19 September 2011

නොදැකපු මිතුරෝ

අවුරුද්දට වඩා වැඩි කාලයක් ගොඩක් අයගේ බ්ලොග් කියව කියවා හිටියට ඒ බ්ලොග් ලියන්නේ කවුද කියලා මම් මීට කලින් දැනගෙන හිටියේ නෑ. දැනගන්න උනෙත් නෑ. මොකද ගිය අවුරුද්දේ සංසදයේ ගෙට්ටුව වෙලාවේ මට විභාග තිබ්බා. ඒ නිසා ඒ අවුරුද්දේ ගෙට්ටුව මිස් උනා.

කොහොමහරි මේ අවුරුද්දේ ගෙට්ටුවට කලින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබ්බ පොත් ප්‍රදර්ශනය බලන්න බ්ලොග් ලියන කට්ටිය එකතු උන වෙලාවේ කට්ටිය අදුන ගන්න තිබ්බ ඒ ආසාවත් ඉෂ්ට උනා. කාලයක් තිස්සේ වචන වලින් විතරක්ම අදුන ගෙන තිබ්බ යාළුකම් හෑබෑවටම දකින්න ලැබුනා.

ආපු ගමන් නම් කාවවත් නමින් දැනගෙන හිටියේ නෑ. කොටින්ම මට කෝල් එකක් දීලා මාව කන්ටෑක් කරගත්ත ගෝල්ඩ් ෆිෂ් අයියව උනත් දැනගෙන හිටියේ නෑ. ආවට පස්සේ මාව දන්න නොදන්න හැමෝ එක්කම කතා කලාට පස්සේ තමා ඒ අයව දැන අදුන ගත්තේ.මට හරියට දැනුනේ මම් කැම්පස් ආපු මුල්ම දවස වගේ. එදත් මට දැනුනේ මේ වගේම හැඟීමක්. මොකද රට වටෙන්ම කට්ටිය ආවට ඒ එක්කෙනෙක්වත් දැකපු එවුන් යෑ.

මෙහෙම කට්ටිය අදුනගන්න වැඩේ නම් මගේ හිතට හොදටම අල්ලලා ගියා. මේ අවුරුද්දේ නම් අනිවාර්යෙන්ම මොන වැඩේ තිබ්බත් සංසදයේ ගෙට්ටුවට එනවා.

56 comments:

  1. ඉතින් ඕකට එන්නේ නැති අයව හම්බවෙන්නේ කොහොමද?...:D:D:D

    ReplyDelete
  2. ඇත්තටම සතුටුයි හුඟාක් උඹලව අඳුර ගන්න ලැබිච්ච එකට.

    ReplyDelete
  3. ඇත්තටම අපිට මේ බ්ලොග් අවකාශයේ කවදාවත් දැකලා නැති උනාට අපේ අදහස්වලට ගැලපෙන යාලුවො සෙට් වෙනවා. අකුරුවලින් යාලු කමක් ඇති වෙනවා කියන එක කොච්චර දෙයක්ද....

    මාත් එක පාරක් ඔය ගැන ලිපියක් දැම්මා ....

    http://pansalhandiya.blogspot.com/2011/05/blog-post_28.html

    ReplyDelete
  4. මම් ඉතිං ඔය ගැන මක්කවත් දන්න එකක් යෑ. දැනගන්න දැකගන්න තිබුනානම් හොදා තමා. හම්...බලමුකෝ

    ReplyDelete
  5. ඇත්තටම සතුටුයි මල්ලි හැබැහින් දැක ගන්න ලැබුනට. ආයෙත් ගෙට්ටුවෙදි සෙට් වෙමුකෝ..

    ReplyDelete
  6. මූණු පොතේ පින්තූර දාලා තිබ්බ නිසා මම් නම් දැක්ක කට්ටියව.

    ReplyDelete
  7. අඩේ කට්ටිය සෙට් වෙලා.. :(

    ReplyDelete
  8. කපී කේකිSeptember 19, 2011 at 9:54 AM

    ඔයා මොකද්ද ගත්ත පොත අය්ය.?

    ඇයි ඔයා බඩඉරිගු කන්න ඔච්චර පෙරේත...

    ReplyDelete
  9. හොද වැඩක් හොද වැඩක්

    ReplyDelete
  10. පුළුවන් අය ගිහින් මුණ ගැහුනට වරදක් නෑ.කොච්චර සතුටක්ද යාලුවන්ව මුණ ගැහෙන එක..

    ReplyDelete
  11. පොත් ප්‍රදර්ශනේ ගැනමයි ලියන්නේ,, ඉරිසියාවෙ බෑ අප්පා, ලබන පාර යන්න පුළුවන් වෙන්න කියලා භාරයක් වත් වෙන්න ඕනෙ
    පිණිබිඳුගෙ බ්ලොග් එකෙත් මෙහෙම ලියලයි ආවෙ,, හපොයි දෙයියනේ

    ReplyDelete
  12. අප්පා ඒ සෙට් එකට තිබ්බ විසයක්. අර පෝටලෝ බොන්න තිබිච්ච පෙරේතකමක් :D :D

    ReplyDelete
  13. මධුරංග මල්ලි ඇයි බං උඹත් එකක් ආපු උඹේ මල්ලිව කලින් ගෙදර යැව්වේ...? මට තියෙන එකම පස්නේ ඕක...

    ReplyDelete
  14. හැමදාටම බ්ලොග් කරුවන් හමුනොවී ඉන්න එකත් සුන්දර අත්දැකීමක්. හෑම බ්ලොග්කරුවෙක්ම(මම කියවූ) ගැන මගේ හිතේ ඇදිච්ච රූපයක් තියනවනේ. සමහර විට එයාල හමුවෙන එක "ස්වයංජාත" පොත කියවලා ඒකෙ "ටෙලිය" බැලුව වගේ වේවිද දන්නෙ නෑ. මට දැනට හිතෙන්නෙ, මගේ හිතේ තියන රූපෙත් එක්ක කොමෙන්ටු තීරුව හරහා කරන ගණුදෙණුව ඇති කියලා.

    ReplyDelete
  15. කොච්චර දෙයක්ද ඒ වගේ අවස්තාවක් ලැබිලා තියෙන එක.
    කට්ටිය Full Fun එකක් ගන්න ඇති නේද.

    ReplyDelete
  16. අඩේ කතා කටල තියෙන ඒත් දැකල නැති යාලුවො ටිකක් ඊයෙ තමයි දැක ගත්තේ... සතුටුයි අප්පා..

    ජය..

    ReplyDelete
  17. බ්ලොග් කියවන කට්ටිය එකතුවෙනවනම් ඔන්න අපිටත් එන්න පුලුවන්වෙයි.. අපි ලියන්නේ නෑනේ.....

    ReplyDelete
  18. අපිට ඉරිසියාවේ බෑ අප්පා.... ඊළග පාර ආවම මම පෞද්ගලිකව ගේට්ටුවක් දාලා කට්ටියටම එන්න කියලා මුණ ගැහෙනවා...

    ReplyDelete
  19. අනේ වාසනාවන්...දන්නා කියන කට්ටිය දකින්න තියේනම් මොනතරම් දෙයක්ද...මායි අයිතිකාරයි ඊයේ ගමනක් යද්දි අපි දන්න කියන බ්ලොග් අඩවියක දෙතුන් දෙනෙකුත් කර ඉරක් පනිනවා දැක්ක....

    ReplyDelete
  20. මොකද්ද අප්පා.....මට මිස් වුනානේ........

    ReplyDelete
  21. කරුමේ කරුමේ....... පිණි දන්නව මට වෙච්ච සංගෙදිය !

    ReplyDelete
  22. ඉරිසියාවේ බෑ... මධුරංග මලයනම් නමින්මනෙ ලියන්නේ. ඒත් නම් නැතිව ලියන කට්ටිය දකින්න තිබුන චාන්ස් එකනෙ මිස් උනේ...

    ReplyDelete
  23. මොකක්ද මේ ගෙට් ‍ටුව ? මම අලුත් පොරක්නේ! පොඩ්ඩක් විස්තර කරන්නකෝ!

    ReplyDelete
  24. @Podi Kumarihami :
    එන්නේ නැති අයයි රට ඉන්න ඈයොයි සෙට් කොරගන්න තමා අමාරු.

    @පිණිබිඳු... :
    මට සතුට මධුරංග මල්ලි කියාගෙන දුවගෙන ආපු එකට. අපේ අක්කා නෙව. :)

    @පන්සල් හංදිය :
    අකුරු වලින් යාලුකම් ඇතිවෙන එකේ වාසිය තමා අදහස් ගැලපෙන යාලුවෝ සෙට් වෙන එක.

    ReplyDelete
  25. @Kasun :
    උබලටත් එග්සෑම් නැත්නම් යන්න තිබ්බා. සංසදයේ ගෙට්ටුවට යන් !!!!

    @malmi :
    ඔන්න අක්කා සංසදයේ ගෙට්ටුවට යන් හරිද !!!

    @නිසුපා :
    ඇයි අප්පා අක්කවත් මම් දැක්කේ. හික්ස් :)
    ස්ටූඩියෝ එකේ උපන් බබා - නිසුපා. :)

    ReplyDelete
  26. @නදී :
    අපරාදේ නදී අක්කවත් දකින්න තිබ්බා නම්

    @පොඩි මෑන් :
    කෝ ඉතින් ආවේ නෑනේ.

    @කපී කේකි :
    බඩගින්නට නේ කෑවේ. එකම එකයිත් එක්ක කෑවේ. මාලුවා ඒක කන එකත් ෆොටෝ ගහලා. එකම එක පොතයි නංගි ගන්න උනේ සල්ලි තිබ්බේ නෑනේ. ඒකත් මල්ලි ගත්තේ.

    ReplyDelete
  27. @indi :
    අනිවාර්යෙන් අනිවාර්යෙන් !!

    @Gimhani :
    කොහෙද ඉතින් අක්කත් හවස් අතේ එනවා කියපු නිසා බලන් හිටියා. ආවේ නෑනේ. අපරාදේ අක්කවත් අදුනගන්න තිබ්බ චෑන්ස් එක.

    @හරී - පිණිපළස :
    ලබනපාර එන්න අක්කා. අනිවාර්යෙන් අක්කා නැති පාඩුව අපට දැනේවි....

    ReplyDelete
  28. @cjgayan :
    අම්මෝ ඔවු. ඒ බීපූ හැටිය දන්නවනම් එකාට එකගානේ නොමිලේම දෙනවා.

    @Prasanna :
    දේතු දෙකක් නිසා තමා යැව්වේ. එකක් මල්ලිට පාඩම් කරන්න ඕනා කිව්වා. අනිත් එක......ම්ම්ම්ම්ම්.... ඒක ඉතින් මාලු අයියා දන්නවනේ.

    @රාජ් :
    ඒක හරි. ඔය කියන කතාවත් හරි. එතකොට හිතන් ඉන්න ප්‍රතිරූපේ වෙනස් වෙනවා.

    ReplyDelete
  29. @- නිල් අහස - :
    ඔව් අයියා. මරු මේ ගෙට්ටුව නම්...

    @Gayan Rupasinghe :
    බ්ලොග් ගඩොලුත් සෙට් කරගන්න තිබ්බා නම් මරු.

    @Tanikada :
    ඔන්න ගෙට්ටුව තිබ්බම එන්න. ලියන කියවන හැමෝටමනේ මේ ගෙට්ටුව.

    ReplyDelete
  30. @Dinesh :
    එතකොට මාත් එනෝ.

    @දිල් :
    අයිතිකාර ????
    ලස්සන නමක්. වෙලාවකට මාර දිව්‍ය පුත්‍රයා. වෙලාවකට අයිතිකාර.

    @සිතුවිලි නිහඬයි :
    අපරාදේ. කමක් නෑ ගෙට්ටුවට එමු.

    ReplyDelete
  31. @nawammawatha :
    පිණිට කිව්ව හන්දා මාත් දන්නවා.

    @මන්තරකාරි :
    ඒක තමා අක්කා. මාත් තකහනියෙම වගේ ගියේ.

    @විසිතුරු | visituru :
    ගෙට්ටුව මීන්ස් ගෙට් ටුගෙදර් එක. ඒ කියන්නේ එකමුතු වීමක්. සංසදයේ ගෙට්ටුව තියෙන්නේ දෙසැම්බර් මාසේ. බ්ලොග් ලියන කියවන ඔක්කොම එකතුවෙනවා එදාට. ඒ නිස මල්ලිත් අළුත් උනාට කමක් නෑ. එන්න.

    ReplyDelete
  32. ඇත්තටම කිව්වොත් මන් මේ ගැන දැනුවත් නෑ..ඒත් ඔයාලා හරි එකතු වෙලා සතුටු වුනු එක ගැන අප්‍රමාණ සතුටුයි යාලු..

    ReplyDelete
  33. හා.... නම් නැතිව ලියන අයව බලන්න මටත් ආසයි.. පිංතූරෙකින්වත් නොදැකපු අයව...;)

    ReplyDelete
  34. මම එහෙනම් ඔය ගැන විස්තර අහලා මුණු පොතෙන් පයිණ්ඩයක් එවන්නම්කෝ අයියාට... කට්ටිය හමු වෙන්න මමත් එනවා එදාට.

    ReplyDelete
  35. කැම්පස් වල කට්ටිය විතරද එන්නේ?

    ReplyDelete
  36. රාජ් කිව්ව කතාවනං ඇත්ත...
    මෙච්චර සෝක් එකට හිටිය මාව පිස්සෙක් කියලා අනිත් උන් දැන ගත්තේ ඔය හමුවීං වලින් තමා...

    ReplyDelete
  37. @අසනි :
    ඔය සංසදේ ගෙට්ටු එහෙම තියෙනකොට එන්න බැරුව යෑ.

    @හිතුවක්කාරි :
    ඒක හරි. ඒ කට්ටියව අදුන ගන්න එක තමා තියෙන සතුට.

    @විසිතුරු | visituru :
    එදාටත් පිණිබිඳු අක්කා ත්‍රෙඩ් එකක් දාවි. ඒක කමෙන්ට් කරලා එන්න පුලුවන්.

    ReplyDelete
  38. @රහස් පරික්ෂකයා :
    කැම්පස් වල කට්ටිය විතරක් එන සීන් එකක් නෙමේ කිව්වේ. මම් කිව්වේ මම කැම්පස් එකේ ආපු මුල්ම දවසේ මට දැනිච්ච හැඟීම දැනුනා කියලා.

    @මාරයාගේ හෝරාව :
    ඒ කියන්නේ අපට මාරේ අයියව දකින එක අකැපයි කියන එකද. මදෑ මාරේ අයියව මරණේ අයියව අබීත අයියව එහෙම හම්බ වෙන්න හිතන් හිටියා.

    @පිස්සු පුසා :
    සෙට් උනා නේන්නම්. :)

    ReplyDelete
  39. ඕවා කැත වැඩ අය්යා.... කොච්චර වැඩ තිබුනත් නිවාඩුවක් දාලා හරි එනවානේ කිවනම්........

    දුකේ බැරුවා..

    මිස් උන පොස්ට් බලනවා ඉක්මනට හොදේ

    ReplyDelete
  40. ශා මටත් එන්න ආස හිතුනා. ඒත් මොනවා කරන්නද මම දන්නෙත් නෑනේ..

    ReplyDelete
  41. පිනි බින්දු අක්කගේ වෙන්ඩ හස්බන් අයියගේ බයික්කේ ටයර් එක ලෙස මධුරංග අයියා අභිෂේක ලැබුවා කියන්නේ ඇත්තද ?

    ReplyDelete
  42. ඊරිසියාවේ බැරුවාය....

    ReplyDelete
  43. මේ දවස්වල අන්තිම ප්‍රොජෙක්ට් කටුව තියෙනවා අය්යේ..නැත්නම් මාත් අනිවා එනවා..අපරාදේ අප්පා :(
    [ බ්‍රහස්පතින්දාට පස්සේ වගේ ආයි යැවෙන්නේ නැද්ද දන්නේ නැහැ :D ]

    ReplyDelete
  44. මල්ලී ඊයක් දාපන් nuwan.kumaranayake(at)gmail.com

    ReplyDelete
  45. @දේවා ගේ අඩවිය :
    කවුදෑ මල්ලි දන්නේ. මම් හිතුවේ විභාගේ හන්දා එන එකක් නෑ ය කියලා. කමක් නෑ කමක් නෑ සංසදයේ ගෙට්ටුවට එමු.

    @හංසි :
    ගෙට්ටුවටවත් එමු හංසි. එතකොට දින ලං වෙලා මම පෝස්ට් එකක් දාන්නම්.

    @හිස් අහස :
    ඔවු ඔවු. පිණි අක්කාගේ මහත්තයා කිව්වා එයාගේ ටයරෙක වෙනවනම් මාව ජොබ් එකට දාලා දෙන්නම් කියලා.

    ReplyDelete
  46. මුන්ට ඉරිසියා කරලම මට එපා වෙලාදැන්. එක අතකට බ්ලොග් එකෙනුයි කමෙන්ට් වලිනුයි අඳුන ගත්තම මදැයි. වැඩි බජනෙට ගියහම කරදරයි. අර නරිය සහ මිදී වැල පොත හෙම තිබ්බේ නැද්ද .

    ReplyDelete
  47. @නදුන් උයන :
    අපරාදේ ලංකාවේ හිටියා නම්.....

    @ChammA :
    ආයේ නම් යැවෙන්නේ නෑ මල්ලි. මාත් පොත් ගන්නම කියලා නෙමේ ගියේ. නිකන් කට්ටිය සෙට් වෙන හන්දා.

    @පැණි දොඩම් :
    මම ඊයක් දාන්නම්. :)

    ReplyDelete
  48. ශෝයි වැඩක්.... ඒත් මට මිස් වුණා නේ........ :(((((((((((

    ReplyDelete
  49. අයියයියෝ මට කවුරුත් කිව්වෙ නෑ නේ එක ලඟටම ඇවිත් මිස් වුනා නේ :(

    ReplyDelete
  50. සංසදයේ ගෙට්ටුවක් තියා මම මොකවත් දන්නෙ නෑ යෝදයෝ. දැනගන්න කවුරු කවුරු හරි මාව දැනුවත් කරහල්ලා දෙයියනේ. මම මේ බ්ලොග් ලියන්න ඇවිත් මාස දෙකද කොහේද? තාම නොදරුවා. මලයා මාව දැනුවත් කොරහන් හරිද?

    ReplyDelete
  51. @මහි :
    අනිත් සැරේ ගෙට්ටුවට යන්කෝ.

    @pissi :
    අපිත් දන්න්වායෑ පිස්සු කට්ටියත් ඇවිත් කියලා.

    @malmi :
    සංසදය කියල කියන්නේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය කියන එක. ඒ කියන්නේ බ්ලොග් ලියන කියවන අපි එක දව්සක එකතු වෙලා ඔය එක එක දේවල් සාකඡ්චා කරනවා දැනෑදුන ගන්නවා.ඒක මේ අවුරුද්දේ තියෙන්නේ දෙසැම්බර් මාසේ.

    වැඩිදුර විස්තර දැනගන්න මෙන්න සංසදයේ ලිපි දෙකක්ම. (මෙම ලිපි පහුගිය අවුරුද්දේ ගෙට්ට්ටුව ගැනයි.)

    (1) 2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවට පෙරවදනක්

    (2) 2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව – නිවේදනය

    ReplyDelete
  52. මෙහෙම හමුවීමක් බිසී වෙලාවක උනු එකක්නෙ (පොත් ගන්න සිහියනෙ තියෙන්නෙ). එහෙම නෙමෙයි, කට්ටිය හමුවෙන්නම කියල හමුවක් දාගන්න ඕනෙ. ගෙට් ටුගෙදර් ඕනෙ නෑ, කෙලින්ම කට්ටිය කතා වෙලා සෙට් උනා නම් හරි කොහෙට හරි. :)

    ගෙට්ටුවකදි හමුවීම නම් මෙලෝ තේරුමක් නැත.
    (පසුගිය ගෙට්ටුවේ අත්දැකීම් ඇසුරිනි.)

    ReplyDelete
  53. හෆෝයි මේ ටික කියවනකොට දුකේ බැරැව....ආයි තිබුනොත් පොඩ්ඩක් කියන්න අයියා....

    ReplyDelete
  54. matath aniwaryen kiyanna mamath ennam

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.