා කරන්න හොඳේ එහෙම වෙන්න එපා කියලා... :((((

    ReplyDelete
  27. හෙ හෙ හේ... බුලත්සිංහල මහත්තයත් ලියලා තියෙන්නෙ.. වෙන් වී ගියවුන්ම සැබෑ ප්‍රේම වන්තයින් සේ සිටී කියලා.. :D

    ReplyDelete
  28. මරු සංකල්පනාව මචං. ලෙසටම ලියාතියෙන අපුරුව විතරක්. ස්ලෝ කිරීම් බ්‍රේක් ගැසීම් නැතිව කියවාගෙන ආව. ඒත් ටිකක් නරත වෙලා නොහිතම බැරිව ගියා පසුවදන දැක්කම අනේ අම්මපා. මෙච්චර ලස්සන ලිපියක් ලියල තියෙන ඉන්ටෙන්සන් එක. බලහල්ලකො.


    සාජහන් ගැන යමක්. මිනිහ එදා කරපු ඒ වැඩේ නම් වැරදියි ඒත් අදත් ඉන්දියාව ටාජ් මහල් වලින් හම්බ කරනවා. නේද. අනේ මන්දා ඔව්වා නම් කොයි හැටිවෙතත් මං නම් සීයට සීයම දෙනවා ලිපියට

    ReplyDelete
  29. @මංචි අක්කා- හපොයි, ඒ මොකද ඒ.. :(

    ReplyDelete
  30. ඇයි දෙයියනේ සාලිය අසෝක මාලා බැන්ද නේ..ඒකනේ සාලියට ඔටුන්නත් නැති උනේ :O (බැන්දා කිවුවේ ඉතින් දිගටම දෙන්නා එකට හිටියා කියන එක)

    ReplyDelete
  31. පොඩි හැදින්වීමක් කරන්න ඕනේ...ලෝකේ මුල්ම ගැනියි මිනිහයි ආදරෙන් හිටියා කියලා කොහෙද සදහන් වෙන්නේ? තහනං ගහේ ගෙඩි නං කෑවා කියලා තියෙනවා...මම හිතන්නේ මේ දෙන්නා ආදර වන්තයෝ නෙමයි....

    ReplyDelete
  32. ලෝකපූජිත වෙන්න හේතුව මධුරංග හොඳට අර්ථදක්වලා තියෙනවා. ආදරකතාවක් ලෝකපූජිත නොවුනට කමක් නෑ නමුත් ඒ ආදරේ විවාහය හා ඉන් පසුවත් පවතින්න ඕන. ලෝකපූජිත වුනා කියලා කාටවත් ඇතිවන සෙතක් නෑ නෙ. ලෝක පූජිත වෙලා අන් අයට ආතල් දීලා වැඩක් නෑ නෙ දෙන්නා වෙන් වෙනවානම්. (මොකද ඔය ගොඩක්දෙනා කතා කරන පරම පිවිතුරු නිකලැල් අවංක ප්‍රේමය පරාර්ථකාමීබවින්ම පවත්වන්න අමාරුයි. ඒ නිසා තරමක් හෝ දෙන්නා වෙනුවෙන් ආත්මාර්ථකාමී වෙන්නත් ඕන. ) ලෝක පූජිත වෙනවා කියන්නෙ දෙන්නා වෙන් වෙලා අන් අයට වෙළඳාමක් බවට පත් වෙනවා කියනක නේද? හික්ස්..

    ReplyDelete
  33. අම්මේ මල්ලිටත් හිතෙන දේවල් . මෙහෙම ලිපියක් බැලුවමයි ...

    ReplyDelete
  34. @Tharanga :
    මං හිතුවා උබ ඔය ප්‍රශ්නේ අහයි කියලා. :)

    @Red Riding Hood :
    ඒක ඇත්ත. මැරි මැරි ජීවත් වෙන්න පුලුවන් යෑ.

    @මුහුදු කොල්ලකාරයා :
    එතකොට මුහුදු කියන්නේ මම් ගොනා කියලද ?

    ReplyDelete
  35. "පරම පවිත්‍ර ප්‍රේමය විවාහයෙන් අවසන් වෙයි.". කියන ඒක ඇත්තයි..

    ReplyDelete
  36. @කපීකේකි :
    කාත් එක්ක යාලු උනත් මම් ඔයත් එක්ක යාලු වෙන්නේ නෑ. ඔයාගේ හරි මගේ කරුමයක් පලදීලා මට ඔයාව බඳින්න උනොත් ඔයත් වැඩිමල් මාත් වැඩිමල් එහෙම අය බඳින්න හොද නෑ.

    ඔයා ඉන්ටවු ෆේල් !!!!! :)

    @Podi Kumarihami :
    ඒ කෙල්ලෝ පෝලිමම ඉන්ටවු එවන්න. වලවුවේ එක කෙල්ලෙක්වත් එවන්න එපා !!! :)

    @Gayan Rupasinghe :
    උබ ඔය යන විදිහට ලෝක පූජිත වෙන්නේ නෑ කියන එක නම් මාත් දන්නවා. හික්ස් :)

    ReplyDelete
  37. @Samanalee :
    පරිවාස කාලයේදි කරන්නේ රට වටේ ඇවිදීම, අයිස් ක්‍රීම් කෑම, ශොපින් යාම, etc.. වගේ දේවල්.කොල්ලෝ හැරිලා බලන්නේ ඔයා තාමත් පස්සෙන් එනවද කියලා බලන්න !!!
    පුඃ !!!! ඔයා මාව දැක්කොත් පිස්සු හැදෙයි :)

    @RoshanHerath :
    ලෝක පූජිත ඒවා අනිවා සාර්ථක වෙනවා.

    @නදී :
    අක්කා කැමති උනත් අක්ක්ලෑ අම්මා ඉඩ දෙන එකක් නෑ. :)
    සුබ මංගලම් අක්කේ.

    ReplyDelete
  38. @හිම හංසි :
    cv එවුවට හැමෝම තෝර ගන්නේ නෑ කියලත් කියන්න. නැත්නම් ඔයාගේ යාළුවෝ පවු නේ. :)

    @ප්‍රාර්ථනා :
    ඔවු ඔවු නංගි ලෝක පූජිත වෙන්න එපා. නංගිට ලෝක පූජිත වෙන්න ලැබෙන්න එපා කියලා පතනවා !!!

    @prasanna86k :
    අයියගේ ආදර කතාව අනිවා කෙලවර වෙන්නේ කසාදෙන්. ඒක කෝමද ලෝක පූජිත වෙන්නේ ? යසෝදරාවගේ අම්මත් කැමතියි නේ. අනික අයියට කොයින්ද බාදක !!!

    ReplyDelete
  39. @හිතුවක්කාරි :
    ඒකනේ මම් කිව්වේ වාසනා ශක්තියත් තියෙන්න ඕනේ කියලා.:)

    @Dinesh :
    තනියම ඉන්න එකත් හොදයි මල්ලි. ඔය මාත් ඉන්නේ. කිසි කරදරයක් නෑ. :)

    @- නිල් අහස - :
    එහෙම වෙන්න දෙන්නෙපා අයියා. කෝමහරි හම බාධකයක්ම හැම කරදරයක්ම නැති කරගන්න බලන්න. අයියගේ ආදරයට ජය වේවා !!!

    ReplyDelete
  40. @``` Outsider``` :
    ඔය කියන්නේ දස්කොන් ප්‍රෙමිලා බිසව ගැන නේ. ඔවු අයියා හිතන විදිහට එහෙමත් වෙන්න පුලුවන්.

    @මකුළු පැංචි :
    කොයි ගෑනිත් එක්කද නංගි බැඳලා ආදරෙන් ඉන්න පුලුවන් වෙන්නේ ? හික්ස් :) බැන්දට පස්සේ පාර පනිනකොට අත ඇල්ලුවත් සිල් පද බිදෙන තරම් වරදක්. හා.... නැද්ද මම් කියන්නේ :)

    නංගි බය වෙන්නෙපා ඔයාගේ වවුල්ස් පැංචා ඔයාට ලැබෙයි.

    @නන්දු :
    ඒකනේ නන්දු මාත් කියන්නේ. බැන්දම කොහොමද හොද ප්‍රේමවන්තයෝ වෙන්නේ.

    ReplyDelete
  41. @සිහිනයක මියැදුණ සිතක් :
    එතකොට සීගිරිය, අයිෆල් කුළුන, ඩිස්නි ලන්තය වගේ ඒවත් පෙන්නලා සල්ලි හොයනවා නෙ.ඒ නිසා එහෙම කියන්න බෑ. :)

    @ප්‍රාර්ථනා :
    ආදරයක කොහෙද නංගි බාදා නැත්තේ !!!

    @සයුරි :
    ඕව ඔය බැඳපු කට්ටිය කියන බොරු නේ අක්කා. ඔය කොයි පොතේද තියෙන්නේ සාලියයි අශෝකමාලායි බැන්දා කියලා. හා.. හොදයි කියමු බලන්න ඒ දෙන්නා කොයි කච්චේරියෙන්ද බැන්දේ කියලා ?? එහෙම සදහනක් නෑනේ !!! :)

    ReplyDelete
  42. @ඔබ නොදු‍ටු ලොවක්..... :
    එහෙනම් ඒ දෙන්නව අයින් කරන්න වෙනවා. ඊට පස්සේ ඇති වෙච්ච ආදර කතා විතරක් සලකා බලන්න වෙනවා.

    @RoshanHerath :
    අනිවාර්යෙනම් අද ලෝකේ හම දේම වෙලදාමක් කරගෙන තියෙන්නේ මල්ලි. ඔය ආදර කතා උනත් වෙලදාම් වෙලා ඉවරයි. ඒක ඉතින් ඒ දෙන්නා කැමති උනත් නැතත් වෙනවා.

    @Gimhani :
    හා... හා... අක්කේ ඔවුවා අම්මට කියන්න යන්නෙපා !!!
    අම්මා ගහයි පොල් පිත්තෙන් !!! :)

    ReplyDelete
  43. සහතික ඇත්ත නියම පෙම්වතුන් කවදාවත් එක්වෙන්නේ නෑ එකතු වෙච්ච කිසිම කෙනෙක් නියම පෙම්වතුන් වෙන්නෑ

    මම නම් කියන්නේ හොඳම ක්‍රමේ තමා කසාද නොබැඳ එකම වහලක් යට දුක සැප බෙදාගෙන එකට ජීවත් වීම . අර ලිවිං 2ගෙදර කියලා කියන්නෙ අන්න ඒ ක්‍රමේ ගොඩක් හොඳයි .!

    ReplyDelete
  44. ආ තව දෙයක් ලෝක පූජිත පෙම් යුවලක් වෙන්න සෝට් කට් එකක් තියනවා

    කෙල්ලයි කොල්ලයි එකතු වෙලා ලෝක රොබරියක් දුන්නා නම් නිකම්ම ලෝක පූජිතයි !

    ReplyDelete
  45. අනේ අනේ මලේ ඔයාත්ත් වුන දෙයක්...හික්ස්...
    බුකියෙත් ඔස් සම්බන්දව කතාවක් යනවා දැක්කා.

    මටනම් ලෝක පූජිත වෙන්න කිසිම ආසාවක් නෑ.මැරිලාවත් නිදහසේ ඉන්න වෙන්නෙ නෑ එතකොට..:D

    ReplyDelete
  46. ලෝක පූජිත...පුහ්....ඒකත් නරක නෑ.අනෙක් ඉන්ටර්වීව් වලින් පාස් වුනාට පස්සෙත් අර පරිවාස කාලේ මාස 9ක් කිවුවේ ළමයා හම්බවෙනකං වෙන්න ඇති. ඔහොම යං ඔහොම යං....!!!!

    ReplyDelete
  47. මරු නේ මමත් ලෝක පූජිත විය යුතුයි කියලා හිතුනා

    ReplyDelete
  48. ගොඩක් කාලෙකින් එන්න හම්බවුණේ වැඩ හින්දා..
    එ ටිකට මධු අයියට මොකක්ද අප්පා වුණේ...?
    ලෝක පුජිත වෙන්න ‍ෆිල්ම් එකක් කරලා පුළුවන් වෙයිද?

    ReplyDelete
  49. මල්ලි උඹ මොකාටද ඒපාර අදින්නේ? අර උඹේ වසවර්ති පොඩි එකා ෂුවර් එකට චන්දෙ වත් ඉල්ලනවද කොහෙද??

    ReplyDelete
  50. හෆොයි
    ප/ලි කෑල්ලෙනෙ වැදගත්ම දේ තිබුනෙ.

    ඔය තියන ඉන්ටව් වල විස්තරයක් තියන පොස්ටුවකුත් අනිවා දාන්න.

    ReplyDelete
  51. බයි ද වේ අයියේ තව ඩබලක් ඉන්නවා ෆේමස්.. මධු ඇන්ඩ් දසුන් ;)

    ReplyDelete
  52. අම්මෝ මධුරංග අයියාට වෙලා තියන දෙයක්.. ලෝක පූජිත වෙන්න ආස හිතුනෙ මොනවා වෙලාද?? කොහොම උනත් ලෝක පූජිත වෙන්න වටින තරම් යාලුවො මට නම් නෑනෙ. නැත්නම් මට කියන්න තිබුනා එයාලටත් CV එවන්න කියලා. අපරාදෙ.. :(

    ReplyDelete
  53. මචෝ HR interview එකේදී හැදියාව විතරද බලන්නේ , ගති ගුණ එහෙම හොයල බලන්නේ නැද්ද?

    ReplyDelete
  54. අන්න යසයි... ඔය කියන එකෙක් තොර ගත්තහම මටත් කියහන් දුෂ්ටයාට රගපාන්න.. ඔයා ලොක පුජිත වෙන්න..ඇයි ඉතින් පුජිත නොවුනට හිට්ලර් ගැනත් කට්ටිය කතා කරන්නේ..:P :D :D

    ReplyDelete
  55. ඊයේ පෙරේද බ්ලොගේක කියෙව්ව, ටජ් මහල හදල තියෙන්නෙ පොරගෙ හතර වෙනි ගෑණිට ආදී වශයෙන් ආදරේට හදපු එකක් නෙමේ කියල සෑහෙන විස්තර ටිකක්. ඉතිහාස කතන්දරත් ටික ටික වෙනස් වෙනවනෙ කාලෙත් එක්ක.

    ReplyDelete
  56. මචං ලෝක පූජිත වෙන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා.කෙල්ලෙක්ට ට්‍රයි කරලා සෙට් වෙන්නෑ කියලා මොකක් හරි හිතාගන්න අමාරු විදිහකට මැරියං.අන්න එතකොට ලොවෙත් ලෝක පූජිත වෙනවා.හැබැයි එහෙම හිතං ඉන්නවානං අපිටත් කියපං අපි ඇවිත් අඬන්නං ලෝකෙටම ඇහෙන්න.එතකොට ලෝකෙම හොයයිනෙ කවුද මේ මැරිලා ඉන්නෙ කියලා....

    ReplyDelete
  57. හිම කුමාරිලාගෙ ෆැමිලි ෆොටෝ එක ශෝයි,, දැක්කෙ නැද්ද සින්ඩරෙල්ලගෙ ෆොටෝ එක? අනේ මේ කොළුවටත් හිතෙන දේවල් :D :D

    ReplyDelete
  58. මේ මොකද අය්යාට උනේ අෆ්ෆා... ඔන්න මට නම් මේ අත්මේවත් උපදින කිසිම අත්මෙකවත් ලෝක පුජිත වෙන්න ඕනේ නම් නැතුවා..

    ඔය කිවට අය්යාටත් ඕනේ නැ කියලා අපි දන්නවානේ...

    ReplyDelete
  59. මට පේ‍න්නෙ මධුරංග මලය ලෝක පූජිත විදිහට වලේ වැටෙන්නයි යන්නෙ.... ඇත්ත කියපන් කාට හරි ඇම දාල නේද තියෙන්නෙ මේ වෙද්දි...

    ReplyDelete
  60. අර තව කතාවක් තියෙනවා නේද බං නරියා මිදි තිත්තයි කිව්ව කතාවක්. හික්ස්...

    මේ ඒක නෙමෙයි අර ඇච්.ආර්. ඉන්ටර්විව් කතාවක් ගැන කිව්වා නේද? මම ඇච්.ආර්. කරන එකෙක්. මම ඕනනම් කට්ටියව ඉන්ටර්විව් කරලා දෙන්නම් නොමිලේ. ;)

    ReplyDelete
  61. @හිස් අහස :
    ඔය ලිවින් ටුගෙදර් කිව්වම මට කොල්ලෝ දෙන්නෙක් ගේ කතාවක් මතක් උනා. :)

    @නිසුපා :
    ඒ කියන්නේ අක්කා කාටහරි බහ දීලා වගේ. :)

    @malmi :
    අම්මෝ අපේ අක්කා හිතලා තියෙන දුර. මම් කිව්වේ ආදරේ කරන කාලේ අක්කා. ඒ උනාට අපේ අක්කේ අද ඉන්න කොල්ලෝ කෙල්ලෝ ආදරේ කියලා ඕ වගේ ආසාවල් වලට රවටිලා. දුක තමයි අක්කා.

    ReplyDelete
  62. @sameera :
    එහෙනම් දැන් මම වැඩ පටන් ගන්න. ටික කාලයක් යනකොට පූජිත වෙන්න පුලුවන්. :)

    @රහස් පරික්ෂකයා :
    ෆිල්ම් එකක් කරලා පුලුවන්ද කියලා නම් මම් දන්නේ නෑ.

    @ක්සැන්ඩර් | Xander :
    හික්ස් :)
    නෑ නෑ. එහෙම එකක් නෙමේ අයියා. :)

    ReplyDelete
  63. @රූ.... :
    අනිවාර්යෙන්ම !!!
    ඉන්ටර්විවු එක ඕනේ නම් ලයිව් දෙන්නම් :)

    @ChammA :
    වැරදියි. මධූ නෙමෙයි හිතූ. හිතුයි දසුනුයි. :)

    @හංසි :
    අපරාදේ තමා. මොනා කරන්නද නංගි.

    ReplyDelete
  64. @Kalum Meshantha Fernando :
    ෂ්.... කට !!! කට !!!

    @චතුමිතු :
    චත්තව තමා ගන්න වෙන්නේ ලෝක පූජිත වෙන්න. :)

    @Observer :
    ඒකනේ මහත්තයෝ. ඉතිහාසය කාලෙන් කාලෙට වෙනස් වෙනවා.

    ReplyDelete
  65. @දිනුක ජයකොඩි :
    උබේ කමෙන්ට් එක කියවලා හිනා වෙලාම මලා. :)

    @හරී - පිණිපළස :
    ඒකනේ අක්කේ. මට අමුතු අමුතු එවුවා තමා හිතෙන්නේ. :)

    @දේවා ගේ අඩවිය :
    මටත් ඕන් නෑ තමා මල්ලි. කවුදෑ ඕවට කැමති. :)

    ReplyDelete
  66. @සාතන් :
    මෙහෙම ගියාම වලෙත් වැටියි අයියා. :)

    @සීතල අයියා :
    අපෝ ඒ කතා කියෙව්වේ පොඩි කාලේ මල්ලි. අපි දැන් ඔවුවා කියවන්නේ නෑ.

    @සරත් ලංකාප්‍රිය :
    ඒකනේ අයියා. අයියලාට ඉතින් අද්දැකීම් තියෙන කට්ටිය නේ. :)

    ReplyDelete
  67. හෆ්ෆටසිරි මොකෝ මේ උනේ.....

    (මේ...විහිළුවට වගේ අහන්නෙ..
    දැන් කීයක් විතර CV ලැබුනද...;) ;))

    ReplyDelete
  68. මොකද මේ හොඳට හිටිය එකාට උනේ .....
    “ඔය ටජ් මහල හදපු නිසා ඒ රටේ ආර්ථික අහේනියකුත් උනාලු.“ ටජ් මහල් නොහැදුවට අපේ රටටත් මේකියමන නං අදාලද මන්ද ..

    ReplyDelete
  69. anthima hariyata yanakotane kathawe hodama hariya dekke.oya kiyana kena thoragathtada den. nethnam udawuwak ehema onenam kiyanna hode :P

    ReplyDelete
  70. ටාජ් මහල් කිව්වාම මතක් වුනේ සත් සමුදුර කියන බ්ලොග් එකේ තිබුණා ටාජ් මහල ෂා ජහන් රජුගේ නිර්මාණයක් නෙමෙයි කියලා දැන් පිළි අරගෙන පරීක්ෂණ කරනවා කියලා. පොඩ්ඩක් කියවලා බලන්න අයියා

    http://sathsamudura.blogspot.com/2011/01/blog-post_1967.html

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.