04 June 2011

අම්මා නිසා පුතා මාට්ටු

චිත්‍රා ඇන්ටිලෑ පවුල කියලා කියන්නේ අපේ ගමේ ඉන්න දුප්පත්කමේ අන්තයට වැටිලා ඒ අන්තයෙන්ම ගොඩ එන්න දගලන පවුලක්.ඒයැයිලෑ පවුලේ පස්දෙනයි. අම්මයි (චිත්‍රා ඇන්ටි), තාත්තයි, පුතාලා දෙන්නයි, එකම එක දුවයි. ඒ අංකල්ගේ රස්සාව තමයි පිටකොටුවේ මැනිං මාර්කට් එකේ එලවලු විකුනන එක. එයාලගේ දුවත් සාමාන්‍ය පෙළ කරපු දා ඉදන්ම රස්සාවක් කරනවා.ලොකු පුතාත් කාලයක් රස්සාවක් කලා දැන් නම් ඒකෙනුත් අයින් වෙලා ඉන්නේ.පොඩි එකා තාම ඉස්කෝලේ යනවා.

මේ අයට ජීවත් වෙන්න එයාලටම කියලා ඉඩමක් නෑ. කැලණිතිස්ස බලාගාරයෙන් විදුලිය ගෙනියන අධි බලැති විදුලි කණුවකට වෙන් කරලා තිබ්බ බිම් කඩක පොඩියට ගෙයක් අටවගෙන තමයි ජීවත් වෙන්නේ. නැතිබැරි කමට එහෙම ඉන්න හන්දා ගමේ මිනිස්සුවත් විදුලිබල මණ්ඩලයෙ අයවත් මේ අයට වචනයක්වත් කියන්නේ නෑ.එතනින් යන්න කියලා කියලත් නෑ. නමුත් මේ අය ඉන්නේ ලොකු අවදානමක බව නම් කියලා තියෙනවා.


එහෙම ජීවත් වෙන මේ පවුලේ ලොකු එකා ටිකක් නාහෙට අහන්නේ නැති එකෙක්. කොටින්ම යාලුවොත් එක්ක එකතු වෙලා ගංජා ගහන, සූදු කෙලින ගෙදරටත් රටටත් බරක් වෙවී ජීවත් වෙන එකෙක්.ඔය මොන කුප්ප වැඩේ කලත් තමන්ගේ අම්මා මේකාට දොසක් කියන්නේ නෑ.කොටින්ම මේකා කඩේට ගිහින් සිගරට් ණයට ඉල්ලලා ඒක දුන්නේ නෑ කියලා කඩේ මුදලාලි කාරයාටත් ගහලා ආපු එකෙක්.

කොහොමහරි මේ අණ්ඩපාලයා දවසක් ගෙදර ඉන්නැද්දි එහා පැත්තේ වත්තට පැනලා. ඒ ගෙදර අල්මාරිය ඇරලා තිබ්බ දේවල් හොරකම් කරගෙන යන්න හදලා. ඒක ඒ ගෙදර හිටපු වයසක් උන්දෑ දැකලා. නමුත් ඒ ගෑනු කෙනා ගොඩක් වයස නිසා කෙනා කවුද කියලා අදුනගෙන නෑ.මේ හොරාව දැකපු ගමන් යටිගිරියෙන් කෑ ගහලා. ඒ ගෑනු කෙනා කෑ ගහපු පාර අරූ ඒ ගෑනු කෙනාවත් තල්ලු කරලා දාලා දුවලා ගිහින් ගෙදර හංගිලා. කොහොමහරි මූ කලබලේට දුවපු නිසා සෙරෙප්පු දෙක අර ගේ මිදුලේ දාලා ගිහින්.

ඒ ගෑනු කෙනාගේ කෑගැහිල්ලට ගමේ එවුන් ඒ ගෙදෙට්ට එකතු වෙලා.කට්ටිය හොරා කවුරු වෙන්න පුලුවන්ද කිය කිය කතා වෙනවලු. ඒත් එක්කම හොරාට බැරි වෙලා දාලා ගිය සෙරෙප්පු දෙකත් සාක්කියට තියාගෙන ඉන්නව ලු.මූත් නිකන් නිදාගෙන නැගිට්ට එකා වගේ හිරි ඇර ඇර එනවලු, මොකෝ මේ සද්දේ කියලා බලන්න. මේ අල්ල පනල්ලේ චිත්‍රා ඇන්ටි (අරූගේ අම්මා) සමෘද්ධි රැස්වීම ඉවර වෙලා ගෙදර එනවලු. සද්දේ නිසා ඒ ඇන්ටිත් ගිහින් බලන්න.

ඒ ගෙදරට ගොඩ වෙද්දිම "හා....නේ මේ අපේ ලොකු පුතාගේ සෙරෙප්පු දෙක නේ.බැරිවෙලා මෙතන දාලා ගිහින් නේ." කියලා අර ඇන්ටි කිව්වා විතරයි අරූට කර කියා ගන්න දෙයක් නැති වෙලා. ලොවෙත් නැති වෙන්න දිව්වලු. දිව්වට වැඩක් නෑ මේ වෙද්දි පොලිසියටත් කියලා තිබ්බේ.

කොහොමහරි පස්සේ ආරංචි උනා අරූව පොලිසි ගෙනිච්චා කියලා.අරූගේ අම්මා අරහෙම කිව්වේ නැත්නම් හොරා මොකාද කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ ලු. ඒකෙන් මේකෙන් උනේ ඒ මිනිස්සුන්ට තවත් කරදරයක් එකතු උන එක විතරයි. අර වයසක් ගෑනි මලා නම් මිනිමැරුම් චෝදනාවටත් අරූට හිරේ යන්න වෙනවා.උගේ වාසනාවට එහෙම උනේ නෑ.

30 comments:

  1. හෆොයි.මදැ ඔයින් ගියා.චිත්‍රා ආන්ටිත් මරු වැඩ කරන්නෙ,

    ReplyDelete
  2. හෆෝ.... කාලකණ්නියෙක්....

    ඔන්න මමත් මේ පැත්තට ආවා...

    මගේ ලෝකෙ පැත්තෙත් එන්නකො වෙලාවක.. ෆලෝ පාරක් එහෙම දාල යන්න...
    http://superkolla.blogspot.com/

    ReplyDelete
  3. කලකම් පලදේ කියන්නෙ ඕක තමා

    ReplyDelete
  4. එක එක කාලයේ එක එක මිනිස්සුන්ගේ ජීවිත....
    ඉඩමෙනුත් එලවයි ද දන්නේ නෑ දැන්

    ReplyDelete
  5. එහෙම අහුවෙලාවත් හැදෙනවනම් ලොකුදෙයක්.

    ReplyDelete
  6. ඕක මිනීමැරුමක් වෙලා පොර හිරේ ගියා නම් ගෙදර මිනිස්සුන්ට ලේසී..

    ReplyDelete
  7. හෆොයි!! "හොරාගේ අම්මගෙන් පේන අහනවා" කියන එකේ අනික් පැත්ත.. "අම්මා නිසා පුතා මාට්ටු"

    ReplyDelete
  8. ඒ පවුල ලොකු පුතා වෙලත් කිසිම දෙයක් නොකර කාලකණ්නි විදිහට හැසිරෙන එවුන් සමාජයටම බරක්..

    ReplyDelete
  9. අපොයි අම්මා කල හදියක්..එත් අයියේ එහෙම අය ඉන්න ඔනා ඔහොම තැන්වලමයි.එ අම්මලා ටික කාලයක් හරි හොදින් ඉදියි..එ වසවර්තියා නැතුව...

    ReplyDelete
  10. @නදී :
    අපොයි ඔව්. ඔය ඇන්ටිත් මරු මරු වැඩ කරන්නේ. ගමේ නිකන් රොයිටර් වගේ කෙනෙක්.

    ReplyDelete
  11. @සුපර් මාරියෝ :
    මාත් ඉස්සරම ආස ගේම් එකක් තමා සුපර් මාරියෝ කියලා කියන්නේ. මාත් ගියා ඔයාගේ ලෝකේ බලන්න.

    ReplyDelete
  12. එහෙමත් කතාවක් ඇහුවමයි . හොර දෙටු පුතාට එපා වෙන්න ඇති . ගමටයි රටටයි බරක් වෙච්ච එකෙකුට . දෙවියොම දඬුවම් දුන්නද කොහෙද .

    ReplyDelete
  13. මේකෙන් ගන්න තියෙන ආදර්සෙ තමයි, "හොරකමේ යනවනං සපත්තු දෙකක් දාගෙන යන්න කියලා......."

    සපත්තු ඇඩ් එ!කකට සිරා ප්ලොට් එකක්......

    ReplyDelete
  14. මොනවා කරත් සමාජයට කවදාවත් බරක් වෙන්න හොද නෑ.... එතකොට නිකන් කක්කා වෙනවා,,,

    ReplyDelete
  15. තැන්කූ මදුරන්ග අයියා... ඔයාලා වගේ බ්ලෝග් ලියන ලොකු පොරවල් ඒ පැත්තෙ එන එක මට මාර ෆිට් එකක්... :D :D :D

    ReplyDelete
  16. @චතූ :
    ඒක නම් හරි. කරන දේවල් කවදාහරි පල දෙනවා.

    ReplyDelete
  17. @රත්ගමයා :
    ඒ අතින් ඒ මිනිස්සු හොදයි මල්ලි. ඒ පවුලට කිසිම කරදරයක් කරලා නෑ.

    ReplyDelete
  18. @සංකල්පනා - රුවන් :
    මිනිස්සුන්ට ලොකු ලොකු දේවල් ඕනේ නෑ හැදෙන්න. හැදෙනවනම් මේ දේම ඇති හැදෙන්න. ඒත් මිනිස්සු හැදෙන්නේ නැති එක තමයි අවුල අයියේ.

    ReplyDelete
  19. @සාතන් :
    හිරේ ගියානම් මේ මිනිස්සුන්ට ලේසියි. ඒත් ඒකෙනුත් වෙන්නේ ඒ අම්මගේ දුක වැඩි වෙන එක විතරයි.

    ReplyDelete
  20. @චතුවා (ළමයා) :
    ඒකේ අනිත් පැත්ත තමා. අම්මා තමා වැඩේ කාලා තියෙන්නේ.

    ReplyDelete
  21. @Dinesh :
    ඒක හරි මල්ලි. පවුලේ බර අදින්න ඕනේ එකා මෙහෙම කාලකන්නි වැඩ කලාම ගෙදර එවුන්ට මාරම දුකයි.

    @නිම්ශා :
    ඒක හරි නංගි. ඒ වගේ එවුන් එතනින් හරි හැදෙනවනම් හොදයි.

    ReplyDelete
  22. @හිස් අහස :
    ඒක වෙන්න ඇති. දෙවියෝ උනත් අපි කරන කියන දේවල් ගැන බලන් ඉන්නවා නේ. කාට බොරු කලත් උඩ ඉන්න දෙයියන්ට බොරු කරන්න බෑනේ.

    @දුමී :
    ඊට පස්සේ වෙන්නේ සින්ඩරෙල්ලට උනදේ තමයි.

    සපත්තු ඇඩ් එකකට මගේ මේ කතාව ගනියිද දන්නේ නෑ. දුමී අයියත් කියන්නේ මාරම දේවල් තමා.

    ReplyDelete
  23. @සූර සරදියල් :
    ඒක හරි මල්ලි. මොන දේ කලත් සමාජෙට බරක් නොවී ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ.

    @සුපර් මාරියෝ :
    අපෝ මල්ලි මම බ්ලොග් ලියන ලොකු පොරක් නෙමේ බොලව්. බ්ලොග් ලියන ලොකු පොරවල් තමා දුක අයියා, දුමී අයියා, මාරයා අයියා, අභීත අයියා, රංග අයියා, වැපා අයියා කියලා කියන්නේ. මමත් තාම බ්ලොග් කළාව ඉගෙන ගන්නවා.

    ReplyDelete
  24. මේවගේ එවුන් රටට සාපයක් නේ.

    ReplyDelete
  25. හිකිස්...හොඳට නරකට දෙකට කටමය කියල තියෙන්නෙ කට කහනවටයෑ ඉතින්..ඔය වෙලා තියෙන්නෙ ඇස්පනාපිටම... :D

    ReplyDelete
  26. ඵ්හෙම කියන්න ඵ්පා.
    ඔය කොල්ලට හොද ආනාගතයක් තියනවා.
    කරුනාකරලා පාලතේ ඈමතිතුමා හමුවෙන්න කියන්න.
    මොකද මෙයා අනාගත මන්ත්‍රී කෙනෙක්.

    ReplyDelete
  27. පොඩි කාලේ ඉඳලම හරියට දෙමවුපියො දරුවො ගැන හොයලා බැලුවෙ නැති වුනාම ඔහොම වෙනවා ......

    ඕකට දරුවො විතරක් නෙමේ දෙමාපියොත් වග කියන්න ඕන .......

    ReplyDelete
  28. @මකුළු පැංචි :
    ඒක නම් හරි මකුලු පැංචි. මාලුවා නහින්නෙත් කට හින්දමයි නේ.

    @Anonymous :
    ඔව් එහෙමත් වෙන්න පුලුවන්. කොයි....ඌට ඒකටවත් එච්චර උවමනාවක් නෑනේ.

    @කල්හාර දිසානායක :
    ඒක හරි අයියේ දෙමව්පියන් දරුවෝ ගැන බලන්න ඕනේ නේ.නැත්නම් උන් අයාලේ යනවා.

    ReplyDelete
  29. බලාගෙන ගියාම හොරාගේ අම්මා ගෙත් අහන පේනත් හරි යනවා වගේ ..නේද..හික්..හික්.

    ReplyDelete
  30. අපි මිනිස්සුන්ගෙ දුප්පත් කම මනින්න ඕනේ ඔවුන් කරන ක්‍රියා තුලින්. නැතුව වෙන වෙන බාහිර සාධක වලින් නෙවෙයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.