05 October 2011

ලොකාට්

මම් ට්‍රේනින් ඉන්න දවස්වල මම් වැඩ කරපු කම්පැණියේ හැම අවුරුද්දකම වගේ යන ට්‍රිප් එක යන්න ලැබුනා. අපේ වාසනාවට වගේ අපි ට්‍රේනින් ඉන්න දවස්වල තමයි ට්‍රිප් එක යන්න තීරණය කරලා තිබ්බේ. ඒ අවුරුද්දේ අපි ගියේ නුවරඑළියට. දවස් දෙකක ට්‍රිප් එකක්. කෝමහරි පළවෙනි දවසේ හවස් වෙනකොට නුවර එළියට ලඟා උනා. අපිට වෙන් කරලා තිබ්බ හෝටලයේ කාමර වලට ගෙනාපු බෑග් ටික දාලා ඇවිදින් ජර්සි එහෙම ඇඳගෙන පොඩ්ඩක් ඇවිදින්න කියලා ගියා.යමින් ගමන් අයිස් කැප් එකක් එහෙම කාරිය අරගෙන ටවුම පැත්තට ගියා. නුවර එළිය ටවුන් එක පුරාම පලතුරු කඩ. නා නාප්‍රකාර පලතුරු. තැන් දෙක තුනකම තිබුනා වෙරලු වගේ හැඩයක් තිබ්බ කහපාට පලතුරු ජාතියක්. කඩේ හිටපු කෙනාගෙන් මේ මොනවද කියලා ඇහුවා.ඒ මනුස්සයා කියපි මේ ලොකාට් කියලා. මෙවුවායේ නම ඉංග්‍රිසියෙන් ලියන්නේ loquat කියලා. ම්හු.... උපන්තේකට අහලා නෑ.කොයිකටත් කියලා මල්ලක් පිරෙන්නම ලොකාට් ගත්තා.
(ඔය තියෙන්නේ ඉදිච්ච ලොකාට් ගෙඩි)
ලොකාට් ගත්තට කන විදිහ දන්නෙත් නෑ. ඒකත් අහ ගත්තේ ඒ මනුස්සයාගෙන්. පොත්ත අයින් කරලා මදේ ලු කන්නේ. අප්පේ..... මාර ඇඹුලයි. නෙල්ලි වගේ. හැබැයි ඉදුනු ගෙඩි නම් එච්චර ඇඹුලක් නෑ. කෝමහරි අපි ගිය සෙට් එකෙන් මම් විතරයි ලොකාට් ගත්තේ. අනිත් එවුන්ට දුන්නත් එක ගෙඩියකට වඩා කෑවේ නෑ. ඒ අර ඇඹුල් ගතිය හන්දා. ඔය ලොකාට් කියන ජාතිය ලංකාවට ආවේණික නෑ. ලොකාට් වල නිජබිම දකුණු චීනය. ඒ රටවල් වල සරත් කාලයේ නැත්නම් ශීත කාලයේ මුල් හරිය වෙනකොට මල් පිපෙන්න පටන් ගන්නවා ලු. ලොකාට් වල මල් සුදු පාටට හුරුයි ලු.ගෙඩි ඉඳෙන්න ගන්නේ සීත කාලයේ අග හරියේ නැත්නම් වසන්තකාලයේ මුල් හරියේලු.
(සුදු පාට ලොකාට් මල්)
ඉතින් මම් ඔච්චර කියන එකේ නුවර එළි ගිය වෙලාවක ලොකාට් කාලම බලන්න.මම නම් ඇට හිටන් ගෙනාවා පැල කරන්න. ඔන්න අපේ යහා නම් පැළ උනා. තාම පොඩි පැල තියෙන්නේ.

53 comments:

  1. කපීකේකිOctober 4, 2011 at 7:16 PM

    අපේ යහා නම් පැළ උනා.

    //අපේ යහා කියන්නෙ මොක?

    ReplyDelete
  2. මමත් ලබන සතියෙ යනවා.තිබුනොත් කාල බලන්නම්කෝ.

    ReplyDelete
  3. කපීකේකිOctober 4, 2011 at 7:20 PM

    මම්ත් කාල තියනවා.එච්චරම රහක් නෑ නේද?

    ReplyDelete
  4. මම නම් කාලා නැත...රස මොනා උනත් දැක්ක ගමන් නෙත ඇදලා යන පැහැයක් තමයි ඉඳුනු ගෙඩිවල තියෙන්නේ...නේද මධූ...

    ReplyDelete
  5. මම කාලා තියෙනව මෙහෙදි.. හැබැයි ඒ තරම්ම ඇඹුලක් නෑ... කිව්වත් වගේ හැමදාම නෑ. කාලෙකෙට විතර්යි තියෙන්නේ.. අපේ ෆැලට් එක පල්ලෙහා ගහක් තියෙනවා...

    ReplyDelete
  6. මම නම් ඇහුවෙත් අදයි :P ,.. මධුරංග අයියගේ ගෙදර පැලේකින් අපිටත් එහෙනම් ලොකාට් කන්න පුළුවන්නේ තව ටික කාලෙකින්.. :)

    ReplyDelete
  7. මම නම් අදමයි ඇහුවේ...

    ReplyDelete
  8. අපේ යහ= අපෙ ගෙදර ප්‍රාදේශිය ව්‍යවහාරෙන්,
    මම ඔය ගහේ විද්‍යාත්මක පැත්ත හොයන්නම්...

    ReplyDelete
  9. @කපීකේකි, අපේ යහා = අපේයහා = අපේ ගෙදර
    ලංකාවෙ එක එක පැතිවල පාවිච්චි කරන වචන එකිනෙකට වෙනස් මම හිතන්නේ කපීකේකිට මෙතන වුන අවුල ඒකයි නැත්තං ස්පේස් එකක් තිබුන නිසා වචන 2කට කියවද්දි මීටර් නොවීගියාද දන්නෑ

    ReplyDelete
  10. මේ අර ගඩිගුඩා වගේ ජාතිය නේද මමත් කාලා තියෙනවා එක පාරක්

    ReplyDelete
  11. නිකන් මොර වගේ පෙනුමක් තියෙනවා නේද?
    මමත් නුවර එළියේ නිතර ගිහින් තිබුනත් ඔහොම පළතුරක් ගැන මතකයක් නැහැ. සමහර විට ඇහැ ගැහුනත් මධුරංග මල්ලි වගේ උනන්දුවක් ඇතිවෙන්ඩ නැතුව ඇති. ඊළඟ සැරේ ගියහම බලමු.

    ReplyDelete
  12. දැකල තිබුණෙත් නැහැ, කාල තිබුණෙත් නැහැ, මෙහෙ සුපර් මාකට් වලදි දැක්ක කියලා මතකෙකුත් නැහැ, පොඩ්ඩක් විපරම් කරල බලන්න ඕනෙ, ඇඹුල් ජාති වලට මම කැමති නැහැ. ඒත් ඉතිං රහ බලන්න ආසයි.. මල්ලිලගෙ දිහා එන්නම්කෝ කාලා බලන්න

    ReplyDelete
  13. ඔන්න අය්යා ගෙදර ගහේ ගෙඩි හැදුනහම අපිටත් කියන්න ඕනා... කොහොමත් මම ඔය පැත්තේ එන්නම තමා හිතන් ඉන්නේ.. තාම මල් වත් නැතිද ඉතින්

    ReplyDelete
  14. මමත් මේ පළතුර ගැන දැන ගත්තේ අදයි .ඒ එක්කම හොඳ තොරතුරු ටිකකුත් දැනගන්නට ලැබුණා ..බොහොම ස්තුතියි .

    ReplyDelete
  15. කාලා තිබේ.. බොල මදුවෝ. ඕක පට්ට ඇබුලයි නොවැ...

    ජය...

    ReplyDelete
  16. මමත් කාලත් නැහැ අදමයි ඇහුවේ ඔහොම ගෙඩි ජාතියක් ගැන .........

    ReplyDelete
  17. මේ ලඟදී ගූගල් බස් එකක් පවා ඔය ලොකට් සම්බන්ධව ධාවනය උනා ........:D

    ReplyDelete
  18. ඊලඟ පාර ගියාම බලන්ට 'කිවි' කියලා පලතුරක් තියනවද කියලා...:D

    ReplyDelete
  19. අනේ මමත් ගියා ගිය මාසේ දැක්කේ නැනේ.......

    ReplyDelete
  20. මාත් කාලතියෙනවා. ඉදුනාම රසයි.. මොර ගෙඩි වගේ.. ඕකට තව නමක් තියෙනවා මට මතක නැහැ..

    ReplyDelete
  21. මෙන්න මූ අපිට වස කවන්න හදනවද කොහෙද? කවුරුත් අහුවෙන්න එපා ..ලොල්...

    ReplyDelete
  22. මාර සීන් එකනේ. මමත් නුවරඑලියේ 14 පාරක් විතර ගිහින් තියෙනවා. ඔය කියන ලොකාට් ද මොනාද කාලා තියා අහලවත් නැනේ. ඊළඟ සැරේ නම් කොහොම හරි හොයාගෙන කන්න ඕනේ ඇඹුල් උනත්. මොනවා උනත් ගොඩක් ස්තූතිය් නොදන්නා දෙයක් ගැන අපට විස්තර කලාට.

    ReplyDelete
  23. නම නම් අහල තියෙනවා ඒත් කාලා නැත.

    ReplyDelete
  24. ලොකට් මම කාල තියනව හග්ගල මල් වත්ත ලඟ තියනවා
    …අනිවාර්යෙන්ම . ඉදුනම රසයි .

    ReplyDelete
  25. ඕව නුවරඑළියෙ විතරක් නෙවෙයි තියෙන්නෙ කඳුකර ප්‍රදේශ වල හැදෙනව. ඉදුණු නැති ඒව ඇඹුල් රස වුණාට ඉදුණු ඒව පැණි රසයි. හැබැයි සමහර වර්ග තියෙතනව ඉදුණත් ඇඹුල් රස තියෙන. ඒ වගේම ඒ පැති වල ඉස්සරනම් මේ ගස් ඉතාම සුලබව හැදෙන තත්වයක් තිබුණ ඇටයක් විසි කලත් පැලවෙලා අවුරුදු දෙක තුනකින් පැල දරණ තත්වෙන්. ඒත් දැන්නම් එතරම් සුලභ නෑ. මේව විතරක් නෙවෙයි ඒ කාලෙ කඳුකර ප්‍රදේශ වල හොඳට වැඩුණු සමහර එළවඵ, පළතුරු විදියට ගැනෙන ඒව දැන් දුර්ලභ වෙලා. ඒ තරම් පහසුවෙන් පැල වෙලා ඵල හටගන්නෙ නෑ. පසේ වැරැද්දක්ද, නැත්නම් වෙන මොකක් හරි දෙයක්ද කියන්න දන්නෙ නෑ.

    හැබැයි ඉතින් ලොකාට් චීනෙන් ආපු එකක් කියලනම් දැන ගත්තෙ අද.

    ReplyDelete
  26. @කපීකේකි :
    අපේ යහා කියලා කිව්වේ අපේ දිහා කියන එකනේ. ලොකාට් එච්චර රහ නම් නෑ. හැබැයි ඇබුලයි. ඔයත් කාලයක් ගියාම ඔවුවා උනත් රහයි රහයි කියලා කයි.

    @නදීර සඳරුවන් ලියනගේ :
    අනිවාර්යෙන්ම් සාම්පල් ගෙඩියක් දෙකක් කාලා බලන්න.

    @දිල් :
    ඔවු අක්කා. පාට ලස්සනයි. මාත් ඒකම තමා ගත්තේ. හික්ස් :)

    ReplyDelete
  27. @Dinesh :
    එහෙනම් මෙහෙ කට්ටිය ඉදෙන්න කලින් කඩපුවාද මන්දා. ඒවා මාරම ඇඹුල්.

    @ප්‍රාර්ථනා :
    ගෙඩි හැදිච්චම ඔයාට ගෙනත් දෙන්න බැරුව යෑ. එකම ගමේ නේ.

    @සයුරි :
    ලංකාවට ආපු වෙලාවක හොයා බලන්න අක්කා.

    ReplyDelete
  28. @Gordonia ceylanica :
    මට ඔය ගහේ විද්‍යාත්මක පැත්ත හොයාගන්න බැරි උනා. ගොඩක් වටියි ඒ ටිකත් පෝස්ට් කලොත්.

    @කිඩෝ :
    අම්මෝ කිඩෝ මල්ලි වචනේ විග්‍රහ කරලා තියෙන තරමක්. ඕකට මුල කපි කේකි නංගි නේ !!!!

    @පුංචි රස්තියාදුකාරි :
    ගඩු ගුඩා වගේ තමා ඒත් පාට් වෙනස්.

    ReplyDelete
  29. @පොත් ගුල්ලා :
    ඊලඟ පාර ගියහම මාව මතක් වෙලා ලොකාට් ගන්න. කාලා ඇඹුල් නම් ආයෙම මාව මතක් වෙයි. එතකොට මගේ නාහේ දන්න ගනීද මන්දා.

    @හරී - පිණිපළස :
    ගෙඩි හැදුනම අක්කට ගෙනත් දෙන්නම්. එතකොට බැරුවා යෑ කාලා ගුණාගුණ කියන්න.

    @දේවා ගේ අඩවිය :
    මලුත් නෑ. තාම පැළ. අපි ට්‍රිප් එකක් යන්. එතකොට පුලුවන් නේ ඔවුවා කන්න.

    ReplyDelete
  30. @මහේෂ් නිශාන්ත :
    නොදන්න දෙයක් කියලා දෙන්න පුලුවන් වෙච්ච එක ගැන සතුටුයි.

    @Gayan Rupasinghe :
    ඒකනේ මම් කිව්වේ. ඇඹුල් කියලා.

    @Sanjaya සිතුවිලි :
    නුවරඑළි ගිය වෙලාවක හොයලා බැලුවොත් කන්න ලැබේවි. :)

    ReplyDelete
  31. @The Lion :
    ඔය සුදු හංසිලාගේ ගෙවල් පැත්තේ නම් ඕවා තියෙනවා.

    @Podi Kumarihami :
    අනිවාර්යෙන්ම අක්කා. මම් හොයලා බලන්නම්. කිවි කියලා පලතුරු ජාතියක්.

    @ඔබ නොදු‍ටු ලොවක්..... :
    එහෙනම් අවාරේ වෙන්ටෑ....

    ReplyDelete
  32. @සරත් ලංකාප්‍රිය :
    ඕවා රහයි කියලා කියපු එකම කෙනා අයියමද කොහෙද. :)
    අනිත් නම මතක් උනොත් මටත් කියන්න අයියා.

    @පැණි දොඩම් :
    වහ නෙමේ.... එතකොට මම් මැරිලා යෑ. මේ යස අගේට ගහක් ගලක් වගේ ඉන්නේ.

    @Prabhath :
    අනිවාර්යෙන්ම හොයලා බලන්න. හම්බ වෙයි.

    ReplyDelete
  33. @පිණිබිඳු... :
    වෙලාවක කාලා බලනු... !!!

    @Gimhani :
    ඒකනේ ගිම්හානි අක්කේ. ඉදුනම රහයි. :)

    @``` Outsider``` :
    ඒක හරි අයියා. මොන දේ උනත් කාලයක් යනකොට ඒවා දුර්ලභ වෙනවා. ඒ නිසා අඩුම තරමේ එක පැළයක්වත් හිටවන්න ඕනා.

    ReplyDelete
  34. නොදන්න දෙයක් ගැන මලයා කියන කොට නාහ ඉන්නෙ කෝමෙයි. අනේ ඕවා ගෙනැල්ල පැල කොරලා වතුර දදා ඉන්න බෑ බං. මං බොලෑ ගෙදර එන්නං ලොකාට් කාලම යන්න. ගෙඩි ආහම කියන්නකො.

    ReplyDelete
  35. මේ ඇහුවමයි... ඕං මලේ ගෙදර ගහේ හැදුනම ඕනෙ හොඳේ?

    ReplyDelete
  36. ඕක තමයි බොල කියන්නෙ පොත්තෙ රතට ‍රැවටෙන්න එපා කියල, බලහං පොත්ත ඇරියම දැනෙන ඇඹුල... හොඳ වැඩේ පොත්තට ‍රැවටිලා මල්ලක්ම ගත්තට, ඒ මදිවට පැලත් කොරං. අනේ බං ඔයිට නරකෙයි අර බඩ ඉරිඟු තවානක් දැම්මනං

    ReplyDelete
  37. මමත් ඔයා වගේම එහෙ ගිය වෙලාවක ඕවා දැකලා මුදලාලිගෙන් අහුවා මොනවද කියලා...ඒත් කවදාවත් නමවත් අහලා නොතිබුන නිසා ගත්තෙ නෑ..අපරාදේ ඔයාගෙ ලිපිය බැලුවම හිතුනා මමත් අරන් කාලා බැලුවනම් ඉවරයි කියලා...මොකද ගෑණු ළමයි නම් හරි කැමතිනේ ඇබුල් කන්න...

    ReplyDelete
  38. නුවර එලියේ ගිහිල්ලත් නෑති මම ඔවුවා ගැන ඇහුවෙත් අදයි .

    මධුරංගයියලෑ දිහා ඔයින් ගහක් හැදුනාම ඒකේ ගෙඩිත් හැදුනාම දාන්ඩකෝ පෝස්ට් එකක් බලන්න ..තව වසර 25 විතර

    ReplyDelete
  39. @malmi :
    අනේ යකඩෝ !!! ඔක්කොමල්ලා ලේසියට වැඩ. හා කෝ. මම් ගෙනත් දෙන්නම්. :)

    @මන්තරකාරි :
    අනිවාර්යෙන්ම දෙන්නම්. තාම පැළ හැබැයි.

    @nawammawatha :
    ඉතින් කවුදෑ අයියා දන්නේ ඔවුවා ඔච්චරම ඇබුලැයි කියලා. ඇරත් ඉදුනම රහයි නෙව.බඩ ඉරිඟු පාත්තියක් දැමනම් ඉවරයි තමා. මෙවුවා පැළ කරන්න හරිම අමාරුයි. :)

    ReplyDelete
  40. @Shani :
    දන්නේ නැති නිසයි අහන්නේ. මොකෑ ගෑනු ළමයි ඔච්චරටම ඇඹුල් කන්න ආසයි කියලා කියන්නේ ?? හික් :)

    @හිස් අහස :
    අනිවාර්යෙන්ම මම පෝස්ට් එකක් ලියන්නම්. හැබැයි ඒකට සෑහෙන කාළයක් බලන් ඉන්න වෙයි.

    ReplyDelete
  41. මං හිතන්නේ මචෝ ලොකාට් කියන්නේ අපි සීනි පේර කියන පලතුරුද කොහෙද. ඕක ඉදුනාම රතු පාටටත් තියෙනවද. හරියට ඇඹුල් පේර වගේ. මං හිතන්නේ ඒව තමයි කොහෙද. ඒවා නම් විකුනන්න තියෙනවා පොඩි ඉටි බෑග් වල දාල හක්ගල, ඇඩිශම් වල එහෙම.

    ReplyDelete
  42. ලොකාට්? ම්හූ.. අහලම නෑ නේ? ශික්.. බලන්න අපි ළඟ ඉඳලත් දන්නේ නැති දේවල් ගොඩක් තියනවා. අහල තියනවද නිල් වෙරළු ගැන? ලංකාවේ මම දන්නා විදියට තියෙන්නේ ගස් දෙකයි. එකක් තියනවා පේරාදෙණියේ උද්භීත උද්‍යානෙ. මේ වෙරළු නිල් පාටක්, සාමාන්‍ය වෙරළු වගේම රස. එත් ගහ හැදෙන්නේ නෑ. පේරාදෙණියේ කෘෂිකර්ම එකකෙයි උද්භීත උද්‍යානයයි එකතුවෙලා එක ගෙන වෙනම පරීක්ෂණ කරනවා කියල මම දන්නවා.

    ReplyDelete
  43. මං නම් කාලත් නෑ අහලත් නෑ.ස්තූතියි මෙහෙම එකක් තියෙනවා කියලා දැනුවත් කලාට. අපිට ඔයාගෙ ගහෙන් ගෙඩි ටිකක් කන්න බැරියෑ නේද?

    ReplyDelete
  44. එලම එලෝ.... මමත් මේ ඉරිදා ඉඳන් දවස් තුනක් නුවර එළියේ... මං හිතන් උන්නේ ඉට්ටෝබෙරි ගන්න... දැන් ගන්නේ ලොකාට්....

    තෑන්ක්ස් මචං... (ඉට්ටෝබෙරිත් ගන්නවා නැත්තං ඒ ටික සැට් කරලා දුන්න බ්ලොග් යාළුවා මාව වඩාගනියි)

    ReplyDelete
  45. @ ක්සැන්ඩර්,
    ඒ මොනවද අප්පේ,, මෙහෙ තියෙනවා කළු පාට ඔලිව්. ඔලිව් වලත් තියෙන්නෙ වෙරළු වලට හුරු රසක්, හැඩයත් ඒ වගේ. එහෙම දෙයක් වෙන්න බැරිද? දන්නවා නම් විස්තර හොයලා කියන්නකෝ

    ReplyDelete
  46. ෆ්ටෝ එක දැකල මගෙත් හක්කෙ පොට ගියා.. ඇඹුලයි නේන්නම්...

    ReplyDelete
  47. @Prabhath :
    ඉදුනම රතුපාටක් නෑ. ඒවා ඇබුල් පේර නේ. ඒවා ඉදුනම තමා පැණි රහ වෙන්නේ. මේවා රතුපාට වෙන්නේ නෑ බං. :)

    @ක්සැන්ඩර් | Xander :
    මම නම් නිල් වෙරළු ගහ දැකලා නෑනේ. ලඟදි ගිහින් බලන්න වටිනවා.

    @නිසුපා :
    ඔන්න මම නම් ගහ දන්න අයට කොල කඩා පාන්නේ නෑ. :) අනිවාර්යෙන්ම අක්කට පංගුවක් වෙන් කරලා තියනවා.

    ReplyDelete
  48. @prasanna86k :
    මාත් ඉට්ටෝබෙරි ගත්තා. ඒවා මාර ගනන් නේ. ඉට්ටෝබෙරි ලොකාට් තව පෙයාස්. එතනින් ගියාම තව ජාතියක් ගත්තා ඒවා නම් මතක නෑ.

    @හරී - පිණිපළස :
    ඔය ඔලිවු ද දන්නේ නෑ අර විදිහට ඩෝනට් වල ඉරටු කෑල්ලක ගහලා තියෙන්නේ. මම් ඔලිවු කාලා නෑනේ.

    @පොඩි මෑන් :
    අම්මෝ උබ ඇබුල් කරන විදිහට මයේ ඇඟ හිරිවැටිලා යනෝ. කන්න බැරි නම් නොකා ඉදින් :)

    ReplyDelete
  49. හරී - පිණිපළස: ඔලිව් නෙවෙයි මම ඔලිව් දන්නවා. කාලත් තියනවා. ඔය නිල වෙරළු ගෙඩිය ඔලිව් (බ්ලැක් ඔලිව් ) වගේ තමා. එත් ඒක කළු පාටට වඩා නිල් පාටට හුරුයි හරියට කොළ පාට නිලක්. ඔය ගැහෙ අනිත් ගහ තිබ්බේ මගේ යාලුවෙක්ගෙ ගෙදර. දැන්නම් තියනවද දන්නේ නෑ, මිනිහ ඕක ගැන කියල මට ගෙඩි 2 -3 දෙනකම්ම මම දනන් හිටියේ නෑ ඔහොම එකක්. ඒ ගහ තිබ්බේ වැලිගල්ලේ. ගම්පොල නුවර පාරේ ගම්පොළට කි.මි. 6ක් විතර මෙහායින් වැලිගල්ල තියෙන්නේ. මට හිතෙන්නේ ඕක පරණ ගහක්. එත් දැන් වඳ වීගන යනවා ඇති.

    ReplyDelete
  50. ඕකනෙ කියන්නෙ ඔයා බඩගිනි හදනවනේ...

    ReplyDelete
  51. සන්තොසයි සන්තොසයි මල්ලි.. අප්‍රමාණ සන්තෝසයි මේ ලඟ දි ඔය ලොකැට් ගැන ගුගල් බසයක් දාලා අහන දකින හැමෝම කාලා නෑ කිවා.. අනේ ඉතින් මේ බිලොග් අවකාසේ ලොකැට් කාපු එකෙක් හරි ඉන්න එක ගැන මම නම් අප්‍රමාන සන්තෝසයි...

    හැබැයි ඉතින් වැඩිය කන නරක බබෙක් උනොත් මේ මම වගේ ලෙඩ හදා ගන්න වෙනවා ලෙඩේ ප්‍රතිථලයක් ලෙස අර බස් එක දාපු දා කාපු ලොකැට් වල ෆවර් එකට තාම මම ලෙඩින්

    මෙන්න බස් රථය...

    http://goo.gl/uZOXD

    ReplyDelete
  52. ඉදුනාම හරිම රස පළතුරක් ඕක...අරාබි රටවලත්, යුරෝපා රටවලත් ගොඩාක් තියනවා..මොශ්පිලෝ කියලත්,නෙස්පොලේ කියලත් කියනව... ඔය වගේ පොඩි ගෙඩි වගේම බිත්තරයක් තරම් ලොකු ගෙඩිත් තියනවා...

    ReplyDelete
  53. මම තාම කාලා නැහැ, අහු උනොත් නම මතක් වෙයි මේ පෝස්ට් එක හින්දා ......

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.