28 July 2011

ආයෙමත් කල් ගිහින් ලූ.

දැනට මාස තුනක් තිස්සේ විශ්ව විද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනයක් කරපු හන්දා අපට මාස තුනක් විතර කැම්පස් වහලා තිබ්බා. ඊට පස්සේ සාකච්ඡා කරලා එයාලගේ ඉල්ලීම් ටික දීලා වැඩ වර්ජනය අත්හිටෙව්වා. කොහොමහරි ජූලි මාසේ 26 වෙනිදා ඉදන් අපේ කැම්පස් එකේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය විදිහට කෙරීගෙන ගියා කියලා කියමුකෝ.

අපිට අන්තිම විභාගේ (ෆයිනල්ස්) තියෙන්න තිබ්බේ අගෝස්තු මාසේ මැද සතියක. ඒ නිසා මේ දවස්වල පාඩම් කර කර හිටියා. ඊට පස්සේ ආයේ පීඨ කමිටුවෙන් ඊයේ (ජුලි 27) දැන්වීමක් දාලා අධ්‍යන කටයුතු විභාගත් එක්කම කල් ගියා කියලා.

හපෝ!!!! අපිටත් වෙන වැඩ!!! මදැයි ඉක්මනින් අවුට් වෙන්න කියලා හිටියා. දැන් ඉතින් තව කාලයක් ඉවසපන්කෝ!!!

අපේ අම්මා කොයි වෙලේත් කියන්නේ " පාඩම් කරපන් !!! පාඩම් කරපන් !!!" කියලා. ඇයි අප්පා විභාගයකුත් ලඟ නැතුව කොහොම පාඩම් කරන්නද. දැන් ඉතින් අවුට් වෙන එක කෙසේ වෙතත් රස්සාවක්වත් හොයා ගන්න වෙනවා.උපාධියක් ගන්නවා කියන එකත් හිතෙන තරම් ලේසි නෑ කියලා හිතෙන්නේ මේම වෙලාවල් වල තමයි !!!

එක වෙලාවක හිතෙනවා කැම්පස් ගිය මෝඩකම කියලා. නිරපරාදේ කල් ගතවීමක් තමයි සිද්ද වෙන්නේ.කෝමහරි උපාධි අරගෙන එලියට එනකොට ඊලඟ අවුරුද්දේ මැදක් හරියවත් වෙයි.

52 comments:

  1. යාළු මොකෝ කැම්පස් එපා වෙලා වගේ...

    ReplyDelete
  2. අයියෝ ඔයාලටමයි නෙ මේවා වෙන්නෙ.මට දුකයි සහෝ ඔයලා ගැන.

    ReplyDelete
  3. අපි නම් 2006.07.31 කැම්පස් ගියා හරියට අවුරුදු 4කට පස්සෙ ඒ කියන්නෙ 2010.08.10 වෙද්දි වැඩේ ඉවර කරා.පව් ඔයාලා...දුක තමයි මල්ලී!

    ReplyDelete
  4. අප්පා මාර සින් එක.. :S

    ReplyDelete
  5. හයියෝ :( :( අපේ පැත්තෙන් නම් දැන්වීම් ගහලා නෑ තාම. එත් වැඩ වෙන්නේ නැහැ..:( :(

    ReplyDelete
  6. මටත් ආරන්චි උනා ආයෙත් ස්ට්‍රයික් එක පටන් ගත්තා කියලා. අනේ මන්දා අපරාදෙ නාස්ති වෙන කාලෙ.

    ReplyDelete
  7. ඕව්වා ඔහොම තමයි අයියේ.මොනා කරන්නද..ඉහල නියෝග නොවැ..
    ඒකනේ මම කැම්පන් යන්නෑ කියලා හිතාගෙන විභාගේ ලියන්නෙ....

    ReplyDelete
  8. දැන් නම් මේ කැම්පස් කෙරුවාව එපා වෙලා ඉන්නෙ බං

    ReplyDelete
  9. අනේ මන්දා උබලටත් වෙන වැඩ.. "කැම්පස් පටන්ගන්නේ අද නෙවේ හෙට"

    ReplyDelete
  10. ඕකට කියන්න මන් ලග ඕනා තරම් දේවල් තියෙනවා..ඒත් අකුරු වලට, දැනෙන හැමදේම කියන්න පුලුවන්ද කියලා සැකයි.. ජීවිතේ කොහේදෝ අදුරක නැවතිලා වගේ දැනෙන්නේ.

    "අවුරුදු විසි ගානක් අම්මලාගෙන් කකා ඉන්න අපිට.. අපේ දාඩිය මහන්සියෙන් හම්බ කරලා බත් කටක් කවන්න වෙන්නේ කවද්ද යාලු.."

    ඔය ගන කතා කරන ගානේ පපුව හිර වෙනවා වගේ.. අම්මලා,තාත්තලා දුක් වින්දේ අපිව මේ විදිට ඉන්න නෙවේ..අපි දැන් හරියට නිල නොලත් රස්තියාදුකාරයෝ වගේ..

    ReplyDelete
  11. කියලා වැඩක් නෑ..

    ReplyDelete
  12. ඒක නම් ඇත්ත අයියේ. අපෙත් තවත් සති 12 කින් semester එක කල් ගිහින් ලු. අපිට නම් වර්ජනයක් තිබුනෙත් නෑ.

    ReplyDelete
  13. අප්පා ආයේ කල් ගිහින්ද!! හොද වෙලාවට අපේ නම් විභාග කලින්ම ඉවර උනා....

    ReplyDelete
  14. අනේ මොන ඩිග්‍රිද බං. ඔන්න ඔහේ හේනක් කුඹරක් කොටාගෙන ඉමු. සිරාවටම මේකයි දැන් කරන්න තියෙන්නෙ. මොකක් හරි රස්සාවක් හොයාගෙන, කසාදයක් බැඳගෙන ගෙයක් දොරක් හදාගෙන ඉන්න තියෙන්නෙ. කවද හරි ආයෙත් කැම්පස් එන්න කිව්ව දවසට යන එකයි තියෙන්නෙ. කොහොමද මගෙ ටිකිරි මොලේ?

    ReplyDelete
  15. ඒකනෙ මං කැම්පස් නොගිහින් ගොවිතැනට බැස්සෙ. ඒ පැත්තෙන් මං උපාධිය ඇරගෙනත් ඉවරයි.. ඒත් කැම්පස් යන්න බැරි වුන එකගැනනම් තාම දුකයි.. කොහොම හරි කට්ට කාපන් පුතේ. දැන් අජීර්ණෙට ආවට පස්සෙන් පහු දිරවනවා..

    ReplyDelete
  16. යන්න හිතෙන්නේත් නෑ අප්පා...

    ReplyDelete
  17. අපෙ අප්පෝ.... එහෙනං නාකි වෙලා පෙන්ශන් ගන්න කාලෙ කිට්‍ටු කරල තමා ගොඩ යන්නෙ පුළුවන් වෙන්නෙ....... :D

    ReplyDelete
  18. මන්දා බං මමනම් කැම්පස් නොගිය නිසා දන්නෑ.මේකෙ කමෙන්ට් කියෙව්වම මට වෙනම පැත්තකින් හිතෙන්න ගත්තා.මම කියන්න හිතන් ආවෙ අඩෝ නියමයිනෙ බන් විභාගෙ කල් ගියානම් කියලා.
    ඒත් කියන්න වෙන්නෙ මළ කෙලියයි පව් බං උඹලා කියල තමයි

    ReplyDelete
  19. මේවා වගේ වැඩ ගැන නම් කතා කරලා වැඩක් නෑ.
    තරුණ ජවය තමයි නිරපරාදේ..නාස්ති වෙන්නේ.

    ReplyDelete
  20. ඔහොම විභාගෙ කල් ගිහින් ටයිම් ටේබල් එකක් නැතුව ඔහේ බලන් ඉන්න කාලෙ තරම් පජාත කාලයක් තවත් නෑ. අපිත් ඕක අත්වින්ඳා...

    ReplyDelete
  21. ඔව් මචෝ අපිටත් මාස 2ක විතර නිවාඩුවකින් පස්සෙ ආයෙ පටන් ගත්තෙ මේ ජූලි 26 වෙනිදා.කැම්පස් ගියා විතරයි ආරංචියි ආයෙත් ඇතුලෙ කචල් කියල.හැබැයි තාම අපේ එක නම් වැහැව්වෙ නෑ.

    ReplyDelete
  22. @♣ආසියා♠ (♥AseS♦) :
    එපා වෙන්නේ නැද්ද අප්පා අන්තිම විභාගේ ලියන්න දුන්නා නම් මෙලහකටත් අවුට් වෙලානේ. ඒකනේ දුක.

    @පිස්සු පුසා :
    දුක නේන්නම්. නැත්නම් මෙලහකට අවුට් වෙලා.

    @නදී :
    අක්කලා නම් කලට වෙලාවට අවුට් උනානේ. අපට විභාගේ තිබ්බෙත් නෑ. :(

    ReplyDelete
  23. @ChammA :
    මාර සීන් එක නේන්නම් :(

    @deeps :
    ඒ කියන්නේ ඔයාලටත් ෂොට් එක දුන්නද !!!!! අම්මෝ. මෙදාපාරත් මාසයක් වහයිද දන්නේ නෑ.

    @පිණිබිඳු... :
    ඒකනේ පිණිබිඳු !!!! ලොකු කාළයක් නාස්ති වෙනවා.

    ReplyDelete
  24. @මි හරක් පිඩියා :
    එහෙම් කරන්න එපා කොලුවෝ. කොහොමහරි කැම්පස් යන්න ට්‍රයි කරහන්. උපාධියක් කියන්නේ රස්සාවකට පැනගන්න ලේසි වැඩක් නේ.

    @රාජිත අනුරාධ***රජී-සන්නස.... :
    අපිටත් ඕකම තමා බං.

    @කිඩෝ :
    හික්ස්. බාලගිරි දෝෂය වගේ මේකටත්.

    ReplyDelete
  25. අපේ නම් අවුලක් නැතුව යනවා.ලබන පස් වෙනිදා ස්ඩඩී ලීව් පටන් ගන්නවා.අපිට අලුත් VC සර් කෙනෙක් ආවා.පේරාදෙනියේ හිටපු මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් සර් තමයි ආවේ.

    ReplyDelete
  26. @අසනි :
    ඒක තමයි අසනි මටත් තියෙන දුක. අම්මලා අවුරුදු විසි ගානක්ම කන්න අඳින්න දුන්නනේ. තවත් එයාලට බරක් වෙන්නේ කෝමද !!!!

    @චතුර.... :
    මටත් මුකූත් කියන්න නෑ.

    @හංසි :
    සති 12ක් කියන්නේ මාස 4ක් විතරනේ නංගි. අම්මෝ ඉක්මනට විසදුනොත් හරි.

    ReplyDelete
  27. @ආගන්තුකයා :
    ඒකනම් ලොකු වාසනාවක්. පුලුවන් තරම් ඉක්මනට ඉවර වෙන එක නම් නියමයි.

    @Kasun :
    උබටත් මාරම අයිඩියානේ එන්නේ. නියමයි. හේනක් තමයි කොටාගෙන ඉන්න වෙන්නේ.

    @නාකියා :
    කට්ට තමයි කන්නේ බොලව්. මේක ඉවරවෙන කට්ටක් නෙමේ.

    ReplyDelete
  28. @රත්ගමයා :
    එහෙම නෑ. මේ ගොඩ කාලයකට පස්සේ ආපු ස්ට්‍රයික් එකක්. මෙහෙම ඒවා කාලයකින් ආවේ නෑ. ඒ නිසා යන්න. බයවෙන්න දෙයක් නෑ මලේ !!!

    @nawammawatha :
    ඒක තමයි මට තියෙන බය !!!

    @sithuwam :
    ඔව් එහෙමත් හිතෙන එක සාධාරණයි. නමුත් මෙහෙම කල් ගියාම අවුට් වෙන්න තමයි කල් යන්නේ.

    ReplyDelete
  29. @- නිල් අහස - :
    ඒ කතාව නම් ඇත්ත තමයි අයියා. අපරාදේ අපේ කාලේ.

    @විසිතුරු :
    ඇති යන්තම් මල්ලිලාට පටන් ගත්තා. නැත්නම් අපට වගේ ගෙදරට වෙලා ඉන්න වෙන්න වෙන්නේ.

    @ප්‍රසංග :
    අම්මෝ වහන්නේ නැති තරමට හොදා. වැහුවොත් තමයි කරදරේ !!!!

    ReplyDelete
  30. අයියා කියලා තියෙන්නේ අද ගොඩාක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයක් ගැන. අපිටත් ඔහොමම තමයි. අපෙ අම්මත් හැම වෙලේම කෑ ගහනවා පාඩම් කරන්න කියලා. මොනවා පාඩම් කරන්නද අනේ, මේ සෙමෙස්ට්ර් එක පටන් අරන් මාස 5ක්ම ඉවරයි, මේ පාර අපිට නීතියත් තියෙනවා. තාම නීතිය උගන්නල තියෙන්නෙ එක දවසයි. අන්තිම විභාගෙට මොනව ලියන්නද කියලා මට නම් තේරෙන්නෙ නෑ...

    ReplyDelete
  31. අපේ faculty එක නං දිගටම වැඩ... දැන්වත් වැඩ කලේ නැත්තං මේ කපේදී අපිට degree දෙන්න වෙන්නෙ නැති බව තේරිලා වගේ..
    අනිත් faculty ත් ඉක්මනට පටන් ගනී කියල හිතෙනවා..!

    ReplyDelete
  32. කියලා වැඩක් නෑ අයියා...ඊයේ 9 - 4 ඉංජිනියරි ඉන් සොසයිටි දාලා තිබ්බා....9 ඉඳන් 12 වෙනකම් කරා 12ට නෝටිස් එක දාලා කැම්පස් වහනවා කියලා......

    විශ්ව විද්‍යාල තුල ඉගැන්වීමට සුදුසු වාතාවරණයක් ඇතිවූ වහාම දන්වන තුරු වසා දමන ලදි........

    ReplyDelete
  33. උඹට පුතේ ඩිග්රිය ගන්න වෙන්නේ හැරමිට්ටෙන් යද්දී තමා. ඒක නෙමේ බං... කොහොම ද ඔය තුන්මාසේ ගෙව්වේ...?

    ReplyDelete
  34. ෂා නියමයිනෙ.විභාගෙ කල් ගිහිංනම්.ජය වේවා!!! අපි රජයට, රජය අපිට..

    ReplyDelete
  35. හැම දේකම හොඳ පැත්ත ගැන හිතන්න අයියන්ඩි .. යාලු මිත්තරයෝ සෙට් එකත් එක්ක තව ටික දොහක් ඉන්න ලැබෙනවානේ ..

    ReplyDelete
  36. අපිත් ජයග්‍රාහී 5 වන අවුරුද්දෙ 4 වෙනි මාසෙ ඉන්නෙ. තව මාස 4 එ තියනවා. ඒ කියන්නෙ අවු 4 ඩිග්‍රියට අවු 4 1/2 කට වඩා යනවා. ආයෙ ස්ට්‍රයික් එක පටන් ගත්තට මෙහෙ නම් වැඩ යනවා. නිකමට හරි අපේ අයත් ආයෙ සෙට් උනොත් මේ අවුරුද්දෙ 31 st night එකත් කැන්ටිමෙන් කාල ප්ලේන්ටියක් බීල සමරන්න වෙයි....

    ReplyDelete
  37. අනේ මන්දා බන්.... ඕවා ඉවර වෙනකොට කොච්චර කල් ගිහින්ද කියලා

    ReplyDelete
  38. @නදීර සඳරුවන් ලියනගේ :
    මාත් දවසක් බ්ලොග් එක පැත්තේ ගිය ගමන් ඔය ආරංචිය දැනගත්තා.

    @ප්‍රාර්ථනා :
    ඕවා තමයි අපට තියෙන ප්‍රශ්න. ඔය ටික ලිහා දෙනවනම් හොදයි. ඒකනේ වෙන්නේ නැත්තේ.

    @ගයන්ත :
    අම්මෝ ඉක්මනටම පටන් ගත්තොත් හොදයි. නැත්නම් දුක තමයි.

    ReplyDelete
  39. @මකුළුවා..... :
    මාත් ඔය ආරංචිය දැක්කා නෙට් එකේ. ඒකම තමයි මේ පෝස්ට් එකත් ලියන්න කියලා හිතුනේ. දැන් නම් මල්ලි ගෙදර වෙන්ටෑ. ආයේ පටන් ගන්න දවසක් දන්නේ නෑනේ.

    @prasanna86k :
    ගෙදෙට්ටම වෙලා බ්ලොග් ලිව්වා. බ්ලොග් කියෙව්වා. ඒක විතරයි කලේ.

    @සීතල අයියා :
    එතකොට කවුද අපට බලන්නේ ? ඇයි අපිව රජයට එපාද :(

    ReplyDelete
  40. @හිස් අහස :
    මල්ලි කියන කතාවත් ඇත්ත තමයි. ඒත්.... ගොඩක් එවුන් ජොබ් වලට ගිහින් හන්දා එකෙක්වත් හොස්ටල් එකේ නෑනේ.

    @හපා :
    අපිත් පිට පිට අවුරුදු 4ක් ඇමරුවා. මෙහෙම යනකොට මේ අවුරුද්දෙත් සමරන්න පුලුවන් වෙයි මම් හිතන්නේ. :)

    @දේවා ගේ අඩවිය :
    ඒක තමා. කොච්චරවත් කල් යනවා. ඉවරයක් නෑ මේ කල් යෑම් !!!

    ReplyDelete
  41. හය්යෝ... අහන්නත් දුකයි මල්ලි...කාලේ කොච්චර අපරාදේද
    මොකද්ද ඔයාගේ කැම්පස් එක?
    මාත් කැම්පස් ගියා තමයි. හැබැයි පටන් ගද්දි කියපු දින වකවානු වලටම අවුරුදු 4 න් ඉවර කරා.
    මොනා කරන්නද කොහොම හරි කාගෙන ඉන්න. හිත හැදෙන්න මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ :(

    ReplyDelete
  42. exam කල් ගියාට කමක් නැහැ ඔහොම පාඩම් කරන්න එපා
    ලෙඩ වෙයි

    ReplyDelete
  43. අපරාදෙ තරුණ ළමයින්ගෙ ජීවිතේ වටිනම කාලය මේ නාස්ති වෙන්නෙ...

    දැන්මම ජොබ් එකක් හොයන්න ට්‍රයි කරන්න... එතකොට ටිකක් හරි කාලය ඉතිරි කරගන්න පුලුවන් වේවි මං හිතන්නෙ...

    නදී අක්ක කිව්ව වගේ ඒ අතින් නම් අපේ කැම්පස් එක දාහින් සම්පතක් කියලා හිතෙනවා...

    ReplyDelete
  44. @niroshinie :
    ඒක නම් ඇත්ත තමයි අක්කේ. අපරාදේ කාලේ. මොනා කරන්නද ගෙදරට වෙලා ඉන්නවා මිසක්. මම් හන්තාන අඩවියේ.

    @Tharanga :
    මෙයා කියන්නේ. අනේ කොල්විනෝ උබ පාඩම් කරල ඉවර වෙලා අපට එක එක කතා කියනවනේ !!!! අනේ යකෝ !!!!

    @තාරා :
    ඒකනේ ඔයාලෑ කැම්පස් එක දාහෙන් සම්පතක් නේන්නම්. කලට වෙලාවට වැඩ !!!

    ReplyDelete
  45. ඕක තමයි හැමදාම තිබුන සින්දුව.. වහනවා අරිනවා විබාග කල් යනවා කොල්ලෝ ගෙදර යවනවා ඔලු පලනවා. ඒ කාලේ හිටිය සටන්කාමී ශිෂ්‍ය නායකයෙක් ඇමැතිවෙලා නිසා ඒක වැඩිවෙලා වගේ !

    ReplyDelete
  46. කැම්පස් ගියාට බොලට හොද වැඩේ.....

    ReplyDelete
  47. මෙහෙමයි.. දැන් නිවඩු නිසා පලෙන්න කතා ලියහන් බ්ලොග් එකේ,,, හෙහ් හෙහ්

    ජය...

    ReplyDelete
  48. ලංකාවේ තියන හොඳකම තමා ........

    ReplyDelete
  49. අනේ.......වෙලාවට අපි කැම්පස් නොගියේ.....හි හි.... :)

    ReplyDelete
  50. @සරත් ලංකාප්‍රිය :
    ඒක නම් ඇත්ත අයියේ. නැත්නම් මෙලහකටත් ඔය කියන වර්ජනේ ඉවර කරලා දාලානේ.

    @ADK කොලුවා :
    අඩේ එකට ඉන්න යාලුවෝ හොද වැඩේ කියනවනේ !!!!! ඕකනේ කාලා ඇදලා ඉන්න බැරි !!! :)

    @Gayan Rupasinghe :
    කතා පල පල තමයි ඉන්න වෙන්නේ. :)

    @පන්සල් හංදිය :
    අනිවාර්යෙන්ම අයියේ !!!!!

    @හිතුවක්කාරි :
    ඒකනේ. ඔයාලා බේරුනා. අපි වලේ !!! :(

    ReplyDelete
  51. උඹ අන්තිමට කියලා තියන වචන ටිකටනම් බං කටට රුපියල් පහක් දාන්න වටිනවා...

    ඔව් බං අපි කැම්පස් බඩගාගෙන අපේ තරුණ වයස නාස්ති කරනවා.අන්තිමට ඩිග්‍රිය ගන්න කොට කටේ දතුත් නැතිව හැරමිට්ටෙන් ගිහින් තමයි බං ගන්න වෙන්නේ....

    ReplyDelete
  52. නායකයෝ වෙන්න කලබලේට බෑ.. පොඩ්ඩක් ඉවසලා ඉන්න....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.