05 September 2011

අසල්වැසියෝ

අපේ කරදරයකදි එහෙමත් නැත්නම් දුකකදි අපේ නෑයන්ට කලින් ඇවිදිල්ලා අපට උදව් කරන කට්ටියක් තමයි අපේ අසල්වැසියෝ කියලා කියන්නේ. අසල්වැසියෝ ඉන්න එක වෙලවකට හොදක් උනාට පෙලක් වෙලාවට මාර වදයක් වෙන වෙලාවලුත් තියෙනවා.
---------------------------------------------------------------
අපි හිතමු අපි උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේ විභාගයක් කරලා ගෙදර ඉන්නවා කියලා. අන්න ඒ වෙලාවට,

"පුතා සාමාන්‍ය පෙළ කළා නේ ? කොහොමද ප්‍රතිඵල එහෙම ? " කියලා අහනවා. විභාගේ පාස් වෙලා තිබ්බොත් හොදයි. නැත්නම් ඉතින් ප්‍රශ්න වල ඉවරයක් නෑ. ඇයි ෆේල් උනේ ? මොනවද ෆේල් වෙච්ච විෂයන් ? ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනා.

----------------------------------------------------------------
සමහර වෙලාවට අපේ කැම්පස් එකේ නිවාඩුවක් ලැබිලා මම් සති දෙකකට වඩා ගෙදර ඉන්නව දැක්කොත්,

"මොකෝ පුතා මේ දවස්වල ගෙදර ? කැම්පස් වහලද ? අපෝ ලංකාවේ කැම්පස් ගැන නම් කියලා වැඩක් නෑ!!! කොයි වෙලේත් වහලනේ. ඕවට ගියාම නිකන් වයස යන එක විතරයි වෙන්නේ !!!!"

ප්‍රශ්නෙත් අහලා උත්තරත් දීලා ඉවරයි. මට කතා කරන්න ඉඩ තියන්නේ නෑ. මාත් ඔන්න ඔහේ ඕන මඟුලක් කියන්න ඇරලා නිකා ඉන්නවා.

---------------------------------------------------------------
සමහර වෙලාවක ගෙදරක අවුරුදු 28ක විතර ගෑනු ළමයෙක් කසාද නොබැද ඉන්නවා දැක්කොත් අහල පහල එවුන්ගේ කටවල් පොපියනවා.

"දුව දැන් රස්සාවක් කරන එකේ නරකද කසාදයක් ගැනවත් හිතුවොත් ?" කියලා අහනවා.

ඒ වෙලාවට අර කෙල්ලගේ මූන රතු වෙනවා. ලැජ්ජාවෙන් උනත් කියනවා "දැන්ම බඳින්න බෑ ඇන්ටි !!!!" කියලා. බලාගෙන ගියාම ගෙදර අයට වඩා අමාරුවක් තියෙන්නේ අහල පහල එවුන්ට !!!!

කොල්ලෙක්ගෙන් එහෙම ඔය ප්‍රශ්නේ ඇහුවොත් "ඇන්ටි කැමති නම් මම් අද උනත් කැමතියි දුවව බාර ගන්න !!!!" කියලා කියනවා. එතකොට අර ප්‍රශ්නේ අහපු ගෑනි කට වහන් එතනින් රහත් වෙනවා.
---------------------------------------------------------------
අපි හිතමු කසාද බැඳලා අවුරුද්දකටත් වඩා වැඩි බබාලා නැති ගෑනු කෙනෙක් එහෙම දැක්කොත් ඒ ගෑනු කෙනා ඉදලා හමාරයි.

"ඈ... නංගි !!!! ඔයාලා බඳලා අවුරුද්දකටත් වැඩියි නේ!!! මොකෝ තාම සරු පාටක් නැත්තේ ??? " කියලා අහනවා.

ඒ වෙලාවට ඒ ගෑනු කෙනා මාර අපහසුතාවෙකට පත් වෙන්නේ.

"අනේ නෑ අක්කා !!! අපේ එක්කෙනාට ඕවට වෙලාවක් නෑනේ !!! එයා දැන්ම ඕවා ගැන හිතන්නේ නෑ ලූ !!!" කියලා ෂේප් වෙනවා. ඒක ඉතින් අර අහපු ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි කියලා දෙන්නම දන්නවා. මොනා කරන්නද ඒ වෙලාවේ කටට එන උත්තරේ දීලා දානවා මිසක් !!!

අපේ ගෙවල් පැත්තේ ඔහොම ගෑනු කෙනෙක්ට ගෙවල් ලග හිටපු කෙනෙක් ඔහොම කිව්වට පස්සේ "ඇඳට බෙඩ් ෂිට් එකක් දාලනේ තියෙන්නේ !!!!" කියලා කිව්වා. මම තාම කල්පනා කරන්නේ මොකක්ද මේ බෙඩ් ෂීට් කතාව කියලා.
----------------------------------------------------------------

එහෙම උනත් අහල පහල අය එක්ක යාප්පුවෙන් ඉන්න එක හොදයි. මොකද නැත්නම් කවුරුහරි ඇවිත් ගෙදර එවුන්ව මරලා දාලා ගියත් අහල පහල එවුන් පැත්ත හැරිලා බලන්නේ නෑ. ඒවගේම තමයි අසල්වැසියෙකුගේ දුකකදී කරදරයකදී අපි උනත් ගිහින් කරන්න පුළුවන් උදව්වක් කරන්න අමතක කරන්නත් හොද නෑ.


ප.ලි. - තාම විභාග ඉවර නෑ. ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ ලිපියක් තමයි මේ පබ්ලිෂ් කරන්නේ.

54 comments:

  1. බලන් යද්දි ඇතුවත් බැරි නැතුවත් බැරි නෑයෝ වගේමයි...අහල පහළ උදවියත් නේද...යාලු?

    ReplyDelete
  2. මෙහෙ නම් අල්ලපු ගෙදර එක්කෙනා මැරිලා හිටියත් කවුරුත් දන්නෙත් නෑ. වයසක උදවියට එහෙම උනු වෙලාවලුත් තියනවා. එතකොට නම් ඔය හැම දේටම ඔලුව දාන අපේ රටේ අය කොච්චර හොඳද කියලත් හිතෙනවා.

    නිදහසේ ඉන්ට තියන එකත් හොඳයි. කරදරයක් උනු වෙලාවට කවුරු හරි ඉන්න එකත් හොඳයි...:)

    ReplyDelete
  3. සත්‍ය කතාවක්.... මමත් එකයි ඔන්න....
    "පුතා විභාගේ කරලා දැනට අවුරුද්දකුත් වෙනවා නේ...? මොකෝ කැම්පස් යන්න අදහසක් නැද්ද?"

    ReplyDelete
  4. ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ඔය ලියපු ටිකනම් හරියට හරි... විභාග කතා වලදිනම් මටත් ඕක හොදට අත්දකින්න ලැබුනා. A/L ,O/L එහෙම කරන දවස් වල... හම්බේ... අහල පහල අයටයි නෑයොන්ටයි මං ගැන තිබුණු කැක්කුමක්...හික්ස්ස්ස්ස්....

    හදිස්සියකට කරදරයකටනම් හැමෝම ඕනෙ තමා..ඇතුවත් බෑ. නැතුවත් බෑ...

    ReplyDelete
  5. මොනා උනත් ලෙඩකදි දුකකදි අහල පහල මිනිස්සු ඉන්න එක නම් ලොකු හයියක්.

    ReplyDelete
  6. ඔය කසාද කේස් එක නම් මගෙන් ඇහුවහම එක්කො ඇන්ටිට දුවෙක් ඉන්නවද අහනව නැත්තන් දුව කැමති නම් අවුලක් නෑ කියනව...

    කට හොඳ හින්ද දැන් කවුරුත් ඕව අහන්නෙ නෑ... අනිත් අතට මෑතක් වෙනකන් ගමේ මිනිස්සු දැනගෙන හිටියෙ නෑ මම කාගෙ කව්ද කියල...

    ReplyDelete
  7. අහල පහල එවුන්ද? මතක් කරන්නෙපා ඕකුන්ව.......

    ReplyDelete
  8. අසල්වැසියොන්ගෙ හොඳ නරක දෙකම තියනවා. හැම එකටම හොට දාන්නෙ නැතුව, කරදරයක් වුන වෙලාවට විතරක් එනව නම් හරි හොඳයි නේද? ඇත්තට අසල්වැසියො නැතුව නම් බෑම තමයි. මොන දේ වුනත් හදිස්සියකට ඉන්නෙ ඒ මිනිස්සුනේ.

    ReplyDelete
  9. ඒක නම් ඇත්ත තමයි. ගෙදරින් එලියට බැස්සොත් " දැන් විභාගේ ලියලා අවුරුද්දක් වෙනවා නේද? කැම්පස් දැන්ම පටන් ගන්නේ නැද්ද? නැත්නම් මේ නිවාඩුවකටද ඇවිත් තියෙන්නේ? " ප්‍රශ්න කෝටියයි. එකම ප්‍රශ්න වැලට දහදෙනෙක්ට උත්තර දෙනවට වඩා ගෙදරටම වෙලා ඉන්න එක හොදයි කියලා හිතෙනවා.
    ඒ වුනාට අපරාදේ කියන්න බෑ දුකක් කරදරයක් වුනාම ළග පාත අය බැහැලම වැඩ කරනවා. ළග නැති නෑයින්ට වඩා අසල්වැසියෝ තමයි කරදරේකදී බලන්නේවත්. ඒක නිසා ශේප් එකේ අතේ දුරින් තියාගන්න එක තමයි වඩා හොද . :)

    ReplyDelete
  10. හදිසියකට පිහිට වෙන්නෙත් අසල්වාසින්ම තමයි. ඒත් ටිකක් අතේ දුරින් තියාගන්නත් ඕන. වැඩි බජනෙත් හොඳ නෑ....
    ඔයා කියල තියන ටිකත් ඇත්ත..

    ReplyDelete
  11. "ඇඳට බෙඩ් ෂිට් එකක් දාලනේ තියෙන්නේ !!!!"

    හිහ් .... හිහ් .......
    නියම උත්තරේ, මමත් මුලින් ටියබ් ලයිට් උනා, පස්සෙ තමා මීටර් උනේ .........

    ඇතුවත් බැරි නැතුවත් බැරි අසල් වැසියෝ ......

    ReplyDelete
  12. අසල්වැසියො ඉතින් ඇතුවත් බැරි, නැතුවත් බැරි කට්ටිය වගේ නේද? කොහොම උනත් විභාග ප්‍රතිඵල, කැම්පස් ගැන අහනව වගේ නෙමෙයි විවාහය පමාවෙන කෙනෙක් ගෙන්, දරු සම්පත් නැති කෙනෙක් ගෙන් ඒ වග අහනකොට. සමහරු ඔය ප්‍රශ්න අහන්නෙ හිතලමයි, අනිකා රිද්දන්න.විඳවන කෙනාට රිදෙන තරම කොච්චරක් ඇද්ද? ඕක ඉතින් අසල්වැසියො කියල නෑ, ගොඩක් අය කරන වැරැද්දක්.

    ReplyDelete
  13. ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක් බං

    ReplyDelete
  14. "පුතා දැන් කීයෙ පන්තියෙද ?"
    "අයියෝ ඇන්ටි මම ඉස්කෝලෙන් අයින් වෙලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා"

    ReplyDelete
  15. ඔකේ සම්පුර්ණ අනිත් පැත්ත මේ රටවල ය. අල්ලපු ගෙදර එකා මැරුනොත් කුනුවෙනකම් දන්නේ නැහැ. ම ළඟදී එහෙම පුතා ගෙදර තියල ඔක්කොම රට ගිහින්.. මැරිලා දවස් දෙකකට පස්සේ එයාගේ කෙල්ල ඇවිත් පස්සේ දොර කඩලයි දැනගත්තේ.. අඩුම රෝගියෙක්. හුස්ම හිරවෙනකොට ඉන්හේලර් එක ගන්නවත් අවස්ථාවක් තිබිල නැහැ..
    අනේ මන්ද.. අපේ මිනිස්සු ටිකක් අනුන්ගේ වැඩ ගැන ඇඟිලි ගහනවා බම වැඩියි තමයි එත් ඉතින් කරදරයකදිත් ඒ වගේම උදවුවට එනවා නේද ?

    ReplyDelete
  16. අසල්වැසියො ගැන කියනවානම් එපා වෙනවා. හැම එකටම හොට දාන එකනම් කමක් නෑ කියමුකො. අපි නැති වෙලාවට වත්තෙ පිටියෙ තියෙන දේවල් එයාලගෙ වගේ අරගෙන යන එකට මොනවද කියන්න ඕනෙ. ඒ වගේ අයනම් උදව්වට එන්නෙත් නෑ.

    ReplyDelete
  17. නෑදෑයින්ටත් කලින්ම හදිසි උවමනාකම්වලදි ලඟින්ම ඉන්නෙ අසලවාසියෝ නිසා තරහ කරගෙන කොහොමද ? හැබැයි ඉතින් අර ගිම්හානි කිව්ව වගේ වැඩි බජනයලුත් නැතුව අතේ දුරින් තියා ගත්තම ප්‍රශ්ණය හුඟාක් දුරට ඉවරයි. අනික ඉතින් අපේ රටේ මිනිස්සුන්ගෙ පුරුද්දක්නෙ අනුත් අයගෙ දේවල හොයන එක. අසල්වසියො විතරක් නෙමේ..හදිස්සියක නෑදෑයෙක්ගෙ ගෙදරකට ගොඩ වදින්නකො...ගිය කාරණාවත් අමතක වෙන තරමට ප්‍රශ්ණ අහන්නෙ නැද්ද බලන්න......ඔෆීස් එකක බලන්නකො.....ඕක ඉතින් ජම්මෙන් එන පුරුද්ද මෙන්න ඇති...

    ReplyDelete
  18. පනිට්ටු කතාවක් නම් කියවල තියනවා එත් මේ බෙඩ්සීට් කතාව මොකක්ද? දන්න පින්වතෙක් ඉන්නවනම් ලියමු බලන්න...

    ReplyDelete
  19. කියපු, ලියපු ටික නම් මසුරං දාහක් වටිනවා. මටත් ඔහොම වෙලා තියෙනවා. හරියටම කියනවා නම් අහල පහල උන්ට ඕන්නැති මගුලක් නැහැ කියලමයි හිතෙන්නේ. ඒත් කරදරේකදි දුර ඉන්න නෑයාට වඩා අල්ලපු ගෙදර රොයිටර් වටිනවා.

    ReplyDelete
  20. "If u r single, they ask about fiancé. When u have a fiancé, they ask for wedding. When u get married,they ask for children. Once u have one,they ask for another. if u get divorced,they ask why. If you try to start ur life again, they ask why so quickly. People never like what u do. If u r proud of who u r & don't give a damm what people think about u, share it, because its YOUR life..."

    ReplyDelete
  21. මේ ලගදි ෆේස්බුක් එකේ දැක්ක ස්ටේටස් එකක්. :)

    ReplyDelete
  22. අසල් වැසියොත් ගොඩක් වටින වෙලාවල් තියනව,අපේ අප්ච්ච්චිට හාට් ඇටෑක් එකක් ඇවිල්ල හොස්පිටල් අරන් ගිහින්, තනියට හොස්පිටල් එකේ ඉන්න පවා උදව් උනේ අහල පහල මිනිස්සු.නැතිවුනාට පස්සෙත් ගෙවල් අස්පස් කරල හැමදේම කරා එයාල.නෑදෑයෝ ආවේ ඊට ගොඩක් පස්සෙ.

    අහල පහල මිනිස්සුත් එක්ක හොදින් ඉන්න එක වටිනව ගොඩාක් කරදරයකදි ඒ වටිනාකම තදින් දැනුනා අපිටනම්.

    ReplyDelete
  23. අර බබාලා හමුබුවෙන්න එක ප්‍රමාද වෙන්න නම් තව හේතුවක් තියෙනවා... ගොඩක් අය කියන්නේ එන්ජෝයි කරනවා කියලා...

    ReplyDelete
  24. ඔව් ඔව් ඇඳේ බෙඩ් ෂීට් එකක් තියෙන එක ගොඩාක් ප්‍රයෝජනවත්

    ReplyDelete
  25. අර බෙඩ් ෂීට් කතාව වැටහුනේ නෑ නෙව..

    ReplyDelete
  26. බෙඩ් ෂීට් දාන්නේ ජපන් කොඩි වැඩේ ට නේද?

    ReplyDelete
  27. මධුරංග හොදට විභාගෙ කරපන් ඕකුන් ගෙ ඇස් ගෙඩි උඩ යන්න..ජය වෙවා

    ReplyDelete
  28. ඕක තමා ජේසු තුමන් අසල්වැසියාට ප්‍රේම කරනු කියල කිව්වේ. ඒක කරගන්ඩ පුළුවන් නං අනෙක් ඕන කෙනෙකුට ප්‍රේම කරන්ඩ පුළුවන්.

    ReplyDelete
  29. හ්ම්ම්... මමනම් ඕනෙම කෙනෙක්ට හිනාවෙලා යනවා. දන්නා අදුනන කෙනෙක්නම් වචන දෙකක් තුනක්වත් කතා කරනවා. එච්චරයි. එත් එහෙම කියල අපේ ගමේ අයනම් කවදාවත් අපිට මොනවත් කියන්නේ නෑ. එයාල දන්නවා එක අපේ හැටි කියන එක. ඒවගේම ඕනෙම වෙලාවක එයාල අපි එක්ක ඉන්නවා.

    ReplyDelete
  30. කතාවනම් සහතික ඇත්ත මධුරංග අයියේ..අහල පහල මිනිස්සුන්ට ඕන නැති දෙයක් නෑ.. මමත් ලංකාවේ හිටපු ටිකේ මට උනේ මෙහෙම දේවල්..

    " පුතා ගොඩ කාලෙකින් නේද ආවේ.. එහේ හොදයිද? දැන් ලංකාවේ රස්සාවලුත් නෑ.. අපේ පුතාවත් ගන්න බැරිද??"

    ReplyDelete
  31. අසල්වැසියොද.... අපෝ සමහර වෙලාවට එපා වෙනව බන්... ඒත් කාත් කවුරුවත් නැතිව ඉන්නවට වඩා උන් ඉන්න එකත් හොඳයි හදිසියකට හරි උදව්වට ඉන්න උන් නේ...

    ReplyDelete
  32. අසල්වැසියන් ඇතුවත් බැහැ , නැතුවත් බැහැ මටනම්

    ReplyDelete
  33. ෂිහ් මටත් මීටර් නෑනේ ඔය බෙඩ් ෂිට් කතාව. සෑහෙන්න කල්පනා කළා.. ඒත් ටියුබ් ලයිට්..

    ReplyDelete
  34. අනේ මන්දා අය්යාටත් හිතෙන දේවල්... මම නම් අපේ අසල් වැසි අයත් එක්ක සම්න්ධයක් වැඩිම නැනේ වැඩත් එක්ක... ඉතින් මාව දැක්කොත් අහන්නේ මොකද අද ගෙදර වැඩක් නැද්ද කියලා..

    එතකොට ඉතින් මම අනේ මට අද වැඩක් නැ... ඇයි තියනවා නම් දෙන්න කරලා දෙන්න කියලා කියනවා...

    ReplyDelete
  35. කතා කරන්න එපා මචං.පිස්සු හැදෙනවා.මමනං හිතං ඉන්නෙ ඔවුං එකෙක්වත් එපා කියලා.කරදරයක් උනොත් තනියම ගොඩ දාගන්න බලනවා.බැරිනං නිකං ඉන්නවා.මොකද කිඹුලා කනවට වඩා මට නං අවුල කොහිල කටු ඇණෙන එක......

    ReplyDelete
  36. අසල් වැසියාට ප්‍රේම කරන්න කියලා තියනවා මධුරංග අයියා ඒක අහලා නැද්ද හැබෑට .

    අපේ අල්ලපු ගෙදර අක්කට පට්ට උනක් තියනවා මම බීලා ගෙදර එන පිලිබඳව .. මුන්ට වෙන වැඩ නැද්ද අප්පා

    ReplyDelete
  37. නෑදෑයෝ, අසල්වැසියෝ. දෙකම එක වගේ.. ඇතුවත් බෑ, නැතුවත් බෑ,..

    ReplyDelete
  38. ගෙදරට දැකලා නැති කොල්ලෙක් ආවොත් අසල්වැසියෝ අහන තව ප්‍රශ්නයක් තමයි ගෙදරට කොල්ලෙක් ආවොත් ඒ "නංගිගෙ යාළුවෙක්ද, මල්ලිගෙ යාළුවෙක්ද?" කියන එක...

    ReplyDelete
  39. bed sheet kathava theruna aya apatath kiyala denna...(api ithin asalwesiyone, umbala thaniyama thearum gannethuwa apitath kiyala deepalla)

    ReplyDelete
  40. යකඩො ඕක තේරෙන්නැද්ද?

    හික් හික් හික්......

    ReplyDelete
  41. @Anonymous,
    කෙටියෙන් කියනවා නම් උපත් පාලන ක්‍රමයක් වන ලූපයක් දමා ඇති බවයි .........

    ReplyDelete
  42. @අසනි :
    ඒකනේ ඇතුවත් බැරි නැතුවත් බැරි අසල්වැසියෝ.

    @Podi Kumarihami :
    අක්කා කිව්ව දෙකම හරියන්න නම් අසල්වැසියෝ උනත් ගානට ඉන්න ඕනා.
    ඇත්තටම අක්කා ඉන්නේ කොහෙද ?

    @MaRLaN :
    ඔහොම නම් මගෙනුත් අහල තියෙනවා මල්ලි. මොනා කරන්නද හිනාවෙලා ඉන්නවා මිසක්.

    ReplyDelete
  43. @හිතුවක්කාරි :
    ඒකනේ. හදිස්සියට නම් නැතුවත් බෑ.
    ඒ උනාට සමහර වෙලාවට කරදරෙන් බේරෙන්නත් අමාරුයි.

    @පිණිබිඳු... :
    කතාව සහතික ඇත්ත පිණිබිඳු.

    @සාතන් :
    ඒ තරමටම සිරා කටක් වෙන්ටෑ අයියට තියෙන්නේ. හික්ස් :)

    ReplyDelete
  44. @හරී :
    මොකෝ ඒ තරමටම එපාවෙලාද !!!!
    ඒ තරමටම තිත්තද !!!

    @Kasun :
    ඔවු බං මොනදේ උනත් ඉස්සෙල්ලාම දුවගෙන එන්නේ අසල්වැසියෝ නේ. උබ කිව්ව විදිහට ඒ කට්ටියට ඉන්න පුලුවන් නම් නියමයි.

    @සුදු මැණිකේ(මැණික්):
    ඔයා කියන දෙයත් සහතික ඇත්ත නංගි. කරදරයක් උනවෙලාවට ලඟින්ම ඉන්නවා වගේම තමා මේ කරදරෙත්. හික්ස් :)

    ReplyDelete
  45. @Gimhani :
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැත කියලා තියෙනවනේ. ඒ නිසා වැඩිය බජනෙට යන්න හොද නෑ.

    @පන්සල් හංදිය :
    ඔන්න අයියට විතරයි ඔය කතාව හරියටම තේරුනේ. හික්ස් :)

    @හරී - පිණිපළස :
    අක්කා කිව්ව කතාවත් හරි. එහෙම අහන්නේ ගොඩක් වෙලාවට දැන ගන්න තියෙන උවමනාවට නම් නෙමෙයි. රිද්දන්න තියෙන ආසාවට.

    ReplyDelete
  46. @blog gadol :
    නැතුව නැතුව !!!! හික්ස් :)

    @Chanaka Aruna Munasinghe :
    මකරයියගෙන් ඔහොම ඇහුවා කියලා කිව්වම පුදුමයි !!!
    ඒ තරමටම මකරා අයියා පොඩි එකෙක් වගේද පේන්නේ ?

    @සරත් ලංකාප්‍රිය :
    ගොඩක් පිටරටවල් වල නම් ඔය තත්ත්වේ තියෙනවා කියලා මම් අහලා තියෙනවා. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ.

    ReplyDelete
  47. @නිසුපා :
    ඇයි අක්කා එහෙම දෙයක් වෙලා තියෙනවද. එහෙම එවුනුත් හිටියා අපේ ගෙවල් ලඟ.

    @දිල් :
    අනිවාර්යෙන්ම අක්කා ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කතාවක් තියෙනවනේ.

    @Tanikada Jeewithe :
    බෙඩ් ශීට් ඕන වෙන්නේ මොනාහරි පිහින්න නේ. හික්ස් :)
    තේරුනා නම් හරි නැත්නම් ටියුබ් ලයිට් එකක් තමා.

    ReplyDelete
  48. @malmi :
    රොයිටර් ? හික්ස් :)
    නියම නමක් නේ දාලා තියෙන්නේ.

    @නදී :
    නියම ස්ටේටස් එකක් අක්කේ.
    ගොඩක් වෙලාවට ගම් පලාත්වල මිනිස්සු හොදයි. ටවුන් වල වගේ නෙමෙයි. ඒ නිසයි අක්කලාට ඔහොම උදවු කරන කට්ටියක් ලබෙන්න ඇත්තේ.

    @prasanna86k :
    ඔය එන්ජෝයි කරන කතාව මම් අහලා තියෙනවා. ගොඩක් අයට බැඳලා අවුරුද්දක් විතර එන්ජෝයි කරන්න ඕනෙලු. හික්ස් :)

    ReplyDelete
  49. @තොන්සා :
    ඔන්න පොඩි එකා වෙච්චි මේකාටත් කතාව තේරිලා තියෙන්නේ. හික්ස් :) මුගේ කොහෙද පොඩි !!!!!

    @``` Outsider``` :
    මෙහෙමනේ අයියා. යන්න හදනකොට බෙඩ්ශීට් එකට හලන්න පුලුවන් නේ. යන්නේ මොනාද කියලා අහන්න එපා. හික්ස් :)
    තේරුනැයි ..... ?

    @කතන්දර Kathandara :
    අයියා හරි අයියා. ජපන් කොඩි වැඩෙන් පස්සේ වැඩේට.

    ReplyDelete
  50. @පැන්ඩා :
    ස්තුතියි මල්ලි !!!
    ගොඩ කාලෙකට පස්සේ තමා මල්ලිව දකින්න ලැබුනේ.

    @පොත් ගුල්ලා :
    අනිවාර්යෙන්ම ප්‍රේම කරන්න ඕනා.
    ඒකනේ ජේසු තුමා කියලා තියෙන්නේ.

    @ක්සැන්ඩර් | Xander :
    මාත් කරන්නේ අයියා කරන වැඩේමයි අයියා. ඕනම දේකට හිනා වෙලා ඉන්නවා.

    ReplyDelete
  51. @Dinesh :
    මිනිස්සු මොන දෙ කතා කරන්නෙත් වාසියක් බලාගෙන කියලා මල්ලිගේ කතාවෙන් තේරෙනවා. ඒ නිසා මල්ලි ඒ කට්ටියත් එක්ක කතාවට යනකොට පරිස්සමින් !!!

    @ප්‍රසංග :
    එපා උනාට ඉන්න එකත් ගොඩක හොදයි.

    @sanjaya සිතුවිලි :
    අපටත් එහෙමයි අයියා. ඇතුවත් බෑ නැතුවත් බෑ.

    ReplyDelete
  52. @පැණි දොඩම් :
    ඔන්න කතාව මොකද්ද කියලා මම් උඩ කට්ටියට කමෙන්ට් කලා.

    @දේවා ගේ අඩවිය :
    මල්ලි ගොඩක් වෙලාවට ගෙදර ඉන්නේ නැති නිසයි එච්චරම ගානක් නැත්තේ. මාසයක් දෙකක් ගෙදර ඉදලා බලන්න කොහොමද වැඩේ කියලා. හික්ස් :)

    @දිනුක ජයකොඩි :
    හික්ස් :) පුදුම එපා විල්ලක්නේ එපා වෙල තියෙන්නේ.

    ReplyDelete
  53. @හිස් අහස :
    ඇයි මල්ලි අල්ලපු ගෙදර අක්කා මොනාහරි කිව්වද මල්ලිට !!!!
    බයින්න එපැයි අනික් අතට !!! හික්ස් :)

    @ප්‍රාර්ථනා :
    ඒක හරි නංගි. ඇතුවත් බෑ නැතුවත් බෑ.

    @මන්තරකාරි :
    ඔය නම් අහන්නේ බඳින්න ඉන්න කෙනාද කියලා සක හැර දනගන්න. හික්ස් :) අහුවෙන්නෙපා ඕවගේ ගැට වලට !!!!

    ReplyDelete
  54. @Anonymous :
    ඔන්න කට්ටියටත් එක්කම උඩ මම් කාටද මන්දා කමෙන්ට් කලා. ඒක ටිකක් කියවලා බැලුවනම්.....

    @sithuwam :
    ඒකනේ. කට්ටියම හිතුවටත් වඩා ටියුබ් ලයිට් !!!!
    හික්ස් :)

    @Anonymous :
    ඇනෝ කෙනෙක් තව ඇනෝ කෙනෙක්ට උත්තර දුන්න පළවෙනිම අවස්ථාව මේකද කොහෙද. හික්ස් :)
    උත්තර දුන්නට දෙවෙනි ඇනෝට ස්තුතියි !!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.