14 June 2011

එක එක පලාත් වල අවසන් චාරිත්‍ර

අවසන් චාරිත්‍ර ඒ කියන්නේ කෙනෙක් මලාම ඒ පුද්ගලයාට අවසන් ගෞරවය දක්වන විදිහ පලාතෙන් පලාතට වෙනස් වෙනවා. හැමදේම නෙමෙයි සමහර දේවල් ටිකක්. අන්න ඒ දේවල් ටිකක් ලියන්න කියලා පොඩි අදහසක් ඇති උනා. හැම පලාතකම වගේ එහෙම චාරිත්‍ර දන්නේ නෑ.

සාමාන්‍යයෙන් බෞද්ධ අය මිනියක් භූමදාන කරනවට වඩා කෙරෙන්නේ සොහොන් කරන එක. එහෙමත් නැත්නම් සොහොනකට දාලා ගිනි අවුලවන එක. මම දෙවනි වසරේ ඉන්නැද්දි රුවන්වැල්ල පැත්තේ යාලුවෙක් ගේ අම්මාගේ මලගමට ගියා.යාලුවාගේ අම්මාගේ මිනියත් සොහොන් කලා. මිනිය සොහොනකට දාලා එකවරම ගිනි අවුලවන්නේ නෑ. බෑනලා දෙන්නෙක් ලොකු මන්න දෙකක් (පිහි දෙකක්) අරගෙන සොහොන වටේ කරකැවෙනවා. එහෙම කැරකෙද්දි ගමේ වැඩිහිටියෙක් "කාගෙද මේ දෙනේ කොටන්නේ ?" කියලා අහනවා.

ඊට පස්සේ බෑනලා දෙන්නා "නැන්දම්මාගේ දෙනේ කොටන්නේ " කියලා කියනවා. ඔහොම කිව්වට පස්සේ අර මන්නෙන් සොහොන් කොතේ කණුවකට කොටනවා.මෙහෙම දෙතුන් පාරක් කියලා දෙතුන් පාරක් සොහොන් කොතේ කනුවට මන්නෙන් කෙටුවට පස්සේ තමා පන්දම අරන් වට තුනක් යන්නේ.ඊට පස්සේ තමා සොහොන අවුලුවන්නේ.

ගොඩක් පලාත් වලට එහෙම සොහොනට ගිනි ඇවුලුවාට පස්සේ රෑ සොහොන මුර කරන්න ඕනේ. මොකද සමහරු භූමි පාලු ඇති කරන්න මිනි අලු පාවිච්චි කරනවා. ඒ නිසා සොහොනේ අලු ටික ගන්න වෙලාව එනකන්ම මුර කරනවා.ඒකට පොඩි ඈයෝ ගන්නේ නෑ. වැඩිහිටියෝ උනත් ඔත්තේ ගානක් ඉන්නෙත් නෑ.

අපේ සීයලාගේ කාලේ මිනියක් සොහොනට අරන් යද්දි සතයේ දෙකේ කාසි යන මගට විසි කරනවා. ඒ කාලේ සමහර කොල්ලෝ බලාගෙන ඉන්නවලු මිනිය සොහොනට අරන් යනකන්. මොකද අර සතේ දෙකේ ඒවා ටික එකතු කර ගන්න පුලුවන් නේ. ඒ කාලේ සතේ දෙකේ ඒවා ගොඩක්ම වටිනවා ලු. අපේ අප්පච්චිලාගේ කාලේ එහෙම සල්ලි විසි කලේ නෑ ලු. පොරි වගේ දේවල් ලු දම්මේ.

දැන් නම් එහෙම නෑ.දැන් මිනිය සොහොනට අරන් යද්දි වැලි කූඩ තුන හතරක් විතර අරගෙන ගිහින් යන මග හලනවා. ඒ කරන්නේ මිනිය අරන් යද්දි මිනිය ගෙනියන අයට පහසු වෙන්න ලු.ඕක අපේ ගමේ බොරලු පාරට ගැලපුනාට හන්දියේ කාපට් පාරට නම් ගැලපෙන්නේ නෑ.කාපට් පාරට වැලි ඉහපුවාම හදිස්සියකට වාහනයක් එකපාරට නවත්ත ගන්න බෑ. බ්‍රේක් අහන්නේ නෑ. ඊට පස්සේ මලගම වෙන්නේ වාහන වල යන එවුන්ගේ.

කුරුනෑගල පැත්තේ මල ගෙදරක මිනිය කනත්තේ වලදාලා මිනි වල වටේට වතුර කළ තුනක් ඉහලා මඩ කරනවා.ඒ කරන්නේ මැරිච්ච කෙනාගේ හොල්මන ආයෙම එන එක වලක්වන්න ලු.පැරැන්නන්ගේ විස්වාසනේ ඒ හින්දා අහක දාන්නත් බෑ.

එකපාරක් පුත්තලම් පැත්තේ මල ගෙදරකට ගියාම මිනිය ගෙයින් එලියට ගත්ත හැටියේ එකෙක් කනේ වැලි ගෑවෙන ගානට පුට් සයිකලේකින් වල කපන තැනට යනවා.අරූ ආවට පස්සේ තමා එතන ඉන්න සෙට් එක, මිනි වල කපන්න පටන් ගන්නේ. එහෙම කරන්නේ කලින්ම වල කපලා තිබ්බම වැලි වැටිලා වල වැහෙන හින්දා ලු. ඒක නම් චාරිත්‍රයක් නෙමේ. ප්‍රදේශය හැටියට කරන දෙයක්.

කතෝලික අයගේ මලගමකදී මිනිය ගෙනෙන්නේ පල්ලියේ කනත්තට.එහෙම අරගෙන එද්දි මිනියට ඉස්සරහින් කුරුස ඒ වගේම ඉටිපන්දම් අරගෙන කට්ටියක් යනවා. ඊට පස්සේ සීනුවක් නාද කරගෙන යන කෙනෙක් යනවා. මිනියක් කනත්තට අරගෙන යනවා කියන එක අවට අයට දැනුම් දෙන්නලු එහෙම කරන්නේ. ඔය සීනූ, කුරුස එහෙම පල්ලියෙන් ලැබෙනවා. ඒවා අරන් යන්න මලගෙදර කෙනෙක් පල්ලියට එනවා. මටත් එකම එක පාරක් පල්ලියට එන්න සිද්ධ උනා ඔය කුරුස ටික අරගෙන එන්න. මම පොඩි එකා හන්දා සීනුව තමා ගත්තේ. පල්ලියේ ඉදලා එන මග සීනුව ගගහා ඇවිත් අහල පහල එවුන් මට ' හුප් පද ' කියලා බැනලා තිබුනා.

පස්සේ අපේ අම්මගෙන් ඇහුවා මිනිස්සු එහෙම බැනලා තිබ්බේ ඇයි කියලා.එහෙම පල්ලියේ ඉදන් සීනු ගගහා ආවම භූතයෝ ප්‍රේතයෝ ඒ සීනු හඩට වැටිලා ඒ පස්සෙන් එනවලු. ඒක නිසාලු එහෙම සීනූ ගහන්නේ නැත්තේ. මිනිය ගෙදරින් අරගෙන යද්දි සීනුව ගැහුවට කමක් නෑ ලු. එතකොට භූතයෝ ටික කනත්තටනේ යන්නේ.

අපේ පැත්තෙ තරුණ කෙනෙක් (කසාද බැදපු නැති) නැති උනාම එයාව මනමාලයෙක්ට වගේ අන්දවනවා. එයාගේ මිනිය ගෙනියද්දි රතිඤ්ඤා හිටන් පත්තු කරනවා. ළමේක් ලබෙන්න ඉන්න ගෑනු කෙනෙක් මලොත් කළලය වෙනමත් ගෑනු කෙනාව වෙනමත් වලදානවා. එහෙම කරන හේතුව මම එක ලිපියක ස්වප්නා අක්කාට කමෙන්ට් එකක් විදිහට දැම්මා.කැමති නම් මෙතන ක්ලික් කරලා ඒක කියවන්න.

ඔය වගේ ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

-----------------------------------------------------------
ප.ලි. - යාන්තන් කතෝලික කෙනෙක්ගේ මිනියක් කනත්තට අරගෙන යන පින්තූරයක් ලැබුනා. මේ පින්තූරේ ඉස්සරහින්ම යන්නේ මම කිව්ව කුරුස අරගෙන යන අය. ඒ අය අරගෙන යන කණුවල තියෙන්නේ කුරුස. සමහර ඒවා වල ඉටිපන්දම් හයි කරලත් තියෙනවා.

42 comments:

  1. සමහර පැති වල මිනිය ගෙයින් එලියට ගන්නත් නැකතක් බලනවා.

    ReplyDelete
  2. මටනම් කියන්න දෙයක් නෑ.මම් දන්න ගොඩක් ඒව ඔයා මේකෙ ලියල තියනව.ඒ චාරිත්‍ර සම්බන්ධ අලුත් දේවල් ටිකක් දැන ගත්තෙ මල්ලිගෙ ලිපියෙන්.ස්තූතියි

    ReplyDelete
  3. හ්ම්..ඔය චාරිත්‍ර හුඟක් හරිය ලංකාවෙ එක එක පළාත් වලදි මාත් දැකල තියෙනව.

    ReplyDelete
  4. මම නම් පට්ට ආසයි ඔන් ද ස්පොට් වෙන්න....උස්සන් ගියා වැලලුවා....
    පසට පෝර නේ....

    ReplyDelete
  5. මම මැරුණම කොහොම කරයිද දන්නෙ නෑ

    ReplyDelete
  6. අපේ පැතිවලත් කිසිම වෙනසක් නෑ . මලාද දවස් තුනක් විතර තියාගත්තා ගෙනිච්චා ..

    සමහර පැතිවල නම් මල බෙර ගහන්නේ නැතිලු .රතිඥංඥා දාන්නෙත් නෑ . මල්වඩම් උස්සන්නෙත් නෑ .

    අනිත් ආගම්වල අය කෙනෙක් මැරුනාම මොනවාගේ දේවල් අනුගමනය කරනවාද කියන්න මම කවදාකවත් දැනං හිටියේ නෑ ඒ ගැන ලිපියක් ලියන්න හැකිද ?

    ReplyDelete
  7. බොහොම වටිනා වාර්තාමය ලිපියක්. හැබැයි මම කැමතිම

    “....ගියාම මිනිය ගෙයින් එලියට ගත්ත හැටියේ එකෙක් කනේ වැලි ගෑවෙන ගානට පුට් සයිකලේකින් වල කපන තැනට යනවා.අරූ ආවට පස්සේ තමා එතන ඉන්න සෙට් එක, මිනි වල කපන්න පටන් ගන්නේ. “

    මෙන්න මේ කෑල්ලට. කනේ වැලි ගෑවෙන්න ගිහින් පොරවත් වළලන්න වෙයිද දන්නේ නෑ...

    ReplyDelete
  8. අපේ පැත්තෙත් ඔය නැකැත් බැලිල්ල තියෙනව.හැබැයි අඟහරුවාද,සිකුරාදා දවස්වල මිනිය ගෙයින් එලියට ගන්නවනම් විතරයි නැකැත් බලන්නෙ.සමහරු අඟහරුවාද,සිකුරාදා දවස් 2කේ මිනිය ගෙට ගන්නෙ නෑ දවල් 12 පහුවෙනකම්.

    (සජී)

    ReplyDelete
  9. අයියා මම මේක පස්සේ කියවන්නම් ... එල වගේ මේක.. වටිනවා

    ReplyDelete
  10. රත්ගමයගෙ පත්තෙනම් මල තෑනෑත්ත ගෙට ගේන වෙලාවකුත් බොඩ් එක උස්සන වෙලාවකුත්{නෑකෑත්}තියනව එවගෙ මලබතක් හදල බොඩ් එක තිබුනු තෑනට දමල පිසදමල එව සතුන්ට කන්න දමනව

    ReplyDelete
  11. මිනිය ගෙයින් එලියට ගත්ත හැටියේ එකෙක් කනේ වැලි ගෑවෙන ගානට පුට් සයිකලේකින් වල කපන තැනට යනවා.

    මටත් දවසක් මෙම අත්දැකීම ලැබුනා පුත්තලමෙම....... හැබැයි පැද්දෙ මම.........

    ReplyDelete
  12. "අපේ සීයලාගේ කාලේ මිනියක් සොහොනට අරන් යද්දි සතයේ දෙකේ කාසි යන මගට විසි කරනවා."

    දැන් සතේ දෙකේ ඒවා කොහේ හොයන්නද?

    "එකපාරක් පුත්තලම් පැත්තේ මල ගෙදරකට ගියාම මිනිය ගෙයින් එලියට ගත්ත හැටියේ එකෙක් කනේ වැලි ගෑවෙන ගානට පුට් සයිකලේකින් වල කපන තැනට යනවා."

    පට්ට වල් කැපිල්ලක්නෙ......

    ReplyDelete
  13. නොදන්න ගොඩක් දේවල් අද දැන ගත්තා... අවමගුල් ගැන.
    මම නම් දන්නේ මුස්ලිම් අයගෙ මල ගෙවල් ගැන විතරයි.. ටිකක් හරි.
    එයාලා ඉතිං පැය 24ක් යන්න කලින් භූමදානය කරනවනේ. ඊට කලින් එයාලා මැරුනු කෙනාව සෝදනවලු. ඒ වගේම ගැහැනු කෙනෙක් මැරුනොත් ඒ දේහය බලන්න පුලුවන් ගැහැනු අයට විතරයි.පිරිමි කෙනෙක් මැරුනොත් එයාව බලන්න පුලුවන් වෙන්නෙත් පිරිමි අයට විතරයි.ඒක එයාලගේ ආගමේ නීතියක්.

    ReplyDelete
  14. අපි නම් ඔන්න ඔහෙ මිනිය දවසක් දෙකක් පරණ උනාම වලදාල දානව...විතරයි...හප්පේ මිනී කරගහන්න ගියෑමත් හරි අමාරු..සමහර මිනී මාර බර...එපා වෙනව..උස්සන් යන්න ගියෑම...

    ReplyDelete
  15. අහ් මම් එක තැනක දැකල තියනව මිනී පෙට්ටිය තිබ්බ තැන,භූමදාන කරලා ආව ගමන් මළ ගෙදරට ආව අයට කන්න දෙනව එතනම,ඒකනම් අනුමත කරන්න බෑ.විසබීජනේ...

    ReplyDelete
  16. මං මැරුණම කෝම කරයිද දන්නේ නෑ.. බලලා ඇවිල්ලා කමෙන්‍ට් එකක් දාන්නම්..

    ReplyDelete
  17. ලංකාවේ පලාතෙන් පලාතට චාරිත්‍ර වෙනස්.. මේකත් එකට එක උදාහරණයක් තමයි..

    ReplyDelete
  18. ඇයි කාලෙකට ඉස්සර තිබ්බෙ මිනිය දණිහෙං පාතට වෙන්න උස්සන් යන්න කියල.

    ReplyDelete
  19. උඹත් දන්න දේවල්!

    අනේ උඹයි මායි මැරුන දවසට නම් අඬන්න වත් කවුරුවත් ඉඳීවිද දන්නෙ නෑ නේද. :P

    ReplyDelete
  20. @පිණිබිඳු... :
    මිනිස්සු ඉපදෙන්න නැකැත් නැත්නම් මැරෙන්නත් නැකැත් නැත්නම් ඇයි වලලන්න විතරක් නැකැත් ගන්නේ ? බොරු වැඩ නේ පිණිබිදු.

    අපේ පැත්තේ නම් එහෙම නෑ.

    @නදී :
    ගොඩක් ස්තුතියි අක්කේ ලිපිය කියවලා අදහස් දැක්වීමට.

    @Observer :
    මේ දේවල් අපට වෙනස් වෙන්නේ අපි මේ දේවල් දැකලා නැති හන්දා. ගොඩක් තුතියි අදහස් දැක්වීමට.

    ReplyDelete
  21. @රත්ගමයා :
    ඉස්සරම මිනිස්සු එහෙමලු. මිනිස්සු සරලව ජීවත් වෙනවනම් හරි නේ. මාත් ආසයි මං මලාම පසට පෝර වෙන්න දෙනවනම්.

    @Chanaka Aruna Munasinghe :
    මකරයියා මලාම මකර පෙරහැරකින් සොහොනට ගෙනල්ලා මකර වලක් කපලා වලලාවි. ඇයි ඉතින් මකරෙක් නේ. :)

    @හිස් අහස :
    අනිත් ආගම් ගැන නම් දන්නේ නෑ මල්ලි. මම පුලුවන් උනොත් හොයලා ලියන්නම්.

    ReplyDelete
  22. @Dakshina :
    ඒ පැත්තේ වාහන එහෙම අඩු හන්දා එහෙම උනේ නම් නෑ. කොටින්ම මලගෙදර යන්න තියෙන්නෙත් ප්‍රධාන පාරේ ඉදලා ගමට යන ලෑන්ඩ්මාස්ටර් අත් ට්‍රැක්ටර් එකකින් !!!!

    @Anonymous 1 :
    අදහස් දැක්වීමට ස්තුතියි. ඒ වගේම ඇනෝ උනත් මම අගේ කරනවා නම දාලා කමෙන්ට් කලාට.
    තෑන්ක්ස් සුජී !!!!

    @සූර සරදියල් :
    ඕ කේ මල්ලි. නිවාඩු පාඩු තියෙන හැටියකට කියවන්න.

    ReplyDelete
  23. @Anonymous 2 :
    ඇනොත් රත්ගමයගේ ගෙවල් පැත්තෙද ? එල එල

    @Kawshala :
    හික්ස්.... එහෙනම් පරිස්සමට යන්න ඇති. :)

    @හරී :
    නෑ හරී. දැන් ඔය කාසි හිග උනාට ඒ කාලේ එහෙම නෑ ලු.

    ReplyDelete
  24. @Namal Sirimanna :
    එල නම් මටත් එල.

    @- නිල් අහස - :
    අදහස් දැක්වීමට ගොඩක්ම ස්තුතියි. මම නම් මුස්ලිම් කෙනෙක්ගේ මලගමකට ගිහින්ම නෑ.

    @indi :
    ඔව් සමහරු ඉන්නකන් කාලා කාලා තප්පදෝරු සරීරත් එක්කම මැරෙනවා. ඊට පස්සේ ජීවත් වෙලා ඉන්න එවුන් මැරෙනවා මිනිය උස්සලා.

    ReplyDelete
  25. @නදී :
    ඒක හරි ඒවා විසබීජ. එහෙම කන්න දෙන එක හොද නෑ.

    @චතුවා (ළමයා) :
    මල්ලිට කලින් මම ඇවිත් පෝස්ට් එකක් දාන්නම් මාව වලලපු හැටි කියන්න.

    @Dinesh :
    ඒක හරි. පලාතෙන් පලාතට සමහර දේවල් වෙනස් වෙනවා.

    ReplyDelete
  26. @ඉන්දික උපශාන්ත :
    කොඳු කඩාගන්න වැඩක් තමයි ඔය.

    @Kasun :
    ඒකහරි මචං. ඊට කලින් කෑලි දෙකක් දාගෙන බැද ගමු. හික්ස්....

    ReplyDelete
  27. මොන චාරිත්‍රෙ කරත් කමක් නෑ මළ බත දෙනවනම්.නැද්ද මං කියන්නෙ?

    ReplyDelete
  28. අපේ පැත්තෙත් තියෙනවා නැකත් එහෙම නම්.
    පෙරහැරට කඩුව , ත්‍රිශූලය, ඉර සඳ කොඩිය වගේ දේවල් අරන් යන සිරිතකුත් තියෙනවා. අම්බලන්ගොඩ පොදු සුසාන භූමිය තියෙන්නෙ වෙරළ අද්දර. පුත්තලමේ වගේ වැලි ප්‍රශ්නයක් අපිටත් තියෙනවා. හැබැයි ඒකට විසඳුම විදියට පාවිච්චි වෙන්නෙ වලේ බිත්ති විදියට ලෑලි තියලා වල කපන එක. දේහය වලේ තැන්පත් කරලා ලෑලි ටික ඉස්සුවම නිකන්ම වැලි ටික ඇවිත් වලෙන් බාගයක් පිරෙනවා. ඊට පස්සේ තමයි උදැල්ලෙන් ඉතුරු ටික වහන්නෙ. සොහොන් බඳින සිරිතක් නෑ කොහෙත්ම.

    තව දෙයක්. අපි අවසාන කටයුතු කරනවට කියන්නේ "මරණෙ වැඩ කරනවා" කියල.

    ReplyDelete
  29. අයියෝ මදුරංග අයියා මට මේ පෝස්ට් එක කලින් මිස් වෙලානේ.. නැන්දා ගැන තරහින් ලියමි කියල තිබුන පෝස්ට් එක බලන්න ආවේ Page not found කියනවනේ ඉතින් හෝමියට ආවාම තමා මේක දැක්කේ... ගොඩක් වැදගත් පෝස්ට් එකක් අයියා... අපේ පැත්ත ගැන අසංක අයියා කියලා තියනවනේ.... අම්බලන්ගොඩ පොදු සුසාන භූමිය නැත්තං බෝගහවත්ත සුසාන භූමිය තියනවා ඒකෙනං වැලි ප්‍රශ්න නෑ...

    ReplyDelete
  30. අපේ පැත්තෙත් ඔය විවිධාකාර චාරිත්‍ර තියෙනවා.ගොඩක් වෙලාවට මිනිය බූමදාන කරන්නෙ නම් නෑ.ආදාහනය කරලා අළු ටික කලේකට දාලා තමයි සොහොන් කොත බඳින්නෙ.අර නදී කිව්වා වගේ මළගෙදරම කෑම දෙන එකනම් සෞඛ්‍යරක්ෂිත නෑ..ඒ වෙනුවට අපේ පැත්තෙ නම් අහල පහල ගෙදරක අය කෑම පිළිගන්නන්න උදව් වෙනවා.ඒ වගේම මැරුණු කෙනා විවාහ නොවුණු කෙනෙක් නම් එයාව මනමාලියක් විදිහට තමා අන්දවන්නෙ..විවාහ වන වයසට වඩා අඩු කෙනෙක්නම් එයාට ළමා සාරියක් අන්දවනවා...

    ReplyDelete
  31. නෑ එච්චර කරදර වෙන්න දෙයක් නෑ. මකරු මැරුණම ශරීරය ඉබේම ගිනි අරන් අලු වෙනවා

    ReplyDelete
  32. මුස්ලිම් අයගේ. විදියට
    1. මුලින්ම මුලු ශරීරයම සෝදනවා
    2. කෆන් kafan (සුදුපාට ඈදුමක්) අන්දනවා
    3. පල්ලියට අරන් ගිහින් මියගිය පුද්ගලයා වෙනුවෙන් pray කරනවා
    4. වලලනවා..
    මිය ගිය පුද්ගලයාගේ හිස කහ්බතුල්ලාහ් kahbathullah (මක්කමේ තිබෙන පල්ලියක කොටසක් ) එ දෙසට යොමු කර තබයි
    එම්බාම් කිරීම ආගමේ තහනම් දෙයකි

    මේ විස්තරම මගේ මිතුරෙකු වන ඉක්රාම් තමා කිව්වේ

    ReplyDelete
  33. මෙහේ ජෝජියාවේ නම් ඉතින් මලගෙවල් වල මිනිස්සු අඩන සද්ද එහෙම ඈහෙන්නේ නෑ... ඔක්කොම වගේ කලු ඈදගෙන ඉන්නේ.

    ReplyDelete
  34. මට නම් වැඩිය අත්දැකීම් නෑ මලේ. ඒත් අපේ පැත්තේ වල කපන්නේ නම් මිනිය වල දාන්න කලින් දා රෑට. කපලා ඒකට උඩින් ඉටිකොලයක් ඈදලා මුලු හතරෙන් ගල්ගෙඩි තියනවා...

    ReplyDelete
  35. සමහර පැතිවල මිනිය ගෙයින් පිටතට ගත්තට පස්සේ එතනම ලිපක් හදලා බතක් උයල සත්තුන්ට කන්න දෙනවා.

    ReplyDelete
  36. අපේ පැත්තෙ කෙරෙන්නෙත් ඔය කියලා තියන විදියට තමා .....
    හුඟක් දේවල් සමානයි ......

    මලාට පස්සෙ කොහොම කලාම මොකෝ දන්න එකක්යැ .....

    ReplyDelete
  37. @සීතල අයියා :
    නැතුව නැතුව. මලබත තමයි මලගෙදරක උතුම්ම චාරිත්‍රය.

    @Asanka Udara :
    බොහොම ස්තුතියි අදහස් දැක්වීමට එකතු උනාට. ගාල්ල පැත්තේ චාරිත්‍ර ටික දැන ගත්තේ දැනුයි.

    @කිඩෝ :
    ඒ පෝස්ට් එක ඊලඟට පබ්ලිශ් කරනවා. තාම තියෙන්නේ ඩ්‍රාෆ්ට් එකේ. ආහා මල්ලිත් අම්බලන්ගොඩ පැත්තෙද ? නියමයි නේ.

    ReplyDelete
  38. @මකුළු පැංචි :
    අලු අරගෙන සොහොන් කොත් ගහනවා කියන එක නම් අහලා නෑ. මම් හිතන් හිටියේ අලු ටික ගඟේ පා කරනවා කියලා.

    @Chanaka Aruna Munasinghe :
    එහෙනම් කිසි කරදරයක් නෑනේ මකරයියේ.

    @සූර සරදියල් :
    මුස්ලිම් කට්ටියගේ චාරිත්‍ර ගැන නම් දන්නේ නෑ. ඒ ටික දැන ගත්තේත් මල්ලිගෙන්. ගොඩක් ස්තුතියි මල්ලි.

    ReplyDelete
  39. @සූර සරදියල් :
    මුන් සද්ද නැති වෙන්න අඩනවද දන්නේ නෑ. ඒකටත් එක්ක ලංකාවේ !!!! කුලියට අඩන එවුනුත් ඉන්නවා.

    @prasanna86k :
    මෙහෙ නම් එහෙම රෑට වල කපන්නේ නෑ. මිනිය වලලන දවසේ හැන්දෑවේ තමයි වල කපන්නේ.

    @samadhi :
    එහෙම කරන්නේ මොකද කියලා දන්නේ නැද්ද ? මම නම් ඔය ඇහුවමයි.

    @පන්සල් හංදිය :
    ඒක හරි. මලාට පස්සේ කෝම කලාම මක්ක වෙනවද ? අපි දන්නේ නෑ නේ.

    ReplyDelete
  40. මදුරංග කතෝලිකද ...?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.