20 August 2011

අධ්‍යාපන චාරිකාව

අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට සති දෙකක් විතර පන්ති තහනම් කරලා. අපේ අම්මා මීට සති කිහිපයකට උඩදි මට ඔය කතාව කිව්වම මම් ඇහුවේ මොකද එහෙම උනේ කියලා.

කතාව මේකයි. ඔය මල්ලි මීට සති කිහිපයකට උඩදි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින්. මට මතක හැටියට ට්‍රිප් එක ගියෙ ගම්පහ දිස්ත්‍රික්කයේ ලෙන් විහාර වලට හරි දළදා මාලිගාවට හරි. ඒක එච්චරම මතක නෑ.කොහොමහරි මූත් ඔය කියන ට්‍රිප් එක ගිහින්.

මුන්ගේ පංතියේ කොල්ලො ටිකක් ඒ ට්‍රිප් එකේදි බොන්න සෙට් වෙලා. කවුරුත් දන්නවනේ ඉස්කෝලේ ට්‍රිප් එකක් ගියහම එලිපිට බොන්න බෑනේ. මුන්ගේ මොළේ කියන්නේ මුන් කොකාකෝලා මෙගා බෝතලයක් අරගෙන ඒකෙන් භාගයකට කෝක් දාලා ඉතුරු හරියට අරක්කු දාන්න. එතකොට වැඩෙත් මාට්ටු නෑ. බොන්නත් පුලුවන් නේ.

කොහොමහරි වැඩේ ක්‍රියාත්මක කළා කියමුකෝ.කට්ටිය ට්‍රිප් එක මඟක් දුර ගියහම අර කොකාකෝලා බෝතලේ අරගෙන බොන්න ගත්තා.ටීචර්ලත් හිතන්නේ මුන් කොකාකෝලා බොනවා කියලා. ඔය අල්ල පනල්ලේ අපේ එකාටත් ඕනවෙලා කොකාකෝලා බොන්න.මූ ඒක බොන්න ගන්නකොටම වගේ සර්ලට ඉව වැටිලා මූව අල්ලගත්තා ලූ.

ඊට පස්සේ අර බෝතලේ රාජසන්තක කරලා මේ කේස් එක ඉස්කෝලෙට ගියහම විසදනවා කියලා කට්ටියම ට්‍රිප් එක ගියාලු. පහුවෙනිදා තමයි සීන් එක !!!! බීපු කට්ටියට එන්න කියලා මූටත් එන්න කිව්වා.

"පුතා මීට කලින් ගෙදරදි බීලා තියෙනවද ?" කියලා මුගෙන් ඇහුවා ලු. මොකද මේකානේ බොනකොටම මාට්ටු වෙච්ච එකා.

මූත් ගත් කටටම "ඔවු. මං අවුරුද්දට අපේ තාත්තා ගෙනාපු බෝතලයක තිබ්බ ටිකක් බීලා තියෙනවා !!!" කියලා කිව්වලු.තාත්තගේ රෙදි අත්තනගලු ඔයේ ලූ !!!!

"එහෙනම් හෙට අම්මට එන්න කියාපිය !!!" සර්රුත් කිව්වා. පහුවෙනිදා ඒකාගේ අම්මා ඉස්කෝලේට ගියාම තමුන්ගේ මනුස්සයාට බොන්න බැරිනම් නාගන්න !!! ඒත් ළමයින්ට මේවගේ දේවල් පුරුදු වෙන්න තියන්න එපා කියලා ලොකු දේශනයක් තියලා මූට සති දෙකක් විතර පන්ති තහනම් කලා ලූ.

මූගේ අම්මා පරසක්වල ගහනවලු තමන්ගේ මනුස්සයා බොන්නේ නෑ. ළමයින්ට එහෙම අරක්කු අහුවෙන්න තියන්නේ නෑ කියලා. ඒත් ගුරුවරු පිලිගන්නේ නෑ. මොකද මූගේ කටින්ම කිව්වනේ ගෙදරදි බීලා තියෙනවා කියලා. එදා ගෙදර ආවට පස්සේ මූගේ තාත්තා ගහලා ගහලා අහලා තියෙනවා ඇයි එහෙම කිව්වේ කියලා.

මූ කියලා තියෙන්නේ ගෙදරදි කොකාකෝලා බීලා තියෙන නිසයි එහෙම කිව්වේ කියලා. මූ දන්නේ නෑ කොකාකෝලා වලට අරක්කු දාලා තියෙන සීන් එකක්. අපි උනත් ගෙදරදි කොකාකෝලා ඉතුරු වෙලා තියෙනකොට ගෙදර එවුන්ට හොරෙන් ඕකට වැඩේ දෙනවනේ. ඒවගේ මේ යකා හිතලා තියෙන්නේ ගෙදරදි කොකාකෝලා බීලා තියෙනවද කියලා ඇහුවයි කියලා. මූ ගොන් රජෙක් !!!!!!
-----------------------------------------------------------

ප.ලි. - මේ සිද්ධිය මට වෙච්ච එකක් නෙමේ. ඒ නිසා මේකේ කථානායකයාට මාව ආදේශ කිරීමෙන් වලකින්න.



63 comments:

  1. මටත් දවසක් පාටියකදි යාලුවෙක් දුන්නා කඩපුගමන් කියල කෝක් එකක්. වෙලාවට මම කෝක් බොන්නෙ නැහැ. ඒ නිසා එදා බේරුණා. බිපු උන් සේරම විනාසයි :D

    ReplyDelete
  2. ආදේශ කර ගත්තෙමු... මට ආරංචියි ඉස්කෝලේ යන කාලේ පංති තහනමකට ලක් වුණා කියලා.. එහෙනම් මේකයි සීන් එක.. අනුන්ගේ පිටින් දානවා නේ තවත් ලැජ්ජ නැතුව..:P D

    ReplyDelete
  3. ඉස්කෝලෙ යනකාලෙ කරන්න ඕන වැඩ නම් නෙමෙයි ඕවා....

    ReplyDelete
  4. මටනම් පේන්නේ මිනිහා දැනගෙන බීලා ගෙදරට ඔය බොරුව කියනවද කොහෙද :D
    අපි නොදන්න චෙස්! :D

    ReplyDelete
  5. යකෝ මූට උකුනෙකුට තරම්වත් මොලයක් නැද්ද, පව් අර අහිංසක තාත්තා ........

    ReplyDelete
  6. අනේ... අනේ... මධුවො... වන් සොට් පවර් කොච්චරද කියනවනම් උබට ට්‍රිප් එක ගියපු අහත් මතක නැද්ද... ට්‍රිප් එක පුරාම වෙරිද බන්...
    හොරාට බීල ආතල් එක ගත්තනම් ඉවරනේ... ආයෙ බිව්වට පස්සෙ අහුවුනා කියල මොකෝ බොලාට බැලුම් පුම්බන්න දෙනවය... නෑ නේ... බැනුම් පොඩ්ඩක් අහල ශේප්නේ....

    ReplyDelete
  7. ආනේ මේ මල්ලිලා ට්‍රිප් ගිහින් කරන වැඩ...ජීවිතේට අහලා නෑ...
    දලඳා වඳින්න ගිහින් තියෙන්නේ නේද?

    මේ පැත්තේ නම් ඔන්න වතුර වෙනවට බොන්නේ වයින්. කෝක් එහෙම නෙමේ......:D

    ReplyDelete
  8. අපි නම් කොකා කෝලා බොන්නේ නැහැ.

    ReplyDelete
  9. අනේ අෆොයි.... :D

    ReplyDelete
  10. කපීකේක්August 20, 2011 at 10:21 AM

    ඔයා බීලා තියනවද අය්ය?

    ReplyDelete
  11. ඔය උගුරක් දෙකක් හලාගත්ත කියල මක් වෙනවද බං.ඕකව අල්ලලා සාමාන්‍ය දැනීම පාඩමක් දියන්.ඇත්තටම පොර දන්නැතුව ඇති.ඒකනෙ අනිත් උන් මාට්ටු නොවී බොනකොට මූ මාට්ටු වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  12. හැබෑවටම ... මමත් මේ කල්පනා කරන්නේ..මේක කාටද උනේ කියලා...??????????????????

    ReplyDelete
  13. අපිටත් බොන්න හිතුනොත් එහෙම කරන්න ඕන වැඩේ දැන් දන්නවා.

    ReplyDelete
  14. පව්..කොල්ලා තාම ගෙදරද?

    ReplyDelete
  15. මධුරංග දැන් ඉතින් කවුරුවත් කොක් බොන්නෙත් නැතිවෙයි... මාත් ඉතින් ඕවා තාම බිලා නැනේ... පාටි එකකින් උනත් ඔය මමම කඩා ගත්තු කොක් එකකින් ශේප් වෙනවා මිසක්
    ඇත්තටම උබට උන දෙයක් නෙමේ නේද??

    ReplyDelete
  16. ඕක හරිම සිම්පල් නේ අහල නැද්ද මන්ද පංච ඉන්ද්‍රිය තියෙන්නේ පාවිච්චියට කියල. ඕක පොඩ්ඩක් සුවද බැලුවනම් ඉවරයි නේ.
    මං මේ ගැනු ලමයිටත් කියන්නේ කවුරු මොනවා දුන්නත් පොඩ්ඩක් නහයට ලං කරලා බැලුව කියල පාඩුවක් වෙන්නේ නැහැ.

    ReplyDelete
  17. හික් හික්!! අන්තිම වාක්‍යයනං ටිකක් සැක කටයුතුයි

    ReplyDelete
  18. මචං අපි සමහරවිට අඳුනනවා ඇති. උඹේ විස්තර ටිකක් මූණුපොතෙන්වත් කියපං බලන්න

    ReplyDelete
  19. හරි සෝක් කතාව...

    ReplyDelete
  20. පවු වැඩේ අප්පා, මධුරංග මල්ලී....

    මට කොක් අප්පිරියයි බං දැං... ඉප්පයිට් තමා දැන් නැගලා යන්නේ...

    ReplyDelete
  21. හික්ස්ස්ස්ස්ස්ස්.... මැදැයි කෝක් බොන්න ගිහින් වුනු දෙයක්... ඉස්කෝලෙ ළමයි කරන වැඩ ඇත්තට... අයියාට වුනු දෙයක් වගේම ලස්සනට ලියලා..;)

    ReplyDelete
  22. අන්තිමට මට වුන එකක් නෙමෙයි කියල හයිලයිට් කොරල දාල තියෙන එක මට නම් සැකයි.... හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද දන්නෙ නෑ... ;)

    ReplyDelete
  23. පිස්සුම කතාව.. මටත් මෙහෙම කතා තියනවා කියන්න.. වෙනම පොස්ට් එකක්ම තමයි දාන්නයි වෙන්නේ. ඉන්නකෝ මගේ ඒවා ටිකත් ලගදීම ලියන්න.

    ReplyDelete
  24. මධුපැන් බීලා මාට්‍ටු වෙලා වගේ.... මටත් අන්තිම වැකිය සැකයි ඕං! වැ‍රැද්ද පිළිගත්තා නම් ඉවරයිනෙ ඒ පොඩි එකා.....

    ReplyDelete
  25. කෝක් හරි නෑ , නෙක්ටෝ වගේ නම් මරු.. මටත් අන්තිම වාක්‍ය සැක සහිතයි..

    ReplyDelete
  26. මොකෙක් උනත් ඌ හැදෙන කොල්ලෙක්. ඊළඟ පාර කියපන් ස්ප්‍රයිට් බෝතලේට ජින් දාල අරන් යන්න කියල. ගඳත් නෑ නොව ( ඔය කිව්වෙ අපි කොරපු හැටි, අත්දුටුවයි සත්තයි )

    ReplyDelete
  27. මමත් සාපෙ කරන කාලේ ට්‍රිප් එකක් ගියා ඉස්කෝලෙන්.. යන්න ගියේ කොළඹ පැත්තට.. උදේ පාන්දර අපේ ගොන් පැටියෙක් බියර් කෑන් එකක් බීලා බස් එකෙන් එලියට දැම්මා. පිටිපස්සේ බස් එකේ ආව සර් කෙනෙක් මේක දැකලා අපි ගිය බස් එ‍ක නවත්තලා චෙක් කලා. බෝතල් එක්කම බස් එකේ හිටපු උන් නව දෙනෙක් වරකාපොල පොලීසියේ නතර කරලා තමා අනික් උන් ට්‍රිප් එක ගියේ.. :D

    ReplyDelete
  28. ඔය කිව්වට මෙයැයිට විච්චි සන්තෑසියක්මද මන්දා...

    ReplyDelete
  29. මේක ඉතින් මධුරංග අයියාටම තමාලු උනේ..හෙහේ....

    ReplyDelete
  30. @..ChAnDiKa.. :
    හොද වෙලාවට අයියා ඒ කෝක් එක බීවේ නැත්තේ. බිව්වනම් තමා වැඩේ.

    @චතුමිතු :
    ඔය ඉතින් මට බනිනවත් එක්කලා. අම්මෝ මෙහෙම යාළුවෝ. මටම ආදේශ කරලා. :)

    @හරී :
    අනුමත කරන්නම බෑ මේ වගේ වැඩ.

    ReplyDelete
  31. @පූසා :
    අනේ මන්දා මල්ලි. ඒකා මහ මෝඩ කොලුවෙක්. ඔන්න මම එහෙම නෙමේ.

    @පන්සල් හංදිය :
    ඒකනේ අයියා. මුන්ගේ වැඩ වලින් දුක් විඳින්නේ එවුන්ගේ තාත්තා.

    @ප්‍රසංග :
    මං බොන්නේ නෑ බං. මේක මට උන එකක් නෙමේ. මේක උනේ අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට.

    ReplyDelete
  32. @Podi Kumarihami :
    මේ පැත්තේ කිව්වේ කොයි යහාද ? දන්නේ නෑ අක්කා. අපේ අම්මා තමා ඔය කතාව කිව්වේ.

    @deeps :
    බොන්නම එපා !!!

    @StArry aNgeL :
    අපොයි අපොයි අපොයි !!!!
    තුන්පාරක්ම අපොයි !!!

    ReplyDelete
  33. @කපීකේක් :
    පිස්සුද නංගි. මම් බොන්නෙත් නෑ බොන්න හිතන් ඉන්නෙත් නෑ. කවමදාවත් බොන්නෙත් නෑ.

    @sithuwam :
    ඒකනේ සාමාන්‍ය දැනීම අන්තිමයි

    @- නිල් අහස - :
    ඔය ඉතින් හදන්නේ ඕක මගේ එකවුන්ට් එකට දාන්න.

    ReplyDelete
  34. @Gimhani :
    මං වැරදි දෙයක් කිවුවද මන්දා.

    @rmpmcreation :
    ඇති වෙනකන් ගහලා ගහලා ගෙදරට ගත්තා.

    @දේවා ගේ අඩවිය :
    අපෝ පිස්සුද බන් මම් බොනවා තියා හිතන්නෙවත් නෑ. අපේ කාලේ බීම ඔච්චර ජනප්‍රිය නෑ.

    ReplyDelete
  35. @Dush :
    උට සංවේදන නැතුවැති මයේ හිතේ. ඒකනේ ඕම දෙයක් කළේ. :)

    @blog gadol :
    ඔක්කෝටම සැක ඕක තමා. ඒක දැම්මේ මේ කතාව මට ආදේශ කරන නිසා. මම් එහෙම නම් මූනු පොතට මැසේජ් එකක් දාන්නම්.

    @indi :
    හික්ස් :)

    ReplyDelete
  36. @prasanna86k :
    අර මොකෝ කෝක් අප්පිරිය. අයියට ඉතින් බියර් තමා නේ.

    @හිතුවක්කාරි :
    ඔය ඉතින් නංගිත් මාව සැක කරනවනේ. දුක තමා. :(

    @සාතන් :
    අපෝ අ‍යියා මම හොරාත් නෙමේ කෙහෙල් කැනත් නෙමේ.

    ReplyDelete
  37. @ක්සැන්ඩර් | Xander :
    අනිවා ලියන්න අයියා. මම් කියවන්න එන්නම්. මම් ආසයි ඔහොම සීන් කියවන්න.

    @විසිතුරු :
    මං නෙමේ චූටී මල්ලි බබෝ !!!
    ඕක මට උන එකක් නෙමේ බං :)

    @චතුර.... :
    අන්තිම වාක්කිය මකලා දාන්න වෙයි වගේ. :)

    ReplyDelete
  38. @ඉන්දික උපශාන්ත :
    ඔය කියන්නේ අද්දැකීම් වලින්. හාකෝ. මම් එහෙම කියන්නම් අයියා.

    @චතුවා (ළමයා):
    අම්මෝ පුදුම ඉස්කෝලයක් නේ. එතකොට ඒ සෙට් එකට අන්තිමට මොකෑ උනේ ?

    @අසනි :
    මේ යාලුවාත් මාව අවිස්සාස කරන හැටි. අම්මාපල්ල. මට ගඟක මූදක පයින්න හිතෙනවා අප්පා :(

    ReplyDelete
  39. @නිම්ශා :
    මට නෙමේලූ. මේක උනේ අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට ලූ.

    ReplyDelete
  40. එහෙනන් ඕන් ඔහේ කියලා දෙන්නම පනිමු..හැබැයි ඕන් ඉස්සල්ලා පැනලා පෙන්නන්න ඕනා හොදේ..හික්ස්...
    පරණ ලොගෝව ඉස් ඉස්සල්ලා ඇහැ ගැටුණු හින්දමදෝ...මට ඒක හැඩයි ගොඩාරියක්...අප්පා..
    අළුත් එක හැඩ නැතුවම නෙමේ...අනේ මන්දා...

    ReplyDelete
  41. මේ, තාත්ත උඹට ගොඩක් ගැහුවද බං?

    හරි දැන් ඕකෙ කතා නායකයා මොකා වුනත් ඕකට සිරාවටම නායකත්ව පුහුණුව දෙන්න ඕන.

    ReplyDelete
  42. අඩේ ඉතින් පොඩ්ඩක් බීවට මක්ක වෙනවද ඈ ..

    ඔන්න ඉතින් මධුරංග අයියත් මත් මොත්තේ දානවා !! මට විතරක් කියපන් අයියේ උඹ ජුංඩක් විතර නැමුවා නේද ? මම කාටවත් කියන්නෑ !!

    ReplyDelete
  43. @අසනි :
    මං වගේම තමයි මගේ යාලුවොත්. මම පනිනකම් ඉදලා මෙවුන් ගෙදර යයි. මෝඩයෙක් මූදේ පැන්නයි කියලා. :)
    මම් රැවටෙයි ඕවට. හික්ස් :)
    අර ලෝගෝ එකේ වැඩේට මම් මොකක් හරි කරන්නම්. ඔයා කියනවනම් මම් ලෝගෝ එකට දෙකක් දාන්නම් අසනික් !!!!

    @Kasun :
    ඇස් බී මහත්තයාගේ වගේ නායකත්ව පුහුණුවක්ද ? :)
    අන්න උබ විතරයි මට මේක උනේ නෑ කියලා කිව්වේ. ආහ්.. නෑනේ මූත් කියලනේ මටම මේක උනා කියලා. :(

    @හිස් අහස :
    අඩේ මම නෙමේ මල්ලි. මෙතන මගේ සම්බන්ධයක් නෑ මල්ලි !!!!! ඇත්තමයි සත්තයි තිත්තයි.

    ReplyDelete
  44. කතාවේ ඇත්ත නැත්ත, කතා නායකයා කොයික වෙතත් මට නම් හොදටම හිනා. ඒක හොදට ලියලා තියෙනවා.

    ReplyDelete
  45. අපි ඉන්න රටේ ඉතින් බීම සම්පූරණයෙන්ම තහනම්නෙ.. තමුන්ගෙ ගෙදර ඉඳ වුණත් බොන්න නම් ලයිසන් තියෙන්න ඕනෙ... නැත්නම් ලයිසන් තියෙන පබ් එකකට ගිහින් තමා බොන්න ඕනෙ... [ ඒත් මේතරම් බොන රටක් ලෝකෙම නැතුව ඇති ] ඉතින් අපි නාකිවුනත් ඉස්කෝලෙ යන කාලෙ වගේ තමා.. බීච් එකට හෙම යනවනම් ඔය කියපු ක්‍රමේ තමා...

    ReplyDelete
  46. @malmi :
    මෙන්න මේයැයිට මැරෙන්න හිනා. :)

    @සපතේරු උන්නැහේ :
    එතකොට අයියලා බොන්නේ මේ ක්‍රමේටද ? හික්ස් :)

    ReplyDelete
  47. උණු වතුර බෝතල් වල දාගෙන ගිහින් බීල නම් අපේ ඉස්කෝලේ සෙට් එකකුත් මාට්ටුවුනා . සැහෙන්න දෙනෙක් සම්බන්ධ වැඩේට අන්තිමට ටික දෙනයි මාට්ටු වුනේ .උදේ රැස්වීමට ගෙනල්ල වේවැල් පාර දුන්නේ . අපිට වඩා වැඩිමල් පන්තියක සිද්ද වෙච්ච ඔය සිදුවීම නිසා අපේ උන් නම් ක්වුරුවත් බීලා මාට්ටු වුනේ නෑ ( තවත් විදිහකට කියනව නම් මාට්ටු වෙන විදිහට බිව්වේ නැ _)

    ReplyDelete
  48. බොන උන්ගේ coke බොන උන්ට මේවා හොද පාඩම් ..

    ReplyDelete
  49. අයියා පලිය දාපු එක නිසා කතා ගොඩක් අහගන්න තිබ්බ චාන්ස් එක නැතිකරගෙන නේ..හිකිස්‌

    ReplyDelete
  50. කොකාකෝකා බිව්වට ඉස්කෝලෙන් අස්කරා කියලා ඇහුවමයි. හික්ස්.

    ReplyDelete
  51. අන්න වැඩේ.. හැන්දෑවට අරං යමි කොකොකෝලා.... !

    ReplyDelete
  52. හිකිස්.. මරේ මරු,..

    ReplyDelete
  53. හිකිස්...අපිත් ඉස්කෝලේ ට්‍රිප් යනකොට ඔය තියරි එක තමා ෆලෝ කරන්නේ..හැබැයි කවදාවත් මාට්‍ටු වෙලා නෑ..මාට්‍ටු උනත් ගානක් නැහැ.සර්ලා මිස්ලා ‍ෆිට් ඒ තරමට

    ReplyDelete
  54. ඈ කොල්ලෝ.. එතකොට ඔය සීන් එකෙන් පස්සෙ නේද උඹ බොන එක නැවැත්තුවේ. හික්ස්...හික්ස්...

    ReplyDelete
  55. පව් බං ඌ හරි අහිංසකයේක්ද කොහේද ...
    අනික උබට උන කේස්එකක්ද දන්නේ නැහැ මේ ෆයිල් කරන්නේ.. :O

    ReplyDelete
  56. පව් වැඩේ අහිංසකය.. අර බෝතලේ අල්ලගත්තට පස්සේ අරු එදා රෑ කොල්ලෝ ටිකෙන් බේරිලා හිටිය ඒක තමා කතාව.. අපේ එකෙක් මාට්ටු කරානම් අනිවා කනවා උගේ අහවල් එක... ලොල්ය..

    ReplyDelete
  57. සර් කාරයනෙ ගොන් රජා.. ගෙදරදි බීල තියෙනවද අහනවද.. ?

    ReplyDelete
  58. අයියේ මටත් ඔහොම දෙයක් උනාම මම කියන්නේ ඔය විදියටම තමයි...එක්කෝ යාලුවෙක් නැත්තන් නැන්දගේ පුතෙක් :කැපිටල් ඩි

    ReplyDelete
  59. අනේ පව් ඒ අහිංසකයා. ගෙදර අය පස්සෙ ගිහිල්ලා සර්ට ඇත්ත කියලා නැද්ද..?? කරපු නැති වරදකට නෙ දඩුවම් ලබලා තියෙන්නේ..

    ReplyDelete
  60. @DBL :
    මාරම දක්ශයෝ නේ ඉදලා තියෙන්නේ. මාට්ටු නොවෙන්නම බීලා. හික්ස් :)

    @Tharanga :
    උබ ඔය නම් මට කිව්වේ කියලත් මම් දන්නවා.

    @ChammA :
    මම් දන්නවා !!! මම් දන්නවා !!
    ඒකනේ පලිය දාලා මට අහගන්න වෙන කතා සේරෝම නවත්ත ගත්තේ.

    ReplyDelete
  61. @පිණිබිඳු... :
    මාත් මේ ඇහුවමයි අක්කා.

    @nawammawatha :
    අද බොයි ද නැත්නම් බීම නාන්න වෙයිද මන්දා. හික්ස් :)

    @ප්‍රාර්ථනා :
    මරේ මරු නේන්නම්.

    ReplyDelete
  62. @පිස්සු පුසා :
    නියම සර්ලානේ ඉදලා තියෙන්නේ. පට්ට යෑ.

    @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
    මම් කලින් බිව්වෙත් නෑ. දැන් බොන්නෙත් නෑ. ඉස්සරහට බොන්න ආසාවකුත් නෑ. :)

    @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ :
    අනේ ඔවු. මම් ආසයිනේ මටම මඩ ගහගන්න.

    ReplyDelete
  63. @ADK කොලුවා :
    බැරිවෙලාවකවත් උබලෑ එවුන් වෙජිටේරියන් උනොත් තමයි වැඩේ.

    @පොඩි මෑන් :
    වෙන්නැති වෙන්නැති.

    @චාම් :
    ඒ මල්ලිනේ මේ මමනේ. මම් එහෙම කියන්නේ නෑ මලයා.:)

    @නිසුපා :
    ඔවු නිසූ අක්කා ඒ කොල්ලා පවු තමා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.