10 September 2011

අසුබ පෙරනිමිති

අපි ගොඩක් වෙලාවට සුබ කටයුත්තකට ගෙදරින් පිටත් වෙනකොට රාහු කාලය, මරු සිටින දිශාව සුබ වෙලාවල් ඔය එකී මෙකී නොකී දේවල් බලලා එලියට බහින්නේ.එහෙම එලියට බැස්සත් පාරට එනකොට දකින කෙනා අනුව සුබ අසුබ පල තීරණය කරන්න උත්සහ ගන්නවා.

ගෙයින් එලියට බහින කොට හිස් බාල්දියක් අරගෙන වතුර ගන්න එක කෙනෙක් එහෙම දැක්කොත් එදා කරන්න යන වැඩේ අසාර්ථක වෙනවා කියලා හිතනවා. එතකොට ඉතින් කරන්න යන ලේසිම වැඩක් උනත් හරියට කරන්න බෑ. ඇයි කලින්ම හිතලනේ වැඩේ හරි යන්නේ නෑ. ඊට පස්සේ ගෙදර ඇවිත් අර උදෙම්ම දැකපු කෙනාට පලු යන්නම බනිනවා.

ඔය වගේම තමා වඳ ගෑනු කෙනෙක් එහෙමත් නැත්නම් ගමේ ඉන්න අසුබයි කියලා හිතන අස්වහ කටවහ කාරයෝ කියලා ලේබල් ඇලවිච්ච අය දැක්කත් අර කිව්වා වගේම තමයි හිතන්නේ. මට හිතෙන්නේ ඒ අයගෙන් අපට බලපෑමක් නැතුවැති. හැම දේටම වඩා මේ හිත කියලා කියන වස්තුවේ බලපෑම වැඩියි නේ.

අපි සුබයි කියලා හිතුවොත් එදාට දවසම සුබයි අසුබයි කියලා හිතුවොත් එදාට කැඳත් නෑ.

මෙහෙම කිව්වම තමයි මට මතක් උනේ. අපේ ගෙවල් ලඟ අංකල් කෙනෙක් ඉන්නවා. එයා හැමදාම වැඩට යනකොට එකපාරටම එලියට බහින්නේ නෑ. එයාගේ දුවෙක්ව (දූලා දෙන්නෙක් විතරයි ඉන්නේ.) කියනවා පාරට ගිහින් ආයෙමත් ගෙට එන්නෙයි කියලා. දුව ගෙට එන්න හදනකොට තමයි ඒ අංකල් ගෙදරින් එලියට බහින්නේ. මොකද එයාගේ මතේට අනුව තමන්ගේ දුව ගෙයින් එලියට බහිනකොට දකින එක සුබ කාරණාවක් ලූ.

එක අතකට එහෙම හිතන එකත් හරි දෙමවුපියන්ට තමන්ගේ දරුවෝ වාසනාවක් තමයි. ඔය අල්ල පනල්ලේ වෙන කවුරුහරි දක්කොත් (දුව ඇරෙන්න වෙන එකෙක්) ආයෙම ගෙට ගිහින් ටික වෙලාවකින් එනවා.

දවසක් මම් ඉස්කෝලේ යන්න පාරට එනකොට ඒ අංකල් ගෙයින් එලියට බහින්න හදනවා. එකපරම පාරට එනකොට මාව දැකලා අයෙම ගේ ඇතුලට ගියේ නැතෑ. ඒක දැකලා මට මාර අප්සට් !!!! මොකද මම් ඒ තරමටම අසුබ එකෙක් යෑ. ඔහොම සුබ කාරණා අසුබ කාරණා හිතපු ඒ අංකල්ට තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේ ගොඩක් දුක් විඳින්න සිද්ද උනා. ලෙඩ වෙලා ඇඳේ එකතැන් වෙලා ඉදලා තමයි නැති උනේ.

මට හිතෙන විදිහට මේ ලෝකේ කවුරුත් වාසනාව කියන දේ අතේ ගුලි කරගෙන එන්නේ නෑ. ඒ නිසා වාසනාව අවාසනාව කියන එක සතුටින් විඳ දරා ගන්න ඕනේ.

55 comments:

  1. ඔක්කෝටම වඩා කෙනෙකුට තමන්ගෙම සිතිවිලි බලපානවා මගේ හිතේ. කෙනෙක් අපිව දැකලා යන ගමනක් නවත්තලා ආපහු හැරිලා යන එක හිතත දැනෙන කාරණයක් තමා. අර මනුස්සායාගෙ මිම්මෙන් එයාගෙ දූලාට වඩා වටිනා අය තවත් නැතුව ඇති. අපි වයසට ගිහින් එක්තැන් නොවෙයි කියලා කියන්නෙ කොහොමද?
    "බල සුභ නිමිති පෙර මඟ නැකතටත් වැඩි" කියලනෙ සැලළිහිණියෙත් තියෙන්නෙ.

    ReplyDelete
  2. මෙහෙමයි මචන්.. ටිකක් හිතහන් දැන් උබ මූනු දුන්නු අත්දැකීමට මුන දෙන එකෙක්ගෙ හිත කොයි තරම් අප්සෙට් වෙනවද කියල. දෙන්නම බයෙන් ඉන්නේ. මෝඩ අදහස් මචන් මම නම් කියන්නේ..

    ජය...

    ReplyDelete
  3. ඔය අසුභ සලකුණු කියන ඒව නම් බයිල බන්... උඹව දැකල ගේ ඇතුලට ගිය එකේ නම් මම වැරැද්දක් දකින්නෙ නෑ මචන්... කව්ද දන්නෙ පොරගෙ දුවක් උඹ ගැන හිතන් ඉඳල අන්කල් කාරය ඒකට අකමැතිද කියල නේද?... එහෙම වුනා නම් පොරට උඹව දකිනකොට අප්සට් වෙනවනෙ බන් කොහොමත්.. :)


    පොඩි කතාවක ටිකක් මතක් වුනා... දවසක් රජ කොනක් උදේ පාන්දරම අසුභයි කියල හන්වඩු ගැහුන කෙනෙක්ව දැකල බඩේ අමාරුවක් හැදුනලු... ඉතිං රජාට උදේ පාන්දර මූණට මූණ හම්බුවුන එකේ වරදට අර මිනිහට මරණ දඩුවම නියම කලාලු...

    කොහොම හරි අන්තිමට ඒ මිනිහ කිව්වලු ඔබතුමා මාව පාන්දරම දැකපු හින්ද බඩේ අමාරුව හැදුන කියනව නම් මට ඔබතුමාව පාන්දරම දැකපු හින්ද මැරෙන්න වෙලා තියෙනව කියල...

    ReplyDelete
  4. මාත් හිතන්නේ ඔය ඔක්කොම අපේ හිත් වල තියන විකාර බං. අර කිව්වා වගේ අසුබයි කියල කලින්ම හිතා ගත්තොත් ඉතින් අසුබම තමයි.

    ReplyDelete
  5. ඔයත් හරියටම දුව එලියට බහින වෙලාවට එලියට යනබව දැනගන, දුවට පරිස්සමින් ඉන්ට කියලා කියන්ට තමයි, අංකල් ඇතුලට යන්ට ඇත්තේ....:D:D:D

    ReplyDelete
  6. බොරුවට පම්පෝරි ගහනවා එහෙම නෙමේ..රාහු කලේ කියලා එකක් නම් මන් බලන් නෑ..යන්න ඕනා වෙලාව..ලෑස්ති වෙලා ඉවර වුනු වෙලාව තමයි මගේ හොදම වෙලාව..කව්රු දැක්කත් මටනන් ඒ හැටි එකේ අරුමයක් නෑ...මගේ පාඩුවේ මගේ ගමන මන් යනවා කියන එක තමයි මගේ ආදර්ශ පාඨය...

    අපි කවුරුත් වාසනාවවත් අවාසනාවත් කර පින්නාගෙන නොයෙන බව කියන්න අමාරුයි..මොකද කර්මය අපි පස්සෙන්ම ගැල් සකක් මෙන් ඇදෙන නිසා..නමුත් ධෛර්‍යය,අධිෂ්ඨානය වගේම යහපත් ක්‍රියාවටත් පුළුවන් දෛවය වෙනස් කරන්න.. වෙලාවට එලියට බැස්ස පමණින් හොදක් වීමට ඉඩ කඩ අඩුයි..නමුත් කුසල රැස් කරන්නාට යහපතක් වීමට ඇති ඉඩ කඩ වැඩි...කල යුත්තේ වෙලාවට හීල්ලීම නොවෙයි..කුසල රැස් කිරිමයි..

    ReplyDelete
  7. අපේ...... සතුට, දුක, දියුණුව, ඇදවැටීම, සුභ, අසුභ බව ...කියන හැම දේම තියෙන්නේ, අපි හිතන පතන හා වැඩ කරන විදිහ අනුව මිස, අනුන් ගාව නෙවෙයි, කියන එක අපි තේරුම් නොගන්න තාක් කල්....අපට වෙන්නේ අන්ධානුකරනයේ ජිවත් වෙන්නයි.

    ReplyDelete
  8. මිනිස්සුන්ගෙ අවිද්‍යාව නැතිකරන්න බෑ මලයෝ..
    මම නම් ඕවා සත පහකට වත් ගණන් ගන්නේ නෑ.

    ReplyDelete
  9. බහූ දේවා මනුස්සා ච මංගලානි අචිත්තයුං

    ReplyDelete
  10. මේ බොලෑ ගෙවල් හරියෙන් මට ඈනැක්සියක් හොයපන්.... අර අංකල්ලෑ ගෙවල් පෙන් මානයෙන් වෙන්න ඕනේ ඈ....

    ReplyDelete
  11. හෆ්ෆෝයි...!!!!!!!! අයියාටත් වෙලා තියෙන දෙයක්.. හික් හික්...!!! :D :D
    හැබැයි ඉතින් ඕවා මේ මිනිස්සු හදාගත්ත දේවල් හිතින්... මාත් හිතන්නෙ එහෙම තමා. ඔවගෙ කිසිම විද්‍යාත්මක පදනමක් නෑ..ඔය වගේ කතා තව එකේක්කෙනාගෙ අංග ලක්ෂණ වලිනුත් කියන්වනෙ.. ඒවත් එහෙමයි මං හිතන්නෙ.ඔය හිනා වෙද්දි කම්මුලේ වලක් හැදෙන අය වාසනාවන්තයි කියන්වා, හිනා වෙද්දි ඇස් හීනි වෙන අය කපටියි කියන්වා. ඔය වගේ මිනිස්සු හිතින් හදාගත්ත දේවල් කොච්චර තියෙනවද,ඕවගෙ ඇත්ත නැත්ත දන්නෙ නෑනෙ..මං හරිද මංදා???
    කොහොම උනත් අයියගෙ ලිපිය නියමයි.. :)

    ReplyDelete
  12. සුභ අසුභ පෙර නිමිනිති? බම්බුව!
    හිතලා බලන්න හූනෙක්ට පුළුවන්ද අපේ වැඩ අසාර්ථක කරන්න?
    මටනම් ඕවා දැක්කාම හිතෙන්නේ අපේ සමහර මිනිස්සු මෙච්චරම මෝඩද කියලා..

    ReplyDelete
  13. මමනම් ඕවා විශ්වාස කරන්නේ නෑ. පොඩ්ඩි සමග මාත් එකඟයි.

    මගේ සිත මට විශ්වාසයි. මම එලියට බහිනකොට මලමිනියක් ඉස්සරහට මුණ ගැහුනත් මට ගානක් නෑ.. සිත තමයි හැම දේටම...

    ReplyDelete
  14. හැමදේටම හිත තමයි අයියේ.. මගේ හැගීම අපි කරන්නේ හොද දෙයක්නම් ඔය රාහු කාලය කිසිම දෙයක් ඒකට බල පාන්නේ නෑ.. ඒක සාර්ථක් වෙනාවාමයි...

    ReplyDelete
  15. අර දූලා දෙන්නා යහතින් ඉන්නවා නේ? ඒ ගෙවල් ලග එකාව මට ශුවර් නෑ. ඒකයි....

    ReplyDelete
  16. සුබ හෝ අසුබ බව තමන්ගේම සිතුවිල්ල අනුව සිද්ධ වෙනව කියල තමයි මමනම් හිතන්නෙ.

    ReplyDelete
  17. සුභ අසුභ... මට හිතෙන්නේ උදේ පාන්දර ඒ අන්කල් දැක්ක අයියට දවස සුභ වුනාද කියන එක..:D

    ReplyDelete
  18. මේ වගේ මත අපේ රටේ විතරක් නොවෙයි විදේශීය රට වල , එම සංස්කෘති වල පවා ගිලා බැහැල තිබෙනවා , නමුත් මේ ගැන මගේ මතය නම් යමක් සාර්ථක හෝ අසාර්ථක විමට මේ වගේ සාධක බලපාන්නේ මේ විදියට , ඒ තමයි මේ සංකල්ප පිළිගන්නා පුද්ගලයාට මෙම ලක්ෂණ මගින් ඔහුගේ / ඇයගේ යටි සිත තුලට යම් ධනාත්මක හෝ සෘණාත්මක බලපෑමක් ඇති කරනවා , (උදාහරණයක් , අසුබ පෙරනිමිත්තක් මුණ ගැහිල ගෙයින් පිට වෙන පුද්ගලයාගේ සිත ඇතුලේ ඒ නිමිත්ත මගින් ඇති කළ සෘණ බලපැම දිගටම ක්‍රියාත්මකයි) ,එය යම් තරමක බලපැමක් කරන්න පුළුවන් එදින සාර්ථක හෝ අසාර්ථකභාවයට .

    ReplyDelete
  19. මේ කතාව ගැන මට නම් දෙපැත්තක අදහස් තියෙන්නේ. ඔය කපුටු සාස්තරේ කියලා එකක් තියෙනවානේ. ගෙදර ලග ගහක අත්තක ඉදන් කාක්කෙක් කෑගැහුවොත් එදාට කවුරු හරි හෙනහුරෙක් ගෙදරට පාත් වෙනවය කියලා. මම ටිකක් ඔයගැන විමසිල්ලෙන් ඉදලා තියෙනවා අනේ මන්දා හැබැයි ඒක නම් වෙලා තියෙනවා. නමුත් අර කපුටගෙ වෙලාව හොදද කොහේද මට ඌව ඉන්පස්සේ මුණගැහුනේ නැහැ.

    මේ දේවල් කාලාන්තරයක් තිස්සේ පරපුරෙන් පරපුරට එන දේවල්. තාක්ෂණයත් එක්ක බොහෝ දේවල් වෙනස් වුනත් ඉස්සරකාලේ උදවිය කටකහන නිසා කියපු දේවල් වෙන්නත් බැහැ. මම ඒවා වැඩිපුර හිතට නොගත්තට ඇත්තක් නැත්තෙත් නැහැ. කියන්න කතන්දර ගොඩයි. වෙලාවක් තිබුනොත් ඒ පැත්තෙ ඇවිත් යන්නකෝ.

    ReplyDelete
  20. මළ විකාරනෙ බං කවුද ඔව්වා ගණං ගන්නෙ.අපේ ගෙවල් ලඟ ඇන්ටි කෙනෙක් හිටියා.එයාව උදේට දැක්කම දවසම ඉවරයි කියලා තමයි හැමෝම කියන්නෙ.මමනං ගොඩක් දවස්වලට උදේම දකින්නේ එයාව.මම ගුඩ් මෝනිං පාරකුත් දාලයි යන්නෙ.එහෙම ඔය කියන විදිහේ අපලයක් ඕකෙං වෙනවද කියලා මට බලාගන්න බැරි උනා.මොකද එයාව දැක්කා නොදැක්කා කියලා නෑ මගේ හැම දවසම චාටර්..........

    ReplyDelete
  21. අපේ හිත ශක්තිමත් නම් ඔය සුබ, අසුබ දේවල් ගැන හිතලා වැඩක් නෑ කියලා තමයි මාත් හිතන්නේ......

    ReplyDelete
  22. ඔහොම මට සාස්තර කියපු එකෙක්(කේන්දර කාරයෝ තමා වෙන කව්ද) මටත් හෙන බය්ල කියල තිබ්බ මම එව්වා හිතුවනම් අද මෙතන නැහැ...

    ReplyDelete
  23. යාර එක දවසක් අංකල් මදුරංග අයියව දැකපු එකට තමා එකතැන් වෙලා මැරිල ගියෙත්.... මේකා මාර අසුභ පොරක්නෙ...

    තිත් දෙකයි (ඩී . පී)

    ReplyDelete
  24. ඔය හැමදේම බොරු කථා අයියේ , මම නම් කවදාවත්ම ඔය මුලට හම්බු වෙන කෙනා ගැන සලකන්නේ නෑ. සමහර වෙලාවට මට උදේම හම්බ වෙන්නේ අපේ ගෙවල් ගාව තියෙන බේකරියේ වැඩ කරන කෙනෙක්. එහෙමයි කියලා මට මතක් වුනෙත් මේ ලිපිය කියවනකොට මතක් කරාම. නැත්නම් මම ඒක ගනන් ගන්නෙවත් නෑ. අපි හැමෝම මිනිස්සුනේ, මූසලයි සිරියාවයි කියලා වෙන් කරන්න බෑ මිනිස්සුන්ව..

    ReplyDelete
  25. මාත් ඔය දේවල් තඹයකටවත් මායිම් කරන්නෙ නෑ.
    කලු පූසො දකින එකත් හොද නෑ කියනවා නේද? ඒත් මං දවසක් ගෙදරින් එලියට බහිනකොටම කලු පූසෙක් මගෙ ඉස්සරහින් දිව්වා. මගෙ දවසම හරි සුභ වුනා.එදා ඉදන් මං කලු පූසො හොයනවා උදේට එලියට බැස්සාම. හික්ස්.... අපේ විකාර වැඩ අප්පා...

    ReplyDelete
  26. ඔය කතාවේ පොඩි ඇත්තක් තියනවා බං .. අපේ ගමේ ඉන්නවා මචං බුවෙක් ඌ දැක්කම දවසෙම මස්තෙ .

    දවසක් මම ඌට ගුඩ් මෝනිං කියාගෙන ගියා එදා මට ගෙදර ඒන්න වුණේ 4 ගාතෙන් .

    ReplyDelete
  27. එදා ඉඳන්ම දිට්ඨ මංගලික, සුත මංගලික, මුත මංගලික පුද්ගලයෝ හිටියා. ඉදිරියටත් ඉඳීවි

    ReplyDelete
  28. සුභ අසුභ තීරනය වෙන්නෙ තමන් ඒ වැඩේ කරන විදිය අනුව.ඔයවගේ දේවල් වලට කාලය නාස්ති කිරිමත් මහ මෝඩ වැඩක්.

    ReplyDelete
  29. මාත් ඔය අනං මනං නම් විශ්වාස කරන්නේ නැහැ...වැඩක් කරන්න පුලවන් වේලාව තමයි ඒක කරන්න සුදුසුම වේලාව, එහෙම නැතිව ඔය රාහු කාලය/සුභ අසුභ නිමිති නෙවයි..

    ReplyDelete
  30. මධුරංගව දැකලා ආපහු ගියේ කෙල්ල ගෙදරද කියල බලන්න වෙන්න ඇති!

    ReplyDelete
  31. පිස්සු නැත්තන් ශෝක් අන්කල්.. මමනම් නැකතක්වත් විස්වාස කරන්නේ නෑ. මොකද ඔය ආලෝක වර්ෂ දාස්ගානක් ඇත තියන තරුවක් කොහොමද දැන් තියනවද නැද්ද කියලවත් දන්නේ? තරුව පෙනුනට දැන් නැතුවත් ඇති නේ? ඉතින් මම මොකටද එහෙව් එකක් විශ්වාස කරන්නේ?

    ReplyDelete
  32. මමත් ඒ කාලෙ ඉස්සරහට යනවා තාත්තා වැඩට යනකොට... අපේ පුංචිලා එහෙම වැඩට යද්දිත් මම තමයි ගියේ... එතකොට මට වාසියි දවසකට රු. 2 ගානෙ හම්බෙනවා... තව ඒ ගොල්ලෝ පඩි ගත්තමත් මොනාහරි ලැබෙනවා...

    මෑතක තියෙන අත්දැකීම තමයි... අපේ අම්මා හැමදාම මම කැම්පස් එන්න එනකොට ඉස්සරහට එනවා...

    ReplyDelete
  33. අනේ මන්ද බං අසුබ කාලවල් කිය කිය එන්නෑ බං.මේ දැන් මට වෙලා තියෙන්නෙ...එපා වෙලා තියෙන්නෙ ජීවිතෙත් එක්ක...

    ReplyDelete
  34. මම නම් ඕවා විස්වාස කරන්නේ නැහැ..

    ReplyDelete
  35. මමත් ඔය දේවල් විශ්වාස කරන්නෙ නෑ. පූසා කිව්වා වගේ හූනෙක් කොහොමද අපිට බලපෑම් කරන්නෙ?

    ReplyDelete
  36. ඕවා ඔක්කොම නීති අපි හිතෙන් හදාගන්න ඒවා තමා.

    ReplyDelete
  37. මමත් හිතන්නෙ හිත තමා බන් මූලිකම දේ... මම නම් ඔය කිසි දෙයක් බලන්නෙ නෑ. දකින එකා මොකා උනත් හිනාවෙලා සුබ උදෑසනක්, ගුඩ් මෝර්නින්, හලෝ කොහොමද, මේ මොකක් හරි එකක් කියල අඩුතරමෙ හිනාවෙලා විතරක් හරි යන්න පුළුවන් නම් ඒක තමන්ට සුබයි.....

    ReplyDelete
  38. @හරී - පිණිපළස :
    ගොඩක් වෙලාවට සිතුවිලි තමයි අක්කේ බලපාන ප්‍රධානම සාධකය. මම් අර සැළලිහිණියේ කවිය අහලා නෑ.

    @Gayan Rupasinghe :
    අනිවාර්යෙන්ම. සිංහයා කියන කතාවට මාත් එකඟයි.

    @සාතන් :
    මම් වගේ කොල්ලෙක් එක්ක යාලුවෙන්න කොයි එකියද අකමැති වෙන්නේ. ඒ නිසා එහෙමද දන්නේ නෑ. හික්ස් :)
    පට්ට කතාව අයියා.

    ReplyDelete
  39. @Kasun :
    හැමදේටම අපේ හිතේ තියෙන සිතුවිලි තමයි බලපාන්නේ.

    @Podi Kumarihami :
    ආ.... දුවට වැරදිලා තියෙයි මම් වගේ එකෙක් එක්ක යාළු උනාම.. හික්ස් :)

    @අසනි :
    ඔයාගේ කතාවට මම් 100%ක්ම එකඟයි යාලු. ගමනක් යන්න එලියට බහින වෙලාව තමා හොදම වෙලාව.

    ReplyDelete
  40. @- නිල් අහස - :
    ඒක හරි අයියේ. වෙන එකෙක් දැක්කම කොහොමද අපේ ගමනේ සුබ අසුබ තීරණය වෙන්නේ. මේවා ඔක්කොම අපේ හිතේ තියෙන දේවල්.

    @පැණි දොඩම් :
    ඒක හරි අයියා. අපට කියලා දෙන්න නම් පුලුවන්. ඒත්... පිලිපදින එක එයාලගේ වැඩක්.

    @Chanaka Aruna Munasinghe :
    ස්තුතියි මකරයියා.

    ReplyDelete
  41. @prasanna86k :
    එහෙනම් ඉතින් ඔහෙට අපේ ගෙදර තමා ඉන්න වෙන්නේ. කැමති ද ?

    @හිතුවක්කාරි :
    ඇයි බෙල්ලේ වලලු වගේ තියෙන කට්ටියත් කපටියි කියලා කියන්නේ. ඕවනම් විකාර තමා නංගි.

    @පූසා :
    ඒකනේ කොහෙවත් නැති හූනෙක් කොහෙද අපේ වැඩ පාඩු කරන්නේ.

    ReplyDelete
  42. @Gimhani :
    අන්න එහෙම ඉන්න අක්කා. :)
    ඔයා නම් නියමයි.

    @Dinesh :
    ඔවු. අපේ චේතනාව හොදනම් එච්චරයි නේ ඕනේ.

    @සීතල අයියා :
    ඔය කියන්නේ මම් ගැන වෙන්ටෑ. අම්මෝ මේ සීතලයා නම්.... හික්ස් :)

    ReplyDelete
  43. @``` Outsider``` :
    අනිවාර්යෙන්ම සිතුවිලි එක්ක බද්ධ වෙන දෙයක් වෙන්ටෑ.

    @ප්‍රාර්ථනා :
    මගේ දවස නම් සුබ උනා. මොකද උදෙම්ම කෙලි පැටික්කියක් දැක්කා නේ. හික්ස් : ඩී

    @මහේෂ් නිශාන්ත :
    ඒක හරි අයියේ. කෙනෙක් එහෙමත් නැත්නම් දෙයක් දැක්කම හිතන විදිහේ ලොකු බලපෑමක් තියෙයි අපි කරන කාර්යේ සාර්ථකත්වයට.

    ReplyDelete
  44. @malmi :
    අනිවාර්යෙන්ම අක්කගේ එක බ්ලොග් එකක් නම් කියවනවා. ඒ නිසා ඒ පැත්තේ එන්නම්. මටත් සමහර වෙලාවට ඔය කපුටු සාත්තරේ ඇත්ත කියලා හිතිච්ච වෙලාවල් තියෙනවා.

    @දිනුක ජයකොඩි :
    මෙහෙම කරමු. දවසක මම් උදෙම්ම ඔය ඇන්ටිව හම්බ වෙලා යන්නම්. ඊට පස්සේ හොද නරක කියන්නම්.

    @මහි :
    ඔව් නංගි. හිත තමයි ගොඩක් දේවල් වලට මුල් වෙන්නේ.

    ReplyDelete
  45. @Tharinduhw122 :
    ඒ හන්දා හිතන්න යන්නෙපා.

    @පොඩි මෑන් :
    මේ පොඩි එකා නම්.... !!!!
    අහුවෙයකෝ.

    @ප්‍රාර්ථනා :
    ඒක හරි නඟා. කවුරු කවුරුත් මනුස්ස ආත්මයක් ලබපු අය නේ. ඒ නිසා සුබ අසුබ කියලා කියන්න අමාරුයි.

    ReplyDelete
  46. @නිසුපා :
    ඒක නෙමෙයි අක්කා. කලු පූසෝ ගෙවල් වල ඇති කරන්න හොද නෑලු.

    @හිස් අහස :
    මල්ලිට ලොකු අවාසියක් නේ වෙලා තියෙන්නේ. අපරාදේ නේ. ආයේ එහෙම ඒ මනුස්සයා දකින්න යන්නෙපා. හික්ස් :)

    @විසිතුරු :
    අනිවාර්යෙන්ම ඉදීවී.

    ReplyDelete
  47. @කල් :
    ඒ කතාව ඇත්ත.

    @ChammA :
    ඒකනේ මල්ලි. ඔය සුබ වෙලාවල් බලලා කරන වැඩත් කොට උඩ යන්නේ.

    @කතන්දර Kathandara :
    හික්ස් :)
    අයියටත් පුදුම දේවල් තමා හිතෙන්නේ.

    ReplyDelete
  48. @ක්සැන්ඩර් | Xander :
    අනික ඔච්චර ඈතින් ඉන්න එකෙක් කොහොමද අපේ ඇඟට අතක්වත් තියන්නේ. ඔන්න ලඟින් ඉන්න තරුවක් නම් කමක් නෑ.

    @හරී :
    දරුවන්ට දෙමවුපියනුත් දෙමවුපියන්ට දරුවනුත් වාසනාවන්තයි බං.

    @sithuwam :
    ඒ මොකෝ. වැඩ වැඩිද මේ දාස්වල

    ReplyDelete
  49. @පිස්සු පුසා :
    මාත් ඕවා විස්වාස කරන්නේ නෑ.

    @blog gadol :
    අනිවාර්යෙන්ම. එහෙම කරන්න බෑනේ.

    @පිණිබිඳු... :
    හිත තමයි පිණිබිඳු ඔක්කෝටම මුල් වෙන්නේ.

    @ප්‍රසංග :
    උබ කියන කතාවත් ඇත්ත බං. උදෙම්ම මොකා දැක්කත් හිනාවෙලාවත් යනවනම් දවසම සුබයි.

    ReplyDelete
  50. අනේ මල්ලියේ අපි 9 පංතියෙ විතර ඉන්නකාලෙ ඕව සිංහල පෙළ පොතේ තිබ්බ, දැං ඒවත් අයින් කරලද? අනේ මන්දා මේ අධ්‍යාපනේ මහත්තුරුන්ගෙ වැඩ.

    නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
    පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන්කෙඬි
    සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොදවැඩි
    බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි

    http://epothgula.com/selalihiniya/11-20/

    ReplyDelete
  51. @හරී - පිණිපළස :
    අයින් කරලා අක්කේ. අපි තමයි පරණ සිලබස් එක අන්තිමට ඉගෙන ගත්තු කට්ටිය. මුලින්ම විෂය නිර්දේශය අලුත් කලේ 6 වසරෙයි නමය වසරෙයි විතරයි. එතකොට මම් හයේ පංතියේ.

    ReplyDelete
  52. අර අන්කල් සහ පෙර නිමිති බලන අනිත් බෙෳද්ධ කට්ටියට මංගල සුත්‍රය කියවල බලන්න කියල කියනවා :)

    ReplyDelete
  53. බොහොම කාලෙකින් ආවෙ මේ පැත්තෙ...කොහෙද මේ ඩොන්ගල් එක මාත් එක්ක තරහ උනානෙ...කොච්චර යාළු කර ගන්න හැදුවත් බැරි වුනා පස්සෙ වෙන එක්කෙනෙක් ගේන්නම උනානෙ...
    ඒකෙන් කමක් නෑ..
    මේක කකියෙව්වහම මට මතක් වුනේ මටත් ඉස්සර කියල තියනව එක එක අය උදේට මෙයාව දැක්කොත් හොද නෑ..අරයව දැක්කොත් හොදයි..අර වෙලාවට යන්න මේ වෙලාවට යන්න..හූනෙක් චුක චුක් ගෑවොත් කරන්න හදන දේ කරන්න එපා..මොකෝ ඌ චුක චුක් නොගා බුග් බුග් ගාන්නයෑ..ගෙදර ඉන්න සාමාජිකයෙක් විදිහට ඌටත් කතා කරන්න අයිතියක් තියෙන්න ඕනි..ඔය වගේ එක එක ඒවා..ඒත් මම නම් ඔය කවුරු මුන ගැහුනත් මගේ ගමන මම යනවා..දෙයියනේ කියල ඔය මූනට මුනිච්චි වුනු කෙනෙක්ගෙන් මට හොදක්වත් නරකක්වත් වෙලා නෑ.ඔක්කොම ලැබුනේ මම කල දේවලට ප්‍රතිපල විතරයි...
    කොහොම උනත් හිතන්න තියන දෙයක්...

    ReplyDelete
  54. ගොඩක් වටින අදහසක්. ඔව් හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක් ම තමන්ගේ දරුවන් එයාලගේ ජිවිතේ ම වාසනාවන්ත කරන්න ආව අය හැටියට තමයි සලකන්නේ. අම්මලාට අපි මොනවා කලත් අපි ගැන හිතේ තියෙන්නේ පුදුම හැගීමක් ඒ හින්දා අංකල් එහෙම හිතපු එක නම වැරදි කෑ.

    වැරද්ද එහෙම හිතුවට වැඩක් වෙන්නේ නැති එක. මේවගෙ හරි මේවා ගැන අපිව දැනුවත් කරන එක ලොකු දෙයක්. මමත් අද ඉදන් මේ පැත්තේ ලියැවෙන ලිපි කියවන්න එන්න තිරණය කරා

    ReplyDelete
  55. මම නම් හිතන්නෙ සුබ අසුබ කියන එක අපේ හිතේ තියන දෙයක්, හැම තිස්සෙම සුබවාදීව හිතන එක තමන්ට හොඳයි ....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.