07 June 2011

ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ.

මේ දවස්වල නිතරම වගේ කොළඹ යන්න වෙනවා. හිටපු ගමන් ඉන්ටර්විව් වලට එන්න කියනවා.මාත් පාඩම් කරගෙන යනවා. ගියාම අහපු නැති අලුත් දෙයක් ඉගෙන ගෙන එනවා. ආයෙම ඊලග ඉන්ටර්විව් එකට ලෑස්ති වෙනවා. කලින් එකේ බැරි උන දේවල් පාඩම් කරන් යනවා. ඒකෙදිත් අහපු නැති එකක් අහගෙන එනවා. ඒකත් පාඩම් කරගෙන ආයෙම යනවා.

වෙලාවකට එපාම වෙන වැඩක් තමයි මේ ඉන්ටර්විව් කෙරිල්ල. අපේ අම්මා කියන්නේ ඉස්සර නම් ඔහොම ඉන්ටර්විව් නෑ ලු. දැන් නම් එහෙම නෑ.විභාගයකුත් තියලා ඒක පාස් උනාම තමා ඉන්ටර්විව් එකට එන්න කියලා කියන්නේ. ඒක ගොඩ දාගත්තම HR කියලා ඉන්ටර්විව් එකකට මුහුන දෙන්න ඕනේ. ඒකත් පාස් උනාමයි ජොබ් එක හම්බ වෙන්නේ. වැඩ කෝටියයි.

ලගදි ගියා කොල්ලුපිටියේ කම්පැනි එකක ඉන්ටර්විව් එකකට. ගිහින් එන ගමන් පානදුරේ බස් එකක එල්ලුනා කොටුවට එන්න. වැඩිය සෙනගත් හිටියේ නෑ.බස් එකට නැගපු ගමන් හම්බවෙච්චි පලමුවෙනිම සීට් එකේ වාඩි උනා. මගේ වාසනාව තමා. එහා පැත්තේ ගෑනු ළමයෙක් වාඩි වෙලා ඉන්නවා.

මමත් ටිකක් ඇගපතින් තරබාරුයි හින්දා සීට් එකේ වැඩි කොටසක මම වාඩි වෙලා හිටියේ.කෙල්ල හින්නිකිතර සීට් කෑල්ලක් වාඩි වෙලා හිටියෙ. හිරවෙලා වගේ හිටපු හන්දා දෙන්නම් හරිම අමාරුවෙන් වගේ තමයි හිටියේ. මටත් මේ ගෑනු ළමයත් එක්ක කතා කරන්න ආසාවක් ආවා. නමුත් ටිකක් විතර බයයි කෙල්ල මං ගැන වැරදියට හිතයි කියලා

කොහොමහරි බස් එක කොටුවට ආවා. කට්ටිය කොටුව ස්ටේශන් එක හරියෙන් බැහැගත්තා. ඉතුරු ටිකදෙනා බෝ ගහ හන්දියෙන් බැහැගත්තා. දැන් බස් එකේ මමයි ඒ ගෑනු ළමයයි විතරයි. මමත් සීට් එකෙන් නැගිටලා බස් එකේ දොර ලගට ආවා. ඒත් එක්කම් ගෑනු ළමයත් නැගිටලා ආවා. මාත් එක්ක හිනා උනා. මාත් ටිකක් විතර හිනා උනා. දැන් නම් කතා කරනවාමයි කියලා හිතාගෙන ඉන්නැද්දි එකපාරටම දැක්කා කෙල්ලගේ අතේ ෆෝන් එක තියාගෙනම ඉන්නවා.

ඒත් එක්කම මතක් උනා ගෝල්ඩ් ෆිශ් දාපු බ්ලොග් පෝස්ට් එකක තියෙනවා හිත ගිය ඇත්ති ගොඩ ගිහින්ද නැද්ද කියලා හොයාගන්න ක්‍රම ටික. ඒකේ මෙහෙම එකක් තිබ්බා

ඔයාලගේ චිත්තස්කන්ධය පැහැරගත් කෙල්ල බස් එකේදී බහින්න කිට්ටුවෙලා ෆෝන් එක අදිනව නම් ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද ඒ සමහරවිට තමන්ව එක්ක ගෙන යන්න එන්න කියලා බැඳපු මයිනට හරි.....
(උපුටා ගැනීම ගෝල්ඩ් ෆිශ්ගේ බ්ලොග් අඩවියෙන්)


ඒ නිසා වැඩිය එලවන්න ගියෙ නෑ. ඒත් මේ කෙල්ලත් ගේම අත අරින්නෙම නෑ. ආයෙම වතාවක් මගේ දිහා බලලා හිනා උනා. මේ වෙද්දි බස් එක ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා.කෙල්ලට බහින්න ඉඩ දීලා මම ඊලගට බස් එකෙන් බැහැ ගත්තා. බැහලා යද්දිත් කෙල්ල තව පාරක් මගේ දිහා බැලුවා.

මාත් ටිකක් පස්සෙන් වැටිලා වගේ ගියා. කෙල්ල ආයෙම "මෝඩයෙක් !!!" කියන හැගීමකින් බලලා බස් එකක නැගලා යන්න ගියා. මමත් එතන රැදෙන්නේ නැතුව ආවා. ඊට පස්සේ මේ කතාව මගේ යාලුවෙක්ට කිව්වා.

යාලුවා කිව්වේ මෙහෙම දෙයක්.

"උබ නම් මෝඩයෙක් තමා. නැත්නම් ඔච්චර බලලා අඩු ගානේ ෆෝන් නම්බර් එකවත් දීලා එන්න තිබ්බා උබට"

--------------------------------------
ප.ලි. - ගෝල්ඩ් ෆිෂ් ගේ තියරි හැමතැනටම අදාල නෑ කියලා මට හිතුනා. ඒ නිසා ඒ තියරි පාවිච්චි කරනවනම් පොඩ්ඩක් පරිස්සමින් පාවිච්චි කරන්න.
ගෝල්ඩ් ෆිෂ්ගේ තියරි බ්ලොග් ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න.
(උපුටා ගැනීමට අවසර දීම පිලිබදව ගෝල්ඩ් ෆිෂ් ට මගේ ස්තුතිය.)

24 comments:

  1. මටත් ඔය වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා ඒත් මොන කරුමයක්ද මන්දා විනාඩි කීපයකට දැක්ක කෙල්ලෙක්ට නම්බර් දෙන්නවත් කතා කරන්නවත් මට හිතෙන්නේ නෑනේ.

    ReplyDelete
  2. ඔය කටක් කියල එකක් තියෙන්නෙ කතා කරන්න තිබ්බනේ ප්‍රමාද නොවී:))
    "හින්නිකිතර සීට් කෑල්ලක්" මොකද්ද මේ කියල තියෙන්නෙ?කෙට්ටු ගෑණු ලමයෙක් කියල නේද?

    ReplyDelete
  3. මම නම් හිතන්නේ නම්බර් එක නොදීපු එකම තමයි හොඳ...කෙල්ලෙක් අඳුරන් නැති කොල්ලෙක් එක්ක දෙතුන් පාරක් හැරි හැරී හිනා වෙන්නේ හොඳකට වෙන්න පුලුවන්ද????

    ReplyDelete
  4. මටත් හිතුනේ රවින්ට හිතුන දේ මයි.
    ඔච්චර පැනලා දෙනවනම් ටිකක් විතර පරිස්සම් වෙන එක හොදයි.

    නම්බර් එක නොදුන්න එක ..හොදයි ..මචං.

    ReplyDelete
  5. කෙල්ල සමහර විට ෆෝන් එක කීප පාරක්ම ඇද්දෙ ඔයාට ෆෝන් නම්බර් එක ඉල්ලගන්න කියල මතක් කරන්නද දන්නෙ නෑ.

    ReplyDelete
  6. අයියෝ අයියා,,,, ඩොන්ට් බී ලේට් ෆෝ දෝස් තින්ග්ස් ... හික්ස්...

    ReplyDelete
  7. ඔය ගල් ඉබ්බා කියන්නේ කෙබර...චික්..ඒකාගේ පිස්සු අහන්නේ නැතුව රත්ගමයගේ ඩිරෙක්ට් තියරියට බැස්ස නම් මගුලකුත් කන්න තිබ්බා...
    හැබැයි ඒ කෙල්ල හෙන වල් වගේ නේ...
    පාට් ටයිම් එකක් කොරන්න හොදා

    ReplyDelete
  8. කලබල වෙලානේ මල්ලි ඔයා...

    ....ගෙදර ඉන්න වැඩි හිටියෙකුට හරි එන්න කියන්න වෙන්න පුළුවන්. පස්සෙ බැඳපු එකෙක් නම් ආයෙමත් හිතේ තියෙන ප්‍රේමනීය සිතුවිලි වලට විරාමයක් දෙන්න. එල්ස්… අගේන් ‍ෆලෝව් දැට් ගර්ල්, ටූ ‍ඕර් ත්‍රී ටයිම්ස්.

    මේ ටික කොරානම් උඹ ගොඩ. අර උඩ එකා කිව්වා වගේ මගුලක් අරගෙන බබාලත් හමුබුවෙලා...

    ReplyDelete
  9. මාළුවෝ කියන ඒවා මොකට ගණන් ගන්නවද සහෝ... :P

    ඊලඟ සැරේ නැකැත් බලන්න එපා ඔන්න.

    ReplyDelete
  10. ඔය ගෝල්ඩ් ෆිෂ් කියන කොලු ගැටයා ඔය ලිපිය දාන්න කලින් හත් අට වතාවක් ටෙස් කරලා තියනවා, ගුටි කාලත් තියනවලු, එහෙම එකේ ඕක වැඩ කරන්නෙ නැහැ කියලා අපේ ගෝල්ඩ් ෆිෂ් මලයට එහෙම අවනම්බු කරනවා නෙමේ ඕං ..........

    ReplyDelete
  11. වරෙව් අර මාලුවට නෙලන්න යන්න. ඌ වැඩේ කාලනෙව.
    කීයට විතරෙයි බං අර පානදුරේ බස් එකට නැග්ගෙ? බස් එක මමවත් හොයාගන්න.


    එක අතකින් මධුරංග ඔහොම හිටපු එක හොඳයි ආයෙ කවුද දන්නෙ නේද?

    ReplyDelete
  12. මොකද දන්නෙ නැහැ, කෙල්ලො නං මා දිහා බලන්නෙ නැති තරං, ඉඳල හිටල හරි බැලුවොත් වයසක ආන්ටි කෙනෙක් තමා.

    ReplyDelete
  13. ෂික් අපරාදෙනේ.. තුන් කල් බලනනේ නැතුව කතාකරන්න තිබුනනේ.. දැන් ඉතින් ගිය දේ ගියා..

    ReplyDelete
  14. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ කිව්වා.... දැන් ඕක ගැන හිතලා වැඩක් නෑ අමතක කරපන් රස්සාවක් හොයාගනින් මුලින් ඊටපස්සේ ඕනෙ මගුලක් කරගනින්.... දැන් ඕක අමතක කරපන්...

    ReplyDelete
  15. අයියා ඕක අපිට පොදු සිද්ධාන්තයක් නේද?ලස්සන කෙල්ලෙක් දැකලා,කතාවක් දැම්මත් නොම්මරේ ඉල්ල ගන්න අමතක වෙනවනේ.......

    ReplyDelete
  16. මමත් කියන්නේ ඉස්සෙල්ලම හොද රස්සාවක් හොයාගෙන ටිකක් ස්ථාවර වෙලා ඉන්න කියලා.ඔය ප්‍රමාදය පසුතැවිල්ලට මුල ය කියන කතාව හැමතැනටම අදාල නෑ.සමහර දේවලට ප්‍රමාද වෙන තරමට ප්‍රතිඵල ගුණාත්මක වැඩියි.

    අද කාලේ කෙල්ලෙක්ව පෝශණය කරනවා කියන්නෙත් ලේසි පහසු වැඩක් නෙමේනේ. :D

    ReplyDelete
  17. @පූසා :
    මටත් හිතිලම නෑ. ඒ උනාට කතා කරන්න න හිතුනා. අන්තිමේ කතා කලේ නෑ. නිකන් හිනාවෙලා විතරක් ගියා.

    @නදී :
    ඒක හරි අක්කේ. කතා කලා නම් ඉවරයි නේ. අපරාදේ මතක් වෙද්දිත්. හින්නිකිතර කියලා කිව්වේ පොඩි සීට් කෑල්ලක් තමා එයාට වාඩි වෙන්න තිබුනේ. තුනයි දෙකේ බස් එකක් නේ. ඒ ගෑනු දරුවා ඒ තරම්ම කෙට්ටුත් නෑ අක්කේ.

    @රවින් :
    ඒක හරි. කෙල්ලෙක් ඔහොම කරන්නේ නෑනේ. අම්මාපල්ල මට ඔයි වගක් හිතුන්නැති හැටි.

    ReplyDelete
  18. @- නිල් අහස - :
    ඒක හරි අයියේ.පැනලා දෙන එවුන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ.

    @පිණිබිඳු... :
    ඒක කියන්නත් බෑ පිණිබිදු. අපරාදේ නේ. :(

    @සූර සරදියෙල් :
    යේ..ස් මල්ලි. අයි ගොට් ලේට් ඉන් දිස් ටයිම්. බට් අයි විල් නොට් ලෙට් ඉට් හැපන් ටුඩේ.... හිකි හිකිස්.

    ReplyDelete
  19. @රත්ගමයා :
    බොහොම ස්තුතියි රත්ගම මාස්ටර්. මම අද ඉදන් ඔබේ තියරි පාවිච්චි කරනවා.

    @prasanna86k :
    කොහෙද ඉතින් මාලුවෝ. උබේ තියරි නිකන් රචනා වගේ නේ. මතක තියාගන්න හරිම අමාරුයි. අන්න නිව්ටන් නියම වගේ තිබ්බනම් එල. එතකොට මතක හිටිනවා.

    @රොබින් :
    ඔන්න ඊලග පාර නම් කිසිම නැකතක් බලන්නේ නැතුව ගෙපැල කපනවා. තෑන්ක්ස් උපදෙසට !!!!

    ReplyDelete
  20. @කල්හාර දිසානායක :
    අපොයි අයියා මම ගෝල්ඩ් ෆිශ් කාරයාට කිසිම කරදරයක් කරන්නේ නෑ. මම කියන්නේ ඒකගේ තියරි තව දුරටත් පරීක්ශනය කරලා නිරවද්‍යතාව තහවුරු කරගන්න ඕනේ කියලා.

    @nawammawatha :
    උදේම තමා අයියා උනේ. මාලුවාට නෙලලා විතරක් හරි යන්නේ නෑ. ඕකට දෙකක් අනින්න ඕනේ ආයේ ඔයිවගේ කිසිම පෝස්ට් එකක් නොදාන්න.

    @Observer :
    දිගටම ට්‍රයි කලා නම් අහවරයි. එතකොට බලයි. නමුත් ශුවර් නෑ. මොකද මම දන්නේ ලංකාවේ කෙල්ලෝ ගන විතරයි නේ. පිටරට එවුන් ගන කිසිම දෙයක් දන්නේ නෑ. :(

    ReplyDelete
  21. @Dinesh :
    ඒක තමයි මල්ලි. ගියදේ ගියා. ආයේ එන්නේ නෑ.

    @කිඩෝ :
    ඔන්න මං අමතක කලා. එල නේ කිඩෝ. හරි මචන්. මොකෝ මේ දවස්වල මල පනපු ගමන් ඉන්නේ. මම බ්ලොග් එක පැත්තේ ගියාම හෙනම කේන්තියෙන් පෝස්ට් එකක් දාලා තියෙන්නේ.

    @ශාන්..... :
    ඒක හරි මල්ලි. කොච්චර හොදින් කතා කලත් අන්තිමේ නම්බර් එක දීගන්න බැරි වෙනවා.

    ReplyDelete
  22. @පාල :
    ඒක හරි. කෙල්ලෙක් පෝශනය කරන්න අපට ලැබෙන පඩිය මදියි. කෙල්ලෝ ගැන හිතන එක පස්සට දානවා.

    ReplyDelete
  23. pala do boru danne nathiwa...

    ReplyDelete
  24. @Yaka :
    හික්ස්... උබ දන්නවනේ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.