13 June 2011

ආදරයයි ආගමයි

පිරිමි ළමයෙක් නම් ගෑනු ළමයෙක්ට, ගෑනු ළමයෙක් නම් පිරිමි ළමයෙක් ට ආදර කරන්න යද්දි මුලින්ම හිත යන්නේ ඒ ගෑනු ළමයාගේ හෝ පිරිමි ළමයාගේ ලස්සන කඩවසම් බවට එහෙමත් නැත්නම් කතා කරන හිනාවෙන විදිහට.ඒක සාධාරණයි. මොකද කවුරුත් පෘතග්ජන මිනිස්සු නේ. ඊට පස්සේ තමයි යාලු උනාට පස්සේ තමයි හිතන පතන විදිහට ඒ අදාල කෙනාගේ අදහස් වලට ආස කරන්නේ. මම දන්න විදිහට කවදාවත්ම යාලු වෙන්න කලින් ආගම මොකද්ද ඔයාගේ ජාතිය මොකද්ද කියලා අහන්නේ නෑ.

මට මෙහෙම කියන්න හිතුනේ. කාලයකට උඩදී අපේ අල්ලපු ගෙදර පදිංචියට ආපූ දෙන්නෙක් හින්දා. මේ දෙන්නාගෙන් ගෑනු කෙනා බෞද්ධ. පිරිමි කෙනා මුස්ලිම්. මේ දෙන්නගේ ආදර සම්බන්ධතාවට පිරිමි කෙනාගේ ගෙදරින් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මොකද දෙන්නා ආගම් දෙකක නිසා. මේ හින්දා මේ අය තීරණය කරලා තියෙනවා ගෙදරින් පැනලා ගිහින් කසාද බැදලා ජීවත් වෙන්න.

කොහොමහරි මේ අය පැනලා ගිහින් කසාද බැදලා කුලියට ගෙයක් අරන් පදිංචියට ගිහින් තියෙනවා. නමුත් මේ අය පදිංචි උනේ කොහේද කියලා පිරිමි කෙනාගේ දෙමව්පියන්ට කියලා නෑ. මොකද ඒ අය ඇවිත් ගෑනු කෙනාට කරදර කරයි කියලා. අපි දන්න විදිහට දෙන්නා ගොඩක් සතුටින් හිටියා. කවදාවත් බැනගන්නේ ගහමරා ගත්තේ නෑ. ගමනක් බිමනක් උනත් යද්දි හරි සතුටින් කුරුල්ලයි කිරිල්ලියි වගේ තමා යනේ. බලන් ඉන්නත් සන්තෝෂයි.

මේ අයගේ සතුට වැඩි කාලයක් රැදුනේ නෑ. කොල්ලගේ ගෙදර අයට, මේ අය ඉන්න තැන ආරංචි උනා.කොල්ලගේ නෑදෑයෝ සේරම වගේ ඇවිත් මේ කෙල්ලට බනින්න ගත්තා. කෙල්ලට නොසෑහෙන්න ගැහුවා.

"තොට මෙච්චර සිංහල එවුන් ඉන්නැද්දි මුස්ලිම් එකක්ම ඕනේ උනාද !!!"

වගේ ඒවා කිය කියා හොදටම බැනලා කොල්ලව ගෙදර අරන් ගියා. කෙල්ල තනි උනා. ඊට පස්සේ කෙල්ල තමන්ගේ ගෙදර යන්න ඇති. එතනින් එහාට නම් මොනාද උනේ කියලා දන්නේ නෑ.

ඇයි මිනිස්සු මෙච්චර දරුණු. ආගමක් තියෙන්න ඕන මිනිස්සුන්ව යහමගට ගන්න මිසක් සතුටින් ඉන්න දෙන්නෙක්ව වෙන් කරන්න නෙමෙයි. බොරුවට ආගම ජාතිය ඇගේ එල්ලගෙන කෑගහන්නේ නැතුව ඒ අයට ජීවිතේ ගොඩ නගා ගන්න දුන්නා නම් ඉවරයි නේ.

සමහර කතෝලික අය බෞද්ධ අයව කසාද බදිනවා. බෞද්ධ අයත් ඒ වගේ පිට ආගම් වල අයව කසාද බදිනවා. මම නම් ඒකේ වැරැද්දක් දකින්නේ නෑ. දෙන්නගේ අදහස්
ගැලපෙනවනම් දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්න පුලුවන් නම් එච්චරයි නේ. ඔය ජාති ආගම් කුල මල අපි එද්දි අරගෙන් ආවෙත් නෑ. යද්දි ගෙනියන්නේත් නෑ. ඉන්නකන් මොකද මේ වගේ දේවල් වලට නහින්න හදන්නේ.

පුද්ගලිකව මම නම් ආසයි ජාති දෙකක ආගම් දෙකක අය කසාද බදිනවට. එතකොට නොදන්න ආගම් ගැන දැනගන්නත් පුලුවන්. අනිත් ආගම් වලට ගරු කරන්නත් ඒ අයගේ ආගමික උත්සව වලට සහභාගි වෙන්නත් පුලුවන්.

46 comments:

  1. ඔය දේ ඔහොම වෙන්නේ කොල්ලා හරි කෙල්ල හරි මුස්ලිම් උනොත් තමයි. වෙන ආගම් දෙකක්නම් ගෙවල් වලින් ඔච්චරම තද බලපෑම් එන්නේ නෑ. මොකද මුස්ලිම් ආගමේ බොහොම තද නීතී තියන නිසා.
    ඒ කොහොම වුනත් මෙතනදි අපිට කාගෙවත් පැත්තක් ගන්න බෑ. මොකද අපි අපේ ආගම අදහනවා වගේම එයාලා එයාලගේ ආගම අදහනවා.

    ReplyDelete
  2. හ්ම්...සමහර ආගම් වලින් බල කරල කියනව එයාලගෙ ආගමේම කෙනෙක් එක්ක විවාහ වෙන්න කියල.පිට ආගමක කෙනෙක් විවාහ කරගන්න පුලුවන් හැබැයි තමන්ගෙ ආගමට එන්න ඕනේ.ඔන්න ඔය වගේ දේවල් වලදි තමා ප්‍රශ්න මතු වෙන්නෙ.
    විවාහ වලදි තවමත් සමහර අය ඔය වගේ දේවල් හොදට හොයල බලනව.ජාතිය,ආගම,කුලය,උඩරට,පහතරට,පෙලපත...බ්ලා බ්ලා ගොඩක් දේවල්.
    මම් දන්න ඔය වගේම සිද්දියක් තියනව,සිංහල - මුස්ලිම් ජෝඩුවක්,හේතුව නම් හරියටම දන්නෙ නැ.කෙල්ල එල්ලිලා මැරුන.කොල්ලත් මැරුන කියල තමා පස්සෙ ආරංචි වුනේ.
    ඒත් දෙන්න හොදින් තේරුම් අරගන ඉන්නවනම් ඔය ප්‍රශ්ණ අඩුකරගන්න පුලුවන්,මම් අහල තියනව ඔහොම මිශ්‍ර වෙලා ඉපදෙන ලමයි ඉගනීමට එහෙම දක්ශයි කියල.අහ්..අපේ ඉස්සරහ ගෙදර ආච්චි සිංහල,සීයා දෙමළ,එයාලගෙ පුතා බැන්දේ මුස්ලිම් ගෑනු කෙනෙක්.දැන් දුවල දෙන්නෙක් ඉන්නව.එතකොට දුවල දෙන්නගෙ ජාතිය මොකද්ද?සිංහලද දෙමළද මුස්ලිම්ද?:)

    ReplyDelete
  3. සමහර විට ඔය ප්‍රශ්නෙ ඔච්චර දුර දිග යන්න ඇත්තෙ මුස්ලිම් නිසා තමා. බෞද්ධ ක්‍රිස්තියානි එච්චරම සංස්කෘතිකමය වෙනසක් නැති නිසා හැඩගැහෙන්න ලේසියි. අපේ ගෙදරින් නම් තාත්තා මුලින් චුරු චුරු ගෑවා කතෝලික පවුල් එක්ක පෑහෙන්න පුලුවන්ද අරකයි මේකයි කියලා. ඒත් ගෙවල් වල මිනිස්සු අඳුර ගත්තට පස්සෙ එයාලගෙ එහෙම වෙනසක් නෑ කියල තේරෙද්දි මොනදේ උනත් දෙන්න සතුටින් ඉන්නවා නම් එච්චරයි කියලා තාත්තා කැමති උනා. මොනා උනත් එහෙම වෙනස් ආගමක කෙනෙක්ට ආදරේ කරනවා කියන්නෙ වෙනස්ම අත්දැකීමක්.

    ReplyDelete
  4. පූසගේ කතාව ඇත්ත මචං.. ඒ උනාට ඔතන වෙන්නෙ ලොකුම ලොකු අසාධාරණයක්.. මිනිසෙකුගේ නිදහස නැති කරන ආගමක ඇති පලය මොකක්ද? මං මේක කිව්ව් කිසිදු ආගමක් කෙරෙහි වෛරයෙන් නම් නෙමේ කියල අවධාරණයෙන් කියන්න ඕන

    ReplyDelete
  5. islam agame nithi thadai. samahara awsthawala muslim pirimintanam anyhime awasara denawa wenath agamaka kenek badinda.namuth gahanu apita awasra dennema naha. panala yanawa wage wada nam anumatha karanda amarui.eka bayagullanta hodai.thaman adare kenawa ammala thatha;age ashirwade aran marry karanda berinam ammalage hitha ridawala ehma karana ekath hoda naha.

    ReplyDelete
  6. mama nam dakina widihata wiwahayata religon eka balapanne ne. e aya awabodathmaka nam no prbs

    ReplyDelete
  7. මම නම් කියන්නෙ කවුරුත් මිනිස්සු, ඇයි අපි ජාති, ආගම්, කුල වලට බෙදා ගෙන පිස්සු නටන්නෙ .......

    දෙන්නට දෙන්නා ආදරේ කරනවනං, දෙන්නට දෙන්න හොඳට තේරුම් අරගෙන නම් ඉන්නෙ ඊට වඩා මොනාද ......

    ReplyDelete
  8. ආදරේට පටු ආගම් ජාති භේද නෑ..මෙතන තියෙන්නේ ආකල්පමය ගැටළුවක්..තමන් විවාහවිය යුත්තේ තමන්ගේ කුලයේ.ජාතියේ.ආගමේ කෙනෙක් කියලා මතයක් හදන් තියනවා..ඔය මතය කඩවුණා කියලා මොකක්ද වෙන වැරැද්ද..හැබැයි ඔය සේරමත් එක්ක විවාහවෙන අය අන්ත දුක්විදිනවා දැකලා තියනවා..ඒක නිසා විවාහයට යහපත් ආකල්ප විතරයි වැදගත්..අවාසනාවකට එහෙම කරන්න ඉඩක් නෑ

    ReplyDelete
  9. අයියගේ කතාව ඇත්ත. මොන ආගමක ජාතියක වුනත් කසාද බදින්න දෙන්නට ප්‍රශ්නයක් නැත්නම් අනිත් අය ඒක ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ නේද? මම දන්න ඕන තරම් අය ඉන්නවා ආගම් දෙකක අය කසාද බැදලා හොදට ජීවත් වෙන අය.

    හැබයි මම හිතන්නේ දැන් පරම්පරාව ඉස්සර අය තරම් ජාති කුල මල හොයන්නේ නෑ කියලා..

    ReplyDelete
  10. එක එක මිනිස්සුන්ගෙ හැටි අපට වෙනස් කරන්න බැහැ. මගේ අ‍ගමේ හැටියට නම් උඹ කියපු විදියට. කෙල්ලගෙ ගෙදරින් ඇවිත් ඒකිට ගහල අරගෙන ගියත් නම් ඒ කියන්නෙ ඒ අයත්(ගහපු අය) හොදට තිබුන පවුලක් කඩා කප්පල් කරපු එක තමා කරල තියෙන්නෙ. ඊට වඩා පවක් මට නම් හොයා ගන්නත් අමාරුයි. කොහොම හරි මගේ අතින් නම් එහෙම දෙයක් වෙන්නෙ නැහැ සහතිකයි. අනිත් අය ගැන කියන්න දන්නෙ නැහැ.

    ReplyDelete
  11. ආ.... මේ ඉන්නේ මගේ අවුරුද්දයි නත්තලයි (මික්ස් කල්චර්)සංකල්පෙට හරියන එල ​පොරක්... මලේ මමනම් දැන් උනත් එක පයින් මුස්ලිම් හරි දෙමළ හරි කෙල්ලෙක්ව බඳින්න....

    දැන් අහන්න එපා ... අර ඉන්න කෙනා කියලා හරිය... මං කිව්වේ කිවුරුත් හිටියේ නැත්තං.

    ReplyDelete
  12. ඔය ආගම ගැනනම් කියලා වැඩක් නෑ. මමත් දන්න එකෙක් හිටියා මුස්ලිම් කෙල්ලෙක්ට ලවු කරපු.. අන්තිමට ආගම නිසා කෙල්ල මුව දාලා ගියා.. මාර ගේමක් දිලා තමයි කොල්ලව ගොඩගත්තේ...

    ReplyDelete
  13. ආගම , ආදරයට බාධාවක් නොවෙයි.( පොතේ හ6ැටියට) එත් ඇතැම් විටක යම් යම් මත ගැටුම් මතු වෙන්න පුළුවන් .. නොවෙන්නත් පුලුවන..

    හැබැයි ඉතින් , එකම ආගමේ අය බැන්දයි කියල , ප්‍රශ්ණ ඇති නොවී තියේය...

    වෙලාව තමයි...

    මම නම් කියන්නේ කූඩු වුනාට පස්සෙ ඒ කූඩු බලෙන් වෙන් කරන එක නම් පවු...එයාලම හිතල කලකිරිලා වෙන් වුනොත් ඇරෙන්න..

    ReplyDelete
  14. ඕක කතා කරල ඉවර කරන්න බැරි මාතෘකාවක් බං. ලෝකෙ මෙච්චර දියුනු වෙලත් මිනිස්සු තාමත් ඔය වගේ පටු ආකල්ප අතඇරල නෑ. දෙමව්පියො බලන්නෙ දරුවන්ට හොඳම දේ දෙන්න තමයි. ඒත් ගොඩක් දෙමව්පියො දරුවන්ගෙ පැත්තෙන් හිතන්නෙ නෑ. ආදරෙන් ඉන්න දෙන්නෙක් වෙන් කරනව කියන්නෙ නම් මහ පවක්. තමන්ගෙ දරුවගෙ ජීවිතේට නුසුදුසු කෙනෙක් නම් හොයාගෙන තියෙන්නෙ, එහෙම වෙලාවක බලෙන් හරි වෙන් කරන එක වෙනම දෙයක්. ඒත් ඔය වගේ පදනමක් නැති දේවල් නිසා එහෙම දෙන්නෙක් වෙන් කරම එක කොහොමවත් අනුමත කරන්නෙ බෑ.

    ආගම පැත්තකින් තියමු, තවමත් මේ කුල මල හොයන එක කොච්චර නම් වෙනවද? අපේ නෑදෑ අයිය කෙනෙක්ටත් එහෙම වුනා. එයාගෙ අම්ම විතරයි ඉන්නෙ. අවුරුදු 4ක් ආදරේ කරල අන්තිමට කෙල්ලගෙ කුලේ හොඳ මදි කියල ලොකු අම්ම විරුද්ධ වුනා. නෑදෑයෝ හැමෝම එක විදියට කියල බැලුව, වැඩක් වුනේ නෑ. ලොකු අම්මගෙ තීරනේ වෙනස් වුනේ නෑ. අන්තිමට අවුරුදු 4ක ආදරේ අයියට අතාරින්න වුනා.

    ReplyDelete
  15. hamotama me article eka kiyawanna labewa, terumganna labewa.

    ReplyDelete
  16. ජාතිය ආගම ප්‍රශ්ණයක් වෙන වෙලාවලුත් තියනවා. මම අහලා තියනවා දරුවන් ලැබුනම දරුවන්ගේ ආගම තිරනය කරත්දි ආගම් දෙකක විවාහ තුල යම් යම් ගැටළු මතු වන අවස්ථා ගැන.

    ReplyDelete
  17. මම නම් කියන්නේ කොල්ලෙක් උනාම කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන. තමන් දෙමව්පියන්ගේ වචනයට පිටින් වැඩ කරන්න බැරි කෙනෙක් නම්..අවුරුදු ගනන් කෙල්ලට බලාපොරෙත්තු නොදී අයින් වෙන්න ඕන. එහෙම නැත්නම් මොන ප්‍රශ්න ආවත් බදින්න ඕන. එහෙම නැතුව ආගම..කුලය..ගැලපෙන්නේ නැති හන්දා අපේ ගෙදරින් කැමති නෑ කියලා ෂේප් නොවි.

    මම නම් හුගක් කැමති වෙන ආගමක කෙනෙක්ව බදින්න.
    මම දන්නවා අම්මලා කැමති කර ගන්න විදිය.

    තාමත් ඒකට ඉඩ කඩ තියෙන හන්දා බලමු මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  18. නොදකින් මෙහෙම යක්කු,.
    මට සප්නව මතක් උනා.... :( :(

    ReplyDelete
  19. මම නම් හිතන්නේ නෑ ආගම ආදරයට ප්‍රශ්ණයක් කියලා.. අම්මා තාත්තා උනත් ඒ කොල්ලට ඒ වේලේ කෙල්ල ගැන හිතලා තිරනයක් ගන්න තිබුනා.. යාළු වෙලා ඉන්න වෙලාවෙනම් තව එහෙම වෙන් උනත් සමාවක් දෙන්න පුළුවන්.. ඒත් බැන්දට පස්සේ එහෙම ගිය එක හරි වැරදියි..

    ReplyDelete
  20. විවාහයට ආගම බාධාවක් කර ගැනීම මෝඩ වැඩක්. පූසා කිව්ව වගේ මුස්ලිම් ආගමේ තමයි මීට තදින් විරුද්ධ.වෙනත් ආගම් වල අය ඕන තරම් විවාහ වෙලා සතුටින් ඉන්නවා.

    ReplyDelete
  21. මමත් ඒකට කැමතියි...ආගම නෙවෙයි වැදගත්...බුදු හාමුදුරුවොත් කියලා තියෙන එකේ උපතින් නෙවෙයි බෙෘද්ධ කම එන්නෙ සිතෙනුයි කියලා...මොන ආගමේ වුනත් ගැලෙපෙන මනුස්සකම් දන්න හදවත් දෙකක් එකට එකතු වෙනවා නම් මම කැමතියි..මට පුළුවනි නම් මම අනිවා උදව් කරනවා...

    ReplyDelete
  22. @හංසි

    ඒක අවුලක් වෙන්නෙ අක්කි ඕනවට වඩා හිතුවොත් ...එයාලට නිදහස දුන්නම හරි කැමති විදියට ඒක දකින්න..එහෙම නේද ?

    ReplyDelete
  23. @හංසි

    ඒක අවුලක් වෙන්නෙ අක්කි ඕනවට වඩා හිතුවොත් ...එයාලට නිදහස දුන්නම හරි කැමති විදියට ඒක දකින්න..එහෙම නේද ?

    ReplyDelete
  24. ඔය හැම රෙද්දම තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිතේ බන්.ඉන්ගෙ බුද්ධිය ලුහු කම ආගමෙන් වහගන්න හැදුවට හරියන්නෙ නෑ.අර පැස්බරාගෙ පස්ස වගෙ ඒක එලියට එනවා...මොනා වුනත් කෙනෙක් විවාහ වෙනවා නම් අදාල අනිත් පුද්ගලයා එක්ක ජීවිත කාලෙදි ඕනිම දේකට මුහුන දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනි..ඒ වගෙම අදාල අනිත් පුද්ගලයාත් එහෙම වෙන්න ඕනි...ඕක විතරක් මදි අදාල දෙන්නගෙ අවබෝධය, පවුල් ජීවිතය අදාල දෙන්නගෙ සම්බන්ධය දිහා බලන කෝනය තව ගොඩාක් දේවල් බලපානවා.නිකන් රූපෙ ලස්සන වුනාට අධ්‍යාපන අතින් ඉහලට ගියාට මිල මුදල් තිබ්බාට ලොකු දෑවැද්දක් දුන්නට කතාව ලස්සන වුනාට විවාහ වුනොත් ගොඩාක් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා...ඒත් අවාසනාවට මිනිස්සු තේරුම් නොගන්න දේත් ඕකයි...:/

    ReplyDelete
  25. @Dinesh
    ඒ කතාව නම් ඇත්ත අයියෙ. ඒ වෙලාවෙ කොල්ල ගෙදර අයත් එක්ක ගිය එක නම් කොහොමවත් අනුමත කරන්න බෑ. බැන්ද නම් මොන ප්‍රශ්නෙ ආවත් මූන දෙන්න පුලුවන් වෙන්න ඕන.

    ReplyDelete
  26. @පූසා :
    පූසාගේ කතාව හරි. අපි අපේ ආගම අදහනවා වගේ ඒ අයත් ඒ අයගේ ආගම අදහනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ ආදරෙන් හිටපු දෙන්නෙක් වෙන් කරපු එක

    @නදී :
    අන්න නියම පවුලක්. ආදරය ඉදිරියේ මේ ජාති ආගම් ප්‍රශ්න නෑනේ. අර ළමයි මොන ජාතියට අයත් උනත් අපට නම් කමක් නෑ. කවුරු උනත් මනුස්සයෝ නේ.

    @පිණිබිඳු... :
    ඒක හරි. කතෝලික අයගේ බෞද්ධ අයගෙයි ඒ හැටි ජාතින් වල වෙනසක් නම් නෑ. පිණිබිදුලාගේ පවුල් වලිනුත් මේ ආගම් දෙකක ආදරයක් එකතු වීමට ඉඩ දුන්න එක නම් වටිනවා. මිනිස්සු හැමෝම මෙහෙම වෙනවනම් ලෝකය කොච්චර සුන්දර තැනක් වෙයි ද ?

    ReplyDelete
  27. @චතූ :
    ඒක හරි අපි කියන මේ අදහස් කිසිම එකක් ආගම් වලට ගරහන්න නෙමෙයි මනුස්සයන්ගේ ආකල්ප වල වෙනසක් ඇති කරන්න විතරයි. මොකද මම දන්න විදිහට කිසිම ආගමික නායකයෙක් ඔහොම විවාහා ප්‍රතික්ෂේප කරලා නෑ.

    @Anonymous 1 :
    ඒක හරි ඒක හරි. කතාව සහතික ඇත්ත.

    @Anonymous 2 :
    දෙන්නට දෙන්නා හොද අවබොධයෙන් නම් අවුලක් නෑ නේ.

    ReplyDelete
  28. @කල්හාර දිසානායක :
    ඒක හරි අයියා. ජාති කුල කියන ඒවා අපි එනකොට අරගෙන ආවේත් නෑ යද්දි අරගෙන යන්නෙත් නෑ. අම්මලා සිංහල නිසා අපිත් සිංහල උනා.

    @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර :
    කතාව ඇත්ත. ඔය හැමදේම බලලා කසාද බදින සමහරු දුක් විදිනවා. බැන්දට පස්සේ ජාතියත් එක්ක ජීවත් වෙන්නේ නෑනේ. බැදපු කෙනා එක්ක නේ ජීවත් වෙන්නේ.

    @නිර්මල :
    ඒක හරි. ඉස්සර මේට වඩා කුල ගැන එහෙම හොයනවා.ඒ කාලේ එකම සිංහල ජාතියේ උනත් කුල හිටන් ගලපවලා තමයි කසාද තීන්දු කරන්නේ. දැන් නම් ඒ තත්ත්වේ ගොඩක්ම අඩුයි.

    ReplyDelete
  29. @Hishan Melanga :
    උබ නම් පට්ට කොල්ලෙක්. උබ ජාති බදාගෙන කෑ ගහන එවුන්ට ආදර්ශයක්. මටත් ඒ පව ඇරෙන්න වෙන පවක් නම් හොයා ගන්න ලැබුනේ නෑ.

    @prasanna86k :
    මමත් ඔය ලිපිය කියවලා තියෙනවා. කිව්වත් වගේ තව පොඩ්ඩෙන් ගෝල්ඩ් ෆිශ් ගේ එක්කෙනාගේ නමත් කියවෙනවා.

    @ශ්‍රී :
    අඩේ ඉතින් අවුල් යන්නේ නැද්ද අප්පා...

    ReplyDelete
  30. @සොඳුරු සිත :
    අක්කගේ කතාව හරි. දෙන්නෙක් බදින්න කලින් විරුද්ද උනා නම් හරි. බැන්දට පස්සේ වෙන් කරන එකනම් හෙනම පාපයක්.

    @Kasun :
    ඒක හරි කසුනෝ. මේක දවසකින් කියලා ඉවර කරන්න බෑ. උබයි අපියි හිතන විදිහට නෙමේනේ සමහරු හිතන්නේ.

    පව් බං අර අයියා. අවුරුදු හතරක ආදරයක් කියන්නේ සුලු පටු දෙයක් යෑ.

    @Mahesh :
    එහෙම වෙන්න කියලා කියමු.

    ReplyDelete
  31. @හංසි :
    ඒක හරි තාත්තගේ ආගම තමා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. මොකද හැමදේම තාත්තගෙන් නේ දායාද වෙන්නේ.

    @- නිල් අහස - :
    උබත් හෙනම පට්ට කොල්ලෙක්. අන්න එහෙම තමයි හිතන්න ඕනේ.

    @රත්ගමයා :
    සප්නා කියන්නේ කවුද රත්ගමයෝ ?

    ReplyDelete
  32. @Dinesh :
    ඒක හරි. බැන්දට පස්සේ එහෙම ගියාම වෙන්නේ දෙන්නට අඩ අඩ ජීවත් වෙන්න තමා.

    @JHOTHISHALANKA :
    අනේ මන්දා ඔය මිනිස්සු කවදා හැදෙයිද මන්දා. ආගම් ඕන කරන්නේ මිනිස්සුන්ව යහමගට ගන්න මිසක් හොදින් ජීවත් වෙන දෙන්නෙක්ව වෙන් කරන්න නෙමෙයි.

    @තරු අහස :
    ඒක ලොකු පිනක්. ආදරය කරන දෙන්නෙක් එකතු කරන එක පිනක්.

    ReplyDelete
  33. @තරු අහස :
    හංසි අක්කට පිලිතුරු දීමට ස්තුතියි.

    @රොෂාන් එරංග :
    ඒක නම් ඇත්ත කතාව.ඔය හැමදේම තියෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල.

    @Kasun :
    දිනේශ්ට පිළිතුරු දුන්නට ස්තුතියි.

    ReplyDelete
  34. මම නම් හිතන්නේ මධුරංග අයියේ ඕකට හේතුව එක එක ආගම් වල තියෙන වැරදි විදියට නිර්මාණය කරගත්ත විවිධ මත හා දෙමව්පියන් හා දරුවන් ජීවත් වෙන කාල සීමාවල තියෙන වෙනස් කම්.ඒක හින්දනේ අදටත් සමහරු කුළ මල වගේ පුහු දේවල් බලන්නේ.මම නම් කියන්නේ දෙන්නට දෙන්නා ආදරේ නම් ඒ දෙන්නා විවාහ වෙන එකේ කිසිම අවුලක් නෑ කියලා.

    @කල්හාර අයියා-අන්න කතාව.මම අත් දෙකම උස්සලා එකඟයි.

    ReplyDelete
  35. හෑබෑයි සහෝදරයා .. තමන්ගේ සහකාරයා ට තමන්ව හොදින් තෙරුම් ගන්න පුලුවන් නම් විතරක් විවාහ වුනොත් තමා වටින්නේ.. නෑත්තම් ඉතින් දික්කසාද තමා

    ReplyDelete
  36. මට නම් හිතෙන්නේ, මොන රෙද්දක් වුනත් කොල්ලා කෙල්ලව කසාද බැඳගෙන එක්ක ආවා නම් ඒ කෙල්ලාගේ වගකීම ගන්න ඕන.. පොඩි එකෙක් නෙවේ නේ ගෙදරින් ඇවිත් එක්ක යනකන් ඉන්න. එතකොට අර කෙල්ලට මොකද්ද වෙන්නේ?? ඇයි දෙයියනේ තමන්ගේ කසාද ගෑනිට වඩා ආගම ලොකුද??? කොල්ලාට කියන්න ඕන කොල්ලා කියලා නෙවේ . වෙන ලස්සන වචනයක් තියෙනවා.. මධුරංග ගේ ලිපියේ සාරාංශයට මම 100 % එකඟයි.

    ReplyDelete
  37. bro first tell me Would you marry a girl from a different religion?
    if you are an atheist no problem .. if you're both not very religious, and more spiritual, its ok but just think what will happen if you both are in two different beliefs then problems occurs bro.. i dont know i just told you my idea
    p.s i like your blog .. its pretty interesting

    ReplyDelete
  38. ආදරයට කොහොදෝ නැත්තේ බාධා ලෝකේ? :D

    ReplyDelete
  39. @ශාන්..... :
    ඒක හරි ආගම් වලින් මේ දේවල් නිර්මාණය කරන්නේ නෑ. ඒ දේවල් හදාගන්නේ අපි අපිමයි.

    @සූර සරදියල් :
    ඒක හරි මල්ලි. මෙතන දෙන්නා හොදින් ජීවත් වෙද්දි නේ දෙන්නව වෙන් කරලා තියෙන්නේ.

    @රවින් :
    ඒක හරි පොඩි එවුන් යෑ ගෙදරින් ආවම එක්ක යන්නේ. ඒකෙන් මේකෙන් උනේ කෙල්ල නිකන් තනි උන එකයි.

    @Anonymous 3 :
    මගේ නම් එහෙම අවුලක් නෑ.මට ජාති ආගම් ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ කවුරුත් එකයි කියන දේ විතරයි.

    ReplyDelete
  40. @පාල :
    ඔව් පාල. ඒක ඇත්ත. කොහෙත් බාධක නේ.

    ReplyDelete
  41. මගෙ යාලුවෙකුත් හිටිය ඩුබායි වල වැඩ කරන්නෙ. කොල්ල මුස්ලිම් කෙල්ල සින්හල. කොල්ලාට මුස්ලිම් කෙල්ලෙක් විතරයි බදින්න දෙන්නෙ. ඉතින් කෙල්ලට මුස්ලිම් වෙන්න කිව්වා කෙල්ල බැ කියනවා.. ඩුබායි එපාම වෙලත් කොල්ලා ලන්කාවට එන්නෙ නැ කෙල්ල කැමති කොල්ලා වෙනකෙනෙක් බදිනවට, ඒත් කෙල්ල කවදාවත් බදින්නෙ නැ ලු. අගමක් නිසා දෙන්නෙක් දෙපැත්තක ඉඳන් දුක් විදිනවා...

    මමයි පිස්සයිත් ආගම් දෙකක් ඒත් කිසිම අවුලක් නැ

    ReplyDelete
  42. @pissi :
    ඔය දෙන්නත් ආගම් දෙකකද ?නියමයි නේ. ඔයාලාගේ ආදරයට ආගම බාදාවක් වෙලා තියෙනවද? නැහනේ ? ආගමක් තියෙන්න ඕනේ මිනිස්සුන්ව යහමගට ගන්න විතරයි.

    ReplyDelete
  43. @නිල් අහස අන්න එලම කිරි කතාව!
    ආගම් ජාති විතරක් නෙවෙයි, කුල මල නිසාත් තාමත් කොච්චර කූඩු කැඩෙනවනේ. මගේම යාලුවෝ ජීවිතේ අනිත් වෙලාවලදී සිරාම කොල්ලෝ විදියට ඉඳල කෙල්ලට ගෙදරින් අකමැති උනාම, අර අච්චර පස්සෙන් ගිහින් කැමති කරගෙන අවුරුදු ගානක් ලව් කරපු කෙල්ලව දාල සුවච කීකරු පුත්‍රයෝ වෙනවා. අනේ මන්ද ඇයි එහෙම වෙන්නේ කියල.
    හැබැයි ඒ අතරේ කොහොම හරි ගෙදර අය චුරු චුරු ගාද්දීම කෙල්ලවත් බැඳලා එයාගේ පවුලේ අයත් බලාගන්න නියම කොල්ලොත් ඉන්නව!

    ReplyDelete
  44. දෙදෙනා ගැන හරි හමන් අවබෝධයක් නැතිව එකම ආගමේ එකම කුලේ අය බැන්දත් ගැටළු. ආගම ජාතිය කුළය හරිම අසාධාරණ කිරුම් මිනුම් ක්‍රමයක් ආදරයක් ඉදිරියේ.

    ReplyDelete
  45. දැන් ඉතින් සිංහල කෙල්ලෝ මුස්ලිම් කොල්ලොත් එක්ක යාලු වෙන එකත් ට්‍රෙන්ඩ් එකක් වෙලා. මම දන්නා අක්ක කෙනෙකුත් ඉන්නවා කොල්ල මුස්ලිම්.කෙල්ල බෞද්ධ. සම්බන්දෙට අවුරුදු 5,6 විතර. අන්තිම කාලේදී කොල්ල බල කරලා මුස්ලිම් ආගමට හැරෙන්න. ඒත් අක්ක කැමති වෙලා නෑ. පස්සේ ලගදි අක්ක බෞද්ධ ආගමේ කොල්ලෙක් බැන්දා. ඒත් අක්ක සතුටින් නෙමෙයි ඉන්නේ. ඒ ආදරේට ආගම ගැන කිසිම ප්‍රශ්නයක් නැතුව තිබිලා අන්තිමට ඔහොම උනු එක ගැන ගොඩක් දුකෙන් ඉන්නේ. සහෝදරයා කියන කතාවෙත් ගෙදරින් නෙමෙයි කොහෙන් ආවත් කසාද බැඳපු ගැනී ඔය විදියට දාල යන එකෙක්ට කොල්ලෙක් කියල කියන්න අමාරුයි.

    ReplyDelete
  46. @nawammawatha :
    අයියගේ කතාව හරි අයියේ.

    @චාම් :
    ඒක හරි. පව් ඇත්තටම ඒ ගෑනි ගන නම්. ඇත්තටම දුක හිතෙනවා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.