21 July 2011

නීතිය ඉගෙන ගැනීම

අපට උපාධියට ඉගෙන ගන්න තියෙන සාමාන්‍ය විශයන් වලට අමතරව ව්‍යාපාරික නීතිය, සිවිල් නීතිය වගේ විශයනුත් තියෙනවා. උපාධිය සම්පූර්ණ කරන්න නම් මේ විෂයයන් වලට අඩුම තරමේ C එකක්වත් තියෙන්න ඕනේ. මේ විෂයයන් උගන්වද්දි එක එක උදාහරණ පාවිච්චි කරනවා. පහලින් තියෙන්නේ එහෙම උගන්නද්දි පාවිච්චි කරපු උදාහරණ ටිකක්.

යාළුවෝ දෙන්නෙක් කඩේකට ගිහින් බීම බෝතලයක් ගන්නවා. අඳුරු පාට වීදුරු බෝතලයක දාලා තියෙන බීම එකක්. එක යාලුවෙක් භාගයක් බීලා දෙනවා අනිත් එකාට. ඒකා බොද්දි බෝතලය ඇතුලේ ගොළුබෙලි කට්ටක් තියෙනවා දකිනවා. අන්තිමේ මේ කේස් එක උසාවි ගෙනියනවා. බීම එක දෙන්නම බිව්වට බීම සමාගමේ වන්දි ගෙවන්නේ බීම බෝතලය සල්ලි දීලා ගත්තු එකාට විතරයි. අනිත් එකාට වන්දියක් නෑ.

ඔය වගේ තව සීන් එකක්. එක ළමයෙක් පාරක සෙල්ලම් කර කර ඉන්නැද්දි වේගයෙන් ආපු ලොරියක් මේ ළමයව යට කරගෙන යන්න හදනවා කියලා ඒ ළමයගේ අම්මට පේනවා. අම්මා දුවලා එන්න හදනවා. ඒත් දුර වැඩි නිසා ඒක කරන්න වෙන්නේ නෑ. අන්තිමේදි දරුවා හැප්පෙන්න යනවා දැකලා ඒ අම්මට පිස්සු හැදෙනවා. වාසනාවකට දරුවව හැප්පෙන්නේ නෑ. නමුත් මේ දරුවගෙයි අම්මගෙයි තියෙන නෑදෑකම නිසා අර අම්මට පිස්සු හැදුන එකට ලොරි කාරයා වන්දි ගෙවන්න ඕනේ.

එක සමාගමක් කැනුලා කියන ගස් වර්ගය වගා කරනවා. මේ ගස් ජාන වෙනස් කරලා හදපු ජාතියක්. ඒ නිසා මේ සමාගම මේ ගස් ජාතියට පේටන්ට් බලපත්‍රය අරගෙන තියෙන්නේ. ඔය සමාගම එක පාරක් අස්වැන්න නෙලලා ඒවා නගරයට අරන් යනකොට හුලගට මේ ගහේ බීජ ගහගෙන යනවා. ගිහින් එක ගොවියෙක්ගේ ගොවිපළේ සරුවට පැලවෙනවා. ගොවියා මේ ගස් වලින් අස්වැන්න අරගෙන විකුනන්න යද්දි බුද්ධිමය දේපල පනත යටතේ උසාවි යන්න සිද්ධ වෙනවා. හේතුව වෙන්නේ නිකරුනේ පැළ උනාට ඒ පැළ ටිකට අස්වැන්න ලැබෙනකන් පැළවෙන්න ඉඩ දුන්න එකයි.

මේ විශයයන් අපි කළේ දෙවෙනි වසරේ ඉන්නැද්දි. ඒ නිසා මට මතකයට තියෙන්නේ ඔච්චරයි.ඔයවගේ උදාහරණ නිසා ඒ විශයයන් ඉගෙන ගන්න ආසාවක් ඇති වෙනවා. ඇත්තටම මෙහෙම උදාහරණ දාලා අනිත් විෂයයනුත් උගන් වන්න පුලුවන් නම් ඒක කොච්චර හොදයි ද?

51 comments:

  1. අද පළවෙනි කමෙන්ට් එක මගේ ගානේ.. හී හී...
    නීතිය තරම රසවත් විශයක්ජ් තවත් නෑ.. උදාහරණ කතා නිසා තමයි ඒවා හොඳට මතක හිටින්නෙත්, අපිටත් මේ පාර තියෙනවා නීතිය ඉගෙන ගන්න..

    ReplyDelete
  2. ඔව් ලෝ වලදි වගේම ටැක්සේෂන් ඒ කියන්නේ බදු ඉගනගනිද්දීත් තියෙනවා ඔය වගේ සීන් ටිකක්... මටත් මතක නෑ දැං අවුරුදු 2 විකර වෙන නිසා

    ReplyDelete
  3. හොඳ උදාහරණයක් තියෙනවා නම් කොයිකත් මතක හිටින එක නිකන් මතක තියා ගත්තම මතක හිටිනවට වඩා වැඩියි..

    ReplyDelete
  4. අපිටත් ලෝ තියෙනවා.මේ පාර Intellectual property rights ගැන වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා.

    ReplyDelete
  5. ඔහොම උදාහරණ තිබ්බම නම ඉතින් ඕන එකක් මතක තියාගන්න ලේසියි ...හැබැයි මට නම ඔය සබ්ජෙක්ට් එක වැඩිය දිරවන්නේ නැහැ..අපිට මේ දවස් වල උගන්වනවා Marketing Law ...අෆ්ෆා නිකන් පිස්සු වගේ

    දැන් ගෙදර ඉන්න නිසා අයියා පොස්ට් ඉක්මනට දානවා නේද...ඔන්න බලන්න ඉතින් ඕනම දෙයක් වෙන්නේ හොදට කියලා කියන්නේ නිකන් නෙවේනේ ;)

    ReplyDelete
  6. අපූරුයි උදාහරණ ටික.
    නීතිය වෙලාවකට හදවතක් ඇති ලෙසත් විටෙක හදවතක් නැති ලෙසත් හැසිරෙනව වගේ.
    ඒත් ඉතින් පොත පතේ කොහොම තිබුණත් අපේ රටේනම් ප්‍රායෝගික තලයේ සිදුවෙන්නෙ හාත්පසින්ම වෙනස් දේවල්නෙ.

    ReplyDelete
  7. නීතිය නම් ඉගෙන ගන්නම ඕන එකක්... මොකද නැත්තන් ජීවත් වෙන්න කරදරයි...

    හැම සබ්ජෙක්ට් එකක්ම හොඳට මතක හිටින්න උගන්නන්න පුළුවන් හොඳ ගුරුවරු ඉන්නව නම්...

    ReplyDelete
  8. නීතිය ම ඉගෙනගන්නා අය හැර ඉතිරි සියලුම අයට නීතිය රසවත්ය.....කරුමේ කියන්නෙ හැම විෂයකටම එහෙම රසවත් උදාහරණ නැති එක සහ සමහර ඒවායේ උදාහරණ තේරුම් ගැනීම නීතිමය සංකල්පය තේරුම් ගැනීමට වඩා අමාරුවීම...දිලික්ත නීතිය, රෝමන්, අපරාධ නීතිය, පුද්ගල නීතිය, වගේ ඒවා ශෝක්..පරිපාලන නීතිය, වාණිජ නීතිය, දේපල නීතිය වගේ ඒවා නම් හද්ද වහ ඉතිං....

    ReplyDelete
  9. නීතිය ගැන නම් දිල් මෙලෝ දෙයක් දන්නෙ නෑ. ඒත් මේ රටේ නීතී කියන ඒවා තියෙනවද කියලා සාධාරණ සැකයක් නම් දිල්ට තියෙනවා මධූ

    ReplyDelete
  10. අය්යෝ..... ඔන්න එහෙම දෙයක් අපට ඉගන ගන්න තරම් පිනක් නැනේ.... අපිට ඉතින් සමිකරන පරිවර්තන තමා... ඔයාලා හරි වාසනාවන්තයි ඉතින්

    දැන් හොදයිද ඉතින්

    ReplyDelete
  11. මමත් ලෝ වලට ගොඩක් ආසයි. හැබැයි ලෙක්චර්ස් යන්නෙම නැත්තෙ ඒකට තමයි. ඒ සර් උගන්වනකොට මාර කම්මැලියි. ඉස්කෝලවලට පවා ලෝ සබ්ජෙක්ට් දානව නම් හොඳයි. ඒ තරම් වැදගත් ඒක.

    ReplyDelete
  12. නීතිය ඉගෙන ගන්නවා කියන්නෙත් හරිම විනෝදජනක වැඩන් වගෙයි නෙව.. ඒත් ඉතින් නීතිය ගැන හිතමින් වැඩකරන්න/ජීවත් වෙන්න තමයි අමාරු... මොකද ඉගෙනගත් නීතිවලට පිටින් කිසිදෙයක් කරන්න බැරිවෙන නිසා නීතියට පිටින් කරන හැමදේම නීතිවිරෝධීයි..

    ReplyDelete
  13. මලේ මාර නීතිනේ බං තියෙන්​නේ....

    ReplyDelete
  14. මට නීතියෙන් වැඩක් නෑ

    දැන් මධුරංග අයියට සනීපද ?

    ReplyDelete
  15. නීතිය ඉගෙන ගන්න කොට නම් විනෝදයි. ඒත් පාඩම් කරලා විභාග ලියනකොට නම් එපා වෙනවා.. මොනවා උනත් ප්‍රායෝගික ජීවිතේට වැදගත් විෂයක්

    ReplyDelete
  16. ම්..ම්ම්ම් නියම උදාහරණ ටික..ඒකනේ තාමත් යාලුවට මතක තියෙන්නේ..
    ඇත්ත.. අපිටත් බිස්නස් ලෝ තිබ්බා ගිය අවුරුද්දේ, හැබැයි බොරු කියන්නේ මොකටද.. විභාගෙට පාඩන් කරද්දි තමා නියම විශයක් කියලා තේරුනේ..

    ඔය ඔක්කොම අත ඇරලා බලද්දි වැඩිපුරම පේන්නේ "නීති දන්න ඈයොයි, නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ඈයොයි ම නීති කඩනවනේ.." හා මන් කියන්නේ බොරුද..යාලු

    ReplyDelete
  17. රසවත් ලිපියක් ....තවත් 3/5 ටිකක් දාලා ගත්තනම් රස කියල වැඩක් නැ..

    ReplyDelete
  18. මම නීතිය හදාරන්න අරන් අතරමග නැවැත්තුවා . දැං අපරාදේ කියලා හිතෙනවා . උදාහරන ටික මරු . . . . All da best .

    ReplyDelete
  19. අඩේ මරු උදාහරණ ටික.. විස්තරේ නිකන් කතන්දරයක් වගේ හිතේ අදෙනවනේ... ඔන්න උගන්වන්න නියම ක්‍රම...

    ReplyDelete
  20. ලෝ නම් අපිටත් ඉගැන්නුවා. ඒකෙ සිවිල් නීතිය තමා රසවත්ම. පරණ නඩු ගන කිය කිය උගන්නනකොට ඇත්තටම ලෝ කරන්න හිතෙනවා. ඕනෙම ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට මම හිතන්නෙ ලෝ කරන්න පුලුවන් පස්සෙ.

    ReplyDelete
  21. අප්පද බොල කිව්වලු....මාර නීතිනෙ තියෙන්නෙ..

    ReplyDelete
  22. මමත් කියනවා පාසල් විශය ධාරාවට අනිවාර්යෙන්ම නීතිය ඇතුලත් විය යුතුයි කියලා. මොකද සාමාන්‍යය ජනතාවට අඩුම ගානේ සිවිල් නිතිය ගැනවත් හරි අවබෝධයක් නැති හන්දා.
    එහෙම උනාම මිනිසුන් ඉබේ අමාරුවේ වැටෙන්නටත්...තව කෙනෙකුට ...අමාරුවේ දාන්නටත් ලේසි වෙනවා.

    ReplyDelete
  23. නීතිය ගැන නම් දන්නේ නැතිය.
    …කොහොමද දැන් කෙලවුන කකුල හොඳද..?

    ReplyDelete
  24. අපිටත් උගන්වයි නේද එහෙනම්.....

    ReplyDelete
  25. @ප්‍රාර්ථනා :
    අනිවාර්යෙන්ම නියම සබ්ජෙක්ට් එකක්.ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන්. ඔයා මේ පලවෙනි කමෙන්ට් එක දැම්මාමද කොහෙද ? අනේ වාසනාවන් !!!!

    @සෝරෝ :
    මට නම් ටැක්ෂේශන් නම් ඉගෙන ගන්න ලැබිලා නෑ. මේ වගේ උගන්වනවා නම් කොච්චර ආස හිතෙනවද

    @චතුර.... :
    අනිවාර්යෙන්ම එහෙම උගන්වද්දි තමයි එකපාරින්ම මොලයට යන්නේ.නැත්නම් යන්නේ ආමාසයට. ඒම ගියාම ජීර්ණය වෙනවා මිසක් ධාරණය වෙන්නේ නෑ.

    ReplyDelete
  26. @නදීර සඳරුවන් ලියනගේ :
    ඔය ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපටි කියන සබ්ජෙක්ට් එකේ දි තමයි අර අන්තිම උදාහරණේ කියවුනේ. බුද්ධිමය දේපල පනත

    @ChammA :
    මාකටින් නම් ටිකක් අමාරුයි. අම්මෝ ඒකත් අපට තිබ්බා. ඒකේ තියරි ලොට් එකක් තියෙනවා. තනිගරම ගිරවා දාන්න වෙන්නේ.

    @``` Outsider``` :
    ඒක හරි. වෙලාවක නීතිය හොද උනාට තවත් වෙලාවක එපා කරනවනවා.

    ReplyDelete
  27. @සාතන් :
    අනිවාර්යෙන්ම නීතිය දැනගෙන ඉන්න ඕනේ. මොකද ඔය පනතක කියවෙනවා නීතිය නොදැන සිටීම නීතියෙන් නිදහසක් ලැබීමට හේතුවක් නොවේ කියලා.

    @harshana1985 :
    අම්මෝ හොද වෙලාවට ඔය කියන එකක්වත් අපට තිබ්බේ නෑ. අපට තිබ්බේ සිවිල් නීතියයි අපරාධ නීතියයි විතරයි.

    @දිල් :
    දිල් අක්කගේ සැකය නම් සාධාරණයි. මොකද නීතියක් තිබ්බට ඒක ක්‍රියාත්මක වෙනවද කියලා සැක සහිතයි. මාත් අක්කට එකඟයි !!!!

    ReplyDelete
  28. @දේවා ගේ අඩවිය :
    සමීකරණ නම් නියමයි නේ. පාඩම් කරන්න නෑනේ.
    තාම නම් සනීප නෑ. නමුත් දැන්නම් ඉස්සරට වඩා හොදයි.

    @Kasun :
    මාත් ලෙක්චර්ස් නම් වැඩිය යන්නේ නෑ. නමුත් මේක නම් ආස හන්දම යනවා. නියම ලෙක්චර් සීරිස් එකක්

    @RoshanHerath :
    ඉගෙන ගන්න ලේසි උනාට නීති පිලිපදින එක ඇත්තටම අමාරුයි. එතකොට තමයි මෙහෙම එකක් තියෙන එකත් එපාවෙන්නේ.

    ReplyDelete
  29. @prasanna86k :
    ඒකනේ අයියා. මේවා මාර නීති !!!

    @හිස් අහස :
    ඒ උනාට නීතියට පිටින් වැඩ කරන්න එපා. :)
    දැන්නම් අඩුයි මල්ලි. ඒත් තාම බේත් කිරිල්ල යනවා. ඒක මාස දෙකක්වත් තියේවි.

    @විසිතුරු :
    මොන දේ උනත් පාඩම් කරන එක එපා වෙනවා. පාඩම් කරන එක දුකක් !!!

    ReplyDelete
  30. @අසනි :
    අම්මෝ නෑ සහතික ඇත්ත කියලා තියෙන්නේ. පාඩම් කරනකොට කොයිකත් අමාරුයි නේ යාලු !!!!

    @Red Sea :
    එහෙනම් ටිකක් විතර දාලා ගන්න. මට නම් සැර කන්න බෑ. ඔලුව කහන්න ගන්නවා.

    @සුශාන් ප්‍රියනාත් රත්නායක :
    අපරාදේ. පටන්ගත්ත එක ඉවරම කරලා දැම්මනම් ඉවරයිනේ.

    ReplyDelete
  31. @ADK කොලුවා:
    ඒකනේ මේ ටික මෙච්චර කාලයක් මතක තිබ්බේ. නැත්නම් මෙහෙම දෙයක් කලාද කියලා මතක නෑ. ඒකනේ අනිත් විෂයයන්ට උනේ. :(

    @පිණිබිඳු... :
    ඒක නම් සුබ ආරංචියක් !!!!
    කැම්පස් එකෙන් අවුට් උනාට පස්සේ පොඩ්ඩක් හොයලා බලලා නීතිය ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න දේ අහක යන්නේ නෑනේ.

    @සීතල අයියා :
    ඒක තමයි. ඒ හින්දා පරිස්සමින් ජීවත් වෙන්න ඕනේ :)

    ReplyDelete
  32. @- නිල් අහස - :
    ඒක හරි අයියා. නීතිය නොදැන සිටීම නිතියෙන් සහනයක් ලැබීමට හෝ එයින් ගැලවී සිටීමට හේතුවක් නොවේ කියලා අපට උගන්නලා තියෙනවා.

    @බීටා :
    කෙල උන කකුල නම් දැන් ගොඩක්ම හොදයි. ඒත් බේත් කෙරිල්ල දිගටම යනවා. ඒක මාස දෙකක්වත් කරන්න වෙනවා. :(

    @මකුළුවා..... :
    අනිවාර්යෙන්ම උගන්වයි. බිස්නස් ලෝ වලයි ඉංජිනියර් ඉන් සුසයිටි වලයි ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපර්ටි වලයි තමා මේවා තියෙන්නේ.

    ReplyDelete
  33. නියම උදාහරණ ටික.අපිත් පළවෙනි අවුරුද්දේ "ලෝ බේසික්ස්" කියල සබ්ජෙක්ට් එකක් කරා.වෙනමම වචන සෙට් එකක්නේ තියෙන්නෙ,ඒ නිසා ටිකක් විතර අමාරුත් උනා.හුරු උනාම නම් ගානක් නෑ.

    ReplyDelete
  34. @නදී :
    වචන ටික හුරු වෙන්න අපටත් ගොඩක් කල් ගියා. මොකද කලින් අහලා තිබ්බේ නෑනේ. ඒ උනාට මාර ඉන්ටරෙස්ටින් ලෙක්චර් ටිකක් !!!!

    ReplyDelete
  35. ඔය සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න මමත් කැමතියි මචං.... ඕනම දෙයක් උගන්වද්දි රසයක් ඇතිව උගන්නනවා නම් ඔහොම කිසිම කරදරයක් නැහැ.උඹ දන්නවනේ බං අර රසායන විද්ද්‍යාව කියන හිතකර ගොඩක් එවුන්ට විභාගෙ අන්නන විෂයේ තියෙන පලවෙනි ප්‍රැක්ටිකල් එක "ඩුම් බෝම්බය" කියලා වායු ප්‍රතික්‍රියාවක්ලු.ඒක දාලා තියෙන්නේ බං ලමයින්ගේ විෂයට තියන ආශාව වැඩි කරන්නලු.ඒත් අපේ උන්දලා ලමයි විශයට ආසාවේවි කියලා ඒක කවදාවත් ලැබ් එකක කරන්නේම නැහැලු.

    ReplyDelete
  36. @අපරාජිතයා :::: Aparajithaya :
    මාත් උසස් පෙළ කරන දවස්වල ඔය ප්‍රැක්ටිකල් එක ගැන අහලා තියෙනවා. ඒත් කරලා නෑ. කොළඹ ලොකු ලොකු ඉස්කෝල වල නම් කරනවලු. අපට කොයින්ද එහෙම වාසනාවක් !!!

    ReplyDelete
  37. නීතිය කියන්නේ මකුණු දැලක්ලුනේ.
    පොඩි මිනිස්සු විතරක් අහුවෙන.

    ReplyDelete
  38. @batti :
    ඒක නම් සහතික ඇත්ත බට්ටි අක්කේ. පොඩි මිනිස්සුන්ව තමා අහුවෙන්නේ.

    ReplyDelete
  39. @සීතල අයියා :
    ඔව් :)

    ReplyDelete
  40. ලස්සන උදාහරණ කතා ටික !!
    මතක් වෙන වෙලාවට තව ලියන්න

    ReplyDelete
  41. මාර උදාහරණ සෙට් එකක්නෙ, සාධාරණ වගේම අසාධාරණ පැත්තකුත් පේනවා ...........

    ReplyDelete
  42. හප්පේ මීට පස්සෙ වත්තේ වල් පැලයක් පැල උනත් ඒකට කාට හරි පේටන්ට් එකක් තියෙනවද කියලා හොයන්න වෙනවා....!

    ReplyDelete
  43. කවුද යකෝ අපිට සිලබස් හැදුවෙ.... නීතිය නැතුව.....

    ReplyDelete
  44. Donghue vs. stewanson
    & anith case eka amatakai

    nishpadana wagakima saha snayu kampanayata adala ewa neda

    ReplyDelete
  45. @ස්වප්නා :
    අපොයි මතක් වෙන්නේ නෑ අක්කා. :(

    @පන්සල් හංදිය :
    ඒක හරි. ඕනම දේක දෙපැත්තක් තියෙනවා කියනවනේ.

    @දුමී :
    නෑ නෑ. එහෙම මොනාහරි හැදුනොත් විකුණන්න යන්න එපා. විකුනද්දි තමයි වැඩේ මාට්ටු වෙන්නේ.

    @නදුන් උයන :
    ඕන ඉතින් සනාතන සභාවෙන්ම තමා අහන්න වෙන්නේ.

    @Anonymous :
    ගොඩක් ස්තුතියි කේස් ටික මතක් කරලා දුන්නට.

    ReplyDelete
  46. මාත් ඉගෙන ගත්තා නීතිය.ඒත් ඒවා සමහර වෙලාවට සාධාරණ නැහැනේ. ඒ නිසාද මන්දා මම ආස නෑ දැන් :/

    ReplyDelete
  47. තෙරෙන්නෙ නෑ බොලව්..

    ReplyDelete
  48. නීතිය ගැන නම් දන්නෙනෑ ඉතිං..හැබැයි මරු කතන්දර ටික..අර කොම්පැනිය ජාන වෙනස් කොරන්නෙ සොබාදහමේ ජාන ඕපන් සෝස්ද.. :D අන්තිමේ අපි කවුරුත් සොබාදහම් නීතියට යටත් නෙව... වැඩිය මොකුත් කියන්නෙ නෑ..මටත් නඩු දාන්න බැරි නෑ....

    ReplyDelete
  49. @මලිති:
    නීතිව වෙලාවකට සාධාරණ නැති උනත් වෙලාවකට හරි සාධාරණ වෙනවනේ. :)

    @Gayan Rupasinghe :
    මොකද්ද තේරුනේ නැත්තේ. :)

    @ප්‍රසංග :
    නෑනෑ. ජීවී දේවල් වලට පේටන්ට් ගන්න බෑ. ඒක නීතියක් !!!!
    ඒ උනාට ජීවී දෙයක් අරගෙන ඒක නිර්මාණය කරලා ගත්තම පේටන්ට් ගන්න පුලුවන්. ජාන රටාව ජීවී උනාට ජාන රටාව වෙනස් කිරීම නව නිර්මණයක් !!!

    ReplyDelete
  50. මමත් නීතිය කරනවා OPEN University ඒකෙ Bsc කරපු අය තමයි ෙගාඩක් ඉන්ෙන්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.