01 July 2011

නමක් හින්දා විඳින වදයක්

දවසක් මම අදුනන යාලුවෙක්ගේ මාමා කෙනෙක් එක්ක කතා කර කර හිටියා. ඒ මනුස්සයාට යමක් කමක් තියෙන හෙනම ශෝ එකට කැමති කෙනෙක් කියන එක කතාබහෙන්ම මට තේරුනා. ඒ නිසා ඒ මනුස්සයාව මුරුංගා අත්තෙ තියලා තමයි කතා කලේ. මොකද ඒ වගේ මිනිස්සු මාරම ආසයි සමාජයේ කැපී පෙනෙන්න. කොහොමහරි කතාව වෙනතක ගිහින් තමුන්ගේ ළමයි ගැන කතාවට ආවා.

ඒ මනුස්සයාත් හෙනම ආඩම්බරයෙන් කියනවා අපේ දූට නම තිබ්බේ අර ප්‍රසිද්ධ මනුස්සයා කියලා. මාත් ඉතින් දුවගේ නම මොකද්ද කියලා ඇහුවා. නම තමයි "විසූකී ජයනිමා". ඒ නම ඇහුවට පස්සේ මට හිතුනෙම ඒ අංකල් ඉල්ලගෙන මාමයිට් ගාගත්තා වගේ කියලා. කොටින්ම නෙගටිව් නමක් නේ.මම ඉතින් ඒ බවක් නොපෙන්නලා

"මාරම ලස්සන නමක් නේ අංකල්. අර ගාථාවකුත් තියෙන්නේ 'නච්ච ගීතවාදිත විසූක දස්සන මාලා ' කියලා" කිව්වා.ඒක කිව්වා විතරයි ඒ අංකල්ගේ මූන හතරැස් උනා. ඇයි යකෝ මං වැරැද්දක් කලායෑ.

"නෑ නෑ පුතා එහෙම නෙමෙයි. විසූකි කියන්නේ විශ්වය වගේ අදහසක්. ජයනිමා කියලා කියන්නේ ජයෙන් නිමා කරනවා කියන එකයි." මාමා කාරයා එහෙම කිව්වම තමයි මටත් වැටහුනේ. යකෝ නමක් දානකොට කියවපු ගමන් නමේ තේරුම පැහැදිලිවෙන විදිහට දාපිය. ඔය ගෙදරම තව දුවෙක් ඉන්නවා. එයා උපන් නැකතේ හැටියට අකුරු ලැබිලා තියෙන්නේ 'ලො' යන්න.

ඒ අංකල්ගේ ගෙදර එකෙක් ලෝ ලෝ ලෝ කියකිය ඉදලා එක පාරටම කියපි "දුවට අපි ලොවමිණි ලෝෂනා දිදුලානි කියලා දාමු " කියලා.නම නම් ලස්සනයි.ඒ උනාට දැන් එක එකා ලොවමි, ලෝ මනි, නෝ මනි, ලොවි කිය කිය විහිලු කරනවා කියලා හෙනම දෝස්මුරයක් දානවා. ඔය වගේ අපේ ගෙවල් පැත්තේ කොල්ලෙක්ගේ උපන් නැකතට නමේ අකුරු විදිහට ලැබිලා තියෙන්නේ "බු" යන්න. ඌ කෙලින්ම 'බුදත්' උනා.

ඔය විද්වතා ලගට අපේ ගෙවල් පැත්තේ කට්ටියක් චූටි ගෑනු ළමයෙක්ට නමක් දාන්න අරගෙන ගිහින් තිබුනා. නැකත් අනුව ලැබිච්ච අකුර 'සු' යන්න ලු. නම දැම්මේ සුනකී කියලාලු. ගෙදර කට්ටිය "මෙන්න මෙහේ වරෙන් ගෑනියේ... !!!" කියලා ගෑනිවත් ඇදගෙන එන්න ආවලු. ඒ නමේ තේරුම සූ + නකී එහෙමත් නැත්නම් ලස්සන නියපොතු වගේ අදහසක් ලු.

"අයියේ, අපේ ෆැකල්ටියේත් පට්ට නමක් තියෙන කෙල්ලෙක් ඉන්නවා බං. එයාගේ නම 'තඹර වර්ණ නයන දර්ශනී'. එල නේ ? කොටින්ම නම කියවපු ගමන් තේරුමත් ගෙඩිය පිටින්ම!!! නෙලුම් මලේ පාට ඇහැට ප්‍රිය දසුනක් !!!!" අපේ මල්ලිගේ කතාව ඇත්ත කියලා මටත් හිතුනා. නමත් සරලයි. තේරුමත් සරලයි.

සමහර දෙමල අයගේ නම් කියන්න ගියාම මාරම කට්ටක් කන්න ඕනේ. දවසක් මම ටියුට් එකක් භාරදෙන්න ගියා. ඒක භාර දෙන්න ඕන අක්කගේ නම කියන්න ගිහින් දිව හතරට පලාගත්තා. ඒ අක්කගේ නම තමයි "රත්නසභාපතිපිල්ලෙයි මතුරලයිනි". නමේ කොයි කෑල්ල කිව්වත් දිව උලුක් වෙනවා.අන්තිමේ මං "මතු අක්කා" ඉන්නවද කියලා තමයි ඇහුවේ. ඒ වෙද්දි දිවට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

නමක් උනාම සරල ඒ වගේම ලස්සන තේරුමක් තියෙන එකක් වෙන්න ඕනේ. ඒ වගේම නමේ ලස්සන තව වැඩි වෙන්න හොද දේවල් කරන්නත් අමතක කරන්න හොද නෑ.

69 comments:

  1. ඔය වගේ අපබ්‍රංස නම් දාන්නෙ කව්ද කියන්න ඕන නෑනෙ...
    ඒ අතිං බලපන්කො මධුරංග කියන්නෙ මොන තරම් හොඳ නමක්ද කියල නේද බන්?....

    ReplyDelete
  2. දැන් දාන ගොඩක් නම් එහෙම තමයි. ඒ ළමයින්ට තව මොකක් හරි කියන්න පුලුවන් වෙන නමකුත් දාගන්න වෙනවා. නැත්තන් කතා කරන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
  3. hikz..Some people are following others blindly,not only in names ,bt in many more things
    im sorry malla ,i dont have sinhala fontz here in my compt.good post

    ReplyDelete
  4. මගෙත් ලොකු දුවට නම තියන්න ගියෙ ඔය අහවලා ලඟට තමා, අහවලා දාන ඕන නමක් ටග් ගාලා කියන්න පුලුවන් දැම්මෙ අහවලා කියලා ...

    මමත් හිතුවා ඉතිං නියමයිනෙ අහවලානෙ නම දැම්මෙ කියලා, අනේ අහවලා නම් දාපු දෙතුන් දෙනෙක් සෙට් උනා, ඔක්කොම නම් එකම විදියයි ........

    මගේ දෙවෙනියට නම දැම්මෙ අපි දෙන්නා එකතු වෙලා, මුල් කෑල්ල වයිෆ් දැම්මා දෙවෙනි කෑල්ල මම දැම්මා .......

    ReplyDelete
  5. මට නම් ඔය මනුස්සය දාන නම් කියන්නත් බෑ ලියන්නත් බෑ .....

    ReplyDelete
  6. අපේ එකෙක් ඉන්නවා. උගෙ නම රුහිරු වින්දන

    රුහිරු = ලේ
    වින්දන = විඳිනවා..
    එක්කෝ රීරි යකා එක්කෝ ඩ්‍රැකියුලා

    ReplyDelete
  7. ඕව මොනවද,v,w,x,z අකුරු පෝලිමට තියෙන රුසියන් නම් ටිකක් අරගෙන කියවල බලන්නකො දිවට පොඩි ව්‍යායාමයකටත් එක්ක

    ReplyDelete
  8. සමහර අයට නමේ මුල් කෑල්ල විතරයි දෙන්නේ.එහෙම කෙනෙකුට දුන්නළු මුල් කෑල්ලට "දිලනි" කියලා දාලා දෙවැනි කෑල්ලට තමන් කැමති ගැලපන එකක් දාන්න කියලා.අම්මයි තාත්තයි දෙන්න එකතුවෙලා නම දැම්මළු "දිලිනි යෝනිකා" කියලා.ඒ නම අහල නෑදෑ කෙනෙක් කිව්වළු "බොහොම ලස්සන නමක්.ඊලගට පුතෙක් උපන්නොත් පකෝරිස් කියල නම තියන්න කියලා.

    ReplyDelete
  9. අනේ මන්ද සරත් කිව්වලු... ඔය කියන මනුස්සයාගේ දුව තමයි දැන් නම් දානේ.. නමක් දාන්න රුපියක් 3000 ගන්නවලු. ඒත් දෙන්නේ පට්ට ආතල් නම්.

    මගේ ඔපීසියේ හොදම යාලු අයියකෙනෙක්ට පුතෙක් හම්බ උනා. නමේ මුල් අකුර "සෙ" ඔය ගෑනි දීල තියනවා නම් සෙට් එකක් තියන ෆයිල් එකක්, එකේ තිබුන එකනමක් මට හොදට මතකයි
    නම තමයි "සෙනොන්" (අර සෙනොන් බල්බ් තියෙන්නේ) මේවා දැම්මොත් කොල්ල ඉස්කෝලෙදි බයිට් වෙලා සියදිවි නසාගන්නවා.

    අර "ලොවමි" කෙල්ල අපේ වයසේ අපේ පන්තියක හිටියනම් අනිවා බෙල්ල වැල දාගන්නවා. ලොල්ය.... හිකි හිකි...

    ReplyDelete
  10. මගේ කසින් කෙනෙක් ඉන්නවා එයාගේ නම් ඉනසන්ට්.... හික්ස්

    තව මෙහේ ඉන්න බාගෙට බාගයකටම තියෙන්නෙ එකම නම්.... ඩෙවිඩ්,, =දතෝ.. ජෝර්ජ්= ගියෝගි .. ගෑනු අයට තමාරා... පොඩි එකාටත් ඒ නම් නාකි මනුස්සයාටත් ඒ නම්..... තව මේ මිනිස්සුන්ගේ නමේ අන්තිමේට 'විලි' කෑල්ල දානවා,,
    Giorgi Lekishvili.... Naia Dathuashvili

    විලි කියන එකේ තේරුම තමා... ගේ දරුවා කියන එක..
    Lekish ගේ දරුවා Lekishvili

    අයියා කියන්න බලන්න.. නරක ගෑනි ගේ දරුවා කව්ද කියලා.. වේ**ගේ පුතා කියන එක .. බොදිශ්විලි

    ReplyDelete
  11. අනේ මන්ද කාටවත් නැති නමක් දාන්න ගිහින් අපේ අය ළමයින්ට දාල තියෙන නම් හොඳයි උච්චාරණය පුරුදු කරන්න. එක ගැණු ළමයෙකුගේ නම කාමිණි.. කාමිණි කියන්නේ කමාෂාවෙන් අගතැන්පත් කියන එකනේ. පවු නේද ඒ ළමයට ? ඒ අතින් එංගලන්තේ රජ පවුල සිම්පල්. ජෝර්ජ්, චාර්ල්ස් හෙන්රි ඔහොම එකම නම් දිගටම යනවා.. හැබැයි ඉතින් කාපෙන්ටර් බුචර් වගේ නමුත් තියෙනවා.,.

    ReplyDelete
  12. ඇයි ඉස්සර ඉස්කෝලේ යන කාලේ කෙල්ලන්ගේ නම් විකෘති කරල අසභ්‍ය විහිළු වදන් හැදීම කොල්ලන්ගේ විනෝදාංශයක්නේ
    විමාෂි නම "විනාශි" කරනවා.
    එතකොට ඔය "රමණි,වසුන්දරා,ශ්‍යාමලී ... වගේ නම් වල තේරුම් හොයාගෙන කොලොප්පන් කරන එක
    වසුන්දරා = එම මල් ජාතිය,වත්සුනු දරාගත්,වසුරු දරාගත්,...
    ශ්‍යාමලී = තලළු මුහුනක් ඇත්තී
    රමනී = මේක ලියන්න බැහැ.කව්රුත් දන්නවා.

    ReplyDelete
  13. පට්ට නම් ටිකක්නෙ අද හම්බ උනේ... එහෙම බැලුවම ඉස්සර කාලේ දාපු නම් දාහෙන් සම්පතයිනෙ දැන් ඒවාට වඩා...!

    ReplyDelete
  14. @ D.K කොළුවා..

    ඒ මනුස්සයා නමක් දාන්න ගන්නෙ රුපියල් දෙසීයපණහක් හරි රුපියල් තුන්සීයක් හරි විතරයි.

    ReplyDelete
  15. ඔය කියන මනුස්සයා ගෙන් නමක් ඉල්ලනකොට පැහැදිලිවම තමන්ට උවමනා කරන්නෙ මොන විදියේ නමක්ද කියල කිව්වාම එවන නම් යුගල් හතලිහෙන් එහා මෙහා කරල කැමති එකක් ‍තෝරගන්න ඕන තරම් නිදහස තියනව. එහෙම ගැලපෙන නමක් නැත්නම් ඒ සමඟම දෙන තවත් සුභ අකුරු රාශියෙන් තමන්ට ගැලපෙන නමක් හදාගන්න කිසිම බාධාවක් නෑ. ඒත් ඉතිං මෝඩ විදියට නමක් ‍තෝරගත්තොත් බඩුම තමා.

    ReplyDelete
  16. නම් නම් සරලව තියෙන තරමට ලස්සනයි..ඔය කාට කාටත් කියලා දානවට වඩා අම්මයි තාත්තායි එකතු වෙලා දාන නමයි ලස්සන.

    ReplyDelete
  17. කියලා වැඩක් නෑ සහෝ ඔය දේවල් කියන්න්න ගිහින් මට බැනුනුත් අහන්න වුනා, අපේ අක්කගේ පොඩි එකා උපන් වෙලාවේ නම තියන්න ගියා ඔය කියන සීය ගාවට, දීල තිබ්බ මහා බර තියෙන අම්මගෙයි තාත්තගෙයි නම් එකතු කරලා හදලා දුන්නු නමක්, ඒක දැකල මට හතර හිනා ඒ විතරක්යයි කට තියන් ඉන්න බැරි කමට මෙහෙමත් ඇහුවා, ඇත්තටම ඇහුවා නෙවෙයි ඇහුනා. අපිට නම් තියලා තියෙන්නේ අම්මයි තාත්තයි නිසා මම ඇහුව ඔය දරුවගේ තාත්තා අර සීයද කියලා..?
    මට ඉතින් කට තියන් ඉන්න බැරි ලෙඩේට ඉතින් අහ ගන්න වුනා.. ඒක නෙවි ඔය සීයගෙන් නම තියන්න හේතුව නම් දන්නේ නෑ.. හැබැයි අහන අහන එකා කියන්නේ අහවලාගෙන් නම තියා ගත්තය කියලා මහා ආඩම්බරයෙන්..

    ReplyDelete
  18. @jothishalanka
    මමනම් ඔය යෝනිකා කතාව අහල තියෙන්නේ වෙන විදියකට. ඔය නම් තියෙන මනුස්සයගෙන් දවසක් මනුස්සයෙක් "යෝ" මුලට දාල තමන්ගේ දුවට නමක් ඉල්ලලා තියෙනවා. ඒ වෙලාවේ නමක් දීල පස්සේ දවසක හම්බ වුනාම අහල තියෙනවා , ආ දුවට නම තිබ්බද කියල. එතකොට ඒ මනුස්සය කිව්වලු, අනේ ඒ නම කියන්න අමාරුයි, අපි වෙන නමක් තිබ්බ කියල. එතොකොට නම් තියෙන මනුස්සය ඇහුවලු, ආ ඇත්තද මොකක්ද තියපු නම කියල. එතොකට කිව්වලු යෝනිකා කියල. ඒ පාර ඒ මනුස්සය කිව්වලු , ආ හොඳයිනේ , එහෙනම් පුතෙක් හම්බවුනාම "පකෝරිස් " කියල තියන්න කියල.

    නම් ගැන කිව්වම මතක් උනේ. මේකත් පොඩ්ඩක් බලන්න.
    http://www.youtube.com/watch?v=VHlkJ1RIZuo

    ReplyDelete
  19. Gimhani
    හික්ස් . අන්න ඒකට අපේ නම්. ගිම්හානි බැරිනම් ගිමා කියල හරි කියන්න පුලුවන්නෙ නේද?
    Gimhani

    ReplyDelete
  20. හප්පොච්චියෙ මම කලින් පොස්ට් එකේ බින්දුවක් වැඩිපුර දාල නෙව. සොරි වෙන්න ඕනේ 300 තමා.. 3000 නෙමේ...

    ReplyDelete
  21. @nawammawatha මමත් නවම් ගෙ කතාවට එකඟය්. 300/=ක් තමය් ගාන.

    ReplyDelete
  22. අපේ පන්තියේ හිටියා සමේන්ද්‍රාණී කියලා ළමයෙක්. පන්තියෙ උන් ඒකිට කියන්න ගත්තා සාම්බ්‍රාණී කියලා. තව කොල්ලෙක් හිටියා තනුක කියලා. කෙමෙස්ට්‍රි වලදි තනුක සල්ෆියුරික් තනුක නයිට්‍රික් කියන ගානෙ අපිට මැරෙන්න හිනා.

    ReplyDelete
  23. මොනවා කරන්නද ඉතිං ඉපදෙනකොටම අපිටම නම් දාගන්න පුළුවන් එකක්යැ

    ReplyDelete
  24. අපේ නම්...දැම්මේ නම්, අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා. පොඩි මල්ලිට නමක් හොයද්දි මායි..ලොකු මල්ලියි...එයාලට උදව් උනා.

    ‍නමත්...වදයක් වෙන තවත් අවස්ථාවක් මේක.

    පුද්ගල පෙෘරුෂය අභිබවා, නම පුම්බන්නයි..හුගක් අය ආසා.

    ReplyDelete
  25. හෙහ් අද කොමෙන්ට් එකක් දාන්න ටිකක් පරක්කු උනානේ.නම් ගැන නම් කියලා වැඩක් නැත.

    අත්තම්මලාගෙ කාලෙ: ටිකීරි මැණිකා,සෙලෙස්තිනා,රං බණ්ඩා,එතනා හාමි,මල් හාමී,සියදෝරිස්......

    අම්මලාගෙ කාලේ: ලීලා,කුසුමා,අනුලා,කරුණා,විමලා,කමලා,ධර්මරත්න,බණ්ඩාර,දිසානායක,ධනපාල,හේරත්,නවරත්න......

    අපේකාලේ:සමන්ති,නදීකා,නිලූකා,චතුරිකා,ප්‍රසාද්,අසංක,ජනනී,මධුරංග...

    දැන් කාලේ: සනුකි,මිනුකි,බෙනදි,අයාශ්,...

    ඔන්න ඔයවගේ කාලෙන් කාලෙට නම් වෙනස් වෙනව,දැන් ගොඩක් අය බලන්නෙ වෙන කාටවත් නැති "ජැෆනීස් එන්සෙෆලයිටීස්" වගේ, කියද්දි "ශ් ෆ් " ගාන නමක් දාන්න.

    සරල ලස්සන නම් ඕන තරම්.මම් අපේ බබාගෙ මැදනම යෝජනා කරේ,"දහම්දි" කියලා දාන්න කියල.

    මම් අහල තියනව 1968 දි හදට ගිය දවසේ ඉපදිච්ච ගෑණු බබෙක්ට "මිහිපා සද දිනූදා"කියල නම තිබ්බ කියල.

    ReplyDelete
  26. onna mamath kiyeuwa.

    ReplyDelete
  27. @ADK කොලුවාඅවුල නෑ බං. මහ ගානක් යැ වැඩි උනේ එකම එක බිංදුවක් නෙව. හික් !

    ReplyDelete
  28. මට වෙලා තියෙන්නේ තවත් අමුතු වැඩක්. මට නම දාලා තියෙන්නේ දීපිකා ප්‍රියදර්ශනී. ඔය නමින්ම ගායිකාවකුත් එලියට ආවා මම එකේ දෙකේ ඉන්න කාලේ. ඉතින් විනාසයි. කොහේ ගියත් නම කිව්වම සින්දු කියන එක්කෙනාද අහනවා. මට එපා වෙලා හිටියේ. දැන් නම් ඒ කරදරේ පොඩ්ඩක් අඩුයි. හැබැයි දැන් තියන ප්‍රශ්නේ තමා ගූගල්. කවුරු හරි මගේ නම සෙවීමක් කලොත් එන්නේ අනික් එක්කෙනාගේ විස්තර.

    ReplyDelete
    Replies
    1. ගූගල් සර්ච් කරල කවුරුවත් අපතයො ගැන හොයන්නෙ නෑ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. ලොල්

      Delete
  29. ඔය කුනුහබ්බ නම් දාන එකාව මං දන්නවා.

    බලපං මගේ නම.... අපේ අම්මගේ යාළුවෙක් දැම්මේ... මං වගේම නේද... (ටිකක් කලු වුනාට)

    ReplyDelete
  30. අද පොස්ට් එක දකින්න ටිකක් පරක්කුත් උනා නේ..මමත් දන්නා ගෑනු ළමයෙක්ට ඔය කියන එක්කෙනා නමක් දාල තිබ්බා "සුමානි නාවන්ෂා" කියලා..ඔය ළමයා එහෙම ඉස්කෝලේ යන දවසක ළමයි "සුනාමි නාවන්ෂා" කියලා නොකිය ඉදිද..අනේ මන්ද ඉතින් ඔය නම් දාගන්න ගිහින් අපේ අය කර ගන්න දේවල්..

    ReplyDelete
  31. හොද වෙලාවට අපේ නම් අම්මත් තාත්තයි එකතු වෙලා දැම්මේ.. සල්ලී ගෙවාගෙන ගිහින් කියන්නත් බැරි නම් දාගන්නවාට වඩා ඒ නම් කොච්චර හොදද.. එහෙම කිව්වමයි මතක් උනේ.. අපිට මෙහෙ වැඩ කරද්දි ඉතාලි කාරයෝ බනිනවා අපේ නම් දොග වැඩියි කියවන්න බැහැයි කියලා.. එහෙම එකේ ඔයින් නමක් තිබුනානම් කොහොමට හිටිවිද?

    ReplyDelete
  32. මේ DEEPS ඔයා ශුවර් එකට දීපිකා ප්‍රියදර්ශනී නෙමෙයි කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද?.කෝ සින්දුවක අන්තරා කොටසවත් කිව්වොත් පිලිගන්න පුලුවන්. :)

    මදුරංග අයියා- සික් මගේ එකෙකුට නමක් දාගන්න ඔය මනුස්සයා ජීවතුන් අතර හිටියේ නෑනේ.:D

    ReplyDelete
  33. මගේ නෑනගේ නමත් ටිකක් ඔය වගේ.
    නම: අවුදාරිකා ආශින්සනා

    ReplyDelete
    Replies
    1. ආශින්සනා නමේ තේරුම හොයල කියන්න පුලුවන්ද ?

      Delete
  34. @නදී
    "මිහිපා සද දිනූදා"
    එළ නම.

    ReplyDelete
  35. මටත් මතකයි ඔයවෙගේ නම් රැසක්ම

    මට මතකයි කොහේ හරි කෙල්ලෙකුට නමක් දාලා තිබුනා

    "උකටලී මන්දෝත්සාහ:" කියලා ! .. අපේ ඉහල පන්තියේ අක්කන්ඩි කෙනෙක් හිටපි " හන්සමාලා පියාසලා" කියලා " තව පොඩි පන්තියක කොල්ලෙක් හිටියා . "සුරත් ප්‍රහාරක" කියලා . තව හිටියා . "මධු ලොල් අපිරිමින් කියලා " කොල්ලෙක් ..

    ඔන්න නම් තව නම් තියනවා හැට හුට හමාරක් .

    අපේ ඉන්ස්ටිටියුට් එකට එන ළමයින්ගේ නම් තව එහෙමම තියනවා !

    ඔයා උඩ ලියාපු නම තමා පට්ට .. "තඹර වර්ණ " හික් ..

    ReplyDelete
  36. @සාතන් :
    අඩේ ඉතින් මම කිව්වා යෑ මගේ නම ලස්සනයි කියලා. මම් කියන්නේ සරල නම් දාන්න ඕනේ කියලා.

    @Kasun :
    ඒක හරි. කියන්න පහසු නමකුත් දාගන්න වෙනවා.

    @ප්‍රාර්ථනා :
    අම්මෝ පරා අක්කේ. කඩ්ඩෙන් කෙටුවත් සුපිරිම කඩ්ඩෙන් නේ කොටලා තියෙන්නේ. මම දෙතුන් පරක්ම කියෙව්වා. :)

    @පන්සල් හංදිය :
    අම්මයි අප්පච්චියි නමක් තේරුවාම ඒ නම ගොඩක් ලස්සන නමක් වෙනවා. මොකද ළමයට ගොඩක්ම ආදරේ අම්මයි අප්පච්චියි නේ

    ReplyDelete
  37. @Anonymous :
    අපොයි ඔව් කියවන්නත් අමාරුයි තමා.

    @harshana1985 :
    අනිවා රීරි යකා වෙන්න ඇති. ඩ්‍රැකියුලා ලංකාවේ එකෙක් නෙමේ නේ. :)

    @Chanaka Aruna Munasinghe :
    මකරයියේ පොඩි උදාහරණ ටිකකුත් දෙන්නකෝ බලන්න.

    @JHOTHISHALANKA :
    පට්ටම නම් දැමිල්ලක් නේ. ඔය පිටකොටුව පැත්තෙත් තියෙනවා යෝනිකා ට්‍රැවල්ස් කියලා එකක්.

    ReplyDelete
  38. @ADK කොලුවා :
    පට්ට ආතල් නම් නේන්නම්. සෙනොන් කියන නම් පොඩි කාලෙට හොදා. ලොකු උනාම කිව්වම මල පනිනවා. කොටින්ම නිශ්ක්‍රීය වායුවක් නේ !!!

    @සූර සරදියල් :
    ගොඩක් වටින විස්තර ටිකක් මල්ලි. මට මතකයි මල්ලි දවසක් 'දෙදා මෙත්තා' කියන වචනේ කියලා දුන්නා. මම් අදුනන යාළු කෙල්ලෙකුත් ඉන්නවා මෙත්තා කියලා. කොහොමද මේ කෙල්ල මල්ලි ඉන්න රටට ගියා නම්... වහ කාලා මැරෙයි නේ.

    @JHOTHISHALANKA :
    ඉස්කෝලේ යනකාලේ අපිත් ඕවගේ වැඩ කලා. ඒ වෙලාවට ඒ අයට යකා නගිනවා. ඒ උනාට අපිට නම් ෆන්. පව් වැඩක්!!!

    @සරත් ලංකාප්‍රිය :
    කාපෙන්ටර් බුචර් කියන නමත් අවුලක් නෑ නේ. වඩු වැඩවලට යවන්න බැරුව යෑ.

    ReplyDelete
  39. @ගයන්ත :
    ඒක ඇත්ත මල්ලි. ඒ නම් ගොඩක්ම කියවන්න ලේසියි.

    @nawammawatha :
    නම තෝරන කෙනා නියම නමක් තෝර ගත්තා නම් අවුලක් නෑ. නැත්නම් ඉතින් වසලා හමාරයි.

    @නිම්ශා :
    ඒක හරි නංගි. දෙමව්පියන් දරුවන්ට ආදරෙන් දාන නම තමා ගොඩක්ම ලස්සන.

    ReplyDelete
  40. @චතුර.... :
    ඒ වෙලාවට කට වහගෙන ඉන්න එක තමා කරන්න පුලුවන් හොදම වැඩේ. කතා කරන්න ගියොත් මරා ගන්න තමා වෙන්නේ.

    @SAMEERA :
    ඔන්න අයියේ පට්ට වීඩියෝ එකකුත් තියෙන්නේ. මට නම් වීඩියෝ එක බලන්න වෙන්නේ නෑ. කෙනෙක්ශන් මදි නේ.

    @Anonymous :
    ඒක නම් හොදා. ගිම්හානි කියන නම ලස්සනයි. ගොඩක් සරලයි. ලස්සන තේරුමකුත් තියෙනවා.

    @ADK කොලුවා :
    කෝමද බිංදුව කරපු විනාසේ !!!

    ReplyDelete
  41. @samadhi :
    ඔයත් නමක් දාගත්තැයි ?

    @පිණිබිඳු... :
    මැරෙන්න හිනා නේන්නම්. අපේ පංතියේ කොරයා කියලා යාළුවෙකුත් හිටියා.අපි උට කිව්වේ කොරා කියලා.උට අවුලකුත් නෑ. අපට අවුලකුත් නෑ. ඔහොම එවුන් ඉන්නේ ගොඩක් අඩුවෙන්. :)

    @පූසා :
    ඒක තමා. අපට කරගන්න බැරි එකේ අපේ අම්මලා අප්පච්චිලා ලස්සන නමක් තොරලා දෙන්න ඕනේ.

    @- නිල් අහස - :
    ඒක හරි අයියා පුද්ගල පෞර්ෂය තමා ගොඩක්ම වැදගත්.

    ReplyDelete
  42. @නදී :
    නදී අක්කා පරක්කු මොකෝ කියලා බැලුවා. දහම්දි කියන නම ගොඩක්ම ලස්සනයි. ඒ වගේම සරලයි. අක්කගේ බබාගේ මම් ආසම නම තමා නැචුරල් කියලා කියන්නේ. හරිම ස්වබාවික නමක්.

    @Anonymous :
    කියවලා හොරෙන්ම නොගිහින් පොඩි කමෙන්ට් එකක් හරි දැම්මට ගොඩක් ස්තුතියි.

    @nawammawatha :
    ඒක හරි අයියා. එක බිංදුවනේ. :)

    @deeps :
    ඔයාගේ නම දීපිකා ප්‍රියදර්ශනී නේ. ගොඩක් ලස්සන නමක් නංගි. මම ආසම ගායිකාවන්ගෙන් එක්කෙනෙක් !!!

    මගේ බ්ලොග් අඩවියට deeps නංගිව සාදරයෙන් පිලිගනිමි !!!!

    ReplyDelete
  43. @prasanna86k :
    ඒකනේ මාළු අයියේ. අයියගේ නම ගොඩක් ප්‍රසන්නයි !!!!

    @ChammA :
    සුමානයකට සැරයක් විතරක් නානවා කියන තේරුම හන්දා වෙන්න ඇති නේ. :)

    @Dinesh :
    සරල නමක් කියවන්නත් ලේසියි නේ. මල්ලිගේ නමත් මාරම සරලයි නේ.

    @පාල :
    ඇයි මල්ලි උබේ විතරක්. මගේ එකෙක්ටවත් නමක් දාගන්න ඒ මනුස්සයා හිටියේ නෑනේ.

    ReplyDelete
  44. @නදීර සඳරුවන් ලියනගේ :
    ඒ නමේ තේරුම නම් මට තේරුනේ නෑ. ඒ වුනාට ලස්සන නමක්. :)

    @හිස් අහස :
    අඩේ මල්ලිලාගේ ඉස්කෝලෙත් ඉන්නේ මාරම නම් තියෙන සෙට් එකක් නේ. පට්ට නම් ලිස්ට් එකක් නේ.

    @Chanaka Aruna Munasinghe :
    ප්‍රතිචාරයට ගොඩක්ම ස්තුතියි. අම්මෝ මාරම අමාරු නම් ටිකක් නේ. කොහොමද දන්නේ නෑ මේ අය මේ නම් ටික කියවන්නේ!!!!

    ReplyDelete
  45. හිකිස්....නම් ගැන කතා ගොඩායි....
    @මකරා: රුසියන් නම් ගැනනම් කියල වැඩක් නෑ...දිව පැටලිලා විතරක් නතර වෙන්නෙ නෑ..ගැලවිලා අතටත් එනවා..හැබැයි ඒ වාසගම් විතරයි..මුල් නම් හරිම සරලයි..ඒ වගේම සීමිතයි.. :)

    ReplyDelete
  46. @මකුළු පැංචි :
    ඇති යන්තන් සරල මුල් නමක් හරි තියෙනවා. නැත්නම් ඒ මිනිස්සුන්ට කතා කරන්න නමක් හොයාගන්නම වෙනවා.

    ReplyDelete
  47. මාත් මේ පැත්තේ එන්න ටිකක් පමා වුණා .මාත් ඔයා වගේ සැහෙනන්න වතාවක් අපහසු තාවයකට ලක් වුණා.මටත් විවිධ ජාතින් වල යාළුවෝ හිටිය නිසා.
    එත් ඉතින් සිංහල එවුන් ගේ නම් දැක්කහම ඊට වඩා හිනා යනවා.වෙන එකෙකුට අකුරු ටික ගිහින් දුන්නහම අකුරු ටික කොහොම කොහොම හරි ගැට ගහගන්නවා.(අපටත් අකුරු ටිකක් දුන්නහම ඕන තරම් අප්‍රප්බන්ස වචන හදන්න පුලුවන් නේ :D)
    ඊට වඩා මාත් කියන්නේ පොඩි එකාට අම්මයි තාත්තයි නම දැම්ම නම් හරි කියලා.
    (මගේ අම්මයි තාත්ත යි කියන්නේ මට නම දැම්මේ අත්තම්මා ලු.මන් දිහා බලන් ඉදලම ලු දැම්මේ..එහෙනම් ඉතින් මම උපන් වේලාවෙ ඉදලා කෑගහන එකෙක් ද කොහේදෝ.. එත් දැන් නම් මම හරි නිශ්ශබ්දයි ලු ඉතින් :D :D)

    ReplyDelete
  48. මීට සමානම ලිපියක් මම කලකට පෙර අන්තිම පේළියට thelastrow.net ලියල තියෙනවා. බබාට නමක් කියන මාතෘකාව යටතේ. එයත් කියවා බලන්න.
    මගේ යාළුවෙකුගෙ නංගි ගෙ නම " වේශාලී" නම නං ලස්සනයි. ඒත්.. නේද ?....

    ReplyDelete
  49. /* ඒක භාර දෙන්න ඕන අක්කගේ නම කියන්න ගිහින් දිව හතරට පලාගත්තා. ඒ අක්කගේ නම තමයි "රත්නසභාපතිපිල්ලෙයි මතුරලයිනි". නමේ කොයි කෑල්ල කිව්වත් දිව උලුක් වෙනවා.අන්තිමේ මං "මතු අක්කා" ඉන්නවද
    */
    ටියුටර් ලා ට ඇයි අක්කා කියන්නේ? ඇයි මාම ගේ දුවද? නම කියන්න. නැත්තං මිස් කියන්න.
    අපේ කාලේ නං පාඨමික පාසලේවත් අයියලා අක්කලා හිටියේ නෑ.
    ඒවා බොලඳ කතා!

    ReplyDelete
  50. ඔය කියන අහවලා අපේ අයියා කෙනෙක්ටත් නමක් දාලා තියෙනවා. විකාර නමක් සෙට් උණු ගමන් කියන්න පුළුවන් ඒ නම දැම්මේ අහවලා කියලා

    ReplyDelete
  51. @ කතන්දර Kathandara

    අපේ ඩිපාට්මන්ට් එකේ හිටියෙ අයියල අක්කල, නංගිල මල්ලිලා. ඩිපාට්මන්ට් හෙඩ් අපිට කතා කලෙත් මල්ලි කියල. ඒත් අපිනම් සර් , මැඩම් කියල කිවුවා . ඩිපාට්මන්ට් හෙඩ්ටයි ටිකක් සීනියර් අයටයි සර්, මැඩම් කිවුවට අනිත් අයටනම් කතා කලේ අයියා, අක්කා, නංගි මල්ලි කියල.

    පාඨමික පාසල කියන්නෙ මොකක්ද ?

    ReplyDelete
  52. ඇයි

    කාර්යා අකර්මණ්‍යා
    ගුවන් ආකාශ්
    සවන් විනාශ්
    විචක්ඛනා

    ReplyDelete
  53. දානවා නම් සරල කෙටි නමක් තමයි. කවදා හරි දවසක වෙන රටකට වැඩකට ගියොත් උන්ගේ දිව පැටලිලා එක විකාරයක් වෙනවා. අත්දැකීමෙන් කියන්නේ :D

    ReplyDelete
  54. @චතුමිතු :
    කියන්න බෑ. කෑගහන කෙනෙක්ද කියලා අම්මගෙන් තමයි අහන්න ඕනේ. :) චතුර කථිකයෙක් වෙන හින්දද දන්නේ නෑනේ.

    @nihal gurusinghe :
    නිහාල් අයියගේ ඒ ලිපිය මම කියවලා තියෙනවා. නිහාල් අයියා අන්තිම පේලියෙන් අයින් උනාට පස්සේ මට ඒ බ්ලොග් එක කියවන්න එපා උනා. ලස්සනට ලියන උන් නෑනේ.

    @කතන්දර Kathandara :
    නෑ අයියා නම කියන්නේ කොහොමද ඒ අය අපිට කලින් බැච් එකේ. එතකොට ඒ අයත් එක්ක එකට ඉදලා පස්සේ ඉන්ටා උනාම නම කියන්න බෑ. මිස් කියන්නත් බෑ. එයාලා කමති නෑ. එහෙම කියනවට.

    කිව්වත් වගේ මොකද්ද ප්‍රාථමික පාසල කියන්නේ ???

    ReplyDelete
  55. @චාම් :
    සිරාවට !!! ඒ නම් කියවපු ගමන් කවුද දැම්මේ කියලා කියන්න පුලුවන්.

    @Chanaka Aruna Munasinghe :
    කතන්දර අයියට පිලිතුරු දුන්නට ගොඩක් ස්තුති මකරා සර් !!!
    (ඔන්න අපේ හිටපු ටියුටර් කෙනෙක් හින්දා මම සර් කියලා කිව්වා. කතන්දර අයියා එහෙම කියන්න කියලා කිව්වනේ.)

    @විසිතුරු :
    නියම නම් ටිකනේ. දිවත් කඩතොලු උනා.

    @ගොඩයා :
    ඒක හරි. කෙටි නමක් තියෙනවනම් හොඳා !!!

    ReplyDelete
  56. අනේ අයියේ දන්නව නම් " දනුර" කියන එකේ තෙරුම කියාහන් කෝ

    ReplyDelete
  57. @බීටා :
    ඒක නම් දන්නේ නෑ මලයෝ. :(

    ReplyDelete
  58. මම අඳුරන නංගි කෙනෙක්ගෙ යාලුවෙක් හිටියා. කොළොම්පුරේ ප්‍රසිද්ධ බාලිකාවක. ඒ නංගිගෙ නම "එරුණි" ... අනේ මන්දා!

    ReplyDelete
  59. මගේ යාලුවෙක්ගේ අක්කගේ බබාට් නම දැම්මේ බනුලි කියලා... ඒ ලමයා සයන්ස් නොකලොත් හොඳා නැත්තම් බ'නූලී ලෝ එක ඉගෙන ගන්න දවසට ඒ ලමයා අහවරයි!

    ReplyDelete
  60. @විසිතුරු :
    එරුණි කියන්නේ මඩේද දන්නේ නෑ නේහ් !!!!

    @Maneka :
    එහෙනම් එයාට දැන්ම කියන්න සයන්ස් කරන්න එපා කියලා. පව් නේ.

    ReplyDelete
  61. ඔහ්... පිස්සු නම් ටික.. මම අදුරන අය්ය කෙනෙකුත් මේ එක්කනගේ නමක් දැම්ම බබාට. අප්පේ මට එක මතක හිටින්නේ නැති හින්ද මම ඒ පොඩි එක්ව මතක තියාගෙන ඉන්නේ කැන්ද කොළ විදියට. මොකද නම කිව්වම මගේ මතකෙට ආවේ ඒක.

    ReplyDelete
  62. හි හි
    ලස්සන නම් ටික.........

    සිටිනා ‍නිසොල්මනි
    සෙව්වා සම්බවුනි

    ඒ කාලේ අපේ ඔෆිසියේ හිටපු කෙනෙක් එයාගේ බබාට දානවා කිව්ව නම් තමයි මේ

    ReplyDelete
  63. මොහොමඩ්ලට මේ කේස් එක නෑ නේද ...

    ReplyDelete
  64. මගෙ පුතුගෙ නම අරන්‍ය ආයූ විමන් ටිකක් අවුල් වගේ.මොනා කරන්නද දැන්

    ReplyDelete
  65. ශෙනාල් ඉදුවර කියන නමේ තේරුම කියන්න පුලුවන්ද දන්න කෙනෙක්.

    ReplyDelete
  66. ශෙනාල් ඉදුවර කියන නමේ තේරුම කියන්න පුලුවන්ද දන්න කෙනෙක්.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.