06 July 2011

'හොඳම ගෙඩිය පණුවාට' සංකල්පය

මේ සිද්ධිය වෙනකොට මම උසස් පෙළ කරනවා. ඉස්සර මම උසස්පෙළ පන්ති යන්න බස් හෝල්ට් එකට එනකොට හැමදාම උදේට දකින දෙන්නෙක් ඉන්නවා. ඒ අපේ ඉස්කෝලේ අයියා කෙනෙකුයි එයා යාලුවෙලා හිටපු අක්කා කෙනෙකුයි. එතකොට මම දොලහා වසරේ ඒ අයියා දහතුනේ.

කොහොමහරි ටික වෙලාවක් බස් එක එනකන් ඉදලා ගම්පහ කොළඹ බස් එකක් ආවම ඒකේ නැඟලා යනවා. මාත් ඒ බස් එකේම යනවා. නැත්නම් ගම්පහට යද්දි පංතිය පටන් අරන් තියෙන්නේ. කඩවත් එහෙම පාස් වෙද්දි බස් එකේ ඉන්න ගොඩක් අය බහිනවා. එතකොට යන්තන් වාඩිවෙලා යන්න ඉඩ ලැබෙනවා. නැත්නම් බස් එකේ යන්න හිතන්නවත් බෑ. උසස්පෙළ පංති වලට යන අයගෙන් බස් එක ෆුල් වෙනවා.

කොච්චර සීට් තිබ්බත් අරුන් දෙන්නා වාඩි වෙන්නේ නෑ.කොහොමහරි මඟ දුරක් යද්දි මගේ යාලුවෙකුත් සෙට් වෙනවා.ඒකාත් එක්ක තමා ඉතුරු ගමන යන්නේ. මම් උටත් මේ සීන් එක පෙන්නුවා.

ඇත්තටම මේ දෙන්නාගෙන් කොල්ලා කලුම කලුයි. එච්චර ලස්සනකුත් නෑ. කොච්චර කලුද කියලා කියනවනම් අඟුරු කෑල්ලකුයි මේ අයියවයි තිබ්බම අඟුරු කෑල්ල සුදුයි කියන්න පුලුවන් තරමේ කලුවක් තියෙන්නේ.

අක්කා ගැන කියනවනම් අක්කා මාරම ලස්සනයි. සුදුයි. පියකරුයි. සුකොමලයි. හුරුබුහුටියි. මට සිලිටුයි (උට කිලිටුයි) ඔයවගේ විෂේශණ පද ගොඩක් දාන්න පුලුවන් තරමේ ලස්සනයි.

ඇත්තටම මේ දෙන්නා දැක්කට පස්සේ මට හිතුනෙම ඇයි මෙච්චර ලස්සන කෙල්ලෝ කැත කොල්ලන්ට කැමති කියලා. මේක පිලිබඳව වැඩි දුර හොයන්න ඕනේ කියලා මායි මගේ යාළුවායි දවසක් මෙහෙයුමක් දියත් කරලා උදේ පාන්දරම පංතියට යන පාර ගාව මඟ රැකගෙන හිටියා. එතනින් එහාට්ට ගියපු ගොඩක් කපල් වල කෙල්ල ලස්සනයි කොල්ලා කලුයි කැතයි. අතරින් පතර දෙන්නම ලස්සන අයත්, කොල්ලා ලස්සන කෙල්ල ඒ තරම්ම ලස්සන නැති අයත් ගියා. හැබැයි ඒ බොහොම අඩුවෙන්.

මට තාම හේතුව නම් හොයාගන්න ලැබුනේ නෑ. අර කතාවටත් කියනවනේ හොදම ගෙඩිය කන්නේ පණුවාය කියලා. ඒ කියන්නේ තෙල් බෙහෙත් නොගහපු හොදට ඉදුනු ගෙඩි වලට අනිවා පනුවො ගහනවා. අන්න ඒ වගේ සීන් එකක්ද දන්නෙත් නෑ.

ලස්සන කෙල්ලෙක් ඇයි මේ ජාතියේ කොල්ලන්ට කැමති කියන එක දන්න කට්ටිය ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න.

59 comments:

  1. ඉරිසියා කාරයා.... උඹ ඔහොම හිතුවොත් එහෙම මටනම් කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑ සත්තයි. ඒක තමා මලේ ලැබීම කියන්නේ....

    ReplyDelete
  2. එක එක්කනාගේ කැමැත්තනේ අයියේ .......

    ReplyDelete
  3. කැත එකෙක් එක්ක සෙට් වුනහමනෙ බන් උන්ගෙ ලස්සන කැපිල පේන්නෙ...

    ReplyDelete
  4. හිත ගිය තැන මාලිගාව.. සමහර වෙලාවට පෙනුම පස්ස සීට් එකක් ගන්නවා වෙන දේවල් වලට ඉස්සරහ සීට් එක දීල.. අපි වැඩ කල කාර්යාලයක වයසක තට්ටෙත් ආපු ඇඳුම් ගැනත් එහෙමට සැලකිල්ලක් නැති හැන්ඩ්සම් කියන්නත් බැරි 55 ක හාදයෙක් එක්ක යාලු උනානේ වසන්ති චතුරාණි කියල කොල්ලෝ හඳුන්වපු 22 කෙල්ලක් ! මිනිහ බොසා. කෙල්ල යටත් සේවිකාව. .. මිචෙල් ඔබාමා ඇවිත් ගෝරනාඩුව දැම්මම තමයි අනිත් අය දන්නේ. කවුරු හරි මිචේල්ට ටෙලිෆෝන් කරලා කියල දෙන්න ජොලිය කාමරේ ඉන්නකොට ! හික්.. ඔවුවට ඉතින් හේතු දෙන්න පුලුවන්ද ?

    ReplyDelete
  5. Gimhani

    ඔන්න අද පොඩි නිදසක් ලබුනා උදේම බ්ලොග් කියවන්න.අපිත් ලගදි ඔය ප්‍රශ්නය ගැන කතාකලා.
    ලස්සන සුදු කෙල්ලො ගොඩාක් ආස කලු කොල්ලන්ට. කලු විතරක්නම්
    බෑරියෑ . කොල්ලො කලු උනාම මම හිතන්නේ ටිකක් පිරිමි ගතිය
    පේනවා වැඩිද මන්දා. හැබැයි තලු වගේම උසත් ඕන.මාත් එක්ක තරහා වේද දන්නේ නෑ සුදු අය්යලා ටික.

    ReplyDelete
  6. මටත් ඔය ප්‍රශ්නෙම තියනවා...

    ReplyDelete
  7. මාත් ඔය වගේ කපල් ගොඩක් දැකල තියෙනවා.මචං මාත් කලුයි ඒත් මට නෑනේ සෙට් වෙන්නෙ

    ReplyDelete
  8. ඔය ඇපල් පණු ජාතකය සෑහෙන්න ප්‍රසිද්ද කතාවක්නේ. මටත් ඔය ඇයි කියල හිතාගන්න බෑ... ගෑනු මල විකාරයි බන්.. ගැනියෙක් වෙන්නම ඕනේ ඇයි කියල දැනගන්න...

    ReplyDelete
  9. හික් හික්!! ඇත්ත කතාව

    ReplyDelete
  10. ඒක තමා මත් බැලුවෙ ඇයි තාම මට කෙල්ලෙක් සෙට් උනෙ නැත්තේ කියල!හික්ස්!

    ReplyDelete
  11. ආදරේ කියන හැඟීම ඇති වුනාම ඒකට කලු ද සුදු ද කියන එක ප්‍රශ්නයක් නෙමේ. ඒක හදවතේ ඇති වෙන දෙයක්.

    “අර කතාවටත් කියනවනේ හොදම ගෙඩිය කන්නේ පණුවාය කියලා. ඒ කියන්නේ තෙල් බෙහෙත් නොගහපු හොදට ඉදුනු ගෙඩි වලට අනිවා පනුවො ගහනවා.“

    ඔය කතාවට නම් මම තදින්ම විරුද්ධයි මොකද කලු අය, කැත අය, නැත්නම් ඉන්න අනිත් උන් ලස්සනයි කියලා කියන්නෙ කොහොමද?

    ReplyDelete
  12. හිත යන අත තමයි

    ReplyDelete
  13. ඕකට කියන්නෙ බං ගෑනු ගතිය කියලා.උන්ගෙ චොයිසස් අපිට තේරෙනවද කවදාවත්?උන්ගෙ ෆැෂන් ම අරං බලපං.මෙලෝ රහක් තියෙනවද? අපේ තියෙන වල් හිත හින්දා ආසාවෙං බලං හිටියට.

    ReplyDelete
  14. හැමදේම සාපේක්ශයි මල්ලි.කෙනෙක්ට කැත කෙනෙක් තව කෙනෙක්ට ලස්සනයි කියල හිතෙනව.

    මගෙත් ගොඩක්ම ලස්සන යාලුවො කීපදෙනෙක්ම බැදලා ඉන්නව,කලු අයව.ලස්සන විතරක් නෙමේ වෙන වෙන සාධකත් ඔය "කැමති වීමට" බලපාන්න පුලුවන්නේ.කලු උනාට පවුරුශය වගේ දේවල්.

    අපි විහිලුත් කරනව,යකෝ පොට්ටද ඒවගේ කොල්ලෙක් තෝරගත්තෙ කියල,ඒයාල හිනා වෙනව.ගොඩක් කෙල්ලො ආස කලු(තලෙලු) අයට,මම හිතෙන විදියට එතකොට පිරිමි ගතිය වැඩිය පේනවද මන්ද?ගිම්හානි කීව එක හරි.

    සමහර කෙල්ලො කියනව මම් අහල තියනව.අපෝ ඒකා සීනිබෝලයි,බබෙක් වගේ,බෝනික්කෙක් වගේ,හරියන්නෙ නැ එහෙම කොල්ලො කියල.ඒත් එහෙම අයටත් කැමති අයත් ඉන්නව.

    ReplyDelete
  15. math oka ambanakata dakala thiyenawa...MC ekata ehema giyahama innawa aguru kallai pol kallai wage un...e welawata ara ahinsaka pol kalla gana kochchara duka hithenawada...adenna wage..:P

    ReplyDelete
  16. හ්ම්ම්.... අනේ මංද. මේ නවම් මාවතෙත් ඔය වගේ ඒව හරියට, කලු බඩ තඩි එවුන් එක්කෙ හරිම සුවීට් ස්ලිම් ඇන්ඩ් සෙක්සි කෙල්ලො යනව නෙව. හැබැයි ඒ පයිං නම් නෙවෙයි, රෝද හතරක් උඩම තමා.....


    @ ගෝල්ඩ් ‍ෆිෂ්

    බය වෙන්න එපා, මධුරංග ගෙ කළු-කොළු-කෙළි තියරියෙ හැටියට මලයට සෙට් වෙන්න ඕනෙ , සුදු, ස්ලිම්, හොට් සෙක්සි ගෑණු දැරිවියෙක්.

    ReplyDelete
  17. අපි යාලුවො සෑහෙන්න කතා කරපු මාතෘකාවක් මේක. ලස්සන කෙල්ලන්ට කැත කොල්ලන් සෙට් වීම සහ ඒකෙ අනිත් පැත්ත. කැත කෙල්ලන්ට සුදු උස ආරෝහ පරිණාහ ලස්..............සන කොල්ලො සෙට් වීම . කොහොමද අප්පා හිත හදාගෙන ඉන්නෙ ඒ වගේ පට්ට ලස්සන කොල්ලෙක්ට කැතම කැත කෙල්ලෙක් සෙට් වෙලා ඉන්න කොට. හේතුව නම් දන්නෙ නෑ. එක එක්කෙනාගෙ ටේස්ට් එක තමා ඉතින්.

    ReplyDelete
  18. යකෝ..ඒ කියන්නෙ අපිට සුදු කෙල්ලො කැප නැද්ද?.........

    ReplyDelete
  19. සමහර වෙලාවට මට හිතෙනවා ලස්සන රූපයක් හොයන්නේ බොහෝවිට පිරිමි අපි තමයි.
    කට කොච්චර සැර උනත්..උයන්න මහන්න බැරි උනත්..පොත්ත රතු නම් ..කොල්ලන්ට ඊට වඩා දෙයක් නැනේ.

    ඒත්..කෙල්ලෝ හොයන්නේ ලස්සනම විතරක් නෙවි.
    කොල්ලගේ සල්ලි..රැකියාව..පිරිමිකම..කඩවසම් පෙනුම..එඩිතර කම..විවිධ වූ දක්ෂතාවයන්... වගේ ඒවා වෙන්න ඇති.

    අනේ මන්දා...මේ ගැන හිතුවාම ..මට හිතෙන දේවල් ..තමයි ඔය ලිව්වේ.

    ReplyDelete
  20. hmmm.matath godak wada dena prashnayak thama oka,ane mamath kalu wela ipadunanam!

    ReplyDelete
  21. කඵ එකා කැත නිසා පිට නොයයි කියල හිතාගෙන වෙන්න ඇති.

    ReplyDelete
  22. ඇත්තම සීන් එක කියනවා නම් මාත් කලුයි ... හිහ් ... හිහ් ..

    ReplyDelete
  23. අයියත් රිසර්ච් කරන්නේ මාරම ටොපික්ස් වලින් නේ... හිකිස්‌

    අපේ එවුන් නම් ඉතින් ඔය වගේ ඒවා දැක්කම " අපිට කොයින්ද පුසෝ මාලු" හරි "අපිට කොයින්ද ඉතින් බැදපු මාලූ" කිය කියා හුල්ල හුල්ල ඉන්නවා..:D

    ReplyDelete
  24. සිංහල කොල්ලෝ කවදත් කලුයි බං. :D මම නම් හිතන්‍නේ ඒක ඒ කොල්ලගේ ලැබීම..

    ReplyDelete
  25. කෙල්ලෙක් විදියට මටත් දැනෙන දේ ලියන්න හිතුනා. මම හිතන්නෙ මධු ගෙ බ්ලොග් එකට මම දාන පළවෙනි කොමෙන්ටුව වෙන්න ඇති.

    අර හැමෝම කියන විදියට " ගෑණු අරෙහෙමයි...ගෑණු මෙහෙමයි කියන මෝඩ තර්කයේ ඉන්නෙ නැතුව ටිකක් වෙනස් විදියට හිතුවොත් ඕකට උත්තරය ඉබේම ලැබෙනවා...


    පාසැල් අවදිය කියන්නෙ ඇත්තටම බුද්ධියට නැතුව හදවතට ඕනෑ විදියට තීරණ ගන්න කාලයක්. සමාජ අවබෝධය අඩු කාලයක්. ඉතින් කවුරුම හරි ආදරේ කරනවා දකිනවා නම් මමත් ආදරය කරන්න ඕනෙ කියන මතය උඩ ආදර සම්බන්ධකම් පටන් ගන්නෙ ගතු ගුණ, මුහුණ තතවය යන ඒවාට මුල් තැන දීලා නෙමේනෙ.

    ඉතින් කැත කොල්ලෙක් හරි කැත කොල්ලෙක් ඉස්සර උනොත් ...එ කෙනා එක්ක සම්බන්ධ කම ඇතිවෙන එක සාමන්‍ය දෙයක් නේද ?

    හැබැයි දැනුම් තේරුම් වයස ආවාම තත්වය ඊට වඩා වෙනස්. එතකොට ඔය මූලික සුදුසුකම් කියන ලස්සන, තත්වය සහ දැන උගත් කම හොයන්නෙ නැද්ද ?

    ReplyDelete
  26. @ - නිල් අහස -

    ඔයාගෙ අදහසට මම එකඟයි. කෙල්ලො ලස්සනට වඩා තමන්ට ලැබෙන ආදරය. රැකවරනය සහ තමන් බලාපොරොත්තුවන ආකාරයේ පූද්ගලයෙක් ලැබුනොත් ආදරය කරන්න දෙපාරක් හිතන්නෙ නෑ

    ReplyDelete
  27. මම් යාලුවෙලා හිටිය අය්යත් කලුයි.උස 5'11' විතර.එයා එච්චර ලස්සන නෑ.ඒත් මට කැමති හිතුනා,එයාගෙ ගතිගුණ ගොඩක් හොදයි.අනිත් ලස්සන කොල්ලොන්ට වඩා,ඒත් අම්මලා යාලුවො කිව්වෙ උබටනම් පිස්සු කියල.ඒ එයා එච්චර ලස්සන නැති නිසා.අපි අවුරුදු 4ක් ආදරේ කරා.අන්තිමට අපේ ගෙදරින් කැමති උනේ නෑ.ලස්සන නැති එකත් එක හේතුවක් උනා,මට අම්මල කියන දේට කැමති වෙන්න උනා.මතුපිට ලස්සන නැතිඋනාට එයාට ගොඩක් ලස්සන හදවතක් තිබ්බ.

    ReplyDelete
  28. කලු කොල්ලො අව0කයිලු...සුදු කොල්ලො ව0කයිලු..ඒකයි....

    ReplyDelete
  29. මේකයි මචං මම නම් ඕකට හේතුව දන්නේ නෑ. හැබැයි ඒ හේතුව නිසා තමයි මම වගේ හොඳ කඩවසම් කොල්ලෙක් තාම තනිකඩව ඉන්නේ :D ;)

    ReplyDelete
  30. ඒකට තමයි විවධත්වය කියන්නෙ.. බොහෝවිට එක වගේම දෙන්නෙක් කසාද බැන්දම එතැන විවිධත්වය අඩුයිනේ..

    ReplyDelete
  31. ඕක ගැන එච්චර හිතන්න එප අයියේ.. මොකද අයියත් කවදහරි කෙල්ලෙක් එක්ක යනකොට ඔය සංකල්පයම කවුරුහරි ඔයාලටත් දැම්මොත්... දැන් මම අයියා කැතැයි කියලා කිවුවා එහෙම නෙමෙයි හොදේ..:) ඔය තියරියේ වාසිය අපිටමනේ...

    ReplyDelete
  32. එහෙනම් ඉතින් අපිටත් කෙල්ලෙක් සෙට් වෙන්න එපැයි...කීයකටනම් ට්‍රයි කරාද? තාම නෝ වන් තමා අපිට...ඔය කලු කොල්ලන්ට කැමති කෙල්ලෙක් හම්බවුනොත් මටත් කියාපල්ල :)

    ReplyDelete
  33. බහුතරයක් ආසියාතිකයන් තරමක් කළුයි කියලා සාපේක්ශව හිතලා බැළුවොතින් හිතේවි . මොකද සුදුය කියන අයත් එක්ක යුරෝපීයන්ව දැක්කහම අපේ උන් මොන් සුදුද කියලා හිතෙන එක නවත්තන්න සක්කරයටවත් බැරිවේවි. හැබැයි රූ සොබාව අතින් ගත්තම නම් තලෙළු පැහැයත් එක්ක ආසියාතිකයන්ට ඇත්තේ බොහොමත්ම පියකරු ශරීර හැඩයක් . ඒ කියන්නේ ලස්සනක් . . .

    කොල්ලෝ කොහොමත් කැමති ලස්සන කෙල්ලන්ට නේ . . ඒ කියන්නේ සුකොමල , මට සිලිටු , පැහැපත් , සුලලිත් තව ඉතින් නානාප්‍රකාර දේවල් හොයනවානේ . . . නේද . .

    ඒත් ඉතින් කෙල්ලෝ හොයන්නෙ කොල්ලෙක්ගෙන් පිරිමි කම . හැඩි දැඩි , රෝමයෙන් වැසීගත් සිරුර , ගන රැවුල , තද පැහැ සම මේ වගේ දේවල් තමයි ඉතිං . කෙල්ලෙක් බොහෝදුරට කොල්ලෙක්ගෙන් පතන්නේ සීනි බෝල ආදරයක් නෙමෙයි . රැකවරනය , ආදරය , රිදවීම් මේ හැම දෙයක්ම කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් පතන දේවල් .

    ඔන්න ඔහොමයි මට හිතෙන්නේ . තව දෙයක් කියන්නම් . ඕනම කෙල්ලෙක්ගේ ලග ඒ ඒ කෙල්ලට විශේශවූ අමුතුම ලස්සනක් තියෙනවා . ඕනම කැතයි කැතයි කියන කෙල්ලෙක් දිහා බලන්න . දැනේවි , පෙනේවි . . . කොයිම වෙලාවකත් මතුපිටින් ජීවිතය දිහා නොබලන තරමට අපිට ජීවිතය දිනන්න පුළුවං කියලා මට හිතෙනවා .

    තවත් පණු කතාවක් කියලා හිතෙනවද මේක කියෙව්වම . හෙහ් හේ . . දැණුන දේ අමුවෙන්ම ලිව්වා . . .

    ReplyDelete
  34. මාත් දිල් කියපු දේට නම් එකඟයි. ඉස්කෝලෙ යන කාලෙදි ආදරේ කරන්නෙ හදවතට ඉඩ දීලා. ජාතිය, ආගම, වත් පොහොසත්කම්, කුලය, ලස්සන, වයස වගේ කිසිම දෙයක් ඒ ආදරයට බලපාන්නෙ නෑ. ඒත් ඒ දෙන්නාම ඊට වඩා වයසින් වැඩි කාලයකදි බුද්ධියත් එක්ක තීරණ ගනිත්දි කලින් තීරණ වෙනස් කරනවා.

    ඒ වගේම කියන්න ඕන මගේම අත්දැකීමෙන් මම දන්නවා කෙල්ලොන්ට වඩා කොල්ලො ලස්සන couples ඕන තරම් ඉන්නවා. මම නම් හිතන්නෙ ඇත්තම ආදරය තියෙන්නෙ නම් බුද්ධියට වඩා හදවත ගන්න තීරණයෙ කියලා.

    ReplyDelete
  35. ඔය පියරු බබාලා වගේ ඉන්න සුදු කොල්ලොන්ට, ගොඩක් කෙල්ලෝ කැමති නෑ.

    ReplyDelete
  36. හුටා දැන් හොයපන්කෝ කලු වෙන්න ක්‍රමයක්

    ReplyDelete
  37. අඩේ ඒ කියන්නෙ මධුරංගයෝ මටත් ලස්ස්න සුදු කෑල්ලක් සෙට් වෙයි නේද? එල එල. උඹත් මේ අනිත් කපල් දිහා බලල හූල්ලන්නෙ නැතුව උඹට එකක් හොයාගනින්කො.

    @දිල්
    ඒ කතාවට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න බෑ අක්ක. කැම්පස් ආව කියන්නෙ දැනුම් තේරුම් තියන වයසක් නෙ. ඉතින් ඔය වගේ කපල් කැම්පස් වලත් ඉන්නව නෙ. මම නම් හිතන්නෙ හොඳ හදවතක්, හොඳ බුද්ධියක් තියන කෙල්ලෙක් ලස්සන කියන දේට දෙන්න අඩු තැනක්. හැබැයි සමහර වෙලාවට කොල්ලගෙ පෝසත්කම කියන එක ප්‍රධාන සාධකය වෙලා ඇති වෙන ඔය වගේ සම්බන්ධකමුත් තියනව.

    ReplyDelete
  38. කළු උනත් සුදු උනත්... හදවතේ කරුණාවක් නැත්නම් කොල්ලවත් කෙල්ල වත් වැඩක් නෑ...
    කෙල්ලන්ට වගේම කොල්ලන්ටත් කියන්න තියෙන්නෙ පොත්තෙ පාට බලන්නෙ නැතුව හිතේ ලස්සන බලන්න කියලා... නැත්නම් පොත්ත ගැලවිලා ගිය දාට අඬන්න වෙයි...

    දවසක් මම කතරගම ලක්ෂ්මී දේවාලෙ ලඟ ඉන්නකොට පොඩි (16 ක විතර) කොල්ලෙක් ඇවිත් "මම දෙවියන්ගෙන් ඉල්ලන්නෙ සුදුපාට කෙල්ලෙක් හම්බෙන්න කියලා" කියල යාලුවෙක් එක්ක කිය කිය ගියා.. :D

    ReplyDelete
  39. ලස්සන කියන දේ සාපේක්ෂයි මධු අයියෙ. මට ලස්සන දේ ඔයාට ලස්සන නැති වෙන්න පුළුවන්! අපි යාලුවො ‍තෝරගනිද්දි කැත ලස්සන බලන් නෑනෙ! ආදරේදිත් එහෙම වෙන්නැති.

    ReplyDelete
  40. @ Kasun

    මල්ලි හිතන්නෙ කැම්පස් එන හැමෝම බුද්ධියට ඉඩ දීල තීරණ ගන්නවා කියලද ?

    එහෙනම් ඉතින් අර තරමට ආදර සම්බන්ධකම් කැඩිලා යන්නෙ ඇයි කැම්පස් එක ඇතුලෙදි ?


    කැම්පස් ආව ගමන් දකින නිදහස සහ අනිත් අයගෙන් බේරිලා ඉන්න ලැබෙන රැකවරණය කියන දේවල් නිසා තමා කැම්පස් එකේදි උනත් ඔය වගෙ සම්බන්ධතා තියෙන්නේ.

    ReplyDelete
  41. මාත් කලුයි තමා.. අම්මෝ ලබන ආත්මෙත් කළුම වෙලා ඉපදියන්..

    ReplyDelete
  42. @prasanna86k :
    අපෝ මම නම් ඉරිශියා කරන්නේ නෑ. අයියා හරි. ඒක තමයි ඒකගේ ලැබීම !!!

    @බීටා :
    ඒක හරි මල්ලි.

    @සාතන් :
    ඔව් ඒ තර්කයත් හරි.

    @සරත් ලංකාප්‍රිය :
    ඒක තමයි අයියේ. තමන්ගේ හිත ගිය කෙනාට තමයි කමති. එයා කත හෝ ලස්සන වෙන පුලුවන්. :)

    ReplyDelete
  43. @Gimhani :
    නෑ නෑ සුදු අයියලා තරහා වෙන්නේ නෑ. ඔයා කිව්වේ ඔයාගේ අදහස නේ. :)

    @සනා :
    එහෙනම් උබයි මායි එකම බෝට්ටුවේ. :)

    @නදීර සඳරුවන් ලියනගේ :
    කළු හැමෝටම සෙට් වෙන එකක් නැද්ද මන්දා. :(

    @ADK කොලුවා :
    අනිවා.... ගෑනියෙක්ගේ හිතක් ගෑනියෙක්ටම තමා තේරුම් ගන්න පුලුවන් වෙන්නේ.

    ReplyDelete
  44. @blog gadol :
    කතාව ඇත්ත නේන්නම්. :)
    මගේ අඩවියට බ්ලොග් ගඩොල් පූසන්ව සාදරයෙන් පිලිගනිමු !!!!

    @Sabith :
    අඩේ මල්ලි උබ සුදු කොල්ලේද ???

    @පන්සල් හංදිය :
    කෙනෙක් ලස්සනයි කැතයි කියන්නෙ නම් තව කෙනෙකුට සාපේක්ශව. සාපේක්ශතාවය නැත්නම් එහෙම කියන්න බෑ.

    මම ගත්ත උදාහරනේ වැරදි වෙන්න පුලුවන් අයියා. ඒත් මම කියන්න ගත්තේ Love at first sight වෙන්නේ කලු කෙනෙක්ට. ඔන්න අදහස් ගලපලා කතා බහ කලාට පස්සේ ගැලපෙන එක වෙනම කතාවක්.එතකොට නම් කමති වෙන්නේ රූපෙට වඩා අදහස් වලා.

    ReplyDelete
  45. @sameerausa :
    ඒක හරි. හිත ගත්ත කෙනා නේ !!!

    @දිනුක ජයකොඩි :
    ඒක හරි ෆැශන් නම් අන්තිමයි. ඒත් එයාලගේ සමහර සිතුම් පැතුම් නම් හොඳයි. :)

    @ගලායන ජීවිතය :
    ඒක හරි සමහරු සුදු උනාට මේ ලෝකේ පෞර්ෂයක් නෑ. මම හිතන්නේ ඒ අදහසත් හරි.

    @දිලීප :
    අම්මෝ උබත් යන තැන් !!!

    ReplyDelete
  46. කැම්පස් එන හැමෝම බුද්ධියට ඉඩ දීල තීරණ ගන්නව කියන්න බෑ තමයි අක්ක. ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් ඒක පස්සෙ යන කොල්ලොත් ඉන්නව. හැබැයි එහෙම අය ගොඩක් අඩුයි. මොකද ඉස්කෝලෙ කාලෙ එහෙම කරපු අය කැම්පස් එනව අඩුයි නෙ.

    අනිත් එක බුද්ධිය නෙමෙයි මොකක් තිබුනත් කෙනෙක් එක්ක යාලු වෙන්න කලින් ඒ කෙනාව සීයට සීයක් තේරුම් ගන්න බෑ නෙ. ඒක හරියටම තේරුම් ගන්න පුලුවන් ආස්‍රය කලාම විතරයි. ආස්‍රය කරද්දි දෙන්න ගැලපෙන්නෙ නෑ කියල තේරුනාම දෙන්න වෙන් වෙනව. ඒ බුද්ධියෙන් කල්පනා කරන නිසා. (හැම සිද්දියක්ම එහෙම නෙමෙයි. වෙන වෙන හේතුත් ඇති.)

    අනිත් එක අක්කෙ ලස්සන කියන එක කලින්ම දකින දේ නෙ. ලස්සන ගැන තීරණයක් අරගෙන නෙ යාලු වෙන්නෙ. මගදි නවතින සම්බන්දකම් වලට ලස්සන කියන දේ අදාල වෙන්නෙ නෑ නෙ.

    අක්ක නිල් අහසට දීපු උත්තරේම තමයි මාත් කියන්නෙ. සැලකිය යුතු ප්‍රතිශතයක් කෙල්ලො ලස්සනට වඩා ආදරය, ගතිගුණ, අදහස් ගැලපීම, රැකවරනය වගේ දේවල් බලනව. ඒත් අක්ක දැන් කියන්නෙ වෙන කතාවක් නෙ.

    ReplyDelete
  47. @nawammawatha :
    අම්මෝ නවම් මාවත හරියෙන් පයින් යන කවුරුත් නෑනේ. ඔක්කොම යන්නේ වාහන වලින් නේ.
    අයියා කියන විදිහට නම් ඒ කෙල්ලෝ කමත් වෙන්නේ ඒ මනුස්සයාට තියෙන සල්ලි බලේට වෙන්න ඇති.

    මාලුවා අයියට නම් ලස්සන කෙනෙක් ඉන්නේ යශෝදරා කියලා. :)

    @පිණිබිඳු... :
    ඒක හරි පිණිබිඳු. එක එක්කෙනාගේ සිතුම් පැතුම් වෙනස් නේ. :)
    හැබැයි ඔයාලගේ ආදරය නම් මීට වෙනස්. දෙන්නම ලස්සනයි නේ :)

    @හරී :
    නෑ නෑ හරියෝ අකප නෑ.
    අපි උනත් සුදු කෙල්ලෙක්ගෙන් අහන්න යද්දි හිතනවනේ මේකිට නම් අනිවා කොල්ලෙක් ඉන්නවා කියලා. ඒ නිසා අහන්නේ නෑ. බලාගෙන ගියාම කට්ටිය ඔහොම හිතලා අහන්නෙ නෑ.
    අහපු පලවෙනි එකා ලස්සනද කැතද කියලා බලන්නේ නෑ යාලු වෙනවා.
    අන්න එහෙම එකක් හොයා ගමු. :)

    @- නිල් අහස - :
    ඒක හරි අයියා. බෝනික්කෝ වගේ ඉන්න කෙල්ලෙක්ට උයන්න බැරිනම් වැඩක් නෑනේ.
    අයියගේ අදහස ගොඩක් වටිනවා.

    ReplyDelete
  48. @Anonymous :
    කලුතෙල් බැරල් එකකට බැහැලා හිටියනම් හරි. :)

    @``` Outsider``` :
    ඔව් එහෙමත් වෙන්න ඇති. :)

    @පන්සල් හංදිය :
    හික්ස්.... ඒ කියන්නේ පවිත්‍රා අක්කා ලස්සනයි කියන එක නේ. :)

    @ChammA :
    අපිත් ඔහොම හීල්ල හීල්ල ඉන්නවා මල්ලි. :(
    මොනා කරන්නද අපේ ලැබීම නේ.

    ReplyDelete
  49. @Kanishka | කණියා :
    ඒක හරි කණියෝ. සිංහලයෝ කලු තමා.

    @දිල් :
    ඔයගේ තර්ක වලට මම එක හෙලාම එකඟයි. මොකද මමත් ඔය දේවල් දැකලා තියෙනවා. එකම ගෑනු ළමයි සෙට් එකක ඉන්න දෙතුන් දෙනෙක් ගොඩ ගියාම අනිත් අයත් උත්සහ කරන්නේ කාත් එක්ක හරි යාලුවෙන්න. එතකොට ඉතින් අහන පලවෙනි කෙනා කැත හෝ ලස්සන කියලා වෙනසක් නෑ කැමති වෙනවා.

    නමුත් තේරුම් ගන්න කාලයට එනකොට ලස්සනට වඩා හොයන්නේ අදහස් ගැලපීම් වගේ දේවල්. ඔය පාසල් කාලයේ සිද්ද වෙන ආදර කතා කීයෙන් කීයද සාර්ථක වෙලා කසාදයක් වෙනකන් යන්නේ.

    @Anonymous :
    ලස්සන තියෙන්න ඕනේ හදවතේ. හිත ලස්සනයි නම් ඒක තමා ඕනේ. ඔය මතුපිට ලස්සන කියන දේ තාවකාලිකයි. මොකක් හරි දෙයක් වෙලා ඒ ලස්සන නැති වෙන්න පුලුවන්.

    ඒත් එහෙමද හදවතේ ලස්සන ??? ඒ මනුස්සයා වෙනස් නොවුනොත් ජීවත් වෙලා ඉන්නකන්ම තියෙනවා.

    @හිතුවක්කාරි :
    අනේ මන්දා ඒකනම් කියන්න දන්නේ නෑ. :)

    ReplyDelete
  50. @පූසා :
    පූසා අයියත් එහෙම නම් අපේම බෝට්ටුවේ කෙනෙක්.

    @RoshanHerath :
    ඒක හරි.ඕනම දේක විවිධත්වයක් තියෙන්න ඕනේ. ඒ විවිධත්වය හින්දම තමයි ලෝකය මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ.

    @Dinesh :
    අපෝ මම නම් මල්ලි කෙල්ලෙක්ගේ ලස්සනක් බලන්නේ නෑ. හිත හොඳ එකියක් නම්, අදහස් ගැලපෙනවා නම්, මට ආදරේ නම් ඒ ටික ඇති මට.

    @චාටර් කොල්ලා :
    ඊට කලින් මට කියහල්ලා. මාත් තනිකඩයි නේ. :)

    ReplyDelete
  51. @සුශාන් ප්‍රියනාත් රත්නායක :
    අපෝ පණු කතාවක් කියලා හිතෙන්නේ නෑ. පට්ටම අදහස් ටිකක්. මාරම වටිනවා.
    ඇත්ත. පිටරට අයට වඩා අපේ කට්ටිය ගොඩක්ම පියකරුයි. ඒ වගේම ලස්සනයි. යුරෝපියයන්ගේ තියෙන්නේ සුද විතරයි.

    @හංසි :
    ඒක හරි නංගි. දිල් එක්ක වගේම ඔයාගේ අදහසුත් එක්කත් මාත් එකඟයි. අපි ආදරය කරනකොට රූපය මත්තෙම එල්ලිලා ඉන්න හොඳ නෑ.

    @nikama :
    ඒක හරි.

    @Anonymous :
    ඔන්න ඔහේ නිකා ඉදහන් බං. කලු වෙන්නේ මොකටෙයි.

    ReplyDelete
  52. @Kasun :
    අම්මෝ ඒ කාලේ නම් මම කෙල්ලෙක් දිහා බලන්නෙත් නැති තරම්. ලව් සීන් කරලා විභාගේ අන ගන්න බෑනේ. එතකොට දෙමව්පියන්ගේ සල්ලි අපරාදෙනේ.

    දැන් නම් එකෙක් හොයාගන්නම ඕනේ කියලා හිතෙනවා.

    @තාරා :
    ඒ කොල්ලට එහෙනම් සුදු කෙල්ලෙක් සෙට් වෙන්න ඇති.
    ඇත්තටම මමත් කියන්නේ ඕකමයි.

    @විසිතුරු :
    ඒක හරි. ආදරය කරනකොට බලන්නෙ අදහස් ගලපීම වගේ දේවල් නේ.

    @දිල් :
    මටත් කසුනා වගේ පොසත් කම හින්දා නැති වෙච්ච ආහර කතා තියෙනවා.
    දිල් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. කැම්පස් ආවම ගෙදරින් ඈත් වෙලා ඉන්න නිසා ආරක්ෂාවත් හොයනවා. ඒ ආරක්ෂාව කොල්ලගෙන් ලැබෙන නිසා ඒ ආදර කතා ටිකක් පවතිනවා.

    කසුන් කියන කතාවත් යම්තාක් දුරට හරි.

    @සරත් ලංකාප්‍රිය :
    අම්මෝ මේ මොකෝ !!!

    ReplyDelete
  53. @දිල්
    කලින් දාපු කමෙන්ට් එකේ '@දිල්' කියල දාන්න අමතක වුනා අක්ක. (46 වෙනි එක)

    ReplyDelete
  54. හේතුව නම් දන්නේ නෑ සහෝ ,ඒත් හොඳ ඇපල් කන්නේ පනුවෝ කියන එක මමත් දැකපු දෙයක්..

    ReplyDelete
  55. අම්මෝ... වෙලාවට පණුවෙක් උනේ..... ! කොහොම උනත් මේක හරිම සාපේක්ෂයි. මට තේරෙන විදියට කෙල්ලෝ ගොඩාක් ම බලන්නේ උස, මහත! ඒ වගේ ම හොඳ ආරක්ෂාවක්, රැකවරණයක් ලැබෙයිද කියලත් බලනවා. උස මහත බලන්නේ ඒක නිසා වෙන්න ඇති! බලාන ගියා ම කලු වෙලා ඉපදෙන එකෙත් ලොකු වාසියක් තියෙනවා වගේ...

    ReplyDelete
  56. @Kasun :
    අම්මො දැන් හරි ඒක දාපු එක හොඳයි. :)

    @චතුර.... :
    ඒකනේ කියන්නේ. ගොඩක් කට්ටිය දැකලා තියෙනවානේ. :)

    @ලහිරු :
    කලු උනාම වාසිත් තියෙනවා තමා. මම ඉස්සර නම් හිතන් හිටියේ කලු උනාම මාර අවාසියක් තියෙන්නේ කියලා.

    ReplyDelete
  57. අඩේ...මාත් කලුයිනේ...
    ෂා...ඒත් මට තාම සෙට් උනේ නෑනේ ඔහොම එකක්....!!!!!!!!!

    ReplyDelete
  58. lassana kena dannawa lassana unahama eiya dihata as kiyak yomuwenawada kiyala pare yaddi unath.eika nisa hoyanne katha ayawa. parissam karanna lesii wagema issarahata prashnath adui.

    Ambi

    ReplyDelete
  59. ඕකට හරියන තවත් වැකියක් තියෙනවා "වඳුරෝ කන්නේ රස පලතුරු" ඒකෙත් ඔය අදහසම තමයි උද්දීපනය වෙන්නෙ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.