13 July 2011

සිය දිවි නසා ගැනීම

මැරෙන්න එහෙමත් නැත්නම් සියදිවි හානි කරගන්න මිනිස්සු මොන මොන දේවල් අනුගමනය කරනවද.ප්‍රශ්න නිසා මැරෙන්න හිතුනත් මැරි මැරි හරි ජීවත් වෙන එක තමයි කරන්න ඕනේ. ප්‍රශ්න ඉතින් කාටද නැත්තේ.

මට මෙහෙම කියන්න හිතුනේ මම් අදුනන යාලුවෙකුත් දිවි නහ ගන්න කියලා පැනඩෝල් 28ක් බිව්වා. උට තිබ්බේ කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක්. කෙල්ලට ගෙදරින් කැමති නෑ ඒ නිසා පැනඩෝල් බිව්වා කියලා තමා මූ කිව්වේ. ඇත්තටම මැරෙන්න කියලා මූ බිව්වේ පැනඩෝල් 26යි. ඒ පැනඩෝල් ටික බිව්වට පස්සේ හැදිච්ච ඔලුවේ කැක්කුම හොද වෙන්න කියලා තමා අනිත් පැනඩෝල් දෙක බිව්වේ.

කොහොමහරි අන්තීමට පැනඩෝල් 28ක්ම බීලා. පේරාදෙනි ඉස්පිරිතාලේ නැවැත්තුවා. බෙහෙත් දීලා ඊට පස්සේ මනෝ වෛද්‍ය උපදෙස් එහෙමත් දීලා එව්වා.මෙහෙම ලෙඩ්ඩු ගෙනාවම එච්චර තැකීමක් කරන්නේ නෑ. මොකද මෙවුන් මැරෙන්නම ගියපු නිසා.බේත් හේත් දෙනවා. ඒත් අම්බානකට බැනුම් අහන්නත් වෙනවා.

ඒ නිසා කවදාවත්ම සියදිවි නසා ගන්න හිතන්නවත් හොද නෑ. ඒක එලොවත් මෙලොවත් නැති වෙන දෙයක්.

මැරෙන්නම අවශ්‍ය කට්ටියට

මැරෙනකන්ම පැනඩෝල් බොන්න බෑ.පැනඩෝල් පෙත්තක බර මිලිග්‍රැම් 500යි. මැරෙන්නම පැනඩෝල් බොන්න නම් ග්‍රෑම් 35ක්වත් බොන්න ඕනේ. ඒ කියන්නේ පෙති 70ක් විතර. ඒ ප්‍රමාණය බීගෙන බීගෙන එද්දි වමනේ යනවා. ඒ නිසා මේ ක්‍රමය හෙනම අසාර්ථකයි.
මැරෙන්නම බොන්නත් එක ක්‍රමයක් තියෙනවා කියලා එපේ මල්ලි මට කිව්වා. ඒක මෙතන ලියන්නේ නෑ. බැරි වෙලාවකවත් මුන් බීලා මලොත් එහෙම....

62 comments:

  1. දිවි නසා ගන්නේ හුඟක් වෙලාවට ප්‍රශ්නයක් බෙදා හදා ගන්න කෙනෙක් නැති උන මිනිස්සු. ඉස්සර මන් හිතුවේ ඒ මිනිස්සු මහා මෝඩයෝ කියල. එත් දැන් මට තේරෙනවා සමහර අවස්ථාවලට මුණ දෙනවිට ඇතිවන පීඩනය මරණයේ පීඩනයට වැඩියි කියල.. පැනඩෝල් බීවම මැරෙනවා නම මන් මැරිලා අවුරුදු විස්සක්වත් !

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්.....ප්‍රශ්ණයක් විසඳගන්න කතාකරන්න කවුරු හරි ඉන්නවා නම්, තව කෙනෙක්ට second chance එකක් දෙන්න අපි හැමෝම කැමති නම් ඔය ප්‍රශ්නය ඉබේම ඉවර වේවි

    ReplyDelete
  3. මගේ අදහස, මැරෙන්න ඕන කියල මැරෙන්න යන උන්ව බේරගන්න උන් මෝඩයො කියන එකයි... මෙච්චර කාලෙකට මට ඔහොම කිව්ව උන්ට කියල තියෙන්නෙ "එල... මැරියන්" කියල විතරයි... ;)

    ReplyDelete
  4. මැරෙන්නම ඕනෙ නම් එක පාර මැරෙන විදිහක් තෝරගන්න ඕනෙ. මැරුණෙ නැත්තම් මිනිස්සුන්ට මූණ දෙන්නෙ කොහොමද? බොරු කියන්නෙ මොකටද මටත් කාලයක් තිබුණා මරණය ඕනෙමයි කියල හිතපු. දැන් නම් ඒ කාලෙ ගැන මතක් වෙද්දිත් ලැජ්ජයි. එක පාර හිතට එන ආවේග වලට ඉඩ දුන්නානම් මෙලහකට කී පාරක් මැරිලද?

    ReplyDelete
  5. දිවි නසාගැනිම විසඳුමක් ලෙස දැකිම මෝඩ කමකි

    ReplyDelete
  6. කෙල්ලො නිසා මැරෙන්නේ මෝඩයෝ...හොදම මෝඩයෝ.මගේ යාළුවෙක් සියදිවි නසා ගත්තේ එයාට තිබිච්ච අසනීපයක් ඒකේ වේදනාව ඉවසන්න හරිම අමාරුයි කියල මගෙත් එක්ක දවසක් කිව්වා මැරෙන්න ඉස්සෙල්ල.

    ReplyDelete
  7. පිරිටන් වගේ දෙයක් බීල මැරෙන්න බැරිද? එහෙම පුලුවන් නම් ලේසියි, පෙත්තත් පොඩියි නෙ. පොඩ්ඩක් මල්ලිගෙන් අහල කියපන්කො.

    ReplyDelete
    Replies
    1. බෑ ම්න් eka
      parak 80 k biwa.ninda giya wetharay marune ne

      Delete
  8. හයියො........ මෙමත් පික්ශො :(
    සියදිවි නසනවා කියන්නෙ පවක්!

    ReplyDelete
  9. මෝඩයි කියන්න බෑ...ඒ මිනිස්සු මානසිකව වැටුනම හිත් හයිය නැති උනාම විසදුම විදිහට දකින්නේ ඕක විතරයි

    ReplyDelete
  10. මැරෙන්ඩ ඕනෙ උන්ට පොඩි ලෙසන් එකක් දෙන්ඩ වෙයි නෙහ්...

    ReplyDelete
  11. මානසික ඇද වැටුනම තමන් කරන්නේ මොනවද කියලා සමහර වෙලාවට කවුරුත දන්නේ නෑ.. ඒත් මැරෙන්න හදන එක නම් මහ මෝඩ වැඩක්. හපොයි.,. ඒක ගැන හිතනකොටත් කොච්චර බයක් දැනෙනවද?

    ReplyDelete
  12. අපෝ පැනඩෝල් බීල මැරෙන්න යන වියදම වැඩියිනේ...නොමිලේ මැරෙන්න ඕන තරම් ක්‍රම තියෙන්නේ... :D

    ReplyDelete
  13. කෙල්ලො වෙනුවෙන් නම් මැරෙන්නෙ මෝඩකමට.මැරෙනවානම් ඊට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද?

    ReplyDelete
  14. සියදිවිනහගන්න පෙලඹෙන්නෙ මොකක් හෝ ප්‍රශ්නයක් නිසා, ඒකට විසදුමක් නැතුව.සමහර විට තමන්ට ඕන කරන විදියට යමක් වුනේ නැතුවම.විභාග ෆේල් වෙලත් සමහරු මැරෙනව.ආදරය නැති උනාම මැරෙනව.ඔයවාගේ නොයෙක් හේතු තියෙන්න පුලුවන්. එතනදී ගොඩක්ම බලපාන්නේ මානසිකව ඇතිවෙන පීඩනය,දරාගන්න බැරි ආතතිය.මතුපිටින් බලන අපි කියනව ඒකා පිස්සෙක්.මෝඩයෙක් කියල.එත් එහෙම මැරෙන්නත් සෑහෙන ගටක් ඕනෙ කියල මට හිතෙන්නෙ.මටත් ඔහොම මැරෙන්න හිතුන වාර අනන්තයි.ඉස්සරහට එහෙම හිතෙන්නත් පුලුවන්.ඒත් තාම එක ක්‍රමයක් වත් අත්හදාබලන්න ගියෙ නෑ.එහෙම කරන එකකුත් නෑ.මොකද මම් තාම මැරෙන්න බයයි.

    මගෙ දෙමල යාලුවෙක් හිටිය,එයත් ඔහොම කෙල්ලෙක් නිසා පෙනඩෝල් සෑහෙන ගානක් බීල අසනීප උනා.දැන් එයා ප්‍රසිද්ධ ආයතනයක පරිඝනක ඉන්ජිනේරුවෙක්.

    එක පාර මැරෙනව නම් කමක් නෑ,නොමැරුනාම මූණ දෙන්නෙ කොහොමද ලෝකෙට.අනික ඉස්පිරිතාල වලින් උනත් ගනන්ගන්නෙ නෑනේ.

    ReplyDelete
  15. මෝඩ කමම කියලා කියන්නත් බැහැ ඉතින්..තමන්ගේ තියෙන ප්‍රශ්න වෙන කාටවත් කියන්න කෙනෙක් නැති උනාම මිනිස්සුන්ට හිතෙන්නේ ජිවිතෙන් පලා යන ඒක තමා හොදම දේ කියලා

    ReplyDelete
  16. පැනඩොල් මම කලින් බිවුවා.එත් දැන් ඔය පැනඩොල් මට ඇලජික්..එත් කවුරුත්ම දන්නෑ එ ඇයි කියලා..කොටින්ම කියනවනම් ගෙදර අයවත් දන්නෑ. ඔන්න කාටවත්ම කියන්නේ නැත්තම් මම කියනවා. :D :P

    ReplyDelete
  17. මේකට උත්තර ලියන්නෙ නෑ මම. මොකද මගේ ඊලඟ පෝස්ට් එක මේකර සම්බන්ධ නිසා......

    ReplyDelete
  18. අත්හදා බැලීමට සිතුවිල්ලක් පහළ විය..70ක් නේ?

    ReplyDelete
  19. මෙක උනේ මම 8 වසර ඉද්දි..මම එ කාලේ කැමති නැ කාත් එක්කවත් වැඩි කතාවට යන්න.මට ඔනි තනියම ඉන්න.. එක මගේ යාළුවෝ දන්නවා.ඉතින් එ ගොල්ලෝ මට මොකුත් කියන්න එන්නේ නෑ.මට මගේ පාඩුවේ ඉන්න දෙනවා.ඔන්න හදිසියේ ම පන්ති මාරු කලා 8 වසර දි,යාලුවෝ වෙනස් උනා. අලුතින් පන්තියට ආව අය මට අනම් මනම් කියන්න ගත්තා.අන්තිමට අන්තිමට මට මෙක මානසික හිසරදයක් උනා.මම ගෙදර ඉන්න උත්සහ කළා.එත් බැරි වුණා.මට ඔන උනේ නැ මෙක ගෙදර අයට කියන්න.එත් මම ගෙදර ඇවිල්ලා හෝ ගාලා අඩනවා.. ඔයාලා දන්නව නේ ඔනවට වඩා ඇඩුවාමත්,හිසරදයක් එනවා නේ... මට දරාගන්න බැරි හිසරදයක් අවා.. මම එත් ගෙදරට කිව්වේ නෑ.. හිසරදයෙන් බෙරෙන්න මම පැනඩොල් බිව්වා..ඔයාලට කියන්න මම දවසකට 7,8 බොන්න ඇති..එකේ ප්‍රතිඵලයක් විදිහට මට දැන් පැනඩොල් ඇලජික්.. මම කිව්වේ මෙක කවුරුත්ම දන්නැ..එත් මම ඇත්ත කතාව කිව්වා ඔයාලට..ඇත්තටම මම මෙක ඔයාලට කිව්වේ එහෙම කරන අය ඔයාලා අතර ඉන්නව නම් එයාලට මොඩයා කියන්න එපා.. කොන් කරන්න එපා.එයාලත් එක්ක ඉන්න. එයාලගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා දෙන්න බලන්න.මට මොනවා හරි වුණා නම් කට්ටිය කියයි මමත් සිය දිවි හානිකරගන්න හැදුවා කියලා..වාසනාවකට මට කිසිම දෙයක් වුණේ නැ...

    ReplyDelete
  20. හ්ම්ම්ම්.. මැරෙන්න වහ බීපු මගේ යාළුවෙක් හිටිය. මිනිහ මලේ වහ බීල නෙවේ. වහ බිව්වම දුන්න බෙහෙත් එක වහ වෙලා.

    ReplyDelete
  21. මන් නම් හිතන්නේ හරි වෙලාව එනකන් මොනා කලත් මැරෙන්න බැහැ, සමහරු පැන්ඩෝල් 2ක් බීලා විස වෙලා මැරෙනවා ඒත් සමහරු පැන්ඩෝල් 20 , 30 බිව්වත් මැරෙන්නේ නැහැ. මැරෙන්න පැන්ඩෝල් බොන එක නම් ටිකක් අවුල් වැඩක් අපේ නැදෑකෙනෙක් බීලා දැන් ඒකට උණ හැදුන වෙලාවටත් පැනඩෝල් බොන්න හොඳ නැහැ.

    මැරෙන්න ඕනේ අයට මැරෙන්න පහසුකම් සලසන්න ඕනේ කියලා මන් කියනෙන එතකොට එයාලගේ ශරීර අවයව ජීවත් වෙන්න ආස අයට පාවිච්චියට ගන්න පුළුවන් නිසා

    ReplyDelete
  22. කෙනෙක් සිය දිවි හානි කරගන්න හදනවා කියන්නෙ මහ මෝඩ කමක්කේක අතකින් ලොකු පවක්...ප්‍රශ්න වලින් පැනල යන්න,ඒවට මූණ දෙන්න බැරිව හදිස්සි තීරණ ගන්නවනෙ ගොඩක් අය..ඒක අන්තිමට ජීවිතේ නැති කරගෙන කෙළවර වෙන එක අපරාදේ...

    හැබැයි අර ලේසියෙන් මැරෙන ක්‍රමය මොකක්ද දන්නෙ නෑ...රිදෙන්නෙ නැති,වේදනාවක් නැති ක්‍රමයක් නම් හොදා...:p

    ReplyDelete
  23. මේක කියවන කොට මට හිතුනු දේ මම මගෙ ඊලග පොස්ට් එකේ දැම්ම ඔං.........

    ReplyDelete
  24. මගෙත් කතාවක් තියනවා සිය දිවි හානිය ගැන . මම ඒක ලියමින් ඉදිද්දී තමයි මේ පෝස්ට් එකත් දැක්කේ .

    මොනවා කරන්නද අපි මොනදේ කීවත් අපිට බෑ නේ හැමෝගෙම හිත් තේරුම් ගන්න . කෙනෙකුට කොයිතරම් ප්‍රශ්න තියනවාද ගැටලු තියනවාද කියලා අපි දන්නේ නෑ නේ ..

    ReplyDelete
  25. @සරත් ලංකාප්‍රිය :
    ඒ කියන්නේ අයියත් පැනඩෝල් බීලා තියෙනවද? අපෝ එපෝ !!! ඒවා බීවම අක්මාවට හොඳ නෑ ලු. මම නෙමේ කියන්නේ අපේ මලයා.

    @deeps :
    ඒක හරි නංගි ගොඩක් වෙලාවට දිවි නහගන්න උත්සහ කරන්නේ ඒ ප්‍රශ්නේ කතා කරගන්න කවුරුත් නැති උනාම.පව් ඒයැයිය ඒ ප්‍රශ්නේ කතා කරන්න කවුරු හරි ඉන්නවනම් නේ....

    @සාතන් :
    ඇයි බොලව් මෙහෙම හිතන්නේ. මොනා උනත් ජීවිතයක් නේ. අපි කතා කරලා ප්‍රශ්නේ විසදගන්න පුලුවන් නම් හොදයි නේ අයියා. :)

    ReplyDelete
  26. @පිණිබිඳු...:
    ඇත්ත පිණිබිඳු. අපි ජීවත් වෙනකොට තමයි හැම ප්‍රශ්නෙම එන්නේ. ඒ නිසා මැරෙන්න යන එක ගැන හිතන්නේ නැතුව වෙන පිලියමක් හොයන එක තමා නුවණට හුරු.

    @ශ්‍රී :
    ඒක හරි. ඒක නම් ලොකුම ලොකු මෝඩකමක්.

    @JHOTHISHALANKA :
    මොනා උනත් පව්. මනුස්ස පරාණයක් නේ. කෙල්ලෝ හින්දා මැරෙන එක මාත් අනුගමනය කරන්නේ නෑ.

    ReplyDelete
  27. @Kasun :
    පිරිටන් බීලත් මැරෙන්න පුලුවන් ලූ. ඒක නම් නින්දෙන්ම මැරෙන එකක් තමා ලු වෙන්නේ.පිරිටන් නම් ගොඩක් එකපාරම දෙන්නේ නෑ.ඒ නිසා මැරෙන්න වෙන්නේ නෑ.

    @ThoppiYa :
    ඒක තමයි මල්ලි. ලොකුම පවක් තමයි ඒක. එලොවත් නැතුවයන වැඩක් නේ.

    @රත්ගමයා :
    ඒක හරි මල්ලි. මැරෙන හමෝම මෝඩයෝ නෙමේ. එආයට ගන්න තීරණයක් නැතු උනාම තමයි මැරෙන්න යන්නේ.

    ReplyDelete
  28. @සනා :
    අම්මෝ මටනම් බෑ. ඕන එකෙක් මැරෙන එකයි තියෙන්නේ

    @ප්‍රාර්ථනා :
    අන්න ඒ බය හන්දා තමයි සමහර මිනිස්සුන්ව ප්‍රශ්න තියෙද්දි ජීවත් කරවන්නේ.

    @ගයන්ත :
    අපොයි ඔව් ඕන තරම් නොමිලේ ක්‍රම තියෙනවා.

    ReplyDelete
  29. @නදීර සඳරුවන් ලියනගේ :
    අපොයි ඔව්. කෙල්ලෝ හන්දා මැරෙන්න හදන එවුන් පිස්සෝ.

    @ගලායන ජීවිතය :
    ඒක හරි අක්කේ. අපි කොච්චර කීවත් මොකක් හරි ප්‍රශ්නයක් අපට දරා ගන්න බැරි උනාම මැරෙන්න හිතෙනවා. ඒක පාලනය කරගන්න තමන්ගේ ප්‍රශ්න කියලා ඒ බර සැහැල්ලු කරගන්න කෙනෙක් ඉන්නවනම් තමා හොද. එහෙම නැති උනාම තමයි මේ දේට යොමු වෙන්නේ.

    @ChammA :
    මල්ලිගේ කතාව හරි මල්ලි. මැරෙන්න යන්නේ කරකියා ගන්න දෙයක් නැති උනාම තමයි.

    ReplyDelete
  30. @චතුමිතු :
    එතකොට කොහොමද යාලු හිසේරදයකටවත් බෙහෙත් ගන්නේ ?
    පැනඩෝල් කියන දේ වැඩියෙන් බොන්න හොද නෑ. පය හයකට එකම එක පාරයි බොන්න ඕන.

    @දිල් :
    ලියන්න ලියන්න දිල් අක්කා. මම කියවන්න එන්නම්. :)

    @සීතල අයියා :
    හපෝයි. මම මේක කියලා වැරද්දක් කරගත්තද මන්දා. :(

    ReplyDelete
  31. @චතුමිතු :
    ඒක හරි යාලු මම මෝඩයා කියලා කියන්න ගත්ත උත්සහයක් නෙමේ. මට ඕන උනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසදුම මරණය නෙමේ කියලා කියන්න.

    මැරෙන එක එලොවත් මෙලොවත් නැති වෙන පාපකර්මයක් කියලා තියෙන්නේ ඒකයි මම්.

    @ක්සැන්ඩර් | Xander :
    කොහොම හරි ඒකාට ඕන දේ සිද්ද උනා නේ. මැරෙන්න නේ ඕන කරලා තිබ්බේ. ඊට පස්සේ දොස්තරයාව මරන්න ඇති නේ ?

    @ම :
    ඒ කතාව නම් හරි අයියා. මැරෙන්න ඉන්න අයගේ අවයව ජීවත් වෙන්න ආස අයට ජීවිතය දුන්නා වගේ දෙයක් වෙනවා. ඔය ඇස් වගේ දේවල් දන් දෙන එක වගේ ලොකු පිනක්.

    මරණේ අයියා මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාන හීනේ හැබෑ උනා වගේ. :)

    ReplyDelete
  32. @හිතුවක්කාරි :
    මොකෝ හිතූට ඒ ක්‍රමය ඕනෙ උනාද. ඔන්න මගෙන් නම් අහන්න එපා. මම නම් කියන්නේ නෑ නෑ මයි.

    @~~තරූගේ ලෝකය~~;; :
    මම් ඒකත් කියවලා කමෙන්ට් කලා ඕං

    @හිස් අහස :
    එහෙනම් මල්ලි ඒ කතාවත් ඉක්මනට ලියන්න. අපි හරි ආසාවෙන් ඉන්නේ මල්ලිගේ කතාවක් කියවන්න. මල්ලි ලියන රටාව ගොඩක්ම ලස්සනයි නේ. :)

    ReplyDelete
  33. ප්‍රශ්ණ වෙලට මුහුණ නොදී පැනලා යන එක, ජීවිතේ නැතිකර ගන්න එක නෙව්යි කරන්න ඕනේ. ඒවට කොහොම හරි මුහුණ දෙන එක.

    ReplyDelete
    Replies
    1. කොහොම වත් මුහුණ දෙන්න බැරි නම් මොකද කරන්නේ???

      Delete
  34. සමහර වෙලාවට එහෙම කරන අයට අපිට මුකුත් කියන්නත් බැ. ඒ. මොකද හිතේ එකපාර හැගිමක් දරා ගන්න බැරි විදිහට ඇති උනොත් කරන දේ ගැන අවබෝධයක් නැති නිසා....

    එත් ඇත්ත නොමැරි ඉන්න එක තමා හොදම දේමොන ප්‍රශ්න ආවත්...

    කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක් දැනුවත්ව මලයට නැති නිසා මේක මලයට උන එකක් නෙමේ කියලා විශ්වාස කරන්න වෙනවා

    ReplyDelete
  35. සික් ජීවිතේ ප්‍රශ්න වලට විසදුම පැනඩෝල් පෙති වලට දෙන්න බෑ කියලා මුං තේරුම්ගන්නේ නැති හැටි...

    ReplyDelete
  36. සාපෙ කරන කාලේ මගේ යාලුවෙකුත් පැනඩෝල් අටක් බිව්වා කෙල්ලෙක්ගේ සීන් එකකට මැරෙන්න.. දැන් නම් මතක් කරද්දී කියන්නේ ඔලුව රිදෙන නිසා පැනඩෝල් බිව්වා කියලා.. හික් හික්..

    තව එකෙක් මී පාසානම් කෑව. ඒත් කෙල්ලෙක්ගේ සීන් එකකට.. හොඳම වැඩේ තමා ඌව ඉස්පිරිතාලෙට අරගෙන ගියේ කාර් එකක ඩිකියේ දාලා :D

    ReplyDelete
  37. ජිවිතයේ වේදනාව
    විඳවන්නාටය
    මරණයේ වේදනාව
    ජීවත් වෙන්නාටය
    ජීවිතය හා මරණය
    අවුරුදු
    මාස
    දින
    වලින් මෙන්ම
    පැය
    විනාඩි
    තප්පර
    වලින් වුව මැනිය හැක ...

    මම කීපවතාවක්ම මැරෙන්න හැදුව . ඒත් බැරිවුන .දැන් මැරි මැරි ජීවත් වෙනව .. ජීවත් වෙන්න පුරුදු වෙනව ..

    ReplyDelete
  38. මේ මොකෑ.. මැරෙන්නවත් හිතිලාද?

    ReplyDelete
  39. ගොඩ දවසකින් බ්ලොග් පැත්තේ එන්න උනේ නෑ බං.. ටිකක් බිසී හිටියේ...

    කියල වැඩක් නෑ. වස බිල ඉස්පිරිතාලෙට ගිහින් බෙරෙනවට වඩා හොදයි මැරෙන එක. බල්ලොන්ට වගේ සලකන්නේ. මමනම් හිතන්නේ ඒකෙ වරද්දකුත් නෑ. වස බොන්නේ මරෙන්නනේ ඉතින් ආදරේ කරන්නේ අහවල් ලබ්_කටද???

    ReplyDelete
  40. මම අහන්නේ මොන රෙද්දටද සියදිවි නසාගන්නේ කියලා....ප්‍රශ්නයකින් බේරෙන්න තියෙන එකම ක්‍රමේ සියදිවි නසාගැනීම නම් ඒක තමා ඒ මනුස්සයාගේ තියෙන ලොකුම ගොන්කම....මොකද අපේ කර්ම කියන දේවල් ආත්ම ගානක් ගියත් පලදෙන එක වලක්වන්න බෑනේ....අනික මනුස්සාත්මයක් ලබන්න සෑහෙන්න අමාරුයි...එහෙම ලබන ආත්මභාවයක් නැති කරගන්න හදන්නේ මොන මගුලටද?.......

    ReplyDelete
  41. මට බේතක් කටේ දාගන්න එක සියදිවි නසා ගන්නවටත් වඩා හපන්..මැරෙන්න හිතුනත් එකනම් කරන්නේ නැ ඔං..

    ReplyDelete
  42. ඒ මොහොතට මැරෙන්න හිතුවට පස්සෙ ඒ ගැන හැමෝම වගේ පසු තැවිලි වෙනවා. මම වාට්ටු වල වැඩ කරපු කරන කාලය ඇතුලට හමුවූ කිසි කෙනෙක් බේරුන පසුව නැවත මැරෙන්න හිතන්නේ නෑ. මට එහෙම හිතපු එකම කෙනයි මුණ ගැසුනේ නමුත් ඔහු මානසික රෝගියෙක්. සායන වල දෙන පෙති සේරම එක දවසේ බීලා කිහිප ගමනක් ඇඩ්මිට් කලා.

    ReplyDelete
  43. @බීටා :
    ඒක හරි මල්ලි. මොනදේ උනත් ජීවත් වීමයි වැදගත්.

    @දේවා ගේ අඩවිය :
    ඔව් ඔව්. මට ආපු දෙයක් නම් නෙමෙයි. මොකද මට ඔය ප්‍රශ්න නෑනේ.

    @කිඩෝ :
    ඒක ඉතින් උට තේරුම් ගන්න බැරි උන එක තමයි අවුල.

    ReplyDelete
  44. @චතුවා (ළමයා) :
    ඒ මොකෝ ඩිකියේ දාලා අරන් ගියේ. උට මීයෙක්ගේ ගති ලක්ෂනවත් තිබ්බද. පනඩෝල් අටක් නම් කොහොමටවත් සෑහෙන්නේ නෑ.

    @මිස්ටර් අන්ද මන්ද :
    අන්න හරි. නියම කොල්ලෙක්. මැරි මැරි හරි හීවත් වෙන්න දගලන එකෙක්.

    @RoshanHerath :
    අපොයි නෑ. මට නම් එහෙම හිතිලා නෑ. හිතෙන එකකුත් නෑ.

    ReplyDelete
  45. @ADK කොලුවා :
    වස ලැජ්ජාවක් නේන්නම්. ඔහොම බෙල්ලේ වැල දාගෙන සියදිවි නසාගන්න ගිය ගෑනු කෙනෙක් හිටියා අපේ ගෙට උඩහා. කුලියට හිටියේ. ගෑනි මලේ නෑ. පස්සේ ලැජ්ජාවට ගෙවලුත් මාරු කරලා යන්න ගියා.

    @මකුළුවා..... :
    ඒක හරි මල්ලි. මනුස්ස ආත්මයක් ලබන්න හරිම අමාරුයි. ඉතින් එහෙම ලැබෙන ආත්මයක් නති කරගන්නේ මොකටද.

    @නිම්ශා :
    අම්මෝ බේත් කිව්වම මාත් හරි අදිමදි කරන ජාතියක් තමයි. ලෙඩකට උනත් බේත් බොන්නේ හරි අමාරුවෙන්.

    ReplyDelete
  46. වැරදි වැරදියි හිතල තියෙන විදිය සම්පූර්ණයෙන්ම වැරදියි.. යාළුවා පැනඩොල් විසි අටක් බොඅන්න ඇත්තේ විසිඅට උණ වර්ගේ හැදිලා වෙන ඇති සාමාන්‍යයෙන් ගෑනුළමෙක් දා ගත්තම ඔය වගේ උණ හැදෙනව.. විහිළුවක් කළාට තඳින් හිතන්න ඕනේ දෙයක් නේද..?

    ReplyDelete
  47. උඹේ කතාව ඇත්ත මචං පැනඩෝල් පෙති 28 බිව්වා කියලා මැරෙන්න බෑ. එකම දේ ඉස්පිරිතාලෙන් අම්බානකට බැනුම් අහගෙන, ආණ්ඩුවටත් රුපියල් 30000 විතර වියදමක් කරවලා (පැනඩෝල් antidote එක 15000 විතර වෙනවා) ආපහු එන එකයි. ඔය ගොඩක් පැනඩෝල් බීලා එන එවුන් ඒකෙන් මැරෙන්නේ නෑ කියලා දැනගෙනමයි බොන්නේ. එකේ අරමුණ තමන් මැරෙන්න ගියා කියලා පෙන්නලා අර කරගන්න බැරි වැඩේ කරගන්න එකයි.

    ReplyDelete
  48. මනුස්සයෙක් සියදිවි හානි කර ගන්න තැත් කරන්නෙ, බොහෝ වෙලාවට අන්‍යයන්ගේ සවන්දීම බලාපොරොත්තුව. කරගත්තට පස්සෙ බනින්න අය හිටියට, ඊට ඉස්සර ප්‍රශ්නයක් බෙදාගන්නට කෙනෙක් නැහැ; තියෙන ප්‍රශ්නෙකට සාධාරන විසඳුමක් දෙන්නට අදාල පාර්ශ්වයන් කැමති නැහැ. ඒක අසරණකමක් මිස මෝඩකමක් කියලා මට හිතෙන්නෙ නැහැ.
    මධුරංගගෙ ලිපිය දැක්කම පැනඩෝල් බොන්න හිතන් ඉන්න අයනම් අදහස අත්හැර ගනියි. :D හැබැයි ඉතින්, මැරෙන අදහසක් නැති අපට එහෙම හිතුණට, මැරෙන්නට හිතන කෙනාට ඕක ගානක් නැතුව යන්නටත් ඉඩ තියෙනවා. අච්චර ගඳ මැලතියොන් වර්ගයේ කෘමිනාශක බොනවනම්, පැනඩෝල් අහවල් කජ්ජක්ද?

    අර මිස්ටර් අන්දමන්දගෙ කවියත් සුපිරි. හිතට වදින විදිහට ලියැවිලා.

    ReplyDelete
  49. @චතුර.... :
    අනිවා. තදින්ම හිතන්න ඕනේ.

    @ආගන්තුකයා :
    ඒක වෙන්න ඇති. කොහොමහරි ගෙදරින් කමති කරවගන්න වෙන්න ඇති. නැත්නම් මැරෙනවා නම් ඕනතරම් ක්‍රම තියෙන්නේ ලේසියෙන්ම මැරෙන්න.

    @නලිනි චන්දිමා :
    මැලතියොන් ගැන අහලා තිබ්බට ඒවා එච්චරට ගඳයි කියලා අහලා නෑ. ඒකත් දැනගන්න ලැබුනේ දොස්තර නෝනගේ කමෙන්ට් එකෙන්ම තමයි.
    ඒකනේ නෝනා. මැරෙන්න හදන එකා මොන දේ කරලා හරි මැරෙනවා.

    ReplyDelete
  50. attama kiyanawanam panadol, paracitol kiyanne brand name eka. e kiyanne welanda namaya. bonna ho nobonna one paracitamol kiyana beheta. samaharu paracitol beela panadol kiyanawa.hariyatama DSI sereppu dammath Bata kiyanne anna e wage :D. ewagema pai mona de kiwwath prashnayak apu miniha witarai danne eke amaru kama.e welawata marena eka moda kamak kiyapu ayatama hitei marenna. mama siyadiwi hani karaganeema kohethma anumata karanne na.puluwan taram prashnayak awama hita palanaya karaganna uthsaha karanna kiyala tama kiyanna tiyenne

    ReplyDelete
  51. සිය දිවි නසා ගන්නවා කියන්නෙ ප්‍රශ්නවලින් පැනලා යනවා කියන එක, ඒ උනාට අපි තාම රහත් වෙලා නැති නිසා මම හිතන විදියට මෙයිට වඩා හොඳයි මැරෙන එක කියලා හිතුන නැති කෙනෙක් මේ ලෝකෙ ඉන්නවනම් ඒක බොරුවක් ..........

    මැරෙන්න ඕන නම් ෂුවර් එකටම මැරෙන විදියකට මැරෙන්න ඕන, එහෙම නැතුව බේරගන්න පුලුවන් වෙන විදියට මැරෙන්න යන්න හොඳ නැහැ ........

    ReplyDelete
  52. පැනඩෝල් 70 වේල් දෙකකට බිවොත් මොකද ? ඩොක්ටර් ලියන්නෙත් එහෙමනේ.. පැය 6 න් 6 ට දෙක බැගින්.. :D

    ReplyDelete
  53. මචන් මටත් තියෙනව සියදිවි හානිකරගන්න ගිය කතාවක් මම anonymouse එකෙන් ඇවිල්ල මේක කියන්නේ මාත් බ්ලොග් ලියන එකෙක් හින්ද .
    එක දවසක් වැල ෆිල්ම් එකක් බලද්දී අපේ අයිය දැක්ක මාව. මම ඒ හින්ද මැරෙන්න හිතාගෙන ගෙදර තිබ්බ බෙහෙත් ඔක්කොම එකතු කරලා බිව්වා
    මරෙඉ කියල හිතාගෙන එත් තාම මොනවත් නොවී යහතින් ඉන්නවා.

    ReplyDelete
  54. දිවිනසාගන්නව කියන්නෙ ආත්ම ගානක් පටිසන්දෙන පවක්

    ReplyDelete
  55. දිවිනසාගන්නව කියන්නෙ ආත්ම ගානක් පටිසන්දෙන පවක්

    ReplyDelete
  56. මගේ දන්න කෙනෙක්ක එක බෙහෙත් වර්ග ගොඩාක් බීලා මැරෙන්න හිතාගෙන. ඒත් මොනවත් වෙලා නෑ එයාට. බෙහෙත් වර්ග ඇඟේ රැඳුනු ම ඇති වන රෝග මොනවා ද?

    ReplyDelete
  57. දිවි නසා ගැනිම නම් මෝඩකම්ක් තමයි.මමත් එ ගොන් වැඩෙ කරන්න හිතුව ඒත් ආයි හිතෙනව අනෙ මන් මොකක්ද කරගත්තෙ කියල..එක පාරට දුක දරාගන්න බැරි උනාම කරන මෝඩ වැඩ නිසා නිකන් කාලකන්න්නි වෙන්න හොද නෑ..මැරෙන්න හිතාගෙන බිව්වට මොකද ඉට පස්සෙ ඇඩෙනව මේ කරගත්තෙ මොකක්ද කියල

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.