24 September 2011

අක්කයි මල්ලියි


ඕලු, නෙළුම් මල් අතුරා පාර දිගේ..
කොක්කු පේලියට හිටුවා ඉවුර දිගේ..
පුංචි පාරුවක නැගිලා මාදු ගඟේ..
එනවද යන්න මා එක්කල නොකර අගේ...

ඔය කවියයි පින්තූරයයි ගිම්හානි අක්කා බුකියේ ස්ටේටස් වල දැම්මට පස්සේ මම් ඒ කවිය ලස්සනයි කියලා කමෙන්ට් එකක් දැම්මා. ඊට පස්සේ අක්කයි මමයි අතරේ ඇති උන කවි දෙබස තමයි පහලින් තියෙන්නේ.

හැදින්වීම :
හිටිවන කවි කියුමෙහි උපතින් සමත් වෙතී
ගිම්හානි අක්කව නොදන්න කෙනෙක් නැතී
උඩ කී කවි ඈ ස්ටේටස් වල දමා ඇතී
හිටිවන කවි කීමට මා නිතැතින් පෙලඹ වෙතී

මම :
ලස්සනයි !!

ගිම්හානි අක්කා :
ලස්සන තමයි ඉතින් එනවද යන්න මාදු ගඟේ???


මම :
ආස උනත් පාරුවේ නැඟලා යාම
පෙරලුනොතින් පාරුව ගඟ මැද දීම
ගිලෙනවා සත්තයි අක්කේ දිය පෙවිලාම
මේකට උත්තර දෙනවද මට කවියෙන්ම


ගිම්හානි අක්කා :
මටනම් හැකිය හොඳ හැටියට පීනන්ට..
මල්ලී බය නොවී අක්කා හා එන්ට...
මානේල් මල් ටිකක් හනිකට අර ගන්ට..
ඉක්මන් කර යමු මලේ පන්සල් යන්ට

මම :
අක්කා පීනාවි තනියම ගොඩයන්ට
මට වෙන්නේ ගඟ මැද හිඳ මිය යන්ට
මානෙල් මල් ටිකක් මිටකට අරගන්ට
පන්සල් ගිහින් මිය ගිය මට පින් දෙන්ට

ගිම්හානි අක්කා :
මල්ලි ජීවත් වෙන්ට මා මිය යන්නම්.
මට පින් දෙන්ට මා යනවා එහෙනම්

මම :
අක්කා මිය යනවා මට බෑ වාවන්න
දෙන්නම එකට යමු මතු ඉපදෙන්න
ජීවත් වීම දුකක් අඬ අඬ දැනගන්න
අක්කා නැතිව මට බෑ පන්සල් යන්න


ගිම්හානි අක්කා :
අම්මයි , පොඩි මල්ලියි අදරින් රැක ගන්න.
අක්කා යන්නට ගිය බව පවසන්න.
දෙන්නට දෙයක් නැහැ අම්මට මෙන්න.
මානෙල් මල් ටිකක් ගෙනිහින් දෙන්න

මා මියගිය බව බොග් අය්යලට පවසන්න.
සුදු මල් එපා නිවසට ඇවිදින් යන්න.

මම :
මානෙල් මල් වලට බෑ හිත හදලා දෙන්න
අම්මා අඬනකොට බෑ මට ඉවසන් ඉන්න
අක්කේ අම්මා හොයයි හනිකට මෙහෙ එන්න
පමා වෙලා විසුමක් වෙන් නෑ ඔන්න


ගිම්හානි අක්කා :
මගෙ ගුන ඇතොත් සිහිපත්වන්න..
කඳුලක් එපා සුසුමක් පිටකර යන්න

මම :
සුසුමක් පිට කර මේ වාතලය වෙත
ලොකු අක්කා යනවා වෙන් වී ඈත


ගිම්හානි අක්කා :
අද දිනට උයලා නැහැ මම තාම.
යනවා යන්න මා ඔබහට නොකියාම..

මම :
අක්කා එහෙනම් ගිහින් උයලා එන්න
අයියා හොයයි මාව දවාලේ කෑමට ගන්න


------------------------------------------------------------
ප.ලි. -
හිතුනා ලිව්වා ඒ හින්දම ඇත අඩුපාඩූ
අපහැදිලි තැන්, ඇත මගේ අඩු ලුහුඩූ
කියවන ඔබේ අදහස් හිත් පතුලේ වැඩූ
පහලින් කමෙන්ට් කලොත් ඇති වෙනවද පාඩූ

59 comments:

  1. අපිත් ඔයාලගේ කවි දෙබස “හොරෙන් බලාගෙන“ හිටියා , හරිම ලස්සනයි , දෙන්නම හොඳ හිටිවන කවි කාරයොනේ ...බලන්න අන්තර්ජාලය “අන්තරා ජාලයක්“ කරගන්නා අද සමහර තරුණ තරුණියන්ට මේ වගෙ සුන්දර , නිර්මාණාත්මක දේට එන්නට පුළුවන් නම් කොයි තරම් අගේද ? හරිම අගෙයි , කවියත් , සහෝදර බැඳිමේ සුන්දරත්වයත් ....

    ReplyDelete
  2. මේක තමයි සිරාම.........

    "අක්කා පීනයි තනියම ගොඩයන්ට
    මට වෙන්නේ ගඟ මැද මිය යන්ට
    මානෙල් මල් ටික එක මිටකට ගන්ට
    පන්සල් ගිහින් මිය ගිය මට පින් දෙන්ට"

    නියම කවි දෙබස....

    ReplyDelete
  3. හරිම අපූරුයි.. අක්කා වගේම මල්ලිත් දක්ෂයි..

    ReplyDelete
  4. දෙන්නම හරිම දක්ෂ කවියෝ නේ... කොහොමද අප්පා මෙහෙම රසවත්ව ලියන්නේ?
    හැබැයි මට චුට්ටක් අප්සෙට් මේ පදේට:
    "මා මියගිය බව 'බොග්' අය්යලට පවසන්න."
    පව්නේ ඒ අයියලාට එහෙම කියන එක :P
    හිකිස්!

    ReplyDelete
  5. ඔහොම හොරෙන් යන ගමනින් වැඩක් නැතේ
    පුංචි මල්ලි අද තනිවී ගෙදර ඇතේ
    හඬමින් සොයයි කෝ කවුරුත් ගෙදර නැතේ
    අක්කා සමඟ අයියා පන්සලේ ඇතේ

    ReplyDelete
  6. මරුනේ! සැලකුවා මදි!
    දෙන්නම හොදයි.
    ඇත්තටම මටත් මහේෂ හා එක විය හැකියි. මමත් ප්‍රාර්ථනා කරනවා මේ වගේ සුන්දර දේවල් බලා කියවලා හැමදෙනාම මෙහෙම දේවල් කරන්න. මේ බ්ලොග් අවකාශය අපි හැමට වැඩක් ඇති තැනක කරමු. මලේ ඔයාටත් , ගිම්හාණීටත් සුභ පතනවා.

    ReplyDelete
  7. මදුවා කවි කාරය කියලනම් දන්නවා ඒත් මේ තරක් වැඩ කාරයෙක් කියල දන්නෙ නෑ නොවැ... මාර ගති මචන් ලා... කො මේ ගිම්හානි සහොදරී... ඔයත් නියම කවි කාරියක් නෙ.. එල එල

    ජය...

    ReplyDelete
  8. හරිම..ලස්සන...කවි මඩුවක් නේ..මල්ලී..තිබිලා තියෙන්නේ.
    ඇත්තමයි....superbbbbbbb'
    දෙන්නම ..එකිනෙකාට, දෙවැනි නෑ වගේ.

    ReplyDelete
  9. නියමයිනේ.... මරු අක්කයි මල්ලියි....

    ReplyDelete
  10. අක්ක මලෝ පණ දෙන්නට කතා වෙතී
    සසර මගේ දුර හිඳ එය පතා එතී
    මල ගිය ඇත්තො සිහිකර හොඳ දාන දෙතී
    කිව්වොත් දානෙ කන්නට අපි ඇවිත් ඇතී

    - විහුලුවටයි කිව්වේ. කවි දෙබස ලස්සනයි. මධුරංග මල්ලි රිද්මය ගැන තව පොඩ්ඩක් සැලකිලිමත් උනොත් හොඳයි කියල හිතෙනවා.
    හොඳින් රස වින්දා.

    ReplyDelete
  11. බොහොම අගෙයි යාලු...ඇත්තමයි

    ReplyDelete
  12. මේ කවිය ගමුකො,
    //අක්කා පීනයි තනියම ගොඩයන්ට
    මට වෙන්නේ ගඟ මැද මිය යන්ට
    මානෙල් මල් ටික එක මිටකට අරගන්ට
    පන්සල් ගිහින් මිය ගිය මට පින් දෙන්ට//

    පොඩ්ඩක් මේ විදිහට වෙනස් උනොත් හොඳද බලන්නකෝ,

    අක්කා පීනාවි තනියම ගොඩයන්ට
    මට වෙන්නේ ගඟ මැද හිඳ මිය යන්ට
    මානෙල් මල් ටිකක් මිටකට අරගන්ට
    පන්සල් ගිහින් මිය ගිය මට පින් දෙන්න

    ඔය වගේ පොඩ්ඩක් වෙනස් උනා නං රිද්මය කැඩෙන්නේ නෑ. ලියපු කවිය තව පොඩ්ඩක් මහන්සි වෙලා ආයෙත් කියවල සකස් කලොත් ඔය ටික හදා ගන්න පුළුවන්. මල්ලිට හොඳ දක්ෂතාවයක් තියෙනවා. ඉදිරියට ජය!

    ReplyDelete
  13. @සාතන් :
    තැන්කූ තැන්කූ !!!

    @මහේෂ් නිශාන්ත :
    බොහොම ස්තුතියි අයියා. ම්ම නම් කවි ලියලම නෑ මේක තමා මම් ලියපු එකම කවි සැට් එක.

    @හරී :
    බොහොම ස්තුතියි මචං

    ReplyDelete
  14. @වජිරදේවි :
    මම් දක්ශයෙක් නෙමෙයි අක්කා.

    @අමා :
    ඒක නෙමෙයි අමා. මැරෙන්න ගියත් ගිම්හානි අක්කට මතක් වෙන්නෙම බ්ලොග් ලියන අයියලාමයි. හික්ස් :)

    @විසිතුරු | visituru :
    පුංචි මල්ලිත් ඇවිත් තියෙන්නේ. ස්තුතියි මල්ලි කවි කමෙන්ට් එකට.

    ReplyDelete
  15. @වෙද ගෙදර මහ වෙදනා :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි අයියා. මම නම් ගිම්හානි අක්කා තරම් දක්ෂයෙක් නෙමෙයි. අක්කා ලියපු කවියට මොනාහරි ලියන්න හිතුනා. ඒකයි ලීවේ. :)

    @Gayan Rupasinghe :
    අඩේ මම් දන්න කවියක් නෑ බං. ගිම්හානි අක්කා තමා සුපිරි !!!!

    @- නිල් අහස - :
    ස්තුතියි අයියා. ඒත් ගිම්හානි අක්කා දිනයි.

    ReplyDelete
  16. @ලහිරු :
    ඒකනේ. මම් අක්කගේ ආදරනීය මල්ලි. :)

    @පොත් ගුල්ලා :
    එහෙනම් අක්කා මලාම අයියත් දානෙට එන්න. හික්ස් :)
    ඔන්න අයියා කිව්ව විදිහට එක අඩුපාඩුවක් හැදුවා. තව තියෙන ඒවා කියලා දෙන්න පුලුවන් නම් ලොකු පිනක් අයියා.

    මම් කවි ලියලම නෑ අයියා. මේකත් ඔහේ හිතට ආපු විදිහට ලියලා දැම්මා.

    @අසනි :
    ගොඩක් ස්තුතියි යාලු. අගේ කිරීම් වලට.

    ReplyDelete
  17. දැන් නම් පුතේ කාලේ හරි වගේ මාදු ගඟේ යන්න... අම්මට කියලා ෆයිල් එක උඩට අරගත්තනම් ....!

    ReplyDelete
  18. කිලි අප්පට බල්ලො පැනපි කිව්වලු. මෙන්න මෙයා කවිත් ලියනවලු... හිකිස්...

    ReplyDelete
  19. කපී කේකිSeptember 24, 2011 at 5:02 PM

    මෙන්න මෙයාගෙ කවි සිතුවිලි පහල වෙලා.අක්කත් එක්ක කවි කියලා.

    ReplyDelete
  20. නියම කවි හරඹේ........
    මරු මරු .....
    මාදු ගගේ පරිස්සමින්,

    ReplyDelete
  21. ශෝක් කවි ටික අයියේ, ගිම්හානි අක්කගේ කවි ටිකත් හරිම ලස්සනයි..

    ReplyDelete
  22. අක්කා මලො දෙන්නගේ මේ කතාවට
    දුක හිතෙනවා මට සත්තයි හැබෑවට
    ගග දෙවි ඔබ බලා සුන්දර සෙනේහෙට
    අනතුරු නොකරාවි යනු පාරුවක පිට

    හරිම ලස්සන සජිවි සිතිවිල්ලක් අක්කයි මල්ලියි දෙන්න නරකම නෑ ස්තුතියි සහෝ මේක අපිටත් විද ගන්න දැම්මට

    ReplyDelete
  23. ඔය තියෙන්නේ මධුරංග අයියේ හරි අපූරුවට කවි ටික.... ගිම්හානි අක්කගේ කවිත් ලස්සනයි...

    ReplyDelete
  24. එළකිරිස්!!! ලස්සන කවි ටික මචං. දෙන්නාටම මගේ ප්‍රණාමය

    ReplyDelete
  25. එළම කිරි.......දෙන්නගෙම කවි ලස්සනයි...

    ReplyDelete
  26. ලස්සනයි... සුපිරි කවි ටික.. මෙන්න මම් හිටියානම් දාන කවිය...

    මදුරංගයි ගිම්හානියි එකතු වෙලා....
    බුකියට වෙලා කවි කිය කිය ඉඳලා...
    මධුරංගයා ඒ ටික බ්ලොග් එකේ දාලා....
    දෙන්නම ගිලිලා පලයව් ගඟටම වැටිලා....

    ReplyDelete
  27. ෂා ෂා.....ෂෝක කවි ටික....අක්කගෙයි මල්ලිගෙයි...

    ReplyDelete
  28. ඉහත කවිය මගේ මුනු පොතේ දාපු එකක් මම. මධුරංග මල්ලි ඒකට කොමෙන්ට් කල වෙලාවෙ අපි දෙන්න අතර ඇතිවූ සංවාදය තමා ඔය.මල්ලිට කවි ටිකට ආස හිතිල මගෙන් ඇහුව ඒව ඔයාලටත් පේන්න දාන්නද කියල .අඩුපාඩු ගොඩක් තියනවා.අකුරු අඩුයි . වචනත් අඩුයි. ඒත් ඒ විදියටම
    දැම්මා වෙනස් නොකර.
    කවි ටික රසවින්දනම් අපිටත් සතුටුයි.. සුළු මිනිත්තු ගනනකදී ලිව්වෙ.

    @අමා
    ඔය බොග් වචනෙ මේකෙ ඉන්නෙ ප්‍රවීනයෙක් කියන වචනයක් තමා.
    එයාල දෙන ආදර්ශ තමා අපිට..

    අර මධුරංග කියනව වගෙ මිය යන මොහොතටත් ඔයාලව මතක් වේයි තමා.
    කියවපු කොමෙන්ට් කල ඔක්කොටම ස්තුතියි..
    අභීත අය්යට විශේශ ස්තුතිය...

    ReplyDelete
  29. සිරාවටම මදුරංගයෝ පට්ටම කවි දෙබසක්. එලම කිරි.

    @ගිම්හානි අක්කා: අක්කේ ඕක ෂුවර් නෑ. ඔරු පදින්න යන්නෙ පරෙස්සමින්.

    ReplyDelete
  30. හරිම ලස්සනට වැඩේ ගිහින් තියෙනවා..ගිම්හානි අක්කගේ කවි දෙබස් ටිකත් හරිම අපුරුයි.. :)

    ReplyDelete
  31. හරි ලස්සනයි.. කොහොම හරි මාදු ගඟේ යන්න උනේ නෑනෙ දෙන්නාටම කවි කිය කිය ඉඳලා.

    ReplyDelete
  32. ආවු ආවු දෙන්නාම කවි කියලා වගේ ! ..ලස්සනයි ලස්සනයි ඈ .

    අක්කන්ඩිගේ කවි කීපයත් අපේ මධුරංග අයියන්ඩිගේ කවි කීපයත් පස්ට ලස්සනයි දෙන්නම හිටගෙන කවි කියන්න උපන් හපන්නු .

    ReplyDelete
  33. කවි ටික නම් මරේ මරු...ඒත් බොලා දෙන්නා විහින් මැරෙන්න හදන්නෙ මොකද මන්දා??? දැන්ම නම් මැරෙන්න එපා මෙයාලා..තව ටිකාක් කල් ඉමු. මාත් මේ ආව විතරයිනේ....

    ReplyDelete
  34. අපූරු කවි දෙබසක් අයියේ. නියමයි....:)

    ජය වේවා.......!!!!!

    ReplyDelete
  35. නියම හිටිවන කවි හරඹයක්. කියවන්නකොට හිනාව නවත්තගත්තේ බොහොම අමාරුවෙන්................. :D :D

    ReplyDelete
  36. ආසද බලන්න එක දවසකදී කවි 300 ක් 400 ක් අතර ගානක් කියපු තැනක් ! ගූගල් බස්.මෙන්න මේ ලින්ක් වලට ගිහින් අපේ අය කවි කියපු හැටි බලන්න.උඩ කවි ටික ලස්සනයි.ඒ ටික දැක්කම තමයි අපේ කවි මඩුව මතක උනේ.. ජය වේවා !
    https://plus.google.com/101689137094203327626/posts/Qm66dyrRe32

    https://plus.google.com/103637961654271344119/posts/fqxswCcQNjj

    ReplyDelete
  37. එළ එළ දෙන්නම සුපිරි සික් මට මේක මිස් උනානේ නැත්තන් අපිත් කවි මඩුවට එනවා ..........:D

    ReplyDelete
  38. අක්ක, මල්ලි සීන් කෝන් එක ඇල්ලුවෙ නැහැ. කමින් කලර් ඉස් නොට් ගුඩ්.
    ගිම්හානිගෙ අම්මේ, කෙල්ල ගෙට ගං

    ReplyDelete
  39. ෂා... මධුරංග අයියා ලස්සනට ලියලනෙ කවි. අක්කාගෙ කවි ටිකත් අපූරුයි...!!! හරිම ලස්සනයි..

    ReplyDelete
  40. අක්කා මලෝ ලව් එක දැක්කාම
    ඉරිසියා හිතෙනවා මං අක්කාට
    දෙන්නා එක්කලා මානෙල් නෙළුවාම
    අපූරුයි කියවෙන කවි ඔක්කෝම

    ReplyDelete
  41. @Prasanna :
    අම්මෝ දැන්ම ඕවා ඕනැන්නේ නෑ. මම් තාම පොඩි එකා.

    @සීතල අයියා :
    අපි කවි ලිව්වම මක් වෙනවා යෑ. හික්ස් :)

    @නදී :
    තැන්කූ අක්කා :)

    ReplyDelete
  42. @කපී කේකි :
    ඒකනේ නංගි. අක්කා හන්දා මම් කවිකාරයෙක් වෙලා. :)

    @රහස් පරික්ෂකයා :
    කාත් එක්ක ගියත් අක්කලා එක්කලා මම් යන්නේ නෑ. හික්ස් :)

    @ප්‍රාර්ථනා :
    මම් ලිව්ව කවි ලස්සනයි කිව්වට ස්තුතියි.

    ReplyDelete
  43. @සිහිනයක මියැදුණ සිතක් :

    දුක් වෙන්නෙපා අයියේ මේ ලෙසට
    අපි මල් නෙලුවේ පන්සල් යන්ට
    අයියට ඕන් නම් මේ මල් මිට ගන්ට
    දෙන්නත් එක්කලා පෝදා පන්සල් එන්ට

    @Dinesh :
    තැන්කූ මල්ලි මම් ලියපු කවි ලස්සනයි කිව්වට. අක්කා ලියන කවි කෝමත් ලස්සනයි නේ :)

    @BLOG ගඩොල් :
    තැන්ක්ස් මචං. අම්මෝ මේකව අල්ලගන්න තියෙන අමාරුවක්. බුක් ෆෙයාර් ආවෙත් නෑනේ.

    ReplyDelete
  44. @Sayuri :
    බොහොම ස්තුතියි. :)

    @අභීත :
    බුකි කවි මඩුවේ දෙන්නෙක් එකතු වෙලා
    ලියු කවි සේරම මදුරංගයා පෝස්ට් කලා
    කවි කියවපු අබීතයියා උදම් වෙලා
    පිලිතුරු කවියක් ලියලා පෝස්ට් කලා

    හරිද මන්දා අයියා. තැන්කූ කවි ලස්සනයි කිව්වට.

    @දිල් :
    බොහොම ස්තුතියි අක්කා. කවි ලස්සනයි කිව්වට. :)

    ReplyDelete
  45. @Gimhani :
    ඔන්න අක්කා හන්දයි මම් කවි පද දෙක තුනක් ගැට ගහ ගත්තේ බොහොම ස්තුතියි අක්කා.

    @Kasun :
    කවි ටික කියෙව්වට තැන්කූ.
    ඒ මොකෑ අක්කාට පරිස්සමින් ඉන්න කියන්නේ.

    @ChammA :
    තෑන්ක්ස් මල්ලි කවි රස වින්ඳට.....

    ReplyDelete
  46. @හංසි :
    බැරිවෙලාවකවත් පාරුව පෙරලිලා ගඟට වැටුනොත්... අම්මෝ ඒ නිසා යන්න බෑ.

    @හිස් අහස :
    හිටගෙන කවි....හික්ස් :)
    අපේ වාදෙට එකතු උනාට මල්ලිටත් ස්තුතියි.

    @malmi :
    සහෝදර ප්‍රේමේනේ මල්මි අක්කේ. ඒකනේ මැරෙන්න හදන්නේ. ඔන්න කමති නම් අක්කත් කවියක් ලියන්ට. මයේ තහංචියක් නෑ...

    ReplyDelete
  47. @සුදු මැණිකේ(මැණික්):
    බොහොම ස්තුතියි කවි ටික රස වින්ඳට...

    ජය වේවා !!!!

    @මහි :
    ඒ තරමට ඔයා හිනා උනැයි. එහෙනම් සතුටුයි. :)

    @සිහින :
    මේක නම් නියම කවි මඩුවක්. මම ඔය ලින්ක් දෙකටම ගිහින් බැලුවා.

    ReplyDelete
  48. @The Lion :
    අපරාදේ එන්න බැරි උනේ.ආවනම් නියම වාදයක් කරන්න තිබ්බා.

    @Observer :
    හා .... හා... ඔබා මාමේ ෂ්..!!! ෂ්... !!!
    එයාලෑ අම්මට දැන්ම කියන්නෙපා.. :)

    @හිතුවක්කාරි :
    තැන්කූ චූටී නංගි.

    ReplyDelete
  49. @මන්තරකාරි :

    අක්කා ආදරෙයි එයාගේ පණ මෙන්ම
    ඔයත් මගෙ අක්කාය තේරුං ගනු දැන්ම
    පන්සල් යන්න මානෙල් මල් නෙලුවාම
    මක්වෙනවැද 'මං අක්කත්' පංසල් ආවාම

    හරිද දන්නේ නෑ අක්කා. ඔහේ ලියලා දැම්මා.

    ReplyDelete
  50. හිටිවන කවි කියන දෙන්නගෙ අගේ මට
    දැනුනා සිතට සහනය කවි අසන විට
    තව දිගු කලක් ඔය ලෙස කවි කියන්නට
    පතනෙමි අසිරි දෙදෙනාටම මෙතැන් සිට

    ReplyDelete
  51. අම්මා මල්ලියෙක් ගෙනැවිත් දුන් නැතිවාට
    අක්කලා මල්ලිලා දැක්කම ඉරිසියා හිතුනාට
    නැන්දා මාමා ගෙනැවිත් දුන්නේ ගොන්නක්ම
    දොරේ ගලයි සොහොයුරු පෙම උතුරන්ට

    නුඹත් මල්ලි මං අක්කා නුඹට
    අවකාෂෙන් ලැබුන සොහොයුරෙකිය මට
    මානෙල් අරන් අපි යමු පන්සල් වදින්නට
    වැදලා පතමු අපි දෙන්නට ජොබ් ලැබෙන්නට

    ReplyDelete
  52. @~~තරූගේ ලෝකය~~; :
    මල්ලිගේ ආසිරි මල් වැහි වහින විට
    ආසයි තව එක එක කවි ලියන්නට
    පතනු එපා තව මල් වැහි වහින්නට
    තෙමෙන්න බෑ මලේ පීනසේ මට

    @මන්තරකාරි :

    සිරි මා බෝ දලදා හාමුදුරුවනේ
    ලඟදියි මම් කැම්පස් අවුට් උනේ
    මන්තර පොඩි අක්කව දන්නවනේ
    ජොබ් දෙහෙකුයි දෙන්නගේ ප්‍රාර්තනේ

    ඔන්න එහෙනම් අක්කා මම් ජොබ් එකක් ඉල්ලුවා. අක්කත් කමැත්තක් ඉල්ලුවා නම්.

    ReplyDelete
  53. සමහරු ඊරිසියයිනේ අපි දෙන්නාට..
    මින්මතු හොරෙන් යමු මුන් යන්නැති තැනක..
    මාදු ගඟේ ඔරු පැදලා ඇතිවූ දාට..
    මූදට යමුද ලස්සන සඳ ඇති රෑක???

    ReplyDelete
  54. @ ගිම්හානි,
    ගඟට පැන්නත් දරුවෝ, මූදට නං පනින්න එපා....හෙහ්....හෙහ්...හෙහ්...

    ReplyDelete
  55. @Gimhani :
    අදහස හොදයි අකුරුත් ගැලපෙනවා
    හඳත් ලඟ ලඟම මොරාගෙන එනවා
    මාදු ගඟේ ඇර මූදේ පීනා නැතුවා
    අක්කා කියනවනං කොහොමත් එනවා

    @Observer :
    මූදේ පනින්න නෙවී යන්නේ. ලස්සන බලන්න. හික්ස් :)

    ReplyDelete
  56. පාර කීවා එන්ට මෙයට
    අක්කා ගිම්හානී
    කැලේ කොලේ ගැන කීව මටත් කවි ලියන්න සිතුනි
    මන්දන්නෑ හොඳද කියා දාමි කවිය ලියපු
    කියවාලා බලන්න මෙය ඔබත් උඩින් ලියපු

    ReplyDelete
  57. කියන්න වදන් නැත, නෙළුම් විලේ “හිත රිදවන්න හීනෙන් වත් නැහැ පැතුවේ“ කවි සෙට් එකට පස්සෙ මට හිතට වැදුන හොඳම කවි ටික ..........

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.