21 September 2011

නින්දෙන් ගෙරවීම

කැම්පස් එකේ ඉන්න දවස්වල තනියම පාඩම් කරන්න හැදුවට මට නම් තනියම පාඩම් කරලා විභාගේ ගොඩ දාගන්න බෑ. ඒ නිසා කට්ටිය එකට සෙට් වෙලා තමයි පාඩම් කරන්නේ.කාගේ හරි කාමරේකට කට්ටියම එකතු වෙලා රෑ වෙනකන් පාඩම් කරලා ඊට පස්සේ වැටිච්ච වැටිච්ච තැන් වල නිදා ගන්නවා. ආයේ ඉතින් තමන්ගේ කාමරේටම යන්නෝන කියලා හිතෙන්නේ නෑ.

ඔහොම නිදාගන්න කොට තියෙන ලොකුම කරදරේ තමා සමහර එවුන් නින්දෙන් ගොරවන එක. දවසක් ඔහොම පාඩම් කරලා නිදාගන්න කාමරේකට සෙට් උනා. දෙන්නෙක් ඉන්න කාමරේක තවෙකෙක් එනකොට අනිවාර්යෙන් කාමරේ ඇඳන් දෙක එකට ලං කරලා ඉඩ හදා ගන්න ඕනේ. ඔය ඇඳන් දෙක ලං කලාට පස්සේ මැද දාරේට අපි කියන්නේ "සංසාර ගැට්ට" කියලා. ඇඳන් දෙක එක පරතරේට නැති උනාම මැද නිදාගන්නෙක හරිම අමාරු සීන් එකක්. ඔහොම දවසක් මම් පාඩම් කරලා මගේ කාමරේ තිබ්බ පහලම තට්ටුවට යන්න කම්මැලි හිතුනා. මොකද තට්ටු 4ක් බහින්නෙපැයි. ඉතින් එකෙක්ගේ කාමරේක නිදාගන්න සෙට් උනා.මට නින්දා යාගෙනම එනකොට දෙපැත්තේ එවුන් දෙන්නා ගොරවන්න ගත්තා. අම්මෝ එකෙක් ගොරවලා ඉවර වෙනකොට අනෙකා පටන් ගන්නවා. මට ඇහෙන්නේ ගෙරවිල්ල එක දිගටම තියෙනවා වගේ. කොහොමහරි ටික වෙලාවක් බලලා කම්මැලිකම පැත්තකින් තියලා මගේ කාමරේටම ගියා.

මේ කතාව මතක් උනාම මට හිතුනා ලෝකයේ වැඩිම සද්දෙන් ගොරවන්නේ මොකාද කියලා හොයන්න. නෙට් එකේ සර්ච් කරලා බැලුවම ලෝකයේ වැඩිම සද්දෙන් ගොරවන්නේ ඇලන් මැට් කියන එකා. මේකා කොච්චර හයියෙන් ගොරවනවද කියනවනම් ඩෙසිබල් 112.8 ක තීව්‍රතාවයකින් ගොරවනවා ලූ. ඒක හරියට ජෙට් එංජින් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා වගේ ලු.

මේ ගෙරවිල්ල ගිනස් පොතට ගිය ගෙරවිල්ලක්.මේ මනුස්සයා තමන්ගේ ගෙරවිල්ල ගැන ආඩම්බර වෙනවලු. නමුත් ඒකගේ ගෑනිට උදේට ඇහැරෙනකොට අනිවාර්යෙන්ම කනේ අමාරුවක් හැදෙනවලු. ඒ විතරක් යෑ කවදාවත් රෑට හරිහැටි නිදාගෙන නෑලු.

57 comments:

  1. හපොයී, මටත් පේන්නම බැරි දේ තමයි ගොරවන එක,හොඳටම ගොරවන අය හරි නින්දක් ලබන්නේ නෑ කියලලු කියන්නේ, ඇලන් මැට්ගේ නෝනට නම් දෙයියන්ගෙම පිහිටයි,..

    ReplyDelete
  2. සංසාර ගැට්ට

    පට්ට නම .. ඔය ගැට්ටෙන් වැටුනොත් ?

    මම නම් ඇලන් මැට් ගැන ඇහැවුවෙත් අද ? ජෙට් ඇන්ජිමක් තරම් සද්දෙන් මචං මිනිහෙකුට කෑගහන්නත් බෑ නේ ? අරූ අසාමාන්‍ය පොරක් අනික මට සුවර් ඌ තනිකඩයි !

    ReplyDelete
  3. එයාගේ නෝනා ලොකු පවක් කරලා...ඕකනේ පින් කරන්න කියන්නේ...

    ReplyDelete
  4. මටනම් දුක අර " ඇලන් මැට් " ගේ ගෑනි ගැන.. ඒ මනුස්සයා ඉතින් ආයේ කවදා සනිපෙට නිදාගන්නද??
    මෙහෙ මාත් එක්ක ඉන්න අංකලුත් ඔය වගේ... හොද වෙලාවට එකා අනිත් කාමරේ නිදා ගන්නේ.....

    ReplyDelete
  5. සංසාර ගැට්ට! මම නම් ඔය ගැට්ටෙ කවදාවත් නිදාගන්න යන්නෙ නෑ. රෙද්දක් එලාගෙන බිම නිදාගන්නවා මිසක්

    ReplyDelete
  6. ඔය ජෙට් එන්ජින් එක ඉතා පොඩි වෙන්න ඕනේ, හප්පා ටිකක් විතර ලොකු ජෙට් එන්ජින් එකක් ස්ටාට් කරද්දි ඒ ලග හිටියොත් කනක් දාන්න වෙයි. ඔය ගෑනු කෙනාව ඇදිලා යන්නේ නැද්ද දන්නෑ, මොනා උනත් එලම එල කතාව. සී යා

    ReplyDelete
  7. ගොරවන එක ඉතින් හිතා මතා කරන දෙයක් නෙමෙයිනේ. ඒක නිසා ඒ ගැන ගොරවන මනුස්සයට දොස් කියන්න එපා. (මමත් ගොරවනවා කියල අනිත් අය මට කියල තියෙනව).

    මධුරංග මල්ලි තව දෙන්නෙක් එක්ක එකට නිදා ගන්ඩ ගිය බව කිව්වම මට මතක් උනේ එකට නිදා ගත්ත තුන්දෙනෙක් ගැන චීන කතාවක්.
    මෙන්න මෙහෙම -
    වරක් මිනිස්සු තුන් දෙනෙක් එක ඇඳක නිදාගන්න ගියා. නිදා ගෙන ඉන්න අතර කෙරවලේ හිටි එක්කෙනෙකුට යටි පතුලේ කැසිල්ලක් ආව. එයා තමන්ගේ යටි පතුල කියල හිතාගෙන නින්දෙන්ම මැද හිටපු කෙනාගේ යටි පතුල කසන්ඩ පටන් ගත්ත. කොච්චර කැසුවත් දැනෙන්නේ නැති හින්ද බොහොම තදින් කසන්ඩ ගත්තලු. අන්තිමේදී කොච්චර තදින් කැසුවද කිව්වොත් මැද එකාගේ යටි පතුලෙන් ලේ ගලන්ඩ පටන්ගත්ත. වතුර ගතියට මැද එකාට ඇහැරුනා. මිනිහ හිතුව අනික් කෙලවරේ එකාට නින්දෙන් චූ යනවා කියල. ඉතින් පොර ඌව කූද්දල කිව්වලු ඇඳ තෙමන්නේ නැතුව එලියට ගිහින් චූ කරන්ඩ කියල. ඒ පොරත් නැගිටලා දොර ඇරගෙන එලියට ගිහින් චූ කරන්ඩ හිටගත්තා. අල්ලපුවත්තේ තියෙන්නේ පලතුරු පැක්ටේරියක්. ඒකෙ නළයකින් රෑ එළිවෙනකන් පලතුරු යුෂ පෙරෙනවා. යුෂ බුජමකට වැටෙන සද්දේ රෑ එලි වෙනකන් ඇහෙනවා. අර එළියේ චූ කරන්ඩ ගත්ත පොර හිතුවේ ඒ තමන් චූ කරන සද්දේ කියල. ඉතින් මිනිහ එලි වෙනකම්ම චූව අල්ලගෙන චූ දැම්මලු.

    ඒක නිසා තුන්දෙනෙක් එකට බුදියගන්නෙ ටිකක් පරිස්සමෙන්.

    ReplyDelete
  8. සංසාර ගැට්ටෙ නිදියල ඇඟ රිදෙනකොට තමා සංසාර දුක සිහිවෙන්නෙ....මම නම් නින්දෙන් ගොරවනවා කියල කවුරුත් කියල නෑ.... මම හිතන්නෙ මම ගොරවන් නැතුව ඇති....

    ReplyDelete
  9. හහ් හා.. පොත් ගුල්ලගෙ කතාවත් ෆට්ට..
    සංසාර ගැට්ට තමා එළම.

    ReplyDelete
  10. ඔය ගොරවන ලෙඩේට දැන් ප්‍රතිකාර තියෙනවලු.!!

    ReplyDelete
  11. මල්ලි ඌ ඉස්සර ආත්මෙක ගංඨාර පුජා කරල ඇති බං....

    ReplyDelete
  12. ඔය නින්දෙන් ගොරවන එක ලෙඩක් ලු නේද අපේ අම්මටත් තියෙනවා ඔය ගෙරවිල්ල හිටි ගමන්

    ReplyDelete
  13. සමහර නෝනලා දික්කසාද වෙලත් තියනවලු මහත්තුරුන්ගේ ගෙරවිල්ල නිසා...අපිටනම් ඒ අතින් දෙය්යන්ගේ පිහිටයි. නිදාගත්තම උස්සන් ගියත් දන්නේ නැනේ .හික්ස්.

    ReplyDelete
  14. ඔය නින්දෙන් ගොරවන කතාව වෙන්නේ පපුවේ සෙම තියෙනකොට කියලත් සමහරු කියනවා.... අයේ ඕන්නෑ ගොරවන එකක් ලග ඉන්නකොට නම් ...

    ජය..

    ReplyDelete
  15. දැන් ඔය ගෙරවිල්ලට මෙහේ නම් පොඩි ඔපරේෂන් එකක් තියනවා.

    තමන් ගොරවනකොට තමන්ට ඇහෙන්නේ නෑලුනේ. ඉතින් කොහොමද ඔයා දන්නේ ඔයා ගෙරෙව්වද නැද්ද කියලා....:D

    අර ගුල්ලා ලියලා තියෙන්නේ එයාට උනු එකක්ද දන්නෙත් නෑනේ...:)))

    ReplyDelete
  16. අනේ මන්දා. ලග නිදාගන්න කෙනෙක්ගෙන් අහන්න ඕනෑ මේ ගැන. හැබැයි ඔන්න සමහර දවසට අපේ මනුස්සයා ළමයි නිදිකරවන්න ඇදට යනවා. විනාඩි 5කින් විතර මෙන්න බොලේ පොර ගොරවනවා. මම ඉතිං ගිහින් බලනවා ළමයි නිදිද කියලා. හත්වලාමේ....බැලින්නම් උන් දෙන්නා ඇහැරිලා එකෙක් හිනාවෙවි ඉන්නවා. අනෙකා තාත්තාගේ ගෙරවිල්ල අහගෙන ඉදගෙන ඉන්නවා. මම මේ කියන්නේ ඇත්තම හොදේ....

    ReplyDelete
  17. පොඩි එකෙක් තාත්තගෙ ගෙරවිල්ලට බය වෙන වීඩියෝ එකක් බැලුවා. හී හී ඒක නම් පට්ට.

    ReplyDelete
  18. :D

    …හැබැයි ඉතින් ගොරවන අය කවදාවත් එයාලා ගොරවනවා කියලා පිලිගන්නෙ නම් නැහැ....

    ReplyDelete
  19. සංසාර ගැට්ට.....ලස්සන වචනයක්.

    පිරිමි නේද වැඩිය ගොරවන්නේ .

    ReplyDelete
  20. මම් නම් ගොරවන්නෙ නෑ.:)

    ReplyDelete
  21. කපී කේකිSeptember 21, 2011 at 11:14 AM

    අපිත් ඉස්සර ඔහොම ඩිශ්කශන් තියනව.එක කාමරේකට සෙට් වෙලා කුප්පිත් දානව.ඒත් රෑ 2 ට හරි තම තමන්ගේ කාමර වලට යනව.

    හොල්මන් ෆිල්ම්ස් එහෙමත් බලලා යටම තට්ටුවෙ කාමර වලට ඇරලවන්න යනව.තනියම යන්න බයේ.එක ගොඩේ නම් නිදාගන නෑ:)ගොරවන යාලුවො හිටියේ නෑ.හීනෙන් බය වෙලා කෑගහන එකෙක් නම් හිටියා.

    ReplyDelete
  22. මටත් තනියෙන් නම් පාඩම් කරන්නම බෑ.කට්ටිය එක්ක සෙට් වෙලාම තමා පාඩම් කරන්නෙ.

    අපොයි...මටනම් කවුරු හරි දිගටම ගොරවන කොට හැරෙනවා. මොන කරුමෙකටද මන්දා..:((

    ReplyDelete
  23. ගොරවන කෙනා , තමන් ගොරවනවා කියලා...ලග ඉන්න කෙනා කිවිවට පිලි ගන්නේ නැත්නම්...රෙකෝඩ් කරලා මිනිහට අහන්න දෙන්න.
    ඔය විදිය..අත්දුටුවයි..ප්‍රත්‍යයක්ෂයි.

    ReplyDelete
  24. තමන් ගොරවනවා කියලා පිළිගන්න පිරිමි කට්ටිය හරි අඩුයි මම හිතන්නෙ, මධුරංග මල්ලිගෙ ගෙරවිල්ල ගැන ගෙදර අයගෙන් තමයි අහන්න වෙන්නෙ :D

    ReplyDelete
  25. කොට්ටෙට පොත් තියල නිදාගත්ත නං හරිනේ, ගෙරවිල්ලත් අඩුයි, කෙලින්ම මීටරේට තෙල වදිනවා!

    ReplyDelete
  26. කොහෙද ඔය ඇලන් මැට්ට ඉඳල තියෙන්නෙ :)

    ReplyDelete
  27. හපොයි...ගොරවන එකක් ගැන නම් කතා කරන්න එපා...දිල් කැම්පස් එන්න කාලෙදි දිල්ගෙ රූමත් ගොරවනවා..කොහෙත්ම නින්ද යන්නෙ නැති උනාම රෑ මැද්දෙ නැගිටගෙන දිල් රූමගෙ ඔලුව එහෙට මෙහෙට හරවනවා ..නිදන ඉරියව්ව වෙනස් උනාම සමහර වෙලාවට ගොරවන්නෙ නෑ....නිදිමරගාතෙ මළ පැනන් ඔළුව එහෙට මෙහෙට හරවද්දී රූමා " නිදා ගන්න දීපන්කො බන් " කියන්නෙ මා දිහා කන්න වගෙ බලාගෙන...හික්ස්..ඒකි නිදන්නයි ඒකිගෙ ගොරවන සද්දේ ඇහෙද්දි මම ඇහැරගෙන ඉන්නයිද ?

    ReplyDelete
  28. හික් හික්. ගෙරවිල්ලට බේත් නම් තියෙනවද දන්නෙ නෑ. නමුත් ගෙරවිල්ල එන්නෙ නිදාගන්න ඉරියව්වෙ වැරැද්දක් නිසා හරියට උගුර හරහා වාතය යන්නෙ නැති නිසා. ඉතින් ඒ අවහිරය මඟ හැරෙන විදිහට පොඩ්ඩක් එහා මෙහා උනාම ඒක නවතිනවා. සමහරෙක්ට නම් කොහොම හිටියත් ඕනෙ තියෙනවා.
    ගෙරවිල්ල නවත්තන්න කරන්න පුලුවන් සරළම දෙයක් තිබෙනවා, උඩුබැල්ලට නිදාගන්නෙ නැතුව ඉන්න එක. ඇළයට හෝ යටිබැල්ලට නිදාගන්න.
    අපිත් ඔහොම සෙට් වෙලා පාඩම් කළා, හැබැයි කීය උනත් මම නම් මගෙ ඇඳට ගිහිල්ලම තමා නිදාගන්නෙ නම්.

    ReplyDelete
  29. මන් දන්නවා එක මිනිහෙක් දික්කසාද උනා බිර්න්දගේ ගෙරවිල්ල නිසා !! කොච්චර හයියෙන් ගොරවන්න ඇත්ද ? මන් කිවුවේ ඇහැරගෙන ගොරවන එක නෙවෙයි..

    ReplyDelete
  30. සංසාර ගැට්ට... මරු නම්...

    පොත් ගුල්ලගෙ කතාවත් පට්ට.

    ReplyDelete
  31. හිකිස් මේ මටත් ඔය ලෙඩේ තියෙනවා..තනියෙන් නම් කවදාකවත් මම පාඩම් කරන්නේ නැහැ..කුප්පියක්ම තම හරි යන්නේ...ලොල්..සංසාර ගැට්ට මරු නම හොදේ

    ReplyDelete
  32. හිකිස්ස්ස්ස්ස්ස්.... සංසාර ගැට්ට..:D :D :D මරුනෙ.. මාර නම් තමා අයියලාත් දාන්නෙ..:)
    හෆ්ෆෝයි.. ගොරවනවට මං ආසම නෑ... අර මනුස්සයගෙ වයිෆ් පවු හෆ්ෆා..:(

    ReplyDelete
  33. @පොඩි කුමාරිහාමි
    ඕනෙම නං මමත් එතන හිටියයි කියල කියමුකෝ. හැබැයි ඕක පරණ චීන කතාවක් නිසා ආත්ම ගානකට කලින්..... ආ.. නෑ... සංසාර ගැට්ටේදී වෙච්ච දෙයක්.

    ඔය ගෙරවිල්ලට කරන සැත්කම දැන් ලංකාවෙත් කරනවා. දැනට නම් කොළඹ මහා ආරෝග්‍ය ශාලාවේ පමණයි දන්න තරමින්. දවසක් ප්‍රවෘත්ති වලට කිව්වා. අපේ ඩොක්ට නලිනි ගෙන් ඇහුවනන් කියයි.

    ReplyDelete
  34. @ප්‍රාර්ථනා :
    නින්දෙන් ගොරවන එකෙක් ලඟ මට නම් නින්ද යන්නේ නෑ.:(

    @හිස් අහස :
    ඔය සංසාර ගැට්ට වෙන වෙන දේවල් වලටත් ලොකු උදව්වක් වෙනවා. මල්ලිට ඉතින් ඕවා හිතාගත්තෑකි නේ. හික්ස් :)

    @අසනි :
    ඒක හරි. මම නම් පින්මයි කරන්නේ (හිතාගෙන ඉන්නේ)
    හික්ස් :)

    ReplyDelete
  35. @Dinesh :
    ඒ ගෑනි නම් පවු තමා. හොද වෙලාවට ඒ අංකල් වෙන කාමරේක ඉන්නේ.

    @විසිතුරු | visituru :
    මෙහේ තියෙන සීතලට බිම නිදියෑවොත් මට වීස්z එක හැදෙනවා.

    @bckurera :
    ඒක හරි මල්ලි. මටත් හිතෙන්නේ ඔය එංජින් එක පොඩි එකක් වෙන්ටෑ.

    ReplyDelete
  36. @පොත් ගුල්ලා :
    ඔය කිව්වට මාත් සමහර සෙම වැඩි වෙච්ච දාට ගොරවනවා කියලා අහලා තියෙනවා. හික්ස් :)
    අයියගේ කතාව නම් පට්ට. නියම කතාවක්.
    අයියගේ මේ පළමු පැමිණීම. ඒ නිසා සාදරයෙන් පිලිගන්නවා.

    @ප්‍රසංග :
    සංසාර ගැට්ට එහ විදිහක නැති උනාම නිදා ගන්න බෑ. කොහොමහරි උදේ වෙනකොට කාගේ හරි ඇඳකට සේන්දු වෙලා නිදි.

    @පැණි දොඩම් :
    පොත් ගුල්ලා අයියගේ පට්ට කතාව තමා. හික්ස් :)

    ReplyDelete
  37. @~ Rajith Doo~ :
    පහල කට්ටිය කියන විදිහට ඔපරේෂන් එකක් තියෙනවලු.

    @Prasanna :
    ඒක වෙන්නැති අයියා. හික්ස් :)

    @ශානු :
    ලෙඩක් ලූ. ඒත් එහෙමට ලෙඩක් කියලා හිතන්නේ නෑ මං

    ReplyDelete
  38. @Gimhani :
    අක්කා නිදා ගන්නේ අපේ අම්මා නිදා ගන්නවා වගේ. අපේ අම්මටත් මෙලෝ සිහියක් නෑ නිදා ගත්තම.වැටිච්ච වැටිච්ච තැන් වල නින්ද යනවා.

    @Gayan Rupasinghe :
    ඒක නම් හරි වෙන්ටෑ. මටත් සෙම වැඩිවෙච්ච දාට නිකන්ම ගෙරවෙනවා. හික්ස් :)

    @Podi Kumarihami :
    යාලුවෝ නම් කියලා තියෙනවා මම් සමහරදාට ගොරවනවා කියලා. ඒත් හමදාම නෑ.

    ReplyDelete
  39. @malmi :
    අපේ අම්මා ළමයි නිදි කරවනවා වගේ. අම්මට ටාර් ගාලා නින්ද යනවා. අපිට එහෙම නින්ද යන්නේ නෑ. හික්ස් :)

    @පිණිබිඳු... :
    මටත් බලන්න ලින්ක් එක දෙන්න බෑ ද

    @Sayuri :
    අම්මෝ ඒක හරි. රෙකෝඩ් කරලා අහන්න දෙන්නෝන.

    ReplyDelete
  40. @Bindi :
    වචනෙත් ලස්සනයි. තැනත් ලස්සනයි.
    ඔවු අක්කා. පිරිමි ඈයෝ සිගරට් එහෙම බොන නිසා සෙම ඇවිස්සෙන නිසයි ගොරවන්නේ.

    @නදී :
    අනේ වාසනාවන්. :)

    @කපී කේකි :
    මට නම් එහෙම ගානක් නෑ නංගි. කොහේ උනත් වැටිච්ච ඕනම තැනක නින්ද යනවා.

    ReplyDelete
  41. @නිසුපා :
    ඔය කරුමෙම මටත් තියෙනවා අක්කා. මටත් ඇහැරෙනවා. නින්ද යන්නේ නෑ.

    @- නිල් අහස - :
    අනිවාර්යෙන්ම පිලිගන්නේ නෑ අයියා. අහන්න දෙන්නම වෙනවා.

    @හරී - පිණිපළස :
    අපෙ අම්මා කියලා තියෙනවා සමහර දාට මම් ගොරවනවා කියලා.

    ReplyDelete
  42. @කතන්දර Kathandara :
    ඔහොම නිදාගත්ත කට්ටියත් හිටියා අයියා. විෂේශයෙන් ඔය මැටීරියල් පොත් එකෙම පත සයිස් නේ. ඒවයින් දෙකක් තිබ්බම ගානට හරි.

    @``` Outsider``` :
    ඒක නම් හම්බ උනේ නෑ. :(

    @දිල් :
    මාත් කොල්ලෙක්ට ඔහොම කලා. මටම ඒක එපා උනා. ඔන්න නින්ද ගියාම නම් මට අවුලක් නෑ.

    ReplyDelete
  43. @Madhawa Habarakada :
    මොනා කරන්නද අයියා. මුන් එහෙම නිදා ගන්නේ නෑනේ. මුන් නිදා ගන්නෙම උඩුබැල්ලට. මට නම් මගේ කාමරේ නොවුනා කියලා ගානක් නෑ අයියා. ඔහේ වැටිච්ච තැන නින්ද යනවා.

    @සරත් ලංකාප්‍රිය :
    ගෑනු කට්ටිය නිදාගෙන ගොරවනවා හොදයි ඇහැරගෙන ගොරවනවට වඩා.

    @පිස්සා පලාමල්ල :
    ඔය නම් අපි එනකොට තිබ්බ ඒවා. හික්ස් :)

    ReplyDelete
  44. @පිස්සු පුසා :
    කුප්පිය තමා අපේ ගැලවිල්ල. කුප්පි නැත්නම් අවුට් වෙන එක ලේසි නැත.

    @හිතුවක්කාරි :
    මරු නමක් තමා නංගි.
    ගොරවනවට මාත් ආස නෑ චූටී නංගි :)

    @පොත් ගුල්ලා :
    ඩොක්ට නලිනිව කන්ටෑක් කලා නම් හරි තමා අයියේ. අපි වෙලාවක අහලා බලමු.

    ReplyDelete
  45. @මධුරංග
    අනේ මල්ලියෝ! මොනවා හරි වැරදි දෙයක් පාන් එක්ක කැවුනද? මේ කොහොමද මගේ පළමු පැමිණීම වෙන්නේ. බලන්ඩකෝ ඔයාගේ පාන් කතාවෙයි, අසල්වැසි කතාවෙයි පොත් ගුල්ල කමෙන්ට් කරලා නැද්ද කියල.
    ඔන්න බලන්ඩ ඉතින් ඔච්චර එන අපිව පේන්නෙත් නැතුව ගිහින්, දැනුයි පිළිගන්නෙ. කමක් නෑ, කමක් නෑ. Better late than not කියනවනේ. පිළිගැනීමට බොහොම ස්තුතියි.

    ReplyDelete
  46. @පොත් ගුල්ලා :
    සංසාරේ !!!!!
    මගේ මතකේ හැටි තමා අයියා ඔය. මට පොඩ්ඩක් අමතක උනා (පොඩි කොහෙද). අමතක වීමට සමාවෙන්න අයියා. ආයේ එහෙම එකක් වෙන් නෑ කියලා ප්‍රතිඥා දෙමි !!!!

    ReplyDelete
  47. ගොරවන එක ලෙඩක්ද???????????

    mama nm gorawan na hodeeeeeee....

    ReplyDelete
  48. අයියගේ යාළුවා වාර්ථාව කඩයිද දන්නේ නෑ....
    සංසාර ගැට්ට නම හැදුනේ කොහොමද?

    ReplyDelete
  49. අපෝ සමාව මොකද දෙන්ඩ බැරි. අතින් පයින් යනවැයි. මකරන්දය පැත්තෙත් ආවොත් වැඩිපුරත් එක්ක දෙන්නන්.

    ReplyDelete
  50. මල්ලිට කියන්න අපේ කාමරේ හිටිය එකෙක් සේන් කියල. මන් දන්නා තරමට මෑන් නිදාගන ගොරවන ගෙරවිල්ලට අපේ අනිත් උන්ට සීට් බෙල්ට් දාන්න වෙන සයිස් එකක් තිබ්බ සේනාගේ නහයට ඇදිල යන්නේ නැති වෙන්න. ඒ නැතත් අපේ සෙට් එකම ගොරවනවා.. හිකිස්,..

    ReplyDelete
  51. හික් හික්!! සමහර එව්වොනං ප්‍රොෆෙෂනල් ලී මුදලාලිලා වගේ තමයි නිදා ගන්නේ. මම දන්න කට්ටියත් ඉන්නවා.

    උඹට පොත් ගන්න ගිහිං මාව මතක් වුණා කියලා සිංහයා කිව්වා. ගොඩක් ස්තුතියි මචං. වෙලාවක සෙට් වෙමු.

    ReplyDelete
  52. සංසාර ගැට්ට නියම වචනෙ. මගේ බිරින්දෑ කියන්නෙ මෝටරයක් ලඟ තියාගෙන නිදාග්න තරං මහා පවත් එයා කරලලු මට ඒක තේරෙන්නෙ නෑ. මට ඉතිං හිටගෙනත් නින්ද යනවනේ. අපේ උන්දැත් එක්ක බස් එකක ගියොත් කවදාවත් නිදාගන්න නෑ. අතින් ඇනල ඇහැඇරවනව මම බස් එකේ ගොරවයි කියල බයට. ගෙරවිල්ලට බේතක් තියේනං කියපං මලේ.

    ReplyDelete
  53. බොහෝ අවස්ථාවල නින්දෙන් ගෙරවීම ලෙඩක් නෙවෙයි, ස්වාභාවික දෙයක්. ගෙරවීම කියන්නෙ නිදාගන්න කොට ඔලුවේ පිහිටීම අනුව ස්වාස නාලය ඇඹරිලා කුඩා වීමයි. ඒක නිසා කුඩා නලයකින් හුස්ම ගන්න කොට ශබ්දයක් පිට වෙනවා. ඉතින් ඕකට කරන්න ඕන ඔලුව කෙලින් කරන එකයි, එතකොට 90% පමණ හරියනවා. උඩුබැලි අතට නිදා ගත්තම ඕක තියෙනවද නැද්ද කියල ඉස්සරවෙලා බලන්න ඕන, එත කොට ගොරවන්නෙ නැත්නම් ලෙඩක් නැහැ. නිදාගන්නකොට ඒ මේ අතට හැරෙන එක සිරිතක් නැත්නම් සාමාන්‍ය දෙයක්. පැත්තකට හැරිල බුදියන කොට සමහරුන්ගෙ බෙල්ල ඇඹරෙනවා. සමහරු මහත නිසා බෙල්ල ඇඹරෙනවා. එතකොට ගොරවන්න පටන් ගත්තොත්, පුරුදු වෙන්න ඕන කොයි අතට හැරුනොත් ගොරවන්නෙ නැද්ද කියල. එහෙම බලල ඒ විදියට පුරුදු වෙන්න ඕන. බොහොම කලාතුරකුන් උත්පත්තියෙන් හෝ පසුව හැදුන ලෙඩකින්, (මස් දලු වැනී) ගෙරවීම සිදුවෙන්න පුලුවන්. එහෙම වුනාම වවාගෙන කන දොස්තර මහත්තයෙක් ලඟට ගියාම පසුම්බියටත් නහයටත් බෙහෙත් වදිනවා. සත්‍ය වශයෙන් මේක ලෙඩක් නෙවෙයි. දැන්කාලෙ නොයෙක් නොයෙක් විකාර දේවල් මේ නිසා සිදු වෙනවා. දැන් අවුරුදු පනහකට ඉස්සර වෙලාත් ගෙරවීම තිබුන එතකොට ඒව ලෙඩ හැටියට සැලකුවද? එතකොටත් ගෑණු දික්කසාද වුනාද? දැන් කියනව ගෙරවීමෙන් ශරීරයෙ ඔක්සිජන් අඩුවෙලා දවල්ට නිදිමත හැදෙනව කියලත්. ඒක නිසාලු ට්‍රක් ඩ්‍රයිවර්ලට ඉන්ද යන්නෙ වාහන එලවන කොට. ඔය කියන ඒව ඔක්කොම කරන්න ගියොත් නහය කපාගෙන තමයි ඉවර වෙන්නෙ. කොහොම හරි දොස්තරලත් බලන්නෙ ආදායම වැඩිකර ගන්න විදියක්

    ReplyDelete
  54. අපෝ සංසාර ගැට්ට මම අකමැතිම දෙයක්.. ගෙරවිල්ල අහගෙන සංසාර ගැට්ටක නිදා ගන්න උනොත්? අපෝයි...............!!!!

    ReplyDelete
  55. මටත් මේ දුක විදින්න වෙලානෙ

    ReplyDelete
  56. මම මේ කල්පනා කොළේ ඔය ඇලන් මැට් කියන එකා අපේ අල්ලපු ගෙදර එහෙම හිටියනම් මම මෙිකද කරන්නෙ කියලා......

    ReplyDelete
  57. @පොත් ගුල්ලා,
    පට්ටම කතාව ....

    @මධුරංග,
    නියම වචනෙ සංසාර ගැට්ට .....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.