17 September 2011

නවකතා

මේ මාසේ සාහිත්‍ය මාසේ නිසා පොත් ගැන මොනවා හරි නොලිව්වොත් ඒක ලොකු අඩුවක්.පොත් කිව්වම මම් ඉස්සර ඉදන්ම ආසයි ඔය පරිවර්තන නවකතා කෙටි කතා එහෙම කියවන්න. නවකතා කිව්වම ඉතින් ආයේ කන්න ඕනෙත් නෑ. පොත කියවලාමයි නවත්තන්නේ.

ඉස්සර මම් උසස් පෙළ කරන්න ආපුම දවස්වලත් ඔය නව කතා කියවන පිස්සුව තිබ්බා. කොච්චර පිස්සුවක් තිබ්බද කියලා කියනවනම් අම්මා ඉස්කෝලෙදි දවල්ට කන්න දෙන සල්ලිත් එකතු කළා නවකතා පොත් ගන්න. මම් ඉස්සර ගොඩක් ආසයි අර කඳුලේ නවකතා කරු කියන ලේඛකයා ලියන පොත් වලට. පොත කියවන්න පටන් ගත්ත වෙලේ ඉදන්ම අඬන්න තියෙන්නේ.

ඒ කෙනා ලියන වැස්සක වගේ නමක් තියෙන පොතට තමා මම් ගොඩක්ම ආස කලේ. ඒකේ පලවෙනිම කොටස මම් ගම්පහ සරසවියෙන් ගෙනාවා. දෙවෙනි කොටස හොයාගන්න තිබ්බෙම නෑ. එතකොට අපේ මල්ලි කුරුදුවත්තේ ඉස්කෝලෙට තේරිච්ච දවස්. ඉතින් අපේ මලයා ඉස්කෝලේ ඇරිලා නුගේගොඩට ගිහින් තමා ඒ පොතේ දෙවෙනි කොටස හොයන් ආවේ. අම්මා මල්ලිට බැන්නත් එක්ක "උබට පිස්සුවක් තියේද !!!" කියලා. අපේ මලයා ඉතින් මාව උගස් තියලා බේරුනා.

දැන් නම් ඒ පොත් දිහා බලන්නත් ආසාවක් නෑ. මට නම් හිතෙන්නෙම් ඒවා මහ බොලඳ නවකතා ය කියලා. ඔය වැස්ස වගේ නමක් තියෙන පොතේ ප්‍රධාන චරිතයට ඉන්න කෙල්ල පොතේ එකතැනක කියනවා "අරහෙම පිරිමි කෙනෙක්ව ලැබෙන්නේ නැත්තන් ඒ වගේ ආදරනීය පිරිමියෙක් එක්ක ටික දවසක් ඉදලා දරුවෙක් හදාගෙන ගමේ ගිහින් ඒ දරුවා හදා ගන්න එක හොදයි !!!!" කියලා කියනවා.

කොහොමද මේ පොත කියවපු කෙල්ලෙක් ඔහොම කිව්වනම් !!! ආදරනිය මනුස්සයෝ පෝලිමක් ඉදීවී. ලඟදි පත්තරේක දැක්කා ඒ පොතේ 9වෙනි කොටසත් එළි දැක්වුවා කියලා. තමන් ආදරේ කරන කෙනෙක්ට එහෙම මේ වගේ පොතක් නම් දෙන්න එපා. එක පොතක් ඉවර වෙන්නේ අනිත් පොතට ආරම්භයක් දීලා. ඒ නිසා පොත් අරන් දීලා විසුමක් වෙන්නේ නැති වෙයි.

මේ කතුවරයා ලියන පොත් වල තියෙන්නේ දෙවිදිහක කතා. එක්කෝ කෙල්ල පෝසත් කොල්ලා දුප්පත් නැත්නම් කොල්ලා පෝසත් කෙල්ල දුප්පත්. අතරින් පතර දෙන්නම එක සමාජ මට්ටමේ කතා තියෙනවා. ඒත් ඒවා බොහොම අඩුවෙන්.

46 comments:

  1. ඉරිදට යමන්කෝ.. බලමු උබේ තේරිම කොහොමද කියල...

    ජය...

    ReplyDelete
  2. ඔය ජාතියේ කතා ලියන එක්ක්නයි හැබැයි උපකල්පනය කරන්න පුළුවන්.මම නම් අයියේ ඔය පොත් නම් කියවලා නැහැ..[ අපෝ කියවන්න බලාපොරත්තුවක්වත් නැහැ :D ]
    ඉස්සර ආසාවෙන් කියෙව්වේ චන්දන මෙන්ඩිස් මහතා පරිවර්තනය කරපු ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එක..තාමත් ආසයි ඒවා නම් කියවන්න :)

    ReplyDelete
  3. ඉස්සරනම් නවකතා පොත් තේරුමක් බේරුමක් නැතිව නොකා නොබි කියෙව්වත් දැන්නම් ඒවට ඒ හැටි ඉඩක් නැති තරම්..ගොඩක් වෙලාවට විෂයානුබද්ධ පොත පතටම..මගේ රසවින්දනය සීමා වෙලා..ඒ අතරේ රසෙන් නොඅඩු පොතක් දැක්කොත් කිවන්න අමතක කරන් නෑ..

    ReplyDelete
  4. මාත් ඉස්සර පොත් හරියට කියෙව්වා.නවකථා කියෙව්වා පාඩම් පොත් අස්සේ හංගගෙන. ඉස්සර ආදර කථාවල මම ගොඩාක් ආස කලේ කඳුලින් ඉවරවෙන කතා වලට.. ඒ නිසාද මන්ද හැබෑ ජීවිතෙත් ආදරය මට කදුලක් උනේ...

    ReplyDelete
  5. මමත් පොත් ටිකක් කියවලා තියෙනවා. ඒත් කියවපුවයින් වැඩිපුරම තියෙන්නේ පරිවර්තන. ඔය කියන විදියේ නවකතා දෙකතුනක් කියවලා තියෙනවා. ඒත් ඒවායේ භාෂාව ටිකක් බොළදයිනේ. හැබෑ ලෝකෙට එකග නැහැ වගේ නිසා ටිකක් කියවන්න අකමැතියි. ඔයා මේ දවස්වල ගෙදර ඉන්න නිසා බලන්න හොයාගන්නකො කාන්තාරයේ කුසුම, සැබෑ මිනිසෙකුගේ කතාවක්, ඉටි පහන්(සුමිත්‍රා රාහුබද්ධ), හඩනු මැන නිදහස,(දඩයක්කාරයෙකුගේ බිරිද (මාජෝරි මිචෙල්) එයාගේ ජීවිත අත්දැකීම්) තවත් තියෙනවා. ඔය මම කියවපු සමහරක්. හැබැයි මේවා සත්‍ය සිදුවීම් නිසා කියවන්න ආස හිතෙනවා.
    පොත් කියවන එක හරිම හොදයි. පොත් පෙරලන එකත් හොදයි. හැබැයි කාවවත් අමාරුවේ දාන්නේ නැතිව තමන්ගේ ගැලවීමට

    ReplyDelete
  6. හැබැයි ඉතින් බොහෝ තැන්වල එක්කෝ කෙල්ල පෝසත්, කොල්ලා දුප්පත්, එහෙම නැත්නම් එක්කෝ කොල්ලා පෝසත්, කෙල්ල දුප්පත්. එහෙම උනාම තමා ඒකේ රසේ දැනෙන්නේ. දෙන්නාටම බාධා නැති උනාම ඒකේ කිසි ගතියක් නෑ මයෙ හිතේ...:D

    ඒ කතෘ තුමාගේ පොතක් හොයලා කියවලා බලන්ටම වටිනවා ඔය වගේ මෝඩ කෙල්ලෝ ඉන්නේ කොහෙද කියලා දැනගන්ටත් එක්ක.

    ReplyDelete
  7. මමත් පොත් කියවන්න ගොඩක් පෙරේතයි.සල්ලි ගොඩාක් දුන්නොත් මම් ඔක්කොටම පොත් ගන්නව.

    මට පේන්නම බැරි දේ මම් ආසාවෙන් එකතු කරන මගෙ පොත් එකතුවෙන් පොත් බලන්න අරන් යන උන් ආපහු ගෙනත්දෙන්නෙ නැතීකොට.
    මම් ලග ගොඩක් අය ලග වගේ "තොරොම්බල් එකතුවක්" නෑ..මම් ආසාවෙන් එකතු කරපු පොත් තියනව.

    විශේශයක් නෑ මම් නම් ඕනේම පොතක් කියවනව.බොළදයි කියල කියන පොතුත් මම් කියවලා තියනව.නවකතා,කෙටිකතා.කවි,විචාර,ආගමික ඕනෙම පොතක් කියනව මම් නම් :)

    ReplyDelete
  8. උඹ මේ කියන්නෙ යෞව‍නයේ ජුජුප්සාජනක නවකතා කරුව ගැන නේද... ඔන්න උඹ කියපු පොතේ කොටස් 4ක්ම තියෙනව මගේ පොත් රාක්කෙ...(මෙව්ව කියන්න මට ලැජ්ජයි නෙමෙයි විලි ලැජ්ජයි) ඕව ගත්තෙ මොලේ උඩ වාඩිවෙලා හිටපු ‍කාලෙ... දැන් හිතෙනව ඒ සල්ලි වලින් කාක්කන්ට ආප්ප අරන් දුන්නනම් කියල... 9 විතරක් නෙමෙයි 10ත් ඇවිත්ලු... ඒත් 11කුත් තියෙනවලු... :)

    දැන් නම් සීනි බෝල පොත් කියවන්නෙ නෑ සාතන්ට පින්සිද්ධ වෙන්න

    ReplyDelete
  9. @පොඩි කුමාරිහාමි: රත්නපුරේ ඉන්නවලු... මු කියල තියෙන පොතේ එක්කෙනා එහෙ

    ReplyDelete
  10. සැබෑව අමතක කරලා හීන ලෝකෙකට යන්න නම් හොඳයි ඔය පොත්!

    ReplyDelete
  11. මධුරංගට උපදෙසක්
    දැන් පරිවර්තන කියෙව්වා ඇති. ඒවායේ ඔරිජිනල් ඒවා කියවන්න.

    ප/ලි-
    කාළෙකට ඉස්සර මං පොඩි සමීක්‍ෂණයක් කළා ඔය කොල්ල/කෙල්ල, දුප්පත්/පෝසත් කම්බිනේෂන් ගැන. ප්‍රතිපලේ මගේ බ්ලොගේ වම් තීරවේ අගින් තියෙනවා.

    ReplyDelete
  12. කතන්දර අයියා කියපු සමීක්ෂණයේ ප්‍රථිපල දැනගන්න මෙතන ක්ලික් කරන්න

    ReplyDelete
  13. මෑතකදී මා කියවපු හොදම නව කථාව "කාන්තාරයේ කුසුම" . කියවල නැත්නම් අරගෙනෙ කියවන්න...

    ReplyDelete
  14. මම ඔය නවකතාකරුගෙ එක කතාවයි හරියට කියවලා තියෙන්නෙ. ඒකත් එපා උනා මේ ලගදි ඒකේ ටී.වී. ගිය කතාවෙ කොටස් ටිකක් දැකලා... හැම එකේම ඉන්නෙ අගුණ කොලයි බතුයි කන රෝස පාට කෙල්ලොනේ...

    ReplyDelete
  15. ම්ම්ම්ම්ම්ම්.... අයියා ඔය කියන පොත සමහර කොටස් මාත් කියෝලා තියන්වා.. ඒත් එහෙම පිස්සුවෙන් නම් නෙවෙයි..මම නවකතා හැම වර්ගෙම ඒවා කියවනවා.පරිවර්තනත් එහෙමයි..

    අයියා කිව්ව වගේ ඒ නවකතා රචකයගෙනම් තියෙන්නෙ එකම වර්ගයකට කොටු වුනු විදියෙ පොත් තමා.මම කියවපු හුගාක් ඒවා එහෙමයි....

    ReplyDelete
  16. පොත් කිව්වොත් මටත් කන්නත් ඕනි නෑ. අහුවුනාම කියවලම තමයි ඉවර කරන්නේ. පරිවර්තන නවක්තා වලට ගොඩක් ආසයි. අයියා ඔය කියන නවකතාව නම් මට තාම කියවන්න ලැබිලා නෑ. මං නම් ඉතින් ගොඩක් දුරට පුස්තකාලෙන් තමයි කියවන්නේ.............:)

    ReplyDelete
  17. පොත් කිව්වොත් මටත් කන්නත් ඕනි නෑ. අහුවුනාම කියවලම තමයි ඉවර කරන්නේ. පරිවර්තන නවක්තා වලට ගොඩක් ආසයි. අයියා ඔය කියන නවකතාව නම් මට තාම කියවන්න ලැබිලා නෑ. මං නම් ඉතින් ගොඩක් දුරට පුස්තකාලෙන් තමයි කියවන්නේ.............:)

    ReplyDelete
  18. මමත් ඔය කතාකරුවගේ නුගේගොඩ පොත් සාප්පුවට සතියකට සැරයක්වත් රිංගුවා... ඒත් ඊටපස්සේ මගේ හිත ගියේ රහස් පරීක්ශක කතා වලට.. පරිවර්තන නැතුව කෙලින්ම ඔරිජිනල් එකම ගත්තා... අපේ ගෙදර තියෙනවා පොත් හෙන ගොඩක්...

    ReplyDelete
  19. පොත් තමා මේ දවස් වල උණුසුම් මාතෘකාව නේ. හෙට බලමුකෝ..

    ReplyDelete
  20. හික් හික්....ඕක 11 න් ඉවර වෙන්නෙත් නෑ ඕන්.. දොළහත් එනවලු ළඟදිම!

    ReplyDelete
  21. මමත් පොත් කියවන්න ගොඩක් ආස කෙනෙක්. පොඩි කාලේ ඉඳන් මේ වෙනකොට කියවලා තියෙන පොත් ගාණ මට හිතාගන්නවත් බෑ. පොතක් තියෙනව නම් මට කන්නවත් ඕනේ නැති වුණු දවස් තිබ්බා...

    මට නම් විශේෂයක් නෑ. ඕන ම පොතක් කියවනවා. මං නම් හිතන්නේ හැම පොතකම මොනවාහරි හොඳ යමක් අපේ ජීවිතේ ට එක තු වෙනවා කියලා. හැබැයි ඉතිං එහෙම එකතුකරගන්න එක නම් පරිස්සමින් කරන්න ඕනේ දෙයක්. මොකද, අද හොඳයි කියලා හිතෙන යමක්, නරකයි කියලා හිතෙන්නේ තව කාලයක් ගියා ට පස්සේ........

    ReplyDelete
  22. ඔය පොත් කියවන අයගේ සංක්‍රාන්ති තියෙනවනෙ.මුලින්ම ළමා කතා.ඊට පස්සෙ වීර කතා සහ රහස් පරීක්ෂක කතා, ඊළඟට එන්නෙ ප්‍රේම කතා යුගය, පස්සෙ ගැඹුරු නවකතා ඒ කියන්නෙ රුසියන් සාහිත්‍යය, ඩිකන්ස්, වික්ටර් හියුගෝ, ගී ද මෝපසාං, ගාර්සියා මාකේස් වගේ ඒවා.අන්තිමට බණ පොත්.මමනං දැං ඉන්නෙ අන්තිම එකට කළිං එකේ.මගේ ප්‍රේම කතා යුගය තිබ්බෙ සති දෙකක් වගේ කාලයක්.මට එපා උනා.ඒවායෙ තියෙන දෙබස්වලිං කතා කරන කපල් ගැන මටනං හිතා ගන්නවත් බෑ.ඔය අන්තිම යුගයටත් මම යාවි කියලා හිතන්න ටිකක් අමාරුයි.

    බුක් ෆෙයාර් එකට යන අයගෙන් කාරුණිකව ඉල්ලන්නෙ.පොත් ගන්නවනං විතරක් යන්න.නිකං පොත් බලන්ඩවත් ලව් කරන්ඩවත් යන්න එපා.ඒක ඇත්තටම පොත් ගන්ඩ එන අයට කරදරයක්.පොත් විකුණන අයටත් කරදරයක්.මොකද ගොඩක් මිනිස්සු සැප්තැම්බර් වෙනකං බලං ඉන්නෙ අවුරුද්ද පුරාම සල්ලි එකතු කරගෙන පොත් ගන්ඩ.එහෙම මිනිස්සු නිකං පෝළිංවල පැය ගණන් බොරුවට රස්තියාදු කරවන එක පවු.

    ReplyDelete
  23. මටත් ඔය බොලඳ නව කතා නම් පේන්න බෑ, අපෙත් යාළුවෙක් ඉන්නවා පිස්සුවෙන් වගේ නව කතා පොත් කියවන, පුස්තකාලෙට ගියත් දුවන්නේ ඒ පොත් තියෙන පැත්තට. මට නම් ඒ පොත් රාක්ක පේළිය දැක්කත් අප්පිරියයි.. ඊට වඩා කොච්චර හොඳ පොත් තියෙනවද කියවන්න,.

    ReplyDelete
  24. මමත් අවුරුද්දට දෙපාරක් BMICH යනවමයි..එකක් මොටර් ශො අනික පොත් .දෙකම මගේ ජිව්තේ ආසම අංශ දෙක.පොත් ප්‍රදර්ශනෙ නම් පටන් ගත්තු කාලෙ ඉදන් යනව, පොත් ඇරගෙන සල්ලි ඉවර වුනාම හවස ඉස්කොලෙ ඇරිල යනව ආසවට පොත් අත ගාන්න..කැම්පස් ආවමත් මට මතකයි ඉගෙන ගන්න කියල පොත් ගෙන්න ගිහින් අන්තිමට කතා පොත් විතරක් උස්සගෙන ආපු වෙලාවල්..ඒත් අවසනාවට මේ පාර මට ඒක මිස් වෙයි..එක්සැම් එකක්..හද්ද බලුයි.කුජීතයි

    ReplyDelete
  25. @Gayan Rupasinghe :
    යමුකෝ... උබලත් එනවනේ. මම් දවල්ට කන්න සල්ලි ගේන්නේ නෑ. හික්ස් :)

    @ChammA :
    මල්ලිගේ උපකල්පනය හරියටම හරි. අන්න එයා තමා. මාත් ඔය රහස් පරික්ෂක කතා වලට මාරම ආසයි.

    @අසනි :
    මාත් කැම්පස් ඉන්න දවස්වල ඔහොම්මමයි. විෂයට අදාල පොත් විතරමයි කියෙව්වේ.

    ReplyDelete
  26. @Gimhani :
    මාත් ඔය කදුළු වලින් ඉවර වෙන පොත් ගොඩක් කියවලා තියෙනවා. දැන් නම් එහෙම පොත් කියවන්න ආස නෑ.

    @malmi :
    ඉටි පහන් ඇරෙන්න අනිත් ඒවා නම් කියවලා නෑ. අක්කත් පුදුම කතා තමා කියන්නේ. පොත් පෙරලන්න කියලා කියන්නේ. හික්ස් :)

    @Podi Kumarihami :
    ඒ උනාට කවදාවත් සැපට හැදිච්ච කෙල්ලෙක්/කොල්ලෙක් කොහොමද දුක් විඳින්න යන්නේ. එන්නේ නෑනේ.

    ReplyDelete
  27. @නදී :
    ඔය පොත් ගෙනියන වැඩෙ මටත් වෙලා තියෙනවා. අන්තිමේදි පොත් ගොඩක් නැති වෙලත් තියෙනවා.

    @සාතන් :
    අම්මෝ ඒ කියන්නේ මේ කපේදි ඉවර වෙන්නේ නැති සීරීස් එකක් වෙයි. :)

    @විසිතුරු | visituru :
    තනිකරම හීන ලෝකේ ඉන්න පුලුවන් පොත් සෙට් එකක්.

    ReplyDelete
  28. @කතන්දර Kathandara :
    කැම්පස් ඉන්න කාලේ නම් ඔරිජිනල් පොත් කියෙව්වා. දැන් නම් ඒවා හම්බ උනේ නෑ.

    @Anonymous :
    තෑන්ක්ස් :)

    @Gimhani :
    මාත් හොයාගෙන කියවලා බලන්න ඕනේ.

    ReplyDelete
  29. @මන්තරකාරි :
    ඒක හරි. මට නම් ඔය කෙල්ලන්ව පෙන්නන්න බෑ. එහෙම කෙල්ලෝ සමාජයේ නෑ.

    @හිතුවක්කාරි :
    ඒක හරි. එක රාමුවක ඉදන් කියවන පොත්.

    @සුදු මැණිකේ(මැණික්) :
    මාත් පුස්තකාලෙන් තමා ඔය පොත් ගන්නේ. හික්ස් :)
    එහෙනම් මම් වගේ පොත් වලට ඇබ්බැහි උන කෙනෙක්.

    ReplyDelete
  30. @Dinesh :
    මාත් ආසම සෙට් එකක් තමා රහස් පරික්ෂක පොත්.

    @පිණිබිඳු... :
    මාත් බලන් ඉන්නේ හෙට වෙනකන් තමා. :)

    @Dakshina :
    එහෙනම් කියවන්න ගත්ත එවුන්ට ගැලවීමක් නෑ වගේ.

    ReplyDelete
  31. @මහි :
    මම කියන පොත් නම් විහිලුවට වගේ කියවලා ගත්තට කමක් නෑ. ඒවා ගැන වැඩිය හිතන්නෙපා. ඇත්ත සමාජය මේ පොත් වලින් ගොඩක්ම ඈතයි.

    @දිනුක ජයකොඩි :
    මාත් පොත් ගන යන්න කියලා ඉන්නේ. මල්ලි කියපු කතාව නම් ඇත්ත. නිකන් රස්තියාදු වෙන්න නම් එන්නෙපා.

    @ප්‍රාර්ථනා :
    හරියට හරි නංගි. පොතක් උනත් හරියට හොයලා බලලා කියවන්න ඕනෙ.

    ReplyDelete
  32. අපිට කොයින්ද බුල් බල්ලෝ කිව්වලු. අවුරුදු ගානක් ප්‍රදර්ශනේ මිස් වුනා . පොත් ඇත්නම් වෙන මොනවත් ඕන නැහැ . පොත් සාප්පුවකට ගියහම තමයි මාව එලියට ගන්න බැරි.දැන් සිංහල පොත් නොලැබෙන අඩුවට ඉංග්‍රීසි පොත් ..වැඩියම ළමා පොත් තමයි කියවන්නේ . ''ජෙරනිමෝ ස්ටිල්ටන් '' රෝඩ් ඩාල් හෙම කියවන්න ආසහිතෙන පොත්. අර වැස්ස ගැන ලියන කෙනාගේ පොත් ඉතින් ලැබුනොත් කියවනවා . හොඳ කෑම වට්ටෝරු තියනවනේ . ගමට ගිහින් ළමය හදා ගන්නකොට ළමයට කන්න දෙන්නේ අඟුණ කොළ විතරක් වෙන්ට ඇති. හික් .

    ReplyDelete
  33. "කාන්තාරයේ කුසුම" පොත කියවල ඉවර වුනා විතරයි මෙන්න මල්මි අක්කත් රෙකමන්ඩ් කරල! ඔන්න මධුරංග අයියෙ කියවනවනම් පොත්

    ReplyDelete
  34. මමත් ඉතින් ආසාම පොත් රහස් පරීක්‍ෂක එවුවා තමයි . මම එවුවා නම් බඩ බැඳගෙන කියෙවුවා ඉස්සර දවස් වල

    මඩොල් දූව පොත කියෙවුවාට පස්සේ මගේ රහස් පරීක්‍ෂක උන බැහැලා ගියා ඊට පස්සේ මම වෙන වෙන පොත් හිටං හොයාගෙන කියවන්න ගත්තා හැබැයි ඉංග්‍රීසි පොත් නම් ඇල්ලුවේවත් නෑ

    කෑම කන සල්ලි එකතු කරලා නොකා නොබී පොත් ගත්තට උඹ හෙන තරබාරුයිනේ අයියේ

    උඹ ඔය කියාපු පොත නම් මම අතකින් අල්ලලාවත් නෑ

    ReplyDelete
  35. @Bindi :
    අපට ඕකේ අනිත් පැත්ත. ඉංග්‍රිසි පොත් මාරම ගනන්. ඒ නිසා සිංහල පොත් ම තමා අපට නම්. මමත් කලින් කිසිම වතාවක ගිහින් නෑ. මේ පාර තමයි ඉස්ස ඉස්සෙල්ලාම යන්න හිතන් ඉන්නේ. හික්ස් :)

    @චතුරංග ජයවර්ධන :
    හොයාගෙන කියවන්න ඕනා. මම කියවලාම නෑ.

    @හිස් අහස :
    මම් මහත් උනේ මේ ලඟදි මල්ලි. දැන් ඕන් නම් අවුරුද්දක් විතර ඇති. බොරු නම් මගේ පරණ ෆොටෝ බලන්න. හික්ස් :)

    ReplyDelete
  36. මමත් ඔය ''වැස්ස'' ගැන ලියන කෙනාගෙ පොත් කීපයක් කියවලා බැලුවා. කියවන්නෙ නැතුව විවේචනයක් කරන්න අමාරුයිනේ.
    මේ ලෝකෙ තියන කක්කම පොත් ටික කියල කියන්න පුලුවන්. මිනිහම දන්නෙ නෑ එයා ලියන්නෙ මොනවද කියල.
    ඒ වුනාට ඔයගොල්ලො පොඩ්ඩක් හොයල බැලුවොත් තේරේවි .. හුඟක් කට්ටිය [ඒ කිව්වෙ කාන්තා පක්ෂෙ අය] ඔය පොත් වලට මැරෙන්ට හදනවා. මොන මගුලකට ඕවට ආසද මන්දා ...?
    ඒ මදිවට වැස්ස ගැන ලියන කෙනා .. සම්මානයක් ලැබුණෙ නැතුවට දුකෙන්ලු ඉන්නෙ කියලත් මට ආරන්චි වුනා.
    [හුඟ දෙනෙක් කාන්තාරයේ කුසුම ගැන ලියල තිබුණා. නමුත් ඒකෙ දෙවනි කොටස හා සමාන කාන්තාරයේ දරුවෝ පොතත් කියවන්නම ඕන. එතකොට තමයි වටින්නෙ.]

    ReplyDelete
  37. මම නම් ඒ නව කතා කියවන්න ආස නෑ අයියා..ඒවා මේ ලෝකෙට බොලඳ වැඩී.අනික ඒ ගොඩක් පොත් එකම වගෙ.

    ReplyDelete
  38. අඩේ උඹට කියන්න මධුරන්ගයෝ මාත් ඔය සීරීස් එකේ පොත් දෙකක් කියවල තියනවා. දෙවනි එක අග හරියේදී මට ඇඬුනත් එක්ක. ලැජ්ජ වුනත් ඇත්ත කියන්න එපාය.

    ReplyDelete
  39. අවුරුද්දකින් මහත්වුන ක්‍රමේ කියන්න පුලුවනිද?

    පොත් කියවන්න පටන්ගත්තම නැවතුමක් නැතිව කියවන්න හිතෙන නිසා දැන් පොත් කියවනඑක අඩුවෙලා.. මොකද දවසට පිටු10 විතර කියවන එක මට නම් කම්මැලි..

    ReplyDelete
  40. මමත් හරිම අාසයි ෙපාත් කියවන්න. කිස්ම ෙබ්දයක් නැතුව හැම ෙපාතක්ම කියවනවා. O/L ඉවර කරපු ගමන් මමයි, මල්ලියි පුස්තකාෙල්..... කියවපු නැති.... නව කතාවක් නැතුව අැති.

    ෙහාද ෙපාතක් ලැබුෙනාත් කෑමත් ඒෙපා්.....

    ReplyDelete
  41. ආයේ ඉතිං වටේ යන්න ඕනය..?
    බොළඳයිනං තමා..ඒත් මමත් ඔය සුජීවගේ පොත් බර ගානක් කියවලා තියෙනවා.. අදටත් අහු උනොත් කියවනවා.

    අඟුණ කොලයි කිරි කොසුයි කවන එකේ ඉවරෙකුත් නැහැ තමයි.. ඒ විතරක්යෑ එක පාරක් ‍බොඳ මීඳුම් එකේ දෙවෙනි නැත්තං තුන්වෙනි කොටසෙදි උන්දෑ අළුත් මඤ්ඤොක්කා වර්ගයකුත් හඳුන්වා දුන්නා.

    ඒක මේ හිටෝලා තුන්මාසෙන් අල බැහැලා විකුණලා ආදායනුත් ගන්න වර්ගයක්... එදා තමයි මං මෑත කාලීනව පොතක් බලලා හොඳටම හිනා වෙච්ච දවස.. ඕනවට වඩා ගමයි ගමේ කමයි විකුණන්න ගියාට උන්දෑ අත්දැකීම් මත හෝ අඩුම ගානේ හොයලා බලලවත් නෙවෙයි ලියන්නේ කියල එදයි ටක්කෙටම මීටර් උනේ..

    මට දුක ඕවා බලලා ගමෙන් එන කොල්ලෝ එක්ක පැනලා යන්න නගරේ ‍පෝසත් පවුල්වල කෙල්ලෝ දැඟළුවොත් ඒ කෙල්ලන්ට යන කල ගැනයි.. ඇයි යකෝ ගිහින් මඤ්ඤොක්කා දඬු ටික හිටෝලා තුන් මාසෙන් ආදයං ගන්න බලං ඉද්දී කොහොමට තියෙයිද..? දඬුයි කොලයි තමයි එදාට උන් දෙන්නගේ ප්‍රේමයේ ආහාරය වෙන්නේ...කෙලලා තියෙයි තාප්පෙටම...

    හැබැයි එකක් සුජීවගේ පොත් කියවලා ඒවා අත්හදා බලන එක කොහොම උනත් මෑන්නං ඒ පොතේ තියරියටම ජීවිතේ දිනපු ආදර්ශමත් කොල්ලෙක් කියන එකනං නොකියම බැහැ...

    අර්නස්ට් වඩුගේ මහත්තයා ගාව පත්තරේ වැඩට ඇවිත් දුවත් අරගෙන ප්‍රකාශන ආයතනයත් අයිති කරගෙන අද ලංකාවේ ඉහළම තැනක වැජඹෙන්න තරං ඔය මනුස්සයට පුළුවන්කමක් ලැබුනේ මං හිතන්නේ අනිත් කාට උනත් මෑන්ට ඒ තියරි වැඩ කරපු හින්ද කියලයි මං හිතන්නේ... එහෙම බැළුවම අනිත් උන්ට බැරි උනාට මක් කොරන්නද..? ඔය ඒ මනුස්සයා කොරලා තියෙන්නේ ඇස් පනා පිටම...

    හැබැයි ඉතිං මධාරා අක්කා අඟුණකොළ කනවද කියලනං මං දන්නේ නැහැ...

    හැබැයි ඔය කාට හරි උන්දැගේ අළුත් පොත්වල ඊබුක් එකක් එහෙම අහු උනොත් කාට නැතත් මට දෙන්ට..මං දෙමළ පත්තරෙත් කියවන එකා...

    ReplyDelete
  42. මෙතන ඉන්න ගොඩක් උන් ඒ මනුස්සයගේ පොත් කියවපු අය වගේ, මොකද බොලව් දැන් බනින්නෙ ........

    ඕක වයසේ වැරැද්ද ඒ කාලේ ඔය වගේ පොතක් සෙට් උනාම ඒක රැයක් දවාලක් නැතුව කියවනවා. පස්සෙ කාලෙකදි තමා තේරෙන්නෙ කොයි තරම් බොලඳ වැඩක්ද කියලා ....

    මලයා අපි කරපු තවත් දේවල් පසු කාලීනව හිතෙයි කොයි තරම් බොලඳදද කියලා, බලපං මල්ලි මම කිව්වෙ බොරුද කියලා ...

    ReplyDelete
  43. අම්මෝ... මටනම් ඔව්ව ඇලර්ජික් .. මම ටිකක් වෙනස් අප්පා පොත් කියවද්දී.. තරබාරු බරසාර පොත් තමා කියවන්න හිතෙන්නේ (ඔය ෂර්ලොක් හෝම්ස් වගේ හඃ හඃ..).. කවදාවත් ඔය ප්‍රේම කතා මම කියවල නෑ. කියවන්න හිතෙන්නේ නෑ.. මල්ලි උඹ ලියන ස්පීඩ් එක ඩබල් වෙලානේ? කැම්පස් ඉවර උනගමන් බ්ලොග් එකේ පදිංචි උනාද?

    ReplyDelete
  44. @kumaraya :
    මාත් අහලා තියෙනවා අයියා ඔය පොත් වලට ගොඩක් මැරෙන්නේ ගෑනු අයමයි. ගෑනු කිව්වේ තරුණපහේ හට්ටියම තමා. කට්ටියම කියපු හන්දා කාන්තාරයේ කුසුම කියෝලා බලන්නෝන.

    @කඩේ හාමිනේ :
    ඒක හරි කඩේ නංගි. එකම රටාවේ කතා.

    @Kasun :
    උබ එහෙනම් සීරියස් විදිහට ඔය පොත් ටික කියවපු එකෙක්.

    ReplyDelete
  45. @RoshanHerath :
    මගෙත් දැන් පොත් කියවිල්ල බ්ලොග් කියවිල්ල වෙලා. අවුරුද්දකින් මහත් උනේ ඉතින් කාලා ම තමා. තෙල් කෑම කිරි ආහාර

    @- නිල් අහස - :
    මම් වගේ අදහස් තියෙන අයියා කෙනෙක්.

    @මාරයාගේ හෝරාව :
    අයියාගේ කතාව සහතික ඇත්ත. නවකතා ලියපු කෙනාගේ නම ලිව්වේ නැත්තේ පුද්ගලිකව එහෙම කියන එක හරි නැති හන්දා.

    මම හිතන විදිහට කවදාවත් ඔය පෝසත් ය කියන කිසිම කෙල්ලෙක් දුප්පත් කොල්ලොත් එක්ක පැනලා ඇවිත් දුක් විඳින්නේ නෑ. අනිත් එක උන්ට හරි හමන් විදිහට උයන්න දන්න එකක් යෑ.

    ReplyDelete
  46. @පන්සල් හංදිය :
    මේ යන විදිහට හිතේවි තමා. අයියා කියන කතාව හරි. ගොඩක් ඔය පොත් හරිම බොලඳයි.

    @ක්සැන්ඩර් | Xander :
    මාත් ඔය හරබර පොත් තමා කියවන්න ආස. බ්ලොග් එකේ පදිංචි වෙලා නෑ අයියා. මම් දවසක් ඇර දවසක් තමා පෝස්ට් දැම්මේ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.