11 July 2011

මුචලින්ද නාගරාජයාගේ පුත්‍ර රාජයා හා වේලන්කන්නි හාස්කම්

මේ සිද්ධිය උනේ මම උසස් පෙළ කරපු දවස්වල. ඒ කියන්නේ 2006 අවුරුද්දේ විතර. මම දවසක් උදේ පංති යන්න කෝච්චියට ගොඩ උනා. උදේට ගම්පහ පැත්තට යන කෝච්චිවල ඒ හැටි සෙනගක් නැති නිසා හොද හැටි වාඩි වෙලා යන්න ඉඩ තිබුනා. කොහොමහරි කෝච්චියට ගොඩවෙලා ටික දුරක් ගියාට පස්සේ ටිකක් වයසක කෙනෙක් කොළ වගයක් බෙදාගෙන යනවා. කොළ කිව්වේ නිකන් හාෆ් ශීට් බාගෙක විතර සයිස් අත්පත්‍රිකාවක් වගේ එකක්.

නිකන් දෙනවනම් උදලු පාරක් හරි කනවා කියන මගේ ප්‍රතිපත්තිය නිසා මාත් ඒ කොළයක් ඉල්ලගෙන කියවන්න ගත්තා.ඒ කොළ සෙට් එකේ අකුරු යාන්තමට තමයි පේන්න තිබ්බේ. ඒකේ තිබ්බේ බුදුහාමුදුරුවන්ට හෙවන දීපු මුචලින්ද නාගරාජයාගේ එකම පුත්‍රරාජයාගේ හාස්කම් බලය හින්දා ධනවත් වෙච්ච අයගේ විස්තර ටිකක්. ඒවා වලට පස්සේ තිබ්බා අර දීපු කොළය මුද්‍රණය කරලා බෙදාහරින්න කියලා. ඊටත් පහලින් තිබ්බා ඒ හාස්කම් ගනන් ගන්නේ නැතුව එක එක පාඩු අලාභ විපාක වලට ලක් වෙච්ච අයගේ විස්තර.

මේ අත්පත්‍රිකාව දැක්ක ගමන් මගේ බොක්ක කූල් උනා. ඈ යකෝ සන්තකේටම තියෙන්නේ රුපියල් පනහයි. ඒකෙන් කොහොමද කොළ පනහක් ප්‍රින්ට් කරන්නේ ?. ඔහොම කල්පනා කර කර ඉන්නකොට මං මේ සිද්ධිය අපේ මලයට කිව්වා. එතකොට මල්ලියි මමයි දෙන්නම උසස්පෙළ පන්ති යනවා . (මම දහතුනේ මල්ලි දොලහේ)

"අයියේ ඔන්න ඔය මකබාව විසික් කරලා වරෙන් බං. නයෙක් කොහෙද යකෝ අවුරුදු 2000ක් ජීවත් වෙන්නේ ? ඔය නයා හිටියේ බුදුහාමුදුරුවෝ බුදු උන කාලේ."

මල්ලි එහෙම කිව්වට පස්සේ තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ. ඒ උනාට හිතෙන්නෙම මට මොනවහරි වෙයි කියලා. නමුත් ඒ සිද්ධිය වෙලා අවුරුදු පහක් විතර වෙනවා. තාම නම් කිසි කරදරයක් නෑ.

ඔය වගේ මට තව අත්පත්‍රිකාවක් ලැබුනා. ඒකේ තිබ්බේ වෙලන්කන්නි කියලා ඉන්දියාවේ පල්ලියක හාස්කම් ගැන. ඒකෙත් තිබ්බේ අර ක්‍රමයටමයි.ඉස්සෙල්ලා හාස්කම් ඊට පස්සේ ලාභ ලබපු අය අන්තීමට නොසලකා ඉදලා පාඩු ලබපු එවුන්ගේ විස්තර. ඒකෙත් කලින් එකේ වගේ කොළ පනහක් විතර මුද්‍රණය කරලා බෙදා හරින්න කියලා තිබ්බා.

මිනිස්සු මේ වගේ බොරු දේවල් කියලා තවත් කෙනෙක්ව බය කරලා මානසිකව වට්ටලා ලබන සතුට මොකද්ද කියලා හිතුනා. සමහරු මේවා වලට රැවටිලා ඒ කොළ මුද්‍රණය කරනවා. එහෙම කරගන්න හැකියාවක් නැති අය මානසිකව වැටෙනවා. මට කියන්න තියෙන්නේ මේ දේවල් වලට රැවටෙන්න එපා කියන එකයි.

51 comments:

  1. ඕක ඉතින් මිනිසුන්ගෙ හැටියක්නෙ...තව කෙනෙක් ව අසරණ කරලා තමන් සතුටු වෙන එක ගොඩාක් මිනිස්සුන්ට පුරුදු වෙලා...හැමෝම එහෙමත් නෑ. ඒත් ගොඩක් අය එහෙමයි... තමන්ගෙ වාසිය ගැන විතරයි හිතන්නෙ..
    මට ඔය පත්‍රිකාව හම්බුනා නම් මාත් ඔයා වගේ බය වෙනවා......වෙලාවට ඔයාගෙ මල්ලියා හිටියෙ...:D

    ReplyDelete
  2. මට ඔය වගේ මේල් ඇවිත් තියෙනවා. මෙච්චර දෙනෙක්ට ෆෝවර්ඩ් කරන්න නැත්තන් මෙහෙම වෙනවා කියලා. මානසික රෝගීන්ගෙ වැඩ තමා.

    ReplyDelete
  3. අහුවෙන්න එපා හරිය...තව තව අට මගුල් දුන්නා මට මතකයි..දැන් බුකිය පැත්තෙත් ඔය විසබීජේ සැරිසරනවා නේ....

    ReplyDelete
  4. මොනවා කරන්නද බං අපේ තාත්තත් ඔය වගේ ලියුං 250 ක් ද කොහෙද ප්‍රින්ට් කොරලා තැපැල් කොලා මං මයි ලියුම් දැම්මෙ පෙට්ටියට , හැබැයි වෙච්චි දෙයක් නං නෑ..............

    ReplyDelete
  5. එක එකාගෙ ගොන් ආතල් නෙ...:පී

    ReplyDelete
  6. මටත් ඔය වගේ කොල ගොඩාක් හම්බවෙලා තියෙනවා අයියා,ඒත් උන නපුරක්වත් සෙතක් වත් නෑ,මේ මිනිස්සු බොරුවට ආගම් විකුනගෙන කනවා

    ReplyDelete
  7. අපෝ ඔය වගේ කොල විතරක්යැ බන් දැන් ඇස්ඇම් ඇසුත් එනව හිටු කියලා. අපහාසකාරයෝ. ඕව ගනන් ගන්න එපා බං. මේ ඒක නෙමේ;

    "ඔය නයා හිටියේ බුදුහාමුදුරුවෝ බුදු උන කාලේ."

    බුදුහාමුදුරුවො කොයින්ද බොල බුදු වුනේ? බෝධිසත්වයොයි බුදු වුනේ :)

    ReplyDelete
  8. ඔහොම එන හැම මේල් එකෙක්ම නවතිනවා මගේ පෙට්ටියෙදී. එවපු එකාට හෝ එකීටත් හොඳ පිලිතුරක යනවා.. දැන් දැන් ආගම් ප්‍රචරයටත් මේ විදිහම යොදාගෙන.

    ReplyDelete
  9. @පිණිබිඳු...මටත් එහෙම මේල් ආවා...මානසික රෝගීන්ම තමයි.... හැබැයි ඕකට බය උනු කෙනෙක් ඒ ගැනම හිත හිත හිටියොත් නම් ඒ මනුස්සයට ඒකෙන්ම නරකක් වෙන්න පුලුවන්...

    ReplyDelete
  10. මටත් ඔයවගේ කොල හම්බ වෙලා තියනව.ලේ වමනේ දාල මැරෙනව කියල තියනව නොසලකා හැරියොත්.මම් නම් තඹ සතේකට ගනන් ගන්නෙ නැ.ඔහොම මේල්ස් එහෙමත් එනව.මෝඩ මිනිස්සුන්ගෙ වැඩ.අනිත් මිනිස්සුත් අපහසුවට පත් කරනව.

    ReplyDelete
  11. බුද්ධි හීන මෝඩ මිනිස්සුන්ගේ වැඩක්.මේ වගේ දේවල් ගනන් ගන්න එපා.

    ReplyDelete
  12. ඕවා පට්ටපල් බොරු බං!

    ReplyDelete
  13. හපෝ ඔය වගේ දේවල් දැන් ඊ මේල්, එස් එම් එස් , පත්තර, ලියුම් ඔය හැම විදියකටම පැතිරෙනවා. කියන්න කෙසේ කීවත්, අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි :D

    ReplyDelete
  14. එවපු එක හොයා ගත්තෑකි මේල් එකක් නම්.. ඒත් ලියුමක් වුනොත් බෑනෙ.....

    මටත් පොඩිකාලෙ ඔයවගේ ලියුමක් ඇවිල්ලා තියෙනවා පොඩි කාලෙ කිව්වෙ හතරේ විතර ... මට තේරුමක් නෑනෙ ඉතින් පන දාගෙන අතින් ලිව්වා 20ක් විතර ඒත් තැපැල් කරේ නැද්ද කොහෙද?

    මම නම් කියන්නෙ ඔයගොල්ලන්ට එහෙම එකක් ආපුවම කාටවත් යවන්න එපා.... එහෙම යවන්න යවන්න ඕක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑනෙ...

    ReplyDelete
  15. අහ්
    ඔව්වා වගෙ එව්වා සැහෙන්න ප්‍රසිද්ධයි ඉස්කොල වල 9 වසර 10වසර වගෙ පන්ති වල :D

    කොවුර් ගෙ සිතුවිලි කියවලා තියෙනවා නම් ඔව්වා පුස් කියලා නිකංම ඔප්පු වෙනවානෙ :D

    ReplyDelete
  16. Gimhani

    හිතුවක්කාරී කීව කතාව 100 හරි. මිනිස්සු එක එක විදියට සතුටු වෙනවා. ඒ සදහා පවිච්චි කරන ක්‍රමවේදයන් විවිධයි.මමනම් මේ කොල එකක්වත් බෙදන්නේ නෑ.
    මට වෙච්ච දේකුත් නෑ. සුපුරුදු විදියටම ඉන්නව.

    ReplyDelete
  17. ඕවට කියන්නෙ මෝඩ චූන් කියලා, කාව හරි රවට්ටන එක මොනා හරි ඔය වගේ මෝඩ වැඩක් කරලා ........

    මටත් මේල් නං ඇවිත් තියනවා, ඔය වගේ හෑන් බිල් නම් සෙට් වෙලා නැහැ ......

    ReplyDelete
  18. හාපෝ... මට.. ඔය වගේ ආපු ලියුම් ප්‍රින්ට් කලා නම් Printing Press එකකට... ණය කාරයෙක් වෙන්නත් තිබුනා.

    අපේ මිනිස්සු.. අදෘශ්‍යයමාන බලවේග කියලා.. කිව්වොත් පුදුම බයක් නේ තියෙන්නේ.

    ReplyDelete
  19. ම්...... මමත් දැකලා තියනවා ඔය වගේ ගොන් පාට්.
    …එක එක කස්ටියට යන ආතල් වලට තමා ඔය වගේ වැඩ කරනේ කියල තමා මට හිතෙන්නේ .
    …ඇත්තටම මට ඔය වගේ දේවල් දැක්කම හිනා යනවා

    ReplyDelete
  20. අර මුලින් කිව්ව කොලයක් අපේ ගෙදරටත් කවුද පෝස්ට් කරලා තිබ්බා දැන් මාස හතර පහක් වෙනවා මට නං තාම කරදරයක් වුනේ නෑ... ඔය කාලෙන් කාලෙට යනවා ඔය වගේ එක එක ඒවා බුකියේ මැසේජ් විදිහට ඊමේල් විදිහට sms විදිහට මලම වදයක්... ඊයෙත් ඇවිල්ලා තිබ්බා
    IF U love ur
    mom post dis to 20 people.A girl
    ignored dis her mom died 365
    days later.sorry i cnt ignore dis
    bcz i love my mom ♥♥♥
    කියලා ඉතිං මම මගේ අම්මට ආදරේ නෑ කියලා නිකං හිටියා (මම මගේ අම්මට ආදරෙයි ඒත් ඒ ආදරේ නිසා අම්මව විකුනන්නේ නෑ මොන විදිහකින්වත්)

    ReplyDelete
  21. මොලේ විකාර වෙච්ච පිස්සු යක්කු කොරන ගොන් වැඩ...

    ReplyDelete
  22. මට නං එන ඔය වගේ ඊ-මේල් ඉතිං ඩස්ට්-බින් එකට දැම්මා හා සමානයි!

    ReplyDelete
  23. මටත් නම් ඔහොම ඊ මේල් ගොඩක් අවිත් තියනවා මම් නම් කරන්නේ එවා මකල දාන එක ඔවා කරන්නේ මානසික අබාද තියන අය
    අනික මුචලින්ද කියන නාග රජයා සම්මා සම්බුදුන් වහන්සේව වෑස්සෙන් නොතෙමා මහා පිනක් රෑස් කරගත්තු සත්වයෙක් එහෙම කෙනෙක් තව කෙනෙකුට අවෑඩක් කරන්නෙ නෑ මෙකෙන් කරන්න බලපොරොත්තු වෙන්නේ ඈත්තටම බුදු දහමටත් අගෞරවයක්
    එවට ඔහොම විසික් කරල දාන එක තමා කරන්න ඔනේ

    ReplyDelete
  24. ඉස්සර කොළ ගහලා කරපු ඔය වැඩේ දැන් ඊමේල් වලින් යවන තත්වයට දියුණු වෙලා. මම දන්නෙ නෑ මොකක් නිසාද කියලා එහෙම ආව ඊමේල් ඩිලීට් කරලා දානවා හැරෙන්න වෙන යමක් නම් මම කරලා නෑ

    ReplyDelete
  25. ඔය කතා කියලා දැන්‍ එන්නේ ඊමේල් නෙව.. 15දෙනෙකුට යැවුවේ නැත්තං බෑඩ් ලක්ලු.. හොහ් හොහ්... අනේ මන්දා බං අයියේ ඔය ඉන්න නයා අපි යවන මේල් ගණන් කර කර ඉන්නේ කෝමද කියලා.. ඌ වැඩ කරන්නේ ගූගල් එකේවත්ද?

    ReplyDelete
  26. ඉස්සර TNL එකේ ගියා නැණපහන කියලා වැඩසටහනක්, අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ තමයි ඒකට වැඩ්යේ..එකට යොමු කරපු ප්‍රශ්නයක් තිබුනා අයියා ඔය කියපු කතන්දරේම.
    සෝම හාමුදුරුවෝ උත්තරේ විදියට කරේ ඒ කොලේ හැමෝම ඉස්සරහ ඉරලා විසිකරපු එක..එකෙන් හොද උත්තරයක් දුන්න මුළු රටටම..

    මින්ස්සුන්ගේ මෝඩ වැඩ තමයි ඉතින් ඔව්වා..නොදැනුවත්කම තමයි ප්‍රධාන හේතුව ඔය දේවල් වලට

    ReplyDelete
  27. අම්මො මටත් පොඩි කාලෙ ඔහොම එකක් හම්බවුනා. ඔය නයි කතාවම තමයි තිබුනෙ. ඒකෙ තිබුනෙ ඒක ප්‍රින්ට් කරල බෙදපු අයට මැනික් හම්බවුනා කියලයි, ඒක විසිකරපු අය නයි ගහල හරි අමුතු විදිවලට හරි මැරුන කියලයි. අනේ මට මැනික් නම් ඕන වුනේ නෑ, මම කල්පනා කලේ ඒකට මොකක්ද කරන්නෙ කියල. මම හොඳටම බය වුනා. ඇයි ඉතින් විසි කලොත් ශොට් එක හම්බවෙනවනේ. මම ඒක ගෙදර පාවිච්චි නොකරන ඇඳක මෙට්ටෙ යටින් පරෙස්සමින් තිබ්බ. පස්සෙ ඒකට මොනව වුනාද දන්නෙ නෑ. දැන් ඒව මතක් වෙනකොට හිනා යනව.

    දැන් ඔයවගේ ඊමේල්නුත් එනව. මොන විදියෙ සතුටක් ලබනවද මන්ද මිනිස්සු මේ වගේ දේවල් කරල. මට ෆේස්බුක් එකෙත් දවසක් මැසේජ් එකක් එවල තිබුන එකෙක්, ඒක 10 දෙනකුටද කොහෙද යැව්වෙ නැත්තන් අම්ම මැරෙනව කියල. මම ඌට නම් දෙකක් කිව්ව.

    ReplyDelete
  28. අය්යෝ ඕහොම එකක් ආවේ මට මුලින්ම මම 7,8 ඉන්නකොටද කොහෙද???
    හැබයි ඉතින් ඔවා මම නම් ගනන් ගත්තේ නැ බන්... මොකද ඕවා ඔහොම කරන්න තරම් ඒ කාලේ පිස්සුවක් තිබුනේ නැ....
    දැනුත් නැ... තම නම් මට මේල් වදයක් වෙලා නැඉතින්

    ReplyDelete
  29. ඉතිං බං උඹ මොතට ද මානසිකව වැටෙන්නේ එය වගේ මෝඩ ජෝක් වලට....

    මට මතකයි ඉස්සර මේලුත් ආවා ඔය වගේ... :D

    ReplyDelete
  30. සිරාවට ඕවට බයවෙන අයත් ඉන්නවද බං.මම හිතුවෙ කවුරුත් ඕව ගණන් ගන්නැහැ කියලා.මිනිස්සු ඔහොම ඕව ඔලුවට ගන්නවනං ආණ්ඩුවක් උනත් පෙරලන්න බැරියැ ඔය වගේ කොලයක් ගහල.

    ReplyDelete
  31. අනේ බං කොයි පොතේද තිබුනේ බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට වද දීලා බය කරලා දර්මය ප්‍රචාරය කරන්න උත්සහ කලා කියලා .මම නම් ඔය මුචලින්ද කොල ගුලි කරලා වීසි කරනවා ..පාලොහකට යවන්න විතරයි මට සල්ලි තියෙන්නේ

    දැන් බං අයියේ ඔය උඹයි මමයි දෙන්නම යහතින් ඉන්නේ .!

    මම අනික් ආගම්වලින් ඔයවාගේ බලෙන් ප්‍රචාරන කොල ආවොත් ලිපේ දානවා

    ReplyDelete
  32. ඕක මේ මෑතක ඉඳන් වෙන දෙයක් නෙවෙයි . මමත් ඔය වගේ සිද්දියකට ඉස්කෝලේ යනකාලේ මුහුණ දුන්නා . ඒ මගේ තකතීරු යාළුවෙක් ඔහොම දේකට බයවෙලා , ( ටිකක් මෝඩ පහේ කොලුවෙක් පොර ) කොල 100 ප්‍රින්ට් කරලා යාළුකමට මටත් එකක් දීපු වෙලාවක . පොරට නම් අපි නොගහපු ටික විතරයි . අපේ සමහරකගේ හිත් හරි දුර්වලයි . ඉතින් එහෙම කෙනෙක්ට මානසිකව ගොඩාක් බලපානවා ඔහොම දේවල් . අපි අර යාළුවාට ( අද මිනිහා ප්‍රසිද්ධ බැංකුවක උසස් නිලදාරියෙක් ) අදටත් මුචලින්ද කියලයි මගදි හම්බුණාම කියන්නේ . . .

    ReplyDelete
  33. අපෝ මම නම් පාරේ එක එකා දෙන කොළ කැලි ගන්නේ නැ.. ගින්නක් නෑ නේ මල්ලී.. ::P :D :D
    මොකට ගන්නවද ඕවා..මම ඕක ගත්තොත් පිස්සු හැදිලා.. ආය හැදෙයි..ඔය එක එකාට තියෙන මානසික අසහන තමයි..:) :/

    ReplyDelete
  34. හි හි මටත් ඔය වගේ ලියුම් නම් ගොඩාක් ලැබිලා තියෙනවා. මමත් බය වුනේ නැත්තෙම නෑ හැබැයි... කොහොම උනත් පොඩි ළමයි නම් හොඳටම බය වෙනවා ඒ වගේ වැඩ වලට! පස්සේ තමයි තේරෙන්නේ මේ මොන විකාරයක් ද කියලා....

    ReplyDelete
  35. මටත් මරු සිද්දියක් වුණා ඔය කොලේ ගැනම.. මම සා/පෙළ කරන කල් ඉස්කෝලෙ ගියේ වෑන් එකක. දවසක් එක පොඩි නංගි කෙනෙක් ඔය කොලයක් ගෙනාවා. මමත් ඔය ගැන කලින් දැනන් හිටපු නිසා ගනන් ගත්තෙ නෑ. හිනා වෙවී හිටියා අනන් මනන් කියව කියව. මෙන්න බැලින්නම් ඒ නංගිට එහා පැත්තෙ හිටපු තව නංගියෙක් අර කොලේ තියෙන ටික එයාගෙ පොතක ලියාගන්නව. එයා හොඳටම බය වෙලා. ෆොටොකොපි කරන්න විදියකුත් නෑනෙ! පව්!

    ReplyDelete
  36. හෆෝයි මටත් ඔය වගේ අනන්තවත් ඇවිල්ල තියනවා..
    මිනිස්සුන්ගෙ හැගීම් අවුස්සල.එයාලව මානසිකව වට්ටලා මුං ලබන සතුට මොකද්ද මංද අෆ්ෆා

    ReplyDelete
  37. හපොයි, ඔය නයි සීන් නැතත් මේල් නම්ම් අම්බානකට එනව. මෙච්චර ගානකට ෆෝවර්ඩ් කරන්න අච්චර ගානකට ෆෝවර්ඩ් කරන්න, අරව හම්බුවෙනව, මේවා හම්බ් වෙනව කියල. මම නම් තඹ සතේකට මායිං කරන්නෙ නෑ. එහෙම නොකලා කියල වෙච්ච සංගෙදියක් නෑ.

    ReplyDelete
  38. @හිතුවක්කාරි :
    ඉස්සර මමත් ඔහොම හිතුවට දැන් නම් ඒවා ගනන් ගන්නේ නෑ. ඔයැයිත් ඕවා ගනන් ගන්න එපා.

    @පිණිබිඳු... :
    ඒක හරි පිණිබිඳු. මානසික රෝගින් තමයි ඔහොම දේවල් කරලා සතුටු වෙන්නේ. කෙනෙක්ගේ විකෘති සතුටක් කියලා කියන්නේ තව කෙනෙක්ගේ දුකක් නේ.

    @රත්ගමයා :
    අපොයි ඔව් ඕක විසබීජයක් නේන්නම්. මනුස්සයන්ව ලෙඩ කරන විසබීජයක්.

    @sameera :
    ඒකනේ මාර අපරාදයක් නේ.

    ReplyDelete
  39. @චාටර් කොල්ලා :
    ගොන් ආතල් නේන්නම් මල්ලි. නැත්නම් ඔහොම දෙයක් කරාවි යෑ.

    @කඩේ හාමිනේ :
    ඒක හරි නංගි. මිනිස්සු තමන්ට ලාබයක් ලැබෙනවා නම් ආගම උනත් විකුන ගෙන කන්න මැලි වෙන්නේ නෑ.

    @..ChAnDiKa.. :
    හරි හරි අයියා. අපේ මලයා කියපු එකනේ මම කීවේ. ඔන්න මම කතාව අප්ඩේට් කරලා දාන්නම්.තැන්කු නිවැරදි කිරීමට. :)

    @සරත් ලංකාප්‍රිය :
    අපොයි ඔව් බලෙන් ආගම් වලට ගන්නත් මේවා පවිච්චි කරනවා.

    ReplyDelete
  40. @තාරා :
    ඒක හරි තාරා. අපි ඒගැන හිත හිතා ඉන්න ගියොත් අපිට වෙන්නේ නරකක්.

    @ගලායන ජීවිතය :
    ඒ වගේ මේල්ස් ආවම ආයේ ෆෝවර්ඩ් කරන්න හොඳ නෑ අක්කා. කරන්න තියෙන්නේ එවපු එකාට බැනලා යවන එක. :)

    @JHOTHISHALANKA :
    නමුත් කියලා තිබුන විදිහට නිකන් ඇත්ත වගේ කියලා හිතුනා. :)

    @blog gadol :
    පට්ට පල් බොරු නේන්නම්. :)

    ReplyDelete
  41. @deeps :
    ඒක හරි නංගි. මොනදේ කිවත් අපි හිතලා තිරණයක් ගන්න ඕනේ.

    @හරී :
    මටත් ලියලා දාන්න හිතුනා. නමුත් පාඩම් වැඩත් එක්ක කරන්න උනේ නෑ. :)

    @ThoppiYa :
    මම නම් කොවුර්ගේ සිතුවිලි කියවලා නෑ.

    @Gimhani :
    ඒක හරි අපිට වෙච්චි සෙතකුත් නෑ මේකෙන්. නිකන් බයවීමක් තමා වෙන්නේ.

    ReplyDelete
  42. @පන්සල් හංදිය :
    මෝඩ චූන් තමා අයියේ. නැත්නම් ඔහොම ඒවා කරනවා යෑ. මට නම් මේල් සෙට් වෙලා නෑ. කොළ තමයි සෙට් උනේ.

    @- නිල් අහස - :
    ඒ කියන්නේ අයියටත් ඒ තරම්ම ලියුම් ආවා කියලද ?
    ඒක හරි මිනිස්සු අදෘශ්‍යයමාන බලවේග වලට මාරම බයයි.

    @බීටා :
    ඉස්සර මාත් බය උනාට දැන් නම් මතක් වෙද්දිත් හිනා. :)

    @කිඩෝ :
    අන්න හරි මල්ලි. එහෙම තමයි ඉන්න ඕනේ.

    ReplyDelete
  43. @නරක සමනලයා :
    ඒක හරි. ඔය නරක උනත් සමනලයට තේරිලා තියෙන්නේ.

    @කතන්දර Kathandara :
    ඒක හොඳයි අයියා.

    @Gizaa :
    ඒක හරි අයියේ. අනිත් එක තමයි ඔයවගේ දේවල් කරන්නේ බෞද්ධ අයට අපහාස කරන්නත් එක්කනේ. ඒකනේ දුක !!!

    @දිල් :
    තක්ෂනේ දියුණුව තමා අක්කේ. ඒකනේ ඔහොම කරන්නේ.

    ReplyDelete
  44. @චතුවා (ළමයා) :
    වෙන්න ඇති ගූගල් නයෙක්.

    @ChammA :
    ඔය කතාව නම් මටත් මතකයි. ඒක ටීවී එකේ යද්දි මමත් මේ සිද්ධිය අපේ අම්මට මතක් කලා.. :)

    @Kasun :
    ඒක හොඳයි. ප්‍රින්ට් කරලා බෙදුවනම් තව කීපදෙකෙක් හරි බය වෙලා. මේ දේම කරනවනේ. ඒ නිසා කසුනෝ උබ කරපු දේ හරි.

    @දේවා ගේ අඩවිය :
    ඒක නම් හොඳයි.

    ReplyDelete
  45. @සෝරෝ :
    කවුද දන්නේ අයියා මේක බොරුවක් ය කියලා. මට හිතුනෙම මේක ඇත්තක්මයි කියලා.

    @දිනුක ජයකොඩි :
    ඒක නම් සිරාම කතාවක් තමයි.

    @හිස් අහස :
    ලිප පත්තු කරන්න නම් ඔය කොල ටික හොඳයි. නැත්නම් වැඩක් නෑ.

    @සුශාන් ප්‍රියනාත් රත්නායක :
    ගොඩක් වෙලාවට දුර්වල හිත් තියෙන අයතමයි මේකට ටාගට් කරලා ගේම දෙන්නේ.

    ReplyDelete
  46. @චතුමිතු :
    ඒක හොඳයි අක්කේ. කවුරුත් දීපු කොළ කෑලි ගන්න එපා. කවුද දන්නේ ඒක මොකද්ද කියලා. :)

    @ලහිරු :
    ඒක හරි. බය වෙන එවුන් තමයි මෙතන ඉලක්කය වෙන්නේ.

    @විසිතුරු :
    අපොයි පව් නේන්නම්. ඉස්කෝලේ යන කාලේ ඕවා ප්‍රින්ට් කරගන්න කොයින්ද සල්ලි. ටියුට් එකක් උනත් ප්‍රින්ට් කරගන සල්ලි හොයන්නේ ගෙදරට දාහක් දේවල් කියලා.

    @~~තරූගේ ලෝකය~~;; :
    ඒක තමයි. පුදුම අසහනකාරයෝ තමයි අපි අතරෙත් ඉන්නේ.
    ඔන්න එහෙනම් ඔයැයිව මෙගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    @nawammawatha :
    ඒක හරි අයියා අපට වෙච්ච විනාසෙකුත් නෑ ලාබයකුත් නෑ.

    ReplyDelete
  47. මටත් ඔය වගේ පත්‍රිකා ගෙදරට තැපෑලෙන්ම ඇවිත් තියෙනවා දැනට 10ක් විතර...මම ඔක්කොම විසික් කලා...මට නම් පෙනුනේ එයාලට ඕනි බුද්ධාගමට නිගා කරන්න කියලයි..

    ReplyDelete
  48. මචං මධුර, ඔය වගේම කොලයක්, ඊයෙ පෙරේදා අපේ ඔෆිස් එකටත් ආවා.. ඒකෙ තිබුනෙත් ඔය නාග රාජයකුගෙ කතාවක් තමා, මොන විකාරද බං.. බුදු දහමටත් නිගා කරල මිනිසුන්ව මානසිකව වට්ටලා පව් පුරෝගන්න සීන් එකක් තමා ඕක..

    ඕකට බය වෙලා ප්‍රින්ට් කරල බෙදල දෙන උනුත්, තවත් මිනිස්සුන්ව මානසිකව වට්ටල කරගන්නේ පවක්.. ඒ පවෙන් තමයි ඉතිං හානියක් උනොත් වෙන්නේ...

    කරන්ඩ තියන හොද වැඩේ තමයි, දකින තැනදි ඔයවගේ කොල ඉරල විසිකරල, තව කෙනෙක් අමාරුවෙ වැටෙන එක නවත්තන එක..

    ReplyDelete
  49. @දඩබ්බරී :
    ඒක හරි. ගොඩක් වෙලාවට කරන්නේ බුදු දහමට නිගා දෙන එක.

    @සනා :
    අනිවාර්යෙන්ම ඉරලා විසි කරන එකෙන් තව එකෙක් අමාරුවේ වැටෙන එක ගොඩක්ම අඩු වෙනවා. ඒක නිසා ඒක තමයි කරන්න පුලුවන් හොඳම වැඩේ.

    ReplyDelete
  50. මෙතැන තියෙන්නෙ මානසික බලය ගැන ප්‍රශ්නයක්. හිත කඩන් වැටුනම "මට මෙහෙම වේවිද?" කියලා හිත හිත ඉඳලා ඒ දේ ඇත්තටම සිදු කර ගන්නවා. ධනාත්මක චින්තනය බොරුවක් කියලා කවුරු කීවත් මම ඒක පිලිගන්නෙ ඒ හේතුව නිසායි.

    ReplyDelete
  51. @RoshanHerath :
    හිත තමයි හැමදේටම මුල් වෙන්නේ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.