19 July 2011

සම්මුඛ පරීක්ෂණ වල බුද්ධි පරීක්ෂණ ප්‍රශ්ණ (IQ) - 2වන කොටස

ලඟදි දවසකත් මට කොළඹ යන්න සිද්ද උනා. ඒකත් සුපුරුදු පරිදි ඉන්ටර්විව් එකකට. කලින් එකට වඩා දැන් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ප්‍රශ්නයක් නෑ. ඒ තරමටම පුරුදු වෙලා තියෙන්නේ. මෙදාපාර ලැබුන ප්‍රශ්න ටික එච්චර අමාරු නෑ. ලියන්න තමා තිබ්බේ. ප්‍රශ්න 20ක් විතර තිබ්බා. වැඩි කතා ඕනේ නෑ ප්‍රශ්න වලට බහිමු !!!!

ඔන්න මට මතක ටික පහලින් දැම්මා.

(1) ළමුන් පේලියක වාඩිවී සිටී. එම පේළියේ දකුණු පැත්තේ සිට 8 වෙනියාට කමල් වාඩි වී සිටී. එම පේළියේ වම් පැත්තේ සිට 12වෙනියාට නිමල් ද සිටී. නිමල්ව හා කමල්ව එකිනෙක මාරු කල විට වම්පැත්තේ සිට 21වෙනි තැනට නිමල්ව පත්වේ. දකුණු පැත්තේ සිට බලන විට කමල්ගේ ස්ථානය කුමක්ද ?

(2) එක්තරා මං සංධියක සංඥා කුළුණක (ට්‍රැෆික් ලයිට්) කොළ පැහැති බල්බය දැවී ගොස් (බල්බ් එක පිච්චිලා/ ගහලා ගිහින්)ඇත. එම මං සංධිය හරහා වාහනයකට ආරක්ෂිතව ගමන් කිරීම සදහා සංඥා කුළුණේ දැල්වී හා නිවී තිබිය යුතු බල්බ කුමක්ද ?

(3) නිමල් පොත් සාප්පුවකට ගොස් රුපියල් 80ක් වටිනා පොතක් මිලදී ගනි. ඔහු පොත් සාප්පු හිමියාට රු. 100යේ නෝට්ටුවක් ලබා දුනි. මාරු කාසි නොමැති කම නිසා සාප්පු හිමියා එම 100යේ නෝට්ටුව මාරුකරගෙන එන ලෙස ඉල්ලයි. ඔහු පොත් සාප්පුව අසලම පිහිටි රෙදි සාප්පුවකින් රු 100යේ නෝට්ටුව රුපියල් 10යේ නොට්ටූවලට (දහයේ කොළ දහයක්) මාරු කරගගෙන පොතේ වටිනාකම ගෙවා පොත් සාප්පුවෙන් පිටවී යයි.නිමල් විසින් රෙදි සාප්පු හිමියාගෙන් මාරු කරගත් රුපියල් 100යේ නෝට්ටුව හොර එකක් බව පොත් සාප්පු හිමියාට පවසයි. රෙදි සාප්පු හිමියා හා පොත් සාප්පු හිමියා දිගු කලක සිටන් මිතුරන් වන නිසා රෙදි සාප්පු හිමියාට සිදුවූ අලාභය ගෙවීමට පොත් සාප්පු හිමියා පොරොන්දු විය. පොත් සාප්පු හිමියාට සිදුවූ අලාභය කීයද ?

(4) ලංකාවේ සිටින අයෙක් ප.ව 7.00 ට එංගලන්තයේ තම සේවාදායකයාව අමතයි. ලංකාවේ සිටින කෙනා විසින් එංගලන්තයේ තම සේවාදායකයාට සුබ පතන්නේ කෙසේ ද ? (ඉංග්‍රිසියෙන්)
(ගුඩ් මෝර්නින්, ගුඩ් ඊවිනින්, ගුඩ් නයිට් යනාදි වශයෙන්.... )

(5)ලංකාවෙන් 0940h වලින් පිටත් වෙන ගුවන් යානයක් ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ. ගුවන්යානයේ ගමන් කාලය කොපමණද ?

(6) X = (1+1)+(1+1)+(1+1)

(7) Quarter of 40 ?

6, 7 වගේ සරල ප්‍රශ්නත් ඒ අතර තිබ්බා.

-----------------------------------------------------------------------------------
ප.ලි. - ප්‍රශ්න පැහැදිලි නැත්නම් ඒ බව පහලින් කමෙන්ට් කරන්න. සදුදා යන්න තිබ්බ ඉන්ටර්විවු එකට නම් යන්න උනේ නෑ. දනිහ පැනලනේ. :(

45 comments:

  1. 1.මාරු කළ විට දකුණු පස සිට 17 වන තැනට කමල් සිටි.
    2,රතු බල්බය දැල්වෙමින් හා කහ බල්බය නිවෙමින් තිබිය යුතුය.
    3.100 කි
    4.ගුඩ් නයිට් යනාදි වශයෙන්.. :P
    5.පැය 12යි.විනාඩ් 30 යි
    6. 6යි
    7. 10යි

    ReplyDelete
  2. 1) 17

    2) අව්ලක් නැතුව යන්නනම්, තැබිලි එක පත්තු වෙලා, රතු එක නිවිලා. (කොළ එක පිච්චි ඇති බව උපකල්පනය කර ඇත.) මේක මට සුවර් නෑ.

    3)80(පොතේ වටිනාකම පමණි)

    4) ගුඩ් ඊවිනින්

    5) පැය 7

    6) 6 (?????)

    7) 10

    හරිද මන්ද......

    ReplyDelete
  3. තාමත් මේ ඔලුව කහ කහ කල්පනා කරන ගමන් :D

    ReplyDelete
  4. IQ නම් වහ. ඉන්ටර්විව් ඊටත් වැඩිය වහ. අපෝ....

    ReplyDelete
  5. අපේ පොඩි එකා වෙත ප්‍රශ්න යොමු කොරමි..ඌ හවට ඉස්කෝලේ ඇරිලා ඒයි නේ

    ReplyDelete
  6. අපේ පොඩි එකා වෙත ප්‍රශ්න යොමු කොරමි..ඌ හවට ඉස්කෝලේ ඇරිලා ඒයි නේ

    ReplyDelete
  7. ඉතින් යාලුවේ කොහොමැයි අසනීපේ එහෙම..

    කොහොම හරි ඔක්කොම නැතත් දෙක තුනක්වත් විසදන්න තමා මේ ඉහේ අත තියන් කල්පනාව....හොද වැඩක් යාලු..

    ReplyDelete
  8. 1. දකුණේ සිට බලන විට කමල් 17 වෙනියාය.
    2. රතු සහ කහ නිවි තිබිය යුතුය.
    3. රුපියල් 120යි.
    4. "Good Afternoon!" (Because England's time is 1.30pm.)
    5. පැය 18යි.
    6. 6
    7. 10

    ReplyDelete
  9. අග සිට මුල දකවා හදන්නට ගොස් ගණන් 2කින් සන්තෘප්ත වීමි

    ReplyDelete
  10. 1.
    17 වෙනියා

    02.
    රතු දැල්වි, තැබිලි නිවිලා(not sure)

    03.
    180 යි

    04.
    ගුඩ් ඊවිනින්

    05.
    8 හෝ 7 ක්

    06.
    X = 6

    ඉතුරුවට උත්තර වෙන කවුරු හරි ලියන්න

    ReplyDelete
  11. 1. කමල් 17
    2. කොළ හැර අනිත් ඔක්කොම නිවී තිබිය යුතුය.
    3. රුපියල් 100
    4. ගූඩ් ඊවිනින්ග් (ගූඩ් නයිට් කියන්නේ නිදියන්න යනකොට කියල මම දන්නේ ;-)
    5. ලංකාවේ වේලාවෙන් ගොඩබාන වෙලාව තියනවනම් පැය 12:20 නැත්තන් වෙලාවේ වෙනස දක්වන්න.
    6. x=6
    7. 10

    ReplyDelete
  12. හපොයි. අර පහ වසරේ සිස්සත්ත පේපර් එකේ තිබ්බ ප්‍රශ්න වගේ නෙව. මට ඒ කාලෙ වත් ඔව්වා බෑ. ඉතිං දැං කොහොම කියන්නෙයි..

    ReplyDelete
  13. IT කොම්පැණියක ඉන්ටව් එකක්ද?අපෙ එකෙත් ඕව තමා අහන්නෙ.ඒකටද දන්නෑ ආවෙ..

    ReplyDelete
  14. හොඳ වැඩක්නෙ. රැකියා සඳහා අයදුම් කරන අයට බොහොම ප්‍රයෝජනවත් වෙයි. ඔයාටත් හිතට සරිලන විදිහෙ රැකියාවක් ඉක්මණට ලැබෙන්න කියා පතනවා.
    දණිස දැන් සනීපයි වගේ.

    ReplyDelete
  15. 3 වෙනි ප්‍රශ්නේ මගේ යාළුවෙක් ගිය ඉන්ටර්වීව් එකේදී ඇහුවයි කිව්වා... ලංකාවේ බොහොම ප්‍රසිද්ධ අයි ටී කොම්පැණියක්!

    ReplyDelete
  16. අන්තිම දෙක පට්ට අමාරුයිනෙ. :(

    ReplyDelete
  17. ප්‍රශ්න ටිකට උත්තර මෙතන ලියන්නේ නෑ, ඒවා සීයට සීයක් හරි කියල විශ්වාසයි ඒකයි, මෙතන දැම්මොත් ඉතින් කට්ටියම කියවලා තරම දැන ගත්තම විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිවෙනවනේ.. :P :p

    ReplyDelete
  18. 1. 17
    2. රතු හා කහ නිවී තිබිය යුතුයි.
    3. 100
    4. good afternoon
    5. 18

    ඔන්න දන්න විදියට ලිව්ව. සුවර් නෑ අයියො. මගෙත් IQ අවුල්.

    ReplyDelete
  19. patta amarune oi mewata answer dannawa nam api balai me blog :D

    ReplyDelete
  20. සේරම අමාරුයි මට එකක්වත් බෑ

    ReplyDelete
  21. 1. 17
    2. තැබිලි ලයිට් එක නිවි නිව් පත්තු උනා නම් හරි.
    3. පොත් හිමියට අලාබයක් උනෙ නැ. රෙදි හිමියට නම් රු.100ක් පාඩුයි.
    4. Good Evening (7.00 - 5.30 = 1.30p.m)
    5. ලන්ඩන් 22.10h කියන්නෙ ල0කාවෙ(+5.30)03.40h. එ කියන්නෙ සම්පුර්න වෙලාව පැය 18ක්.
    6. 6
    7. 10

    ReplyDelete
  22. තුන්වෙනි එකට දීල තියෙන උත්තර වැරදී වගේ නේද?

    මට හිතෙන්නෙ සිදුවූ පාඩුව රු 200/-

    පොතේ වටිනාකම රු 80/-
    ආපසු දුන් ඉතිරිමුදල රු 20/-
    රෙදි සාප්පුවට දුන් මුදල රු 100/-

    ReplyDelete
  23. මෙන්න උත්තර ටික !!!!!

    (1) දාහත්වෙනියා

    (2) ආරක්ෂාකාරිව පාර මාරු වෙන්න නම් කොළ බල්බය දැල්වී තියෙන්න ඕනේ (මේ අවස්ථාවේ දී කහපාට බල්බ් එකයි රතුපාට බල්බ් එකයි නිවී පවති.). නමුත් කොළපාට බල්බ් එක පිච්චිලා නිසා බල්බ් සියල්ලම නිමී තිබෙන අවස්තාව !!!!!

    (3) රුපියල් 100යි. රෙදි සාප්පු කාරයාට ගෙවපු ගාන

    (4) ගුඩ් ආෆ්ටර්නූන් !!!! (ගුඩ් ඊවිනින්ග් කියලා කියන්නේ කෝල් එක කට් කරන්න කලින් !!!!)

    (5) වෙලාවල් අතර අන්තරය. පැය 12යි විනාඩි විස්සයි.

    (6) හයයි.

    (7) දහයයි.

    ReplyDelete
  24. 3)"80(පොතේ වටිනාකම පමණි)" කියල මම දුන්න උත්තරය 120 කියල වෙනස් කරන්න ඕනේ... නමුත් එහෙම කරන ඒක ඔට්ටු නෑනේ... කමක් නෑ... ඉඩපන්කෝ මම ප්‍රශ්නේ ගැන පොස්ට් එකක් දානවා.

    ReplyDelete
  25. @චතුමිතු :
    ඔයාගේ දෙවෙනි උත්තරේ ඇරෙන්න අනිත් ටික සේරෝම හරි !!!!

    @ADK කොලුවා :
    2,3,4,5 කියන ඒවා ඇරෙන්න අනිත් ටික නම් හරි.

    @deeps :
    ඔලුව කහ කහා ඉන්නේ නැතුව අදවත් නාගන්නවකෝ හලෝ !!!! :)

    ReplyDelete
  26. @පිණිබිඳු... :
    මොනා කරන්නද මටත් වහ තමයි. වහ උනත් කන්න වෙලානේ :(

    @රත්ගමයා :
    බලලුන් ලවා කොස්සැට බෑවීම කියන්නේ මේකටද මන්දා

    @අසනි :
    කකුල නම් දැන් ටිකක් හොදයි.
    එච්චරම කල්පනා කරන්න එපා. වැඩේ අමාරුම නම් අතෑරලා දාන්න. මේවා ලීවේ නිකන් ෆන් එකට හලෝ !!!!

    ReplyDelete
  27. @budhajeewa :
    4,5, ඇරෙන්න අනිත් ටික නම් හරි.

    @Roshan Hewavitharana :
    තුෂාර අංකය ලඟ හිටපු එකෙක්ද මන්දා. ඉක්මනින්ම සංතෘප්ත වෙලා. :)

    @professor :
    2,3,4,5 ඇරෙන්න අනිත් ටික හරි. මහචාර්ය කෙනෙක් උනත් කනා ගහලද මන්දා. අපි නම් ඇහි පිහාටු ගලවලා උත්තර උඩ තියෙලා අත්පුඩි ගහලා තමයි උත්තරේ හොයාගන්නේ.

    ReplyDelete
  28. @ක්සැන්ඩර් | Xander :
    හොද උත්සහයක්. 4වෙනි එක විතරයි වැරදිලා තියෙන්නේ.

    @ආගන්තුකයා :
    ඒක හරි ඒක හරි. ඒකාලේ බැරි උන දේවල් මේ කාලේ කෝම හරන්නද !!!!!!

    @sithuwam :
    ඔව් ඔව්. අයිටි කම්පැණියක් තමයි. දෙමටගොඩ ගිහින් තියේද ?

    ReplyDelete
  29. @නලිනි චන්දිමා :
    අපෝ නෑ දොස්තර නෝනා.
    තාම බේත් කරනවා. ඒකට කෂාය බොන්නත් වෙලා.

    @පූසා :
    එහෙනම් මම් ගිය එකේද දන්නේ නෑ.

    @සීතල අයියා :
    ඒ දෙකට තමයි ගොඩක් වෙලා ගියේ.

    ReplyDelete
  30. @චතුර.... :
    අම්මෝ එහෙනම් මෙතන ලියන්න එපා. හිමිහිට තමන් ලියපු කොල කෑල්ල අරගෙන හරි වැරදි බලන්න

    @Kasun :
    පස්වෙනි එක වැරදියි. අනිත් ටික නම් හරි.

    @Anonymous :
    කමක් නෑ වැරදිලා හරි ආවනේ. මොනහරි කාලම ඉන්නවද !!!

    ReplyDelete
  31. @හිස් අහස :
    මල්ලිටත් මෙච්චර මාරු නම් අපි කොහොම කරන්නද

    @ADK කොලුවා :
    ඔන්න පහලින් කමෙන්ට් කලා. බැලුවනම්

    @Rock B :
    ඔන්න පහලින් උත්තර ටික දැම්මා. කීයක් හරිද කියලා බලලා හිටියනම්

    @fantaUP :
    නෑනෑ. රුපියල් 100යි පාඩුව !!!

    ReplyDelete
  32. @ADK කොලුවා :
    උත්තර වෙනස් කරන එකනම් අවුලක් නෑ.
    නමුත් උත්තරය 100යි නේ (පොතේ ගාන + රුපියල් 20)
    මොකද අරූ පොතේ ගාන ගෙවලානේ අරන් යන්නේ

    ReplyDelete
  33. හතරවෙනි එකට උඹ කියපු උත්තරේ වරහන් ඇතුලෙ තියන කෑල්ල නම් වැරදියි ගොයියො. ෆෝන් එක තියන වෙලාවට කියන්නෙ "ගුඩ් නයිට්" කියල. "ගුඩ් ඊවිනින්" කියන්නෙත් කතාවක් ආරම්භ කරනකොට කියන වචනයක්. 12 පැන්න ගමන් "ගුඩ් ආෆ්ටර්නූන්", ටිකක් හවස් වෙනකොට "ගුඩ් ඊවිනින්". "ගුඩ් නයිට්" කියන එක විතරයි කතාවක් අවසන් කරනකොට කියන්නෙ.

    පස්වෙනි එක මම මෙහෙමයි හැදුවෙ. ලන්ඩන් වල 2210h කියන්නෙ ලංකාවෙ 2740h (කාල පරතරය +5.30) එතකොට ප්ලේන් එක ගමන් කරපු වෙලාව ලියන්නෙ 2740h - 0940h. එතකොට 18 උත්තරේ. මෙහෙම නෙ හදන්නෙ?

    ReplyDelete
  34. මචන් මධුර0ග,
    උඹෙ ප්‍රශ්න අහන විදියෙ ප්‍රශ්න වගයක් තියනවා.

    2 ප්‍රශ්නයේ : (වාහනයකට ආරක්ෂිතව ගමන් කිරීම සදහා සංඥා කුළුණේ දැල්වී හා නිවී තිබිය යුතු බල්බ කුමක්ද)මෙහිදි Green Light එක නැත්තන් ආරක්ෂිතව යන්න ‍Yellow light එක පත්තු ‍වුන නම් ඈති.

    3 ප්‍රශ්නයේ : පොත් සප්පුවෙ කෙනා සල්ලි දෙන්න පොරොන්දු වුනා පමනි. තාම දිල නෑ. මේ මොහොතේ ඔහුට පඩුවක් වී නොමැත.

    4 ප්‍රශ්නයේ : ඔබ දි තිබෙන උත්තර වලින් තමයි උත්තර දුන්නේ.
    අනිවරයෙන්ම 1.30pm කියන්නෙ GoodAfternoon විය යුතු‍යී.

    5 ප්‍රශ්නයේ : මෙහි ඔබ කියනනේ (ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ) මෙහි දී ලන්ඩන් වලින් 2210h ට ගොඩ බැස්සා යන්න අදහස් වේ. මෙහි දි යානය 09.40 -> 22.10 දක්වා (පැය 12.30යි) + 5.30 = පැය 18ක් යානය ගමන් කර තිබෙනවා.

    මම දන්නෙ නැ මම කොච්චර හරිද කියල. එත් මේ මට හිතෙන විදිය.

    ReplyDelete
  35. @Kasun :
    අප්පා !!!! ඒක වැරදි තමා. උත්තරේ නම් ගුඩ් ආෆ්ටර්නූන් තමා තියෙන්නේ. නිවැරදි කිරීම් වලට ස්තුතියි කසුනා.

    අර පස්වෙනි ප්‍රශ්නේ වෙලාව බලලා තියෙන්නේ ලංකාවේ ඉදලමයි. ඒ නිසා වෙලාව පැය 12ක් ලු. මගෙත් ඕක වැරදුනා. මම් එහෙම් පිටින්ම ප‍රිවර්තනය කරලා දැම්මේ. ඔරිජිනල් එකේ තිබ්බෙත් ඔහොමයි !!!!

    ReplyDelete
  36. @Rock B :
    2වෙනි තුන්වෙනි ප්‍රශ්න නම් මගේ පරිවර්තනයේ වෙච්ච දෝශයක් !!!! මම ඒක හරි ගස්සවන්නම්.
    පස්වෙනි එක නම් වෙලාව ගණනය කරන්නේ ලංකාවේ ඉදන්ම ලු. මේක මගෙත් වැරදුනා. මේ ප්‍රශ්නය එහෙම් පිටින්ම පරිවර්තනය කලා. ඒකේ නම් දෝශයක් නෑ.මොකද ඔරිජිනල් එකේ තිබ්බෙත් ඔහොම්මමයි. පැය පහමාරේ කතාව කියලා තිබ්බේ නෑ.

    ReplyDelete
  37. 1.17
    2.සියළුම බල්බ නිවී තිබිය යුතුය
    3.100
    4.ගුඩ් ඊවිනින්ග්
    5.පැය17
    6.X=6
    7.10

    ඔන්න මංචි දන්න හැටියට උත්තර දුන්නා..හරිද මන්දා...

    ReplyDelete
  38. අඩේ මට ප්‍රශ්නයක් ඇත...

    2) ලයිට් එකක් පිච්චුනා වෙලාවට කරන්නේ තැබිලි පාට බලිබ් ඒක පත්තු කරලා තියන එක හෝ ඔක්කොම නිවල තියන එක..

    එතකොට ඔක්කොමල පරිස්සමින් යනවා. ඕකට උත්තට දෙකම හරි..

    මොකද එක පැත්තක ලයිට් ඔක්කොම ඔෆ් වෙලා අනිත් පැත්තේ පත්තුවෙලා තිබුනොත් අනිවා වාහන අනාගන්නව

    3) වැරැද්ද පිලිගනිමි.

    4) ප්‍රශ්නයේ වැරද්දක් ඇත. වෙලාව අනිවරයෙන්ම 1.30pm කියන්නෙ ගුඩ් අෆ්ටර් නුන් විය යුතු‍යී.

    5)"ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ" කියන කොට පැය 18 වෙනවා. මම මෙතන +5.5 වෙනුවට -5.5 අරන් තියෙන්නේ. මම වැරදි ඒක මම පිලිගන්නවා. නමුත් හරි උත්තරය 18 විය යුතුයි. එහෙම නැත්නම්

    "ලන්ඩන් වලිට 2210h ට ලඟා වේ" කියා වෙනස් විය යුතුයි.

    ReplyDelete
  39. උත්තර ටික දීලා ඉවරනේ බලන්න යද්දී....

    ReplyDelete
  40. මකුළු මලයා කියල තියන එකම තමා මට කියන්න තියෙන්නෙ ....

    ReplyDelete
  41. ඉන්ටර්විව් නම් ඕන ම නෑ... මතක් වෙද්දිත් බයයි වගේ... අපිත් ලබන අවුරුද්දේ ඉඳන් යන්න ඕන කියනව කවුදෝ මම අහගෙන!

    ReplyDelete
  42. හෙ හෙ කමෙන්ට් එක දාල ටික කාලෙකින් ආවෙ මේ පැත්තෙ.ආයිත් අහල දෙමටගොඩ තමයි.අකුරු 4රෙ එක නොවැ.මම ඉන්නෙත් ඒකෙ තමයි.

    ReplyDelete
  43. පොත ඇරෙන්න මගේ ඔක්කොම හරි...

    ReplyDelete
  44. mata 5 question eke answer eka poddak awulak thiyenawa :(

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.