06 June 2011

නොනිමි බලාපොරොත්තුව

"අද ගියේ වැඩේට මොකද පුතේ උනේ ?"

"විභාගයක් තිබ්බා. ඊට පස්සේ තමා ඉන්ටර්විව් එක තිබ්බේ. වෙනදා වගේම පසුව දන්වන්නම් කියලා කිව්වා"

"කොහොමද විභාගේ ලේසිද ? මේකවත් හරියන පාටක් තියෙනවද ?"

"විභාගේ නම් වරදක් නෑ. ඒත්.... ඉන්ටර්විව් එක තමයි ප්‍රශ්නේ. හැමදාම වගේ මෙදාපාරත් අහපු නැති ප්‍රශ්න ගොඩාක් ඇහුවා."

"ඉතින් උත්තර දී ගන්න බැරි උනාද ?"

"ම්... ඔව්. සමහර ඒවා අහලවත් තිබුනේ නෑ. මේ වැඩේ එපා වෙනවා අම්මේ. හැමදාම කොළඹ යනවා විතරයි. කිසිම වැඩක් වෙන්නේ නෑ."


"ඔහොම තමයි. ගනන් ගන්න එපා. මොකක්හරි, හරි යයි."

"බලමුකෝ.... "

ඉගෙන ගන්න එක අමාරු වැඩක් කියලා හිතුනට අමාරුම වැඩේ තමයි රස්සාවක් හොයන එක.සමහර තැන් වල අවුරුදු දෙක තුනක පලපුරුද්ද ඉල්ලනවා. ඒවා කොහෙන් හොයන්නද තාම රස්සාවක් නැති කොට. වෙලාවකට හිතෙනවා බයෝ කලා නම් ඉවරයි කියලා. එතකොට රස්සාව ඉන්සුවරන්ස් කලා වගේ. අවුට් වෙද්දි රස්සාවකුත් දෙනවා.

"මොනා ද ලොකු පුතේ කල්පනා කරන්නේ ???"

"නෑ මම කල්පනා කළේ එක අතකට දැන්ම රස්සාවක් නැති එකත් හොදා."

"ඒ මොකෝ..."

"නැත්නම් රස්සාවක් තිබ්බා නම් අම්මා මට බදින්න කියලා බල කරනවනේ. මෙහෙම නිදහස්."

"ලොකු පුතේ.... මගේ යකා අවුස්සන්නේ නැතුව ඉදින්. බැන්දා කියලා නිදහස නැති වෙනවා යෑ."

පසුව......

"අම්මේ මෙන්න තව ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා ඊ මේල් එකක් ආවා මේ දැන්....."
-----------------------------------------------------
ප.ලි. - හුග දවසකින් දෙබසක් ලිව්වේ නැති හින්දා ලියන්න හිතුනේ. සල්ලි මත ජීවිතයක් ගොඩ නැගීම කියලා ලිව්ව දෙබස වගේ නම් ලස්සන නැතුව ඇති.

31 comments:

  1. බයවෙන්න එපා සහෝදරයා ඔබට ඔය රස්සාව කවදාහරි හම්බෙනවා...

    ReplyDelete
  2. උඩ පිතූරේ මාරු කරාද??? එකෙන් කියන්නේ ඔයාගේ ජීවිතේත් අලුත් වෙනවා කියන එක.. එලස්

    ReplyDelete
  3. ඔව්වා ඔහොම තමා බං

    ReplyDelete
  4. "ලොකු පුතේ.... මගේ යකා අවුස්සන්නේ නැතුව ඉදින්. බැන්දා කියලා නිදහස නැති වෙනවා යෑ." හික් හික් ඉල්ලන් කෑම....

    ReplyDelete
  5. ඕකනං පුතාගෙ ගැටයක්ද කොහෙද... :P

    ReplyDelete
  6. කදිමයි..

    ReplyDelete
  7. හ්ම්ම්. ලඟදිම හොඳ ජොබ් එකක් ලැබෙයි. Career Fair එකක් ෆැකල්ටියෙන් කරේ නැද්ද?

    ReplyDelete
  8. ඇත්තටම ලංකාවේ හරි හමන් රස්සාවක් හොයා ගන්නවා කියන එක ලොකු ගැටලුවක් වෙලා තියෙන්නෙ දැන් ......
    රස්සාවල් තිබුනත් පඩිය දෙන්නෙක්ට ජීවත් වෙන්න තරම් මදි .....
    ඉගෙන ගෙන තියන නිසා කම්කරු රැකියාවක් කරන්නත් බැහැ ....


    ඕක තමා දැන් ලංකාවෙ තියන තත්වෙ .......

    ඒත් අධ්‍යාපනේට හරියන රැකියාව හොයන්නෙ නැතුව වෘත්තිමය දේකට යොමු වෙන කෙනා දිනුම් දැන් .........

    ReplyDelete
  9. බ්ලොග් එක අලුත් වෙලා,දැන් ලස්සනයි.

    ReplyDelete
  10. ඉක්මනට රස්සාවක් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ..

    ReplyDelete
  11. ෆ්‍රෙශ් ග්‍රැඩ් කෙනෙක් වුනාම ඔහොම තමා මුලින්, ඉන්ටවිව් ගිහින් එපා වෙනව,හැමතැනින්ම පලපුරුද්ද ඉල්ලනවනෙ.

    ReplyDelete
  12. බ්ලොගේ අලුත් වෙලා නේ...... බැනර් එක නම් ලස්සනයි

    ReplyDelete
  13. ගැලපෙන රස්සාවක් හොයාගන්න ටිකක් අමාරු උනත් උත්සාහය අතාරින්න එපා....හැමදේම හරියාවි......

    ReplyDelete
  14. අඩේ රස්සවක් නොකර ඉන්න තියෙන හේතුව.. බය වෙන්න එපා යාළුවා.. දිගටම උත්සාහ කරන්න.. හොද ජොබ් එකක් ඉක්මනට සෙට් වේවි..

    ReplyDelete
  15. රස්සාව නැතත් මගුල කරගම්මු....
    සල්ලිද වටින්නේ කෙල්ලද වටින්නේ...
    සල්ලි වටිනව තමයි...ඒත් සල්ලි තියන කෙල්ලෙක් ඊට වඩ වටිනව නේ.... ;)

    ReplyDelete
  16. @සූර සරදියල් :
    උඩ පිංතුරේ මාරු කලේ බ්ලොග් එක ලෝඩ් වෙන්න යන වෙලාව අඩු කරගන්න මල්ලි. නැත්නම් ලෝඩ් වෙන්න ගොඩ වෙලා යනවනේ. මේ දවස්වල සයිට් එල ඔප්ටිමයිස් කරගෙන යනවා.

    ඔව් ජීවිතේත් අලුත් වෙයි. හික්ස්

    ReplyDelete
  17. @prasanna86k :
    අපෝ එපා වෙනවා මාලුවෝ ගෙදර ඉදලාම.

    @කිඩෝ :
    ඒක නම් හරි. ඉල්ලගෙන තමා කෑවේ.

    @මකුළු පැංචි :
    ගැටයක් නෙමේ. ඔයා දන්නේ නෑනේ මකුළු අපේ අම්මාගෙන් මට තියේඅ කරදරේ.

    ReplyDelete
  18. @sameerausa :
    තැන්කු යාලු.ඒ වගේම මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගනිමි.

    @පිණිබිඳු... :
    සිවිල් අයට නම් කලා ජොබ් ෆෙයාර් එකක්. ඒත් අපට නම් කලේ නෑ. කරා නම් හොදා. සුබ පැතුම් වලට තුති

    @කල්හාර දිසානායක :
    ඒක හරි අයියා. ඉගෙන ගත්ත එවුන්ට හරියන රස්සා නැති හින්දා තමා රටවල් දාලා යන්න උනත් හදන්නේ.

    ReplyDelete
  19. @නදී :
    තැන්ක්ස් අක්කා. උඩ බැනර් එකේ බර අඩු කලා. නැත්නම් ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවනේ.

    @රොබින් :
    ගොඩක් ස්තුතියි යාලූ. ඒක ම තමයි අපේ අම්මත් හැමවෙලේම හිතන්නේ.

    @නදී :
    ඒ වගේම එක්ස්පීරියන්ස් ඉල්ලන්නේ නැති තැනුත් හරියන්නේ නෑ නේ අක්කා. ඒක තමා ගොඩක්ම දුක.

    ReplyDelete
  20. @බීටා :
    තෑන්ක්ස් මල්ලි බීටා.... මම බ්ලොග් එකේ බර ගොඩක් අඩු කරන්න තමා මේක හැදුවේ

    @දිල් :
    අපෝ නෑ අක්කා. උත්සහය නම් අත අරින්නේ නෑ.

    @Dinesh :
    ඒක තමයි මල්ලි මාත් බලගෙන ඉන්නේ. ගොඩක් ස්තුතියි සුබ පැතුම් වලට.

    ReplyDelete
  21. @රත්ගමයා :
    සල්ලි තියෙන කෙල්ලෝ කොහෙද ඉන්නේ ? එහෙමනම් මාත් බදිනවා ඉක්මනටම.

    ReplyDelete
  22. දැන් එතකොට රස්සාව නොකරන්නෙ බඳින්න වෙන නිසා ද?

    නැත්තම් රස්සාවක් හොයන්නෙ කසාද බඳින්න ඕනි නිසාද ?

    නැත්තම්..... ???

    ReplyDelete
  23. @සොඳුරු සිත :
    ඒ දෙකටම නෙමේ අක්කේ. රස්සාවක් හොයන්නේ අපේ අප්පච්චිව ගෙදර තියන්න. ඒයැයි ගොඩක් මහන්සි වෙනවා අපි හන්දා. ඒයැයිට විවේකයක් දෙන්න තමා මගේ වෑයම.

    ReplyDelete
  24. හප්පා බ්ලොගේ ලෝඩ් උනා පට පට ගාලා .. පස්සේ මම බැලුවා සිග්නල් වැඩිපුර ඇවිල්ලද කියලා නෑ බලද්දී හෙඩර් එක මාරු කරලා ස්තූතියි මචං ඒ වැදගත් වැඩේට . ඒකෙන් සතුට සහ වේගය ලැබුනේ මට

    රස්සාවක් හොයාගන්න එක කැම්පස් ගිය කෙනෙකුටත් අමාරුනම් මම වගේ හාල් ඩයල් එකක් ගැන කවර කතාද ? මම මේ දැන් කරන රස්සාව පන වගේ ආරක්‍ෂා කරගන්න ඕන ..

    ReplyDelete
  25. @හිස් අහස :
    රස්සාවක් හොයාගන්න අමාරු වෙන්නේ අපට පලපුරුද්ද නැති හින්දා. පලපුරුද්ද තියෙනවනම් වැඩේ ගොඩ. ඒත් කවුද අපව ගන්නේ....

    ReplyDelete
  26. මමත් ඔය බෝට්‍ටුවේම තමයි.අපිට ගැලපෙන රස්සා හොයන්න බෑ.මොහොකින් හරි පටන්ගන්න බලනවා. :)

    ReplyDelete
  27. @පාල :
    එකම බෝට්ටුවේ නම් කොහෙට හරි ඉවුරකට හබල් ගාමු. කවදාහරි අපේ ඉවුරට එන්න පුලුවන් වෙයි මචං.

    ReplyDelete
  28. එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...ශුවර් එකට ජොබක් සෙට් වෙයි.....

    ReplyDelete
  29. සුදුසුකම් වලට අනිවාර්යෙන්ම රැකියාවක් ලැ‍බෙයි.
    ඒත්..එතකන් නරකද..පොඩියට හරි.. දන්න දෙයකින් බිස්නස් එකක් වගේ එකක් පටන් ගත්තොත්.
    එතකොට කාලයත් අපතේ නොයවා...කියක් හරි හම්බ කර ගන්නත් පුලුවන් නොවැ..

    ReplyDelete
  30. @ මධූ
    පවුලේ එකම දරුව ද? යහ සිතින් කරන ප්‍රාර්ථනා ඉටු වෙනවලු... අපි බලමු...

    ReplyDelete
  31. @රාජිත අනුරාධ***රජී-සන්නස.... :
    ඒක තමා මේ දවස්වල තියෙන එකම කරදරේ. සුබ පතුම් වලට ගොඩක් ස්තුතියි

    @- නිල් අහස - :
    ඒකත් නියම අයිඩියා එක. මාත් පොඩ්ඩක් විතර හිට දාලා බලන්න ඕනේ. අදහසට ගොඩක්ම ස්තුතියි.

    @සොඳුරු සිත :
    නෑ අක්කා මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයත් කැම්පස්. එයාට වියදම් කරන්නෙත් අපේ අප්පච්චි. ඒක නිසයි මම වැඩිමනත්ම රස්සාවක් හොයන්නේ. අප්පච්චිගේ සොච්චම් පඩියෙන් මේ සේරම කරන්න බෑ අක්කා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.